Pizza

Pizza

تنزيل الترجمة Sinhala

معلومات الإصدار

Pizza 2014 HEVC 720p DVDRip AAC2 0 ColomboGMGS2
تعليق من ColomboGMGS2
VIDEO: https://archive.org/details/pizza2014RemasterEnglishSinhalaEsub

الوسوم

webdl
fan-made
forced_subtitles
resynced
manually_transcribed
softcoded
full_subtitles
نشرت في: 2024-09-23
تنزيلات: 59
ضعاف السمع: No
FPS: 23.976

معاينة ترجمة Sinhala

أول 200 سطر.

මහත්තයො...

ඔය ලිෆ්ට් එක නවත්තනවද?

අයියෝ!

මට පරක්කු ‌වෙනවා...

හෙලෝ?

හෙලෝ, ලොක්කා?

කවුද ඉන්නේ?

මොකක්ද මේ විකාරේ?

හෙලෝ!

කවුරුහරි ඉන්නවද?

අනේ... ෆෝන් එක උස්සහන්කෝ!

ආයෙමත්?

ඒපාර බූතයෙක්ද නැත්තං යස්සනියක්ද?

කවුරු උනත් මොකක්ද ඒකෙ ඇති වෙනස? මේ ඔක්කොම ඔයා හින්දා.

හරියට නිකං මං බූතයට ඔයාව හීනෙන් බයකරන්න කිව්ව වගේනෙ!

බයගුල්ලා!

කුනාල්!

දෙන්න රිමෝට් එක!

රිමෝට් එක...!

ආ මෙන්න!

අතාරිනවා... අතාරිනව, නැත්තන්...

නැත්තන් මොකක්ද?

කට වහප්.

මොකෝ? ඩිවෝස් කරනවද?

දික්කසාද කරනවද මාව?

නැහ්.

ධෘව් ව කිස් කරනව.

ධෘව්? කවුද ධෘව්?

මගේ කතාවෙ විරයා.

ලේ බොන සෙක්සි හොල්මනක්.

ලේ නං මදුරුවොත් බොයි නේ.

ඇති කියවිලි, නිදාගන්න ගිහින්.

වැඩ ගොඩක් තියෙනව මට.

මට මේක තිත්තවෙලා තියෙන්නෙ.

ඔයා මේ හදපු වටපිටාව.

ඔයාගෙ ඔය අමුතු චරියාව; එළිපහලියට බහින්නෑ.

එක දිගට හොල්මන් චිත්‍රපටි...

ටීවි එකේ යතොත් යන්නෙ නෝනගෙ බහුබූත කතා විතරයි.

ඒකට කියන්නෙ සමාබන්ධය කියල.

මොන?

කී පාරක් මං ඔයාට කියන්නද, ඇයි වෙන මොනවත් ට්‍රයි කරන්න බැරි?

ආදර කතා? විහිළු කතා? ඇයි හොල්මන් කතා ම?

මොකද මට ඔය ‌බූතයො...

පට්ටම කියුට්.

මෙහෙ භූතයො කියල දෙයක් නෑ, ඔයා ඔය කරන්නෙ ඔයා ගොතන බොරු විකුණන එක.

මගෙ 12 පන්තියෙදි...

හොස්ටල් එකේ මගෙ යාළුවෙක් හිටියා - අනිතා.

එයාගෙ ජීවිතේම ප්‍රශ්න පිට ප්‍රශ්න.

ගෙදරින් ද, බෝයිෆ්‍රෙන්ඩි ගෙන් ද, ඉස්කෝලෙ වැඩවල ද... හැම එකම...

නිවාඩුවට පස්සෙ හොස්ටල් ආවම... එයා මාරම අමුතු විදිහට හැසිරෙන්න ගත්තා.

අමුතු කිව්වෙ?

හරියට...

අමුතු විදිහට හැඟීම්බර වෙනවා...

මිනිත්තුවක් හිනාවෙනව... පස්සෙ එකපාරටම අඬනවා.

මම දන්නවා මෙතන මොකක්ම හරි අමුත්තක් තියෙනවා.

පහුවදා තිබුණා අපේ ගණිත විභාගේ.

රෑ වෙනකං අපි ටෙරස් එකේ ඉඳන් පාඩම්කළා.

පහුවදා උදේ, මගෙ යාළුවෙක් මට කෝල් කළා...

දන්නවද මොකක්ද කිව්වෙ කියලා?

අනිතා බෙල්ල වැල දාගෙන.

එදා රෑ මට නිදාගන්න ඇහැ පියවුණේ නෑ.

මට...

පෙනුනේ කාමරේ සීලිං ෆෑන් එක.

ෆෑන් එක... -හා.

එයා ෆෑන් එකේ එල්ලිලයි මැරුණේ.

එල්ලිලා මැරුණ කෙනෙක්ගෙ මිනිය දැකල තියෙනවද?

ඇස් දෙක ලොකුවෙලා, දිව එළියට පැනල, බෙල්ල කැඩිලා, මේං මෙහෙම...

ඒ රෑ මට අදටත් මතකයි.

සෙනසුරාදා, ජුනි 13.

ඒ මං හොස්ටල් හිටපු අන්තිම දවස් ටික.

දවසක් රෑ නිදා ගෙන ඉද්දි, එකපාරටම මට ඇහැරුණා.

දන්නවද මං මොකද්ද දැක්කෙ කියල?

මොකක්ද?

අනිතා.

මරණෙන් පස්සෙ, එයා ගෙ අවතාරෙ!

එයා මගෙ කකුල් ළඟ වාඩිවෙලා හිටියෙ...

මං දිහා බලාගෙන.

ඉතිං?

ඉතිං...

ඔහොම ටික වෙලාවක් හිටියා.

ඉඳලා ගියා.

එදයින් පස්සෙ, හැම සෙනසුරාදම එයා එනවා මාව මුණ ගැහෙන්න.

අනේ, අනිතා!

ඔයා ලේඛිකාවක් වෙලා වැඩක් නෑ. නිළියක් වෙන්නයි වටින්නෙ.

මගෙ පබ්ලිෂර් කියන්නෙත් ඔහොමමයි.

අද මගෙ අන්තිම කියවීම.

මේ බූත කතා ඔක්කොම විකාර මනස්ගාත.

නැත්තන්, ඇයි අද වෙනකන්... මට ඔය මොකෙක්වත් නොපෙනුණේ?

කුනාල්...

හැම බයකටම එන්න වෙලාවක් තියෙනවා.

ඔයාගෙ වෙලාවත්... බලන් ඉන්නවා ඔයා එනකන්.

කුනාල්!

ඔයාගෙ වෙලාව බලන් ඉන්නවා.

අපි කියන්නෙ මෙච්චරයි "පිට්සා වලටත් චාන්ස් එකක් දෙන්න."

දීපන් පිට්සා!

හා හා බයවෙන්න එපෝ...

පීට්සා කොල්ලා එනෝ...

සැපේ ඉඳිල්ලා! පීට්සා කොල්ලා බලයි වැඩේ.

ඔන්න බලාපන්! පීට්සා කොල්ලා නේ මේ ඉන්නෙ!

පීට්සා කපමු.., හැමෝටම බෙදමු...

ඔයාටත් තියෙනවා. ඉතිරි වෙන්නෑ.

පීට්සා කපමු.., හැමෝටම බෙදමු...

ඔයාටත් තියෙනවා. ඉතිරි වෙන්නෑ.

උඹ ළඟ කවුරුත් නැත්තන් උඹට යාළුවෙක් කොයි?

උඹ ළඟ කවුරුත් නැත්තන් උඹට යාළුවෙක් කොයි?

කාපන් එක කෑල්ලක් උඹෙ ප්‍රශ්න ඉවරයි.

කාපන් එක කෑල්ලක් උඹෙ ප්‍රශ්න ඉවරයි.

888844-000

888844-000

පීට්සා බෝයි, උඹ මගෙ හීරෝ!

පීට්සා බෝයි, උඹ මගෙ හීරෝ!

මොන කරදරේ ආවත්...

අපි ශක්තිමත් වෙන්න ඕන.

දීපන් පීට්සා!

දැන් මුළු ලෝකෙටම ඕන...

පීට්සා විතරමයි...

ජොයින්ට් දාලා චිල්ලම් ගහල ඩෝප් ද?

දැම්මම ගහපන් කෝල් එකක් අපේ පීට්සා මල්ලිට, බලබල ඉන්නේ මොට ද?

බටර් චිකන්-පෙපරෝනි -එළවළු-මාගරීටා...

දීපං-දීපන් මෙහෙ-මෙහෙ-දීපං...

දීපන් පීට්සා!

පීට්සා කපමු.., හැමෝටම බෙදමු...

ඔයාටත් තියෙනවා. ඉතිරි වෙන්නෑ.

පීට්සා කපමු.., හැමෝටම බෙදමු...

ඔයාටත් තියෙනවා. ඉතිරි වෙන්නෑ.

පීට්සා උඹලයෙ අයිතිවාසිකමක්!

ලොබෝ!

ඕ...ම්...

ලොබෝ!

හ්‍රීම්... ග්‍රීම්...

ච මුණ්ඩාය... විජ්ජා...ය...

නමාහඃ!

ඔයා කවුද?

කට!

ඕම්... සංක්‍රාය ච රුද්‍රාය ච...

හුම්!

ඕං... නමෝ... නමාහඃ විෂ්ණු නාරායන මහාදේවාය නමා හඃ!

ඕං...හ්‍රීං...ග්‍රීං...

මොකද්ද මේ වෙන්නෙ?

පූජාවක්.

හ්‍රීං...ග්‍රීං...ශ්‍රිං...!

කවුද අර රැවුලා?

අනේ මන්ද.

මං හිතුවෙ හිඟන්නෙක් කියල, මං ඉතිං එළවගන්න ගියා, එතකොටම බොසා ආව.

ඒත්... මට තේරෙන්නෑ. මොකක්ද මේ වෙන්නෙ ඇත්තට?

හැම වෙඩින් එකම දැනගන්න ඕනැන්නෙ නෑ නේ.

අපේ බොස්ටයි, තව ගොඩ දෙනෙක්ටයි මේ කාලෙ එච්චර සුබ නෑ.

කවුද දන්නෙ මිනිහා මොන දෙයියට මොන ටොපින් එකක් කවලද කියල!

ඔයාල මොකද හිතන්නෙ? එයා මේ සේරම එකතුකර ගත්තෙ පීට්සා විකුණලමද?

මිනිහ විතරයි දන්නෙ උඩහ මිනිහගෙ කැබින් එකේ වෙන දේවල්.

මොනාද මෙතන වෙන්නෙ? ආ?

වැඩ කරනවල ගිහින්!

ඊළඟට ඔහේ!

මොන හිතකින්ද ඔහේ ගුරුජී ට හොරා කිව්වෙ? -හිඟන්නා, සර්...

මං ඒක පස්සෙ බලාගන්නං.

ගිහින් එයාට කන්න ‌මොනවහරි ලෑස්ති කරනව.

මොකද බලන්නෙ. වැඩ කරනව.

සර්...

මොනවද ඕන?

ඔයා බොස්ගෙනුත් ගත්තා, මගෙනුත් හොඳවයින් හම්බවෙන්න ඕන නේ..

සේවාව...

තේ?

ඉට්ලි?

කෙහෙල්?

කිරි?

නැත්තන් පරිප්පුයි බතුයි කොහොමද?

මීඩියම් එළවළු පීට්සා එකක්, නයි මිරිසුයි වැඩිපුර ඔලිව්සුයි එක්ක.

ඒ, වේටර්!

මං මෙතන...

මං මෙතන වේටර් කෙනෙක් නෙමෙයි... -ක්‍රස්ට් එක හීනියට...

නිකී!

ඒයි, නිකී!

නිකී!

නිකිතා, එළියට එන්න!

එන්න එළියට, නිකී!

නිකී, මගෙ...

ඇයි මේ මගෙ ටීෂර්ට් එක තෙත?

මොකද මේ අඬන්නේ?

අනේ!

නිකී!

ෂෝක්! මට ඔයාට මුකුත් කියන්නත් නෑ.

නිකී...

මං ඊයෙ ඇන්ද ෂර්ට් එක තෙතයි. අද එක දාඩිය ගඳයි.

මොකක්ද මං වැඩට අඳින්නෙ දැන්?

දවසම ඉන්නෙ ගෙදර. මේ එක පොඩි වැඩේ කරන්න බැරිද?

දැන් එන්න එපා මම ලියනව නේ අරකයි මේකයි ගාගෙන, ‌තේරුණාද?

නිකී, මේ අහන්නකො. අනේ...

ළමයෝ, මගෙත් හිතට හරි නෑ.

අපි ජීවත්වෙන්නෙ ඔයාගෙ අම්මගෙයි තාත්තගෙයි ඉන්ෂුවරන්ස් එකෙන්.

ඒකත් ජීවිතයක් නෙමෙයි, යන්තං පණකෙන්ද ගැටගහ ගැනිල්ලක්.

දන්නවද... මට ඕනේ මගෙම කියල දෙයක් හදන්න.

ඉතිං ඒකට ඔයාටත් ටිකක් වගකීමක් ඇතුව ඉන්න තියෙනවා.

බලන්න, මං කියන්නෙ නෑ මම... අංගසම්පූර්ණයි කියල.

ඒත් අඩුගානෙ මම සැලකිලිමත්.

මම ප්‍රෙග්නන්ට්.

දැන් අපි මොකද කරන්නෙ?

ගිය දේ ගියා.

මං ඇහුවෙ එහෙම නෙමෙයි. කියන්නකො, ඩොක්ට ළඟට ගියා ද?

ඔයා මොකද කරන්නෙ?

අද යනව.

التعليقات

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left