أول 200 سطر.
තවත් මෘතශරීර දෙකක් වතුරෙන් එලියට ගේනවා.
පේන විදියට නම් පොඩි ළමයින්ගේ වගේ.
අපොයි, මගුල.
පණිවුඩය ලැබුනා. මේ වෙලාවේ තහවුරු කරගත්තා.
දෙවනි ජැටිය පැත්තේ කවුරුවත් ඉන්නවා පේනවද,
අපිට ගිනි නිවීමට වගේම බේරාගැනීමට අය අවශ්‍යයි.
මෙතන ගොඩක් බෝට්ටු ගිනි ගන්නවා... කට්ටිය 12ක් විතර ඇතුලේ හිරවෙලා.
අපිට මගේ දුව හොයාගන්න වෙනවා!
එයාගේ නම ඇනබෙල්! අනේ!
අපිට එයාලව හොයාගන්න බෑ! එයාලගේ බෝට්ටු මේ දැන් පිපුරුවා!
අනේ ඉක්මනට එන්න!
අපොයි, දෙයියනේ! අපොයි, දෙයියනේ!
මේ නිව් ඔර්ලන්ස් පොලිසියේ සාජන් ටෘයිට්ස්.
මට හැම ආරක්ශක කණ්ඩායමක්ම මෙතනට ඕනේ... හැම කෙනෙක්ම.
අපිට ඔයාලගේ තත්වය දැනගැනීමට අවශ්‍යයි.
පණිවුඩය ලැබුණා. තත්වය නරකයි.
හත්දෙයියනේ.
බලපං නේවි එක අපිට කරපු හරිය.
ඒක ඕෆ් කරලා දාන්න.
සෝනාර් වල තත්වය කොහොම ද?
සර්, ටෝපිඩෝවෙන් අපේ පයිප්ප කිහිපයක්ම පලුදුවුනා
සෝනාර් වල සිසිලන පද්ධතියෙන්.
ඒක හදන්න පුළුවන්, මම හිතන්නේ, ඉක්මනටම බැරිවේවි.
කිසිම දෙයක් ඇහේනනේ නැතුව විවෘත මුහුදට යනවා කියන්නේ
අර සබ් එකත් මේ හරියේ තියෙද්දී... ඒක සියදිවි නසා ගැනීමක්.
ඒ වගේම දැන් නිව් ඔර්ලන්ස් පිච්චෙනවා,
ඒ වගේම අපිට ඒ වෙනුවෙන් කරන්න කියලා කිසිම දෙයක් නෑ.
මට සමාවෙන්න, ජනාධිපති තුමනි.
සර්, මම නිර්දේශ කරවනා අපේ පසු සංවේදන බූයාවන් හෙලිකොප්ටර් වලින් දාන්න කියලා
ඇල පාර ගලාගෙන එන තැනින්ම.
දුරස්ථ සෝනාර්, සර්.
අපේ සෝනාර් ක්‍රියාත්මක කරනකං කල්වේලා ඇති අනතුරු ඇඟවීමක් විදියට.
ඒකෙන් අපිට ටික වෙලාවක් ලැබේවි.
අපි බූයාවන් දෙක දාපු ගමන්, අපිට නිශ්ෂබ්ධතා මට්ටමට යන්න වෙනවා, අර සබ් එක හොයා ගන්නකං.
Astac, T.A.O. දුරස්ථ බූයාවන් ක්‍රියාත්මක කරන්න.
ඒ අතරේ, අපි සෝනාර් අලුත් වැඩියා කරමු.
ගොඩබිම කණ්ඩායමට පුළුවන් දෙයක් කරන්න දෙන්න
නිව් ඔර්ලන්ස් වල මිනිස්සුන්ට උදව් කරන්න.
- එහෙමයි, සර්. - තේරුණා.
දැන්ම බූයාවන් එලියට ගේන්න. යානයට පටවන්න සූදානම් කරන්න.
Cobra කණ්ඩායම, මට වාර්ථාව සපයන්න.
සර්, අපි මුලු රෑ තිස්සේම වැඩ කර කර හිටියේ,
පණ බේරගත්තු අය මුහුදෙන් ගොඩට ගේනකං.
ඒ වගේම මිනිස්සු ගොඩක් වෙලරේ තුවාල වෙලා ඉන්නවා.
අපි අපිට පුළුවන් දෙයක් කරනවා, සර්.
රැම්සේ වගේම ඒ මිනිස්සු ගැන සලකුණක් තියෙනව ද?
නෑ, සර්.
මේ මිනිස්සු ප්‍රතිශක්තිකයෝ නෙමෙයි,
ඒ වගේම එයාලා දන්නේ නෑ එයාලට වැදුනේ මොනාද කියලවත්.
- පැත්තකට වෙලා ඉන්නවා! - පොඩ්ඩක් ඉන්.
එපා! මාවත් ලෙඩ කරන්න එපා!
අපි ලෙඩවෙලා නෑ, හරි ද?
මේ බලන්න, ඔයාට තුවාලයි. මට ඔයාට උදව් කරන්න දෙන්න.
මෙහේට එන්න.
හේයි, ක්ලීටස්! ඔතන වාඩිවෙලා ඉන්න එපා, ඕයි!
මෙහේට එනවා!
තොටුපල ලෑලි තට්ටු වල පොඩි ලී කෑලි එක්ක බෝට්ටු කෑලි පාවෙලා එනවා.
පේන විදියට නවත්තලා තිබුණු බෝට්ටු වල බෝම්බ හයි කරලා හයි කරලා වගේ.
ඒ කියන්නේ රැම්සේගේ මිනිස්සු පාවෙන ගම්මානයකට බෝම්බ හයිකලා...
අපි මෙතනට එනකං ඉඳලා, ඒක පුපුරවලා දාන්න.
සෙවීම් සහ බේරාගැනීම් වාර්ථා දිගින් දිගටම එවන්න කියන්න.
සර්, අපිට තවත් විකාශයක් ලැබෙනවා.
කරුණාරලා ඒක විකාශය කරන්න.
මේ වටපිටාවේ ඉන්න මිනිසුනේ,
මගේ නම ශෝන් රැම්සේ.
මම බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ ලුතිනන් කමාන්ඩර්.
මම මෙතැනට පැමිණියේ ඇමරිකානු හමුදාවේ හිතවතෙකු විදියටයි,
නමුත් ඒ මම ඔවුන් ගැන ඇත්ත දැනගන්නට ප්‍රථමයෙනුයි...
හිසේ කම්පනයක්.
ඔයා පරිස්සමට හුස්ම ගන්න.
මෙයාව බලාගන්න.
හමුදාව විසින් මරණීය වෛරසයක් මුදාහැරියා,
එමෙන්ම ඊට පසුව රජය විසින් එයට බොරු ගොතන්නට පටන් ගත්තා.
නමුත් මේ වෙද්දී, ගොඩක් අය දන්නවා ඇති
මේ භයානක සිදුවීම සිදුවුනු අවස්ථාවේ පටිගත කරපු වීඩියෝව අනුව.
නිව් ඔර්ලන්ස් තොටුපලට පහරදුන් නාවික හමුදා නැව
ගමන් කලේ ඇමරිකානු කොඩියක් යටතේයි,
නමුත් ඔවුන්ගේ ක්‍රියාවන් වලින් ඔබේ නරකක් පෙන්නුම් කෙරෙන්නේ නෑ.
ඒ නැව තමයි මේ මේ රට ආක්‍රමණය කිරීමට සිදුකල කුමන්ත්‍රණයන් වල ප්‍රධානතම කොටස.
එමෙන්ම එය නවතින එකක් නෑ ඔබ මැරෙන තාක්
එමෙන්ම නව ලෝක අනුක්‍රමයක් මේ ලෝකය තුල පිහිටන තෙක්.
මම දන්නවා ඒ පණිවුඩය කම්පන සහගතයි කියලා...
"නව ලෝක අනුක්‍රමය" ... අන්න ඒක නම් නියම වචනයක්, සහෝ.
- ...විශ්වාස කරන්නත් අමාරු ඇති. - මාත් එහෙම හිතනවා.
ඒත් ඉක්මනින්ම, ඔබට තවත් සාක්ශි ලැබේවි
ඇමරිකානු නැවේ ක්‍රියාකලාපයන් පිලිබඳව
ඔවුන් වෛරසය සිදුකිරීම අතරතුර.
එම නිසාමයි අපි ජංගම ජාලයක් නිර්මාණය කලේ
ඇත්ත එලියට පිට කරන්න...
වැල්ක්‍රී එක නියමෙට වැඩ කරනව ද?
නියම විදියට විකාශය වෙනවා, සර්.
ඒ වගේම හැම දත්තයක්ම අප්ලෝඩ් කරලා තියෙන්නේ.
...ඒ කියන්නේ ඔබ තනිව නොවේ.
අප බ්‍රිතාන්‍යයින්ට අමතක වෙලා නෑ
ඇමරිකාව සමග අපට තිබෙන විශේෂ සබඳතාවය...
සිග්නල් එන්නේ ගොඩබිම පැත්තෙන්, සර්.
ඒකත් හරියට බ්ලූටූත් වගේ,
ඒත් කොහොමහරි ඒකේ බලය වැඩි කරලා දුර විස්ථාපනය වැඩි විදියට.
ඒ කියන්නේ මේවා අහන්න "Deadman" ඇප් එක ඕනේ නැද් ද?
නෑ, පාවෙන ගම්මානය පුපුරන විදියේ වීඩියෝ එකක් බලන්න,
කරන්න තියෙන්නේ ෆෝන් එක ඕන් කරන එක විතරයි
විකාශය අහුවෙන්න නම්.
මම තාමත් දන්නේ නෑ එයාලා ඒක කරන්නේ කොහොමද කියලා.
...එමෙන්ම නේතන් ජේම්ස් නැවේ කැප්ටන්,
ඔහු විසින් ඇමරිකාවේ ජනාධිපතිව පැහැරගත්තා
එමෙන්ම මේ ශ්‍රේෂ්ඨ ජාතියේ සංහාරය ආරම්භ කලා,
මෙයත් අහගන්න.
අපි තමුන්ව හොයාගෙන එනවා.
තමුන්ට යුක්තියෙන් හැංගෙන්න බෑ.
තමුන් කොහේ ගියත් වැඩක් නෑ,
කිසිඳු වරායක් ආරක්ශිත නොවෙනු ඇති.
මට සමාවෙන්න මම ඔයාට වැඩ වැඩි කරනවට.
මට ඩොක්ටර් රියෝස් ලඟට යන්න තිබුණා, ඒත්...
මම දන්නේ නෑ.
ගැබ්බර වීම ගැන බලාගන්න වගේ දේකට එයා ලඟට යන එක අමුතුයි වගේ
HMC කෙනෙක් නිසා.
මේක ගොඩක් ප්‍රියජනක අනවධානයක්.
හොඳින්ම තහවුරුයි, හැම දෙයක්ම සාමාන්‍ය තත්වයේ තියෙනවා,
කොහොම වුනත්, ඔයාත් එක්ක නම්.
මට දැනෙන්නේ...
මට නැව ඇතුලේ ප්‍රයෝජනවත් කෙනෙක් වෙන්න ඕනේ,
මට පුළුවන් තරම් වෙලාවක්.
මට ඒ හැඟීම තේරෙනවා.
අපොයි, දෙයියනේ. මට සමාවෙන්න.
අනේ ඒකට කමක් නෑ.
ඔයාට ස්තුතියි.
හැම දෙයක්ම වෙනුවෙන්.
තට්ටුව මත අවධානය දෙන්න!
සර්.
මම මෙතන බාධා කලා ද?
නෑ, සර්.
මම තවත් විනාඩි 5කින් රාජකාරියට වාර්ථා කරනවා.
බොහොම හොඳයි.
ඔයා ගේ ප්‍රතිකාරය ලෝකයට මුදාහරින්න ඔයා කොච්චර දුරට සූදානම් වෙලාද ඉන්නේ?
මම කලින් කියපු විදියටම,
අපි ආරක්ශිතව ගොඩක් ජනගහනය තියෙන පැත්තකට ගොඩබෑවොත්,
වැලඳෙන විදියේ ප්‍රතිකාරය තියෙන ඕනේම කෙනෙකුට
පුළුවන් වේවි සමීප සම්බන්ධයකින් ප්‍රතිකාරය පතුරුවන්න,
අතිනත දීමකින්, එක්කෝ බදාගැනීමකින්.
එකිනෙකා තවත් දෙන්නෙකුට ඒක වැලඳුවොත්,
එයාලට පුළුවන් තවත් දෙන්නෙකුට ඒක බෙදාහරින්න,
ඒකෙන් අපිට දාම ක්‍රියාකාරීත්වයක් ලැබෙනවා
ඒකට රැම්සේටවත් නවත්වන්න බැරිවේවි.
ඔයා කිව්වා ඔයා බෝවෙන ප්‍රතිකාරය ඔයාටම එන්නත් කරගත්තා කියලා.
ඒකේ තේරුම ඔයා ඒක නැව පුරාවටම පැතිරුවා කියන එක ද?
අවාසනාවකට වගේ නෑ.
කලින් ප්‍රතිශක්තීකරණයට ලක්කල අයට ඒකට වැඩි උත්ක්‍රමයක් ඕනේ වෙනවා.
එහෙනං අපි ක්‍රියාවලිය පටන් ගත්තා නම් හොඳයි.
වැලඳීමේ කාල සීමාව තියෙන්නේ දවස් 5 සහ 8ක් ඇතුලත,
මම නිපදපුවා එක්ක,
ගෞරවයෙන් යුතුව කියන්නේ,
මම විශ්වාස කරනවා තව දුරටත් බලාගෙන සිටීම හොඳයි කියලා
අපි තහවුරු වශයෙන්ම ගොඩබිමකට යනකං.
හොඳයි.
කැප්ටන්.
අපොයි, දෙයියනේ.
පේන විදියට රැම්සේ ආරක්ශිත සර්වර් වලින් ගොඩක් දේවල් අරන් තියෙනවා වගේ
අපේ විද්‍යාගාර තියෙන තැන් වලට වඩා.
ඌ හැම දත්තයක්ම එලියට දානවා
රජය මේ වසංගතයට ගත්තු ක්‍රියාමාර්ගයන් ගැන,
ඒක පරිස්සමට සකසලා තියෙනවා කුමන්ත්‍රණයක් විදියට.
මෙන්න මේකට තමයි මගේ ඇහැ ගියේ.
"Project Bluenose" බ්ලූනෝස් ව්‍යාපෘතිය?
ම්හ්හ්. Bluenose, එහෙම කියන්නේ
ආක්ටික් වෘත්තයට ගියපු නාවිකයෙකුට.
එතකොට ඒක තමයි අපේ මෙහෙයුමේ කේත නාමය
අයිස් වලින් වෛරසයේ මූල නියැදිය වෙන් කරගන්න එක.
ඒ වුනත් මේ වෙලාවේ තමයි මාත් මේක දැක්කේ.
Bluenose මෙහෙයුම අපිට පවා වසන් කරපු මෙහෙයුමක්.
ඒත්, රැම්සේ ඒක කියන විදියත් එක්ක,
අපේ මෙහෙයුම වෙලා තිබුනේ ප්‍රතිකාරය හොයාගන්න එක නෙමෙයි,
ඒක සන්නද්ධ කරන එක.
ඒක ගොඩක් රහසිගත මෙහෙයුම් වල තියෙන පොදු ප්‍රශ්ණයක්,
ඒවයින් ලේසියෙන් කුමන්ත්‍රණ සිද්ධාන්ත හදන්න පුළුවන්.
එයාත් ඒකම තමයි කරන්නේ, සර්,
ඇත්ත එක්ක බොරුව එකට කලවං කරලා
ඒක ජාලයක් හරහා ව්‍යාප්ත කරනවා
ඇමරිකාවේ මිනිස්සු අපිට විරුද්ධව හරවන්න.
ඒ වගේම එයාට උදව් පවා තියෙනවා.
ඔය සංකේතයම තමයි වීඩියෝ එකේ තිබුනෙත්
නිව් ඔර්ලීන්ස් පහරදීමත් එක්ක.
වැල්ක්‍රී එක කරන්නේ කවුරු වුනත් එයා වැඩකිඩ දන්න කෙනෙක්.
උන් සරල මැසේජ් එකක් ෆෝන් එකකට යවනවට එහා ගියපු දේවල් කලා.
මේ අති විශාල ජාලයක්.
සබ් එකේ ආයුධත් අඩුවෙන් තියෙන එකේ,
උන් අපිව දෙපාරක්ම මගඇරියා,
දැන් උන් සිවිල් වැසියොන්ගේ උදව් බලාපොරොත්තු වෙනව.
ඒ කියන්නේ අපි ජාලය ඇතුලට ගිහිල්ලා, ඒක වහලා දානවා.
නෑ, කමාන්ඩර්.
අපි ජාලයේ පාලනය අතට ගන්නවා, ඒක පාවිච්චි කරලා අපේ පණිවුඩයක් එලියට යවනවා.
රැම්සේ හැමෝටම කිව්වා
මම මේ නැවේ හිරකාරයෙක් කියලා.
මාව ඒ ජාලයට සම්බන්ධ කරන්න,
ඊට පස්සේ මම සෘජුවම ඇමරිකාවේ ජනතාවට කතා කරන්නම්.
එයාලා මං ගැන, ඔයාලා ගැන, ඇත්ත දැනගත්තාම
ඒ වගේම ශෝන් රැම්සේ ගැන ඇත්ත දැනගත්තාම,
අපිට පුළුවන්වේවි ඇමරිකාව ඌට එරෙහිව හරවන්න,
ඒ වගේම අපිට ඒ සබ් එක අනාථ කරලා දාන්න පුළුවන්.
යමු කොල්ලනේ, වතුර ටික ගනිල්ලා.
පුළුවන් අයට උදව් කරනවා. මේ මිනිස්සුන්ට උදව් කරන්න.
No comments yet. Be the first to leave one.