War of Faith

War of Faith (追风者)

Stáhnout Sinhala titulky

Informace o verzi

WarOfFaith-Episode05
Komentář od sunny_2000

Tagy

other
Zveřejněno: 2024-05-02
Stažení: 14
Pro sluchově postižené: No

Náhled titulků v jazyce Sinhala

Prvních 200 řádků.

ආයුබෝවන්.

ආයුබෝවන්.

මම කොච්චර ගාණක් ඉතුරු කරලා තියෙනවද කියලා බලන්න ඕන.

හොඳයි.

හරි. මොහොතක් ඉන්න.

කරුණාකර මට ඔබේ යතුර පෙන්වන්න.

මම ඉක්මනට එන්නම්.

මේ ඔබතුමාගේ ආරක්ෂිත තැන්පතු පෙට්ටිය.

ආයුබෝවන්.

සුභ උදෑසනක්.

"The Crystal" පුවත්පතේ හතරවන පිටුවේ මේ නිවේදනය දාන්න.

ස්තූතියි.

ලේකම් හුවාන්, ඔබතුමා ඇවිත්.

වතුර.

මම ඔයාට උණු වතුර ටිකක් අරන් එන්නම්.

වෙයි රුවෝලයි.

ඔයා මේ තරම් නොසැලකිලිමත් වෙන්නේ කොහොමද ?

ගෙදර මොකක් හරි උනාද ? පේන විදිහට, ඔයා කලබල වෙලයි ඉන්නේ.

නැහැ. මට පහුගිය ටිකේ හොඳ විවේකයක් ලැබුණේ නැහැ.

ඔයා හොඳ ශක්තිමත් කෝපි එකක් හදාගන්න.

ෂෙන් මහතාව අපහසුතාවයට පත් නොකර ඉන්නවා නම් වඩා හොඳයි.

මම එහෙම කරන්නේ නැහැ. මම එහෙම කරන්නේ නැහැ.

මෙහෙ එන්න !

ෂෙන් මහතා මේ නිල ලිපිවලට අත්සන් කරලා තියෙන්නේ.

දැන් ඒවා තැපැල් කරන්න.

හරි.

ආපහු එන්න !

ඔහොම ඉන්න.

මේකත් යවන්න.

නමුත් මේක...

මේකත් අත්‍යවශ්‍ය වැඩක්.

යන්න.

තැපැල්කරු ඉක්මනින් යයි.

හරි.

වෙයි මහත්මයා.

ජාතික භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව තරමක් හොඳයි වගේ.

මම එතනට යන්නේ නැහැ.

මම රජයේ ආචාර ධර්ම දෙපාර්තමේන්තුවේ වැඩ කරන්නේ.

රජයේ ආචාර ධර්ම දෙපාර්තමේන්තුව ?

එතකොට මට ඔයාව අධීක්ෂණය කරන්න පුලුවන් !

වැන්ග් මහත්මයා, මම ඔයාගෙන් අනුකම්පාව අයදිනවා !

වැන්ග් ෂැන්බින් !

මොකද වෙන්නේ, ලේකම් හුවාන් ?

පල්ලෙහා ඉන්නේ නැතුව මෙතන මොකද කරන්නේ ?

අ-අපි...

අපි අතරමං වෙලා !

ඒ මොන විකාරයක්ද ?

හවසට ටෙලිග්‍රාෆ් පාඩමක් තියෙනවා.

දැන්ම ඔයාලා ඉන්න ඕන තැනට යන්න !

හොඳයි, ලේකම් හුවාන්.

"ඒ මොන විකාරයක්ද ?"

පුදුම ලොකුකමක් තියෙන්නේ !

එයා ලේකම්වරයෙක් විතරයි,

ඒත් එයා වැඩ කරන්නේ හරියට ලොක්කා වගේ, නේද ?

ඔච්චර කුහක වෙන්නේ මොකටද ?

"හවස ටෙලිග්‍රාෆ් පන්තියක් තියෙනවා."

තැපැල් මහත්තයා ! තැපැල් මහත්තයා !

සර් ! තැපැල් මහත්තයා !

මෙන්න.

මෙන්න.

ස්තූතියි.

ස්තූතියි.

ෂු මහත්මයා.

ෂෙන් මෙනවිය.

මම කලින් වතාවේ ඇණවුම් කළ ඇඳුම තාම ඉවර නැද්ද ?

ළඟකදී ඉඳන් ෂැංහයි නගරය තරමක් සුළං සහිතයි.

මට ඒක ඉක්මනින් අවශ්‍යයි.

හරි.

කරුණාකරලා ඇතුල් කුටියට එන්න.

එන්න.

ෂෙන් ජින්සෙන් !

මට මේක කියන්න, ඔයා කොමියුනිස්ට් පාක්ෂිකයෙක්ද නැද්ද ?

ඔයාට විනය පොඩ්ඩක්වත් වටින්නේ නැද්ද ?

ෂු මහත්මයා...

අද අපි හම්බවෙන දවසක් නෙවෙයි.

ඔයාට මෙහෙට එන්නේ නැතුව ඉන්නයි තිබුනේ.

ෂු මහත්මයා,

කරුණාකරලා තරහා ගන්න එපා. සන්සුන් වෙන්න.

කේන්ති ගන්න එක ඔයාගේ සෞඛ්‍යයට අහිතකරයි.

මේකෙන් අපේ අනන්‍යතාවය හෙළිදරව් වෙලා, අපිට අපේ ජීවිත පවා අහිමි වෙන්න පුලුවන්.

නරකම දේ තමයි, මේ නිසා අපේ සන්නිවේදන මධ්‍යස්ථානය පවා හෙළිදරව් වෙන්න පුලුවන්.

ඒකෙන් ඇතිවන විපාක ඔයාට විඳදරා ගන්න පුලුවන්ද ?

ඔයා කරන්නේ මොකක්ද කියලා ඔයාවත් දන්නේ නෑ !

මේක පොඩ්ඩක් බලනවද ?

මේ මගේ අයියගේ මහ බැංකුවේ වැඩ කාලසටහන.

මම ඒ ගැන වැඩිය දන්නේ නැහැ.

කරුණාකරලා ඒක ඉහළ නිලධාරීන්ට භාර දෙන්න,

එයාලට මේක විශ්ලේෂණය කරන්න කියන්න.

මම ඒක ඉක්මනින්ම ජියැංසයි වලට යවන්නම්.

ඒක නෙවෙයි,

මට ඔයාගෙන් තව උදව්වක් ඕනෙ.

කරුණාකරලා මේ රන් කැට සහ ආභරණ උකස් කරන්න.

මේවාගෙන් රිදී ඩොලර් දහස් ගණනක් ලබාගන්න පුලුවන්.

ඒක ප්‍රමාණවත් නෑ කියලා මම දන්නවා,

නමුත් දැන් මගේ අතේ එච්චර සල්ලියක් නෑ.

මගේ සහෝදරයාට මං ගැන සැකයක් ඇතිවෙන හින්දා,

මගේ ළඟ තියෙන කොටස් සහ දේපල විකුණන්නත් බෑ.

ඔයාට ජීවිත බේරගන්න ලොකු ඕනෑකමක් තියෙනවා කියලා මම දන්නවා,

ඒත් තීරණ ගන්න කොට සිහි බුද්ධියෙන් කටයුතු කරන්න.

අර පිස්සු නගරාරක්ෂක නිළධාරීන් මේ දවස්වල වටපිටාවේ ඔත්තු බලනවා.

දැන්, ඔයා පහළ මාලයේ ඉඳන් ක්‍රිස්ටල් පුවත්පත කියවන කොට,

ඔයාට පාළු තරුව ගැන මොනවා හරි දෙයක් දැනගන්න ලැබුනද ?

නැහැ.

සංවිධානය හැකි සෑම විදිහකින්ම එයාව හොයනවා.

ඒක හරියට, එයා හිටිගමන් වාෂ්ප වෙලා වගේ.

එයාට ජීවිත අනතුරක් ඇති කියලා මට බයක් දැනෙනවා.

මට තව දවස් දෙකක් දෙන්න.

මම පාළු තරුව කොහෙද ඉන්නේ කියලා හොයලා බලන්නම්.

ඔයාට එහෙම කරන්න අවසරයක් නෑ.

සංවිධානය පාළු තරුවගේ ආරක්ෂාව ගැන විතරක් නෙවෙයි,

එයාගේ ළඟ තියෙන රත්තරං කුට්ටි සතුරාගේ අතට පත්වෙයිද කියන එක ගැනත් වද වෙනවා.

අනික අත්ඩංගුවට ගත් සහෝදරවරුන්ව බේරාගන්න එකට අමතරව,

දැනට අඩාල වෙලා තියෙන මධ්‍යම කාර්යාලය සහ සෝවියට් කලාප සම්බන්ධ කරන

අලුත් ප්‍රවාහන මාර්ග වෙනුවෙනුත් අලුතෙන් අරමුදල් එක්රැස් කරන්න ඕන.

එහෙම නොවුනොත්, පිරිස් ප්‍රවාහනය,

ද්‍රව්‍යමය සම්පත් ප්‍රවාහනය සහ බුද්ධි අංශ මාරු කිරීම කියන මේ අංශ තුනට බාධා එල්ල වෙනවා.

මේක කොහොමද ?

මම ආයෙත් ලින් චියාඕ සොන් එක්ක කතා කරන්නම්.

එපා.

අපිට මොකුත් නොකර නිකන් ඉන්න බෑ නේද ?

කලබල වෙන්න එපා.

ඒ වගේ අයත් එක්ක ගනුදෙනු කරලා මට අත්දැකීම් තියෙනවා.

කැ-කැප්ටන් ලින්,

ඔ-ඔයාට වතුර ටිකක් තියෙනවා.

ඔයා එයාව අල්ලා ගත්තාද ?

අහකට යන්න !

සර්.

තාම එයා ගැන ආරංචියක් නැද්ද ?

අපි අවට පැල්පත් නිවාසවලින් ප්‍රශ්න කරනවා.

ඒක ලොකු ප්‍රදේශයක්.

ඇත්තම කිව්වොත්,

මම ඒ ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන නෑ.

හොඳයි,

එයා ජියැංසයිවල ඉඳන් මෙහෙටම ආවා.

එයා ගොඩාක් දක්ෂ කෙනෙක් වෙන්න ඕන,

නැත්තම් එයා අතරමගදී අසාර්ථක වෙනවා.

ඔයාට එයාව හොයාගන්න බැරි නම්, ඒකට කමක් නෑ.

කොමියුනිස්ට්වාදීන් අතර සාමාන්‍ය සිරිතක් තියෙනවා,

පක්ෂයේ නියෝජිතයින්ට තමාව හසුරුවන පුද්ගලයා එක්ක සම්බන්ධ වෙන්න බැරි නම්,

එයාලා හදිසි ක්‍රියාමාර්ගයක් විදිහට පුවත්පත්වලට නිවේදන දාලා එකිනෙකාව සම්බන්ධ කර ගන්නවා.

අපේ මිනිස්සුන්ව කණ්ඩායම් දෙකකට බෙදන්න,

එයාලට ෂැංහයිවල හැම පුවත්පත් ප්‍රකාශන ආයතනයක්ම පරීක්ෂා කරන්න කියන්න.

ප්‍රකාශයට පත් කරන්න මුදල් ගෙවලා තියෙන හැම නිවේදනයකින්ම පිටපතක් ගන්න.

හරි.

ඔයා හිතන හැටියට, එයා කොහේ හැංඟිලා ඉන්නවා ඇතිද ?

මම හිතන්නේ එයා තාම ඉන්නේ ෂැංහයිවල.

එයා තාම ගිහින් නෑ.

ඊළගට ?

ඊළඟට...

ඊළඟට...

ඒක නෙවෙයි, කැප්ටන් ලින්,

ඇත්තටම...

මම කලින් වතාවේ ඔයාට නොකියපු දෙයක් තියෙනවා.

අන්තිම වතාවට එයා එදා මාව කාමරෙන් එලෙව්වාම,

මට දැනුනා,

මගේ පොත් සාප්පුවේ තිබිලා එයාට යමක් අවශ්‍ය වුනා කියලා.

ආපහු කාමරේට ගියාම මම එතන පරීක්ෂා කරලා බැලුවා.

සම්භාව්‍ය චීන ගද්‍ය සංග්‍රහය,

විවරණ සහිත ජුවාන්සිගේ කෘතීන් එකතුව ඇතුළු

තවත් පොත් කිහිපයක් අතුරුදහන් වෙලා තියෙනවා කියලා මට දැනගන්න ලැබුණා.

ඔයා හිතන විදිහට,

මේක ප්‍රයෝජනවත් හෝඩුවාවක්ද ?

මම තනිවම අල්ලා ගත් පළමු කොමියුනිස්ට්වාදියා,

එයා හුවාංපු හමුදා ඇකඩමියේ හිටපු මගේ මිතුරෙක්.

මම එයාත් එක්ක කාමරයක් පවා බෙදා ගත්තා.

එයාට වධ දෙන්න කලින්,

මම එයාට කෑම වේලකින් සංග්‍රහ කළා.

ඒ වෙලාවෙ මට ටිකක් පව් කියලා හිතුනා...

මගේ හදවත රිදුණා.

එයා මට මොකක්ද දන්නවද කිව්වේ ?

සමහර මිනිස්සුන්ගේ මරණ මහා කන්දක් තරම් විස්මිතයි,

නමුත් සමහර මිනිස්සුන්ගේ මරණ සැහැල්ලු පිහාටුවක් තරම් අර්ථ විරහිතයි.

පසුතැවිලි නොවී රට බේරා ගැනීමේ මහඟු මෙහෙවර වෙනුවෙන්

එයා තමන්ගේ ජීවිතය පූජා කරනවා කියලා කිව්වා.

මම තිගැස්සුණා.

මම එයාව වෙඩි තියලා මරලා දාන්නයි හැදුවේ,

ඒත් එයා කියපු දේ අහලා..

මගේ හිත වෙනස් වුණා.

එයා ජීවත්ව සිටියදීම,

මම එයාගේ හම ගළවලා දැම්මා.

එයා වේදනාවෙන් කෑගැහුවා.

මැරෙන්න කලින් එයා ගොඩාක් වෙලා කෑගැහුවා.

එච්චර ලොකු වෙලාවක් !

එයා මරණාසන්නව ඉන්න කොට,

මම එයාට අන්තිම වතාවට වචන කිහිපයක් කිව්වා.

අනුන්ගේ ධනය කාබාසිනියා කරන දුප්පතුන් සහ වියරු වැටුණු පරපෝෂිතයන් වෙනුවට,

රටේ ජනතාවගේ සැබෑ ගැලවුම්කරුවා විය යුත්තේ ජාතිකවාදය, ප්‍රජාතන්ත්‍රවාදය සහ සුබසාධනවාදය කියන මේ ජාතික ප්‍රතිපත්ති තුනයි !

නවීන බැංකු කටයුතු සඳහා ටෙලිග්‍රාෆ් භාවිතය අත්‍යවශ්‍යයි.

ටෙලිග්‍රාෆ්වල යාන්ත්‍රික ක්‍රියාකාරීත්වය රඳා පවතින්නේ දිගු හා කෙටි සංඥා මතයි.

දිගු සංඥාවලින් රේඛා නිරූපණය වෙනවා.

ඒ වගේම කෙටි සංඥාවලින් තිත් නිරූපණය වෙනවා.

මේ කොටස් එකතු උනාම විවිධ සංඛ්‍යා හැදෙනවා.

මේ සංඛ්‍යා වලින් ඕනෑම චීන අක්ෂරයක් හොයාගන්න පුලුවන්.

අද අපේ පාඩම විශ්ව කේතයක් වන මෝස් කේතයෙන් පටන් ගමු.

ලින් මහතා ඉදිරියේ ටෙලිග්‍රාෆ් යන්ත්‍රයක් තියෙනවා.

ඒ වගේම ඔයාලා හැමෝම ඉස්සරහා බොත්තමක් තියෙනවා.

මම විවිධ කේත ගැන කතා කරන කොට,

ඔයාලා මං කියන දේට හොඳින් ඇහුම්කන් දීලා ඒ කේත කටපාඩම් කරගන්න.

ඊටපස්සේ, ලින් මහතාගේ අත චලනය වන ආකාරය

හොඳින් නිරීක්ෂණය කරලා තනියෙන් පුහුණු වෙන්න.

War of Faith subtitles in other languages

More Sinhala subtitles for War of Faith

Komentáře

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left