Prvních 200 řádků.
Episode 03
=( ජින්ජෙන්හ තානායම ) සේවක , කුමක්ද සිදුවුනේ ?
කෙසේද හදිසියේම මෙහි ලබා ගැනීමට කිසිදු කුටියක් නොමැති වූයේ ?
මහත්මයා .
මෙය කොහෙත්ම අපගේ උවමනාවට අනුව සිදුවූවක් නොවෙයි .
අද දින ,
බොහොම බලවත් වංශයක තරුණ මාස්ටර් කෙනෙක් මෙහි පැමිණියා .
ඔහු මුළු තානායමම වෙන්කරවා ගත්තා .
ඔහුගේ පිරිස හැර අනෙක් සියලුදෙනාවම මෙහෙන් පිටත්කර දැමුවා .
මහත්මයා , මට සමාවෙන්න . නමුත් මට සිතෙනවා ,
ඔබතුමන්ලා වෙනත් නවාතැන්පොළක් සොයාගත්තා නම් හොඳයි කියලා .
සේවක !
ඔහ් , මෙනෙවිය .
ඔබතුමිය නියෝග කල ලෙසටම ,
කුටි සියල්ලම පිළිවෙළට සකස් කරනු ලැබුවා .
ඒ වගේම අනෙක් සියලුම අමුත්තන්ව මෙහෙන් පිටත්කර හැරියා .
කරුණාකර මෙම සුවඳවත් පසුම්බි ලබා ගන්න .
මෙම පසුම්බි අපගේ තරුණ ජින් මාස්ටර්ගේ කුටියෙන් තබන්න .
මෙහි තිබෙන ඔෟෂධ කැබැලිවලට හැකියි ,
මදුරුවන් පැමිණීම වැළැක්වීමට .
මියැන් මියැන් , ඔබ නම් බොහොම සැළකිලිමත් !
අපේ තරුණ මාස්ටර් ඔබව ප්‍රිය කිරීම පුදුමයක් නොවෙයි .
නවත්වගන්න .
ඔබ මේ කාරණයේදී බොහෝ ප්‍රවේශම් විය යුතුයි .
අපේ තරුණ මාස්ටර්ගේ කීර්තිය සැලකිල්ලට ගනිමින් කටයුතු කරන්න .
ඒ පිළිබඳව බියවීමට අවශ්‍ය නැහැ . මට එය හොඳින්ම වැටහුණා .
අපි යමු .
තරුණ මාස්ටර්ගේ කුටිය සූදානම් දැයි බලමු .
කරුණාකර මේ දෙසින් යන්න මෙනෙවිය .
මට වැටහුණා . ඔවුන් තමයි ලන්ලින්හි ජින් වංශය .
ඔවුනුත් දේශනය සඳහා සහභාගි වීමටයි පැමිණෙන්න ඇත්තේ .
සයිඉ නගරයේ නැවතී විවේක ගන්නවා වියයුතුයි .
සහෝදරයා ,
ජින් වංශයෙන් පැමිණ සිටින සුලු පිරිස ,
නැවතුම්පොළේ සියලුම ඉඩ ලබාගෙන තිබෙනවා .
මෙතනට පැමිණි අනුපිළිවෙළ පිළිබඳවවත් නොතකා අපව පළවා හරිනවා .
නමුත් මෙම නගරයේ ඉඩකඩ ඇති වෙනත් නැවතුම්පොළක් නැහැ .
අපට කළ හැකි කිසිවක් නැහැ .
මියැන් මියැන් මෙනෙවිය !
මට ඔබගේ සුවඳවිලවුන් පසුම්බියක් ලබාගත හැකිද ?
ඔබ කවුරුන්ද ?
මට මියැන් මියැන් කියා ඇමතීමේ අයිතිය කවුරුන්ද ඔබට ලබාදුන්නේ ?
ඒ ඇයයි .
ඇයට හැකිනම් ඔබට මියැන් මියැන් කියා ඇමතීමට ,
ඇයි මට නොහැකි ?
ඔබ කවුරුන්ද ?
මට එසේ අමතන්න එපා !
හොඳයි .
එසේනම් ඔබට හැකිද , මට ඔබේ ඇත්ත නාමය පවසන්න ?
එවිට මම ඔබට මියැමියැන් මියැන් කියා ඇමතීම නතර කරන්නම් .
මා කුමකටද එය ඔබට පැවසිය යුත්තේ ?
වෙනත් අයෙකුගෙන් නම ඇසීමට පෙර
ඔබ ඔබේ නම පළමුව පැවසිය යුතුයි .
එය බොහොම පහසුයි .
මම පවසන්නම් . එය මතකයේ තබාගන්න .
මගේ නම යුවැන්දාවෝ .
යුවැන්දාවෝ ...
මියැන් මියැන් .
මේ ආකාරයේ නමක් තිබෙන තරුණ මාස්ටර් කෙනෙක් පිළිබඳව මට මතක නැහැ .
නමුත් ඔහුගේ පෙනුම සහ හැසිරීම දෙස බැලූවිට පෙනෙන්නේ ,
සාමාන්‍ය පුද්ගලයෙක් විය නොහැකි බවයි .
ඔබ ...
ඔබ මාව සරදමට ගත්තද !
කුමක්ද සිදුවුනේ ?
අර කවිය ගැන සිතන්න .
" කොළ පැහැති , ගං ඉවුරෙහි තණකොළ " පේළියට පසුව තිබෙන්නේ කුමක්ද .
" කොළ පැහැති , ගං ඉවුරෙහි තණකොළ " , " බොහෝ දීර්ඝ , එම ඈත මාවත සිහිවනවා ". (' මියැන් මියැන් හට යුවැන්දාවෝ සිහිවනවා' ලෙසත් පැවසිය හැකියි )
එය හඬනගා පවසන්න එපා !
කවුරුන්ද ඔබව සිහිකරන්නේ ?
කෙතරම් නිර්ලජ්ජිතද !
මියැන් මියැන් මෙනෙවිය ඔබ පැමිණියේ ලන්ලින්හි ජින් වංශයෙන් නේද ?
පවසන ආකාරයට ජින් වංශයේ සියලුම කාන්තාවන් සුරඟනන් මෙන් ලස්සනයි .
දැන් මට එවැනි අයෙක්ව දැකගැනීමට ලැබුනු නිසා ,
එයට අනිවාර්යයෙන්ම එකඟවීමට සිදුවෙනවා .
චාටුකතා පවසන්නෙක් .
මම යුන්මං ජියන් වංශයේ වෙයි යිං .
වෙයි වූශියැන් .
අප දේශනයට සහභාගි වීම සඳහා ගූසුහි ලන් වංශයට යන අතරතුර ,
විවේකයක් ලබාගැනීම සඳහායි සයිඉ නගරයට පැමිණියේ .
සහෝදර ධ්‍යානවේදීන් ලෙස ,
මම සිතනවා මියැන් මියැන් මෙනෙවිය අපට පිටත නිදාගැනීමට ඉඩනොතබාවි කියා .
ඉතින් යුවැන්දාවෝ මහත්මයා ,
ඔබට එසේනම් වැදගත් නමක් තිබෙනවා .
කෙසේ නමුත් ...
කුටි පිළිබඳව සිතාබැලීමේදී ...
මියැන් මියැන් ,
අපේ තරුණ මාස්ටර් සමඟ බොහෝ පිරිසක් මෙහි පැමිණෙන්නේ නැහැ .
මෙම කුටි හිස්ව තිබෙන්නේ කිසිම හේතුවක් නොමැතිවයි .
අනික ඔවුන් අපට පෙර මෙහි පැමිණ තිබෙනවා .
මේ අවස්ථාවේදී ,
තරුණ මාස්ටර් , ඔබට සහ ඔබගේ පිරිසට මෙහි රැඳී සිටිය හැකියි .
මම අපේ තරුණ මාස්ටර්ට ඒ පිළිබඳව පවසා කරදර කිරීමට යන්නේ නැහැ .
මෙනෙවිය , ඔබට බොහෝම ස්තූතියි .
ඔබ වැනි සෙල්ලක්කාර තරුණයෙකුට පමණයි ,
එම ගැහැණු ළමුන්ගෙන් නැවත කුටිය ලබාගත හැක්කේ .
අක්කේ ,
බලන්න ඔහු පවසන දේ !
ජියන් චං ,
ඔබ පැවසූ වදන් ,
ඔබ මා පිළිබඳව ඊර්ෂ්‍යාවෙන් යුතුව පැවසූ වදන් ලෙස පිළිගන්නම් .
ඔබ දෙදෙනා සූදානම් වෙන්නේ මෙතනත් සණ්ඩු කරගැනීමටද ?
නමුත් අක්කේ ,
කවුරුන්ද ඒ මියැන් මියැන් සඳහන් කල තරුණ ජින් මාස්ටර් ?
වෙන කවුරුන් විය හැකිද ?
අප හා සම වයසේම සිටින ,
ජින් වාංශිකයෙක් වියයුතුයි .
ඒ කනිෂ්ඨ ජින් මාස්ටර් , ජින් සෂුවැන් නොවෙයි නම්
වෙන කවුරුන් විය හැකිද ?
මට දැනගැනීමට අවශ්‍යයි තරුණ ජින් මාස්ටර් ,
ඔහු කුඩා අවධියේ සිටි ලෙසටම
තවමත් විසිතුරු ඇඳුම් ආයිත්තම්වලින් සැරසී සිටිනවද කියා .
මහත්ම මහත්මියනි ,
මට බොහෝම කණගාටුයි .
නමුත් මෙහි ප්‍රමාණවත් තරම් කුටි තිබෙන්නේ නැහැ .
ඒ නිසා කරුණාකර මෙම කුටිය නැවත ලබාදෙන්න .
තරුණ ජින් මාස්ටර් .
මෙයද සයිඉ නගරයේ තිබෙන හොඳම නවාතැන්පළ ?
එසේයි තරුණ මාස්ටර් .
මෙය හොඳම නවාතැන්පළ වුවත් තවමත් එය ජින්ලින්ටයි සමඟ සැසඳිය නොහැකියි .
අසුන් පිළිබඳව සඳහන් කරන විට ,
අපගේ ජින් වංශය ඒ සඳහා යොදාගනු ලබන්නේ කාළ වර්ණ සඳුන් දැව .
තේ කෝප්ප සඳහා යොදාගනු ලබන්නේ ,
මොනර කොළ පැහැයට හුරු ඔප දමන ලද පිඟන්මැටි පමණයි .
මෙම තේ පැන් පරණයි .
අප ගොස් කුටි පරීක්ෂා කරමු .
තරුණ මාස්ටර් , මේ දෙසින් පැමිණෙන්න .
යුන්මංහි ජියන් වංශය , ඔබලාව දැකීමට ලැබීම සතුටක් .
මම සිතන ආකාරයට ,
කනිෂ්ඨ ජින් මාස්ටරුත් ගූසු ලන් වංශයේ දේශනයට සහභාගි වීම සඳහයි පැමිණ තිබෙන්නේ .
ඔබේ හැසිරීම පිළිබඳව සැලකිලිමත් වෙන්න !
මෙතුමායි තරුණ ජින් මාස්ටර් ,
කනිෂ්ඨ ජින් මාස්ටර් නොවෙයි .
තරුණ ජියන් මාස්ටර් , ඔබත් මෙම ස්ථානය පසු කරගෙන යනවා වියයුතුයි .
ඔව් , අපටත් මෙහි නැවති විවේක ගැනීමට අවශ්‍යවයි තිබුණේ .
නමුත් අවාසනාවට ,
මෙම තානායමේ තිබෙන සෑම කුටියක්ම ,
ජින් වංශය සඳහා වෙන්කොටයි තිබෙන්නේ .
ඔබලා වෙනත් ස්ථානයක් සොයාගත්තා නම් හොඳයි .
නමුත් ,
ඔබලාට පෙර අපයි මෙහි පැමිණියේ .
ඔබලා කලින් පැමිණියා කියා කුමක්ද සිදුකරන්න කියන්නේ ?
ඔබ ගොස් මෙම තානායමේ හිමිකරුට ඒ පිළිබඳව පැමිණිලි කරන්න .
කෙසේ නමුත් , අප මේ තානායම වෙන් කරගෙනයි තිබෙන්නේ .
අපගේ තරුණ මාස්ටර් කැමති නැහැ ,
අහඹු ලෙස මුණගැසුනු මිනිසුන්ව ඇසුරු කිරීමට .
ගූසු ලන් වංශයේ දේශනය සඳහා
එක් වංශයකින් රැගෙන පැමිණිය හැක්කේ බොහොම සුලු පිරිසක් පමණයි .
කනිෂ්ඨ ජින් මාස්ටර් , ඔබ බොහෝ පිරිසක් රැගෙන පැමිණීමෙන්
මෙහි විශාල සංදර්ශනයක් ගෙනහැර පානවා .
කුමක්ද ඔබේ අරමුණ ?
අපි තරුණ ජින් මාස්ටර්ගේ සේවකයින් , කුමක්ද එහි තිබෙන ගැටලුව ?
ජින් වංශය බාහිර අලංකාරයට ළැදි පිරිසක් බව පැවසීම සත්‍යයක් එසේනම් .
මට අසන්නට ලැබුනේ ,
ලන් වාංශිකයන් යනු නියමයන් එලෙසින්ම පිළිපදින බොරු මවාපෑම් පිළිකුල් කරන පිරිසක් බවයි .
නමුත් කනිෂ්ඨ ජින් මාස්ටර් ,
බොහෝ පිරිසක් එහි රැගෙන යනවා .
මට බියක් දැනෙනවා ,
ඔබට එවැනි ආකාරයේ දුක් වේඳනා දරාගත නොහැකිවෙයි කියා .
ආ-ශියැන් .
අක්කේ .
මම ඔවුන්ට
සුහදශීලි යෝජනාවක් ඉදිරිපත් කලා පමණයි .
අපගේ තරුණ මාස්ටර්ට අපහාස කිරීමට තරම් ඔබ නිර්භීත වූයේ කෙසේද !
ජියන් වාංශිකයන් මෙසේද හැසිරෙන්නේ ?
අප කුමන ආකාරයේ අපහාසක්ද සිදුකලේ ?
පවසන්න .
ඒ වගේම
ඔබට මා හට චෝදනා කල හැකියි .
නමුත් ඒ සඳහා ජියන් වංශය සම්බන්ධ කරගන්න එපා .
ආ-ශියැන් , ආ-චං .
ඔබලා ගොස් සූදානම් වෙන්න .
අපි වෙනත් නවාතැනක් සොයාගනිමු .
සමුගන්නම් තරුණ ජින් මාස්ටර් .
තරුණ මාස්ටර් .
ඔබතුමාගේ කුටිය තිබෙන්නේ මෙයට යාබදවයි .
මට සමාවෙන්න ජියන් මෙනෙවිය .
වරද සිදුවූයේ මා අතින් .
ඔබේ වරදක් නැහැ .
ඔබ එය පැවසීමට තරම් නිහතමානී වැඩියි .
මේ මුළු තානායමම අයිති ඔබටද ?
ජින් වංශයේ ආචාරවිධි සඳහා ඉහළ කීර්තියක් ඇති බව පවසනු ලබනවා .
දැන් මටත් එසේ පැවසිය හැකියි .
මේ ජින් සෂුවැන් ,
ඔහු බොහොම අහංකාරයි !
නිවැරදියි .
ඔහු හැසිරෙන්නේ අහංකාර මොනරෙකු ලෙසයි .
මට අධිරජ සිනහව මත්පැන් බඳුනකට අතවත් තැබීමට නොහැකි වීම කණගාටුවට කරුණක් .
අපගේ තත්වය දෙස බලන්න .
ඔබ තවමත් සිතන්නේ මත්පැන් පිළිබඳවද ?
අක්කාගේ මුහුණේ තිබෙන දුක්බර පෙනුම ඔබට පෙනෙන්නේ නැතිද ?
මම දන්නේ නැහැ ජියන් මාමා මේ පිළිබඳව කුමක්ද සිතන්නේ කියලා .
කුමකටද ඔහු විවාහයක සූදානම් කලේ ,
අපේ අක්කාත් අර ජින් සෂුවැනුත් අතර ?
ගූසු ලන් වංශයේ නීතිරීති වලට අනුව ,
දේශනය සඳහා සහභාගි වීමට පැමිණෙන කිසිවෙකුට ,
ආරාධනා පත්‍රය නොමැතිව ඇතුල්විය නොහැකියි .
සහෝදරයා ,
මම ඔබට මේ පිළිබඳව දහස් වතාවකට වඩා පැවසුවා .
අපගේ ආරාධනා පත්‍ර නැතිවූයේ අත්වැරැදීමකින් .
අපට එය නැතිකර ගැනීමට කවදාවත්ම අවශ්‍ය වුනේ නැහැ .
No comments yet. Be the first to leave one.