The Untamed

The Untamed (陈情令)

Stáhnout Sinhala titulky

Specials

Informace o verzi

TheUntamed-Episode50[End]
Komentář od sunny_2000

Tagy

other
Zveřejněno: 2024-01-08
Stažení: 43
Pro sluchově postižené: No

Náhled titulků v jazyce Sinhala

Prvních 153 řádků.

හුවයිසාන්

ශිචන් සහෝදරයා, ප්‍රවේශම් වෙන්න. ඔබේ පිටුපසින් !

ඔබ ...

කුමක්ද සිදුවුනේ ?

මම ...

දැන් මම දුටුවා තෙවන සහෝදරයා...නැහැ..

ජින් නායකතුමා ඔහුගේ පිටුපසට අත යවනවා මම දුටුවා.

මම දන්නේ නැහැ ඔහු..ඔහු...

ලන් ශිචන්

ලන් ශිචන්

ජින් නායකතුමනි, මම ඔබට පැවසුවා ඔබ අනවශ්‍ය ලෙස හැසිරුනොත් මම ඔබට අනුකම්පාවක් දක්වන්නේ නැහැ කියලා ! ඔබට මාව ඇසුනේ නැතිද ?

ඔව් .

ඔබ එසේ පැවසුවා .

නමුත් මම චලනය වුනාද ?

ඇයි ඔබ ඔහු දෙස බලන්නේ ?

ඔහු දෙස බලන්න එපා !

ඔබට කුමක්ද දැකිය හැක්කේ ?

වසර ගණනාවක් ගතවී තිබුනත්, මටවත් ඒ කිසිවක් තේරුම් ගැනීමට හැකි වුනේ නැහැ.

නියෙ හුවයිසාන් .

ඔබ ඇත්තෙන්ම දක්ෂයි . එසේ නේද ?

ඔබ මගේ පරිහානියට හේතුවේවි කියලා මම කිසිවිටෙකවත් සිතුවේ නැහැ !

හෙලවෙන්න එපා.

හෙලවෙන්න එපා.

ඔබ කිසිවක් නොදන්නා බවට මවා පෑවා. කෙතරම් අපූරු උපක්‍රමයක්ද !

පුදුමයක් නැහැ...

ඔබ වසර ගණනාවක් සැඟවී සිටියා.

එය ඔබට බොහෝ අපහසු වන්නට ඇති.

ශිචන් සහෝදරයා, ඔබ මාව විශ්වාස කළ යුතුයි ! මම දුටුවා ඔහු පිටුපසින් ළඟාවෙනවා....

- ඔබ ! - මම ඔබට පැවසුවේ හෙලවෙන්න එපා කියලයි !

ලන් ශිචන්, ලන් ශිචන් ...

මගේ ජීවිත කාලය තුලදී මම මුසා පැවසුවා. ඒ වගේම බොහෝ මිනිසුන්ව ඝාතනය කලා.

ඔබ පැවසූ ලෙසටම...

ලෝකයේ තිබෙන සියලුම නපුරු ක්‍රියාවන්....මම ඒ සියල්ලක්ම සිදුකර තිබෙනවා.

නමුත් මම ...

කිසිවිටෙකවත් ඔබට හානි කිරීමට සිතුවේ නැහැ.

එදා,

මේඝ අසපුව ගිනිබත් වී,

ඔබ පලාගිය විට,

සියලු අනතුරුවලින් ඔබව ගලවා ගත්තේ කවුද ?

ඉන්පසු,

ගූසු ලන් වංශය මේඝ අසපුව නැවත ගොඩනඟන විට,

ඔබට හැකි පමණින් උදව් කලේ කවුද ?

මේ වසර ගණනාව පුරාවටම,

මම කවදා හෝ ගූසු ලන් වංශය යටත් කරගැනීමට උත්සාහ කලාද ?

මම හැකි සෑම විටම ඔබට සහයෝගය ලබා දුන්නා.

මෙවර ඔබේ අධ්‍යාත්මික බලය යටපත් කිරීම හැරුණු කොට,

මම කවදා හෝ ඔබට වරදක් සිදුකර තිබෙනවාද ?

මම කවදා හෝ ඒ වෙනුවෙන් ප්‍රතිඋපකාර, නැත්නම් ප්‍රශංසා ඉල්ලා සිටියාද ?

මිංෂන් සම්බන්ධයෙන් ගත් කල,

ඒ කාලේ සිටම...

මට ඔහුගේ නම මතක තිබුනු නිසායි...

ඔහු ඒ ලෙසට මට ප්‍රතිඋපකාර කලේ.

නමුත් ඔබ...

ලන් ශිචන්

සවූ ජූන් .

නියෙ මිංජු වගේම ඔබත් මගේ පැවැත්ම ගැන සැලකිල්ලක් දැක්වූයේ නැහැ.

දෙවන සහෝදරයා,

ඔබ මගේ ජීවිතය බේරීම පවා ප්‍රතික්ෂේප කළා.

මේ ස්ථානය කඩා වැටීමට ආසන්නයි ! සියලුදෙනාම පිටතට යන්න !

අපි පිටවෙමු !

යමු !

දෙවන සහෝදරයා,

ඇයි ඔබ මාත් සමඟ මරණයට මුහුණ දෙන්නේ නැත්තේ ?

ලන් ජන්, සවූ ජූන්ව රැගෙන පිටතට යන්න !

නියෙ මිංජු

ඔබ සිතන්නේ මම ඔබට බයයි කියලද ?

ශිචන් සහෝදරයා ,

අවසානයේදී, ආ-යාඕට කුමක් කිරීමටද අවශ්‍ය වුනේ ?

ඉස්සර මම හිතුවේ, මම ඔහුව හොඳින් තේරුම් ගත්තා කියලයි.

පසුව මට වැටහුනා මම ඔහුව කිසිසේත්ම දන්නේ නැහැ කියලා.

අද රාත්‍රියට පෙර මම සිතුවේ, මට ඔහු පිළිබඳව අලුත් අවබෝධයක් ලැබුණා කියලායි.

නමුත් දැන්....මට තවමත් ඔහුව වටහාගත නොහැකියි.

ශිචන් සහෝදරයා ,

කාටද හැක්කේ වෙනත් පුද්ගලයෙකුව සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න ?

හුවයිසාන් ,

ඔහු ඇත්තටම මට පිටුපසින් පහර දෙන්න උත්සාහ කලාද ?

මම ...

එය මා දුටු බව සිතනවා.

ඇත්තටම ?

හුවයිසාන්, ඔබ ඇත්තටම එය දුටුවාද ?

ශිචන් සහෝදරයා ,

ඔබ මගෙන් එසේ විමසුවාට පසු ,

මට දැන් තවදුරටත් ඒ පිළිබඳව විශ්වාසයෙන් පැවසිය නොහැකියි.

මම දන්නේ නැහැ .

ෆෙයිරි !

හන් ගුවං ජූන් !

වෙයි මාස්ටර් !

- වෙයි මාස්ටර් ! - හංගුවාන් ජූන් ! - ෆෙයිරි !

දිවීම තහනම් !

හඬනගා කතා කිරීම තහනම් !

හොඳින්ද ? තුවාල වුනේ නැද්ද ?

- සිජුඉ, ඔබ හොඳින්ද ? - මම හොඳින්

- නායකතුමනි . - ඔබතුමා හොඳින්ද ?

ඔබතුමා හොඳින්ද ?

මම හොඳින් .

මාමා .

ඔබ හොඳින් සිටීම හොඳ දෙයක්.

වෙයි මාස්ටර්, ඔබේ බෙල්ලට කුමක්ද සිදුවුනේ ?

ඔබේ බෙල්ලෙන් රුධිරය ගලනවා !

ඔබ හොඳින්ද ?

ෆෙයිරි , අපි මුලින්ම පිටතට යමු.

අප කුමක්ද කළ යුත්තේ ?

මම හොඳින් , මම හොඳින් .

වෙයි මාස්ටර් .

මහත්වරුන් ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් නිසි පරිදි පවත්වා ගතයුතුයි.

ආ-යාඕ.

ඔබේ තොප්පිය පැත්තකට ඇල වී සිටින සේ නොපැළඳිය යුතුයි.

ජින් යි , කොහෙද සිටින්නේ වෙයි වූශියැන් ?

ඔවුන් පිටත්ව ගියා.

පිටත්ව ගියා ? කොයි දෙසටද ?

මම ඔවුන්ට පැවසුවා මම පුංචි ඇපල්වත් ගෙනාවා කියලා. ඉතින් වෙයි මාස්ටර්, හංගුවන් ජූන්ව සහ වන් මාස්ටර්ව කැඳවාගෙන පුංචි ඇපල්ව බලන්න ගියා.

ඔව්.

පුංචි ඇපල් ? ෆෙයිරිව බලාගන්න උදව් කරන්න !

ඔවුන් පසුපස යන්න එපා.

මාමා .

ඔවුන් දැනටමත් පිටත්ව ගොස් අවසන්.

ඔබ ඔවුන්ට යාමට ඉඩදෙනවාද ?

වෙන කුමක් කරන්නද ?

ඔවුන් රාත්‍රී ආහාරය සඳහා නැවතිය යුතුද ?

ඔවුන්ට ස්තූති කළාට පසු,

සමාවත් ඉල්ලිය යුතුයිද ?

ඔබේ ඔය ආකල්පය නිසයි ඔවුන් පිටත්ව ගියේ.

මාමා, ඔබ බොහොම කරදරකාරී පුද්ගලයෙක් !

වැඩිහිටියන් සමඟ කතා කරන විට ඔබ භාවිතා කරන ආකල්පය මෙයද ? ඔබට මගෙන් පහරක් කෑමට අවශ්‍යද ?

අපි ආපහු යමු, ජින් ලින්.

සෑම කෙනෙක්ම තමන් පැමිණි ස්ථානයටම ආපසු යායුතුයි.

මාමේ, ඔබට වෙයි වූශියැන් හට පැවසීමට දෙයක් තිබෙනවාද ?

නැහැ .

ඔව් මම එය පැහැදිලිවම දුටුවා. ඔබට වෙයි වූශියැන්ට යමක් පැවසීමට අවශ්‍ය වුනා, නමුත් පසුව ඔබ එය නොපවසා සිටීමට තීරණය කළා.

පන්සල ඇතුලේදීත් එහෙමයි !

මට පැවසීමට කිසිවක් නැහැ .

එය මුසාවක් ! නිසැකවම පැවසීමට යමක් තිබිය යුතුයි !

ජියං චං, අක්කාට තදබල උණක් තිබෙනවා.

මම ඇයට ඖෂධ මිලදී ගන්න යනවා.

මම ඇයව ඔබේ භාරයේ තබා යනවා.

ඔබ මෙහි සිටිය යුතුයි. කිසිම හේතුවක් නිසාවත් පිටතට යන්න එපා , වැටහුණාද ?

නවතින්න !

මහත්මයා, මට මේවාගෙන් පහක් දෙන්න

නවතින්න !

යන්න !

ඔබ ප්‍රවේශම් වෙන්න. මම අක්කාව ඔබේ භාරයේ තබා යනවා.

අපි ඔහුව අල්ලාගත්තා ! අපි ඔහුව අල්ලාගත්තා ! මෙහෙ !

හොඳින් ඉන්න.

පිටත් වෙමු .

මාමා !

වෙයි යින්

කුමක්ද ?

යමක් තිබෙනවා...

මම ...

ඔබට තවමත් නොපැවසුව.

කුමක්ද ?

ඇයි මේ දෙදෙනා හැමවෙලේම මෙතරම් ඉක්මන් වෙන්නේ ?

හන් ගුවං ජූන් ! වෙයි මාස්ටර් !

More Sinhala subtitles for The Untamed

Komentáře

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left