Prvních 200 řádků.
නිලූෂ හේමාල් අලහකෝන් විසින් කරන ලද හත්වන උපසිරැසී නිර්මාණය..
අපේ සියෝන්ග් යෝන් උසස් පාසල කොරියාවේ බොහොමයක් උසස් පාසල් වලට තර්ජනයක් වී තිබෙනවා.
අපිට තියෙනවා හොඳම පහසුකම් සහ හොඳම විශය නිර්දේශ.
අපි උගන්වන විශයන්ගෙන් භාගයකට වඩා උගන්වන්නේ ඉංග්‍රීසි මාධ්‍යයයෙන්.
...A B සහ C. මේක සරල ප්‍රශ්නයක්. එතකොට ස්පර්ශකය මොකක්ද?
A බෙදීම B.
බහුතරයක් ගණිත පන්ති පවත්වන්නේ ඉංග්‍රීසියෙන්...
පන්ති වල ඉන්න සිසුන් 600න් භාගයකට වඩා IVY පාසල් වලට යනවා.
අනික් අය මෙහෙ තියෙන පාසල් වලට යනවා,
ඒත් සියෝල් වල තියෙන හොඳම පාසල්.
අන්තිම සතිය හොඳටම ලංවෙලා නිසා,
කාටහරි හොඳ විද්‍යාලයකට යන්න ඕනෙනම්, විභාග හරිම වැදගත්.
කාටහරි හොඳ විද්‍යාලයකට යන්න ඕනෙනම්, විභාග හරිම වැදගත්.
අපිට වෙන දේවල් ගැන හිතන්න වදවෙන්න වෙලාවක් නෑ.
සිසුන්ගේ කෑම හදන්නේ ගෙඩාක් පරිස්සමින්, හොඳම අමුද්‍රව්‍ය යොදලා.
පිටි සහිත ආහාර, කෙටි ආහාර මෙහේ ගේන්න බෑ.
-එයාට පිස්සු හැදිලා!! -මොකද මෙයා කරන්නේ??
මොකද මෙයා කරන්නේ??
ඔයා මොකද කරන්නේ?? කැමරාව අයින් කරන්න!! අයින් කරන්න!!!
හත්වන දිගහැරුම...
වාර්ථාකාරී ගූ ඉයෝන් ජූ, තරුණම පොලිස් නිලධාරියා යූරි පුවත්පත නියෝජනය කරන.
සුභ උදෑසනක්!
වූ හ්‍යුන් මේ කණ්ඩායමට එන්න කලින්, ඇය තමයි මේකේ වාර්ථාකාරයා..
මම එයාගේ පරිගණකය හැක් කරන්න බැලුවා, ඒත් ඒකේ ආරක්ෂාව ගොඩාක් තරයි...
එයාට තියෙනවා හැම තිස්සෙම වැඩ කරන ප්‍රතිවෛරස් යෙදවුමක්. එයා කවදාවත් දන්නේ නැති ඊමේල් අරින්නෙත් නෑ..
එයා කිම් වූ හ්‍යූන් එක්ක යාලුනම්, එහෙනම් පරිගණකය මේ තරම් ආරක්ෂා කරන එක පුදුමයක් නෙමෙයි...
දැනට, කිසිම සාක්ෂියක් නෑ එයාලා දෙන්නා යාලුයි කියන්න.
ඒ ගෑනී... කිම් වූ හ්‍යූන් ගේ ගෙදර මුරපදයත් දන්නවා..
ඒත් නායක කිම් වූ හ්‍යූන් මේ වගේ දෙයක් ගැන කවදාවත් කියලා නෑ.
ඔයා මේ මැරිච්ච කෙනෙක් ගැන ඉරිසියා හිතිලාද?
කිම් වූ හ්‍යූන් සහ ගූ ඉයෝන් ජූ ඇත්තටම යාලුයි නම්,
එහෙනම් එයා තමයි ඉස්සෙල්ලාම දැන ගන්නේ මම කිම් වූ හ්‍යූන් නෙමෙයි කියලා...
ඒවගේම ඒ ගෑනි පොලිස් ස්ථානයත් එක්ක සෑහෙන කිට්ටුයිනේ.
ඔක්කොටම ඉහලින්, ඩේ යන්ග් කණ්ඩායම අතුරුදහන් වෙනකොට,
ඔක්කොටම ඉහලින්, ඩේ යන්ග් කණ්ඩායම අතුරුදහන් වෙනකොට,
අපි ලග තිබ්බ ඔක්කොම සාක්ෂි අරගෙන ගියා...
මට දැන් වැදගත්ම දේ තමයි,
දැන් ඉතිං මේ ෆයිල් එක,
හැංගිලා තියෙන එකෙන් නැති කරන්න තියෙන්නේ.
ඔයා කිවුවා වගේම අධ්‍යක්ෂකතුමනි,
මෙතන මොකක් හරි වැරදියට තේරුම්ගැනීමක් තියෙනවා..
අවංකව කියනවා නම්, මම...
ඒක වෙන්න බෑ... මෙතන...
119... 119.
ශින් හ්‍යූ ජොන්ග් ගේ පරිගණකයේ තිබ්බ ෆැන්තම් ෆයිල් එකේ,
අර මැරිච්ච කෙනා කවුද කියලා හොයාගන්න පුළුවන් උනොත්...
ඔයා අධ්‍යක්ෂක නම් සියෝ වොන් එක්ක වෙන කවුරු හරි ආවා කියලා දැක්කද?
නෑ. කිසිම හේතුවක් නැතිව එයා ආවේ තනියම.
මට බලන්න පුළුවන්ද ආපු අයගේ ලැයිස්තුව?
මෙහෙට එන්නේ VVIP අය විතරයි..
අපි මේ කොටස් කුලියට දෙනවා විතරයි. අපිට එන අයගේ විස්තර ගන්නේ නෑ..
ඒත් ඇයි මේ දැන් අවුරුද්දකට කලින් වෙච්ච දෙයක් ගැන ආපහු හොයන්න ගන්නේ?
මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවාද?
නෑ...
ඒ මියගිය සීකේ අධ්‍යක්ෂක මගේ තාත්තා වගේ, මට පුතෙක් වගේ සැලකුවේ...
අපි අපේ තොරතුරු හුවමාරු කරගත්තා අවශ්‍ය වෙච්ච වෙලාවට.
ඒත් ගිය අවුරුද්දේ මුල, මම ව්‍යාපාරික වැඩකට රටින් එලියට ගිය වෙලාවේ, එයා පණිවිඩයක් තියලා තිබ්බා...
මම ඔයාට කතා කලා, ඒත් ආපහු ඔයා කතා කලේ නැත්තේ?
මට වැදගත් තොරතුරක් තියෙනවා..
මාව මේ වෙනකොට කවුරුහරි ලුහුබදිනවා...
එයාලා දැනගත්තොත් මම ඔත්තුව දුන්නා කියලා, මම අනතුරේ...
ඔයාට පුළුවන් ඉක්මනින් කතා කරන්න...
මොකක්ද මේ කියන වැදගත් තොරතුර?
කවුද දන්නේ?
මම දන්නේ නෑ.. මම ආපහු කොරියාවට ආවට පස්සේ තමයි මට මේ පණිවිඩය අහන්න ලැබුණේ.
ඒ වෙනකොට එයා හෘදයාබාධයකින් මියගිහින්.
ඉතිං,
ඉතිං,
ඔයා මොකද කිව්වේ මේ සම්බන්ධයෙන් කිම් වූ හ්‍යූන් ලග රහස් තියෙනවා කියලා?
මට හිතුණා මේ මරණය සැක සහිතයි කියලා. ඒනිසා, මම ගියා එයාගේ පවුලේ අය මුණගැහෙන්න..
ඒත්, ඔයා දන්නවාද මම හොයාගත්තේ මොනවද කියලා?
එහෙනම්, නම් සන්ග් වොන් සහ කිම් වූ හ්‍යූන් අදුරනවා.
කිම් වූ හ්‍යූන් කිවුවා එයා නම් සන්ග් වොන් ව දන්නේ නෑ කියලා.
ඒත්...
මේ මොකක්ද?
නම් සන්ග් වොන් මැරුණු දවසේ,
එයා නැවතිලා හිටපු තැන කැමරාවක දැක්ක එකක්.
වෙන කිසිම සාක්ෂියක් නෑ කිම් වූ හ්‍යූන් ගිහින් නම් සන්ග් වොන් හමුවුණා කියලා.
ඒත්... කිම් වූ හ්‍යූන් අනිවාර්යයෙන්ම නම් සන්ග් වොන් ගේ මරණය ගැන දන්නවා.
ඔයා තව වැඩිපුර බැලුවොත්, ඔයාට පුළුවන් වේවි කිම් වූ හ්‍යූන්ව අල්ලගන්න.
ඔයාලා ලග ගිය අවුරුද්දේ මේ ගැන තියෙන කැමරා දර්ශන තියෙනවා නේද?
නෑ. අපි ලග තියෙන්නේ පහුගිය මාස හයක දත්ත විතරයි.
ඔයාලා පාවිච්චි කරන්නේ සා සල් ආරක්ෂාව නේද?
ඔවු...
ඒත් මේ කැමරා හරවලා තියෙන්නේ, හරි අමුතු විදියටනේ.
ඒක හරි අමුතුයි නේද?
මට හිතෙන්නේ ඔයාලා මේ කැමරා කැබින් වලට හරවලා නැත්තේ හිතාමතාමයි කියලා.
ඔවු. ඒ මොකද කිවුවොතා අපි ලගට එන අය කැමති නෑ ඒකට. ඒ වෙනුවට වටේම කැමරා තියෙනවා.
අපි මේ කැබින් එකේ ඇතුලත හොඳින් ආරක්ෂාව දෙනවා. ඒත්, එලියේ වෙන දේවල් බලන්නේ නෑ.
ඔයා ඔය කියන්නේ එලියේ ආරක්ෂාව හොඳයි කියල ද?
ඔයාට මොනවා හරි දෙයක් මතක් උනොත් මට කතා කරන්න.
හරි.
මේක උදව්වක් විදියට හිතන්න.
මට තේරෙනවා.
ඔවු, මේ හේ ම්‍යුන්ග් හෝටලයෙන් කතා කරන්නේ.
මෙතන කෙනෙක් ඇවිත් නම් සන්ග් වොන් ගේ සිද්ධිය ගැන විස්තර හොයනවා... හරි.
ඒ කණ්ඩායම් නායක ක්වෝන් හ්‍යුක් ජූ, සයිබර් පොලිසියෙන්.
හරි. එයා ආයේ ආවොත්, මට කතා කරන්න.
ලුතිනල් කිම් වූ හ්‍යූන්,
සේෆ් ටෙක් ආයතනය වෙබ් අඩවි ආක්‍රමණය ගැන මොකක්ද එවලා තියෙනවා.
එයාලා එක නියමෙට හදලා තියෙනවානේ.
එයාලා එක නියමෙට හදලා තියෙනවානේ.
සේෆ් ටෙක් එකේ වැඩ හැමදාම මෙහෙමද?
මම දන්න තරමින්, එයාලා මේ තරම් හොඳ නෑ,
ඒත් එක පාරටම ගොඩාක් හොඳ වුණා.
මේක කරපු අය සේෆ් ටෙක් එකේ අය නේද?
ඔවු...
ඔයා කොහෙද යන්නේ?
මම ටිකකට එලියට යනවා.
බායි..
බායි..
යූ කන්ග් මී - සියෝන්ග් උසස් පාසල් සිද්ධිය
-හේයි, ටේයි ක්‍යුන්. -ඔවු..
මේ මොකක්ද? සන්ග් ඉයෝන් උසස් පාසල් සිද්ධිය... මේ යූ කන්ග් මී ගිය පාසල නේද?
- පේන විදියට කවුරුහරි සියදිවි නසාගෙන වාගේ. - ඒකත් එහෙමද?
පොඩ්ඩක් ඉන්න... ඒ සන්ග් ඉයෝන් උසස් පාසල නම්...
සන්ග් ඉයෝන් සිද්ධිය... ජී වොන්...
සන්ග් ඉයෝන් උසස් පාසල.
නිලූෂ හේමාල් අලහකෝන් විසින් කරන ලද තවත් උපසිරැසී නිර්මාණයක්..
මේ අර මියගිය ළමයාද?
ඔවු..
එයාගේ නම සියෝ ජින් වොන්. එයා තුන්වන වසරේ සිසුවෙක්.
මේක වුනේ මධ්‍යම රාත්‍රියේ නිසා කවුරුවත් දැකලා නෑ කොහොමද උනේ කියලා. ඒත් අපි හිතන්නේ එයා වහලෙන් වැටිලා මැරිලා තියෙන්නේ කියලා.
වහලේ උඩ, මේ ළමයාගේ හැදුනුම්පත තිබ්බා.
ඇයි මෙයාගේ අත තුවාල වෙලා තියෙන්නේ?
එයාගේ යාලුවෝ කියපු විදියට, කලා පන්තියේදී එයා එයාගේම අත කපා ගත්තා කියලා.
හොඳයි, අපි දන්නේ නෑනේ එයාට මොනවගේ කරදර තිබ්බාද කියලා. ඒ නිසා අපි විමර්ෂණයක් කරලා බලමු.
මෙතන තියෙන ටිකක් අමුතුම දේ තමයි, එයාට ලැබුණු සියලුම ඊමේල් මකලා දාලා තියෙනවා...
මකලා තියෙන්නේ කීයට ද?
සියදිවි නසා ගැනීමෙන් විනාඩි 10කට පස්සේ.
කවුරුහරි මේක මකලා තියෙනවා.
ඔයා පොඩ්ඩක් ගිහින් ඒ ගැන හොයලා බලන්න...
නෑ!!
මට සමාවෙන්න...
මමත් මේ වහලේ ගැන හොඳට දන්නවා!!
ඇයි ඔයා මෙතනට ආවේ?
අපේ පාසලේ කෙනෙක් නැති වෙලා තියෙන වෙලාවකවත්,
ගුරුවරු හැමෝම කියන්නේ අවසාන විභාගය තියෙනවා කියලා.
එයාලා අපිට මළගෙදරවත් යන්න දෙන්නේ නෑ, පාඩම් කරන්න කියලා.
මම හිතන්නේ නෑ ඒක හරි කියලා..
මට උවමනා වුනේ අපේ හැගීම් පෙන්නන්න විතරයි..
ඔයා ජින් වොන් ගේ යාලුවෙක්ද?
අපි එච්චර ලග නෑ.
අපි තැන් කිහිපයක ස්වේච්ඡා වැඩ කලා.
ජින් වොන්, මොන වගේ කෙනෙක්ද?
බැරිවෙලාවත්,
එයාට කවුරුහරි කරදර කලාද? ඒකද එයා දිවිනසා ගත්තේ?
ජින් වොන් මැරුණේ එහෙම දෙයක් නිසා නෙමෙයි.
එහෙම දෙයක් නිසා නෙමෙයි නම්, ඇයි එයා මැරුණේ?
මට අහන්න ලැබුණා ජින් වොන් ට උත්තරීතර උත්තරපත්‍රය ලැබුණා කියලා.
උත්තරීතර උත්තරපත්‍රය?
උත්තරීතර උත්තරපත්‍රය?
මටත් ඒක ලැබුණානම්!! මට මේ විභාග එපාවෙලා තියෙන්නේ.
-මටත්. -ඔයා හැමදාම පලවෙනියානේ! ඔයාට මොකටද ඒක?
හම්ම්...
මේ මොකක්ද?
ගුරුවරුන්ට කතා කරන්න!!
කවුරුහරි පොලිසියට කතා කරන්න..
ගුරුවරුන්ට කතා කරන්න!!
ඔයා උපාධිය ගත්තේ මේ උසස් පාසලෙන් නේද? ඔයා මේ උත්තරීතර උත්තරපත්‍රය ගැන දැනගෙන හිටියද?
ඔයා දන්නවා නේද?
එයාලාගේ පන්තියේ පලවෙනියා එකපාරටම පල්ලෙහාට වැටිලා,
මට අහන්න ලැබුණා එයා නානකාමරයේදී දිවි නසා ගත්තා කියලා.
ඒත් එදායින් පස්සේ, අවසාන විභාගය ලංවෙනකොට,
එයාගේ හොල්මන මෙහෙ කැරකෙනවා.
ඒ හොල්මන කාවහරි තොරගන්නවා,
ඊට පස්සේ අර උත්තරීතර උත්තරපත්‍රය එයාට දෙනවා.
ඒක ලැබැණු කෙනා පන්තියේ පළවෙනියා වෙනවා.
හැබැයි අන්තිමේදි එයා දිවිනසා ගන්නවාලු.
ඒත්... ඒක නිකම් මිත්‍යාවක් විතරයි.
උත්තරීතර උත්තරපත්‍රය කියලා දෙයක් ඇත්තට නෑ...
නෑ.. නෑ..
නෑ.
ඒක ඇත්ත!
ජින් වොන් කිවුවා එයාට හම්බවුණා කියලා...
ඔයා මොකද කරන්නේ?
තුන්වෙනි වසර, පස්වන පන්තිය. ජී සූ.
අර බොරු මිනිහා දැම්මේ ඔයානේද?
දැනට, යන්න නිදාගන්න කාමරයට. හෙට විභාගයෙන් පස්සේ මගේ කාමරයට එන්න.
ගොඩ කාලෙකට පස්සේ..
යූ කන්ග් මී නේද?
ඔවු.. ගොඩ කාලෙකින් හමුවුණේ.
අර ගෑනු ළමයාට ඕන වුනේ මරණය වෙච්ච හැටි බලන්න.
ඒක නම් විකාරයක්. ඒ වෙලාව මොනවා හරි දෙයක් පාඩම් කරන්න යොදවන්න තිබුණා.
මට අහන්න ලැබුණා ඔයා පොලිස් නිළධාරියෙක් වුණා කියලා.
මොන තරම් හොඳ විශ්ව විද්‍යාල තිබ්බාද ඔයාට යන්න. ඇයි පොලිස් විශ්වවිද්‍යාලයම තොර ගත්තේ?
මම ආවේ සියෝ ජින් වොන් ගේ මරණය ගැන පරික්ෂණ පවත්වන්න.
ඔයා හිතන්නේ එයාට කරදර මොනවාහරි තිබුණා කියලද?
ඒක ඇත්ත ද?
මේ සන්ග් ඉයෝන් උසස් පාසල.
මෙහෙ වෙන ළමයින්ට කරදර කර කර ඉන්න වෙලාවක් නෑ.
දැන් අන්තිම විභාගය ලංවෙලා තියෙන්නේ. ලොකු ළමයි හැමෝටම වැඩිය වැදගත් ළකුණු.
ඔයා කරන පොඩි වැරැද්දකින් උනත් මේ අවුරුදු තුනේම වෙච්ච මහන්සිය අපතේ යනවා.
ඉතිං වෙන කරන්න දෙයක් නෑ මේ වගේ ආතතියට පත්වෙනවා ඇරෙන්න.
මේ ජූනි 12 දා සිද්ධියේ පළවෙනි පිටපත.
ඒ එක්කම,
ඔයාට මොකක්ද මේ ගැන දැනගන්න ඕනේ?
මම හිතපු විදියටම, මේ ආපහු දකින එකත් ඇති.
සේෆ් ටෙක් මේ වගේ දේවල් හදාගන්න ගොඩාක් වියදම් කලා.
පහසුකම් හදන්න සහ මිනිස්සු ගන්න. මේක අපේ ආයෝජන වල ප්‍රතිපලයක්.
No comments yet. Be the first to leave one.