Prvních 177 řádků.
බකමූණා .
ඒ මෝඩ කුරුල්ලා නැවතත් .
අපි උගුලකට හසුවුනාවත්ද ?
උපකාර කරන්න ! වෙයි සහෝදරයා ! ලන් සහෝදරයා !
ඇයි මම හැම විටම අවාසනාවන්ත ?!
ප්‍රවේශමෙන් !
එපා . ඔවුන් තවම මියගොස් නැහැ .
ඔබ පැවසූ දේ අමතකද ? ඔවුන්ගේ ඇසේ ඉංගිරියාව දෙස බලන්න .
ලන් ජන් ,
ඔබට හොඳ අදහසක් තිබෙනවාද ?
පලායමු .
මොහොතක් ඉන්න . ලන් සහෝදරයා . වෙයි සහෝදරයා .
එසේ නොසැලකිලිමත් අයුරින් පිටතට යාම බොහොම භයානක බව ඔබට සිතෙන්නේ නැතිද ?
අපි සැලැස්මක් ගැන සාකච්ඡා කළ යුතුයි නේද ?
මේ ලෙසින් පිටතට ගියහොත් අපිට මියයාමට සිදුවෙයි නේද ?
වෙයි සහෝදරයා , මට දැන්ම මියයාමට අවශ්‍ය නැහැ ! මගේ රන් කැනරි ...
නියෙ සහෝදරයා , මට සවන්දෙන්න .
අපි පිටතට යනවිට , ඔබ මගේ සමීපයෙන්ම ගමන් කරන්න .
මඟහැරෙන්න දෙන්න එපා . මඟහැරෙන්න ඉඩ තියන්න එපා . වැටහුනාද ?
පිටත් වෙමු .
නවතිනු !
නවතිනු !
කෙසේද ඇය නැවත පැමිණෙන්නේ ?
අනුවණ තරුණයින් අවසරයකින් තොරව සිද්ධස්ථානයට ඇතුල්වී තිබෙනවා . ඔබලාට කුමන ආකාරයේ දඬුවමක් ලැබේවි කියාද සිතන්නේ ?
මට යන්න දෙන්න ... මට යන්න දෙන්න ...
වෙයි වූශියැන් , ඔබ අවසරයකින් තොරව පිටව ගොස් තිබෙනවා . ඔබ දන්නවාද ඔබට ඒ සඳහා ලැබෙන දඬුවම කුමක්ද කියා ?
ජියන් චං , ඔබ දැන්ම පිටතට පැමිණියේ නැත්නම් ,
ලන් ජන් කෝපවේවි .
ජියන් චං , ඔබ කුමක්ද මෙහි කරන්නේ ?
ඔබට පැමිණිය හැකිනම් මටත් පැමිණිය නොහැකිද ?
ඔබ බොහොම නිදහසේ , සෑම තැනම සංචාරය කරමින් කෙලිදෙලෙන් ජීවිතය ගෙවනවා .
ඔබේ කන් කෙඳිරිය නැති නිසා ජීවිතය තරමක් නිදහසේ ගත කිරීමට හැකිවුණා .
ඔබට කතා කිරීමට තරම් ධෛර්යයක් තිබෙනවාද ? ඔබ අපට සටහනක් පමණක් තබා පිටව ගියා .
ඔබ දන්නවාද මා කොතරම් ...
මගේ සහෝදරිය කොතරම් කනස්සල්ලට පත්ව සිටියාද කියා ?
ජියං සහෝදරයා , ඔබට වෙයි සහෝදරයාව බිය ගැන්වීමට අවශ්‍ය නම් එයට කමක් නැහැ . නමුත් මාවත් වංජි සහෝදරයාවත් බිය ගන්වන්නේ ඇයි ? අපි ...
නිහඬ කිරීමේ වශිය ඉවත්කර තිබෙනවාද ?
කවුද දන්නේ කවුරු කාව මේ කරදරයට ඇදගෙන යනවද කියා ?
හොඳයි ජියන් චං .
මටයි ලන් ජන්ව ලුහුබැඳීමට අවශ්‍ය වූයේ . ඒ සඳහා ඔහුට දොස් පවරන්න එපා .
මම තවම කතා කර අවසන් නැහැ , නමුත් ඔබ දැනටමත් ඔහු වෙනුවෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරනවා .
ඔබ කුමක් කිරීමට උත්සාහ කරනවාදැයි කියා මම දන්නේ නැහැ , නමුත් මෙය කොතරම් භයානකදැයි කියා ඔබට පෙනෙනවානේ .
වන් මෙනෙවිය සිටියේ නැත්නම් ...
වන් මෙනෙවිය ? ඇයත් මෙහි සිටිනවාද ?
ඔහ් ! නැහැ . වාදනය නතර වී කොපමණ වෙලාවක් ගත වුනාද ?
ඇතැම්විට වන් මෙනෙවිය කරදරයකට පත් වී ඇති .
ඇය කොහෙද ? ඇයි ඔබ දෙදෙනා එකට පැමිණියේ ?
වන් මෙනෙවිය !
බකමූණා නැවතත් ඇවිත් .
වන් චාඕ මේ අසලම සිටිනවාද ?
ඔහු අපට හානි කිරීමට උත්සාහ කරන්නේ ඇයි?
වන් මෙනෙවිය , ඔබ හොඳින්ද ?
තරුණ ජියං මාස්ටර් , මම ඔබට පැවසුවා බේරගන්න ...
වන් මෙනවිය , ඔබ මෙහි පැමිණියේ ඇයි ?
ඔවුන් නැවත පැමිණෙනවා !
ඉක්මනින් පිටවෙමු .
අපි එකටම පිටත් වෙමු .
මට පිටවිය නොහැකියි .
තරුණ ජියං මාස්ටර් , අපි මෙහෙට පැමිණියාට පසු මට ඇහුම්කන් දෙන බවට ඔබ පොරොන්දු වුණා . ඔවුන්ව මෙතනින් ඉවතට ගෙන යන්න .
වන් මෙනවිය , ඔබට ඔවුන්ව බේරා ගත නොහැකියි . අපි දැන්ම නොගියහොත් , එයට ප්‍රමාද වැඩිවේවි .
ඔවුන්ව බේරාගන්න ක්‍රමයක් ඔබ දන්නවාද ?
දෙවඟන ඔවුන්ගේ ආත්ම උදුරා ගත්තා නේද ? කෙසේද ඔවුන්ව බේරාගන්නේ ?
වන් චින් මෙනෙවිය , ඔබ කුමක් සඳහා මෙහි පැමිණියත් මට ප්‍රශ්නයක් නැහැ . නමුත් අපි හැමෝම මෙතන කොටු වෙලයි සිටින්නේ .
පිටව යාමට අවශ්‍ය නම් අපි හැමෝම සහයෝගයෙන් වැඩ කළ යුතුයි .
ඔවුන්ව සාමාන්‍ය තත්වයට පත් කරන්නේ කෙසේදැයි කියා ඔබ දන්නවා නම් , ඒ පිළිබඳව මට පවසාවි කියා මා විශ්වාස කරනවා .
හොඳයි .
මා ඔබට පවසන්නම් .
මේ මොහොතේ , ඔවුන්ව පාලනය කරන්නාගේ බලය දුර්වලයි .
වන් රුවෝහන් බකමූණා තුළට යින් යකඩයේ බලය යොදා තිබෙනවා . වන් චාඕ ඔවුන්ව පාලනය කිරීම සඳහා යොදා ගන්නේ ඒ බලයයි .
ඔබට ඔවුන්ට උපකාර කිරීමට අවශ්‍ය නම් පළමුව බකමූණාව මරා දමන්න .
ඇයි ඔබ ඒ පිළිබඳව කලින් පැවසුවේ නැත්තේ ?
වෙයි යින් , ඔවුන්ව ආරක්ෂා කිරීමට රන් තන්තු සැකැස්ම භාවිතා කරන්න .
වෙයි වූශියැන් , ඔබ කුමක්ද කරන්නේ ?!
වෙයි සහෝදරයා , මෙය වැඩි වෙලාවක් පවතින්නේ නැහැ ! ඔබ අපව අනතුරක දමනවා කියා සිතෙන්නේ නැද්ද ?
ජියං චං , ඔබ දක්ෂයි . ඔවුන්ව ආරක්ෂා කරන්න .
ඔබ ...
සැකැස්ම දුර්වල වුනොත් , තවත් ආරක්ෂිත ස්ථරයක් එක් කරන්න . ඔබ එයට දක්ෂයිනේ ? ඔවුන්ව හොඳින් ආරක්ෂා කරන්න !
මට බොහෝ කාලයක සිට ඒ බකමූණාව මරන්න අවශ්‍යව තිබුණා . අපි නැවත පැමිණෙන තෙක් බලා සිටින්න . අපි වෙනුවෙන් බලා සිටින්න !
වෙයි වූශියැන් !
දඩබ්බරයා !
ලන් ජන් !
ලන් ජන් , ඔබ කොහෙද සිටින්නේ ?
ලන් ජන් !
ලන් ජන් , ඔබ කොහෙද සිටින්නේ ?
ලන් ජන් .
ලන් ජන් .
කුමක්ද සිදුවන්නේ ?
සවන්දෙන්න .
මේ කුරුල්ලා නැවත ඉපදුණේ කුමකින්ද ? මටත් වඩා දක්ෂයි .
ලන් ජන් !
ලන් ජන් , ඔබ කොහෙද සිටින්නේ ?
ඔහ් ! නෑ , නෑ , නෑ ...
ඔහුව බකමූණාට හසුවුණාවත්ද ?
මම ඔබ අසල සිටිනවා .
ඇයි ඔබ කිසිවක් නොපැවසුවේ ?
මේ ශබ්දය සහ මීදුම බකමූණා විසින් ඇති කරන මායාවන් .
කුමක් වුවත් කමක් නැහැ , එය බිඳ දැමීමට මගේ ආලෝක මායාව භාවිතා කරන්නම් .
මේ ශබ්දය අපගේ සංවේදන ව්‍යාකූල කරනවාට අමතරව එය අපගේ මනසටත් බලපානවා .
අපට අපගේ අධ්‍යාත්මික ශක්තීන් කෙරෙහි අවධානය යොමුකළ නොහැකියි .
එසේ විය නොහැකියි .
එයින් ඔබට බලපෑමක් ඇති නොවන්නේ ඇයි ?
මෙම ශබ්දය වඩාත් සංක්ෂිප්ත සිතුවිලි ඇති අයට ප්‍රබල බලපෑමක් ඇති කරනවා .
එය පැහැදිලිවම මගේ බුද්ධියයි ඉලක්ක කරන්නේ .
ලන් ජන් ,
ඔබ හොඳින්ද ?
මම හොඳින් .
ඒ කවුරුන්දැයි කියා ඔබ දුටුවාද ?
නැහැ .
වෙයි යින් ,
ඔබේ ඉන්ද්‍රියන් පහ අවහිර කර ගන්න .
රතු පැහැති තලිස්මන් භාවිතා කරන්න .
වෙයි වූශියැන් , ඒ නොසණ්ඩාලයා. ඔහු තවමත් නොපැමිණියේ ඇයි ?
හොඳ වෙලාවට මගේ අවාන කළු යකඩෙන් සාදා තිබුණේ . නැත්නම් ... අහකට යන්න !
ජියං සහෝදරයා , ඉක්මන් කරලා මෙය අලුත්වැඩියා කිරීමට මට උදව් වෙන්න. එය කඩා වැටෙනවා !
ඔබ විසින්ම එය අලුත්වැඩියා කර ගන්න !
කෙසේද ?
වන් මෙනෙවිය , ඉ-ඉ-ඉක්මන් කරන්න ! මෙය අලුත්වැඩියා කිරීමට මට උපකාර වෙන්න !
වන් මෙනෙවිය .
වන් මෙනෙවිය , ඕනෑවට වඩා ළං වෙන්න එපා ! ඔවුන් ඔබව සීරීමට ඉඩ තිබෙනවා .
අත්තම්මා ...
ලන් ජන් , ඔබේ උපක්‍රමය වැඩ කරනවා .
නිශ්ශබ්ද වෙන්න .
ඔබ මට වඩා දක්ෂ වන්නේ කෙසේද ?
ස්තූතියි , ඔබ හරිම වේලාවට මෙහි පැමිණියා . ඒ කවුරුන් දැයි කියා ඔබ දුටුවාද ?
අධ්‍යාත්මික ශක්තිය පමණයි පෙන්නුම් කලේ , ඒ අදාළ පුද්ගලයා පැමිණියේ නැහැ .
එය ඔහුට පහසු කටයුත්තක් බවයි පෙනෙන්නේ .
ගම්වැසියන්ගේ ආත්ම ආපසු ලැබී තිබෙනවා , අපි යමු .
මා එනතුරු සිටින්න !
ප්‍රයෝජනයක් නැහැ .
මහත්මයා , මෙහි සිටි තුන්දෙනාට කුමක්ද සිදුවුනේ ?
කුමක්ද ?
මම මේ කොහෙද සිටින්නේ ?
මම අපේ නායකතුමන්ව කළකිරීමට පත්කලා !
මා නිසා වන් මෙනෙවියට වේදනා විඳීමට සිදුවුණා ! මම මහළුයි , කිසිම ප්‍රයෝජනයක් නැහැ !
අත්තම්මා , කරුණාකර නැගිටින්න .
අත්තම්මා , කරුණාකර නැගිටින්න .
වන් මෙනෙවිය , මට සමාවෙන්න .
මම මහළුයි , මගෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ .
අත්තම්මා .
සියලුදෙනාම , නැඟී සිටින්න !
අත්තම්මා , එසේ පවසන්න එපා . මමයි ඔබලාව කරදරයකට ඇද දැමුවේ .
ඉක්මනින් පිටත් වෙන්න . ඕනෑම ස්ථානයක් ගැළපෙනවා .
නමුත් චීෂන් වෙතට යන්න එපා . ගියාට පසු නැවත පැමිණෙන්න එපා .
ජියං සහෝදරයා , ඔවුන් වන් මෙනෙවියව දන්නේ කෙසේද ?
ඇය අපිව සුසාන භූමියකට ගෙනාවේ ඇයි ?
මා කෙසේද දන්නේ ?
ජියන් චං !
වන් මෙනෙවිය !
වෙයි සහෝදරයා , අපි මෙහේ !
වෙයි සහෝදරයා , මම දැනගෙන සිටියා ඔබට බකමූණාව විනාශ කළ හැකි බව . ඔබ ඇත්තටම විශිෂ්ඨයි .
නමුත් ...
ඇයි ඔබලා මෙහෙට පැමිණියේ ?
වන් මෙනෙවිය , මේ ස්ථානය කුමක්ද ?
මෙයයි මගේ වංශයට අයත් සුසාන භූමිය .
එසේනම් , අර ශාලාව ...
නිවැරදියි .
ඒ වන් වංශයේ මුතුන් මිත්තන්ගේ ශාලාවයි .
අපි වෛද්‍ය විද්‍යාව හදාරන චීෂන් වන් වංශයටම අයත් සුළු පිරිසක් .
චීෂන් හැර යාමෙන් පසු , අපි පරම්පරා ගණනාවක් පුරාවටම මෙහි ජීවත් වුණා .
නමුත් අනපේක්ෂිත ලෙස ,
මෙම ස්ථානයට විපතක් සිදුවුණා .
පියාණනි !
ආ-චින් , පිටවෙන්න !
අපේ වංශයේ අයගෙන් දැනට ඉතුරු වී සිටින්නේ ඔවුන් පමණයි .
එසේ වුනේ , දෙවඟනගේ පිළිරුව අනෙක් සියලුදෙනාගේම ආත්මයන් උදුරා ගත් නිසාද ?
නිවැරදියි .
එතැන් සිට, උතුමාණන් විසින් වන් නින්ව සහ මාව දරුකමට හදාගත්තා . අපව නැවත චීෂන් වෙතට ගෙන ගියා .
දෙවඟනගේ පිළිමය හදිසියේම මිනිසුන්ට කරදර කිරීමට පටන්ගත්තේ ඇයි ?
මමත් ඒ පිළිබඳව දන්නේ නැහැ .
පියාණනි , අපට වෙයි වූශියැන්ව සහ ඔහුගේ කණ්ඩායම අල්ලා ගත හැකිව තිබුණා ,
නමුත් වන් චින් , ඒ අකෘතඥයා , මට බාධා කළා .
මෝඩයා !
ඩැෆාන් කන්දේ ජීවත්වෙන්නේ වන් චින්ගේ ඥාතීන් .
ඇයගේ පවුලේ සාමාජිකයින්ව පිල්ලි බවට පත් කිරීමට ඔබ බකමූණා තුළ තිබූ බලය භාවිතා නොකලා නම් ,
වන් චින් ඔබට විරුද්ධ වන්නේ නැහැ .
ෂුවේ යන්ට සහායවන ලෙසට මම ඔබට නියෝග කළා . තමුන්ගේ තනි කැමැත්තට ක්‍රියා කිරීමට ඉඩ දුන්නේ කවුද ?
පියාණනි , ඔබ නිවැරදියි . මගෙයි වරද .
No comments yet. Be the first to leave one.