The Untamed

The Untamed (陈情令)

Stáhnout Sinhala titulky

Informace o verzi

TheUntamed-Episode47
Komentář od sunny_2000

Tagy

other
Zveřejněno: 2024-01-04
Stažení: 41
Pro sluchově postižené: No

Náhled titulků v jazyce Sinhala

Prvních 180 řádků.

හන් ගුවං ජූන්,

ඔබේ වංශයේ හොඳ පෞර්ෂයක් තිබෙන, පරණ තාලයට නොහිතන,

පිල්ලි ගැන තැකීමක් නොකරන ධ්‍යානවේදිනියක් සිටිනවාද ?

කුමක් සඳහාද ?

කිසිවක් නැහැ. වන් නින් තවදුරටත් තරුණයෙක් නොවෙයි.

- මම අදහස් කළේ, - තරුණ මාස්ටර් !

වන් නින්ට මේ වගේ දිගටම මගේ පසුපසින් පැමිණෙන්න බැහැ. ඇත්තෙන්ම , ඔහු මගේ සේවකයා නොවෙයි . ඒ වගේම...

මේ ප්‍රශ්නය නිරාකරණය වූ පසු,

ඔහුට තවදුරටත් මා සමඟ පැමිණිය නොහැකියි

ඔහු මෙලෙස දිගින් දිගටම මා පසුපසින් පැමිණීම එයට විසඳුමක් නොවෙයි.

ඔහුගේ මිතුරෙකු ලෙස, මම ඔහුට හොඳ නිවසක් සොයාදිය යුතුයි.

හන් ගුවං ජූන්, ඔබ කුමක්ද සිතන්නේ ?

අඩුම තරමේ,

ඔහුට මිතුරන් කිහිප දෙනෙක්වත් සිටිය යුතුයි.

ලන් ජන් ,

මම හිතන්නේ ඔබේ වංශයේ සිජුඉ ඒ සඳහා හොඳින්ම ගැළපෙනවා.

හොඳයි ළමයි . සෙල්ලම් කිරීම නවත්වන්න

වන් නින් ,

මෙලෙස වීදිවල සිටීම ඔබට සුදුසු වන්නේ නැහැ

ඇයි ඔබ තානායමෙහි රැඳී විවේක නොගන්නේ ? ලන් ජන් සහ මම ගොස් පරීක්ෂා කර බලන්නම්

නමුත් ...

කරදර වෙන්න එපා . කිසිම ගැටලුවක් ඇතිවෙන්නේ නැහැ

ලන් ජන්, මා එනතුරු සිටින්න !

සුවඳැති පසුම්බි විකුණනවා, ඇවිත් බලන්න !

සුවඳැති පසුම්බි !

තරුණ මාස්ටර්, බලන්න.

ජින් ගුවංයාඕ ඇත්තටම මිලදී ගෙන තිබෙන්නේ ගුවැනයින් පන්සලක්

ඔබ කුමක්ද සිතන්නේ ?

යමක් යටපත් කිරීමට ආරාවක් නිර්මාණය කර තිබෙනවා

මම එය දැනගත්තා. ජින් ගුවංයාඕ කිසිදු හේතුවක් නොමැතිව මෙම ඔප්පුව ඔහුගේ රහස් කුටිය තුළ තබන්නේ නැහැ.

ආරාව බිඳ දැමීම දුෂ්කරද ?

පහසු නැහැ

සැකැස්ම බිඳ දැමීමට නම් රාත්‍රියේ කිසිවෙකුත් මෙහි නොමැති වනතෙක් බලා සිටිය යුතුයි.

එසේනම් යමෙකු අපව දැකීමට පෙර පිටව යමු

ඔබ ලබාදුන් ඖෂධවලට ස්තූතියි. ඒවා නොතිබුනා නම්, මගේ ස්වාමිපුරුෂයාගේ අසනීපය මෙතරම් ඉක්මනින් සුව වෙන්නේ නැතිවේවි

අත්තම්මා, හෙට එන්න එපා.

කුමක්ද ගැටලුව ?

හෙට සිට දින තුනක් අපේ පන්සල වසා තැබෙනවා.

මාස්ටර්, මට අසන්නට ලැබුනා හෙට පන්සල වසා දමනවා කියලා.

එයට හේතුව කුමක්දැයි කියා මට දැනගත හැකිද ?

ඔබගේ සැලකිල්ලට ස්තූතියි . එය එතරම් බැරෑරුම් දෙයක් නොවෙයි

පන්සලේ ඇති උළු බොහෝ පරණයි

මේ එය අලුත්වැඩියා කිරීමට කාලයයි

මට වැටහුණා.

ඔහ් හරි ! මාස්ටර් , සාමාන්‍යයෙන් පන්සල් ඉදිකරන්නේ කඳු මතයි

නගරයේ ඉදිකර ඇති පන්සල් දකින්නට ලැබෙන්නේ කලාතුරකින්

නගරයේ සිටින ජනතාව දිනපතාම වෙහෙස මහන්සි වී වැඩ කරනවා

ආශීර්වාදය පතා යාච්ඥා කිරීමට සහ අභ්‍යන්තර සාමය ඇති කරගැනීමට ඔවුන්ට විශේෂයෙන්ම මෙවැනි ගුවැනයින් පන්සලක් අවශ්‍යයි නේද?

නමුත් එලෙස ජනාකීර්ණ වුනොත්, එයින් ශ්‍රේෂ්ඨ මුනිතුමන් වන ගුවැයින්ට බාධාවක් වෙන්නේ නැතිද?

ශ්‍රේෂ්ඨ මුනිතුමන් සියලු ජීවීන්ව දුකින් මුදවා ගන්නවා. ඇයට එය කරදරයක් වන්නේ කෙසේද?

ඔබ නිවැරදියි.

එසේනම් මෙම ගුවැයින් පන්සල කැපකරලා තිබෙන්නේ ශ්‍රේෂ්ඨ මුනිතුමන් වන ගුවැයින්ට විතරද ?

ඔබ නිවැරදියි.

සාමාන්‍ය ජනයා හා සසඳන විට, මාස්ටර් ඔවුන්ට වඩා බොහොම දක්ෂයි

ඔබට තවම පැවිදි භාවය ලැබී නැහැ, නමුත් ඔබට දැනටමත් ධර්මය හුරුපුරුදුයි.

ආරක්ෂිත බාධකයක් තිබෙනවා.

අපි පිටුපස මළුවෙන් ඇතුලට යමු.

වන් නින් ,

ඔබ පිටත රැඳී සිටින්න. ලන් ජන් සහ මම ඇතුළට ගොස් පිටතට පැමිණියේ නැත්නම්,

යුන්මං වෙතට ගොස් ජීයං චංව සොයා ගන්න. වැටහුනාද?

තරුණ මාස්ටර් ...

මෙය පූර්වාරක්ෂාවක් සඳහා පමණයි

ඔබේ තරුණ මාස්ටර් කරදරයට පත්වූවොත්,

උපකාර කිරීමට හන්ගුවං ජූන් සිටිනවා

ෆෙයිරි, කට වහගන්න!

මේ මධ්‍යම රාත්‍රියයි. ඔබ වීදියේ සිටින සියලුදෙනාවම අවදි කිරීමටද උත්සාහ කරන්නේ ?

ෆෙයිරි !

සවූ ජූන් .

- සවූ ජූන් . - සවූ ජූන් .

සවූ ජූන් .

ෆෙයිරි !

ඔබ දිගටම බුරනවා නම් , මම ඔබට පහර දෙනවා!

ඔබ කොහෙද යන්නේ ?

ජින් ලින් කුමක්ද මෙහි කරන්නේ?

වන් නින් ඔහුව නැවැත්තුවේ නැත්තේ ඇයි ?

ඔබ මාව මෙහි ගෙන ආවේ කුමක් සඳහාද ?

කවුරුන් හෝ මෙහි සිටිනවාද ?

කවුරුන් හෝ මෙහි සිටිනවාද ?

කවුරුන් හෝ මෙහි සිටිනවාද ?

විවෘත කරන්න!

ඔහුට හානියක් කරන්න එපා

කවුරුන් හෝ මෙහි සිටිනවාද ?

ෆෙයිරි ! ඇයි ඔබ ආපසු දුවන්නේ?

පුංචි වදකාරයා, කරුණාකර උගේ පසුපසින් ගොස් මෙතනින් පිටව යන්න . මම ඔබෙන් අයදිනවා

ජින් ලින්, දුවන්න

ඔබේ බටනළාව භාවිතා නොකරන ලෙසට මම තරුණ වෙයි මාස්ටර්ට උපදෙස් ලබාදෙනවා

බටනළාව කැඩුනත් එයට කමක් නැහැ

නමුත් ඔබේ ඇඟිල්ල හෝ දිව අහිමි වුනොත්,

එය කොතරම් කනගාටුදායකද?

ඔබ පවසන දේවල්වලට ලොකු අර්ථයක් තිබෙනවා

සතුටුයි

හන්ගුවං ජූන්, ඔබ නොසැලකිලිමත් ලෙස ක්‍රියා නොකරනවා නම් හොඳයි

වංජි

ශියෝජන්

මම ලැජ්ජා වෙනවා

යමෙක් මාව රැවටුවා.

මා උගුලකට හසුවුණා. ඒත් සමඟම මට මගේ සියලුම අධ්‍යාත්මික ශක්තීන් නැතිවුණා

මා ළඟ ෂුවො යුවේ සහ ලියෙබින් තිබුනත්, ඒවායෙන් ප්‍රයෝජනයක් ගත නොහැකියි

ඇයි ඔබ ලැජ්ජා වෙන්නේ ?

ල්‍යෆන් ජුන් කොහොමත් අන් අයව රැවටීමට දක්ෂයිනේ

තරුණ වෙයි මාස්ටර්

මම ඇත්තටම ඔබව අවතක්සේරු කළා.

ඒ කෙසේ වුවත්, මට තවමත් ඔබෙන් මෙය ඇසීමට නොහැකි වුනා. තරුණ වෙයි මාස්ටර්, ඇත්තටම ඔබ කෙසේද මේ ස්ථානය ගැන දැනගත්තේ ?

ඔබ හන්ගුවං ජූන් සමඟ ගමන් කරමින් සිටියදී අහම්බෙන් මේ ස්ථානය පසුකර ගිය බවක් නම් මට පවසන්න එපා.

ල්‍යෆන් ජුන්

සුගන්ධ මන්දිරයේ රහස් කුටිය තුළ ඉතා විශාල ඉඩම් ඔප්පුවක් සඟවා තිබූ බව ඔබට අමතකද?

එය චිෆන් ජුන්ගේ හිසත් සමඟ එකට තබා තිබුණා

ඔබට මතක නැද්ද?

මම නොසැලකිලිමත් වුණා

මට ඒවා වෙන වෙනම තබන්නයි තිබුණේ

කෙසේ හෝ වේවා, අප කාටවත් ඔබේ ග්‍රහණයෙන් ගැලවීමට ලැබෙන්නේ නැහැ

නමුත් ල්‍යෆන් ජුන්ට මගේ කුතුහලය නැති කිරීමට හැකියිද ?

මෙම ගුවැයින් පන්සල තුළ කුමන ආකාරයේ නිධානයක්ද තැන්පත් කරලා තියෙන්නේ?

ඔබේ කුතුහලය සන්සිඳුවා ගැනීමට අවශ්‍ය නම් ඉහළ මිලක් ගෙවීමට සිදුවෙනවා

තරුණ වෙයි මාස්ටර්ට ඇත්තටම එය දැන ගැනීමට අවශ්‍යද ?

එය කුමක්...

පොඩි මාමා

කොහොමද ආ-ලින් ?

මේ දරුවට තියෙන ප්‍රශ්නේ මොකක්ද ? ඇයි ඔබ මධ්‍යම රාත්‍රියේදී මෙහි දිව ආවේ ?

ඔබට එය අදාළ නැහැ

ඒ සුනඛයා ඉතා ආක්‍රමණශීලියි . ළඟට එන ඕනෑම කෙනෙක්ව හපාකනවා. මට සමාවෙන්න . මම ඔහුට පැනයාමට ඉඩදුන්නා

ඌව ලුහුබැඳ ගොස් මරා දමන්න

මේ අධ්‍යාත්මික සුනඛයා බොහොම බුද්ධිමත්. ඔහු කවුරුන්ව හෝ කැඳවාගෙන ආවොත්, එය යහපත් වෙන්නේ නැහැ

හොඳයි

පොඩි මාමා . ඔබයි ෆෙයිරිව මට තෑගි කළේ . ඔබ ඇත්තටම ඔහුව මරන්නද යන්නේ?

ආ-ලින් , ඔබ කුමක්ද මෙහි කරන්නේ ?

ජින් නායකතුමනි ,

ආ-ලින් තවම කුඩා දරුවෙක්

මම දන්නවා

එමෙන්ම ඔහු ඔබේ ඥාති පුත්‍රයා

දෙවන සහෝදරයා

ඔබ කුමක්ද සිතන්නේ ?

ජින් ලින් දරුවෙක් බවත් ඔහු මගේ ඥාතී පුත්‍රයා බවත් මම දන්නවා.

ඔබ සිතන්නේ මම ඔහුට කුමක් කරාවි කියලාද?

ඔහුව මරාදමන්න ?

ආ-ලින් ,

ඔබට එය ඇසුනාද ?

ඔබ නොසැලකිලිමත් ලෙස පැන ගියොත් හෝ ශබ්දයක් නැගුවොත්,

මම ඔබට භයානක දෙයක් කරනවා.

ඒ නිසා ඔබ ප්‍රවේශමෙන් කටයුතු කලොත් හොඳයි.

ඔබ තවමත් එය හාරා අවසන් කලේ නැතිද?

ඇතුළත සිටින අයට වේගයෙන් වැඩකරන්න කියන්න

හොඳයි

ඔහු කුමක්ද හාරන්නේ ?

උමඟක් ? කාළ ව්‍යාඝ්‍ර යන්ත්‍රය ? යටපත් කලයුතු ඕනෑම දෙයක්?

බොහොම ඉක්මන්, බොහොම ඉක්මන්

මට ඉස්සර වගේ හොඳ දර්ශනයක් බලාගන්න පුලුවන් වෙයි.

ඒ කාලෙදී,

ඔබ දෙදෙනාගෙන් එක් අයෙක් ඊලිං කුලදෙටුවා, අනෙක් පුද්ගලයා ආදර්ශමත් චරිතයක්

ඔබ දෙදෙනා සියල්ලන්ගේම අවධානය දිනාගැනීමට සමත්වුණා

නමුත් අවසානයේදී, ඔබ දෙදෙනාට ආයුධ වලින් එකිනෙකාට මුහුණ දීමට සිදුවුණා.

හරියට අද වගේ, එසේ නේද ?

හන්ගුවං ජූන්, ඔබ ඔබේ අසිපත, බිචන්, බිම දමන්නේ නැතිද ?

ඔබට ඇත්තටම තරුණ වෙයි මාස්ටර්ව මරා දැමීමට අවශ්‍යද?

ලන් ජන්, ඔහුට සවන් දෙන්න එපා

මම මීට පෙර කවදාවත් ඔබට දොස් පවරා නැහැ

ලන් ජන්, ඔබ මුලින්ම පිටතට ගොස් සහායට පිරිසක් සොයා ගන්න

මෙය අපූරුයි !

එසේ නම්,

කරුණාකර බිචන් නැවතත් එහි කොපුව තුලට දමන්න

ලන් ජන්, එය සිදුකරන්න එපා !

ජින් ගුවංයාඕ, ඔබේ සීමාවන් ඉක්මවා යන්න එපා

මෙය සීමාවන් ඉක්මවා යාමක්ද ?

එසේනම් ඊළඟ පියවර ලෙස,

මට අවශ්‍ය වන්නේ හන්ගුවං ජූන් ඔහුගේ අධ්‍යාත්මික ශක්තීන් මුද්‍රා තබනු දැකීමටයි.

එය කුමක් ලෙසද හඳුන්වන්නේ?

තමුන් ...

ලන් ජන් ...

සවූ ජූන් ,

වර්ෂාවක් ඇදහැලීමටයි සූදානම් වෙන්නේ . අපි ඇතුලට යමු

කරදර වෙන්න එපා. ඔබ සියලු දෙනාම මගේ අණ පිළිපදින තාක් කල්,

මම ඔබලාට කිසිම හානියක් කරන්නේ නැහැ

ලන් ජන් ,

ඔබ එසේ කිරීමට අවශ්‍ය නැහැ.

එදා...

ඔබ කුමන අයුරකින්වත් මට කිසිවක් ණය නැහැ.

මම හිතන්නේ නැහැ මම ඔබට ණයයි කියලා

එසේනම්, ඇයි දැන් එසේ කළේ ?

එය කළ යුතු දෙයක්

ඔතන කවුරුන්ද සිටින්නේ ?

More Sinhala subtitles for The Untamed

Komentáře

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left