Prvních 200 řádků.
ජින් ගුවංයාඕට ලන්ලින් ජින් වංශය තුළ තම තනතුර තහවුරු කරගැනීමට අවශ්‍ය නම්,
උපකාර ලබාගැනීම සඳහා චින් සංයි වැනි බලවත් මාමණ්ඩියකගේ සහාය අවශ්‍ය වෙනවා.
ඉතින් ඔහු ඇයව විවාහ කර නොගන්නේ කෙසේද?
ජින් ගුවංයාඕ කියන්නේ එවැනි විකාර උමතු පුද්ගලයෙක් !
මේ ලෝකයේ එවැනි දෙයක් කිරීමට හැකි එකම පුද්ගලයා ඔහුයි, වෙන කිසිවෙකුත් එවැනි දෙයක් කරන්නේ නැහැ!
-ඒක හරි. -ඒක හරි.
ආ-සොං මියයා යුතු බව ඔහු රහස් කාමරයේදී
චින් සුට පැවසීම පුදුමයක් නොවෙයි.
බලන්න, බලන්න! මම හරි.
ඔහුගේ පුතාට වෙනත් කෙනෙකුගෙන් හානියක් නොවුනු බවත් ඔහුගේම දෑතින් පුත්‍රයාව මරා දැමූ බවත් මට අසන්නට ලැබුණා!
යාවෝ නායකතුමනි, ඔබ කුමක්ද අදහස් කරන්නේ ?
ඔබ හැමෝම දන්නවා.
සහෝදර සහෝදරියන්ගෙන් උපදින දරුවන් බොහෝ විට මන්දබුද්ධිකයි.
දරුවා කුඩා අවදියේදී ඔහුගේ වරදක් තිබෙන බව මිනිසුන්ට පෙනෙන්නේ නැහැ.
නමුත් ඔහු වැඩුණු පසු,
ඔහු අනෙක් අයට වඩා වෙනස් බව සෙමෙන් සෙමෙන් පැහැදිලි වෙනවා
ඔහුට ඇත්තටම මන්දබුද්ධික දරුවෙකු සිටියා නම්,
එවිට පිටස්තරයින් ජින් ගුවංයාඕට ඇඟිල්ල දිකු කරාවි, ඔහු පිළිබඳව කටකතා පතුරාවි
ජින් ගුවංයාඕට ගණිකාවකගේ අපිරිසිදු ලේ තිබෙන නිසා
ඔහුට එවැනි දරුවෙකු ලැබුනු බවත් වෙනත් කටකතා වලට එය හේතුවක් වූ බවත් ඔවුන් පවසාවි.
එසේම, සෑම කෙනෙක්ම හොඳින් සිතා බලන්න.
එකල ‚ ජින් රුසොංට හානි කල පුද්ගලයා
ඔහුට ප්‍රධාන ධ්‍යානවේදි තනතුර ලැබෙනවාට එරෙහි වූ වංශ නායකයායි.
එවැනි අහඹු සිදුවීම් ඇති වන්නේ කෙසේද?
ඒ නිසා ඔහු ජීන් රුසොංව ඝාතනය කර,
ඔහුට විරුද්ධ වූ වංශ නායකයාව එයට හසුකලා.
විරුද්ධ වංශයට ප්‍රසිද්ධියේම දඬුවම් කිරීමට අවශ්‍ය නිසා තම පුතාගේ මරණයට පළිගැනීම නිදහසට කරුණක් ලෙස භාවිතා කළා
එය දරුණු ක්‍රියාවක් ලෙස පෙනෙන්නට තිබුණත් ඔහු එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක්ටම පහර දුන්නා
ල්‍යෆන් ජුන් සැබවින්ම උපායශීලී පුද්ගලයෙක්
රන්මසු කුළුණේ පැවති සාකච්ඡා සමුළුව අතරතුරේදී ඔබට චින් සුව මුණගැසුණාද?
මම..
එදින රාත්‍රියේ සුගන්ධ මන්දිරයේදී චින් සු සහ ජීන් ගුවංයාඕ අතර බහින්බස්වීමක් ඇති වුණා
ඇය පැවසුවා ඇය කෙනෙක්ව මුණගැසෙන්න ගියා කියලා
ඒ පුද්ගලයා ඇයට සමහර දේවල් හෙළිකර තිබුණා
ඉන්පසු ඇයට හසුන්පතකුත් ලබාදී තිබුණා
ඇය පැවසුවා මේ පුද්ගලයා කිසිසේත්ම ඇයට බොරු කියන්නේ නැහැ කියලා
ඒ පුද්ගලයා ඔබද?
ඒ මම.
ඔබ මේ රහස වසර ගණනාවක් තිස්සේ ආරක්ෂා කළා
ඉතින් හදිසියේම ඇයට කියන්න තීරණය කළේ ඇයි?
ඇයි ඔබ හදිසියේම එය ප්‍රසිද්ධ කරන්නේ?
කුමක් නිසාදයත්...
කුමක් නිසාද යත්, මට අවශ්‍ය වුනා ඇයගේ ස්වාමිපුරුෂයා ඇත්තටම මොන වගේද කියලා ඇයට දැන ගැනීමට සලස්වන්න.
මුලදී, මට එය ප්‍රසිද්ධ කිරීමට අවශ්‍ය වුනේ නැහැ.
නමුත් තරුණ මෙනෙවිය නොදන්නා හේතුවක් නිසා රන්මසු කුළුණේදී සියදිවි නසා ගත්තා
ඒ නිසා මම මේ යක්ෂයාගේ සැබෑ ස්වරූපය හෙළි කළ යුතුයි.
ස්වාමි දියණියට සහ තරුණ මෙනෙවියට යුක්තිය ඉටුකල යුතුයි
ඔබ ඇත්තටම මෙය දන්නේ නැතිද ?
ඔබ පැවසූ රහස නිසායි ඇය සිය දිවි නසාගත්තේ.
ඔබ පැවසූ දේට මම එකඟ නැහැ,
ඒ වෙනුවට ඇය සත්‍යය සැඟවීම නිවැරදි දෙයක්ද?
ඒ අත් පළඳනාව අපූරුයි
නමුත්...අද මේ දෙදෙනාව මෙහි එවූ පුද්ගලයා කවුරුන් විය හැකියිද?
ඒ පිළිබඳව කරදර වෙන්නේ ඇයි?
අප දැනගත යුත්තේ පුද්ගලයෙකු සිටින බව පමණයි - යුක්ති සහගත පුද්ගලයෙක් නිසැක වශයෙන්ම අපේ පැත්තේ සිටිනවා
- නිවැරදියි ! · ඔහු අපේ පැත්තේ සිටින්නේ! - එය නිවැරදියි
මෙයට සම්බන්ධ බොහෝ දේවල් සැක සහිතයි
කුමක්ද සැක සහිත ?
බොහෝ දේවල් සැක සහිතයි
උදාහරණයක් ලෙස,
ජින් ගුවංයාඕ දරුණු පුද්ගලයෙක් නම් ,
ඔහු මිනිසුන් විසි දෙනෙකුට වඩා ඝාතනය කර සිසිව පමණක් ජීවතුන් අතර තැබුවේ ඇයි ?
දැන් අපට සාක්ෂිකරුවෙක් සිටිනවා, නමුත් සාක්ෂි ගැන කුමක්ද කිව හැක්කේ?
කියමනක් තියෙන්නේ, ස්වර්ගයේ දැල විශාල වුවත් අනවශ්‍ය කිසිවකට එය හරහා යාමට ඉඩ දෙන්නේ නැහැ කියලා
ඒ වන විට ජින් ගුවංයාඕ ඉහළම තනතුරට යාම සඳහා චිෆන්-ජුන් සහ සේවූ ජූන් යන දෙදෙනාගෙන්ම උපකාර ලබාගත්තා නේද?
නැත්නම් ගණිකාවකගේ පුතෙක් එවැනි තනතුරකට පත්වෙන්නේ කෙසේද ?
චිෆන් ජුන්ට හානි කිරීමට තරම් ඔහු එඩිතර වුනේ කෙසේද?
සේවූ ජූන් තවමත් ඔහු සමඟයි සිටින්නේ
ඔහුට කිසිවක් සිදු නොවේවායි කියා අපි ප්‍රාර්ථනා කරමු!
දිවුරුම් දුන් සහෝදරයන් ගැන සඳහන් නොකර ඉමු, නමුත් ඔහුගේම සහෝදරයන්ට පවා ඔහුගෙන් ගැලවීමට නොහැකි වුණා
ජින් ගුවංෂාන්ගේ මරණයට වසර කිහිපයකට පෙර, ඔහු තම පියාගේ අවජාතක දරුවන්ව ඝාතනය කරමින් කාර්යබහුල වුණා
තම තනතුර සඳහා යමෙකු සටන් කරනු ඇතැයි ඔහු බිය වුණා
මෝ ශුවැන් යූට එය තරමක් පහසු වූ බවක් පෙනෙන්නට තිබුණා.
ඔහුගේ මානසික මට්ටම අවුල් වූ නිසා ඔහුව පන්නා දැමුවේ නැත්නම්,
ඔහුටත් අනෙක් අයට මෙන් මරණයට පත්වී අහේතුකව අතුරුදහන් වන්නට සිදුවෙනවා.
ජීන් සෂුවැන්ගේ මරණයටත් ඔහුගේ සම්බන්ධයක් තිබිය යුතුයි!
ෂුවේ යන් ගැනත් අමතක කරන්න එපා!
ෂුවේ යන් එදා පැන ගියා නේද ? එයට ජින් ගුවංයාඕගේ සම්බන්ධයක් තිබිය යුතුයි!
නිවැරදියි, ෂුවේ යන් පිල්ලි පාලනය කල හැකි කාළ ව්‍යාඝ්‍ර මුද්‍රාවක් නිර්මාණය කලා නේද?
මෙයින් පෙනෙන්නේ,
මේ ජීන් ගුවංයාඕ ඔහුගේ පියාණන්ව , සහෝදරයාව, පුත්‍රයාව , ස්වාමියාව සහ මිත්‍රයාව ඝාතනය කල බවයි..
කොතරම් භයානකද!
ඒ වගේම අදත් !
මට සිතෙන්නේ,
ජීන් ගුවංයාඕ වසර ගණනාවක් තිස්සේ අනෙක් වංශවල බලය ව්‍යාප්ත වන අයුරු දුටුවා.
එයින් ඔහුට තර්ජනයක් දැනුණා.
එනිසා ඔහුත් චීෂන් වන් වංශය මෙන් අවසන් වේවි කියලා බියවුණා , ඔහු අපට පෙරලා පහර දුන්නා!
ඔහු එය අවසන් කිරීමට තීරණය කළා. අප සියල්ලන්වම කොටු කර අපව ඝාතනය කරන්න උත්සාහ කලා
එය මෙසේ සිදු වූ නිසා,
ඔහු වඩාත්ම බිය වන දේ යථාර්ථයක් බවට පත් කරමු.
අපි සියලුදෙනාම රන්මසු කුළුණට පහර දෙමු !
- නිවැරදියි ! - රන්මසු කුළුණට පහර දෙමු !
ජින් ගුවංයාඕව පණපිටින් අල්ලා ගන්න! ජින් ගුවංයාඕව පණපිටින් අල්ලා ගන්න!
මීටපෙර හැම කෙනෙක්ම ගෞරව කල ල්‍යෆන් ජුන්ම තමයි දැන් මේ භයානක පුද්ගලයෙක් බවට පත්වෙලා ඉන්නේ.
දිනක් ඇතුළත සෑම කෙනෙක්ම ඔහුට විරුද්ධ වේවි කියලා කවුද හිතුවේ?
ජින් ගුවංයාඕව පණපිටින් අල්ලා ගන්න !
වෙයි මහත්මයා ! වෙයි මහත්මයා ! වෙයි මහත්මයා !
ජින් ගුවංයාඕ සතුව කාළ ව්‍යාඝ්‍ර මුද්‍රාව තිබෙනවා . අප මේ ගැටලුව විසඳීම ඔබට භාර කරනවා.
නිවැරදියි ! මේ ධ්‍යානවේදී ක්‍රමය ගැන ඊලින් කුලදෙටුවාට වඩා දන්න කිසිවෙකුත් නැහැ!
දැන් ජින් ගුවංයාඕගේ තත්ත්වය නරක අතට හැරී තිබෙනවා!
-ඔව්. -ඒක හරි.
- ඒ පැවසූ දේ තේරුමක් තියෙනවා. - එලෙසයි පෙනෙන්නේ.
ඔව් ඔව් ඔව් . අපි ජින් ගුවංයාඕව පණපිටින් අල්ලා ගමු!
අපි ජීන් ගුවංයාඕගේ ඇටකටු අළු බවට පත් කළ යුතුයි!
ලන් ජන්, ඔබ කුමක්ද සිතන්නේ ?
හසුන්පත යැවූ පුද්ගලයාව අපි දන්නවා.
නමුත් හසුන්පත ලිව්වේ කවුද?
ඒ පුද්ගලයා සිසිව බේරගෙන සාක්ෂිකාරියක් වෙන්න ඇයව පොළඹවා ගත්තා
ඉන්පසු ඔහු බ්‍යත්සාවෝට අල්ලස් ලබාදී චින් සුට රහස පැවසුවා
ඉන්පසු ඔහු ජීන් ගුවංයාඕගේ අඳුරු රහස් හෙළි කිරීමට මේ වෙලාව තෝරා ගත්තා
මේ පුද්ගලයා සෑම පියවරක්ම ඉතා සූක්ෂම ලෙස සැලසුම් කර තිබෙනවා
ඔහු ජින් ගුවංයාඕට වඩා බොහොම කපටි සහගත පුද්ගලයෙකු වේවි කියලා මට බියක් දැනෙනවා
නමුත් මම අනුමාන කරන්නේ මේ පුද්ගලයාම තමයි අපව චිෆන්-ජුන් වෙතට ගෙන ගියේ
තවම සාක්ෂි නැහැ.
මේ පුද්ගලයා මිතුරෙක්ද සතුරෙක්ද නැත්නම් ඔහුගේ අභිප්‍රායන් මොනවාද, අපි මේ කිසිවක් පිළිබඳව දන්නේ නැහැ
නමුත් ජින් ගුවංයාඕගේ අපරාධ හෙලිකිරීම සඳහා ප්‍රමාණවත් තරම් සාක්ෂි තිබෙනවා
මම මේ පුවත ශියෝජන්ට දන්වා යවන්නම්
ඔහුට ප්‍රවේශම් වන ලෙසට මතක් කරන්නම්
කුමක්ද ගැටලුව ?
කිසිවක් නැහැ
එයයි ජියං වංශයේ මුතුන් මිත්තන්ගේ ශාලාව
එහි යාමට අවශ්‍යද?
නැහැ
ජියං මාමා, යූ මහත්මිය, අක්කේ
මේ මම
මා නැවතත් ඔබේ විවේකයට බාධා කරන්න ආවා.
ඒ කාලයේ,
මම බොහෝ වේලාවට අමුත්තෙක් ලෙස මෙහි පැමිණියා
යූ මහත්මිය සෑමවිටකම වාගේ මට දඬුවම් කලා
මට ඇතැම් කටකතා අසන්නට ලැබුණා
එය ගූසු දක්වා පැතිර තිබුනා නම්, එය කටකතාවක් පමණක් වන්නේ කෙසේද?
නමුත් මේ වසර ගණනාව තුළම,
මම යූ ආර්යාව තරම් කෝපාවිෂ්ඨ වන වෙනත් කාන්තාවක් දැක නැහැ
කාරණය කොතරම් කුඩා වුවත්,
මුතුන්මිත්තන්ගේ ශාලාව තුළ දණගසාගෙන සිටින ලෙසට ඇය මට අණ කරනවා.
මට සමාවෙන්න, මට සමාවෙන්න, මට සමාවෙන්න.
ඒ පිළිබඳව ජියං චංට පවසන්නේ නැතිද?
මම දන්නේ නැහැ.
අඩුම තරමේ මම දැන්වත් යන්නේ නැහැ.
ඒ කෙසේ වුවත්, ඔබ දෙදෙනා සහෝදරයින්.
මා සහ ජියං චං අතර ඇති පරතරය දිගුයි, ඒ වගේම ගැඹුරුයි
එය විසඳීම පහසු නැහැ.
අනික කාළ ව්‍යාඝ්‍ර මුද්‍රාව කියන්නේ මා විසින් නිර්මාණය කරන ලද්දක්
ජින් ගුවංයාඕ සිටියත් නැතත්, මේ කාරණය වෙනස් වෙන්නේ නැහැ
වෙයි වූශියැන් !
ඔබ තවමත් ඔබව පිටස්තරයෙකු ලෙස සලකන්නේ නැහැ නේද ?
ඔබට අවශ්‍ය ඕනෑම වේලාවක පැමිණ පිටත්ව යනවා, ඔබට අවශ්‍ය ඕනෑම අයෙක්ව කැඳවාගෙන එනවා
මේ කාගේ නිවසද කියලා ඔබට මතකද ? අයිතිකරු කවුද කියලා මතකද ?
සියපත් නිවහනේ කිසිදු රහස් ස්ථානයකට මම හන්ගුවං ජූන්ව කැඳවාගෙන ගියේ නැහැ
ජියං මාමා සහ යූ ආර්යාව වෙනුවෙන් සුවඳ කූරු දැල්වීමට පමණයි මම ඔහුව කැඳවාගෙන ආවේ
අපි දැන් පිටත් වෙනවා.
ඔබ නිසැකවම ඔවුන් ඉදිරියේ දණ ගැසිය යුතුයි
කිසිම හේතුවක් නැතිව මෙහි ඇවිත් , ඔවුන්ගේ ඇස් අපිරිසිදු කර ඔවුන්ගේ සාමයටත් බාධා කරනවා
ජියං නායකතුමනි.
කරුණාකර ඔබේ වදන් පිළිබඳව ප්‍රවේශම් වෙන්න
මගේ වදන් පිළිබඳව ප්‍රවේශම් වෙන්න ?
මට නම් සිතෙන්නේ එය වෙනත් අයෙකු විසින් මතක තබා ගතයුතු දෙයක් බවයි.
බොහෝ කලකට පෙරම ඔබව මේ වංශයෙන් නෙරපා දැමුවා.
මගේ දෙමව්පියන්ව සහ සහෝදරියව දැකීමට ඔබට අයිතියක් ලැබුනේ කෙසේද ?
- ජියං වන් යින්... - ලන් ජන්.
ලන් ජන්, අපි යමු.
හැකි තරම් ඈතට යන්න.
මගේ මියගිය ඥාතීන් ඉදිරියේ ඔබ වැනි කසළ ගොඩක් සිටිනවා දැකීමට මට ඉඩ තියන්න එපා.
ජියං චං.
ඔබ කැමති ආකාරයකට මට බනින්න, නමුත් අන් අයව සම්බන්ධ කරගන්න එපා
අන් අයව සම්බන්ධ කරගන්න එපා ?
වෙයි වූශියැන්,
ඔබේ මතකය බොහොම නරකයි , ඒ නිසා මම ඔබට මතක් කරන්නම්
ඒ කාලයේ ඔබ වීරයෙක් ලෙස හැසිරී
දෙවන ලන් මාස්ටර්ව බේරාගත් නිසා,
මුළු සියපත් නිවහනටත්, මගේ දෙමව්පියන්ටත් ඔබ වෙනුවෙන් වන්දි ගෙවීමට සිදුවුනා
එය ප්‍රමාණවත් නොවූ නිසා ඔබ වන් වංශය බේරා ගැනීමටත් කටයුතු කළා.
ඔබ මගේ සහෝදරියවත් ඔබත් සමඟ රැගෙන ගියා.
ඔබ ඇත්තටම උතුම් පුද්ගලයෙක්.
නැහැ, ඔබ ඊටත් වඩා උතුම්. ඔබ මේ දෙදෙනාව සියපත් නිවහන වෙතටත් ගෙන ආවා.
ඔබේ අවතාර සෙන්පතිට මගේ දොරටුව ඉදිරිපිටටත් පැමිණීමට හැකිවුණා,
ඔබ දෙවන ලන් මාස්ටර්ට මෙහි පැමිණ සුවඳ කූරු දැල්වීමටත් ඉඩ දුන්නා.
ඔබ හිතාමතාම මට සහ ඔවුන්ට වේදනාවක් ගෙන එනවා.
දෙවන ලන් මාස්ටර්, ඔබ ඇත්තටම මගේ දෑස් විවෘත කිරීමට සමත් වුණා
ගූසු ලන් වංශයේ සදාචාර සම්පන්න නිවුන්නු.
ලන් වංශයේ කීර්තිනාමය ගැන පමණක් තැකීමක් කරන ඔවුන්, ඊලින් කුලදෙටු වෙයි වූශියැන් සමඟ එකට සිටිනවා
ඔබ ඇත්තටම ඔබේ මාමාට සහ සහෝදරයාට ආඩම්බරයක් වන ලෙසට හැසිරෙනවා.
ජියං වන්යින් !
දැන්ම සමාව ගන්න!
සමාව ගන්න ?
ඇයි මම සමාව ගන්නේ ?
මම නිසා ඔබේ මේ මිත්‍රත්වය නැතිවෙයි කියලා බයද ?
තවම අවසන් නැතිද ?
ඔබට අවශ්‍ය නම් මට පහර දෙන්න. මම ඔබ දෙදෙනාට බියවේවි කියා සිතුවාද?
වෙයි යින්
ලන් ජන්, අපි යමු.
හොඳයි
නවතිනවා !
මොකද ? ඔබ මීටපෙර බොහෝ ආක්‍රමණශීලී වුනා නේද ? සටන් කිරීමට අවශ්‍යද ? අපි සටන් කරමු!
යන්න දෙන්න.
වෙයි යින්!
ලන් ජන්, අපි යමු.
හොඳයි
නවතිනවා !
ඉවතට යනවා !
No comments yet. Be the first to leave one.