De første 200 linjer.
උපසිරැසි ගැන්වීම නිලූෂ හේමාල් අලහකෝන් The Girl from Yesterday (2017)
ලස්සන මල් පොකුරක් අරගෙන
කොහෙද ඔබ යන්නේ මගේ ගිම්හානය සමගින්.
ඔබේ අතේ තියෙන්නේ මගේ 18 වෙනි මල් පොකුර
කවුරුවත් නොදන්නා මගේ පළමු ආදරේ....
මම කවදාවත් හිතුවේ නෑ කෙල්ලෙක් නිසා අඩන්න වෙයි කියලා.
මං පොඩි කාලේ, හැමදේම වෙනස්.
නැත්නම්, මම දැනට වඩා නියමයි.
ඒ නිසා තමයි මම ලස්සන අනාගතයකට සිහින මැව්වේ,
ඉරිසියාවෙන් සහ බලාපොරොත්තුවෙන්.
මට අද වගේ මතකයි අපි අලුත් ගෙදරකට ගිය දවස.
ඒ වෙනකොට මට අවුරුදු හතක් අටක් ඇති.
මම විනෝදෙන් දිව්වා.
මගේ යක්ෂ නංගී එතකොට ඉපදිලා නෑ.
එයා නැති නිසා ගෙදර ලොකුවට පෙනුනේ.
මම තනියම සෙල්ලම් කර කර ඉන්නකොට, කෙල්ලෙක්ව දැක්කා.
එයා වැලි සෙල්ලම් කලා, අල්ලපු ගෙදර.
ඒ කාලේ, මම කෙල්ලෙකුට කැමති නම්,
ටක් ගාලා යාලුවෙනවා.
හේයි, ඔයාගේ නම මොකද්ද?
ටූ ලෙයි.
ටූ ලෙයි කියන්නේ "වීදුරුවක මුත්‍රා" කියන එකද?
විකාර කියන්නේ.
ඔයා මොනවද කරන්නේ? මාත් එන්නද?
ඔයා මාව බය කලා. මගේ අත අතහරින්න.
ඔයා මාත් එක්ක තරහා නැත්නම් විතරක්, අතහරින්නම්.
හරි. මම ඔයා එක්ක තරහා නෑ.
ඔයාගේ නම මොකද්ද?
තෝවු.
ඒක කෙල්ලෙක්ගේ නමක්නේ.
නෑ, එහෙම නෑ.
හේයි, ඔයාගේ දතක් නෑ.
ඔයා පැණිරස ගොඩාක් කනවා ඇති.
නෑ එහෙම නෑ.
ඊළග පාර, මම පැණිරස කන්න උදව් කරන්නම්.
- ඇත්තට? - දැක්කද, කෙල්ලොන්ව රවට්ටන්න මාර ලේසියි.
ඒ කාලෙ, මට තිබුණු ලොකුම වැඩේ තමයි, ටූ ලෙයි ව බය කරන එක.
එයාගේ කෑම කන එකට අමතරව.
අන්තිමේදී මම තීරණයකට ආවා.
කෙල්ලෝ මෝඩයි.
තෝවූ, නැගිටිනවා. පරක්කු වෙලා.
ඒත් ඒ මගේ පොඩි කාලේ තීරණේ.
දැන් තියෙන්නේ වෙන එකක්. ඒක ටිකක් අවුල්.
"කෙල්ලෝ එන්න එන්නම බුද්ධිමත් වෙනවා, කොල්ලෝ මෝඩ වෙනවා."
මේ තමයි මගේ අනාගතේ වෙනස් කරපු දවසේ ආරම්භය.
දෙවියනේ, මම පරක්කුයි. ඇයි මාව ඇහැරෙව්වේ නැත්තේ?
මෙන්න.
තාත්තේ.
මේ බයිසිකලය....
ඔයාගේ වෙයි,
මේ පාරවත් හැම විශයක්ම පාස් වුනොත්.
මේ ඔයාගේ අන්තිම අවුරුද්ද. ඔයා උපරිම උත්සාහ කලේ නැත්නම්...
මට විශ්ව විද්‍යාල යන්න බැරිවෙයි.
ඔයාට වෙන්නේ හැමදාම මෙහේ හිරවෙන්න.
මේ කෙල්ල.
අම්මේ, තාත්තේ, මම ඉස්කෝලේ යනවා.
මේ 1997 අවුරුද්ද.
ආසියාවේ ආර්ථිකය කඩා වැටිලා තියෙන්නේ, මගේත් එක්කම.
හරිත කාලයකුත් ඇරඹුනා.
මගේ ගායකයා පළවෙනි සංගීත තැටිය නිකුත් කලා. "පැටියෝ මම ආදරෙයි"
ඒත් මම කාටවත් ආදරෙයි කියලා නෑ.
මේ මගේ අන්තිම අවුරුද්ද. මගේ යාලුවෝ හැමතැනම යන්න හදන්නේ.
ඒ නිසා කාටහරි ආදරෙයි නම්, එයාලාට කියන්න ඕනේ.
මගේ විශ්වාසය ඒකයි. මගේ යාලුවෝ වද වෙන්නේ
ඉගෙන ගන්න, මොන විශ්ව විද්‍යාලෙද යන්නේ වගේ ඒවට.
ඒත් මට, මම දන්නවා මගේ දෛවය
මට තියෙන අඩු ළකුණු එක්ක. මම මෙහෙ හිරවෙනවා.
- හේයි! - මට සමාවෙන්න...
කොහොමද මෙහෙ දුවන්නේ?
නවතිනවා.
- අපේ ගුරුතුමිය තාම නෑ. - ඇයි පරක්කු?
ළමයි. අහගන්න.
ආහ්...
මොකද?
මට සමාවෙන්න.
මිස් හොන්ග්, ඔයා අද ලස්සනයි.
ඇයි ඔයාලා හිනාවෙන්නේ?
මේ අලුත් ළමයාද?
ඔවු.
ස්තූතියි.
ළමයිනේ, අපේ අලුත් ළමයාව පිළිගන්න
තගරෙන් මෙහෙට පදිංචියට ආපු.
මේ නුගයෙන් වියට් ඈන්.
ඇතුලට එන්න.
මේ මොහොතේ, වියට් ඈන් දැකපු පළවෙනි වතාවේ,
මම දැනගත්තා මගේ නිදහස ඉවරයි කියලා.
හලෝ වියට් ඈන්.
මම ඔයාගේ පැණි බොන්නද?
මෝඩ තෝවූ. මොකද කරන්නේ?
පුටුවට යනවා දැන්ම.
නිකම් තෝවූ විතරයි.
මෝඩ තෝවූ.
මෝඩ තෝවූ.
මෝඩ තෝවූ.
- තෝවූ. - ඔවු මැඩම්.
ගිය අවුරුද්දේ ඔයා විතරයි හැම විශයක්ම සමත් නැත්තේ.
ඔයා අන්තිමයා.
මේ අවුරුද්දේවත් ඔයා වැඩ වලට හිත යොදවයි කියලා හිතනවා.
දවල් සිහින දකින්නේ නැතිව.
අපේ පන්තියේ මුළු ළකුණු අඩු කරන්න එපා.
මැඩම්.
මම පොරොන්දු වෙනවා, මම හොදින් ඉගෙන ගන්නවා
ඉහලට යනවාමයි.
- වියට් ඈන්, ගිහින් හොන්ග් හෝආ ළග ඉදගන්න. - හොදයි.
ඔයා කොහොමද ළකුණු ගන්නේ?
අපි දෙන්නා සහායකයෝ නේද?
අමතක කරන්න.
හේයි!
හේයි, වියට් ඈන්.
අයින් වෙනවා.
මෝඩ තෝවූ එක්ක කතා කරන්න එපා.
එයා නරක සිසුවෙක්.
ඒ කෙට්ටු හායි.
එයා කලින් වැඩිම ළකුණු අරගත්තා
අපේ පන්ති නායිකාව, චියූ මින් වත් එයා ළග නෑ.
ඒත් තෝවූ එක්ක යාලු වුනාට පස්සේ, ළකුණු අඩු වුනා.
ඒක ඇත්තද?
- මම දන්නේ නෑ. - එයා කිව්වා මම මෝඩයි කියලා.
එයා හරි.
වියට් ඈන් එන්න කලින්, චියූ මින් තමයි ලස්සනම.
අපේ පන්තියේ ළමයි එයා වෙනුවෙන් රණ්ඩුත් වුනා.
මොකද අපේ කෙනෙක් එයා පස්සේ ගිය නිසා.
හේයි කොල්ලනේ.
එයා අනාතයෙක් වුනත්, හොද ශිෂ්‍යාවක්.
එයා හොදයි වගේම ලස්සනයි.
ඒත් දැන්,
වියට් ඈන් තමයි පන්තියේ ලස්සනම කෙල්ල.
වියට් ඈන්.
ඒක එයා දන්නවා.
ඒ නිසා අපි කරන දේවල් ගනන් ගත්තේ නෑ.
එයාගේ අවධානය ගන්න කොල්ලෝ කරන දේවල්, ගනන් ගත්තේ නෑ.
ඒ නිසා තමයි එයාගේ යාලුවෙක් වෙන එත අමාරුවුනේ.
හිතන්න.
වාව්. අපේ ගුරුතුමා ලස්සනයි.
මේ අවුරුද්දේ, කිසිම කෙනෙක් මේ පන්තිය මගහරින්න බෑ.
ඔයාලා මගේ පන්තියට කැමති නෑ කියලා දන්නවා.
හොදින් ඉගෙන ගන්න නම්, සෞඛ්‍ය සම්පන්න වෙන්න ඕනේ.
තේරුණාද?
- ඔවු සර්. - ඔවු සර්.
ඔයාත් හොද සෞඛ්‍ය සම්පන්න වෙන්න ඕනේ නේද?
මම ඒ නිසා කෝපි කෝප්පයක් ගෙනාවා.
මේක අරගන්න.
කරදර කලාට සමාවෙන්න.
ස්තූතියි.
හිතන්න එපා.
සද්ද එපා.
මල් දීපු එක, කැපී පෙනීම, වගේ කිසිම දෙයක් වියට් ඈන්ට හරිගියේ නෑ.
එයාගේ හැසිරීම හරිම වේදනාකාරියි.
වැඩේ කියන්නේ, එයාලා අපිව ගනන් ගන්නේ නැත්නම්, අපි වැඩිය කැමතියි.
මේක නම් වදයක්.
ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ට අනුව, ආදරේ කියන්නේ පූජනීය
සහ හිතාගන්න බැරි මනුෂ්‍ය හැගීමක්.
ඒක පිරිලා තියෙන්නේ අභිරහස්, මෝහනයෙන්, හාස්කම්, ආශාවෙන්, රාගයෙන්...
අපිට පැහැදිලි කරන්න බැරි.
මම වියට් ඈන් ගේ හැමදේටම කැමතියි.
හැමවෙලාවෙම එයා ගැන හිතන්නේ.
එයාගේ ඇස්.
එයාගේ හිනාව.
එයාගේ කොණ්ඩේ.
එයාගේ නම පවා හුරු පුරුදුයි.
හරියට මම ගිය ආත්මේ එයා එක්ක යාලුවෙලා හිටියා වගේ.
කාටද පුලුවන් ඊළග කොටස කියවන්න?
හායි.
පුෂ්කින් ලියනවා.
"ගොඩ කාලයක් අමතක වෙන නම,
අලුත් විකාර හැගීම් වල.
අපේ ආත්මයට කිසිවක් සිදුනොකරන...
සුන්දර අතීත මතකයකි."
වියට් ඈන්.
වියට් ඈන්.
වියට් ඈන්.
වියට් ඈන්.
මට එයා එක්ක කතා කරන්න අවස්ථා නැතිම තරම්.
කාලය ගත වුනේ ගගේ වතුර ගලනවා වගේ.
මම හරියට තනි කොලයක් වගේ, වතුරේ පාවෙන.
සමහර වෙලාවට වියට් ඈන් දිහා බලාගෙන දුක් වෙන.
අම්මා තාත්තා, මම යනවා.
අපි යමු.
ඔයාට පිස්සුද? ඇයි මේ රස්නේ ජැකට් එකක් දාගෙන?
මට සැලැස්මක් තියෙනවා වියට් ඈන්ට කතා කරන්න.
ඔයා මාසෙකින් එයාට කතා කරලා නෑනේ.
අවශ්‍යතාවය නිර්මාණ වල අම්මා!
හේයි. ඉන්න ටිකක්.
විනාඩි 15ක් තියෙනවා. ඉවර අය කොල මට දීලා යන්න පුලුවන්.
ඔයා ඉවරද? පස්සේ හමුවෙමු.
හරි.
හෙයි. මම එලියේ ඉන්නම්.
බායි.
- ඔයා හොදට කලාද? - ඇත්තටම නෑ.
වියට් ඈන්.
ඔයා මටද කතා කලේ?
ඔවු.
ඔයාගේ ඇදුමේ තීන්ත පාරවල්.
අයියෝ. මෙතන තීන්ත ගොඩායි.
කවුරුහරි ඔයාට තීන්ත ගහලා.
අනිවාර්යයෙන්.
මෝඩ තෝවූ.
මේක කලේ කවුද දන්නවාද?
දන්නවානම්, මැරෙන්න ගහන්නේ.
දැන් හරි. මේක හොදට හේදුවාම යයි. අවුලක් නෑ.
No comments yet. Be the first to leave one.