De første 168 linjer.
දෙවන සහෝදරයා
අප වසර ගණනාවක් පුරාවටම එකිනෙකාව හඳුනනවා.
කුමක් සිදුවූවත්,
ඔබ දැනගත යුතුයි,
මම ඔබට සැලකූ ආකාරය.
මට තවදුරටත් ප්‍රධාන ධ්‍යානවේදී තනතුර අවශ්‍ය නැහැ.
මම කාළ ව්‍යාඝ්‍ර මුද්‍රාවත් බාර දී තිබෙනවා.
අද රාත්‍රියෙන් පසු මම ඩොන්ගිං වෙත යනවා, කිසිදා ආපසු එන්නේ නැහැ.
මේ සියල්ල සැලකිල්ලට ගනිමින්,
මට ජීවත් වීමට ඉඩ දිය හැකියිද ?
ජින් නායකතුමනි
සොහොන් ගොඩැල්ල වැටලීමේ ඔබේ සැලැස්ම ඔබ දිගටම ක්‍රියාත්මක කළ විට,
මම ඔබට පැවසුවා,
ඔබ තවදුරටත් මට...
' දෙවන සහෝදරයා ' කියා ඇමතීමට අවශ්‍ය නැහැ කියලා.
දෙවන සහෝදරයා ,
මේ වතාවේ මා සොහොන් ගොඩැල්ල වැටලීමට තීරණය කලේ මා ඒ පිළිබඳව උමතුවෙන් සිටි නිසායි. මම විශාල වරදක් සිදුකළා.
නමුත් ...
දැන් මට ගැලවීමට මඟක් නැහැ
ඔබ එයින් අදහස් කළේ කුමක්ද ?
- ඔබ... - ශියෝජන්, ඔහු සමඟ වැඩිය කතා කරන්න එපා
ඔව්,සවූ ජුන්. ඔබ කලින් ජියං නායකතුමාට ලබාදුන් උපදෙස අමතකද ?
ඔහුත් සමඟ කතා කරමින් කාලය නාස්ති කරන්න එපා
දෙවන සහෝදරයා !
මා පැවසූ සියල්ලම සත්‍යයක්.
මට හසුන්පතක් ලැබුණා.
කුමන හසුන්පතක්ද ?
තර්ජනාත්මක ලිපියක්.
එම හසුන්පතෙන් කියවුනේ,
මේ සියලු දේ,
දින හතකට පසු ප්‍රසිද්ධියට පත් කරනවා කියලයි.
එක්කෝ මට සියදිවි නසාගන්න සිදුවෙනවා, නැත්නම්...
මට නොවැළැක්විය හැකි මරණයක් අත්වන තුරු බලා සිටීමට සිදුවෙනවා.
ඒ නිසා ඔබ සියලුම ධ්‍යානවේදී වංශ රැස්කිරීමට මූලිකත්වය ගත්තා. ඉන්පසු අපට සොහොන් ගොඩැල්ලේ සැඟවී සිටීමට සැලැස්සුවා.
දින හතකට පසු, එම පුද්ගලයා ඔබේ අඳුරු අතීතය ප්‍රසිද්ධ කළත්,
බොහෝ වංශ ඒ වනවිටත් සැඟවී සිටින නිසා අපේ බලතල බෙහෙවින් අඩුවෙලයි තිබෙන්නේ.
එය සත්‍යයක් වුවත්,
ඔබට මිනීමැරුම් වලට යොමු නොවී සිටීමට තිබුණා.
ඔබ සිදුකල දේ...
මට වෙන කුමක්ද කල හැක්කේ ?
සියල්ල හෙළිදරව් වී සෑම තැනකම කටකතා පැතිරෙන තෙක් බලා සිටින්නද ?
මම ධ්‍යානවේදී ලෝකයේ විහිළුකාරයා බවට පත්වන තෙක් බලා සිට, පසුව සියලු දෙනාගෙන්ම සමාව ඉල්ලා සිටිය යුතුද ?
ඔවුන්ට පෑගීමට හැකිවන පරිදි මගේ මුහුණ ඔවුන්ගේ සපත්තු යට තබා, පසුව ඔවුන්ගෙන් සමාව අයැදිය යුතුද ?
දෙවන සහෝදරයා ...
මට තෙවන විකල්පයක් තිබුනේ නැහැ.
එක්කෝ ඔවුන් මියයා යුතුයි...
නැත්නම් මම මියයා යුතුයි.
නමුත් මේ සියල්ලටම වගකිව යුත්තේ ඔබම නේද ?
ඔබ මෙතරම් දරුණු ක්‍රියා සිදුනොකළා නම්,
කිසිවෙකුත් ඔබට තර්ජනය කරන්නේ නැහැ නේද ?
මා කල දේවල් මම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ....
ඔබට එය ප්‍රතික්ෂේප කල නොහැකියි . ඔබ...
මට වෙනත් විකල්පයක් තිබුණා නම්, මම ඒ දේවල් කරන්නේ නැහැ නේද ?
දෙවන සහෝදරයා ...
ඔබ මාව පොඩ්ඩක්වත් විශ්වාස කරන්නේ නැද්ද ?
මම ඔබෙන් ප්‍රශ්න කිහිපයක් ඇසීමටයි සූදානම් වෙන්නේ.
ඔබට මට එකින් එකට පිළිතුරු ලබාදිය හැකියි.
ශියෝජන් !
වංජි, මම දන්නවා මම කරන්නේ කුමක්දැයි කියලා.
ඔහු කිසිවක් කරන්නේ නැහැ.
පළමු ප්‍රශ්නය:
ඔබේ...
සහෝදරිය...චින් සු...
ඔබට ඇයත් සමඟ ඇති සම්බන්ධය දැන දැනම ඇයව විවාහ කරගත්තේ ඇයි ?
නමුත් මට ඇත්තටම වෙනත් විකල්පයක් තිබුණේ නැහැ.
දෙවන සහෝදරයා ,
මට ඇයව විවාහ කරගන්නේ නැතුව සිටිය නොහැකියි.
ඔබට වෙනත් විකල්පයක් නොමැති වන්නේ කෙසේද ?
ඒ ඔබේ විවාහය.
ඔබ ඇයව විවාහ කරගත්තේ නැත්නම්,
ඔබට ඇත්තටම සෙනෙහස දක්වන, ඔබව අගය කරන, ඔබට ගරු කරන ගැහැණු ළමයෙක්ගේ ජීවිතය ඒ විදිහට විනාශ වෙන්නේ නැහැ නේද ?
දෙවන සහෝදරයා !
ඔබ හිතන්නේ මම ඇයට ඇත්තටම සෙනෙහස දැක්වූයේ නැහැ කියලද ?
ඔව්.
ඒ මගේ විවාහය.
ඒත් ඔබ හිතුවද ඒ පිළිබඳව තීරණය කිරීම මට බාරයි කියලා
විවාහය ප්‍රතික්ෂේප කිරීම ?
ඔබට එසේ බොළඳ ලෙස හැසිරිය නොහැකියි
මම බොහෝ වෙහෙස මහන්සි වී, බොහෝ කරදර විඳ, අවසානයේදී චින් සංයිව විවාහයට එකඟ කරවා ගත්තා.
විවාහයට දින ළංවන විට,
මට අවසානයේදී ජින් ගුවංෂාන්ව සහ චින් සංයිව සෑහීමකට පත් කරන්න හැකිවුණා.
මම හදිසියේම විවාහ මංගල්‍යය නතර කලා නම්,
මා භාවිතා කළ යුතු නිදහසට කරුණ කුමක්ද ?
මම කෙසේද ඔවුන් දෙදෙනාට එය පැහැදිලි කරමින් තර්ක කරන්නේ ?
දෙවන සහෝදරයා ,
සියල්ල හොඳින් සිදුවෙමින් පවතිනවා කියා මා සිතූ විටම,
චින් ආර්යාව රහසේම පැමිණ මට සත්‍යය පැවසුවා.
මට එය කෙසේ දැනෙන්න ඇත්දැයි කියා ඔබ සිතුවද ?
අහසින් අකුණක් ඇවිත් මට වැදුනත්,
එය ඊට වඩා නරක විය නොහැකියි.
ඇය ජින් ගුවංෂාන් වෙත නොගොස්, ඒ වෙනුවට මා වෙත පැමිණ රහසින් අයැද සිටියේ ඇයිදැයි කියා ඔබ දන්නවාද ?
එසේ කලේ ඇයට ඒ සඳහා බලකර තිබුනු නිසයි.
අර මගේ යහපත් පියා,
අඩුතරමේ ඔහුගේ දිගුකාලීන විශ්වාසවන්ත යටත් නිලධාරියාගේ බිරිඳවවත් ඉතුරු කළේ නැහැ.
ඔහුට තවත් දියණියක් සිටිනවා කියලා ඔහුට මතකයක්වත් නැහැ !
මේ වසර ගණනාව පුරාම,
මේ කාරණය පිළිබඳව තම සැමියාට පැවසීමට ඇය බිය වුණා.
මම හදිසියේම විවාහ ගිවිස ගැනීම නතර කළොත්,
එය ජින් ගුවංෂාන් සහ චින් සංයි අතර අසමගියක් ඇතිකරනවා.
අවසානයේදී මා අතින් දෙපාර්ශවයටම අවමන් වීමට ඉඩතිබුණා !
අවසානයේ වඩාත්ම ඛේදනීය ප්‍රතිඵලය හිමි වන්නේ කාට කියලද ඔබ සිතන්නේ ?
ඔබට...
ඔබට වෙන විකල්පයක් නොතිබුණත්...
ඔබ ඇයව විවාහ කර ගත්තත්, ඔබට ඇයව නොසලකා හැරිය හැකියි.
ඇයි ඔබ සහ ඇය...
ඒ අවස්ථාවේදී,
පියෙක් ලෙස ක්‍රියා නොකල මගේ ඒ ' පියාණන්ට ' මම වෛර කල යුතුද,
නැත්නම් ඕනෑවට වඩා සැක කරමින් සෑම දෙයක් ගැනම කනස්සල්ලට පත්වෙන නිසා මා මටම වෛර කලයුතුද කියලවත් මම දැනගෙන සිටියේ නැහැ.
ඉතින් ඔබ ඔහුවත් ඝාතනය කළා...
ඔබේ පියාණන්ව ?
නිවැරදියි
මම ඔහුව ඝාතනය කළා.
එවැනි ක්‍රමයක් භාවිතා කරමින්...
ඔව්.
මා ඔබේ ප්‍රියතම දේ ගෙනාවා : කාන්තාවන්
ඔවුන් බොහෝ දෙනෙක් සිටිනවා.
ඔබට සතුටුද ?
ආ-යාඕ !
ඔබ ඒ ක්‍රියාවන් දෙක
පිළිගත් නිසා,
එසේනම් මම ඔබෙන් විමසන්නම්:
ජින් සෂුවැන් ගැන කුමක්ද කිව හැක්කේ ?
නිදහසට කරුණු ඉදිරිපත් කරන්න උත්සාහ කරන්න එපා; මට පවසන්න.
තරුණ ජින් මාස්ටර්ගේ මරණය...
සැලසුම් කලේ ඔබද ?
ජින් සෂුවැන් ?
ඇත්ත වශයෙන්ම, මම අහම්බෙන් ඔහු වෙතට දිව ගියේ නැහැ.
ඔබ ඇත්තටම කුමක්ද කලේ ?
ඔබ ඇත්තටම කුමක්ද කලේ ?
කතා කරන්න !
ආ-යාඕ.
ඉක්මන් කරන්න, යන්න !
ආ-යාඕ, ඔබ කුමක්ද කරන්නේ ? කුමක්ද ගැටලුව ?
කිසිවක් නැහැ. කිසිවක් නැහැ
ආ-යාඕ, ඔබ මුසා පවසන විට මගේ දෑස් දෙස කෙලින් බලන්නේ නැහැ.
ඉක්මන් කරන්න. සිදුවූ දේ පවසන්න
ආ-යාඕ !
මගෙන් වරදක් සිදුවුණා. මම නොසැලකිලිමත් වුනා, ඒ වගේම...
මම සෂුන්ට මිනිසුන් කිහිපදෙනෙකු රැගෙන පිටතට යාමට ඉඩදුන්නා.
ඔහු කොහෙටද ගියේ ?
වෙන කොහෙටද, වෙයි වූශියැන්ව නැවැත්වීම සඳහා ඔහු චිඔංචි මාවතට ගියා.
කුමක්ද ?
ඇයි ඔබ ඔහුව නැවැත්තුවේ නැත්තේ ?
මා දන්නේ කෙසේද ? ඔහු මට පිටතට යනවා කියා පමණයි පැවසුවේ.
අනික මට ...මට ඔහුව නැවැත්විය නොහැකියි.
මම ඔහු පසුපසින් යන්නම්.
ඇයි ?
ඇයි ? ඇයි ?
මාමා
ඇයි ඔබ එසේ කලේ ?
මට පවසන්න, ඇයි ඔබ එසේ කලේ ?!
ඇයි ?
කුමක් හෝ පවසන්න !
ඇයි ඔබ එසේ කලේ ?
ඇයි ?
ඇයි ?
ආ-ලින්, එසේනම් ඔබට පැවසිය හැකියිද...
ඇයි එසේ සිදුවුනේ කියලා ?
මට පවසන්න
ඇයි මම සෑමවිටම අන් අයට සිනාසෙමින් ආචාර කල යුත්තේ,
නමුත් මට ඒ වෙනුවෙන් නැවත ඔවුන්ගෙන් ගෞරවයක් ලැබෙන්නේ නැත්තේ ඇයි ?
ඒත් ඔබගේ පියාණන් සෑමවිටම අහංකාර ලෙසයි හැසිරුණේ,
නමුත් සියල්ලෝම ඔහු වටා එක්වෙනවා . ඔහුට ගෞරව කරනවා.
ඔබට පැවසිය හැකියිද,
අප දෙදෙනාම එකම පියෙකුට දාව ඉපදුනත්,
ඇයි ඔබේ පියාණන්ට පමණක් තම බිරිඳ සහ දරුවා සමඟ නිවසේ සිට කාලය ගත කල හැක්කේ ? ඇයි මට එසේ සිටීමට නොහැකි වුනේ ?
නමුත් ඒ වෙනුවට,
මගේ පියාණන් සෑම ආකාරයකම දේවල් කිරීමට මට අණ දෙනවා !
No comments yet. Be the first to leave one.