De første 200 linjer.
මම නුඹලාට දිවුරා කියනවා,
කළු වසංගතය අපෙන් අරගෙන ගිය හැම අම්මා කෙනෙකුගෙම දුවෙකුගෙම, පියෙකුගෙම පුතෙකුගෙම පළිය ගන්නවා කියලා.
උන්ගෙ මායාකාර රැජිණ තමා
අපේ භූමියට මේ සාපය අරගෙන ආවේ.
ඒ වගේම ඒකිගේ මරණය තුල තමා අපේ ගැලවීම පවතින්නෙත්.
අවධානයෙන් ඉන්න, සහෝදරයිනි.
ඒකි ඒකිගෙ හදවත අන්තිම මොහොත තෙක් ගැහෙනකම්ම මැරෙන එකක් නෑ.
භිය අපිට අදාළ නොවන දෙයක් බවට පත් කරන්න.
නැවත යෑමක් නෑ,
මොකද නැවත යන්න කියලා කිසිම දෙයක් නැති නිසා.
ඒ මොකද්ද, ඩෝලන්?
මායාකාරි ඉන්නෙ අපි අතරේ.
මෙතනින් මරණයේ ගඳ එනවා.
අවධානයෙන් ඉන්න.
ලංවෙලා ඉන්න.
ඒ ඒකි!
ඒ තමයි රැජිණ!
මායාකර්ම.
පස්සට වෙලා ඉන්න!
යකඩ වලිනුයි ගින්නෙනුයි!
අපිට උදව් කරන්න!
- ඩෝලන්! - රැජිණ!
දිවය පියාණනි,
මේ යක්ෂයින්ගෙන් අපිව ආරක්ෂා කරනු මැනවි.
ලෑස්ති වෙලා හිටපල්ලා!
තාත්තේ!
තාත්තේ!
තාත්තේ, මම ඔයා නැතුව පාළුවෙන් හිටියේ.
ඔයා ඇත්ත නෙවෙයි.
ඔයා ඇත්ත වෙන්න බෑ.
උඹලා මීයෝ වගේ බෝ වෙනවා.
උඹලා සොහොන් ගලක් උඩ සොහොන් ගලක් තියලා
උඹලගෙම ජරාව උඩ උඹලා ජීවත් වෙනවා.
උඹලා අපේ ලෝකයේ ඉන්න අපචාරියෝ.
මේ නිසා තමා මම වසංගතය නිර්මාණය කළේ.
අන්න ඒ නිසයි උඹලා හැම එකෙක්ම මැරිලා යන්න ඕනා.
යකඩ වලිනුයි
ගින්නෙනුයි.
උඹ ආදරේ කරන හැම කෙනෙක්ම මැරිලා ගිහිල්ලා.
මට ඒක උඹගේ ඇස් වලින් පේනවා.
උඹ මරණය ප්‍රාර්ථනා කරනවා.
අද අපි දෙන්නම මැරෙනවා.
මම උඹට කවදාවත් සැනසීමක් නොලැබෙන ජීවිතයක් ශාප කරනවා.
සදාකාලයටම ලෝකය මත තනියම ඇවිදින්න වේවා කියලා.
උඹ කවදාවත් මැරෙන එකක් නෑ.
ස්තූතියි.
මට පොඩ්ඩක් සමාවෙන්න, මිස්?
සර්, මොකද්ද ඕන උදව්ව?
මායාකර්ම.
හේයි...
බලාගෙන!
සමාවෙන්න. සම්පූර්ණයෙන්ම මගේ වැරැද්ද.
මට පොඩ්ඩක් ඉඩදෙන්න.
ඔයානෙ මායාකාරියන් දඩයම් කරන්නා.
ඔව්.
මම මුකුත් කළේ නෑනේ.
අපි ඒක බලමු.
බලන්නේ මොකද්ද?
කෝ ඉතිං.
ඔයා ඒවා තෙම්ම ගත්තේ නැති එක ගැන සතුටු වෙන්න.
මම හුඟ කාලයක් තිස්සෙ ඉඳන් මේවා හොයනවා.
මේවා පරණ රූන් වගයක්. (රූන් = පැරණි ජර්මන් අක්ෂර මාලාවේ එන, ගලක කොටපු, මැජික් බලයක් තියෙනවා යැයි හිතන අකුරක් )
මේවට පුළුවන් කාළගුණය පාලනය කරන්න.
වැස්ස, හුළඟ, සීතල, රස්නෙ...
ඉතිං ඔයා මේ ටික ඔහේ බෑග් එකක අහුරගෙන ආවද?
ඔයා දන්නවද අඩි 40,000ක් උඩදි තෙතමනය තියෙන වාතය එක්ක අකුණු කුණාටුවක් එකතු කලාම මොකද වෙන්නෙ කියලා?
සරල විද්‍යාවනෙ.
විශ්වාස කරන්නත් බෑ.
මායාකාරියෝ වෙන තමුසෙල ළඟ තියෙන බලය ගැන තමුසෙලා කිසිම දෙයක් දන්නෙ නෑ.
දෙයියනේ.
ඔයා මාව මායාකාරියන්ගේ මණ්ඩලයට භාර දෙන්නද යන්නෙ?
නෑ.
ඔයා මාව මරන්න යන්නෙ?
ඔයාව මරන්න?
මම මේ හදන්නෙ ඔයා විහින් මැරෙන්න හදන එක නවත්තන්නයි.
නිව් යෝක් වලදි හොඳට විනෝද වෙන්න.
සර්, ආසන පටි දමාගැනීමේ සංඥා ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ.
ඔබතුමා ආසනේක වාඩිවෙන්න.
මගේ නම කෝල්ඩර්.
ඔයා ආපහු ඔයාගෙ ආසනේට යන්න, කෝල්ඩර්.
මම හුඟක් ආසයි සේෆෝ වල හැදී වැඩිච්ච එක ගැන අහන්න.
ඔයා කොහොමද දැනගත්තෙ?
අවුරුදු ගාණකින් ඒ ගැන කාටවත් කියලා නෑ.
මට මගේ ජීවිතේදි හුඟක් මිනිස්සුන්ව මුණගැහිලා තියෙනවා.
ඔයා දැනගන්න දේවල් ගැන ඔයා හුඟක් පුදුම වේවි.
මායාකාරියන් අපි අතරේ රහසේ ජීවත් වෙනවා.
ඔවුන්ගේ විජ්ජාවන් ඔවුන්ට ලැබුණේ පුරාතණ පෙළපතකින්.
ඒ විජ්ජාවන් දුර්වල වෙලා ගිහිල්ලා, භාගෙට අමතක වෙලා, හැබැයි අනතුරුදායක විදිහට බලවත්.
සියවස් ගණනාවක් අරගල කිරීමෙන් පස්සෙ, තාවකාලික සහන කාලයක් ඇති කෙරුනා.
මායාකාරියන්ට ජීවත් වෙන්න වගේම තමන්ව පාලනය කරගන්න ඉඩ දුන්නා
විජ්ජාවන් කවදාවත් මිනිසුන්ට එරෙහිව පාවිච්චි කරන්නෙ නෑ කියන නිශ්චිත නීතිය පිළිපදිනවා නම්.
නමුත් තාවකාලික සහන කාලය කියන්නෙ බිඳෙන සුළු දෙයක්.
පරණ ක්‍රමයන් නැවත පැමිණෙන තුරු බලාසිටි හුඟ දෙනෙක් ඉන්නවා.
මායාකාරී රැජිණගේ අඳුරු කාලය.
එයාලා එක්ක තමා කෝල්ඩර් ගණුදෙනු කරන්නෙ.
අවුරුදු 800ක් තිස්සේ ඔහු පොරව සහ කුරුසයට (Axe and Cross) සේවය කරලා තියෙනවා.
එකට එකතු වෙලා අපි ආරක්ෂාව තියාගත්තා, ඒ වගේම සාමය තියාගත්තා.
ආ, මට සමාවෙන්න, ඩෝලන් පියතුමනි. එයා ඉන්නෙ රැස්වීමක.
ආ.
රැස්වීම ඉවර වෙලා.
මම පොරව සහ කුරුසයට සේවය කරන්නෙ හරිම වෙනස් ශෛලියකට.
මම තමයි 36 වෙනි ඩෝලන්වරයා. මම තමයි කෝල්ඩර්ගේ ඉතිහාසය ලියන්නේ.
මම තමයි එයාගේ හසුරවන්නා, එයාගේ පාපොච්චාරණ අසන තැනැත්තා,
ඒ වගේම මම කැමතියි හිතන්න, එයාගේ යාළුවා කියලා.
ඔයාට කාලය ගැන කිසිම අවබෝධයක් නෑ.
අපෝ මට තියෙනවා. ඒක ඔයාගෙ අවබෝධයට වඩා වෙනස් එක විතරයි.
මම හිතනවා ඔයාගෙ මෙහෙයුම සාර්ථකයි කියලා?
ඔයා කිසිම කරදරයක් නැතිව කාලගුණ ගල් අරගත්තානෙ?
මම ඔයාට දුන්න අයිපෑඩ් එකට මොකද වුණේ?
මම ඒක ආයෙම තෑගි කළා.
අපි හැමෝටම ඔයාට වගේ හැඩගැහෙන්න බෑ.
ඔයා දන්නවනේ කඩදාසි(පොත්වල) තමා යල් පැනපු දේ.
මේක ඒ කියපු එක ලියලා තියන්නත් ප්‍රයෝජනවත් වෙන වස්තුවක්.
ඔයා ලුඩ්විග් වැඩේ ගැන මතක් කර කරද ඉන්නෙ?
මම ඉන්නෙ හැගීම් බර ස්වරූපයක.
ආ.
මගේ විශ්‍රාම ගැනීම ගැන?
ඒකයි ඔයා ආපහු ඇවිල්ලා ඉන්නෙ.
අපි හොඳ සාර්ථකත්වයක් ලබලා තියෙන්නෙ.
අපි නපුරු මායාකාරියන් වගයක් විනාශ කළා.
ඔයා ඇත්තටම විශ්‍රාම යන්න ලෑස්තියිද?
තාම අවුරුදු 50යි ගත වුණේ.
අන්තිමේදි මම ඔයාට පුරුදු වේගෙන එන්නෙ.
අපෝ. ඒකට එච්චර කාලයයිද ගියේ?
මට ඔයා නැති පාළුව දැනෙයි, පොඩි එකෝ.
මේ වෝටර්මන් 402 පෑනක්නේ.
මම ඔයාගෙ මුල් අකුරු ඒකෙ කෙටෙව්වා.
මේක හරිම දුර්ලබයි.
සමහර විට වටිනාකම ටිකක් පහත වැටෙන්න ඇති ඒකෙන්.
මට නම් එහෙම නෑ.
ඔයා ආයෙත් හිතලා බලන්න, ඒ වුනත් ඔයාට පෑන තියාගන්න පුළුවන්.
මම හිතන්නෙ ඔයා මගෙන් පස්සෙ එන කෙනාට කැමති වෙයි.
මම ඔයාව දාලා යන්නෙ හුඟක් නවීන අත්වලනේ.
එතකොට ඔයාගෙ පොරොන්දුව?
මම පොරොන්දු වුණේ ඔයාගෙ ළඟින් ඉඳගෙන මරණයට මුහුණ දෙන්න.
මම මැරිලා වැටෙනකම් වැඩ කරන්න නෙවෙයි.
ඔයාට කලින් ඩෝලන්ලා 35 දෙනෙක් ඇවිල්ලා තියෙනවා.
මෙන්න මම මෙච්චර කල් ඇහුම්කන් දුන්න එකම ඩෝලන් වෙනුවෙන්.
අහලා ඒවා නොසලකා හරින්න.
හැබැයි මම හැමවෙලේම ඇහුම්කන් දෙනවා.
මොකද වෙන්නෙ ඔයත් විශ්‍රාම ගියා නම් එහෙම?
මම කියන්නෙ, ඔයා මොකද්ද කරන්නෙ,
ඔයාගෙ ඊළඟ මෙහෙයුම ඔයාගෙ අන්තිම මෙහෙයුම වුණා නම්.
ඒත් ඒක එහෙම වෙන එකක් නෑ.
වෙයි කියලා හිතාගෙන කියන්නකෝ.
මට චෝදනා නෑ.
මම නැගිටින හැම දවසකම,
ලෝකය තව පොඩ්ඩක් සැප පහසුවෙන් නිදියනවා.
කෝල්ඩර්, ඔයා මට හිතන්නවත් බැරි තරමට ජීවිතය රසවිඳලා තියෙනවා,
හැබැයි ඔයා ඇත්තටම ජීවත් වුන කාලයේ ඉඳලා දැන් හුඟ කාලයක් ගෙවිලා ගිහිල්ලා.
ඔයාට මග හැරෙමින් තියෙන්නෙ අපි මේ ලෝකයේ ඉන්න කෙටි කාලයේ ගත කරන්න තියෙන හොඳම කොටස.
ඔයා ඒ ජීවිතේ බෙදා හදා ගන්න තැන.
විශ්වාස කරන්න කෙනෙක්ව හොයාගන්න.
මම විශ්වාස කරන්නෙ ඔයාවයි.
සමහර විට, තව පොඩ්ඩක් විතර ආකර්ශණීය කෙනෙක්ව.
මම දන්නවා, මම ඔයා වගේ දිග කාලයක් වගේම පෝසත් විදිහට ජීවත් වෙලා නෑ කියලා,
එත් මම හොඳාකාරවම දන්නවා ඒ ජීවිතයට මූන්ලයිට් සොනාටා වාදනයේ මිහිරි නාදයට අනුව පෙළපාලියේ යන මගී සේවිකාවන්ට වඩා දෙයක් තියෙනවා කියලා.
මොනාද අප්පේ ඔයා මගී සේවිකාවෝ ගැන දන්නෙ ඉතිං මොනා වුනත්?
මම ඉපදුනේ පූජකයෙක් වෙලා නෙවෙයි.
අපි පොඩි වැඩ වගයක් කරමු.
මම දන්නවා ඔයා හිතන්නෙ ඒක මෙලෝ රහක් නෑ කියලා,
ඒත් අපි මුල ඉඳලා පටන්ගමු.
ඒක කියන්නත් දෙයක් නෙවෙයි,
ඒත් ඔබතුමා ලොකු ගෞරවයකින් සේවය කළා.
මම ඇහුවට කමක් නැත්නම්, මම හෙට කෝල්ඩර්ව මුණ ගැහුනාම,
මම සන්සුන් විදිහට ඉන්න ඕනා, හරි?
චාරිත්‍ර ටික ඉවර වෙනකම් කෝපි බොන්න බෑ.
ඔයාගෙ රටාව ගැන වදවෙන්න එපා.
එයා ඔයාට විහිළු කරයි මොනා වුණත්.
හැබැයි ඔයාට අවුලක් වෙන එකක් නෑ.
කෝල්ඩර් ගැන තමා මම නම් වද වෙන්නෙ.
ඔයා කෝල්ඩර් ගැන වද වෙනවා?
ඔයා දන්නවද පොරව සහ කුරුසයේ වැඩිමහල් අය එයාට කතා කළේ කොහොමද කියලා?
එයාලා එයාට කතා කළේ "ආයුධය" කියලා.
මම මගේ වාර්තා ඉදිරිපත් කරද්දි,
එයාලට දැනගන්න ඕන කරන එකම දේ තමයි කීදෙනෙක්ද කියන එක.
මායාකාරියෝ කීදෙනෙක්ව මම හිර අඩස්සියට භාර දීලා තියෙනවද.
නීතිය කැඩුවට කීදෙනෙක්ව මැරුවද.
ඔයාට පුළුවන්ද ඉතිං එයාලට බනින්න? එයා කරන දේ හරිම වැදගත්නේ.
ඔව්, ඒක ඇත්ත, ඒත් එයා ආයුධයක් විතරක් නෙවෙයි.
අනික ඇත්ත දන්න අපිට වගකීමක් තියෙනවා.
මොන දේ සිද්ධ වුනත් ඔයා එයාව බලාගන්නවා කියලා මට පොරොන්දු වෙන්න.
නැතුව. ඒක මගේ රස්සාවනේ.
ටැක්සි!
හෙලෝ?
කෝල්ඩර්?
36 වෙනි ඩෝලන්වරයා ඊයේ රෑ මැරුණා.
චාරිත්‍ර ටික හෙට කෙරෙනවා.
මට කණගාටුයි ඔබතුමාට අහිමිවුණ කෙනා ගැන.
ඔයාට කළින් 36 දෙනෙක් ඩෝලන් කියන නම අරගෙන තියෙනවා.
ඔයා 37 වෙනියා වෙන්න තරම් සුදුසුයිද?
මම සහතික කරනවා මම සුදුසුයි කියලා.
ඔයා පොරොන්දු වෙනවාද අපේ සහෝදර කෝල්ඩර්ට හැම දේකදිම සේවය කරන්න?
එයා එයා ගැන දන්න විදිහට එයාව අඳුනගන්න පොරොන්දු වෙනවද?
මම පොරොන්දු වෙනවා.
එතකොට ඔයා තමයි අළුත් කෙනා.
අපි ඇත්තටම කලින් හම්බෙලා තියෙනවා.
හුඟ කාලෙකට කළින්.
අර කොනේ තියෙන ගල පේනවද?
මම බලාගෙන හිටියා මේක කුඹුරක් විදිහට තියෙන කාලේ කට්ටිය ඔය ගල ඔතන තියනවා.
No comments yet. Be the first to leave one.