De første 200 linjer.
නිලූෂ හේමාල් අලහකෝන් විසින් නිර්මාණය කල හයවන උපසිරැසි මාලාව..
හයවන දිගහැරුම
ඔයා මේ මොකද කරන්නේ?
කිම් වූ හ්‍යූන්...
නැත්නම් මම පාර්ක් ගී යන්ග් කියලා කතා කරන්නද?
තමන්ගේ නම කාලෙකට පස්සේ ඇහෙනකොට පුදුමයි නේද?
මට මේ විකාර ගැන අහන්න වෙලාවක් නෑ. දැන් කොරියානු විදුලිබල සමාගමට ආක්‍රමණයක් එල්ලවෙනවා.
කොරියානු විදුලිබල සමාගමට?
විකාර කතා කරන්න එපා!!
අපිට වෙලාව නෑ. කොරියානු විදුලිබල සමාගම අනතුරේ.
ඔයා මොන වගේ සෙල්ලමක් ද ඒ පාර කරන්නේ?
ඔයාට මේක පේන්නේ සෙල්ලමක් වගේද?
මුලින් කරපු ආක්‍රමණය බොරුවක්. ඇත්ත ආක්‍රමණය එන්නේ කොරියානු විදුලිබල සමාගමට.
මට ඔයාව විශ්වාස නෑ...
මුලු සියෝල් නගරයම අනතුරට පත් වුණාම බලමු,
එතකොටවත් මාව විශ්වාස කරයි ද කියලා.
ඔයා මොනවද ඔය කියන්නේ?
කියන්න මට!
කොරියානු විදුලිබල සමාගම ආක්‍රමණයකට ලක්වෙලා.
හරි. දැන් වහාම ඔයාලගේ කණ්ඩායම් යවන්න.
ඒත්, මේ වෙනකොට, මෙතන කිසිම කෙනෙක් නෑ එහෙට යවන්න. සියලුම දෙනා වෙබ් අඩවි වලට කරපු ආක්‍රමණය වලක්වන්න ගිහින්.
ඒකද මේ වෙනකොට ප්‍රශ්නය වෙලා තියෙන්නේ?
ඒ IP ලිපිනය විසන්ධි කරලා, එහෙ ඉන්න සියලුම දෙනා කොරියානු විදුලිබල සමාගමට යවන්න.
භුගත දුම්රිය සේවයේ සිස්ටම් එකටත් වෛරස් කේත ඇතුල්වෙලා.
ඒක කොරියානු විදුලිබල සමාගම ආක්‍රමණය කරන වෛරස් එකට සමානයි. නාගරික ප්‍රදේශ වල විදුලිය සැපයුමත් දැන් අඩාල වෙමින් පවතිනවා.
ප්‍රතිවෛරස් මෘදුකාංග වලට මොකද වුනේ? - ඒ ක්‍රමයත් විනාශ වෙලා තියෙන්නේ. දැන් ප්‍රති වෛරස් මෘදුකංග පණගන්වන්න බෑ.
මට හිතෙන්නේ නෑ මේක නිකම්ම වෛරස් එකක් කියලා.
මේකට ඉලක්කයක් තියෙනවා.
ඒක පාලන කරන්නේ දුරස්ථව.
අපේ සිස්ටම් එක පිට අන්තර්ජාල එක්ක සම්බන්ධතා නැති එකක්. එතකොට කොහොමද මේක දුරස්ථව පාලනය කරන්නේ?
මේකේ පිටිපස්සේ දොරක් තියෙනවා. -අපි සයිබර් පොලිසියෙන්.
-කවුද කෝ සියොන්ග් ඉල්? -ඒ මම.
ඔක්කොම පටන් අරගෙන තියෙන්නේ මෙතනින්.
මේ වෛරස් කේතය මේ පරිගණකය අන්තර්ජාලය එක්ක සම්බන්ධ කරලා තියෙනවා. ඒකට අවශ්‍ය සියලු දේ මේකේ තිබිලා තියෙනවා.
ප්‍රතිවෛරස් ක්‍රියාවලිය නැති වෙලා තියෙන්නේ. මේකට වෙන විකල්පයක් නෑ.
ප්‍රතිවෛරස් ක්‍රියාවලිය නැති වෙලා තියෙන්නේ. මේකට වෙන විකල්පයක් නෑ.
මුලින්ම, අපිට මේ අපරාධකාරයෝ ඉන්න තැන හොයාගන්න ඕනේ. ඒකට අපි මුලින්ම මේ අයගේ IP ලිපිනයන් හොයන්න ඕනේ..
මම IP එක හොයාගත්තා.
කොහෙද ඒ?
ඒක චීනේ. එයාලා ඇත්ත ලිපිනය හංගනවා.
දෙවෙනි තැන හොංකොං..
තුන්වෙනි තැන කොරියාව.
එයාලා එහෙ මෙහෙ ඉන්නවා වගේනේ.
-මම එයාලගේ ඇත්තම ලිපිනය ගන්නම්. -හහ්?
59.152.128.150
කොහෙද මේ තැන?
ඒ ඉන්චියොන්.
චුන්හා පරිගණක ආයතනය.
මාර්ග තදබදය ගොඩාක් වැඩියි. එහෙට යන්න සෑහෙන වෙලාවක් යාවි.
මොනවා හරි කරන්න බලන්න.
මම කොහොමද මොකවත් කරන්නේ මේ වගේ අවස්ථාවකදී?
හරි.
මට තේරුණා..
අධ්‍යක්ෂකතුමනි, කණ්ඩායම් නායක ක්වෝන් හ්‍යුක් ජූ සහ කිම් වූ හ්‍යූන් කොරියානු විදුලිබල සමාගමට ගිහින්.
එයාලා මේ වෙනකොටත් සැකකාරයෝ ඉන්න තැන හොයාගෙන.
කොහෙද?
අපිට ලැබිලා තියෙනවා හැකර් කණ්ඩායම ඉන්න තැන. ඉන්ච්යොන් චුන්හා පරිගණක ආයතනය..
මම ආයෙත් කියනවා.
මේ නිලධාරි යූ කන්ග් මී. මම ඉන්නේ එතනට ලග. මම දැන්ම එහෙට යන්නම්.
ඉක්මනින් යමු! අපිට වැඩි වෙලාවක නෑ!!
පොලිසිය දැනටමත් එනවා ඇති.
අපිට මේක විනාඩි 10ක් ඇතුලත නවත්තන්න ඕනේ.
මේක විනාඩි 10කට වඩා තිබ්බොත්, අපේ සිස්ටම් එකට දරාගන්න බැරිවේවි.
ලොකු රෝහල් වලට නම් එයාලගේ ජෙනරේටර් තියෙනවා. ඒත් පොඩි රෝහල් සියල්ලම අනතුරේ.
මිනිස්සුන්ගේ ජීවිත අනතුරේ.
මේක වෙලාවට කරන්න නම් එක ක්‍රමයක් තියෙනවා.
ඒ මොකක්ද?
පොඩ්ඩක් ඉන්න.
කිම් වූ හ්‍යූන්, නිලධාරීන් දැන් එන ගමන්. යූ කන්ග් මී අර ලිපිනයට යන ගමන්.
මොකක්ද? එයාලාගේ පාලක පරිගණක විදියට ගන්නේ වෙබ් අඩවි ආක්‍රමණය කරන පරිගණක වලින්මද?
ඔවු.. ඔයාලට හොයාගන්න පුළුවන් උනාද පාලක පරිගණකය?
මම ඒ ගැන හොයනවා. පේන විදියට ඒක සිංගපූරුවේ විශ්ව විද්‍යාලයක ප්‍රධාන පරිගණකයක්.
අපි ඒක නවත්වන්න හදන්නේ දැන්. මේ වෙනකොටත් එකට කට්ටිය යන ගමන් ඉන්නේ.
එහෙම කරන්න එපා!
මොකක්ද?
මම ඔයාට කියන්නේ එහෙම කරන්න එපා.
මොනවා ගැනද ඔයා කතා කරන්නේ?
ඔයා කියන්නේ එයාලගේ ආක්‍රමණය නවත්වන්න එපා කියලද?
මම මේ ආක්‍රමණය නවත්තන්නම්.
ප්‍රධාන පරිගණකය නවත්තන්න එපා. මට එතන IP ලිපිනය දෙන්න.
හේයි! ඔයා මොකක්ද කියන්නේ මේ වෙබ් අඩවි ආක්‍රමණය ගැන? ඔයාට පිස්සුද?
160.06.187.100. හරි.
ඇහැට ඇහැක්. දතට දතක්. වෙන කරන්න දෙයක් නෑ.
මම සිංගපුරුවේ ප්‍රධාන පරිගණකයේ පාලනය අතට ගන්නවා,
ඊට පස්සේ, ආක්‍රමණයට අණ දෙන පරිගණක ටික මම හොයාගන්නම්.
ඩේ යන්ග් දෙන අණ නවත්තලා, මේ ආක්‍රමණය ඉවර කරන්නවා.
ඊට පස්සේ වෙන නියෝගයක් දෙනවා ඒවාට.
ඩේ යන්ග් කණ්ඩායමේ පරිගණක වලටම ආපහු පහර දෙන්න.
මේකෙ පොඩී ප්‍රශ්නයක් තියෙනවා.
මටත් ඒකම වෙනවා.
වෙබ් අඩවි ප්‍රහාරය එන්නේ අපේම පරිගණක වලින්.
මට හිතෙන්නේ වෙන දක්ෂ හැකර් කෙනෙක් එයාලගේ පැත්තේ ඉන්නවා කියලා.
මම ඉවරයි.
මම ත්.
මොකද කරන්නේ? වෙන පරිගණකයකට ගිහින් ආයෙත් වැඩේ පටන් ගන්න.
හරි.
මේක දැනට නවත්තමු. අපිට ගෙවන ගානට මේ කරපු ටිකත් හොඳටම ඇති..
අපිට අන්තිමේදි මේ සෙල්ලම කරන්න හොඳ කෙනෙක් ලැබුණේ.
අපිට තව තියෙනවා පරිගණක 20ක් විතර.
මේ ඇති වේවි.
එයා සෑහෙන්න දක්ෂයි වගේ.
අපි බලමු කොච්චර දුර යන්න පුළුවන්ද කියලා.
ඔයා ගියාද?
ඔවු මම එතන. ඔයාලා කොහෙද?
මම මේ දැන් කරන්න හදන දේ අදාල නැති වැඩක්. එයාලා වෙන පරිගණක වලින් එනවා.
අපිට තව වෙලාව තියෙනවා.
ඒ ගැන හිතන්න එපා. කොරියානු විදුලිබල සමාගම ගැන බලන්න.
එයාලා අලුත් IP ලිපින වලින් ඇවිත්!
අලුත් IP ලිපිනය 59.152.128.163.
එයාලා...
දැන් පහර දෙන්න හදන්නේ ස්වයංක්‍රීය විදුලි බෙදා හැරීමට.
ස්වයංක්‍රීය විදුලි බෙදා හැරීම කියන්නේ මොකක්ද?
ඒක තිරයේ පෙන්වන්න.
මේක මධ්‍යම විදුලි බලාගාර අනෙක් ප්‍රාදේශිය විදුලි බලාගාර වල නිපදවීම් ප්‍රමාණය අනුව නිපදවීම් පාලනය කරන ක්‍රමය.
මේක අඩපණ වුනොත්, ප්‍රාදේශීය විදුලි බෙදාහැරීම් මධ්‍යස්ථාන වෙත අතිරික්ත විදුලියක් යන්න පුළුවන්.
නරකම දේ තමයි, ඒකට අවශ්‍ය වැඩිපුර විදුලිය නිපදවන්න න්‍යෂ්ඨික බලාගාර වැඩිපුර වැඩකරලා
ඒවා පුපුරවන්න පුළුවන්.
මොකක්ද?
නිලූෂ හේමාල් අලහකෝන් විසින් කරන ලද තවත් උපසිරැසී නිර්මාණයක්..
මම මේ ස්වංක්‍රීය සිස්ටම් එකට ඇතුල් වුණා.
මේක නවත්තන්න උදවු කරන්න පුළුවන් කිසිම කෙනෙක් නැද්ද?
අපි ඔක්කොටම කරන්න තියෙන්නේ,
මෙතන හිටගෙන මේක දිහා බලාගෙන ඉන්න එකද?
මේ කොරියානු විදුලිබල සමාගමේ කවුරුවත් නැද්ද මේක නවත්තන්න පුළුවන්?
අපිට එච්චර වෙලා නැහැ.
මේ පරිගණකය හිරවෙලා.
මේකත් එහෙමයි.
කරුණාකරලා..
කරුණාකරලා නවතින්න..
මට හිතෙන්නේ ඒක නැවතුනා.
ආක්‍රමණය නැවතුණා...
ඒක මෙහෙත් නැවතුණා.
වෙන ආක්‍රමණයක් නෑ වගේ.
නියම වැඩක්..
ඒක අවුලක් නෑ.
මේක වැඩකරනවාද?
ආක්‍රමණය නැවතුණා,
ඒ නිසා සාමාන්‍ය විදියට මේක වැඩ කරන්න ඕනේ.
ඉන්න!! මේ මොකක්ද?
දැන් මොකක්ද?
තව වැඩසටහනක් තියෙනවා පෝලිමේ.
පොඩ්ඩක් ඉන්න!!
ඒක ඉවර නෑ.
තව අන්තිම ආක්‍රමණයක් තියෙනවා.
ඒක මේ ස්වයංක්‍රිය පද්ධතිය විනාශ කරන එකක්.
මේක ඉවර වුනොත් නම් හැමදේම ඉවරයි.
ඔයාට මේක නවත්තන්න පුළුවන්ද?
ඔයාට මේක නවත්තන්න වෙනවා!!
මේක දැනටමත් පටන් අරගෙන තියෙන්නේ. මොනවා හරි කරන්න.
ඔයා කියන්නේ මේ වැඩසටහන ඉවර වුනොත්, මේ විදුලිබලාගාරයත් ඉවරයි කියන එකද?
මේකක් පිපිරෙනවා කියන්නේ ලොකු ප්‍රශ්නයක්
එහාට වෙන්න!
ඇයි??
මේ මොකක්ද?
මේක ඔය විනාශය නවත්තන්න පුළුවන් දෙයක්.
මේ ඒකට එකම ක්‍රමයයි.
ඒක නැවතුණා..
ඒක නැවතුණා!!
මොනතරම් සහනයක්ද?
හේයි?
ඔයා මොකද කරන්නේ?
මොකක්? ඒක නැවතුණා?
එහෙනම් හැමදේම හොඳින් නේද?
ඔයා නියම වෙලාවට ආවේ.
අයිගෝ...
ආහ්.. ඒ අර...
මොකක්ද?
මේ හදේස් ගේ අත්සන නේද?
මොන ලෝකෙකින්ද...
ඒක වෙන්න බෑ. එයා මැරිලා.
ඔයා සොහොන් අදින්නේ හදේස්!!
ඔයා සොහොන් අදින්නේ හදේස්!!
ඔයා මොකෙක්ද?
ලොකුම විනාශය වෙලා තියෙන්නේ කොරියානු විදුලිබල සමාගමට එල්ල වෙච්ච ප්‍රහාරය නිසා.
ලොකු ලොකු විදුලිය බිද වැටීම් රාශියක් මේ නිසා සිද්ධ වුණා.
ගෙවල්, කාර්යාල, මාර්ග සංඥා, දුම්රිය ගමන් මේ නිසා බිද වැටුණා.
අද, දකුණු කොරියාව, සයිබර් හැකියාවන් අතින් ඉහල රටක් නෙමෙයි, දුප්පත් රටක් කියලා පෙන්නුවා.
අද, දකුණු කොරියාව, සයිබර් හැකියාවන් අතින් ඉහල රටක් නෙමෙයි, දුප්පත් රටක් කියලා පෙන්නුවා.
අංක එකේ මූල්‍ය ආයතන, රජයේ ආයතන වලට වෙච්ච පාඩුව ඩොලර් මිලියන 70ක් විතර වෙයි කියලා කියන්නේ.
කොරියානු විදුලිබල සමාගම, යටිතල පහසුකම් මේ නිසා අසරණ වුණා.
ගොඩක් ලැජ්ජා සහගත සිදුවීම තමයි ජාතික යටිතල පහසුකම්
මේ තරම් ලේසියෙන් ආක්‍රමණයකට අහු වෙච්ච එක.
කොරියානු විදුලිබල සමාගම නැතුව න්‍යෂ්ඨික බලාගාරයක් ආක්‍රමණය වුනානම්
වෙන දේ හිතා ගන්නවක් බෑ.
වෙන දේ හිතා ගන්නවක් බෑ.
මේක ගොඩාක් බරපතල තත්ත්වයක්.
විද්වතුන් කියන්නේ රජයේ ආයතන විතරක් නෙමෙයි පොදු ආයතන, පෞද්ගලික ආයතන සහ ආරක්ෂක අංශ
දැන් යාවත්කාලීන සහ අලුත් කල යුතුයි කියලා.
මේක ගොඩක් දිග දවසක්.
නිලූෂ හේමාල් අලහකෝන් විසින් කරන ලද තවත් උපසිරැසී නිර්මාණයක්..
ඔයාලා හැමෝම මෙතන මොකද කරන්නේ?
කවුරු හරි මැරිලද?
නැත්නම් අපිට ඩේ යන්ග් කණ්ඩායම මගහැරුණාද?
මට හිතෙන්නේ ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න කලින් අතහැරලා ගියා කියලා.
එයාලා ආගමන කාර්යාලයේදීම නවත්තන්න තිබුණා.
එයාලා අත්‍යාවශ්‍ය ලේඛනයේ ඉදලත් ආවෙ කොහොමද?
දැන් ප්‍රශ්නය ඩේ යන්ග් කණ්ඩායම නෙමෙයි.
නිලධාරී කිම් වූ හ්‍යූන් ගේ ප්‍රශ්නය.
හදේස් ගේ වෛරස් කේතය අන්තර්ජාලයෙන් ලේසියෙන්ම ගන්න පුළුවන්.
ඒ වෛරස් එක පාවිච්චි කල පලියටම එයාව අත්අඩංගුවට ගන්න පුළුවන්ද?
No comments yet. Be the first to leave one.