Die ersten 200 Zeilen.
සිංහලට පරිවර්තනය කලේ නිලූෂ හේමාල් අලහකෝන් Night at the Museum: Kahmunrah Rises Again (2022)
මම මෙතන ඇවිදිනවා!
මෝඩ කොල්ලා!
කවුරුවත් ඔයාගේ ටොයිලට් පේපර් හොරකම් කරන්නේ නෑ, ආච්චි.
එයා මට කිව්වා එයාගේ විහිළු වැඩසටහනට එන්න කියලා.
මම දිවුරනවා. ඊයේ රෑ තිබ්බ හොඳම ප්‍රසංගය.
ළඟදීම.
කාහ්මුන්රාහ් කළකිරුණු පුතා
බිඳෙන සුළුයි.
මට අළුත් රස්සාවක් ලැබුණා
රොනී දිදුලන තරුවක් වෙනවා...
දෙවියනේ! බලන්න මේ තැන.
මේකේ දෝංකාරය... නියමයි.
බලන්න ඔයා දිහා, ලොකු එකෝ.
මාව පස්සට දාන්න හදන්න එපා, නරක ඇටකටු මහතා.
හරි, රොනී, දැන් තියෙන්නේ රෑ රස්සාවේ පොඩ්ඩක් නිදා ගැනීම කරලා,
දවල් දවසේ කුසලතා පරීක්‍ෂණය සමත් වෙලා, ඊටපස්සේ බිල් ඔක්කෝම ගෙවනවා, බබා.
රාත්‍රී ආරක්‍ෂාව.
අත් පොතක්, හහ්?
උපදෙස් අත්පොත
මම සාමාන්‍යයෙන් දියුණු කෙනෙක්.
මේ දක්‍ෂතා තියෙන එකම එපා වෙනවා.
මම ඇහැරිලා.
මොකක්?
හලෝ?
මොකක්? ඔයා කොහෙන්ද ආවේ? ඕක මට දෙන්න.
ඒක හොරකමක්, පුංචි හොර වඳුරා!
මේ වඳුරෙක් නෙමෙයි.
මේ කැපුචින් කෙනෙක්, අළුත් ලෝකයේ වඳුරෙක් මධ්‍යම සහ දකුණු ඇමරිකාවෙන්,
කෞතුකාගාරයට පරිත්‍යාග කලේ 1962 අවුරුද්දේදී.
ඔයා එතකොට කවුද?
තියඩෝර් රූස්වෙල්ට්, එක්සත් ජනපදයේ ජනාධිපති.
නියමයි, මගේ පළවෙනි රාත්‍රිය, මට ඉන්නේ වඳුරෙක් එක්ක පිස්සෙක්.
- මම පොලිසියට කතා කරනවා. - මම නම් ඒක කරන්නේ නෑ.
මම මෙයාට විනාඩි තුනක් උපරිම දෙන්නම්.
ඔයාද මෙහෙ අළුත් රාත්‍රී ආරක්‍ෂකයා?
ඔවු.
හොඳයි. මොකද අපි කවදාවත් පරණ රාත්‍රී ආරක්‍ෂකයාව හොයාගත්තේ නෑ.
එයා දිවුරුවා එයාව කෑවේ නෑ කියලා!
රාත්‍රී ආරක්‍ෂකයා!
ලා, පොප්කෝන් හදන්න.
උණුසුම් පොප්කෝන්.
- ඔයා දැක්කාද එයා ගිය දිහාව? - හහ්?
නෑ. එයා ලිස්සන කෙනෙක්.
ඔවු.
හොයාගත්තා, රාත්‍රී ආරක්‍ෂක!
පුංචි මිනිස්සු!
හේයි! ඔයා කාටද පුංචි මිනිස්සු කියන්නේ, යෝධයා?
- ඔතනම නවතින්න. - හහ්?
මම, කවයේ ජොආන්, අනාගතය ගැන දර්ශණයක් දැක්කා,
ඔයා ඒකේ හිටියේ නෑ, මොකද ඔයා මැරිලා.
අයියෝ.
ඇයි?
ඇයි?
විනාඩි දෙකයි, තත්පර දෙකයි. ඒක අළුත් වාර්ථාවක්, හැමෝම!
ඔයාලා විනෝද වෙන්න ඇති...
ස්වභාවික ඉතිහාසය පිළබඳ කෞතුකාගාරය
මේ රස්සාව අමතක කරන්න! බ්‍රෝඩ්වේ අමතක කරන්න!
- මම ආයේ ඔහයියෝ යනවා. - හේයි.
නියමයි. තව කෙනෙක් යනවා.
ඇත්තටම යාළුවනේ? ආයෙත්?
සුබ සැන්දෑවක්, ලෝරන්ස්.
මම හිතනවා ඔයා දකින්න ඇති, අර මිනිහා බයෙන් පැනලා දුවනවා?
මාර විහිළුවක්, ටෙඩී.
ඒත් අහන්න, ඔයාලා අළුත් අයව බය කරන එක නවත්තන්න ඕනේ, හරිද?
මම ගිම්හාන නිවාඩුවට යනවා, මට කවුරුහරි ඕනේ මම වෙනුවට ඉන්න.
සමාවෙන්න, ලැරී, ඒත් එයා අපිට හරියන්නේ නෑ.
ඔයාගේ අන්තිම නම තියෙන තරුණ හොඳ මහත්මයෙක් හිටියා නම්,
මේ ආයතනයට ඒක ගොඩාක් හොඳ වේවි.
ඉඟි දෙනවා, වමට දකුණට.
ආහ් බෑ. මම කතා කරන්නම් මැක්ෆීට.
අම්මා, ඔයා මට එවපු පෙණ බුබුළු වල සබන් වැඩියි.
මට මගේ බෝට්ටු හොයාගන්න බෑ.
ආචාර්ය මැක්ෆී, මේ ලැරී.
හරි!
හරි, ඔයා දැනගන්න, "අම්මා" කියන්නේ, මගේ සුපිරි නිරූපිකා පෙම්වතියට කියන ආදර නම.
ආහ්-හහ්.
අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
ඔයා වැඩට ගත්ත අළුත් රාත්‍රී ආරක්‍ෂකයා අස්වුණා.
මගේ විපත.
නිව්යෝර්ක් නගරේ වෙන කොහෙන්ද මම
කෙනෙක් හොයන්නේ, මේසයක් උඩට වෙලා හිස් අහස දිහා බලාගෙන ඉන්න පුළුවන් කෙනෙක්?
අනික, මේක ඔයාගේ ප්‍රශ්නයක් නෙමෙයි.
ඔයා යන්න හදන්නේ, ඔයාගේ අළුත් අමුතු තනතුරට, ටෝකියෝ කෞතුකාගාරයේ.
බලන්න, මම තාමත් මේ තැන ගැන හිතනවා, හරිද?
අනික මම මේ රස්සාවට ගැලපෙන කෙනෙක් හොයාගන්නවා.
ඕන දෙයක්. මම දැන් මගේ වැඩ කරනවා.
මම මොනවාද කරන්නේ?
මෙන්න අපිට දැන් ආපු අදහසක්. මොකද හිතන්නේ නික් මාස්ටර්?
දන්නවානේ, පොඩි, සෞඛ්‍යසම්පන්න ඔයා වගේ කෙනා?
හා හා.
ඒත් ඇයි ඔයාලා මගේ පුතාව මේ රස්සාවට දාන්න උනන්දු වෙන්නේ?
- එයා දන්නවා මෙතන රහස. - ඇයි, එයා හැදුනේ වැඩුනේ මෙහෙ.
- අනික එයා කවදාවත් පැනලා යන්නේ නෑ. - අන්තිම කෙනා දිහා බලන්නකෝ. එයාව මතකද?
ඔවු. එයා මෙතන හිටියා.
මම දන්නේ නෑ.
මේක ලොකු රස්සාවක්, නික් තාමත් එයාගේ පසුබිම සහ විශ්වාසය හදාගන්න ගමන් ඉන්නේ.
මම කියන්නේ, එයා තාම පොඩි දරුවෙක්.
තරුණ දරුවෙක්. ඔයා මේ රස්සාව මුලින්ම පටන්ගන්නකොටත් ඔය වයසේමනේ.
නෑ, එහෙම නෑ.
මම කියන්නේ, මානසිකව. හැඟීම් වලින්.
ලැරී, නික් බුද්ධිමත්, හැකියාවක් තියෙන දරුවෙක්.
අනික අපි විශ්වාස කරනවා එයා මේ කෞතුකාගාරය ආරක්‍ෂා කරන්න සුදුසුයි කියලා.
හහ්. ඔයාලා හරි ඇති. සමහරවිට මේ නික්ගේ වෙලාව වෙන්න ඇති.
- මෙන්න එනවා! - හහ්?
අයින්වෙන්න, අයින්වෙන්න!
සමාවෙන්න.
මියා.
ඔයා හොඳින්ද?
ඔවු. හායි මියා.
මොකක් නිසාද ඔයා මේ පැත්තේ ආවේ?
මම ඊළඟ හිම කාලයේ ජෑස් කණ්ඩායමක කුසලතා පරීක්‍ෂණයට යනවා, එහෙම නේද DJ මහතා?
වාව්.
ඔයාට හරියටම අඳුරගන්න පුළුවන් ඕනම ගීතයක ඕනම නාදයක් ඕනම වෙලාවක.
එකපාරටම ඔයා අන්වර්ථ නාමයකුත් අරගෙන.
මම හිතන්නේ ඒක නියමයි.
ඔයා දොඩම් ගෙඩියක් වැට්ටුවා.
ඔවු.
මගේ අම්මා ගෙදරින් එන හැමවෙලාවෙම පළතුරක් දාලා එවනවා.
ඊටපස්සේ එයා පණිවිඩයක් එවලා බලනවා මම කෑවාද කියලා.
මෙන්න එයා.
"දොඩම්, ඔයාට බඩගිනිද?"
හරි. ඒක ලැජ්ජාවක් නෙමෙයි.
පළතුරු විහිළු. සාමාන්‍ය අම්මලා.
මට අහන්න ලැබුනා ඔයාට ගිම්හාන රස්සාවක් ලැබුනාලු යෝගට් කඩේ?
ඔවු. ඒක හරි නැත්නම් දුම්රිය ස්ථානයේ සිංදු කියන්න.
මාරු කාසි හොයන්න සහ විචාර අහගන්න.
නියමයි.
මම කියන්නේ, යෝගට් කඩේ හොඳයි. නැත්නම්, ඒවා දියවේවි.
පහක් දාන්න යෝගට් වලට. කමක් නෑ.
මම දන්නේ නෑ එහෙම කලේ ඇයි කියලා.
ඉතිං, ඔයා මේ ගිමාහානේ මෙහෙ ඉන්න නිසා, සමහරවිට ඔයා කැමතිද,
සමහරවිට එක රැයක්, ඔයා දන්නවානේ..
ඉන්න! මට අමතක වුනා. මට පරක්කු වෙනවා මගේ..
නික් ඩේලි. මේ ඔයාගේ අන්තිම වතාව. මම බලාගෙන ඉන්නවා.
සමාවෙන්න මොන්ටෆුස්‍කෝ මෙනවිය.
මම හිම කාලෙදී ජෑස් කුසලතා පරීක්‍ෂණයට යනවා.
මම දන්නේ නෑ ඔයා සංගීත භාණ්ඩ වාදනය කරනවා කියලා.
සාමාන්‍යයෙන්, එහෙම නෑ.
- ඔයා ගායකයෙක්ද? - නෑ.
- සහායකයෙක්ද? - නෑ.
- තාක්‍ෂණික කණ්ඩායමේ? - ආහ්-හහ්.
- සංගීතඥයෙක්? - නෑ.
- වීදි ගායකයෙක්? - නෑ.
- තනියම හිටගෙන සිංදු කියන්නෙක්? - නෑ.
ඔයාට විශ්වාසද ඔයා ඉන්නේ හරි කාමරේ කියලා? මොකද අන්තිම එක ඇත්ත දෙයක්වත් නෙමෙයි.
ඇත්තටම, මම ඩීජේ කරනවා.
ඩීජේ?
මම දන්නවා මේක අසාමාන්‍යයි කියලා,
ඒත් මට මේ අදහස ආවේ කණ්ඩායමක් හදන්න.
මම පටන්ගන්නම් සාස්ත්‍රීය ජෑස් එකකින්.
ඊටපස්සේ මිශ්‍ර කරන්නම් හුමාල සංගීතයකට තම පොඩි දේවල් එක්ක.
තුනට දෙකක් වෙන රිද්මයකින්.
මොකක්?
ඒක අන්තර්ජාතික පොලිවේව් එකක්...
තාක්‍ෂණික නම අමතක කරන්න.
පොඩ්ඩක් හදන්න දේවල් තිබ්බා, ඒත් ඔයා අහලා බලන්න බේස් එක අඩුවෙනකල්ම.
හරි. මෙන්න පටන්ගත්තා.
මම වෙලාවට ආවා මගේ කුසලතා පරීක්‍ෂණයට,
මොන්ටෙෆුස්කෝ මෙනවිය,
මොකද හැමෝම දන්නවා, වෙලාවට එනඑක නියමයි කියලා
කොහොමද රික්?
හායි බෝධි. මම නික්.
අනික, ඔයාගේ "ග" තත පොඩ්ඩක් සුසර මදි වගේ.
ඔයාගේ අවස්ථාව එනකල් ඉන්න, බෝධි.
නික් මෙතනට වෙලා මට ඒත්තු ගන්වමින් හිටියේ,
ජෑස් කණ්ඩායමට DJ කෙනෙක් එකතු කරන්න.
ජෑස් කණ්ඩායමට DJ කෙනෙක්? ඒක සමාන්‍ය නෑනේ.
අපි මෙයාට අවස්ථාවක් දීලා බලමු.
ගොඩාක් ධෛර්යමත් වෙන්න ඕනේ ඔය වගේ අසාර්ථක වෙන්න තියෙන දෙයක් උත්සාහ කරන්න.
මේ වගේ ලැජ්ජාවක අවධානම අරගන්න.
එයාගේ කුසලතාවය ගැන ලොකු විශ්වාසයක් තියෙන්න ඕනේ.
හරි. මෙන්න.
සමාවෙන්න, ඒක වැරදි එකක්.
ඉන්න.
අමතක කරන්න. මේක සවුත්තු අදහසක්.
- ඇත්තටම මම... - මම මොනවාද හිතන්නේ?
මට සමාවෙන්න, ඔයාගේ වෙලාව නාස්ති කලාට, ඒ වගේම ඔයාගේ පියානෝව කැඩුවාට.
මම මෙතනින් යන්නම්.
මම කියන්නේ, කවුද එහෙම කියන්නේ, හරිද? මම දැන් යනවා.
නික්, ඉන්න.
මොන්ටෙෆුස්කෝ මෙනවිය, මට විශ්වාසයි ඒ රික් කියලා.
නෑ, නික්. කොහොමද ඔයාගේ කුසලතා පරීක්‍ෂණය?
නියමයි! ගොඩාක් නියමයි!
මට ලොකු විශ්වාසයක් තිබ්බා මගේ හැකියාව ගැන දේවල් අත්හරින්න.
දන්නවාද, එයාලාට තවත් අවශ්‍ය වෙන්න දෙන්න.
හරි.
ඉතිං, මම ඇතුලට යන්න කලින් ඔයා මොනවාද කිව්වා.
අපි දෙන්නා මේ ගිම්හානයේ ඉන්නේ කොහොමද කියලා,
කොහොමද, මම දන්නේ නෑ, සමහරවිට අපි දෙන්නා...
මොකක්? නෑ.
මම නිකම්, මම ඔයාට සුබ පතන්න හැදුවේ.
හරි. හොඳ ගිම්හාන කාලයක් වේවා, මම හිතන්නේ.
හරි. බායි.
මම මහ මෝඩයෙක්.
හරි.
සාමාන්‍ය ඩේලි ලාගේ තාත්තා-පුතා රෑ කෑමක් පරණ කාලේ වගේ.
යේ. රෑ කෑම.
මට කණගාටුයි ඔයාගේ කුසලතා පරීක්‍ෂණය ගැන.
ඔයාට කොහොමද?
No comments yet. Be the first to leave one.