Release Info

Torrent - Video Running Time 02 49 50
Search Torrent - Video Running Time 02:49:50
Ein Kommentar von wntg
Search Torrent - Video Running Time 02:49:50

Tags

other
Veröffentlicht am: 2021-12-03
Downloads: 22
Hörgeschädigt: No

Sinhala Untertitel-Vorschau

Die ersten 200 Zeilen.

Torrent - Video Running Time 02:49:50

රඟපෑම් :- රාජේශ් ඛන්නා ආශා පාරෙක්

සිංහල උප සිරැසි සැකසුම :- විතානගේ ප්‍රියන්ත දයාකීර්ති.

ක්‍රිස්ටීන් ඉන්නවද? - නැහැ, සර්.

මැනේජර්, මිස්ට දිවාන් ඉන්නවා.

අනිල් කොහොමද? - ආ... මිස්ට දිවාන්.

ඔබ මුදල් ගෙනාවද? - මට මුදල් ගෙන ඒමට නොහැකි වුණා.

ඉතින් ඔබ මෙහි පැමිණියේ ඇයි?

මම ආවේ මුදල් ලැබුණේ නැති බව ඔයාට කියන්න.

ඔබේ මව තවදුරටත් මුදල් දෙන්න ප්‍රතික්ෂේප කළා.

ඔබ වැනි පුතෙකුට මුදල් දීම පාපයක් බව ඇය කිවුවා.

පුතාව වෘකයන්ට භාර දීම පාපයක් නොවෙයි, මම හිතන්නේ.

මම කොහොමද ඒ ණය සියල්ලම ආපසු ගෙවන්නේ?

මම ඔබේ මව සමඟ තර්ක කළා. නමුත් ඇය කිව්වා.

ඇගේ පුතා ගෙවන නාස්තිකාර ජීවිතය සඳහා ඇය දායක වෙන්නේ නැහැ කිවුවා.

වෛරය හැර, ඇය මට මෙතෙක් දී ඇත්තේ කුමක්ද?

කිසිම මවක් තම පුතාට වෛර කරන්නේ නැහැ.

ඇත්තටම, මවකගේ සැලකිල්ල තමා ඔබ වෛරය ලෙස හඳුන්වන්නේ.

අවංකවන්න. ඔබ මවට දී ඇත්තේ මොනවාද?

දුක සහ අසනීපද?

ඔබ ඇයව යම් දවසක මරණයට ළඟා කරාවි.

ඕවා නවත්වන්න! - අනිල්!

මේ මොහොතේ, මගේ අම්මා, මගේ ආගම, මුදල්ම පමණයි,

ඇගේ මරණයෙන් පසු මට ඒ සියල්ල ලැබෙනවා නම් මට කමක් නැහැ.

මට අවශ්‍ය වන්නේ මුදල් පමණයි.

ඔබේ මව මිය ගිය පසු පවා ඔබේ සිහිනය ඉටු නොවනු ඇත.

ඒ ඇයි?

ඒ ධනය ඔබේ පියාට අයිති නැහැ.

ඔබේ මවට, ඇගේ මුතුන් මිත්තන්ගේ ධනය තමා උරුමවෙලා තියෙන්නේ.

ඇය "අන්තිම කැමති පත්‍රයක්" හදන්න කිව්වා.

එවිට මුළු ධනයෙන් ඔබට කිසිවක් හිමි නොවෙන්න පුළුවන්.

දිවාන්, මම බියෙන් ජීවත් වීමට කැමති නැහැ.

ඔබට නිවරදිවෙන්න තවමත් කාලය තිබෙනවා, අනිල්.

ඔබේ මව පවසන ආකාරයටම ක්‍රියා කරනවා නම් සියල්ල ඔබගේ වේවි.

ඇයට අවශ්‍ය කුමක්ද?

විශාල මන්දිරයක ඇය තනියම, ඇය කිසි විටෙක සතුටක් වින්දේ නැහැ.

ඇයට අවශ්‍ය පවුලේ සාමාජිකයන් වැඩිවෙන්න.

ඔයා කෙනෙක්ව ගෙන එන්න බලන්න පෙළපත ඉදිරියට ගෙන යන්න.

ඔබ ඇගේ එකම පුතා අනිල්.

යහපත් පවුලකින් ගැහැනු ළමයෙකු සොයා ගන්න.

කරුණාකර ඇතුළට එන්න.

සාදරයෙන් පිළිගන්නවා, වාඩිවෙන්න!

ඔබ මෙහි ආවේ...?

මගේ සේවාදායකයා වෙත ඔබ උගස් තැබූ ඒ දේපොළ...

...ඔබට අහිමි වෙන්න යන්නේ.

ඔබේ මව, දැන් ඔබට මුදල් දෙන්නේ නැහැ.

කරුණාකර ඒ මුදල් පියවන්න, නැත්නම් මම නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.

ඔබ මට තර්ජනය කරනවාද?

මම වංචනිකයෙක් නොවෙයි. ඒ මුදල් ඔබට ගෙවනවා.

මම ඔබට තර්ජනය කරන්නේ නැහැ. ඒ ගැන දන්වලා යන්න ආවේ.

කරුණාකර ඒවා ගෙවා නිම කරන්න.

සර්, මම දෙයක් කියන්නද?

ඔව්, මොකක්ද?

ඔහුගේ තර්ජනය ගැන හිතන්න.

ඔබ අත්සන් කළ ලේඛන අනුව ඔබව හිරේට යවන්න පුළුවන්.

මම දැන් මොකක්ද කරන්න ඕන? - දැන් පැහැදිලිවම පේනවා...

...ඔබේ මවට ලේලියක් අවශ්‍යයි.

එබැවින් ඔබට පෙම්වතියක් ගෙදර එක්ක යන්න පුළුවන්.

පෙම්වතියක්? - ඔබ මවාපෑමක් කරන්න.

මගේ දිනපොතේ ගැහැනු ළමයින් ගොඩක්ගේ ලිපිනයන් තිබෙනවා.

මම ඒ සියල්ල අඳුනනවා.

ඔබ කියන ඔය ගැහැනු ළමයින්ව පාලනය කරගන්න පුළුවන් අය නොවෙයි.

මගේ අම්මා එවැනි ගැහැනු ළමයෙක්ව නිවසට ගන්නේ නැහැ.

ඉතින් සුදුසු ගැහැනු ළමයෙක් කොහෙද ඉන්නේ?

මට එන්න කිවුවද, සර්?

ජොන්සන් සහ සමාගමේ ෆයිල් එක මට අවශ්‍ය වුණා.

මම දැන් එය ගෙන එන්නද? - නැහැ. මම එය පසුව බලන්නම්.

ලීලා, ඔයා පොඩ්ඩක් වාඩි වෙන්න.

වාඩිවෙන්න!

ලීලා, ඔබ සමඟ කතා කරන්න, මට වැදගත් දෙයක් තිබෙනවා.

මම වීරවරිය ලෙස රඟපානවා, මේ නාට්‍යයේ.

මම එතැනට යන්නේ ලොක්කාගේ පෙම්වතිය ලෙස.

ඔයාට පිස්සු හැදිලාද?

කොහොමද මම ඔයාට එතැනට යන්න දෙන්නේ?

ඔයාට ඒක තේරෙන්නේ නැහැ, ලීලා. මේක අමුතු දෙයක්.

මට මේක මගේ මුළු ජීවිත කාලයටම අමතක නොවන දෙයක් වේවි.

මට නම් ඒක භයානක දෙයක්. මම මොනවද අම්මට කියන්නේ?

ඔයාගේ තාත්තාට? එයාල මටයි දොස් කියන්නේ.

අපිට ඔබේ මව ගැන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මගේ තාත්තා මේක දැනගන්නේ නැහැ.

ඔහු භයානක කෙනෙක්.

ඔහු, මට වඩා භයානකද?

ඔහු මාව ඔහුගේ මව වෙත එක්ක යනවා පමණයි.

ඔහු සොයන්නේ පොහොසත් පෙනුමක් තියෙන දුප්පත් කෙල්ලෙක්.

දුප්පත් කෙනෙක් වුවත් ධනවත් ගැහැනු ළමයෙක් වගේ පෙනෙන්නේ නැද්ද?

මගේ පෙනුම කොහොමද?

මගේ නම දැන් වර්ෂා නෙවෙයි, දීපාලි.

ඒ නම කොහොමද?

ලස්සන නමක්. ඔබ, ඇයට සියල්ල පැහැදිලි කළාද?

මම ඇයට කිව්වා ඇයට කරන්න තියෙන දේ. - වාඩි වෙන්න.

ඔබේ චරිතය කරලා ජය ලබාවි කියලා මම හිතනවා?

ඇය, ඒ දේ කරාවි, ඇය දුප්පත්.

විද්‍යාලයේ අපේ නාට්‍යවල ඇය සෑම විටම ප්‍රධාන චරිතය රඟපෑවා.

මගේ අම්මාගේ කේන්තියත් එක්ක ඔබට ජීවත්වෙන්න සිදුවෙනවා.

අසනීපයන් නිසා ඇය කෝපාවිෂ්ට කාන්තාවක් වෙලා.

අවශ්‍ය නම් මම ඇගේ වැඩ කරන්නම්.

එහෙනම් හොඳයි. තව ඇඳුම් ටිකක් ගන්න.

ඒවා ටිකක් පොහොසත් පෙනුමක් ඇති ඇඳුම් වෙන්න ඕන.

හෙට උදේ අපි මේ ස්ථානයෙන් පිටව යනවා.

ඔබ නගරයේ ද ජීවත් වෙන්නේ? - නැහැ.

මම බොහෝ විට ලීලා හමුවීමට එනවා. ඇය මගේ කිට්ටු මිතුරියක්.

ඔබේ දෙමාපියන්ගෙන් මාත් එක්ක යන්න අවසර ඉල්ලුවාද?

මගේ තාත්තා දිල්ලියේ වැඩ කරන්නේ.

මවකගේ සෙනෙහස මට නැහැ.

ඒ කියන්නේ? - මගේ අම්මා දැන් නැහැ.

අම්මා, අම්මා...!

මගේ මව ළඟට යනවා, තව ටිකකින්.

ඔබ දුප්පත් පවුලක කෙනෙක් කියලා අම්මාට දැනෙන්න ඉඩ හරින්න එපා.

ඔයාට වැටහුණා නේද? - ඔව්.

මට අමතක වූ දෙයක් තිබෙනවා ඔබෙන් අහන්න.

ඒ කුමක් ද? - ඔබගේ නම.

ඒ ඔබ සෑමවිටම මතක තබා ගත යුතු දෙයක්.

මගේ නම අනිල් චෞද්රි.

ඔහුගේ පුතා පොලිසියෙන් බේරෙන්න හැංඟිලා.

ඒ අතර මේ දුප්පත් මිනිසා කාර් එකේ හප්පලා දාලා ගියා.

ඒ මෝටර් රථය චෞද්රිගේ.

ඇයි නවත්තන්නේ නැත්තේ? ඔහුගේ ජීවිතයට හානියක් වේවි.

ඉන්දියාවේ ලොකු ජනගහනයක් ඉන්නේ ඒ නිසා එක මරණයක් ප්‍රශ්නයක් නොවෙයි.

ඔබ පුදුම කෙනෙක්නෙ, ආපසු යමු. මෝටර් රථය හරවන්න.

දුප්පතුන් පණ නැති ගල් නොවෙයි. ඇයි ඔයා මෙහෙම කරන්නේ?

ධනවතුන්ට හදවතක් නැහැ කියලා මම අහලා තියෙනවා.

මැඩම්, ඔබ මේ ගැන කිවුවේ නැද්ද? - මෝඩයා, ඔබ කතා කරන්නේ මෙහෙමද?

ඔබ හරියට දන්නේ නැහැ... - මම දන්නවා, චෞද්රි මහත්මයා.

මිනිස්සු පහත් පෙලේ සතුන් වෙලා.

පාරෙන් අයින් වෙන්න. - ඇත්තටම?

ඔබව ඔබේ මෝටර් රථයෙන් එළියට දැමීමට පෙර, ආපහු එතැනට යන්න.

කරුණාකර එතැනට වාහනය පදවන්න.

මහත්තයා, හරියා එක්ක යන්න.

මම වෙනත් හදිසි දෙයකට යන ගමන්, මම අද හවස ඔයාව හමුවෙන්න එනවා.

ඔබ ප්‍රමාද වුණා නේද? - ඒ හදිසි අනතුරක් නිසා.

මොන අනතුරක්ද? - මට චෞද්රි සමඟ ප්‍රශ්නයක් ඇති වුණා.

කොහොමද තාත්තාට? - ඔහු හොඳින්.

මගේ බිරිඳ? - ඇයත් හොඳින්.

ඔබේ බිරිඳ සහ පියා ගැන කරදර විය යුතු නැහැ.

මම දන්නවා ඔබ මෙහෙම සිටින තුරු ඔවුන්ට කිසිදු ගැටළුවක් නැහැ.

මම පොලිසියට කට්ටි පනින සොරෙකු ලෙසයි සලකන්නේ.

මම ඒ ගැන පසුතැවෙන්නේ නැහැ. නමුත් මගේ පියා හිතන්නේත් මම සොරෙක් කියලා.

මම දිවුරනවා. මම එහෙම කළේ නැහැ.

මම ඒක දන්නවා මොහාන්.

මෙතරම් මුදල් ප්‍රමාණයක් ඔබේ සාක්කුවේ තිබී නැතිවුණේ කොහොමද?

අවාසනාව තමා. එක්කෝ බිම වැටිලා, නැත්නම් කවුරුහරි මගේ සාක්කුවෙන් ගත්තා.

මම මුදල් උපයා ගන්න උත්සාහ කරනවා.

එය සාර්ථක වුණොත්. මම ඔයාව තව දවස් දෙකකින් හමුවෙන්නම්.

පොලිසිය ඔබ ගැන සොයනවා. මෙහි හමුවීම ආරක්ෂිත නැහැ.

මගේ ගොවිපොළට එන්න. - හොඳයි. මම දැන් යනවා.

ආයුබෝවන්, සර්.

ඇතුළට එන්න.

මට කිසිම ඖෂධයක් අවශ්‍ය නැහැ.

ඔබ මෙතරම් මුරණ්ඩු වන්නේ ඇයි?

මෙහෙම කළොත් කිසිම වෛද්‍යවරයෙකුට බැහැ ඔබව බේරා ගන්න.

මටත් ජීවත් වෙන්න ඕන නැහැ.

මේ වගේ ජීවිතයක් ගත කරනවාට වඩා මැරෙන එක හොඳයි.

ඒ කියන්නේ ඔබ උත්සාහ කරන්නේ සියදිවි නසා ගැනීමට.

මම මරණයට බිය නැහැ.

ජීවිතයට ආදරය කරන අය පමණයි, මරණයට බිය වෙන්නේ.

ජීවිතයට ආදරය කරන්නේ එයින් සතුටක් ලැබෙන අය පමණයි.

කරුණාකර ඉවසන්න. හැම දෙයක්ම හරි යයි.

මිස්ට චෞද්රි, ඔබේ පැමිණීම ගැන මට සතුටුයි.

මම දන්නේ නැහැ දැන් නම් මොනවා කරන්නද කියලා.

ඔබට පුළුවන්, දැන් ඇයව බලාගන්න.

ඔබ පැමිණියේ කීයටද? - මේ දැන්.

ඇය කවුද?

දීපාලි!

දීපාලි...? ඇයව එක්ක ආවේ ඇයි?

ඔබට ලේලියක් අවශ්‍ය වුණා නේද?

ඉතින් මම ඇයව එක්ක ගෙන ආවා.

ඔබත් සමඟ මෙහි එන්න, ඇගේ දෙමාපියන් ඇයට ඉඩ දුන්නේ කොහොමද?

මගේ තාත්තා දිල්ලියේ.

අසනීපෙන් ඉන්න නිසා මම බලන්න ආවේ.

මෙහෙ එන්න.

ඔයා ලස්සනයි, නමුත් ඔබ මෝඩයි.

ඇය බුද්ධිමත් කෙල්ලෙක්, අම්මා. ඇය ඉංග්‍රීසි භාෂාවෙන් එම්.ඒ කළේ.

ඒකෙන් ඇගේ බුද්ධිය මනින්න බැහැ.

ඇය බුද්ධිමත් නම්, ඔබ සමඟ එන්නේ නැහැ.

ඔබ, ඔහුව හඳුනා ගත්තේ? - මාස අටකට පමණ පෙර සිට.

මේ ටික කාලයට ඔබ, ඔහු සමඟ විවාහ වෙන්න තීරණය කළාද?

මම, ඔහුව අවුරුදු විසිපහක් තිස්සේ හඳුනනවා. - ඔයාට අසනීපයි අම්මේ.

ඔබ ඕනෑවට වඩා කතා කිරීම හොඳ නැහැ.

මට ඇත්ත කියන්න හොඳ නැද්ද?

කෙසේ වෙතත්, ඇය දැන් මෙහි සිටින නිසා.

වොචර්! - ඔව් නෝනා?

ඇයට අල්ලපු ගෙදර කාමරයක් දෙන්න. - හොඳයි, මැඩම්.

කරුණාකර එන්න!

මොකද වෙන්නේ, චිකූ? - ඔයාට පේන්නේ නැද්ද?

ඔරලෝසුව දෙස බලන්න.

මට පේනවා.

මට තරහා යනවා, මම නොමැතිව ඔයාලා දිවා ආහාරය තවම අරගෙන නැහැ.

අම්මා, මටත් කරන්න වැඩ ගොඩක් තියෙනවානේ.

තවම දිවා ආහාරය සඳහා කාලය පසුවෙලා නැහැ.

හරි, මම එන්නම් හෙට ඉඳන් වෙලාවට.

ඇය දරුණු ලෙස කෝපයෙන් සිටින්නේ.

ඔබ කට වහගෙන ඉන්නවද?

අම්මා, ඔබට නමස්කාර කරන්න ඕන.

රවට්ටන වැඩ කරලා වැඩක් නැහැ. - එහෙම නැහැ?

කමක් නැහැ.

හරි...

මට ඕනෑම දෙයක් කාලා ඉන්න පුළුවන්.

එතකොට මම හදපු කෑම කන්නේ නැද්ද?

ඔබ ගමේ සිදුවෙන සෑම දෙයක් ගැනම ඔලුවට ගන්න එපා.

ඒත් අන් අය වෙනුවෙන් කැපවීමට ඔයා මට ඉගැන්නුවා අම්මේ.

එහෙම කියන්න එපා, සතුරෝ ඉන්නවා.

Aan Milo Sajna subtitles in other languages

Kommentare

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left