The Maid

The Maid (สาวลับใช้)

Download Sinhala Untertitel

Release Info

The Maid 2020 THAI 1080p WEBRip x264-VXT
The Maid 2020 NF WEB-DL 720p AAC 2 0 H264-[Mkvking com]
Ein Kommentar von Dr.Nilusha
Fits for almost all releases... ජයවේවා!!!

Tags

Web-DL
web-dl
web
WEB-DL
720p
720
mkv
webrip
x264
BRip
1080
Veröffentlicht am: 2021-01-28
Downloads: 23
Hörgeschädigt: No

Sinhala Untertitel-Vorschau

Die ersten 200 Zeilen.

පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම නිලූෂ හේමාල් අලහකෝන් The Maid (2020)

ඒකට ගොඩාක් බය හිතෙනවා.

ඒ ගැන හිතනකොටත්,

මගේ හිරිගඩු පිපෙනවා.

පටන්නකොට මුකුත් නෑ.

පස්සේ වැඩි වෙනවා,...

වැඩිවෙනවා.

ඒක මගේ දිහාමයි බලාගෙන ඉන්නේ.

ඔයා මොකකටද "ඒක" කියලා කියන්නේ?

නිඩ් බේබි ළග තියෙන බෝනික්කෙකුට.

වඳුරු බෝනික්කා.

හරි!

ඒකෙන් එන ශබ්ධය,

තාමත් මගේ ඔළුවේ දෙදරනවා.

මම ඒ ගැන හිතන හැමවෙලාවෙම,

මට බය හිතෙනවා.

ඔයා මුලින් සන්සුන් වෙන්න.

ඔයා දැකපු දේ, ඔයාගේ බය නිසා මැවුනු දෙයක් වෙන්න පුළුවන්.

ඒක හැමතැනම.

ඒකට හැමතැනටම යන්න පුළුවන්.

මගේ පස්සෙන්මයි.

අනික, ඒක මගේ දිහා බලාගෙනමයි ඉන්නේ.

මැඩම්,

මට තවදුරටත් මෙහෙ වැඩ කරන්න බෑ.

මට හොල්මනක් වැහිලා.

මම දැක්කා වඳුරෙක්ව.

ඒකා හැමතැනම ඉන්නවා.

ඒකා මගේ පස්සෙන් එනවා.

මම අස්වෙන්න කැමතියි.

ඔයා අස්වෙන්න කැමති නම්...

මම නවත්තන්නේ නෑ.

එහෙනම්...

මම මෙහෙන් යන්නම්.

චායි.

ඔවු මැඩම්.

වැන්ට කියන්න අපිට අළුත්, පාලිකාවක් හොයන්න කියලා.

හරි මැඩම්.

අම්මා?

ෆොන් මෙනවිය කියපු කතාව,

ඇත්තක්ද?

හොල්මන් ඇත්ත නෙමෙයි.

මේ වඳුරා ඔයාගේ තනියට ඉඳීවි.

ඒත්...

ඒත් මොකක්ද?

පාලිකාව මට කිව්වා,

විකාර කියවන්න එපා, නිඩ්.

මම කිව්වානේ, හොල්මන් කියලා දෙයක් නෑ.

මම අළුත් පාලිකාවක් හොයාගන්නම්.

දැන් නිදාගන්න.

ඔයාගේ ඇස් වහගන්න.

ඊටපස්සේ...

එතන තව ගෑණු කෙනෙක් හිටියා.

ගෑණු කෙනෙක්?

එයාව කලින් දැකලා තියෙනවාද?

නෑ.

මම දැනගෙන හිටියේවත්,

දැකලා තිබ්බෙවත් නෑ.

එයා ගොඩාක් බය හිතෙනවා.

මට විස්තර කරන්නවත් බෑ.

මම අනිත් අයට කිව්වාම,

එයාලා හිතුවේ විකාර කියලා.

මට දේවල් පේනවා කියලා.

එයාලා හිතුවා, මට මායාවන් පේනවා කියලා.

මොකද්ද FTD රෝග ලක්ෂණය කියන්නේ?

Frontotemporal dementia ඒ කියන්නේ, මොළයේ ආබාධයක්.

මේ රෝග ලක්ෂණය කලාතුරකින් පොඩි දරුවන්ට හැදෙනවා.

ඔයාලාගේ පවුලේ කාට හරි මේ වගේ රෝගයක් තියෙනවාද?

මගේ පවුලේ නම් නෑ.

පස්සේ කාලෙක, මෙයාට අමතකවීම්, නොපැහැදිලි වීම්, මායාවන් පෙනීම් ඇතිවේවි.

සමහරවිට එයාට හිතේ මවා ගත්ත යාළුවෙක් ඉන්නත් පුළුවන්.

නැත්නම් එයාව බය කරන කෙනෙක්.

ඔයාලා දෙන්නාම මේ තත්ත්වය අවබෝධ කරගන්න එක වැදගත්.

සමහර මිනිස්සු දුකෙන් පැනලා යනවා..

තමන්ගේ ලෝකේ කාලය නතර කර ගැනීමෙන්.

එලියේ ලෝකය කොච්චර වෙනස් වුනත්,

එයාලා,

ජීවත් වෙන්නේ ඒ කාලෙමයි.

එයාලා හිතන්නේ ඒ කාලය..

සතුටු කාලය කියලා.

ඒත් අන්තිමේදී,

ලෝකය නතරවෙලා තිබ්බාත්,

වේදනාව..

පස්සෙන් එනවාමයි.

ඔයාද ජෝයි?

ඔවු.

සමාවෙන්න!

මම හිතන්නේ, ගෙදරක හැසිරෙන විදිය මම වැඩිය කියන්න අවශ්‍ය නෑ කියලා.

ඔයා මෙහෙට එන්න කලින්,

මම හිතනවා, මෙහෙ කරන්න තියෙන වැඩ ගැන කියවන්න ඇති කියලා.

ඒවා මෙහෙට වැදගත්.

ඊට අමතරව, මේ ගෙදර නීති මතක තියාගන්න.

ඔයාගේ වැඩ හොඳින් කරන්න, ඔයාට පුළුවන් තරම් හොඳින්.

වැදගත්ම දේ,

අනිත් අයගේ දේවල් ගැන හොයන්න තහනම්.

මම හිතනවා ඔයාට තේරෙනවා කියලා.

ඔවු.

වදවෙන්න එපා, වැන් මහත්මිය.

මම දන්නවා හැසිරෙන විදිය.

මට සතුටුයි.

ඔයා ඉක්මනින් ඉගෙන ගන්නවා.

ගෙදර වැඩ වලට අමතරව, ඔයාට නිඩ් බේබිවත් බලාගන්න වෙනවා.

එයාට සනීප නෑ.

ඒ නිසා එලියට යන්න බෑ.

මෙයා කවදාවත් එලියට ගිහිනුත් නෑ.

නිඩ් බේබිට ඔයාව හඳුන්වලා දෙන්න.

හලෝ නිඩ් බේබි.

මගේ නම ජෝයි.

ඔයා මොනවාද අඳින්නේ?

ඒ ගැන හිතන්න එපා.

නිඩ් බේබි ට තියෙන්නේ මානසික රෝගයක්.

එයා හිතනවා, එයා දේවල් දකිනවා කියලා.

ඔයා නවතින්නේ පාරේ එද්දි තිබ්බ ගෙදර.

මම චායි ට කියන්නම් එතනට ගෙනියන්න කියලා.

හෙට පරක්කු වෙන්න එපා.

මැඩම් කැමති නෑ පරක්කු වෙනවාට.

හරි.

අනික, නීති අමතක කරන්න එපා.

අනිත් අයගේ වැඩ වලින් ඈත් වෙන්න.

හරි.

මේ ඔයාගේ නවාතැන.

- මම මෙහෙ තනියමද ඉන්නේ? - ඔවු.

මේකේ සමහර දේවල් කැඩිලා තියෙන්න පුළුවන්.

එහෙම දෙයක් දැක්කොත්, මට කියන්න.

මම ඒක හදලා දෙන්නම්.

ඔයාට මෙහෙ තනියම ඉන්න පුළුවන්ද?

ආහ්?

ඔවු. මට පුළුවන්.

චායි.

ඇයි...

මේ ගෙදර පාලිකා ඇඳුමක් තියෙනවාද?

අර තියෙන්නේ ඔයාගේ නිළ ඇඳුම.

හෙට උදෙන්ම ලෑස්ති වෙන්න අමතක කරන්න එපා.

මම දැන් යනවා.

මට රස්සාව ලැබුණා.

මොන රස්සාවද?

විදේශිකයෙකු‌ගේ ගෙදර පාලිකාවක් විදියට?

ඔයා එහෙ පාලිකාවක් වෙන්නද හදන්නේ?

- ඇයි? - මොන මගුලක් හින්දාද ඔයාට පාලිකාවක් වෙන්න හිතුනේ?

අරක හින්දාද...

මේ ජෝයි මැඩම්.

හලෝ.

ඔයා කොහේද කලින් වැඩ කලේ?

මම හිටියේ විදේශිකයෙකුගේ ගෙදර.

හොඳ රස්සාවක් වගේ.

ඇයි එතනින් ආවේ?

මගේ ස්වාමියා ආපහු එයාගේ රටට ගියා.

ඒ ගෙදරත් විකුණුවා.

වාසනාවට, මට කෙනෙක් කිව්වා, මේ ගෙදරට පාලිකාවක් අවශ්‍යයි කියලා.

එතකොට මට රස්සාවක් තියෙනවානේ.

ඔයාගේ පවුලේ කී දෙනෙක් ඉන්නවාද?

හතරදෙනයි. මමයි, අම්මායි, තාත්තායි, නෑනයි.

ඔයා දන්නවාද මේ ගෙදර කරන්න තියෙන දේවල්?

ඔවු මැඩම්.

මම පොරොන්දු වෙනවා හොඳින් වැඩ කරනවා කියලා.

මම ඔයාව සතුටු කරවනවා.

අපි බලමු.

ආයේ වට්ටන්න එපා, නිඩ් බේබි.

මට ඔය ඉක්මනට අහුලන්න බෑ.

අපි දැන් නිදාගමු. මේ දැන් නිදාගන්න වෙලාව.

එන්න.

අපි නිදාගන්න යමු.

එන්න. අපි නිදාගමු.

එන්න.

මෙන්න.

මට නිදාගන්නේ නැතුව ඉන්න බැරිද මිස්...?

මගේ නම ජෝයි.

ඔයා දැන් නිදාගන්න.

ඇස් වහගන්න.

මට සමාවෙන්න!

ඔයා හොඳින්ද?

ඔයා මෙහෙට අළුත්ද?

ඔවු.

නම?

මගේ නම ජෝයි.

ජෝයි.

භෝන්, ඔයා ආපහු සංදර්ශණයක් දානවාද?

අයියෝ මිස් වැන්. මම හදන්නේ මෙතන, සතුටු හිතෙන තැනක් කරන්න.

ජෝයි, ඔයා කැමතිද නටන්න?

අනේ මට නටන්න බෑ.

ඔයා පරණ තාලේ.

ජෝයි!

ජෝයි.

කොහොමද නිඩ් බේබි?

සමාවෙන්න මොකද්ද?

දවසක, මම මේ ෆෝන් එක විසි කරලා දානවා.

මිස් වැන්. ඉන්න. මම මේකට තාම ගෙවනවා. විසි කරන්න එපා.

සද්දේ නැත්නම්, විනෝදයක් නෑනේ.

ඇයි මේ තරම් සද්දෙන් දන්නේ?

මේක ගන්න ජෝයි.

මේක මැඩම් දුන්නේ.

එයා මේක දුන්නේ ඔයාට නේද?

මිස් වැන් ට දියවැඩියාව.

එයාට දිනපතා එන්නත් ගහනවා. මෙයාට කන්න හොඳ නෑ.

එයා කැමතියි අපි බෙදාගන්නවාට.

භෝන්ට දැනටමත් ගොඩාක් තියෙනවා.

මගේ දිහා බලන්න.

ස්තූතියි.

සමාවෙන්න.

සමාවෙන්න.

ඔයාගේ අම්මා ඔයාව එලියට ගෙනිහින් නැද්ද?

Kommentare

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left