Die ersten 200 Zeilen.
සිංහලට පරිවර්තනය කලේ නිලූෂ හේමාල් අලහකෝන් Slumberland (2022) - සිහින දේශය
මිනිස්සු හිතන්‍නේ, හීන කියන්නේ පැනයන විදියක්.
ඇහැරිලා ඉන්න ජීවිතෙන් මිඳෙන්න අවස්ථාවක්,
වගකීම් නොමැති ලෝකයකට.
ඒත් ඒක ඇත්ත නෙමෙයි.
ඔබේ හීන නිකම්ම වෙන්නේ නෑ.
අපි ඒවා හදන්නේ.
අපි ඒවා ඔයා වෙනුවෙන්ම නිර්මාණය කරලා තියෙන්නේ.
අපිට හේතු තියෙනවා, අපිට වෙනම නීති තියෙනවා.
අපි ඔබේ හීන නිර්මාණය කරන්නේ ඔබේ ගමනට උදව්වක් වෙන්න.
මෙයා යන දිහා බැලුවොත්, මෙයාට පුළුවන් හැම උදව්වක්ම ඕනේ වේවි.
සුබ උදෑසනක්, ඌරා.
උදෑසනක්, බග්සි.
හේයි තාත්තා. මොනවාද ගෙනාවේ?
මුහුදේ ගව් ගානක් දුර ගෙවාගෙන ආවේ ඔයාට උදේ කෑම දෙන්න.
ආහ්. ස්තූතියි. ඉන්න ඉන්න මට උදව්වෙන්න දෙන්න.
- මේක හොඳයිද? - ස්තූතියි.
ඔවු.
හේයි බග්සි!
හරි.
බටර් දාලා.
ආහ්!
ආයේ... බටර් දාලා.
අපි ඉස්සරහාට යනවා, දරුවෝ?
සුළඟ වටෙන් ඒවි.
ඉතිං ඔයා මොකක්ද කරන්නේ?
රුවල් දානවා.
රුවල් දානවා.
තව පොඩ්ඩක්. තව පොඩ්ඩක්..
මෙන්න දරුවා.
මෙයාගේ නම ෆ්‍රෙඩ්.
හායි ෆ්‍රෙඩ්.
මට ඉන්නවා සේමෝර්.
තාත්තා, ඇයි මට ගණන් ඉගෙනගන්න ඕනේ,
මම ඔයා වගේ ප්‍රදීපාගාරය බලාගෙන ඉන්නවා නම්?
මම දැනටමත් දන්නවා, ප්‍රදීපාගාරයක කරන්න තියෙන හැමදෙයක්ම.
මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න.
ඇයි ප්‍රදීපාගාරයක් තියෙන්නේ?
නැව් ආරක්‍ෂා කරන්න.
නෑ. ඒකට නෙමෙයි තියෙන්නේ.
ඒත් ඔයාට ඒකට උත්තර දෙන්න පුළුවන් වෙනකොට...
මම ඔයාට ප්‍රදීපාගාරයේ යතුර දෙන්නම්, ඒක පොරොන්දුවක්.
දැන්, ඇඳට.
ඔයාට ඌරාව ඕනේ නැද්ද?
මට දැන් එකොලහක්.
සමාවෙන්න ඌරා. ඒක ජීවිතයේ හැටි.
හ්ම්ම?
මොකක්ද ඒ?
නෑ නෑ. ඔයාට වදවෙන්න දෙයක් නෑ. මම තාමත් ඔයා වෙනුවෙන් ඉන්නවා.
හරි. සුබ රාත්‍රියක්.
ඉන්න!
- හ්ම්ම්? - එක කතාවක්?
ෆ්ලිප් කතාවක්?
හරි.
ඔයා කවදාවත් අහලා නැති එකක් කියන්නම්.
ඔයා දන්නවා, මම ෆ්ලිප් එක්ක, අපි ජීවත්වුනේ නීතියෙන් පිට ජීවිතයක්. හ්ම්ම්?
හැම රාත්‍රියකම නිධන් හොයාගෙන, .. තියෙන ඕනම දෙයක්.
දැන්, එක දවසක්, ෆ්ලිපි මගේ ළඟට ආවා, එයා කිව්වා, "මට ඇහුණු දේ දන්නවාද."
එයාට අහන්න ලැබිලා, මුතු ඇට ගැන, මැජික් මුතු ඇට.
ඔයාට ඒ මුතු ඇටයක් ලැබුනොත්, ඔයාට කැමති දෙයක් ප්‍රාර්ථනා කරන්න පුළුවන්.
අමාරු දේ තමයි, ඒ මුතු ඇට හොයාගන්න පුළුවන්
මිනිහා දන්න භයානකම වතුර යට.
නරක හීන සමුද්‍රය.
මට ඒක ඇහුණු ගමන්ම, මම හරියට,
"මට එන්න බෑ. මට ඒකෙන් කරන්න දෙයක් නෑ."
ඊටපස්සේ, අනිවාර්යයෙන්ම, ෆ්ලිප්, ඔයා එයාව දන්නවානේ, එයා ගිහින්, දෙපාරක් තට්ටු කලා.
ඔයාගේ සහායකයා දෙපාරක් තට්ටු කලාම...
- ඔයාට ප්‍රතික්‍ෂේප කරන්න බෑ. - අන්න හරි.
නීතියෙන් බැහැර රීතිය.
රුවල් සූදානම් කලා, අපි.
මම ඔයාට කියන්නම්, එදා සීතලයි. ඒක හොඳටම සීතලයි.
ඒත් මම හිතන්නේ, මේකයි,
ඒ වගේ කාළගුණයක, ෆ්ලිප් ළඟ එච්චර ගඳ නෑ.
ඊටපස්සේ කුණාටුව ආවා.
ඊළඟට රැලි.
එකපාරටම භයානක සද්දයක් ආවා.
ඒක අපි වටේම ඇහෙන්න ගත්තා.
ඒකේ සද්දේ හැම තත්පරේම වැඩිවුනා
ඒක තමයි ලොකුම, මාරාන්තික දිය සුළිය, මම දැකලා තිබ්බ.
ඒක වටේ කැරකුනා, මගේ පිටිස්සට වැදුණා,
මාව වැටුණා වතුරට.
මාව පහළටම ගියා, හරියට යකඩයක් වගේ.
පහලට... පහලට,
අන්තිමේදී මම දැක්කා, මුහුදු පතුලේ පොඩි සිදුරක් තියෙනවා.
ඉතිං, මම ඇතුලට පීනුවා.
අනිත් පැත්තේ මොනවාද තිබ්බේ?
ඒක මැරුණු තැනක්.
කිසිම ජීවයක් තිබ්බේ නෑ,
හැමතැනම විසිරිලා තිබ්බේ, පරණ මුහුදු සත්වයන්ගේ ඇටකටු.
ඒ වෙලාවේ තමයි ඒක ආවේ.
රාක්‍ෂයා.
ඌ එලියට ආවා අඳුර මැඳින්.
රෑ වගේ කළුයි, මම දැකලා තියෙන හැම සතාටම වඩා ලොකුයි.
දිග, දුම් පිරුණු, තද කළු අඩු.
මම බයෙන් ගල් ගැහුණා.
ඒකා හිමින් හිමින්...
හිමින්...
මගේ ළඟට ඇවිත් මාව අල්ලගෙන, හොලවගෙන ගියා පුළුවන් තරම් හයියෙන්! මම...
සූදානම් වෙන්න.
ඉන්න, ඔයාට දැන් නවත්තන්න බෑ.
මොකද? ඔයා කියන්නේ බය හිතෙන කෑල්ලද?
- ඒකට බය හිතෙන්නේ නෑ. - හ්ම්-ම්ම්ම්.
ඒක ගොඩාක් සිත් ගන්නා සුළු කතාවක ආරම්භයක්.
- පීටර් ළඟට යන්න. - සිත්ගන්නා සුළු ආරම්භයක්.
හරි.
නීමෝ, මේ අහන්න.
ලෝපේස් වල මාළු අල්ලන බෝට්ටුවක් කරදරේ වැටිලා.
අද රෑ මට ටිකක් වැඩ වැඩිවේවි.
අහන්න, ඔයා දන්නවා නේද විදුලි බලය නැතිවුනොත් කරන දේ?
අතිරේක ජෙනරේටරය දානවා,
තෙල් පොම්පය පිරිසිදු කරනවා, කාර්ලාට කතා කරනවා ප්‍රශ්නයක් තියෙනවා නම්.
මට පුළුවන් තාත්තා.
සුබ සිහිනයක්!
හේයි... අහුවුනා.
නවත්තන්න.
සුබ රාත්‍රියක්.
සුබ රාත්‍රියක්. මම ඉක්මනින් එනවා.
තාත්තා?
උදව්! උදව්!!
උදව්!
උදව්!
උදව්!
උදව්!
කාර්ලා?
කාර්ලා, කෝ මගේ තාත්තා?
නීමෝ.
එයා ගිහින්, පැටියෝ.
එයා ගිහින්.
මට කණගාටුයි.
මේවා තමයි එයාගේ කැමැත්ත.
එයා ඔයා එක්ක මේ ගැන කතා කරලා තියෙනවාද?
මෙයාගේ අම්මා මැරුනේ පොඩි දරුවෙක් කාලේ,
එයා හැදුනේ තාත්තා එක්ක තනියම.
එයාට වෙන කවුරුවත් නෑ.
ඔයා නැත්නම් එයා රජයේ තැනකට යවනවා.
එයාලා මෙයාව අනාථ නිවාසෙකට හරි, ගෙදරකට හරි...
නීමෝ, ඔයාට මාමාව මතකද?
නෑ. මට එයාව කවදාවත් හමුවෙලා නෑ.
ඔයාගේ තාත්තා උපදෙස් දුන්නා.
එයාට මොනවාහරි වුනොත්....
එයාට ඕන වුනා, ඔයාව මාමා ළඟට යවන්න, නගරේ ජීවත්වෙන.
ඒත්, මට ප්‍රදීපාගාරය බලාගන්න තියෙනවා.
නීමෝ, ඔයාට තනියම ජීවත්වෙන්න බෑ.
ඒත්, මට ඒක කරන්න පුළුවන්. මම ඒක ගැන දන්නවා.
එයා මට හැමදේම කියලා දුන්නා.
මට කණගාටුයි පැටියෝ.
අපේ කාලය සහ ස්ථානය නැමැති සීමාවෙන් පිටත සිටින්නා වෙනුවෙන්,
වතුර අපිව දුරකට ගෙනියත්වා
මම බලාපොරොත්තු වෙනවා මගේ නියමුවාව මුණ ගැහෙන්න
ඒ සීමාව, මම පසුකල දාට.
ඒ එයා.
හලෝ?
නෑ, මේක හොඳ වෙලාවක් නෙමෙයි.
මගේ.. මගේ සහෝදරයා මුහුදේදී නැතිවෙලා.
හ්ම්. නෑ. නැතිවෙලා. මම එයාගේ අවමංගල්‍ය උත්සවයේ.
අපි වෙනවෙලා හිටියේ, ඇත්තටම.
වෙන්වෙලා.
මම... මම සතුටුයි මගේ සැලැස්මට.
- කාර්ලා. - හලෝ.
හලෝ.
මට ඔයාගේ නැතිවීම ගැන කණගාටුයි.
අපේ.. ඇත්තටම.
හ්ම්, අපිට පුළුවන්...
අපි පිටත්වුනොත් හොඳයි, බෝට්ටුව අල්ලගන්නවා නම්.
ආහ්, සපත්තු දාගෙන කාපට් එකට යන්න බෑ.
- ආහ් සමාවෙන්න. - නෑ...
මේක හොඳ ගොඩනැගිල්ලක්.
ඔයාට යන්න හිතෙන්නේ නෑ.
මම ඒක තමයි කරන්නේ, මොකද මම ගෙදර ඉඳලා වැඩ.
සමාවෙන්න.
මෙතන ඇඳුම් පිරිසිදුකරන තැනක්, කෝපි කඩයක් තියෙනවා.
එයාලා ළඟ තියෙනවා... හොඳ ස්ටූඩියෝ එකකුත්.
ඔයා නටන්න කැමතිද?
හරියට කැරකෙනවා වගේද?
මම දන්‍නේ නෑ, මම... කවදාවත් කරලා නෑ.
හේයි...
ඔයා කැමතිද දොර අගුල් වලට?
ටා-ඩා!!
මෙයාලා මගේ බබාලා.
ඔයා දොර අගුල් විකුණන කෙනෙක්ද?
මම.. මම දොර අගුල් විකුණන කෙනෙක් නෙමෙයි.
මට අයිතියි දොර අගුල් විකුණන සමාගමක්.
අපි විකුණනවා දොර කොකු, යතුරු කට පියන්.
මේක තමයි අපේ වෙනස.
ගොඩාක් ව්‍යාජ අලංකාරකයෝ මේ ව්‍යාපාරයේ, එයාලා අළුත් දේවල් පස්සේ දුවනවා, අපි එහෙම නෑ.
නෑ, ස්තූතියි. අපි පරණ දේවල් වලම ඉන්නවා.
මොකද ඒවා ආරක්‍ෂිතයි. විලාසිතාවක් නෙමෙයි.
- ඕක අල්ලන්න එපා. - ආහ්, සමාවෙන්න. මට සමාවෙන්න.
ඒක සෙල්ලම් බඩුවක් නෙමෙයි.
ඒක කෞතුක භාණ්ඩයක්.
ඇල්කට්‍රාස් සිර කඳවුරේ එකක්.
මට ඔයාව කාමරේ හිර කරන්න ඕන වුනොත්.
මම.. මම ඔයාව කාමරේ හිර කරන්නේ නෑ.
ඒක... විහිළුවක්.
ඔයාව බදාගන්න වගේ දෙයක් ඕනේද?
නෑ.
හොඳයි. සුබ රාත්‍රියක්.
මම දන්නවා ඌරා. මටත් ආයේ එයා එක්ක ඉන්න තියෙනවා නම්.
ඌරා.
මොකක්?
No comments yet. Be the first to leave one.