Die ersten 200 Zeilen.
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම නිලූෂ හේමාල් අලහකෝන් The In Between (2022)
හැම ආදර කතාවක්ම හොල්මන් කතාවක්. ඩේවිඩ් ෆොස්ටර් වොලස්
ජීවත්වෙන ලොකෙට සාදරයෙන් පිළිගන්නවා.
ඉතිං?
සුබ උදෑසනක්, ටෙසා. මම දොස්තර සාකිසියන්.
ඔයාට ලොකු වාහන අනතුරක් වුනා.
කම්පනය නිසා ඔයාගේ හදවත පැලුණා,
ඒ නිසා අපි ඒක සැත්කමකින් හැදුවා.
ටෙසා?
අනතුරට දින 182කට කලින්
සුබ උදෑසනක්.
සුබ උදෑසනක්. මම පෑන්කේක් හැදුවා.
සමාවෙන්න. මම පින්තූර ගන්න යනවා.
එලියේ ගොඩාක් සීතලයිනේ.
මට උදේ එලිය මඟහැරවගන්න ඕනේ නෑ.
සමහරවිට ඔයා ආපහු ආවාම අපි කොලේජ් ගැන හොයලා බලමු.
හරි. බායි.
එයා කැමරාව අස්සේ හැංගෙනවා.
එයා අපේ එක පින්තූරයක්වත් අරගෙන නෑ.
ඔයාත් ලස්සන වැඩියි. එයාගේ කාච කැඩෙයි.
හේයි, මම කිව්වානේ, එයාට ඔයාගේ ළඟට එන්න දෙන්න.
දැන් අවුරුද්දක් වුනා. කොලේකට අත්සන් කලා කියලා දෙමාපියෙක් වෙන්නේ නෑනේ.
ඒක වෙනවා.
ඔයා ඇරලාද ශර්මන්?
ඔයා වෙනුවෙන් ටෙසා.
මම හිතන්නේ සල්ලි ටිකක් මදි.
ඒක අපරාධයක් නෙමෙයි. මට කමක් නෑ.
චිත්‍රපටිය රසවිඳින්න.
ශර්මන්, කෝ උපසිරැසි?
ඔයා බලන්න. මම පරිවර්තනය කරන්නම්.
"අපි දවල්කාලේ හමුවෙච්ච පළවෙනි වතාව."
"ඒත්, ඔයා කලින් වැඩියි."
මම හිතන්නේ මම ගිහින් මෙතන අයිතිකාරයාට කතා කරන්නම්.
එයාටත් මේකට කරන්න දෙයක් නෑ. එයාලා එවලා තියෙන්නේ වැරදි කොපියක්.
මට මගේ සල්ලි ආපහු ගන්න පුළුවන්.
මම මේක කලින් බලලා තියෙනවා. මම හිතන්නේ ඔයා බැලුවොත් හොඳයි.
මේක අවසානේ සතුටුද?
නෑ. කීයටවත් නෑ.
හරි. එහෙනම් මම ඉන්නම්.
"ඔයා ඔය ඔක්කෝම මිරිස් තනියම කන්නද හදන්නේ?"
"මේ රස්නෙදී, ඔයාට පිස්සු හැදිලා"
"මම කොච්චර රස්නේ වුනත් මිරිස් කනවා, බෙටි."
"පාහරයෝ." "මොකක්?"
"වැඩක් නෑ. මාව ඉඹින්න"
"ඒ පාහරයෝ. ඔයාට කොහොමද මෙහෙම කරන්නේ?"
මට සමාවෙන්න. මම කොච්චර වෙලා මෙහෙම කලාද?
පැයකට විතර කලින් දැනෙන්නේ නැතිව ගියා,
- ඒ නිසා කියන්න බෑ. - ඇයි ඔයා මුකුත් කිව්වේ නැත්තේ?
මේ චිත්‍රපටියට මම ටිකක් වශී වුනා.. ඉතිං...
මේක ආදර කතාවක්.
මම කියන්නේ, හැම ආදර කතාවක්ම වශීවෙන ඒවා නෙමෙයි.
හැම හොඳ එකක්ම එහෙමයි
රෝමියෝ ජුලියට්, ඇනා කැරනිනා,
The English Patient. හ්ම්-ම්ම්ම්.
මම හිතන්නේ, සම්බන්ධයක අවසානය
නිසා තමයි ආදර කතාවක් අමරණීය වෙන්නේ.
මොකද එතකොට Pride and Prejudice ගැන?
ජේන් අයර්? ඒ දෙකේම තියෙන්නේ සතුටු අවසානයක්.
ඒ මොකද, කතෘ තීරණය කරනවා ආදර කතාව ඉවර කරන්න අමුවෙන්ම.
වාව්. ඒක හරිම වෙනස් විදියක්
ඔයා වැරදියි කියලා පිලිගන්න.
හරි. මෙහෙම හිතන්න.
හිතන්න, ලියනාඩෝ ඩිකැප්‍රියෝ ටයිටැනික් එකේ අන්තිමේදී මැරුනේ නෑ කියලා.
- එහෙම හිතන්න ඕනේද? - හිතන්නකෝ.
ජැකි ඩෝසන් කියන්නේ රස්සාවක් නැති සල්ලි නැති සූදුකාරයෙක්,
සාමාන්‍ය ප්‍රමාණයේ කලා හැකියාවක් තියෙන.
- එයා රෝස්ව බේරගත්තා. - හරි.
ඒත් එයා ආදරේ පෙන්නලා එයාව බඳින්න හිටපු කෙනාගෙන් වෙන් කලා.
දුප්පත් රෝස් මෝහනය වුනා අර කාර් එක ඇතුලේ සිද්ධියෙන්,
ඒ නිසා එයා හිතුවා එයාගේ මුළු ජීවිතයටම ඒ වගේ වික්‍රම කරන්න පුළුවන් කියලා?
අයියෝ. ඒක මහ දුක්ඛිත, දුප්පත් සහ අමානුෂික ඇදහිල්ලක්.
ටයිටැනික් 2. පළවෙනි එක අවුල් කියලා හිතනවා නම්...
දෙවියනේ..
- මම.... - යන්න වෙලාව හරි!
දෙවියනේ, මෙයාට දෙන්නේ තරු එකක් විතරයි මම.
ඔයා කොහොමද මෙච්චර හොඳට ප්‍රංශ කතා කරන්න දන්නේ?
මගේ තාත්තා විදේශ භාෂා පිළිබඳ මහාචාර්යවරයෙක්.
ඉතිං මට අවුරුදු දොලහෙදී, මට පුළුවන් ප්‍රංශ, ස්පාඤ්ඤ සහ ඉතාලි භාෂාවන්.
දෙවියනේ...
මට පුළුවන් නම් ඩාන්ටේ ගේ INFERNO පොත ඉතාලි භාෂාවෙන් කියවන්න,
- මගේ ජීවිතේ සම්පුර්ණ වේවි. - මට නිතර ඕක අහන්න ලැබෙනවා.
- ඇත්තට? - නෑ නෑ. මම කවදාවත් අහලා නෑ.
ඔයාට තියෙන්නේ ටිකක් පරණ කැමරාවක්නේ. ඩිජිටල් එකකින් ගන්නේ නැද්ද?
නෑ. මම කැමති නෑ. මම මේ විදියට වැඩි පරාසයක පින්තූර ගන්නවා.
අනික, මම ටිකක් ඇබ්බැහිවෙලා පින්තූර හදන රසායනික සුවඳට.
ඒ සුවඳ මට මාර රසයි.
හරියට ඔයාගේ ඇස් මට දැන් කරන දේ වගේ.
ආහ්.
ඒක...
- ඒක ඇත්තටම අවුල්. - නෑ නෑ.
ඒක... ඒක...
ටිකක් අවුල් තමයි.
මගේ ඔළුවේදී ඒක හොඳට තිබ්බා.
හරි. එහෙනම් මට චුට්ටක් හිතන්න දෙන්න.
- තාමත් අවුල්ද? - ඒක අන්තිමයි ඇත්තටම.
අනේ මන්දා.
මම දැන්....
ඔවු මමත්.
ස්තූතියි මට ඉඩ දුන්නාට
පැය තුනක් ඔයාගේ කණට මුමුණන්න.
සුළු දෙයක්.
- ස්කයිලර්. - මොකක්?
මගේ නම... ස්කයිලර්.
මම ටෙසා.
සමහරවිට මට ඔයාව ආපහු මුණ ගැහේවි.
ඒක හොඳයි.
මගේ ජැකට් එක.
ස්කයි, ඔයා ජීවත්වෙනවා!
එන්න. මට ඔයාට පෙන්වන්න දෙයක් තියෙනවා.
ස්කයි!
නරක හීනයක්.
ඔයා එයාගේ නම කිව්වා.
ඒකට කියන්නේ "හමුවීමේ හීන". මෙහෙ ගොඩාක් දකින්න තියෙනවා.
ඒක සංවේගයේ එක ලක්ෂණයක්.
මම දන්නවා. ඒත් ස්කයිලර් ඇත්තටම මෙතන හිටියා වගේ.
- ඩොරිස් හරිම කැමති වේවි ඒ ගැන අහන්න. - කවුද ඩොරිස්?
මරණින් පසු ජීවිතය ගැන පොතක් ලියන රෝගියෙක්.
කලින් දවසක, එයා මට සාස්තරයක් කියන්න හැදුවා.
මම ප්‍රතික්‍ෂේප කලා.
- මේ මොනවාද? - අනතුරේදී ඔයාගේ දේවල්.
එයාලා දැන්ම සිද්ධිය වහලා ඉවරද?
රියදුරා අරක්කු හෝ මත්ද්‍රව්‍ය අරගෙන තිබුනේ නෑ.
ඒ නිසා සිද්ධියේ අවසානය ඒක.
එයාලා මගෙන් විස්තර ගත්තේවත් නෑ.
ඔයා කිව්වානේ අනතුර ගැන මුකුත් මතක නෑ කියලා?
- මතක නෑ. - ඒක හොඳටයි එහෙනම්.
මට ගොඩාක් ධෛර්යයක් ආවා ටෙසා.
ස්කෑන් එකේ හැටියට, ඔයාගේ දකුණු කෝෂිකාව
හොඳින් වැඩ කරනවා ඉරුණු එක අතහැරලා.
අන්තිමේදී, හොඳ ප්‍රවෘත්තියක්.
ඊට වැඩිය දෙයක් මේක.
මේ විදියේ තුවාල ලැබුණු 99%ක්ම මිය යනවා.
මමත් මැරුණානේ.
පොඩිවෙලාවකට විතරයි.
මට ස්කයිලර්ව පේනවා.
හරියට එයා සුදු පාට එලියක ඉන්නවා වගේ.
ඒ මොකද ඒ? එයාට මායාවන් පේනවාද?
ශරීරය මේ වගේ භයානක දේවල් වලට මුහුණ දුන්නාම...
... හයිපොතැලමසය මොළයට ගිහින්
- මොළයේ වේදනාව එක්ක එකතුවෙනවා. - එයාට ගෙදර යන්න පුළුවන්ද?
මේ සතිය අවසානයේ. ඊළඟ සති කීපය ටෙසා ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ.
පපුවේ අමාරුවක් හරි හුස්ම ගන්න අමාරුවක් නම්
ඉක්මනින් 911 කතා කරන්න. තේරුණාද?
ජෑස්? පොඩ්ඩක් ඉන්න.
ජෑස්?
ඔයා බලන්න. මම පරිවර්තනය කරන්නම්.
හායි, සමාවෙන්න. ඔයා ඩොරිස්ද?
මම ඔයා ගැන හිතලා කියන්නම්.
කාමරය B424, කැඩිච්ච හදවතක් තියෙන කෙල්ල?
සන්සුන් වෙන්න.
මම සාස්තරකාරයෙක් නෙමෙයි.
ජැස්මින් මට කිව්වා ඔයා මාව හොයාගෙන ඒවි කියලා.
මගේ සංවේගය.
ස්තූතියි.
ඔයාගේ අත් තුවාල වෙලාද?
සමාවෙන්න?
අනතුරෙන්. ඔයාගේ අත් තුවාල වෙලාද?
- නෑ. ඇයි? - ට-ඩා!!!
එන්නකෝ...
ඉතිං, ඔයාගේ පොත මොකක් ගැනද?
ඒක කතාබහක් ගැන.
මරනෙන් පස්සේ සන්නිවේදනය.
හරි. ඔයා විශ්වාස කරනවාද මැරුණු අයව සම්බන්ධ කරගන්න පුළුවන් කියලා?
මිනිස්සු බිලියන ගානකගේ
විශ්වාස තමයි ලෝකේ වර්ධනය කලේ.
සමහරවෙලාවට, මැරුණු අය,
එයාලා අපිට කතා කරනවා.
සමහරවෙලාවට, අපිට එයාලාගේ සුවඳ විලවුන් වල සුවඳ දැනෙනවා.
එයාලා කොහොම කතා කලත්, පණිවිඩය එකයි.
"මම තාම ඉන්නවා"
"ඔයාගේ සෝකය, ගිනිමැලයක් වගේ,
මාව ඔයාගේ පැත්තට අඬගහනවා"
වෙන්වීම ගොඩාක් භයානක නම්,
හරියට ඔයයි ඔයාගේ පෙම්වතායි වගේ,
ගොඩාක් වෙලාවට ඉවරනොකරපු දේවල් ඇති.
පසුතැවීමක් වගේ දෙයක්ද?
හරියට නොකියපු හරි නොකරපු දෙයක්.
ටෙසා.
අපි ඔයාව ගෙදර යවනවා. දැන් යමු.
එයා ඉන්නේ අන්තර්භවයේ.
ඒත් එයා වැඩි කාලයක් එතන ඉන්නේ නෑ, වැඩිම වුනොත් සති කීපයයි.
එයා එතනින් ගියොත්...
එයා යන්නේ හොඳ තැනකට.
- මට යන්න ඕනේ. - ඉන්න ඉන්න.
මේක අරගන්න. මේ මගේ පළවෙනි පොත.
- මේක පටන්ගන්න හොඳ තැනක්. - අවුලක් නෑ.
එයා ඔයාව හොයාගෙන එනවා.
ඔයාත් එයාට කතා කරන්න.
ඒකට දැන් පරක්කු වැඩියි.
අනතුරට දවස් 102 කට කලින්
ටෙසා, දැන් ඔයා.
මේ මම පෙබරවාරියේ අරගත්ත පින්තූරයක්.
මෙහෙමද ඔයා විවේක වෙලාව ගතකරන්නේ ගස්වල පින්තූර අරගෙනද?
මේක ඇත්තටම ගහක් විතරක් නෙමෙයි මෝඩයෝ.
මේක දුරකතන කණුවක්.
ගහක් විදියට වෙස්වලාගත්ත.
ඒක උපහැරණයක් අළුත් ජීවිතයේ කෘතිම බව පෙන්වන.
ඒක ලස්සන පින්තූරයක් ටෙසා.
ඔයාගේ තාක්ෂණික දැනුම මේ අවුරුද්දේ ගොඩාක් වැඩිවෙලා.
- ස්තූතියි. - මම දන්නවා ඔයා තාම කණිෂ්ඨයෙක්,
No comments yet. Be the first to leave one.