Die ersten 98 Zeilen.
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම නිලූෂ හේමාල් අලහකෝන් The Djinn (2021)
නිහඬ ගිම්හාන රාත්‍රියක්, 1989
ඒ අවුරුද්ද අවසානයේ...
ඔයා මොකද හිතන්නේ?
මම කොළපාටට කැමතියි.
එයාට අඬන්න අවශ්‍ය වුනා.
එයාට අවශ්‍ය වුනේ, එයාගේ බලාපොරොත්තු නැතිකරගන්න.
එයා ආවාට පස්සේ, එයා දැක්කා එයාව
ඇඳක ගැටගහලා තියෙනවා, එතන සුරංගනාවියක්
එයාගේ ළඟින් ඉඳගෙන ඉන්නවා.
"හෙට, ඔයාගේ ප්‍රාර්ථනාව හරියාවි."
සුරංගනාවි කිව්වා.
"ඒ මොකද්ද?" පිනෝකියෝ ඇහුවා.
"හෙට ඔයා රූකඩයක් විදියට ඉඳලා ඉවරයි,
ඔයා ඇත්ත ළමයෙක් වෙන්න හදන්නේ."
පිනෝකියෝ සතුටින් ඉපිල ගියා.
ඒත් ඒක නෙමෙයි සිද්ධ වුනේ.
ඊළඟ දවසේ, එයා හතරගාතෙන් වැටුනා,
ඊටපස්සේ දුවන්න පනින්න පටන් ගත්තා කාමරේ පුරා.
එයාගේ අත් කකුල් වෙලා, එයාගේ මූණ හොම්බක් වෙලා,
එයාගේ පස්ස අළුපාට කෙස් වලින් පිරිලා.
ගොඩාක්ම භයානක අවස්ථාව වුනේ
එයාට වලිගයක් තියෙනවා දැක්කාම.
එයාගේ ලැජ්ජාව සහ දුක වහගන්න එයා අඬන්න ගත්තා.
ඒත් වෙච්ච දේ ආපහු ගන්න බෑ."
සෙවනැලි වල පොත
ආත්ම වලට දිවි පූජාකිරීම
ආශාවේ ප්‍රාර්ථනාව
ඩිලන්?
ඩිලන්?
ඔයා හොඳින්ද? මට මොකක්හරි වැටෙනවා ඇහුණා.
මම හොඳින්
හරි.
කෑම ලෑස්තියි.
තාත්තා?
ඔවු.
ඔයා හිතන්නේ අම්මා ජීවත් වෙයිද මම වෙනස් කෙනෙක් නොවුනානම්?
ඔයා මම කියන දේ අහන්න.
අපි අපිට නැති දේවල් ගැන හිතන්න පටන් ගත්තාම,
අපිට තියෙන දේවල් අමතක වෙනවා.
ඔයා ඔය විදියට හොඳටම හොඳයි.
ඒක අමතක කරන්න එපා.
හරිද?
හරි. අපි කන්න යමු.
දන්නාවද, මම හිතනවා ඔයාගේ ආච්චිලා
මෙහෙ ඒවි කියලා නිවාඩුවට.
ඒක නියමයි නේද?
කෑම ගොඩාක් හොඳයි. කාලා බලන්නේ නැද්ද?
ඩිලන්, මොකද්ද අවුල?
මේ ගෙදර හිටපු කෙනා, ඇත්තටම මෙහෙදි මැරුණාද?
ඔවු.
ඒත් එයා ගොඩාක් වයසයි. හරිද?
ඒ ගැන වදවෙන්න එපා.
වැඩි කාලයක් නෑ.
වූ... ඒක කොහොමද වුනේ?
හහ්?
එයා නැගිටලා. අල්ලගත්තා.
හරි. එන්න එන්න කන්න...
මොනවාහරි කන්න දැන්.
හරි. ඔයාට විශ්වාසද මම නැතුව ඉන්න පුළුවන් කියලා?
නැත්නම් මට පුළුවන් වෙන දවසක මුර දෙකක වැඩ කරන්න.
හ්ම්!
මගේ දුරකතන අංකය තියෙනවා ශීතකරණයේ අලවලා. හරිද?
කැමති වෙලාවක, මට කතා කරන්න.
යතුරු, යතුරු, යතුරු!!
නිදාගන්න කලින් හොඳට නාගන්න.
ඔයා නැගිටින්න කලින් මම එන්නම්.
හේයි, 9:30ට විතර රේඩියෝව අහන්නකෝ.
පොඩි පුදුම කිරීමක් තියෙනවා.
ආදරෙයි.
දවසේ අන්තිම පැය, ආරම්භ වන වෙලාවට,
ඉටිපන්දමක් දල්වන්න.
දියවෙන ඉටි දියර වලට අළුත් ලේ බිංදු තුනක් දාන්න.
ඔයා දිහා කණ්නාඩියකින් බලාගෙන, මේ වචන කියන්න,
ඊටපස්සේ ඔයාගේ ප්‍රාර්ථනාව කරන්න.
"ගින්දර වල ආත්මය, වාසනාවේ චක්‍රය කැරකැවෙන්න දෙන්න.
මගේ ප්‍රාර්ථනාව මට දෙන්න."
ඔබගේ ශත්කිය මත ජීවත් වේවි,
මධ්‍යම රාත්‍රිය වෙනතෙක්,
ඉන්පසු ඉටිපන්දම නිමන්න,
ජින් ඔබගේ පැතුම ලබාදෙනු ඇත.
ඒත් ජින්ගේ ගාස්තුවෙන් ප්‍රවේශම් වෙන්න,
ඔබ ඉල්ලන ප්‍රාර්ථනාව වෙනුවෙන්,
ඔබගේ ආත්මය ගෙවිය යුතු වියහැක.
අවශ්‍ය දේවල්, ඔරලෝසුවක්, ඉටිපන්දමක්, කණ්නාඩියක්.
දැන් පුවත්,
බලධාරීන් හඳුනාගෙන තිබෙනවා,
අපරාධකරු, නෝමන් ඩැනියෙල්,
පසුගිය රාත්‍රියේ සිදුවූ වාහන අනතුරකින් මියගිය පසු.
බලධාරීන් පවසන්නේ, 31 හැවිරිදි ඔහු
රිමාන්ඩ් බන්ධනාගාරයකින් පැනයමින් සිටිබවයි.
ඔබ මේ සවන්දෙන්නේ WJIC FM 100
මම මයිකල් ජේකොබ්, ඔබගේ ඉල්ලීම් සඳහා
මේ දිග රාත්‍රියේ මධ්‍යම රාත්‍රිය පසුවෙන තෙක්.
මීළඟ ඉල්ලීම බර්බෑන්ක් වල විශේෂ පොඩි කොල්ලෙක් වෙනුවෙන්
ඩිලන්, ඔබ අහගෙන නම් ඉන්නේ,
මේ ගීතය ඔබ වෙනුවෙන්.
ගින්නේ ආත්මය...
No comments yet. Be the first to leave one.