Las primeras 158 líneas.
Telegram: MythiCore Anime LK
කරුණාකර ට්‍රාන්ස්මීටර ක්‍රියාකාරී අත්පොත හොඳින් කියවන්න.
මම හදපු සිතියම එහි අඩංගුයි.
හදිසි අවස්ථාවකදී අපට සම්බන්ධ විය හැකියි, නමුත් බේරා ගනීවි යැයි බලාපොරොත්තු වෙන්න එපා.
මේ පොළොව යට ඉතා ගැඹුරු සහ විශාලයි
ඒ නිසා නිතරම ඔයා ඉන්න ස්ථානය ගැන අවධානයෙන් ඉන්න.
සතුරු භූමියක මග අහිමි වීම මාරාන්තික වෙන්න පුළුවන්.
කරුණාකර ප්‍රවේශම් වෙන්න.
හේයි. ඔයා අර සුපිරි වේගවත් වීරයා, Flashy Flash, නේද?
ළමයාව අපට දෙන්න.
අපි ඔයා එනකම් බලාගෙන හිටියේ.
ඔයා මේ මාර්ගයෙන් එන බව අපි කලින්ම දැනගෙන හිටියා.
ඔයා ඔයාගේ වේගය ගැන පුරසාරම් දොඩනවා,
නමුත් බලමු මේ පටු කොරිඩෝව ඇතුළෙත් ඒක වැඩ කරයිද කියලා.
මම කවදාවත් මගේ වේගය ගැන පුරසාරම් දොඩලා නෑ.
ඒ වගේ දේවල් කරන්නේ අතිරේක චරිත විතරයි.
හැබැයි මම වැඩ ඉක්මනින් ඉවර කරන බව නම් මට අහන්න ලැබෙනවා.
NINJA කතාවක්
විශිෂ්ටයි.
Flashy...
නියමයි.
ඔයාව මරන්න වටින්නේ ඒකයි.
මට කියන්න එපා ඒ ඔයාගේ උපරිම වේගය කියලා?
ඔයා තමයි අවසන් 44 සිද්ධියට වගකිවයුතු කෙනා.
Flashy Flash.
ආ, මට තේරෙනවා...
එතකොට ඔයා මේ හැම තිස්සෙම හිටියේ මගේ පස්සෙද?
හ්ම්. අන්තිමේදී අපි හමු වුනා.
මම මේ මොහොත එනකම් බලාගෙන හිටියේ.
මෙයා...
Wind Blade Kick!
Flame Blade Kick!
වානේ කම්බි...!
තව පොඩ්ඩෙන්!
මම ඔයාව පුංචි මස් කෑලි වලට කපන්න ඔන්න මෙන්න තිබුණේ.
මම හිතුවේ නෑ ඔයා මේ විදිහට තනියම කඩාගෙන පනීවි කියලා.
ඔයාට ලොකු විශ්වාසයක් තියෙන්න ඇති.
ඒකට පින් සිද්ධ වෙන්න, අපේ වැඩේ දැන් ගොඩක් ලේසි වුනා.
දෙඩෙව්වා ඇති.
දැන්, පණ බේරාගෙන දුවන්න.
සුළඟටයි ගින්දරටයි අහුවෙලා දුවන කෘමියෙක් වගේ, කෙලින්ම මකුළු දැලකට පියාඹලා එන්න.
ඔයාගේම වේගයෙන්ම ඔයා කෑලි කෑලි වලට ඉරී යාවි!
එයා බිත්ති කපාගෙන ගියා.
එතකොට, ඔයාලා ගම්මානෙන් ආපු අය නේද?
ඒ වගේම ඔයාලා මාව පරාජය කරන්න Monster ලා එක්ක එකතු වුනා?
හ්ම්. මෙතන ඉඩ මදි.
අපි වෙන තැනකට යමු.
Storm Blade Kick!
නරකම නෑ නේද?
අපි මේක Monster ලගෙන් බලහත්කාරයෙන් ගත්ත තැනක්.
අපිට ඕන තරම් මෙතන සටන් කරන්න පුළුවන්.
ඒ වගේම අපිට ඕන තරම් සැරට.
ඔයාව ඝාතනය කරන්න යන්නේ...
Golden 37 හි සාමාජිකයින්!
Tempest Wind!
DEMON TEMPEST WIND
සහ Hellfire Flame!
DEMON HELLFIRE FLAME
කවුද ඔයාලව කුලියට ගත්තේ?
මම Monster Association එක ඉවරයක් කළාට පස්සේ
මම යනවා ඔයාලගේ හාම්පුතාව හම්බ වෙන්න.
අපේ හාම්පුතා?
මම කිව්වොත් එයා මිනිස් ජාවාරමේ රජු වන Skilfish කියලා...
ඔයා ඇත්තටම හිතනවාද එයාගේ පාතාල සංවිධානයේ හමුදාව එක්ක
ඔයාට තනියම සටන් කරන්න පුළුවන් කියලා?
- නෑ. - ඒ ඇයි?
මොකද මම එයාව දැනටමත් මැරුවා. එයා දිගින් දිගටම මගේ පස්සෙන් ඝාතකයෝ එව්වා.
එතකොට Drug Shogun Heraud?
එයාවත් මැරුවා.
Heart Collector Buligula?
එයාව ඉවරයක් කළා.
Freak Phantom Thief Chimagusa?
මම එයාවත් අයින් කළා.
Indomitable Bandit Captain Jamastorm?
ආ ඔව්, මට එයාව අමතක වෙලා තිබුනේ.
Assassination Alliance High Command?
ඒ හැමෝම ඉන්නේ සාගරේ පතුලේ.
මම මිනිස්සුන්ට මේවා කිය කියා යන්නේ නෑ, ඒ නිසා කවුරුවත් දන්නේ නෑ.
නමුත් මගේ පස්සෙන් ආපු හැමෝවම මම මරා දැම්මා.
ඔයා ඔය වක්‍ර ප්‍රශ්න අහලා ඉවරද?
ඉතින්, ඇත්තටම කවුද තිරය පිටුපස ඉඳන් මේ නූල් අදින්නේ?
ඔයාව ඉවරයක් කළාට පස්සේ අපි මරන්න හිටපු අය තමයි ඒ.
නමුත් ඔයා අපේ වැඩේ ලේසි කළා. ඒ නිසා අපි ස්තූතිවන්ත වෙනවා.
ස්තූතියි. නමුත් දැන් ඔයා මිය යා යුතුයි!
වීරයන් එක්ක බලද්දී
ගම්මානයේ ඉහළම සටන්කරුවන් ගොඩක් කරදරකාරී පිරිසක්.
හැම නින්ජා කෙනෙක්ම ගම්මානයෙන් නෙවෙයි.
නමුත් ගම්මානයේ නින්ජාලා එක්ක බලද්දී ඔවුන් මොකුත්ම නෙවෙයි.
ගම්මානයේ අපේ පරම්පරාව වන Golden 37
ඉතිහාසයේ ශක්තිමත්ම අය විදිහට සැලකෙනවා.
අපි තමයි ඒ පරම්පරාවේ ඉහළම දෙදෙනා.
බලමු ඔයා කොච්චර වෙලා ඔරොත්තු දෙයිද කියලා
44 වැනි පරම්පරාවේ හිටපු අංක එක!
නරකම නෑ.
ඒකද ඔයාගේ උපරිම වේගය?
හැංගි හැංගි ඉන්න එක නවත්වන්න.
ඇයි ඔයා ඒක එළියට දාන්නේ නැත්තේ?
ඔයාගේ ඔය Monster බලය.
හ්ම්. එතකොට ඔයා දැනගෙන හිටියා.
අපි මුලින්ම සටන් කරද්දී මට අමුත්තක් දැනුනා,
නමුත් ඔයා සටන වෙන තැනකට ගෙනියන්න හදද්දී මට ඒක ස්ථිර වුනා.
ඔයාලා Monster ලා බවට පත් වෙලා වැඩි කාලයක් නෑ.
ඒ නිසා ඔයාලා තාම ඔයාලගේ උපරිම වේගයට හුරු නෑ.
ඒකයි ඔයාලා මාව මේ විවෘත ස්ථානයට අරගෙන ආවේ.
බොහොම හොඳයි. ඔයා දැනගෙන හිටියා, ඒත් අපේ උගුලට අහු වුනා?
ඔයා හරිම උඩඟු කෙනෙක්. ඔයාගේ ජ්‍යෙෂ්ඨයින්ට ගෞරව කරන්න!
ඒක ඔයාලටත් අදාළයි. මම ඔයාලා වගේ පහත් අයට පාඩමක් උගන්වන්නම්.
Monster ලා බවට පත් වුනා කියලා ඔයාලට මාව අභිබවා යන්න බෑ.
ඔය වචන... ඔයාට ආපහු ගන්න බැරි වේවි.
DRAGON HELLFIRE FLAME/TEMPEST WIND
මෙතැන් සිට, අහක බලන්න එපා.
Fireburst Scatterflash Slash.
එයා මගේ Monster කඩු පහරට ඔරොත්තු දුන්නා?
නැත්නම් ඒ නිකම් වාසනාවද? නෑ...
Heavy Flash Slash.
ඔයාගේ ඉලක්කය වුනේ මගේ ආයුධය විනාශ කරන එකද?!
හරිම මන්දගාමීයි. ඔයාගේ මොළයට තේරුම් ගන්න බෑ, ඔයාගෙන් වැඩක් නෑ.
ඇයි එයාට බුද්ධිමතෙක් කියලා කියන්නේ කියලා දැන් මට තේරෙනවා, හරියට අපි වගේමයි.
තාක්ෂණික නිරවද්‍යතාව අතින්, Flash ට වැඩි වාසියක් තියෙන්න පුළුවන්.
වේගය හෝ බලය අතින් එයාගේ කිසිම දුර්වලතාවයක් පේන්න නෑ.
අපි ඇරෙන්න වෙන කිසිම Monster කෙනෙක්ට එයා එක්ක හැප්පෙන්නවත් බෑ...
තවමත් හිතනවද ඔයාලා මට වඩා උසස් කියලා?
ඔයාලා එහෙම නෑ.
Tempest Wind, Hellfire Flame...
මම ඔයාලගේ චලනයන් ගැන හොඳින්ම දන්නවා.
මොකද, මම කාටත් වඩා මහන්සි වෙලා පුහුණු වෙලා තියෙනවා.
සටන්කරුවෙක් දක්ෂ වෙන තරමට, ඔවුන් මූලික සිද්ධාන්ත වලින් බැහැර වෙන්නේ අඩුවෙන්.
ප්‍රහාරය කොච්චර වේගවත් වුනත්
මූලික දේවල් දන්නවා නම්, ඕනෑම දේකට ලේසියෙන් මුහුණ දෙන්න පුළුවන්.
හ්ම්. හරි එහෙනම්.
එච්චරයි නේද... ඇති?
ඔව්, දැන් ඇති. නින්ජා කෙනෙක් විදිහට සටන් කළා ඇති.
තාක්ෂණය හෝ ආයුධ තවත් ඕන නෑ.
අපි Monster ලා විදිහට ඔයාව මරනවා.
ඒක තමයි වඩාත්ම කුරිරු සහ ප්‍රචණ්ඩකාරී ක්‍රමය.
දැන් ඔයා දකින්න යන්නේ...
අපි දෙන්නා අපේ අතිවිශාල වේගය භාවිතා කරලා දුර්වලයෙක්ව කුඩු පට්ටම් කරන හැටි.
නින්ජා කෙනෙක් විදිහට තිබ්බ අන්තිම ආඩම්බරයත් අතහරින්න ඔයා අපිට බල කළා.
ගෞරවයක් වශයෙන්, අපි අපේ උපරිම වේගය යොදලා
ඔයා මැරෙනකම්ම නොනවත්වා පහර දෙනවා.
මිනිසුන් සහ Monster ලා අතර වෙනස ඉගෙන ගෙන, මිය යන්න.
සමුගනිමු. Flashy Flash.
ඔයා හිතනවද දැන් මගෙන් බේරිලා යන්න පුළුවන් කියලා?
මාව කලකිරීමට පත් කරන්න එපා.
Flashy Kick!
මේක හොඳ නෑ, එයා ළං වෙනවා.
අපිට ඉක්මනටම අපේ සමබරතාවය ආපහු ගන්න ඕන.
නිරපේක්ෂ තාක්ෂණය.
Flashy Slash.
ශික්. මොන කරදරයක්ද.
එයා ළඟ ඒ රහස් තාක්ෂණය තිබිලත්, මේ වෙනකම් පාවිච්චි කළේ නෑනේ.
මම බලාගෙන හිටියේ ඔයාලා දෙන්නවම එකපාර වට්ටන්න පුළුවන් හරි වෙලාව එනකම්.
එක්කෙනෙක් හරි පැනලා ගියා නම්, පස්සේ ඒක ලොකු කරදරයක් වෙන්න තිබුනා.
වෙන කිසිම Class-S වීරයෙක්ට
ඔයාලගේ වේගයත් එක්ක හැප්පෙන්න පුළුවන් කමක් තිබුනේ නෑ.
ඔයාලට කරන්න තිබ්බ හොඳම දේ තමයි මම එක්ක සටන් නොකර ඉන්න එක.
මගේ ප්‍රතිවාදියා වුනේ ඔයා නොවේ නම්...
ඔයා ඇත්තටම මට ලොකු හිසරදයක්.
No comments yet. Be the first to leave one.