Dune

Dune

Descargar subtítulo en Sinhala

Información de lanzamiento

Dune 2021 1080p 10bit WEBRip 6CH x265 HEVC-PSA
Comentario por Brian Fernando

Etiquetas

other
Publicado el: 2026-02-07
Descargas: 130
Para personas con discapacidad auditiva: No

Vista previa de los subtítulos en Sinhala

Las primeras 200 líneas.

සිහින කියන්නේ ඇතුලාන්තයෙන් අපිට ලැබෙන පණිවුඩවලට.

334 ' වැනි උපසිරසි පරිවර්තනය ~ ශාන් විමුක්ති ~ w w w . b a i s c o p e l k . c o m ≡ කරුණාකර පරිවර්තන හිමිකම සුරකින්න ≡

ඉර බැහැගෙන යනකොට මගේ ග්‍රහලෝකය වෙන, අරාකිස්, ගොඩක් ලස්සනයි..

වැලි රැලි නැගෙමින්…

සුළගෙ තියෙන ස්පයිස් දකින්න පුළුවන් ඔයාට.

ඇඳිරි වැටුනට පස්සෙ, ස්පයිස් නෙලාගන්නන්ගෙ භුමිය.

පිටස්තරයින් දහවලේ උණුසුමෙන් මිදෙන්න කාලය සමග තරඟයක යෙදෙනව..

උන් අපේ ඇස් ඉදිරිපිටම අපේ භූමිය කොල්ලකනව..

මං දන්න එකම දේ උන් අපේ මිනිස්සුන්ට දක්වන කෲරත්වය විතරයි..

පිටස්තරයින් වන මේ, හාකිනන්ලා, ඇවිත් තියෙන්නෙ මං ඉපදෙන්න සෑහෙන කාලෙකට කලින්.

ස්පයිස් නිශ්පාදනය හැසිරවීමෙන් උන් නින්දිත විධියට පොහොසත් වෙලා.

අධිරාජ්‍යාටත් වඩා පොහොසත්.

අපේ සටන්කාමීන්ට අරාකිස්, හාකිනන්ලගෙන් මුදවගන්න බැරිවුණා,

ඒත් දවසක, අධිරාජ්‍යාගේ නියෝග අනුව, උන් යන්න ගියා.

අධිරාජ්‍යයා මේ මාර්ගය තෝරගත්තෙ ඇයි? අපේ මීලඟ පීඩකයා වෙන්නෙ කවුරුන්ද?

වර්ෂ 10191.

- කැලඩන් - ඇට්‍රෙඩිස් වංශයේ මව් ලෝකය

ඔයා වේලාසන නැගිට්ට එක හොඳයි.

පියතුමා කියනවා අධිරාජ්‍යයාගේ දුතයා එන්න කලින් ඔයාට සම්පුර්ණ ඇඳුමින් සැරසෙන්න කියල.

සම්පුර්ණ ඇඳුමින්? හමුදා ඇඳුමින්ද?

සාම්ප්‍රධායික ඇඳුමින්.

දැනටමත් ඒක තීරණය කරල ඉවරයි නම් අපි මේ දේවල් කරන්නෙ ඇයි?

උත්සවය.

ස්තුතියි.

මං ලව්වා ඔයාට මේක ලබාගන්න ඕන නම්,

- කටහඬ පාවිච්චි කරන්න. - අම්මේ, මං දැන් නැගිට්ටෙ.

- මට වතුර දෙන්න. - විදුරුවට ඔයාව ඇහෙන්නේ නැහැ, මට අණ දෙන්න.

මට වතුර දෙන්න.

- තව ටිකයි. - තව ටිකයි?

බෙනෙ ගෙසරිට් හැකියාවන් ඉගෙනගන්න අවුරුදු ගානක් යනව, පෝල්.

ඔයාට මහන්සි පාටයි, තවත් හීනද?

නෑ.

අධික උණුසුමයි ක්ෂණයෙන් වෙනස්වෙන කාලගුණික සිදුවීම් නිසයි

අරාකිස් 'වලින් පිටත තියෙන නගරවල ජිවත් වෙන එක දුෂ්කරයි.

ලෝහ පවා කපාගෙන යන තරමට සැර වැලි කුණාටු නිසා,

ෆ්‍රමන් කියල හඳුන්වන මෙහෙ නිජබිම වෙච්ච ගෝත්‍ර විතරයි ඒවායින් බේරෙන්න හැඩගැහිලා ඉන්නෙ.

අරාකිස්වල දුෂ්කරම ප්‍රදේශ තෝරාගනිමින්...

...ෆ්‍රමන් 'ලා විශාල වැලි කුනාටු එක්ක කාන්තාරයේ ඇතුලටම වෙන්න වගේ ජිවත් වෙනව.

ඒ ෆ්‍රමන් 'ලව හඳුන්වන්නෙ ශයි-හුලුඩ් කියල.

ස්පයිස්වලට වැඩි කාලයක් නිරාවරණය වීම නිසාවෙන් එයාලට සුවිශේෂී විධියට නිල්පාට ඇස් ලැබිල තියෙනව,

ඉ-බෑඩ් දෑස්.

ෆ්‍රමන් 'ල ගැන වැඩිය දන්නේ නැහැ,

එයාල භයානකයි සහ අවිශ්වාසියි කියන එක හැරෙන්න.

ෆ්‍රමන් 'ලගේ ප්‍රහාරයන් ස්පයිස් පලදාව නෙලාගැනීම බොහොම අනතුරුදායක කරවනව.

ෆ්‍රමන්'ලට, ස්පයිස් කියන්නේ පුජනිය භ්‍රාන්තීජනකයක්.

ඒක ඔවුන්ට ජිවය ආරක්ෂා කරවන සහ නිමක් නැති සෞඛ්‍ය ප්‍රතිලාභයන් ලබාදෙන දෙයක්.

ඉම්පිරියම්'ලට, ස්පයිස් කියන්නේ ස්පේසින් ගිල්ඩ් පදවන්නන් විසින් තරු අතර ගමන් කිරීමේ...

...ආරක්‍ෂිත මාර්ගයන් සොයාගැනීම පාවිච්චි කරන දෙයක්.

ස්පයිස් නැතුව තාරකා අතර ගමනාගමනය කරන්න බැහැ.

ඒ නිසා ස්පයිස් විශ්වයේ තියෙන වටිනාම සම්පත බවට පත්වෙනව.

හිනාවෙන්න, ගර්නි.

මම හිනාවෙනව.

එයාලට මේ ගමන එන්න කොච්චර වියදමක් වෙනවද?

ගිල්ඩ් පදවන්නන් තුන්දෙනෙක් සහ සම්පුර්ණ ගමනට සොලාරිස් එක්-කෝටි හතලිස් හයලක්ෂ හැට දෙකක්.

කොරිනෝ වංශයේ, සිව්වැනි ශදාම්ගේ නාමයෙන්

විශ්වය නමින් හදුන්වන පදීශා අධිරාජ්‍යයේ ගෝල්ඩන් ලයන් සිහසුනේ උරුමකරු

වෙනස් කිරීම සම්බන්ධ රාජ දුතයා ලෙසිනුයි මා මෙහි පැමිණියේ.

අපි අධිරාජ්‍යයාගේ අධිකරණයෙහි සාමාජික සාක්ෂිකරුවන් වන්නෙමු.

ස්පේසින් ගිල්ඩ් නියෝජිතයින් සහ බෙනෙ ගෙසරිට් සොයුරියක්.

අධිරාජ්‍යා මෙසේ පැවසුවා :

"ඇට්‍රෙඩිස් වංශය වහාම අරාකිස්'හි පාලනය බාරගෙන,

එහි බාරකරු ලෙසින් සේවය කල යුතුයි."

ඔබ එය පිලිගන්නහිද?

ඇට්‍රෙඩිස් වංශයේ අප....

කිසිඳු කැඳවීමකට ප්‍රතිචාර නොදක්වා හිඳ නොමැත. කිසිදු විශ්වාශයක් කඩ කොට නොමැත.

අධිරාජ්‍යයා අරාකිස් වලට සාමය උදා කරවන්න අපෙන් ඉල්ලාහිටිනවා.

ඇට්‍රෙඩිස් වංශය එය බාරගන්නව.

ඇට්‍රෙඩිස්!

ඔබතුමාගේ මුද්‍රාව.

එහෙමනම්, ඒක තීන්දුයිද?

ඔව්.

- කොහොමද ඒක? - ස්ථායිකාරකයන් ගොඩක් ලිහිල්.

- මම ඒක හදන්නම්. - ස්තුතියි, මිත්‍රයා.

- ඩන්කැන්. - මගේ කොලුවා!

පෝල්, මගේ කොලුවා!

ඔයා හෙට මුලික කණ්ඩායමත් එක්ක අරාකිස් යනවා නේද?

ඔව්, මම මුලික කණ්ඩායමත් එක්ක හෙට අරාකිස් යනව.

- මාවත් ඔයා එක්ක අරගෙන යනවා නම් මං කැමතියි. - එහෙමද?

ඒක බොහොම නරකයි, කොහෙත්ම බෑ.

ඩන්කැන්…

ඔයා මාව යුධ අධිකරණයට අරගෙන යන්නද හදන්නේ? මොනවද වෙන්නේ?

- ඔයාව විශ්වාස කරන්න පුලුවන්ද මට? - ඕනම වෙලාවක, ඔයා ඒක දන්නවනෙ.

මට සිහින පෙනුන.

අරාකිස්'ලයි ෆ්‍රමන්'ල ගැනයි.

හරි, ඉතිං?

මම ඔයාව දැක්ක.

ෆ්‍රමන් 'ල එක්ක ඉන්නව.

ඒ කියන්නේ මට එයාලව හම්බවෙනවද? ඔය තියෙන්නේ, ඒක හොඳ පෙරනිමිත්තක් නේද?

ලෑන්විල්!

මම දැක්ක ඔයා සටනකදී, මැරිල ඉන්නව.

මට දැනුනේ ඔයා එතනට නොගිය නම්, ඔයාට ජිවතුන් අතර ඉන්න තිබ්බ කියල.

මුලින්ම, මම මැරෙන්නේ නැහැ.

- ඔයා මාව බරපතලව සලකන්නේ නැහැ. - ඒ නිසා නේද ඔයාට මාත් එක්ක එන්න ඕන?

මේ අහන්න, සිහින හොඳ කතා නිර්මාණය කරනව.

ඒත් අපි ඇහැරිලා ඉන්නකොට හැම දෙයක්ම වැදගත්.

මොකද ඇහැරිලා ඉන්නකොට තමයි අපි එක එක දේවල් කරන්නෙ.

- බලන්නකෝ, ඇඟ හදාගත්හද? - එහෙමද?

නෑ.

අරාකිස් 'වලදී හම්බවෙමු, කොලුවෝ.

තාත්තෙ, මං කැමතියි ඩන්කැන් අයිඩහෝ එක්ක හෙට අරාකිස් යන චරපුරුෂ මෙහෙයුමට එකතු වෙන්න.

මම ෆ්‍රමන්'ලගේ භාෂාව ඉගෙනගෙන තියෙනව. මට ප්‍රයෝජනවත් කෙනෙක් වෙතහැකි.

ප්‍රශ්නෙන් පිට දෙයක් ඒක.

අපි වගේම ඔයත් සති කිහිපයකින් අරාකිස්'වලට යාවි.

මම මගේ ජිවිත කාලයම පුහුණුවෙලා තියෙනව.. මට අවසර නැත්නම් මොකක්ද ඇති තේරුම...

දන්නවද පෝල්, ඔයා තමයි ඇට්‍රෙඩිස් වංශයේ අනාගතය.

සීයා ක්‍රීඩාවක් වෙනුවෙන් ගොනුන් එක්ක සටන් කළා.

ඔව්, බලන්න ඒකෙන් එයාට ලැබුණු දේවල්.

ඔයා මගේ ලඟින් ඉන්න ඕනා, අපි අරාකිස් ගියාට පස්සෙ විශාල අනතුරු රැසකට මුහුණදෙන්න වෙයි.

මොන අනතුරුද? ෆ්‍රමන්'ලද? කාන්තාරයද?

දේශපාලනික අනතුරු.

බලවත් වංශ අපෙන් නායකත්වය බලාපොරොත්තුවෙනව ඒක අධිරාජ්‍යයාට තර්ජන එල්ලවෙනව.

හාකිනන්ලගෙන් අරාකිස් පවරාගෙන ඒක අපිට ලබාදීමෙන්

එයා යුද්ධයට පසුබිම සකස්කරනව ඒකෙන් වංශ දෙකම දුර්වල වෙන්න පුළුවන්.

ඒත් අපි සවිමත් වෙලා අරාකිස්වල සැබෑම බලය රඳවාගෙන හිටියොත්,

වෙන කවදකටත් වඩා බලවත් වෙන්න පුළුවන් අපිට.

ඒ කිව්වේ?

ස්පයිස් හෑරීමෙන්, ෆ්‍රමන්ලව ඒ ඉන්න තැන්වලම තියාගැනීමෙන්ද?

හාකිනන්ලාලට වඩා හොඳ වෙන්නේ නැහැ.

නෑ. ෆ්‍රමන්ල එක්ක මිත්‍රත්වයක් ඇතිකර ගැනීමෙන්.

ඒ නිසයි මම ඩන්කැන් අයිඩහෝව ඒක පිළිවෙලක් කරගන්න යැව්වේ.

කැලඩන්වල, අපි මුහුදු බලයෙන් සහ සුළගේ බලයෙන් පාලනය කලේ.

අරාකිස් වලදි, අපි කාන්තාරයේ බලය නෙලාගන්න ඕන.

ඔයා මගේ කවුන්සිලයේ ඉන්න ඕනා, මම කරන දේ ඉගෙනගන්න.

මම නැතිවුනොත් මොකද වෙන්නේ තාත්තෙ?

නැතිවුනොත් මොකක්ද?

ඇට්‍රෙඩිස් වංශයේ අනාගතය.

මම තාත්තට කිව්වා මටත් මේක ඕන නැහැ කියල.

- මට ගුවන් නියමුවෙක් වෙන්න ඕන උනේ. - ඔයා කවදාවත් ඕක මට කියල නැහැ.

ඔයාගේ සීය කිව්වා,

"ශ්‍රේෂ්ඨ මිනිසෙක් නායකත්වය සොයාගෙන යන්නේ නැහැ, නායකත්වය ඔහුව කැඳවනව, ඔහු පිළිතුරු දෙනව."

ඔයා බැහැ කිව්වත්,

මම ඔයාගෙන් බලාපොරොත්තු වෙච්ච එකම දේ ඔයාගෙන් මට ලැබෙනව,

මගේ පුතා..

මම ඒ වෙනුවෙන් මගේම මාර්ගයක් සොයාගත්තා, සමහරවිට ඔයාට ඔයාගේ මාර්ගය හම්බවේවි.

මොවුන්ගේ ගෞරවය වෙනුවෙන්…

උත්සහයක යෙදෙන්න.

දොරට පිටුපාල ඉන්න එපා.

කි වතාවක් අපි මේක ඔයාට කියන්න ඕනද?

මට ඔයාව ඔයාගේ අඩි සද්දෙන් කියතහැකි, ගර්නි හැලෙක්.

කවුරුහරි මගේ පියවර අනුකරණය කරන්න ඉඩ තියෙනව.

මම වෙනස දන්නව. ඔයාද අලුත් ආයුධ පුහුණුකරු?

ඩන්කැන් අයිඩහෝ නැති නිසා, මම මට හැකි උපරිමය කරනව.

ඔයාගේ අසිපත තෝරාගන්න.

මම ගොඩක් අමාරු දවසක් ගතකරලා තියෙන්නේ, ගර්නි. ඒ වෙනුවට අපිට සිංදුවක් කියන්න.

ඒක කෘරයි.

පහරදෙන්න.

වයසක මනුස්සයා.

මන්දගාමී අසිපත පළිහ පසාරු කරනව.

- මං හිතන්නේ මම අද හොඳ මනෝභාවයක නැහැ. - මනෝභාවයක? ඒකත එක්ක ඇති සම්බන්දෙ මොකක්ද?

මොන මනෝභාවයක හිටියත් අවශ්‍යතාවය ඇතිවේච්ඡ හැටියේම ඔයා සටන් කරනව, දැන් සටන් කරන්න!

පහරදෙන්න!

- මම ඔයාව පරාද කළා. - ඔව්.

ඒත් පහල බලන්න, උතුමාණනි. ඔයාට මරණයේදී මාත් එක්ක එකතු වෙන්න පුළුවන්.

මට තේරෙනව ඔයා නියමිත මනෝභාවය හොයාගෙන කියල.

- ඒක ඒ තරම්ම නරකයිද? - ඔයාට ඒක තේරෙන්නේ නැහැ නේද?

අපිට ඇතිවෙන්න යන තත්වය ඔයාට තේරෙන්නේ නැහැ.

අවුරුදු 80ක් තිස්සෙ අරාකිස් අයිති වුණේ හාර්කොනෙන් වංශයට.

ස්පයිස් තියෙන ප්‍රදේශයට අවුරුදු 80ක් තිස්සේ හිමිකම් කීම, ධනය හිතගතහැකියිද?

ඔයාගේ ඇස්වලින්, මට ඒ දේ ඔයාගේ ඇස් වලින් දකින්න ඕන.

ඔයාට මිට කලින් කවදාවත් හාර්කොනෙන්ලව මුණගැහිල නැහැ, මට මුණගැහිල තියෙනව.

උන් මිනිස්සු නෙමෙයි, උන් තිරිසන්නු!

ඔයා සුදානම් වෙන්න ඕනා!

- ගේඩි ප්‍රයිම් - හාර්කොනෙන් වංශයේ මව් ලෝකය

බැරන් උතුමානනි.

රබන්.

අපේ අන්තිම යානය අරාකිස් වලින් පිටත් වෙලා තියෙනව, ඒ වැඩේ ඉවරයි.

බොහොම හොඳයි.

මාමේ, අපි මේක වෙන්න දුන්නේ කොහොමද?

අපි ගොඩනගපු හැම දෙයක්ම අරගෙන අර වංශාධිපතියට දෙන්න

අධිරාජ්‍යයාට පුළුවන් වෙන්නේ කොහොමද?

වැඩිය විශ්වාසවන්ත වෙන්න එපා, හැඟීම්බර දෙයක් ඒක.

ඒ කිව්වේ?

තෑග්ගක්, තෑග්ගක් නොවෙන්නේ කොයි වෙලාවටද?

ඇට්‍රෙඩිස්ලගේ යසස නැගී එනව...

අධිරාජ්‍යයා ඉර්ශ්‍යාසහගත මිනිහෙක්.

භයානක, ඉර්ශ්‍යාසහගත මිනිහෙක්.

පෝල්..

පෝල්, නැගිටින්න.

- මොකක්ද අවුල? - ඇඳුමක් ඇඳගෙන මාත් එක්ක එන්න.

මේ මොකද?

රෙවරන්ඩ් මදර් ගායස් හෙලෙන් මොහියම් ඇවිල්ල ඉන්නෙ.

එයා තමයි බෙනෙ ගෙසරිට් පාසලේ මගේ ගුරුවරිය වුණේ.

දැන් එයා අධිරාජයාගෙ ටෲත්-සේයර් කෙනෙක්.

එයා ඔයාව මුණගැහෙන්න කමතියි.

ඇයි?

එයාට ඔයාගේ හීන ගැන දැනගන්න ඕනලු.

එයා මගේ හීන ගැන දන්නේ කොහොමද?

- ආචාර්‍ය යූහෙ ඇවිල්ල ඉන්නේ ඇයි? - එයාට පොඩි වෙලාවයි ඕන.

හෙලෝ තරුණ මාස්ටර්.

ඔයාගේ අම්ම ඔයාව පරික්ෂා කරන්න කියල මගෙන් ඉල්ලාහිටියා.

මොනවද වෙන්නෙ?

බෙනෙ ගෙසරිට් යහපත වෙනුවෙන් සේවය කරන්නෙ.

ඒත් ඔයාගේ අම්මට තියෙන ගෞරවය නිසා,

එයාලගේ පෞද්ගලික දෙයක් වෙනුවෙන් සේවය කරනවා එයාල.

ඔයා මොනවද කියන්නේ?

පරිස්සමින්.

එයාගේ හදවත් බොහොම ශක්තිමත්, උත්තමාවිය.

මේ ගැන වචනයක්වත් කාටවත් කියන්න එපා.

පෝල්..

ඔයාගේ පුහුණුව මතක් කරගන්න.

Comentarios

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left