Esimesed 200 rida.
අපි කවුරුන්ද?
ඇත්තතටම අපි සාමාන්‍ය පුද්ගලයන් සිතන වර්ගයේ පුද්ගලයන්ද?
අපිට නියමිතව ඇත්තේ අපිටම පාලනය කරගත නොහැකි ඉරණමක්ද?
නැතිනම් අපට අවශ්‍ය විදියට වෙනස් විය හැකිද?
වෙනස් වීමට... දැනට වඩා වැඩි දෙයකට?
අනේ ඔය චැනල් එක මාරු කරන්න පුලුවන්ද?
මේ සින්දුව ඉවර උනාම, වස්තුව.
ඕක ඔයා සින්දු දෙකකට කලිනුත් කීවානේ.
ඔයා මේක සම්බාවනිය ගීතයක් කියල දන්නවා, නේද?
හරි, මම ඔයාට පොරොන්දුන්වක් උනොත් මොකද?
ඔයාටම වාහනයක් එලවන්න පුළුවන් උනාම,
ඔයාට කැමති සින්දුවක් දාගන්න ඔයාට පුළුවන් , හරිනේ?
හරිනේ එහෙනම්?
- ජෝන්. - ඒ මම නම් නෙවි.
ජින්, ඒ... ඒක කරන්නේ ඔයාද?
මම මුකුත් කලේ නැහැ.
- ජින් , මොකක්ද ඔයා... - මම... මම දන්නේ නැහැ. ඒ මම නෙවි.
නිශ්ශබ්ද වෙන්න.
නිශ්ශබ්ද වෙන්න.
නිශ්ශබ්ද වෙන්න!
එයාට අඩුගානේ සීරීමක් වත් වෙලා නැහැ.
අභ්‍යන්තර තුවාල එහෙමත් නැහැ.
ඔයාට විශ්වාසද එයා හිටියේ කාර් එකේ ඇතුලේමයි කියල?
ඔව්.
කවුද දැන් එයාට ඒක කියන්නේ?
ස්තුතියි.
හලෝ.
කෝ මගේ අම්මලා?
මගේ නම චාර්ල්ස් ක්සේවියර්, එතකොට...
එයාල මැරුණද.
එයාල මැරිලා නේද?
ඔව්, එයාල නැතිවෙලා.
ඒවගේම මට සමාවෙන්න ඒක ඔයාට කියන්න උන එක ගැනත්.
එතකොට දැන් මට මොකක්ද වෙන්නේ?
අන්න ඒකට තමා මම මේ ආවේ, ඇත්තටම.
ඔයාට කියන්න, මට තියෙනවා පාසලක්
ඒක තියෙන්නේ පොඩි අයට, ඔයාල වගේ.
විශේෂ හැකියා තියෙන.
"විශේෂ" කියන්නේ ලස්සන වචනයක්...
අමුතු? නැත්නම් විකාර කියල කියනවට වඩා?
ඔව්.
ඔව්, සමහරවෙලාවට ඔව්.
ඔහ්හ්.
සමහරවෙලාවට, ඒක තමා වචනේ
යොදාගන්නේ හඳුන්වන්න විශේෂ පුද්ගලයන්ව.
නැත්නම් පුදුමාකාර. නැත්නම්...
නැත්නම් මේ නිකම්... නිකම් ඇත්තටම සුපිරි.
ඔයාට ඔය ලැබිල තියෙන්නේ තෑග්ගක්, ජින්.
ඔයා දන්නවද?
ගන්න මේ පෑන, හරි.
ඒක හරියට...
ඉතින්, ඇත්තට, ඒක ගන්නකො.
ඒක තෑග්ගක්.
දැන්, ඔයාට පුළුවන් එකෙන්
ලස්සන පින්තුරයක් අඳින්න...
නැත්නම් කාගේ හරි ඇහැකට අනින්න.
ඒ මොන විදියට බාවිතා කලත්, ඒක පෑනක් විතරයි.
ඒක තෑග්ගක් විතරයි.
ඒ ලැබෙන තෑග්ගෙන් මොනවද කරන්න ඕනා කියන එක,
ඉතින්, තීරණය කරන්නේ ඔයා විතරයි.
ඒත් ඒක ඔයාට හොඳ දේවල් වලට නම් බාවිතා කරන්න ඕනා...
ඉතින්, මට උදව් කරන්න පුළුවන්.
ඔයා අනික් දොස්තරලා වගේ නෙවි.
නැහැ.
ඒවගේම ඔයාත් අනික් ලෙඩ්ඩු වගේ නෙවි.
ඔයා මොනවද හිතන්නේ?
මට මෙහෙ ඉන්න බැහැ.
හරි. ඇයි බැරි?
මෙතන ගොඩක් හොඳයි, ගොඩක්ම.
මම...
- මම දේවල් කඩනවා. - ඉතින්, මෙහෙම කොහොමද:
ඔයා මොනවා හරි කැඩුවොත්, ඕනෑම දෙයක්, මට පුළුවන් හදන්න.
ඕනෑම දෙයක් නෙවි.
මට පුළුවන් උදව් කරන්න ඔයාට.
මට පුළුවන් උදව් කරන්න ඔයාට කිසි දෙයක් නොකඩා ඉන්න පුළුවන් කරන්න.
ඔයා හිතනවද ඔයාට මාවත් හදන්න පුළුවන් කියල.
නැහැ.
නැහැ, මොකද ඔයා කැඩිලා නැහැ.
දහය, නවය, අට, හත,
හය, පහ, හතර, තුන, දෙක, එක...
එන්ජිම තෙරපුම (අවකරණය) වැඩිවෙනවා. දැන් එන්ජින් තුනක් 104%.මට්ටමේ
හේ, මට... මට වෙනත් සංඥාවක් ලැබෙනවා.
මැඩම්, හයවන චන්ද්‍රිකාවෙන් මට අසාමාන්‍ය දත්තටිකක් ලැබෙනවා.
හුස්ටන්, අපිට පොඩි ගැටළුවක්.
එන්ඩේවර් අභ්‍යවකාශ යානය ඔවුන්ගේ මෙහෙයුම අතරතුර අනතුරකට මුහුණ දෙනවා.
- මම දන්නවා ඔයා හිතන දේ. - ඒක මගේ උපායක්.
ඒවගේම උත්තරය නැහැ. ජෙට් එකකට එච්චර උඩ යන්න බැහැ.
ඒවගේම අලුත් රොකට් වගේම ඔයාගේ නවීකරණ එක්ක උනත්?
ඒක හදල තියෙන්නේ වේගය වැඩි කරන්න මිසක්, මේ වගේ උන්නතාංශය වැඩි කරන්න නෙවි, හරිද?
මේකට නෙවි. නැහැ.
ඔවුන්ට තෙරපුම් පාලනය නැති උනා.
ගමන්පථ සැකසුමත් වැරදි සහගතයි,
නියත වශයෙන්ම එන්ජින් ක්‍රියා විරහිත වීමක්.
ඔක්සිජන් නිෂ්පාදන කොටසත් අක්‍රියයි...
ඔව්? ඔව්, මේ එයා තමා.
- චාර්ල්ස්? - ජනාධිපතිතුමනි.
ඔබ රුපවාහිනිය නරඹනවද?
ඔව්, මම බලාගෙන ඉන්නේ.
හෑන්ක්?
ඔව්.
ඒක සුළු ගලවාගැනිමක්.
අපි යනවා අභ්‍යවකාශයට,
අපි ගන්නවා ගගන ගාමින්, අපි එයාල ආපහු එක්ක එනවා.
- මොනවහරි ප්‍රශ්නයක් තියේද? - ඔව්, එකක් නෙවි දාහක් විතර.
අපි දාහක් ප්‍රශ්නවලට නම් වෙලාවක් නැහැ.
ඉතින් අපි අභ්‍යවකාශයට යනවා එහෙනම්?
ඔව්, කර්ට්, අපි යනවා අභ්‍යවකාශයට.
අපි එහෙනම් පිටසක්වල මෙහෙයුම් පවා කරනවා.මරු.
එක්ස් ජෙට් එකට එච්චර උඩ යන්න පුළුවන් ද?
- ඉතින්, තාක්ෂණිකව, මේ... - ඒක එතනට යාවි.
යමු.
ඔයාට ගැටළුවක් නැහැනේ මුකුත්?
මට අමතක උනා ඔයාට හිත් කියවන්න පුළුවන් කියල.
මට ඔයාගේ හිත කියවන්න උවමනා නැහැ.
ඔයාගේ මුණ බැලුවම ඔක්කොම පේනවා.
ඔයා මට කියන්න ඒක ගැටළුවක් නැහැනේ, ගැටළුවක් නැහැ.
මොනවා හරි ගැටළුවක් නම්,
මම ක්ෂණිකව ආපහු හරවාගෙන එනවා
මම දන්නවා ඔයා එහෙම කරනවා කියල.
තවත් යානයක අහසේ දක්නට ලැබෙනවා.
අපිට දැනගන්න ලැබුන විදියට
ජනාධිපති තුමා එක්ස් මෑන් ලාගෙන් උදව් ඉල්ලලා තිබෙනවා
නාසා ආයතනයේ නෝනාවරුනි මහත්වරුනි, මේ චාර්ල්ස් එග්සෙවියර්.
කවුරුහරි කෙනෙක් මට ඇතිවී තිබෙන තත්වය පැහැදිලි කරන්න පුලුවන්ද?
අපි සුර්ය කුණාටුවකට මැදිවෙලා තියෙනවා.
අපි හිතනවා එක උෂ්ණත්වය හින්දා විද්‍යුත් පරිපත ක්‍රියාවිරහිත වෙලා කියල.
ඔවුන්ට පාලන ගිලිහිලා, පණිවිඩ හුවමාරුවේ, දිශානිතියේ,
හරියට කියනවා නම් සම්පුර්නම පාලනය ගිලිහීලා.
කරදර වෙන්න දෙයක් නැහැ, මෙහෙයුම් මැදිරිය. උදව් දැනටමත් මග.
මෙම හිතන්නේ මේක මම හිතුව තරම් විනෝදයක් නැහැ.
අර සුර්ය කුනාටුවක්ද?
මේවගේ කියවීමක් නම් මම කවදාවත් දැකල නැහැ.
දිශාමුක තෙරපුම් පාලනයකින් තොරව ක්‍රියාත්මක වෙනවා.
- යානය වැඩි වෙලා ඔරොත්තු දෙන එකක් නැහැ. - කර්ට්, ඔයාට එතනට යන්න හැකිද?
වේගෙන් කරකැවෙනවා නේ. මට ජනේලෙන් ඇතුලේ දකින්න විදියක් නෑ.
ස්කොට්, අර තෙරපුම් විනාශ කරන්න වෙනවා,
කරකැවෙන එක අඩු කරන්න.
කර්ට්, පීටර් ගන්න. යන්න!
ස්ටෝර්ම්, අර විවරයන් මුද්‍රා තබන්න.
විනාඩියෙන් එන්නම්.
ඔහ්හ්, රෙද්ද.
- ආසන පටි දාගන්න, අපි ආපහු ගෙදර යනවා. - ඉන්න.
අපේ නියමුවා, එයා නැහැ මෙතන.
එයා හිටියේ තෙරපුම් කාරකයේ වාකවුළු හදමින්.
උෂ්ණත්වය වැඩිවෙනවා වේගයෙන්.
මට තව දුරටත් තියාගන්න බැහැ.
අපි මෙතනින් යන්න වෙනවා. මම කිවේ ආසනපටි දාගන්න කියල.
එපා, රේවන්. එපා. අපි කවුරුවත් මග දාලා යන්නේ නැහැ.
මම මේ කණ්ඩායම තව දුරටත් අනතුරේ දාන්නේ නැහැ.
එයාලගේ කණ්ඩායම ගැන මොකක්ද?
ජින් ට යානය ඒකාකාරිව තියාගන්න පුළුවන්.
එහෙම නේද, ජින්?
ඔයා දන්නවද ඔයා හිත එකාග්‍රකලොත් කරන්න පුළුවන් ඕනා දෙයක්.
මට යානය එකක් විදියට පවත්වාගන්න පුළුවන් ඒත් මෙතන ඉඳන් නෙවි
- මට ඇතුලට යන්න වෙනවා. - උෂ්ණත්වය විහිදෙනවා.
අපිට විනාඩියක් වත් නැහැ ඒක අපි ලඟට එන්න.
එයා කිවා එයාට කරන්න පුළුවන් කියල.
තත්පර තිහයි.
ඒක ආපස්සට ගණන් කරන්න. යන්න.
තත්පර විස්සයි තියෙන්නේ.
දහයයි...
නවය, අට...
හත, හය...
පහ...
හතර...
තුන...
දෙක...
එක.
කෝ ජින්? කෝ, එයා?
- එයා කොහෙද? - මට සමාවෙන්න!
ගට්ටනයට සුදානම් වෙන්න.
ඔක්කොම...
ඔක්කොමලා හොඳින් නේද?
ඔව්, අපි හොඳින්
හරි යමු එහෙනම් ගෙදර.
- හුරේ, එක්ස් මෑන්! ! - ඔව්!
හුරේ! එක්ස් මෑන්!
ඒ ඇති, කොල්ලනේ කෙල්ලනේ. ඒ ඇති.
අද එක්ස් මෑන් කලේ ගොඩක් නිර්භීත ක්‍රියාවක්.
එයා ඔප්පු කළා මිනිස් වර්ගයාට සැබෑවටම එයාලට අපිව අවශ්‍ය වෙන්නේ ඇයි කියල ,
ඔයාල වගේ පුද්ගලයින්.
ජනාධිපතිතුමා එයාගේ ශුභාශිංසන පිරිනැමුවා,
එයාගේ හදපිරි ස්තුතිය සමගින්ම.
ඒවගේම, මට, මෙතරම් ආඩම්බරයක් කවදාවත් දැනිලා නැහැ.
සතුටුවෙන්න. මොකද ඒක ඔයාලට හිමියි.
අනික,
තව දුරටත් පන්ති නැහැ, දවස අවසාන වෙනකම්.
ජින්?
ඔයා අපිව හොදටම බය කළා. කොහොමද දැන්?
ඇත්තටම, මට...මට සනීපයි දැන්.
- හෑන්ක්? - ඔව්?
පොඩ්ඩක් ජින් ව බලනවද? මෙම ක්ෂේත්‍රයේ වෙන අනතුරු වලට සාමාන්‍ය දෙයක් ඕක.
ස්තුතියි.
ඔයා දන්නවද, ජනාධිපතිතුමා තව පොඩ්ඩෙන් ශෝකය ප්‍රකාෂකරනවා.
- එයා පොඩ්ඩෙන් මැරෙන්න තිබ්බා. - එහෙම උනත්, එයා බේරුනා.
මමයි ඔක්කොම කලේ.
මම කියන්නේ, ජින් කලේ පොඩි දෙයක්, මුල ඉඳන් අගටම,
මම තමා ඔක්කොම කලේ..
ඔයා අපිව අනතුරේ දැම්මා, චාර්ල්ස්.
ඔයා අර ළමයි අනතුරේ දැම්මා.
No comments yet. Be the first to leave one.