Cash (Ca$h)

Cash (Ca$h) (Ca$h)

دانلود زیرنویس Sinhala

هماهنگ با نسخه‌های زیر

cash 2010 dvdrip xvid-qcf
ناشر Dinush

برچسب‌ها

DVD
DVDRip
dvdrip
dvdr
XviD
تاریخ انتشار: 2015-04-01
تعداد دانلود: 46
مخصوص ناشنوایان: No

پیش‌نمایش زیرنویس Sinhala

نخستین 200 خط.

දිනූෂ චතුරංග ‏කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න.

බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ අංක 297 යානය ලන්ඩනයේ සිට 12 වෙනි ප්‍රවේශයට දැන් ලගාවේ.

හායි.

කාමර, දවල් වරුව‍ට ඩොලර් ‍39යි, රෑට 29 යි.

- හරි, රෑට නවතින එක ලාබයිනෙ. - මලඉලව් රෑටද!

දවල් වරුව සෙක්ස් කරන අයට. සෙක්ස් කරද්දි සල්ලි යනව.

- කාමරයක් ඕනද, එපාද? - ඔව්, කරුණාකරල සතියකට දෙන්න.

බිල් එක 203 ක් වෙනවා, දැන් ගෙවන්න ඕන.

13 වෙනි කොටස.

අගහරුවාදා රෑ පිටවීමට ලෑස්ති වෙන්න.

එපා, මම හොදින්. ස්තූතියි.

ඒයි කොහොමද මිනිහෝ! මෙහෙට වරෙන්!

ගේට්ටු අංක 6 අරින්න!

- ඔයා හොදින්ද? - ඔව්.

මට සතුටුයි ඔයා ආව එකට, සහෝදරයා.

මෙන කෙහෙල්මලකටද උඹ චිකාගෝ වලට ගියේ? මෙහෙ තියෙන ඒවා මදිවටද?

එහෙ තියෙන සුන්දර වැව් වල දර්ශන බලන්නයි, ඉරිඟු කාලා හැදුන ඇමෙරිකන් කෙල්ලො බලන්නයි. වෙන මොකටද?

ජේසුනේ, උඹට ඕවා කරලා ඇති වෙන් නැද්ද?

හරි රීස්, මම ආවා. ඔයා කීවනෙ මගෙ මේ කාලය අපතේ යවන්නෙ නෑ කියලා.

අහන්න.

කවුරුහරි මාව ලුහුබඳිනවා. උන් හිතන්නෙ ඒ මම කියලා.

- ඒත් උඹ වරදක් කරලා නෑනෙ. - ඔව් ඇත්තටම.

නරක මිනිස්සු වෙස්මූණු දාගෙන ඉන්නෙ.

ඒ වගෙම, උන්ගෙන් එක්කෙනෙක් පොලිසිය අතින් මැරුම් කෑවා.

කාර් එක උතුරු සීමාව දෙසට යනවා. පහළ වොකර් සහා වැන් බියුරෙන් මාවත් හරහා.

මම දැක්කා.

- දෙවියන්ගෙ ශාපය වැදියං! - කට වහගනින්.

මොන මඟුලක්ද ඒ වුනේ, රීස්?

මහ අමාරුකාර පොලිස්කාරයො ටිකක් ඩියුටි වැටිලා. ඒ මඟුල තමා වෙලා තියෙන්නෙ.

අවජාත‍කයො!

එළියට බැහැපං!

බැහැපං!

මඟුල බැහැපං එළියට!

ඔහු ගාව තුවක්කුවක් තියේ! ඔහු ගාව තුවක්කුවක් තියේ!

තුවක්කුව බිම දාපං!

ඔය ට්‍රක් එකේ ඉන්න එකා, මට උඹේ අත් දෙක පෙන්නපං!

උස්සපං! මට පේන්න අත් දෙක උස්සපං!

නැගපං කාර් එකට.

සාක්ෂිකරුවො නෑ, සල්ලි නෑ, වරදක් නෑ, හරිද?

උඹ කොච්චරක් ගත්තද?

- නරක මිනිස්සුද? - අඩුම තරමේ, මිලියන භාගයක්වත්.

සමහර විට ඊටත් වැඩිය.

හරි, මම කැමතියි.

කොහෙද?

මට ඒක විසි කරන්න සිද්ද වුනා.

- කොහෙද? - ඩෑන් රයන් අධිවේගී මාර්ගයේදී.

මෝඩයො!

රීස්, තමුසෙ මොන මගුලක් ද ඔය කරන්නෙ? අපේ සල්ලි!

මගුලෙ කට වහගන්නවද?

උඹ හිතනවද ඒක තාම එතන ඇති කියලා?

- ඒක එතන නෑ. - එහෙනම් කොහෙද?

ම්.. ඒක මිනිහෙක්ගෙ කාර් එකක් උඩට වැටුනා, සුදු මිනිහෙක්ගෙ.

- හරි, මොන විදියෙ කාර් එකක් ද? - පරණ කාර් එකක්.

පරණ ස්ටේෂන් වැගන් එකක්. දෙපැත්තෙන් ලී පතුරු වගේ තියෙන, ඔයා දන්නවා ඒක.

ඔව්, දෙපැත්තෙ ලී පතුරු තියෙන එක.

මගුල! මොන පිස්සුවක්ද?

බැල්ලිගෙ පුතෝ!

ඇයි මටම?

චිකාගෝ වල දාස් ගණන් කාර් යද්දි මේ අවලම් බල්ලා...

දෙවියනේ..

ඉස්සෙල්ලම ඔයා ද නාන්නෙ?

නෑ, ඔයා යන්න.

හා..

අවුල් වෙන්න එපා සෑම්. හැමදෙයක්ම හොඳින් විස‍‍‍‍දේවි..

ඔයා වැඩ ඇරුනම ගන්න එන්න ඕනද මම?

නෑ, මම ඔයාව හම්බවෙන්න ‍එන්නම්. ඇවිදින එක මට හොඳයි.

- පස්සෙ හමුවෙමු, එහෙනම්? - හා.

රෙද්ද!

මොන මගුලක් කරනවද මිනිහෝ?

දෙයියනේ, රීස්! තමුසෙට පිස්සුද?

හෙමින් කතා කරපං!

මේ චිකාගෝ, රීස්.

උතුරු ඇමරිකාවෙ කාර් වල අගනගරයෙ තමයි මේ මගුලෙ එක කාර් එකක් හොයන්න කියන්නෙ.

- ඒක අමතක කරපං,උඹ ඇතුලට වෙලාම ඉඳපං. - මේ අහනවා.

දවස් දෙකකට කලින් බා(ර්)නි කියලා පොරක් ආව මෙහෙට.

තාමත් මේ වීදි වල මං සලකුණු ඉතිරි වෙලා තියෙන්න පුළුවන්, අමාරුවෙන් හරි හොයාගන්න.

ඌ ඒ සල්ලි පාවිච්චි කරනවා ඇති. ඒකෙන් ඌ උගෙ යාළුවන්ගෙන්, වැඩ කරන තැනින් ඈත් වෙලා ඇති.

පළවෙනියටම ඌ අත්පිට මුදලටම කාර් එකක් ගන්න ඇති...

අන්න ඒකෙන් තමයි තමුසෙ ඌව අල්ලගන්නෙ..

50 ට 50 බෙදා ගමු. දැන් තමුසෙ මොකද කියන්නෙ?

මම ඉන්නවා, එහෙම නේද?

මම මට පුළුවන් උපරිම දේ කරනවා.

- ඔයා ද අලෙවි කළමණාකරු? - ඔව්, ඒ මම තමයි.

මට උදව්වක් කරන්න පුළුවන්ද?

පුළුවන් උපරිමේටම උත්සාහ කරලා කරනවා.

කවුරු හරි මෙහෙට ඇවිත්, අත්පිට මුදලට කාර් එකක් ගන්න ඕන කීවොත්..

ඔයා මොකද කරන්නෙ?

මාව ප්‍රබෝධමත් වෙයි.

නිල වශයෙන් ඔයා මොකද කරන්නෙ?

හොඳයි, බැංකුවක් අදාල නැත්නම්, එතනට ණය පෝරමයක් අවශ්‍යත් නෑ.

රක්ෂණයක් අවශ්‍යත් නෑ, කොල පුරවන්න ණය නිළධාරියෙකුත් නෑනෙ.

අත් පිට මුදලට කරන ගණුදෙනුවකදි අපි කරන එකම දේ තමයි..

බලපත්‍ර සහ රජයේ බදු සඳහා ලියවිලි සකස් කරන එක.

- කොහොමද? - ඒකත් අයදුම්පත්‍රයක්.

මේ තියෙන්නෙ.

ඒත් ඔයාට කියන්න, අත්පිට ගණුදෙනු හරිම දුර්ලභයි.

අවුරුද්දකට දෙසැරයක් විතර වගේ තමයි අත්පිට ගණුදෙනුවක් වෙන්නෙ.

මේකද ගෙවීම් කරන ලියකියවිල්ල?

ඔව්, ඔතන පේලිය, දැක්කද?

එතන දාන්න ඕන බැංකුවෙ නම හරි, ෆිනෑන්ස් කම්පැනියෙන නම හරි..

නැත්නම් "cash" සීල් එක හරි.

- ඒක කොහෙටද යවන්නෙ? - චිකාගෝ DMB එකට, ප්‍රධාන ශාඛාවට.

ස්තූතියි යාළු.

සතුටුයි උදව් කරන්න ලැබුනට. කෙලෙහිගුණයක් නැති එකා.

මට හිතාගන්න බැහැ ඇයි ඔහු ප්‍රමාද කියලා, ඩේල් මහත්මයා.

ඔහු දන්නවා 10.30ට ඔබත් සමඟ රැස්වීම කියලා.

මේක තමයි මේ ප්‍රශ්නෙදි හැමදාම වෙන දේ, ෆීලන් මහත්මිය.

ගෙයක් මිලදී ගන්නවා කියන්නෙ විශාල වගකීමක්.

මම හිතන් නෑ ෆීලන් මහත්මයා ඔහු දුන් පොරොන්දුවට වගකීමක් සහිතව මුහුණදෙනවා කියලා.

ඔබ සහ ඔබේ ස්වාමියා ගෙවීම් පැහැර හැරලා දැනටමත් දින 120ක් වෙනවා.

අපි වගේ පුංචි ආයතනයකට මෙහෙම වුනාම ඒක බරපතල විදියට දැනෙනවා.

ඩේල් මහත්මයා, අපි දන්නවා වෙලා තියෙන දේ. අපිට රැකියා අහිමි වුනා.

දැන් ආයෙමත් අපි දෙන්නම වැඩ කරනවා. අපි ඒක ගෙවන්නම්.

ආපහු ඔයාලගෙ ණය ගැන සලකා බලන්න කියලා ආයතනයට කරන්න බැරි දේවල් ඉල්ලන්න එපා..

විශේෂයෙන්ම, ෆීලන් මහත්මයා අකමැති ...

නිසා...

නීත්‍යානුකූලව ගෙවීම් කරන්න වගේම, අද හමුවීමටත්...

- කොහෙද ගිහින් හිටියෙ? - ඒක මම පස්සෙ කියන්නම්.

ඩේල් මහත්මයා, අපේ බැංකුකරු. ඉඩදෙන්න මට හිතන්න.

ඔයා කරන්න හැදුවෙ,

අපේ ණය ගැන ආයෙ සලකා නොබලන්න නේද?

මොකක්?

මොකක්ද ඔයා කීවෙ?

මේ වගේ තත්වයක් යටතේ, මම හිතන්නෙ නෑ අපේ ආයතනය ...

ඔයාලට උපකාර කරයි කියලා, ෆීලන් මහත්මයා.

නවත්වන්න, සෑම් කියන්න එයාට. ඒක අපේ ගෙදර!

මම හිතන්නෙ ඔයාලට ණය වෙලා තියෙන මුලු මුදලම ගෙවන්න සිද්ද වෙනවා..

නැත්නම්, මිඩ්වෙස්ට් සේවිංග්ස් ඇන්ඩ් ලෝන්ස් ආයතනයට සිද්ද වෙනවා මේ කටයුත්ත අවසානයක් කරලා දාන්න.

ඩේල් මහත්මයා, කරුණාකරලා.. අපි ඒ ගෙදරට ගෙවලා තියෙනවා...

පහුගිය අවුරුදු පහේ හැම මාසෙකම. ඒකෙන් කිසිම වැඩක් වෙලා නැද්ද එතකොට?

ඔක්කොම ගාන කීයද හරියටම?

දඩ සහ පොලී ඔක්කොම එක්ක ඩොලර් 7603 ශත12 ක්.

හරි.

මෙන්න.

දාහයි, දෙදාහයි, තුන්දාහයි, හාරදාහයි, පන්දාහයි, හයදාහයි, හත්දාහයි...

සහ...

- එකයි, දෙකයි, තුනයි ... - ශත ‍දොලහයි.

හතරයි, පහයි, හයයි.

ඔයා ගාව මාරු 4ක් තියේද?

හතරක්.

ඔව්.

ස්තුතියි.

ඇමරිකන් ඩොලර් 7605 යි.

ලෙස්ලි, යමු.

ඉන්න, මගෙ ජැකට් එක.

තමුසෙ මට ඩොලර් 1.88ක් ණයයි පාහරයො, ඒක හෙට දවල් 12 වෙන්න කලින් මට ඕන.

- ඔයාට කොහෙන්ද ඒවා? - කෙලින්ම දිව්‍යලෝකෙන් බබෝ.

නෑ, ඇත්තටම සෑම් කොහෙන්ද?

මම හිටියෙ ඩෑන් රයන් අධිවේගී මාර්ගයෙ, හරිද?

එතන පොලිස් ලුහුබැඳීමක් සිද්ද වුනා. ඒ අතරෙ ඒක එකපාරටම මගෙ කාර් එක උඩ.

කාර් එක පලුදු වුනාද?

පලුදු වුනා? දෙවියනේ ඒක අමතක කරන්න පැටියෝ. බලන්න.

මගෙ දෙවියනේ... මෙතන කීයක් ද?

මම දන් නෑ.

ඔයාට දැන ගන්න ඕන ද?

කොච්චරක්ද, කොච්චරක්ද?

හරි.

ඩොලර් 618,127 ක්.

ඉන්න, ඒකට තව එකතු වෙන්න ඕන අපි අර මිනිහා ඩේල් ට ගෙව්ව ඩොලර් 7605 ...

- ඔයා මිනිහගෙ මූණ දැක්කද? - ඔව්.

මම හිතුවෙ පොර කලිසමේම මුත්‍රා කරගනී කියලා.

කොහොමද ඔයා ඩොලර් එක ගැන කියද්දි?

- පාහරයා! - පාහරයා!

හරි.

ඒ ඩොලර් 7605ත් එකතු කලාම මුලු එකතුව...

ඩොලර් 625,731 ක්.

මගෙ දෙවියනේ...

අපි ධනවත්තු.

සෑම්, අපිට මේක තියාගන්න බෑ.

- අපිට පුලුවන්. - බැහැ. මේව අපිරිසිදු සල්ලි වෙන්න පුළුවන්.

ඔව් ඇත්තටම. මේවා සල්ලිනෙ.

මට ඕන නෑ කොලොම්බියන් කුඩු රජෙක් ඇවිත් අපේ දොරට තට්ටු කරනව දකින්න.

ඒයි, මේක කවුරුත් දැක්කෙ නෑ ලෙස්.

මම ඒක ගන්නෙ නැතුව එතන දාල ආව නම් වෙන කෙනෙක් ඒක අරන් යයි.

ඒවා නිදහස් වගේම පිරිසිදු සල්ලි. ඒවා අපිගාව කියලා මේ ලෝකෙ කවුරුවත් දන්නෙ නෑ.

ඒවා බැංකුවකින් හරි කොහෙන් හරි හොරකම් කරපු ඒවා නම්?

ඉතින් මොකද? බැංකු රක්ෂණය කරලනෙ තියෙන්නෙ.

අයියෝ!

අපි මොකද කරන්නෙ ඉතින්?

ඔයාට වීරයෙක් වගේ රගපාලා මේ ටික ආපහු චිකාගෝ පොලිසියට දෙන්නද ඕන?

ඔයා දන්නවද, ඒ වංචනික පොලිස්කාරයො ටිකත් මේ ටික කොහොමහරි බෙදාගනියි.

නෑ, නෑ, බබෝ, ඒක කරන්න බෑ. මේ සල්ලි අපේ.

හරිද? දෙවියො මට කෙලින්ම අහසින්මයි දුන්නෙ.

මිලියන ගානක් කාර් තියෙන චිකාගෝ වල, මේක වැටුනෙ මගෙ කාර් එක උඩටමනෙ.

ඒක තමයි දෛවය.

- එයාල රක්ෂණය කරල තියෙන්නෙ කියල ෂුවර්නෙ? - ඔව්, එයාලා අනිවාර්යෙන්ම.

එන්න බබෝ, මේ සල්ලි අපේ. උකස බේරගෙන ඉවරයි.

ඔයාට ගන්න ඕන වෙලා තිබුන ඔක්කොම දේවල්, දැන් ඉතින් ගන්න.

අලුත් ලී බඩු, ගෙදර තීන්ත ගාන්න...

හ්ම්...

ලෙස්ලි, ඩොලර් 600,000කටත් වඩා. අපිට ඕන ඕනම දෙයක් ගන්න පුලුවන්.

අපේ හැම හීනයක්ම සැබෑ වෙනවා බබෝ.

ඔයා හරි!

මගෙ දෙවියනේ!

- මොනාද ඉස්සෙල්ලාම? - ම්.. කාර් එකේ ලොකු පලුද්දක් වෙලා.

- අලුත් කාර් එකක්! - ඔව්.

මොකක්ද බැලුවෙ?

මම සීක් ව හොයන්නෙ.

වැරදීමක්. මෙහෙ සීක් කෙනෙක් නෑ.

මෙහෙට එන්න.

More Sinhala subtitles for Cash (Ca$h)

نظرات

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left