Descendants of the Sun

Descendants of the Sun (태양의 후예)

I-download ang Sinhala Subtitle

Impormasyon ng release

Descendants of the Sun 2016 Episode 01-03 Sinhalese
Komentaryo ni kikywebsite

Mga Tag

TS
Na-publish noong: 2019-05-21
Mga Download: 110
May Kapansanan sa Pandinig: No

Preview ng subtitle na Sinhala

Ang unang 200 linya.

01:00 පමණ,

උතුරු කොරියානු විශේෂ බලකායේ ක්‍රියාකාරීන් තිදෙනෙක්...

දකුණු ආසියාකරයේ ආරක්ෂක හමුදා මායිම හරහා ගමන් කරනවා.

ඔවුන් 301 ආරක්ෂක ස්ථානයට කඩාපැන...

අපේ සෙබළුන් දෙදෙනෙක් ප්‍රාණ ඇපයට ගෙන ගිහින් තිබෙනවා.

ඔවුන් දැන් පහරදෙන්නයි සූදානම

පහර දෙන්න?

එයාලා මිනිස්සු තුන්දෙනෙක් යවලා...

යුද්ධයක් පටන්ගන්නද යන්නේ?

ඒක කුපිත කිරීමේ අදහසින් සිදුකරපු දෙයක්.

දකුණු ආසියාකරයේ ආරක්ෂක හමුදා මායිමේ පත්තුවෙන එක වෙඩිල්ලකින්...

සාම ගිවිසුම අහෝසි වෙනවා.

උතුරු කොරියාවෙ බලාපොරොත්තුව අපිව කුපිත කරවල වෙඩි තැබීමක් ඇති කරන්නයි

ඒ නිසා එයාලා සය සාමාජික සාකාච්ඡාවක් කරන්න...

කැමැත්ත පල කරයි.

එතකොට අපි මොකද කරන්නේ?

අපිට උන්ගේ කපටි කමට අහුවෙන්න බැහැ,

ඒත් අමතක කරන්නත් එපා...

අපේ දෙන්නෙක් එතන ප්‍රාණ ඇපයේ ඉන්නව කියලා.

අපි නිශ්ෂබ්ධව ඔවුන්ව ආපසු යවන්න ඕනේ.

මම දැනටමත් විශේෂ බලකායේ ඇල්ෆා බලගනය පිටත් කලා..

නවතිනු, නැත්නම් වෙඩි තියනවා.

මම යූ ශි ජින්, ඇල්ෆා බලගණයේ කැප්ටන්.

මේ මොහොතේ ඉඳන්,

අපි පාලනය භාරගන්නවා.

මොනවද ඔයා කරන්නේ?

අපි ඉන්නේ දකුණු ආසියාකරයේ ආරක්ෂක හමුදා මායිමේ.

ඉතින් කතා කරන එක තමයි හොඳම දේ.

මම අණදෙන කපිතාන්. උතුරු කොරියානුවෝ අනතුරක් නැතිව ඉන්නවද?

මේක ඉවරයක් කරමු. අපි ඔයාලව ගෙදර යවන්නම්.

මට සැකයි උන් ඒ තරම් ලේසියෙන් මේක අතහරියිද කියලා.

ඉදිරියට යමු.

බිග් බොස්ගෙන් කපිතාන්ට.

අපි ඇතුලට යනවා.

පිකොලෝගෙන්.

මට දර්ශණ ලැබෙනවා.

පුපුරණ ද්‍ර‍ව්‍ය ස්ථානගතයි.

හැරී පෝටර්ලා සූදානමින්.

පිපිරුම්?

අර දෙන්න ගැන මොකද?

කතාව වැඩක් නැති වුනොත් ඒක තමයි අවසාන විසඳුම .

අපි උඹලගෙ පසුබැසීමට පාර ඇරල තියෙන්නේ. දැන් ගෙදර යනවා.

එළිය වැටුනම ඒක අවුලක් වෙයි.

යන්න දුන්න වෙලාවෙ යනවා.

අපිට නිකම්ම යන්න බැහැ.

මට උඹල කීප දෙනෙක් මරන්න ඕනේ, විශේෂ බලකායෙන්...

රණශූරයෙක් වෙන්න.

හොඳයි එහෙනම්.

සටන් කරමු.

උඹේ දකුණු අත නේද ඒකට පාවිච්චි කරන්නේ.

මම හිතන්නෙ නැහැ...

උඹට පුලුවන් කියලා මාව මරන්න.

උඹේ රටේ මිනිස්සු අනිත් අයගෙ ඇස් වල ආශාවන් ගැන කල්පනාවෙන් ඉන්නේ.

ඒ නිසා උඹලට බැහැ මුලින් වෙඩි තියන්න.

ඒත් අපි...

වෙනස්.

අපි බෙදිල අවුරුදු 70 ක් වුනත් උඹල තාමත් ඉන්නෙ වැරදි වැටහීමකින්.

අපි හැමවෙලාවෙම ඉස්සෙල්ලම වෙඩි තියන්න සූදානමින් ඉන්නේ...

සාමය රැකීම වෙනුවෙන්.

මට ඕනෙ නැහැ උඹට තවත් වැරැද්දක් කරන්න ඉඩ දෙන්න.

මම කවදාවත් මගේ සතුරො වැරදි කරද්දි උන්ට බාධා කරන්නෙ නැහැ.

මම මෙහෙ ආවෙ රණශූරයෙක් විදිහට.

මම යන්නෙත් ඒ විදිහටමයි.

ඒක පහල දානවා.

දකින්න ලැබීම සතුටක්.

කපිතාන් යූ සි ජින්.

මම උඹව දන්නවා.

ඒත් මට හැම අවුරුද්දෙම උඹට දකින්න එන්න වුවමනාවක් නැහැ.

ජේෂ්ඨ ලුතිනන් ආහ්න් ජන්ග් ජූන්.

යමු.

බිග් බොස්ගෙන් කොමාන්ඩර්ට.

ඇල්ෆා බලගණය.

මෙහෙයුම අවසන්.

ඔයා වෙඩි තියන්නෙ ඇස් වහගෙනද?

ඔයාගෙ ශ්‍රේණිය අප්‍ර‍සිද්ධයි.

තුවක්කු බටේ කෙලින් නැද්ද?

මට ක්ලිප් එක හදන්න බැහැ.

මේක වැඩක් නැහැ.

තව වටයක් යමුද?

සමාවෙන්න.

- ඔයාට බැරිද ක්ලිප් එක වෙනස් කරන්න? - අපො බැහැ!

ඔයාට තුවක්කු වලින් සෙල්ලම් කරන්න බැහැ.

මේක ඇමරිකාවේ ඩෙල්ටා ෆෝර්ස් එක කාන්තාර යුද්දෙදි පාවිච්චි කරපු තුවක්කුව.

ඔයා හමුදාවෙ ඉද්දි පාවිච්චි කරන තුවක්කුවට වඩා මේක වෙනස්.

නැහැ එහෙම නැහැ.

නවතිනවා! හොරෙක්!

ඒකා හොරෙක්!

හොරෙක්! නවත්තන්න ඒකව!

අනේ ඒකව නවත්තන්න!

ඒකා එන්නේ මේ පැත්තට.

මට මේ තුවක්කුව දෙන්න.

අපි දැන් රාජකාරියෙන් පිට ඉන්නේ.

අයින් වෙනවා!

මේ සෙල්ලම් තුවක්කුවේ තියෙන්නේ කෙටි දුරක්.

ඒක 5m විතර.

එයා ඉන්නේ 10 m ක් දුරින්.

7යි.

කොල්ලනේ පැත්තකට වෙනවා.

5m යි.

දැන්.

බයිසිකලේට අවුලක් නැහැ වගේ.

පොලීසියට කතා කලාද?

ඕනෙ නැහැ.

කූපන් කීපයක් වෙනුවෙන් මට ඕනෙ නැහැ පොලීසිය ගෙන්වන්න

අනිත් එක ඌ තුවාල වුන එකටත් මට කරන්න දෙයක් නැහැ.

ඒකා නිසා මට එහෙම කතා කරන්න එපා. හරිනේ?

හෙලෝ. මෙතන මොටර් සයිකල් අනතුරක් වුනා.

මම හොඳින්. ඒක රිදෙන්නෙ නැහැ.

ඔහොම ඇල වෙලා ඉන්නවා.

දැගලුවොත් කොඳු ඇට පෙල කැඩෙයි.

මොනවද ඔයා කරන්නේ?

මේ ඔක්කොම යහපත් සමාජයක් ඇති කරන්නයි

ඒ වගේම දැන් මම කරන්නේ ප්‍ර‍ථමාධාර දෙන එක.

මට අර වලස්සු දෙන්නෙක් ගන්න පුලුවන්ද?

අරක?

ඒවා විකුණන්න නෙවෙයි.

මම දන්නවා. මට විතරක් විකුණන්න.

නැත්නම් ඔයාගෙ ඔක්කොම වලස්සු ටික මම දිනන්නද.

තව එක දෙයක්.

තියෙනව නම් මට පෑනක් දෙන්න.

පෑනක්?

උඹේ පෙම්වතිය හරිම ලස්සනයි.

මම හිතන්නෙ එයා මගේ විදිහෙ කෙනෙක්.

උඹේ පෙම්වතියත් එහෙමයි.

ඒ මගේ සහෝදර සෙබලෙක්.

මම කිව්වේ...

මොන කෙහෙල්මලකටද උඹ මේවා ගෙනාවේ?

ඒකා වැඳ වැටුනා මේ දෙක අරගෙන ගිහින් ආයෙත් නෑවිත් ඉන්න. ඉතින් මම මොනව කරන්නද?

ඔය තරම් දුර්වල හිතකින් කොහොමද උඹ යුද්ධ කරන්නේ?

මට කවදාවත්ම මේකව තේරුම්ගන්න බැහැ.

උඹ හිතනවද...

ඌ හොඳින් ඇති කියලා?

මම හිතන්නෙ ඌ ජීවත් වෙන හැටි දන්නවා.

ඒකා ක්‍රීඩකයෙක්. හොඳින් ඇති.

මමත් කාලයක් ඒ වයසේ හිටියා.

උඹට හොඳ ක්‍රීඩකයෙක් වෙන්න නම් හොඳ පුහුණුකරුවෙක් හමුවෙන්න ඕනේ.

ඇයි? තවමත් ඒක හිතට වද දෙනවද?

මේක නිසා ඒ අඳුරු දවස් මතක් වුනාද?

මට ඌ ගැන දුක හිතුනා.

උඹ උගේ වයසෙදි,

නරක වැඩ ගොඩක් කලාද?

මිනිස්සු ලවා කෙරෙව්වා.

අපරාධ චිත්‍ර‍ටියක ප්‍ර‍ධාන චරිතය උන උඹ...

අර පොඩි එකාවත් ඒකට දැම්මද.

උඹ හරිම නපුරුයි.

අරක බලපන්.

ඒක බලඇණියෙන්ද?

ඔව්.

ඒත් අපේ එකෙන් නෙවෙයි.

උත්තර දෙන්න එපා.

දෙනවා.

මම ඒකට උත්තර දීලා ඒකිව මෙතනට ගෙන්වනවා.

මිනිහෙක් වගේ වැඩ කරපන්. ඒකිව හම්බෙලා වෙන් වෙයන්.

මම උඹට රෑ කෑමක් දෙන්නම්. මස්.

මට මගේ කෑමට ගෙවන්න තරමට පඩියක් හම්බෙනවා.

මම උඹට අවුරුදු 17ක් පරණ විස්කි අරන්දෙන්නම්.

අවුරුදු 17 ක් පරණ? ඒක පොඩි වැඩියි.

මම උඹට කෙල්ලෙක් සෙට් කරන්නම්. මගේ නංගි කෙනෙක් ගුවන්තොටුපලේ වැඩ කරනවා.

ගුවන් හමුදාවෙද?

එයා ගුවන් සේවිකාවක්. යාලුවො ගොඩක් ඉන්නවා.

ඇයි කලින් කිව්වෙ නැත්තෙ එයා ගැන?

උඹේ ෆෝන් එක දීපන්.

දීපන් මට.

විහිලු කරනවද?

මොකද සාක්කුව අතගගා ඉන්නේ?

ඉස්සෙල්ලා...

ඔයා හොඳින්ද?

සමාවෙන්න.

මේ එයාද?

ඔව්. මම දැන් එයාට ප්‍ර‍ථමාධාර දුන්නා.

උඹව හොරකම් කරල කියන්න විතරක් නම් එපා මට.

මම අරකව මරනවා...

මම හිතුවෙ උඹ ඌ ගැන දුක් වෙනව කියලා.

මොන ඉස්පිරිතාලෙටද ඌව ගෙනිච්චේ?

දෙවියනේ.

ඔහ් දෙවියනේ. හිමීට.

මම කිව්වනේ මේක ගලවන්න කියලා. හරිම ලැජ්ජාවක්.

කරුණාකරල හෙලවෙන්න එපා.

අපි එයාව මෙහෙමම ඇතුලට ගෙනියමු.

මම කිව්වනේ මම හොඳින්.

සමාවෙන්න, මම ඇත්තටම හොඳින්.

සමාවෙන්න.

- එයාගෙන් මේක වැටුනා. - හොඳයි.

ස්තූතියි.

හෙලෝ?

නැහැ, මේ හේසන්ග් රෝහලේ හදිසි අනතුරු අංශය.

මේ ෆෝන් එකේ අහිතිකාරයාට මෝටර් බයිසිකල් අනතුරක් වෙලා ගෙනාවා.

ඔයා එයාගෙ පවුලෙ කෙනෙක්ද?

එයාට මොටර්සයිකල් අනතුරක් වෙලා.

මෙන්න වෛද්‍ය සටහන.

කවුද මේක ලිව්වේ?

මට මේක කරපු මිනිස්සු.

මේක මගෙන් අයින් කරන්න

හොඳයි. හෙලවෙන්න එපා

කරුණාකරල ඒක රෝහලට මාරු කරන්න.

හොඳයි.

කවුරු වුනත් ප්‍ර‍ථමාධාර හොඳට දීලා තියෙනවා.

දක්ෂ වගේම ලස්සනට

කෝ බලන්න. සැකසහිත ඉල අස්ථි බිඳීම.

ඔව් ඒක එහෙම තමයි.

More Sinhala subtitles for Descendants of the Sun

Mga Komento

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left