Ang unang 200 linya.
You Tube - Video Running Time 02:14:27
You Tube search name - Disco Dancer (1982) - Hindi Full Movie - Mithun Chakraborty - Bollywood Superhit 80's Movie
කියන්න "ඩී" - "ඩී"
කියන්න "අයි" - "අයි"
කියන්න "එස්" - "එස්"
"සී" - "සී"
"ඕ" - "ඕ"
ඩිස්කෝ ඩාන්සර්, ඩිස්කෝ ඩාන්සර්...
ඩිස්කෝ ඩාන්සර්, ඩිස්කෝ ඩාන්සර්...
රඟපෑම් :- මිතුන් චක්රබ්රෝර්ති (ජිමී) කිම් යශ්පාල් (රීටා) රාජේශ් ඛන්නා (රාජු) ඕම් පුරි (ඩේවිඩ් බ්රවුන්)
සංගීතය :- බප්පි ලහිරි
ගායනය :- බප්පි ලහිරි, සුරේෂ් වඩ්කාර්, ඌෂා මංගේෂ්කාර්.
ඩිස්කෝ ඩාන්සර්, ඩිස්කෝ ඩාන්සර්...
ඩිස්කෝ ඩාන්සර්, ඩිස්කෝ ඩාන්සර්...
රාජු මාමේ, මං එනෝ!
"කළු සුදු භේද නැහැ"
"ලෝකය කරුණාවන්තයි"
"කළු සුදු භේද නැහැ "
"ලෝකය කරුණාවන්තයි"
"සතුටින් ජීවත් වෙන්න. සතුටින් මැරෙන්න"
"අපි මිනිසුන් වෙමු හදවත් ඇති"
"කළු සුදු භේද නැහැ "
"ලෝකය කරුණාවන්තයි"
"පාරක් පාරක් ගාණේ අපගේ ගී නද රැව්දෙනවා"
"අපි සංගීතය සපයන අය වෙමු. ඒ අපගේ රැකියාවයි"
"පාරක් පාරක් ගාණේ අපගේ ගී නද රැව්දෙනවා"
"අපි සංගීතය සපයන අය වෙමු. ඒ අපගේ රැකියාවයි"
"අපි රන් නොවේ. රිදී නොවේ"
"ගීත පමණයි අපේ ආදරේ"
"අපි රන් නොවේ. - රිදී නොවේ"
"ගීත පමණයි අපේ ආදරේ"
"කළු සුදු භේද නැහැ"
"ලෝකය කරුණාවන්තයි"
"කළු සුදු භේද නැහැ"
"ලෝකය කරුණාවන්තයි"
"ජීවිත කාලය ඉතාමත් කෙටියි. සතුටින් ජීවත් වෙන්න"
"ඔබට දෙයක් කරන්නට ඕනෑ වේ නම්, එය ආදරයෙන් කරන්න"
"ජීවිත කාලය ඉතාමත් කෙටියි. සතුටින් ජීවත් වෙන්න"
"ඔබට දෙයක් කරන්නට ඕනෑ වේ නම්, එය ආදරයෙන් කරන්න"
"මොනවාද ඔබේ? මොනවාද මගේ?"
"අමතක කරන්න ඒවා. මාගේ යාළුවා"
"මොනවාද ඔබේ? - මොනවාද මගේ?"
"අමතක කරන්න ඒවා. මාගේ යාළුවා"
"කළු සුදු භේද නැහැ"
"ලෝකය කරුණාවන්තයි"
"සතුටින් ජීවත් වෙන්න. සතුටින් මැරෙන්න"
"අපි මිනිසුන් වෙමු හදවත් ඇති"
"කළු සුදු භේද නැහැ"
"ලෝකය කරුණාවන්තයි"
"කළු සුදු භේද නැහැ"
"ලෝකය කරුණාවන්තයි"
මේක ගන්න අම්මා. - ඔයා ආවද පුතේ?
රාජු අයියගෙ ගිටාර් එක ඔයා අරන් ආවෙ ඇයි?
එයාගෙ අම්මට සනීප නැහැ.
එයාගෙ ගිටාර් එක මට දීල එයා ගමේ ගියා.
එයා කිව්වා බාබිට දුක්වෙන්න එපා කියන්න කියලත්.
ඔයාට මොනව හරි ඕන වුණොත් මට ලියන්න කිව්වා.
ඒත් එයාගෙ ලිපිනෙ දුන්නෙ නෑනෙ.
අවුලක් නැහැ. මං ගාව එයාගෙ ලිපිනෙ තියෙනවා.
ඔයාගෙ තාත්තත් හිටියෙ ඔය ගමේම තමයි.
අම්මෙ, තාත්ත මොනවද කළේ?
එයා ඔයාගෙ රාජු මාමත් එක්ක සින්දු කිව්වා.
ඒ වගේම අනිල්, ඔයාගෙ තාත්තට ඕනෙ වුණා ලොකු කලාකාරයෙක් වෙන්න.
මම අනිවාර්යයෙන්ම වෙන්නම් අම්මා. මං මගෙ තාත්තගෙ බලාපොරොත්තුව ඉෂ්ට කරන්නම්.
හොඳයි. එහෙනම් ගිහින් ඇඟ හෝදන් ඇවිල්ල රෑට කන්න.
මම ඉස්සෙල්ල කාලා පස්සෙ ඇඟ හෝදන්නම්. මට ගොඩක් බඩගිනියි.
ඒත් අම්මා, මං කොහොමද තනියෙන් වැඩට යන්නෙ?
ඔයා තනියෙන් යන්නෙ නැහැ. මම එන්නම් ඔයත් එක්ක.
කන්නෙ නැත්තෙ ඇයි?
ඔයා දන්නවනෙ අම්මා, මං කන්නෙ ඔයාගෙ අතින් විතරයි කියල.
ඒයි! මෙහාට එන්නකො.
ඔයා ගොඩක් ලස්සනට සින්දු කියනවනෙ.
ඔව්. මගෙ තාත්ත නිතරම කිව්වෙ, සින්දු කියන්න ඔයාගෙ හදවතින්, උගුරෙන් කියන්න එපා කියල.
ඔයාට ඕක ගහන්න පුළුවන්ද? - ඔව්.
ගහන්නකො. - ඔයා සින්දු කියනවද? කියන්නම්.
මම ඔයාගෙ සින්දුව දන්නවා. එහෙනම් පටන් ගන්න. එකයි...දෙකයි...තුනයි.
ඇයි ඔයා හිනාවෙන්නෙ? - ඔයා ගහන්න දන්නෙ නෑ.
ඔයා ගිටාර් එකක් ගත්තට ඒක ගහන්න ඉගෙන ගෙන නැහැ. ඕක මට දෙන්නකො.
මෙතන බැහැ. අරහෙට යමු. එන්න.
"කුමටද විශාල මන්දිර, වස්තුව හා දේපල තිබෙනා? "
"හදවත පොහොසත් මිනිසුන් අතරයි, ධනය බලය ඇත්තේ"
"කුමටද විශාල මන්දිර, වස්තුව හා දේපල තිබෙනා? "
"හදවත පොහොසත් මිනිසුන් අතරයි, ධනය බලය ඇත්තේ"
"මොනවාද ඔබේ...සිත පවසන්නේ.."
"එය කරන්න...මගෙ යාළුවේ.."
"කළු සුදු භේද නැහැ"
"ලෝකය කරුණාවන්තයි"
"සතුටින් ජීවත් වෙන්න. සතුටින් මැරෙන්න"
"අපි මිනිසුන් වෙමු හදවත් ඇති. "
"කළු සුදු භේද නැහැ"
"ලෝකය කරුණාවන්තයි"
"කළු සුදු භේද නැහැ"
"ලෝකය කරුණාවන්තයි"
ඒයි, තක්කඩියො රැල! මොනවද උඹල කරන්නෙ? වහාම යන්න!
දුවමු! දුවමු!...
මෝඩ රැල! වහාම පිටවෙන්න! - දුවමු! දුවමු!
දුවනවා! - දුවමු! දුවමු!...
යනවා! - දුවමු! දුවමු!
තක්කඩියො!
තාත්තෙ එයා හොඳට සින්දු කියනවා. - දුව පැත්තකට වෙන්න!
සෑම්, දුවව ඇතුළට එක්ක යන්න.
උඹේ සින්දුව මම දැන් අහන්නම්, තක්කඩියො!
සර්, ඔයාගෙ දුව ඉස්සරහ පිටදි මට බණින්න එපා.
කට වහපන්! උඹ මට එකට එක කියන්න, තක්කඩියා!
මාව අතාරින්න අම්මෙ.
සර්!
ඒයි!... මොකද වුණේ සර්?
ගහන්න මේකට මේ නගරෙ පාරවල් අමතක වෙලා යන්නම.
අනේ අතාරින්න එයාව! අතාරින්න!
මගෙ පුතාව බේරගන්න! මං ඔබෙන් වැඳල ඉල්ලන්නම්! එයාල පුතාව මරල දායි.
අතාරිනවා එයාව! අතාරිනවා!
අතාරිනවා එයාව!
ඔයා ආවෙ හරිම වෙලාවටයි ඉන්ස්පෙක්ටර්.
මේ ළමයා ගිටාර් එක හොරකම් කරගෙන පැනල යන්නයි හැදුවෙ.
මෙයා බොරු කියන්නෙ. - මගෙ පුතා හොරෙක් නෙමේ ඉන්ස්පෙක්ටර් මහත්තයො.
නවත්ත ගන්නව!
ඉන්ස්පෙක්ටර්, මේ වගේ හිඟන මිනිස්සු නිසා, අපට ජීවත් වෙන්නත් අමාරුයි.
මෙයාව අත්අඩංගුවට ගන්න. මම කාටහරි යවන්නම් පොලිස් වාර්තාව ලියන්න කියල.
ගිටාර් එක හොරකම් කළේ මමයි ඉන්ස්පෙක්ටර් මහත්තයො.
මෙයා දුප්පත් දරුවෙක්. ඒකට ආස වුණා. මට මාවම පාලනය කරගන්න බැරිවුණා.
මාව අත්අඩංගුවට ගන්න. - කොස්තාපල්, මේ ළමයගෙන් ගිටාර් එක ගන්න.
ඔයා ගෙදර යන්න පුතේ. - මම ඔයාට මගෙ අම්මව ගෙනියන්න දෙන්නෙ නෑ.
ඉන්ස්පෙක්ටර් සර්, මේ සේරම බොරු. මගෙ අම්මා හොරෙක් නෙමෙයි.
මමත් හොරෙක් නෙමෙයි ඉන්ස්පෙක්ටර් සර්. මේ ඔක්කොම බොරු.
මේ රොටී ඔයාට දෙන්න මං මගෙ අත් දෙකෙන්මයි හැදුවෙ අම්මා.
අම්මා.
ආ කන්න.
දුක්වෙන්න එපා අම්මා. මම බන්ධනාගාරෙ එළියට වෙලා වාඩිවෙලා ඉන්නම්.
මම ඉක්මනටම ලොකු වෙනව කියල හිතාගත්ත.
අර නපුරු මිනිහ වගේනම් වෙන්නෙ නැහැ. - පුතා.
අම්මයි පුතයි හොරු! අම්මයි පුතයි හොරු!
අම්මයි පුතයි හොරු! අම්මයි පුතයි හොරු!
අර බලන්නකො. අර හොරු දෙන්න එනවා.
අම්මයි පුතයි හොරු! අම්මයි පුතයි හොරු!
අම්මයි පුතයි හොරු! අම්මයි පුතයි හොරු!
අනේ රාධා ඔයාට හොරකම් කරන්න ඕනෙ නම්...
...මොකක්හරි ගොඩක් වටින දෙයක් ගන්න තිබුණනෙ.
කට වහනවා! මගෙ අම්මා හොරෙක් නෙමේ.
එහෙනම් මොකෝ හිරේ දැම්මෙ?
අම්මයි පුතයි හොරු! අම්මයි පුතයි හොරු!
අම්මයි පුතයි හොරු! අම්මයි පුතයි හොරු!
යනවල යන්න ඔහෙලා! මෙතනින් යනවල යන්න!
අයින් වෙන්න අම්මා.
මම උන්ගෙ දිවවල් කපන්නම්.
එපා පුතා. ඒකෙන් වැඩක් නැහැ. අපිට හිංසා නොකර මිනිස්සු නවත්තන්න පුළුවන්.
හැබැයි අපිට මිනිස්සු කතා හදන එකනම් නවත්තන්න බැහැ.
ඒත්, අම්මා... අම්මා, ඔයා හොරකම් කළේ නෑනෙ.
ඔයා ඒක දන්නවනෙ. ඒ ඇති. එයාලට කියවන්න දෙන්න.
අපි මේ නගරෙන් ඈතට යමු.
ස්තූතියි. සෑහෙන්න අමාරුයි.
තරුණයා, ඔයා ගොඩක් වාසනාවන්තයි. මේ තමා මගෙ පළවෙනි කසාදෙ.
ඕ මගේ සුබපැතුම්! - ස්තූතියි.
රුපියල් සීය. - ස්තූතියි.
ඒ වගේම මාවත් අඳුනගන්න. මමයි එයාගෙ මාමා.
ස්තූතියි. ඔබව දැකීම සතුටක්.
එන්න ළමයි, වැරදුණා හස්බන්ඩ්.
එන්න. -ඔව්!
මෙන්න.
මෙන්න.
දුක් වෙන්න එපා. අඩුම ගාණෙ අපිට රුපියල් සීයක් හරි හම්බවුණානෙ.
දවසක මම ප්රසිද්ධ වුණාම, මම ඔයාල ඔක්කොම පෝසත් කරනවා.
යමු.
දැන් ඔයා ලොකුයි. හැබැයි තාමත් අම්මට කියලයි කවාගන්නෙ.
ලැජ්ජ හිතෙන්නෙ නැද්ද?
මගෙ අතින් කනකොට කෑම වල කිසිම රසයක් එන්නෙ නැහැ.
අම්මා. - ඔව්.
දවසක මම ප්රසිද්ධ වුණාම අම්මා, මේ කෲර නගරයම මට ගරු කරාවි.
අන්න එදාට මම ඔයාගෙ අතින් කන්නෙ ඒ පාටියෙදි විතරයි.
අන්න එදාට මම මේ කෲර නගරෙට කියල දෙනව...
...මම අර පොඩි ළමයෙක් වගේ හිටපු කාලෙ...
.... අම්මත් එක්ක අපහාස විඳපු හැටි ගැන.
ඔයා ඇයි ඕව අමතක කරන්නෙ නැත්තෙ?
කොහොමද මං ඒක අමතක කරන්නෙ? කවදාවත් අමතක කරන්න බැහැ.
ඒ දවස හරියට පෑරෙන තුවාලයක් වගේ.
එදා අර මිනිහ ඔයාට බොරු අපහාස කළේ...
...ඒ නගරෙ මංමාවත්, හෙවණ, ඉරඑළිය යටදි...
... කවුරුත් මොකුත් නොකියද්දි.
ඒ නගරෙ ඔයාට ගරුකරන්න ඕනෙ.
අම්මා, මට මගෙ සංගීතෙ තියෙනවා.
මං මේ සංගීතෙ කඩුවක් වගේ මුවහත් කරගන්නම්. ඊට පස්සෙ ඒකෙන් ඒ නගරෙටම අනින්නම්.
හායි තාත්තා. - හායි පුතා.
මම යන්න හදන්නෙ. - කවද්ද ආයෙ එන්නෙ?
කියන්න බැහැ. මම මෙහෙන් පූනේ යනවා. එතනින් ගෝවේ නගරයට යනවා.
ඒ වගේම මම සංදර්ශනෙන් පස්සෙ ටික දවසක් එහෙ නැවතිලා ඉන්නවා.
හොඳයි, සුබ ගමන්. - ස්තූතියි තාත්තා.
බායි. - බායි. බායි.
පරිවර්තනය සහ උපසිරසි ගැන්වීම කසුන් හර්ෂණ අත්තනායක.
හායි සැමී! සැමී, එළියට එන්න! සැමී!
අපිට ඔයාව බලන්න නෙමේ ඕනෙ. අනේ එන්න සැමී! අපිට ඔයාව හම්බෙන්න ඕනෙ.
අනේ, අපිට ඔයාව බලන්න ඕනෙ. එළියට එන්න!
සමාවෙන්න!
අනේ, එළියට එන්න! එළියට එන්න! -සමාවෙන්න!
අනේ, එළියට එන්න! එළියට එන්න!
කවුද මේ තක්කඩියා?
සෑම්, මම ඩේවිඩ් බ්රවුන්. ඔයාගෙ කළමනාකරු.
කාමරේකට එන්න කලියෙන් දොරට තට්ටු කරල එන්න ඔයා දැනගන්න ඕනෙ.
...විවේක කාමරෙයි නිදන කාමරෙයි අතරෙ.
...වෙනස ඔයා දැනගන්න ඕනෙ.
මම ඔයාගෙ කතා වලට ඇහුම්කන් දෙන තත්ත්වෙක නෙමෙයි ඉන්නෙ.
වැඩේ මොකක්ද කියල, මට නිදහසේ විවේක ගන්න දෙන්න.
No comments yet. Be the first to leave one.