Crash Zone

Crash Zone

Scarica il sottotitolo Sinhala

Informazioni sulla release

Crash Zone - Second Season Web
Un commento di UDshehan

Tag

web
Pubblicato il: 2020-05-14
Download: 49
Sottotitoli per non udenti: No

Anteprima dei sottotitoli in Sinhala

Le prime 200 righe.

# කැට්ලස්ට් ජාලය දැන් ක්‍රියාත්මකයි #

Crash Zone - S2:E01 - Something New ප්‍රථම වරට රූපවාහිනියේ විකාශය වූ දිනය: 2001 ජූනි මස 2 වෙනිදා.

පරිවර්තනය සහ උපසි‍රැසි ගැන්වීම #UDshehan

ඒයි !

- කොහොමද ? - හොඳයි. ඔයා අන්තිමේදී ආවා.

මම නිකන් ආවා විතරයි.

ඔයාට හිතෙනවද පන්තිය වැඩ එපා වෙනවා කියලා ?

එයාලට මාව තියාගෙන ඉන්න පුළුවන් වුනේ කැට්ලස්ට් එක පටන් ගන්න දවස වෙනනක් විතරයි.

මං දන්නවා, ඒක පිස්සුවක් නේ ?

මොකද කරන්නේ ?

මේ ඔයානේ.

මොකද එහෙම කරේ ?

දැන් පුදුම කරන එකත් අපරාධයක්ද ?

මට ඔයාව මතක් වුනා.

මටත් ඔයාව මතක් වුනා.

ඒයි, අපිට පරක්කු වෙනවා.

ඔව්.

ආ... මයික්.

මම මේ හිතුවේ...

ආ...

අපි හැමෝටම කියන්නේ නැතුව ඉමු අපේ...

මොකක්ද ?

කැට්ලස්ට් එක ඇවිත් පරිගණක ක්‍රීඩා අත්හදා බලන තැනක්, නැතුව ආදරවන්තයන්ගේ තැනක් නෙමෙයි. ඒක අමුතු විදියට පෙනෙයි.

හරි ?

හරි.

ආ... !

මං දැන් ඒක පිළිගත්තද ?

අපේ මුදල් යෙදවීම මේ මාසේ හුඟක් පහත මට්ටමක තියෙන්නේ.

හොඳයි, මම කර්ය මණ්ඩලය අයින් කරලා තියෙන්නේ...

මට දැන් පොඩි කාර්ය මණ්ඩලයක් ඉන්නේ.

ඒ වගේම මම තැනත් වෙනස් කරා.

පොඩි තැනකට.

ඒක නෙමෙයි කාරණය, ඔයා අපිට කිව්වේ රීෆ් රයිඩර් එකෙන් මේ වෙනකොට සල්ලි හොයන්න පුළුවන් කියලා. ඒක තාම වෙළඳපොළටවත් ගිහින් නෑ.

ප්‍රචාරකයන් ගිවිසුම ප්‍රතික්ෂේප කරා.

එයාලා ඒකට මුකුත් කරනකන් මට මුකුත් කරන්න බෑ.

මං දන්නවා ඔයාගේ ආයෝජකයන් කීපදෙනෙක්ම එයාලගේ සල්ලිත් අරන් කැට්ලස්ට් එකෙන් අයින් වෙලා ගියා කියලා.

- ඔව්, ඒත්... - ඇලෙක්ස්.

අපිට ඔයාගේ මේ වැඩේ ගැන විශ්වාසයි.

ඒත්...

අපිට රීෆ් රයිඩර් එළියට දාන්න සූදානම් කරලා ඕනේ අලුත් ප්‍රචාරකයෙක් හරහා සති 3ක් ඇතුළත.

එහෙම නැත්තම් අපිට ඔයාගේ අනිත් ආයෝජකයන්ව අනුගමනය කරන්න වෙනවා.

ඒ වගේම මේ වැඩෙන් අයින් වෙන්න වෙනවා.

ඔයා මගේ ඉස්සරහටම පැන්නනේ.

මේක පැසිපන්දු ගහන තැනක්. අඩිපාරක් නෙමෙයි.

හරි, මම ගියේ අඩිපාරක නෙමෙයි වෙන්න ඇති, ඒත්...

මිනිස්සු එහෙම පනින්නේ නෑ එකපාරටම තවත් කෙනෙක්ගේ...

හරි, ඔව්.

හොඳයි.

මට සමාවෙන්න.

ස්තූතියි.

කොහොමද...

- ඔයා ඒකට දක්ෂයි. - තාම නෑ. ඒත් මම එහෙම වෙයි.

- කොහොමද ඔයා... - ඒක මගේ මුද්දේ තියන සංවේදකයකින් වෙන්නේ. ඒ දෙසට ඒක එල්ල වුනාම වෙන්නේ. ඒ විදියට තමයි මම හැම තැනටම බෝලේ දාන්නේ.

මරු.

ඒක නියමයි. මම කලින් ඔහොම එකක් දැකලා නෑ.

මම නම් පුදුම නෑ.

මමයි මේක හැදුවේ.

මම පෙනී.

මම ‍රැම්.

නෑ.

ඇලෙක්ස් එවපු පණිවිඩයේ තියෙන්නේ මේක තමයි අලුත් තැන කියලා.

අනේ, ඔයා විහිළු කරන්නේ කියලා කියන්නකෝ.

- මේක ටිකක් සවුත්තු තැනක් නේද ? - ඔව්, අපේ අලුත් තැන මේකද ? මේක පරණ කැට්ලස්ට් එක වගේ නෙමෙයි.

ඒයි !

- කොහොමද ? - කොහොමද ?

- කොහොමද ? - කොහොමද ඔයාට ?

- කොහොමද, මචන් ? - අපේ අලුත් තැන මේකද ?

ඒක තමයි මාත් ඇහුවේ.

කොහොමද එහෙම වුනේ ?

අනේ මන්දා.

‍රැම් කොහෙද ?

අපොයි. මේ තැන නම්...

මචන් මෙතන දැක්කම මට හිතෙන්නේ භූමි කම්පාවක් වෙලා කියලා.

මොකද මේ වෙලා තියෙන්නේ ?

මොනවද මේ කණු ගොඩවල් සේරම ?

එහාට වෙන්න.

සමාවෙන්න, මං හිතුවේ සේරම පරිගණක ටික දැන් එළියට අරන් ඉවර ඇති කියලා. මං දැන් වැඩ පටන් ගන්න ඕනේ.

ඒකට කමක් නෑ. මං කර ගන්නම්.

- ඒයි ! - හායි !

ඔයාලා දන්නේ නෑ මට ඔයාලව කොච්චර මතක් වුනාද කියලා.

බලන්නකෝ ඔයා දිහා.

මට පොඩි හරි වාසනාවක් තියෙන්න ඇති ඔයාලව මෙහෙම හම්බවෙන්න.

එන්න මගෙත් එක්ක. මට ඔයාලට දේවල් වගයක් කියන්න ඕනේ.

දැන් දේවල් ඉස්සර තිබුනා වගේ නෙමෙයි.

- තැන වෙනස් කරලා දැම්මේ ඒ නිසා වෙන්න ඇති. - ඔව්.

මට සමාවෙන්න, ඔයාලට හරි දිනයක් දුන්නේ නැති වුනාට, ඒත්...

මම හිටියේ...

අවුල් වෙලා, ඇත්තටම.

වැඩ කටයුතු ටිකක් විතර අවුල් වුනා.

- අවුල් වුනා ? - වටේ බලනවා.

ළමයිනේ, මට හමුවීමක් තිබුනා ආයෝජකයෝ එක්ක.

මම ඔයාලට බොරු කියන්න හදනවා නෙමෙයි.

මම මෙහේ නැත්තටම නැති වෙලා ඉන්නේ.

ඒයි, යාළුවනේ.

හායි, ‍රැම්.

මොකද ?

මොකක්ද ප්‍රශ්නේ ?

වර්ජ් ?

වර්ජ් ? වර්ජල් ඔයා ඉන්නවද ?

ඇලෙක්ස් කිව්වා එයා එයාගේ ලැප්ටොප් එකේ කියලා.

එයාට එකේ ඉඳලා එපා වෙලා ඇති.

මට තේරෙන්නේ නෑ, මං කිව්වේ...

- කැට්ලස්ට් එක හදනවා හොඳ පරිගණක ක්‍රීඩා. - ඒක එහෙම නෙමෙයි, ‍රැමි.

ඒක ලෝකව්‍යාප්ත ආර්ථික වේගයේ සාර්ව අර්ථික සංශෝධනය වීම් වල වෙළදපොළ හී නිතර ඇති වන වෙනස් වීම්.

මෙතනින් උඩට යන්න පුළුවන්.

මං හිතුවා උබ තේරුම් ගනියි කියලා.

මටත් එහෙමයි.

මෙලෝ දෙයක් තේරුනේ නෑ.

ඒයි, ඔයාලා මෙතන විකාර නටනවද, අපේ රස්සාවල් නැති වෙන්න දැන් බොහොම ළඟ තියාගෙන ?

ඔව්, මං කිව්වේ මේක හොඳ තැනක් මගේ ව්‍යාපාරික හැකියාවට ගැළපෙන තියන. වෙන කොහේ කියලා මම යන්නද ?

සත්තු වත්තට.

විහිළුකාරයා. හැමෝම විහිළුකාරයෝ.

නෑ, ඒත් පායි හරි, ඇත්තටම. මම කැමතියි මෙහේ වැඩ කරන්න.

ඔව්, වෙන කොහේ ගිහින් ඔප්පු කරන්නද මයික් තමයි විශ්වයේ ඉන්න හොඳම පරිගණක ක්‍රීඩකයා කියලා.

- අනේ... විකාර ! - ආ... පිස්සු...

මොන විදියකින් හරි... මට මෙහේ රස්සාව නැති වුනොත්...

මට උබලව හෙනටම මතක් වෙයි.

- ආ... ‍රැමෝ ! - ආ... ‍රැම් !

අනේ පව් බබා.

වයලීන් එකකුත් අරන් වරෙන්.

ඉතින්... අපිට කියනවකෝ ‍රැම් තමුසේ මොනවද කෑවේ කියලා ? තමුසේ හෙන පොඩියට හිටියේ මං අන්තිමට දකිනකොට.

ඔව්, බන්. උබ මචලෝ ගාණට වෙන්න වගේ පොඩියට හිටියේ.

අරයා මිටියි !

- ඒයි, වර්ජල් කොහොමද ? - වර්ජල් මචන් කොහොමද ?

කොහොමද යාළුවනේ !

වර්ජල් ඔන්න ආවා. ඒ වගේම අද ලස්සන දවසක්.

ඒයි.

මට ගොඩක් සතු‍ටුයි ඔයාලව දකින්න ලැබුන එක.

අපිටත් සතු‍ටුයි ඔයාව දකින්න ලැබුන එක, වර්ජ්. අපි හිතුවේ ඔයා ඇලෙක්ස්ගේ ලැප්ටොප් එකේ හිර වෙලා ඉන්නවා කියලා.

ඔව්.

එයා මාව හිර කරා.

ඔයාලට විශ්වාස කරන්නත් බැරි වෙයි, එයා මාව හිර කරේ කොහෙටවත් යන්න බැරි තැනක.

කරන්න පුළුවන් හෙල්ලෙන එක විතරයි.

ඒයි.

මොකද මේ කාමරේට වෙලා තියෙන්නේ ?

මේක...

පරණ බඩු කඩයක්ද ?

මී හරක්ව අවුස්සන තැනක්ද ?

නැත්තම් මේ...

ලෝක විනාශය කලින් පේන විදියද ?

මං ඒකට කැමතියි.

බ්‍රැඩ්.

මං දන්නේ නෑ ඔයා මේ කටකථා කොහෙන් දැනගත්තද කියලා. ඒත්, ඒ දේවල් වල කිසිම ඇත්තක් නෑ.

මම සොයා බැලීම් වගයක් කරා.

මං හිතනවා ඔයා මාසයක් ඇතුළත බංකොලොත් වෙයි කියලා.

ඒ වුනාට මම තමුසෙට මුකුත් විකුණන්නේ නෑ.

ඒ ගැන හිතලා බලන්න, ඇලෙක්ස්.

සනිජිම්ලා ඔයාට ලබා දෙනවා සාධාරණ මිලක් ඔයාගේ අලුත් ව්‍යාපෘති වලට.

ඒක අමතක කරලා දාන්න. මම මේකෙන් ගොඩ එන්නම්.

ඇලෙක්ස් ළමයි ටික මට දැන් කිව්වා ඔයා ''නැත්තටම නැති වෙලා'' හිර වෙලා ඉන්නේ කියලා.

ඔයා හරියට මාව හිර කරා වගේ !

අනේ වර්ජ්... මට සමාවෙන්න ඔයාව හිර කරාට...

හැමදෙයක්ම හුඟක් ඉක්මනින් වුනේ.

අපෝ...

ඔයාගේ පෙනුම නම් ගන්න දෙයක් නෑ.

මම කොච්චර කාලයක් නම් මේක අස්සේ ඉන්න ඇද්ද ?

‍රැම් !

ඔයා පෙට්ටි වලට කතා කරනවද ?

ඔව්.

මං කිව්වේ... මං නිකන් පරික්ෂා කරා...

බැලුවා, ඒ වගේම...

පෙට්ටි ගණන් කරා.

හායි.

මම පෙනී.

හායි, පෙනී.

මං හිතුවේ නෑ මෙතන ප්‍රශ්නයක් වෙයි කියලා.

මට ඇත්තටම බලන්න ආස හිතුනා ‍ රැම් එයාගේ වැඩ කරන තැන ගැන කිව්වම.

රැම් දන්නවා නීතිය. අවසර නැති අයව ගෙන්න ගන්න බෑ, නේද, ‍රැම් ?

පෙනීව පරිස්සමට ගෙදර ගෙනියන්න.

හරිනේ ?

සමාවෙන්න.

කැට්ලස්ට් එක කලින් තිබුනා වගේ නෙමෙයි දැන් වෙනස්.

ඇලෙක්ස් සාමාන්‍යයෙන් එහෙම නෑ, ඉතින්...

මේක තමයි තැන.

ඔයා ඉන්නේ මෙහෙද ?

ඔව්.

ඇතුළට ඇවිත් බලනවද ?

අනිවා.

ඔයා දක්ෂයි. මට ඕක ගහන්න හෙන කාලයක් ගියා.

ස්තූතියි.

මට හිතන්නත් අමාරුයි ඔයා මේක හැදුවා කියලා.

මේක ඇත්තටම නියමයි.

ස්තූතියි. මගේ අම්මා නිතර මේ වගේ දේවල් හැදුවා.

හැදුවා ?

ඔව්, එයා අවුරුදු 2කට උඩදි නැති වුනා.

මට...

මට ගොඩක් කණගා‍ටුයි.

පෙනී ඔයා ගෙදර ඉන්නවද ?

ඒ තාත්තා.

කොහොමද, මැණික.

කොහොමද, තාත්තේ.

මේ මගේ යාළුවෙක්, ‍රැම්.

හමුවීම ලොකු සතුටක්.

කොහොමද.

ඔයා පැසිපන්දු ගහන තැන හිටියේ නෑනේ මං කලින් ගිය වෙලාවේ ?

ආ... නෑ. මම ‍රැම් එක්ක පුහුණු වීම් කරන ගමන් හිටියේ.

ඊට පස්සේ අපි මෙහෙට ආවා උපාය ක්‍රම ගැන කතා කරන්න.

හරි.

ඔයා දිගටම මහන්සි වෙලා පැසිපන්දු සෙල්ලම් කරන්න ඕනේ.

එහෙම නැත්තම් ඔයාට මම සිහින මවපු පැසිපන්දු ශූරතාවයට යන්න බැරිවෙයි.

More Sinhala subtitles for Crash Zone

Commenti

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left