Le prime 200 righe.
බයිස්කෝප් සිංහලෙන් ඉදිරිපත්කිරීමක් මයුර සුරාජ් උපසිරැසිගැන්වීමක්
සත්‍ය සිදුවීම් ඇසුරිනි
ඊයේ මං පණ්ඩිත් එක්ක කතා කරා.
අම්මා කියනවා මාස තුනකට පස්සේ හොඳ නැකතක් එනවා කියලා.
ඊට වඩා ඉන්න එකත් හොඳ නැහැල්ලු.
විශේෂයෙන්ම, ඔයා ඉන්නේ වෙන ටවුමක.. තනියම.. ඉතින්..
මිනිස්සු කතා හදන්න පුළුවන්, ඔයාට තේරෙනවනේ.
බුක් කරන දේවල් මං කරන්නම්.
ඔයාගේ තාත්තා එක්කත් කතා කරන්න ඕන.
කාර් එකත් දැන්මම බුක් කරා නම් හරි.
එතකොට කසාද දවස වෙද්දී එයිනේ.
ඔෆිස් එකෙන් මං නිවාඩු ගන්නම්, අවසර ගන්නම්.
කසාදෙටයි මධුසමයටයි දෙකටම දවස් 15ක නිවාඩු ගන්න වෙනවා.
යාළුවො ටික කියනවා, තනිකඩ පාටිය ගන්න ගෝආ යමු කියලා.
ඔයා මෙහෙම කරන්න, ඊළඟ සතියේ මෙහෙ එන්න.
අම්මට සාප්පු යන්න ඕනලු.
අම්මා මටයි, ඒ වගේම ඔයාටයි ගොඩක් දේවල් අරන් තියාගෙන.
මට දැන් නිවාඩු ගන්න බෑ, වෛභව්.
හෙට මගේ පලවෙනි දවසනේ.
මං ලබන මාසේ..
අහන්න, ඔයා වෙනුවෙන්, ලෑස්ති කරගත්තුවා නවත්තන්න බෑ.
කසාදෙද වැඩියෙන්ම වැදගත්, නැත්තම් රස්සාවද?
මාමේ, අමතර යතුර?
අමතර යතුරත් මං හෙව්වා, හම්බවුණේ නෑනේ.
මං හෙට හොයලා දෙන්නම්.
හරි, ස්තුතියි.
වතුර එහෙම ප්‍රශ්නයක් නැද්ද බලන්න, පුතේ.
හරි, බලන්නම්.
හරි.
හරි, ඔයා ලබන සතියේ එනවනේ. ඔය මෝඩ හේතු නම් කියන්නෙපා අප්පා.
ඔයා ගියේ නෑ කියලා, ඔය ඉස්කෝලේ වැහෙනවද?
කොහොමත් තව මාස කීපෙකින් රස්සාව අත ඇරලා මෙහෙ එන්න වෙනවනේ.
ඔයා වැදගත්කම දෙන්න ඕන ඒවට විතරක් වැදගත්කම දෙන්නකෝ අප්පා.
අනික, අම්මට ඔයාගේ රස්සාව ප්‍රශ්නයක් වෙලා.
ඉතින් එයා එක්ක කතා කරන වෙලාවට, ඔය අහංකාරකම පෙන්නනවා එහෙම නෙමේ.
තේරුණාද?
වෛභව්, ඔයා මේ පොඩි දේ...
මේක පොඩි දෙයක් නෙමේ. ඔයාට පොඩි දෙයක් වෙන්නැති...
මං ඔයාගේ තාත්තා එක්ක කතා කරන්නම්. මේවා මෙහෙම වෙන්න බෑනේ.
අම්මා මොනාද මිනිස්සුන්ට කියන්නේ කෙල්ල..
මං මේ කිව්වේ....
මොනාද?
මේක ලොකු ප්‍රශ්නයක්. විසඳගන්න වෙනවා.
මං ඔයාගේ තාත්තා එක්ක කතා කරන්නම්.
එපා වෛභව්, ප්ලීස්.
නෑ මේක මෙහෙම කරන්න බෑනේ.
මමත් පොඩි එකෙක් නෙමේනේ. - අනේ එපා වෛභව්.
මේවා වෙන විදිහ මං දන්නවනේ. මං ඔයාගේ තාත්තා එක්ක කතා කරන්නම්. වෙන කියන්න දෙයක් නෑ.
මොකක්ද මේ උඹ නටන නාඩගම?
රස්සාවක් කරන්න ඉඩ දුන්නා කියලා, උඹ..
උඹව ආයේ ගෙදර ඇදන් එනවා බලාගනින්.
මේ වයසට උඹට වෙන කොල්ලෝ හම්බෙන්නේ නෑ.
අත් එකතු කරලා ඌට වැඳපන්.
රස්සාව අතාරින්න කියනවා නම් අතාරින්නකෝ.
ආයේ උගෙන් කෝල් එකක් ආවොත්, බලාගමු.
තේරුණාද?
ආයුබෝවන්.
ආයුබෝවන්, ආයුබෝවන්.
එන්න, වාඩිවෙන්න.
එයා අද ඉඳන්ද එන්නේ?
මොනාද එයා උගන්නන්නේ?
මං දන්නේ නෑ.
හෙලෝ.
හෙලෝ.
මං අමෝල් ජෝෂි.
මං ගණිතය උගන්නන්නේ.
ඔයා?
මං අනූජා රාඕ. මං ඉංග්‍රීසියි භූගෝලයයි උගන්නන්නේ.
විෂයන් 2ක්!
හොඳයි!
ඔයාට මොනාහරි උදව්වක් ඕන නම්, මට කියන්න.
සුබ උදෑසනක් මැඩම්. - සුබ උදෑසනක්.
ඒ කිව්වේ රෑ දවල් කියලා නෑ, උදව්වක් ඕන වුණොත්,
මට කතා කරන්න!
හරි.
මගේ අයියගේ යාලුවෙක් මෙහෙ ආණ්ඩුව පැත්තේ ඉන්නේ.
ඉතින් මං මෙහෙ ගොඩක් අය දන්නවා.
ජෝෂි සර්!
ඔව්...ඔව්!
ඔයා කිව්වනේ මට විද්‍යා ව්‍යාපෘතියට උදව් කරනවා කියලා.
ඉතින් කරනවනේ.
ලොකු වැඩක වගේනේ.
නෑ නෑ. අනේ නෑ..
කියන්න.
මේවා ගන්නකෝ.
ලැබ් එකට ගිහින් නේද කරන්නේ?
ආ ඔව්.
What is Success?
What is Success?
To laugh often and much.
To laugh oftan and much.
Oftan නෙමේ, Often.
ආයේ කියන්න.
To laugh often and much.
මොකක් ගැනද?
දිසාපති කාර්යාලෙන් ආවේ. ජන සංගණන රාජකාරි වලට.
හරි, ස්තුතියි
අපි කරගෙන යමු.
අනූජා රාඕ?
සර් මං.
ආයුබෝවන් සර්.
හ්ම්ම්..
ඔයාගේ සහයකයා අමෝල් ජෝෂි.
හා..
හා...මොන හාද?
අතනින් ෆයිල් ටික ගන්න.
සර්...
සර්...
සර්, ටිකක් අහන්න...
ආ?
මට මේ ජෝෂි සර් එක්ක ටිකක් අපහසුයි.
නෑ මට, ජෝෂි සර් එක්ක වැඩ කරන්න අපහසුයි.
මේ ජෝෂි!
මොනාද මේ මිනිස්සු කියන්නේ?
තමුන් එක්ක මෙයාට වැඩ කරන්න අමාරුයිලු.
මං මොකද කරන්නේ?
වාඩිවෙන්න.
මේ...
ෆයිල් ටික තියලා.
වාඩිවෙන්න.
අනූජා රාඕට අමෝල් ජෝෂි එක්ක වැඩ කරන්න බැහැල්ලු.
දැන් කාවද මං ඔයාගේ සහයට දාන්නේ?
මං යන්නම්.
ආ? යනවද?
කවුද?
නේහා කේව්ලේ.
එකම පැත්තේ.
එහෙමද, හරි. ගිහින් ෆයිල් ටික ගන්න.
ඉතින්..
මෙයා එක්ක අමාරුවක් නෑනේ?
ඔව්.
- නේහා කේව්ලේ... - ස්තුතියි සර්...
මෙයා එක්ක.. අමාරුවක් නැහැල්ලු..
ස්තුතියි.
රාඕ කියන්නේ මරාටි නෙමේ නේද?
නෑ මං හයිද්‍රාබාද් ඉඳන් ආවේ. හැදුනේ වැඩුනේ පූනේ වල.
හ්ම්ම්
එතකොට අපිට යන්න තියෙන්නේ.. බොර්ඩා, මහෝලි...
මේ අහල පහල.
ගෝගාෂි! හරි...
ඇයි මොකද?
එහෙ පාරවල් වල වැඩනේ.
හරියට වලවල්.
ඒත් ගෙවල් 35ක් තියෙනවනේ!
ඔව් ඉතින් මොකද?
අපි යනවා නේද?
ඔව්, යයි ඉතින්... කුබාලා කොහෙද?
කුබාලා??
ඕන නෑ. එක ගෙදරනේ, ගෙදර කවුරුත් හිටියේ නෑ කියමු. එන්න.
ඒත්...
ඇත්තටම තනියමද ඉන්නේ?
ඔව්
ඇයි?
ඇයි අහන්නේ?
නිකන්..
එතකොට පවුල?
තාත්තා පූනේ වල, අම්මා නම් නෑ.
එතකොට මහත්තයා?
බඳින්න ඉන්න කෙනා!
එයා රස්සාවක් කරනවා, පූනේ වල.
අපි හරි පාරේ නේද යන්නේ?
ඔව්, ඔව්. හරි හරි.
ඔතනින් නවත්තන්න.
මාමේ...
මෙහෙ කීදෙනෙක් ඉන්නවද?
අර කොල්ලයි, මේ දෙන්නයි මායි.
එතකොට අරයට?
තාත්තටද?
එයාට 55යි.
වෙන්නැති. ඔව් මං දන්නෑ. ඔව්.
කුබාලා. 01 නිවසයි.
යමු නේද?
ගිය ගමන් එමු.
හා හරි යමු.
ඒයි, මේ පැත්තෙන්!
මෙච්චර මෙහෙ කවුද අප්පා ඉන්නේ. අපි ආපහු යමුකෝ.
මේ ළඟම ඇත්තේ.
අනූජා, දැන් නම් හොඳටම ඇති. දැන් යමු. බලන්නකෝ ගෙයක් පේන්නවත් නෑනේ.
යමු. - හරි.
මං කිව්වනේ පරණ ඇඩ්‍රස් එකක් වෙන්නැති කියලා. මෙහෙ කවුරුත් නෑ, යමු යන්න.
විනාඩි දෙකයි. මෙච්චර දුර ආපු එකේ බලමුකෝ.
ආයුබෝවන්, අපි ජන සංගණනයට ආවේ. ප්‍රශ්න වගයක් අහන්න ඕන. ඇතුලට එන්න පුළුවන්ද?
මැඩම්, දොර අරින්නකෝ. වහිනවනේ.
අනේ මැඩම්!!!
වහිනවනේ...
ප්‍රශ්න දෙක තුනයි අහන්න තියෙන්නේ.
යමු.
හ්ම්
ඉඳගන්න.
ඔයත් වාඩිවෙන්නකෝ.
ඔයාගේ නම?
ප්‍රේර්ණා
සම්පූර්ණ නම?
ආ?
සම්පූර්ණ නම?
ගෙදර කීදෙනෙක් ඉන්නවද?
මෙහෙ කවුරු කවුරුද ඉන්නේ?
අම්මා...
මං...
එයා.
No comments yet. Be the first to leave one.