Life of Pi

Life of Pi

Scarica il sottotitolo Sinhala

Informazioni sulla release

Life Of Pi 2012 720p BluRay x264-CROSSBOW
Un commento di sinsub
Special Thanks - Baiscopelk.com team

Tag

BluRay
x264
720p
720
Pubblicato il: 2013-03-01
Download: 236
Sottotitoli per non udenti: Yes

Anteprima dei sottotitoli in Sinhala

Le prime 200 righe.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ●●●●●۩۞۩ දිදුල Kd සිල්වා ۩۞۩●●●●● කරුණාකර කතෲ අයිතිය සුරකින්න.

- එහෙනම් ඔයා හැදුනෙ වැඩුනෙ සත්තු වත්තක? - ඉපදිලා හැදුනෙ වැඩුනෙ...

පොන්ඩිචරි වල, ඉන්දියාවේ ප්‍රංශ කොටසේ තියන.

මගේ තාත්තට සත්තු වත්තක් තිබුන.

මාව මව් කුසෙන් එලියට ගත්තෙ බෙන්ගාලි තලගොයෙක්ව පරීක්ෂා කරන්න ආපු උභයජීවී විශේෂඥයෙක්.

අම්මයි මමයි දෙන්නම හොඳ සෞඛ්‍ය තත්වයෙන් හිටිය,

ඒත් අසරණ තලගොයා පැනල ගිහින්, ඌව පෑගිලා තිබුන කැසවරි කුරුල්ලෙක්ට.

කර්මය පඩිසන්දීම?

දෙවියන්ගේ මාර්ගය.

ඒක හොඳ කතාවක්.

මම හිතුවෙ ඔයාගෙ තාත්ත ගණිතඥයෙක් කියල, ඔයාගෙ නම නිසා.

නෑ, ඊට හුඟක් එහා, මට පිහිනුම් තටාකයක නමක් දැම්මට පස්සෙ.

පිහිනුම් තටාකයක් තිබ්බද "පායි" කියල?

මගේ මාම ෆ්‍රැන්සිස්ගෙ, උපතින්ම පෙනහළු වල වතුර තිබුන.

දොස්තරල එයාගෙ වලලු කරෙන් අල්ලල කරකවල තියනව වතුර ටික එලියට ගන්න.

ඒනිසා තමයි එයාට ලොකු පපුවකුයි කෙට්ටු කකුල් දෙකකුයි ලැබිල තියෙන්නෙ.

ඒකෙන් එයා හොඳ පිහිණුම් ශූරයෙක් වුනා.

ෆ්‍රැන්සිස් ඇත්තටම ඔයාගෙ මාමද, එයා කිව්වෙ එයා ඔයාගෙ තාත්තගෙ යාලුවෙක් කියල?

එයා මගේ මාමා. මම එයාට කිව්වෙ "මාමාජී" කියල.

මගේ තාත්තගෙ හොඳම යාලුවා, මගේ පිහිණුම් උපදේශක.

මම එයා එක්ක සතියට 3 පාරක් පුහුණු වෙනව ආශ්‍රමයෙදි.

අන්තිමේදි එයාගෙ පාඩම් වලින් මගේ ජීවිතය ආරක්ෂා කර ගන්න පුලුවන් වුනා.

වතුර පෙවුනට ඔයාට අනතුරක් වෙන්නෑ. ඒත් කලබල වෙනව.

දැන් මතක් කරල හුස්ම ගන්න, හුස්ම හිර කරන් ඉන්න එපා.

හොඳ කොල්ලා!

මම හිතනව ඔයා එලවලු කෑම වලට අකමැත්තක් නෑ කියල. - නෑ නෑ.. කොහෙත්ම නෑ.

- එතකොට ඔයාගෙ නම? - ආ?

ඔයා කියන්න හැදුවෙ ඔයාට ඔයාගෙ නම ලැබුන හැටි.

අහ් ඔව්! මට ඒක ලැබුනෙ මගේ මාමා තාත්තට කියපු දෙයක් නිසා.

සංචාරකයො එයාලගෙ ගමන් වලින් එකතු කරගන්නෙ පෝස්කාඩ් නැත්තම්, තේ කෝප්ප.

ඒත් මාමාජී එහෙම නෙමෙයි. එයා එකතු කරන්නෙ පිහිණුම් තටාක.

එයාට හම්බවෙන හැම පිහිනුම් තටාකයකම එයා පීනනව.

දවසක් මාමා තාත්තට කියල තිබුන, ලෝකෙ තියන පිහිනුම් තටාක වලින් ලස්සනම එක පැරීසියේ පබ්ලික් පූල් එක කියල.

ඒකෙ වතුර හරිම පැහැදිළියි, ඕන්නම් තමන්ගෙ උදේ කෝපි එක වුනත් ඒකෙන් හදා ගන්න පුලුවන් කියල.

එක පිහිනුම් වාරයෙන්ම එයාගෙ ජිවිතේ වෙනස් වුනා.

මම ඉපදෙන්න කලින් එයා කිව්ව:

"ඔයාට ඕන්නම් ඔයාගෙ පුතාට පිරිසිඳු ආත්මයක් දෙන්න,"

"ඔයා එයාව එකපාරක් හරි පීනන්න එක්ක යන්න ඕනෙ 'පිසීන් මොලිටර්' එකේ."

මට තේරෙන්නෑ ඇයි මගේ තාත්ත ඒක එච්චරටම හිතට ගත්තෙ කියල.

ඒත් එයා ඒක කරා.

ඒනිසා මට නම දැම්ම "පිසීන් මොලිතෝර් පටෙල්" කියල.

ඒ නමේ තේරුම මම කල්පනා කරා.

අවුරුදු 11 වෙද්දි යන්තම් මට ඒක තේරුනා.

- කලින්... - ඒයි, "පිසින්"!

ඔයා මේ වෙලාවෙ චූ කරනවද(පිසින්)?

අර බලන්න, එයා චූ කරනව.

එක වචනෙකින්, මගේ නම මනරම් ප්‍රංශ පිහිනුම් තටාකයේ ඉඳන්, ගඳගහන ඉන්දියන් වැසිකිලියට ගියා.

මම හැමතැනම "චූ කරගත්ත".

පාසැල් භූමියේ මුත්‍රා කිරීම තහනම්!

ගුරුවරුත් ඒක කරන්න පටන් ගත්ත. හිතාමතා නෙමෙයි.

එහෙනම්...

ඇයි කේතලයකින් වායුව ඉක්මනින් පිටවෙන්නෙ?

පිසින්?

එයා කිව්වෙ පිසින් (චූ කරනව) කියල!

පිසින්!

ඔය ඇති, නවත්තනව!

අපේ ඊලඟ අවුරුද්දෙ මුල්ම පාසැල් දිනයට මම සූදානම් වුනා.

ඉන්නව සර්!

පිසින් පටෙල්!

සුභ උදෑසනක්.

මම පිසින් මොලිටර් පටෙල්.

කවුරුත් දන්නෙ:

"පායි" කියල.

ග්‍රික හෝසියේ 16වෙනි අක්ෂරය.

එය ගණිතයේදී ඕනෑම වෘත්තයක විශ්කම්භය එහි පරිධියට දක්වන අනුපාතය නිරූපණය කිරීමට යොදා ගන්නවා.

අනන්ත දිගින් යුතු අපරිමේය සංඛ්‍යා, සාමාන්‍යයෙන් ඉලක්කම් 3කට වටයනවා..

3.14 වශයෙන්,

පායි.

බොහොම සිත්ගන්නා සුළුයි... පායි.

දැන් වාඩි වෙන්න.

එදා ඉඳන් ඔයා පායි වුනා? - නෑ, සම්පූර්ණයෙන්ම නෙමෙයි.

හොඳ උත්සාහයක්, පිසින්.

ඒත් මට තවත් මුලු දවසම ගත කරන්න තිබුන.

ඊලඟට තිබ්බෙ ප්‍රංශ පන්තිය.

ඊලඟට භූගෝල විද්‍යාව.

මේ තමයි පායි වල පළවෙනි දශමස්ථාන 20.

දවසේ අන්තිම පන්තිය වුනේ ගණිත පන්තිය.

4...

3...

7...

5...

8...

5... 8... 5... 8...

ඒක හරි! එයා හරියටම කරනව!

දවස අවසානයේදි මම "පායි පටෙල්", පාසැල් පුරාවෘත්තයක් වුනා.

මාමාජී මට කිව්ව ඔයා නාවික පුරාවෘත්තයක කොටස්කාරයෙක් කියල?

මුලුමනින්ම හුදෙකලාව..

මම නැවක් පදවන්න වත් දන්නෑ.

මම තනියම නෙමෙයි හිටියෙ, රිචර්ඩ් පාකර් මාත් එක්ක හිටිය.

රිචඩ් පාකර්?

මාමාජී මට හැමදේම කිව්වෙ නෑ. එයා මට කිව්වෙ මොන්ට්‍රියෙල් වලට ගිහින් ඔයාව හම්බවෙන්න කියල.

ඔයා පොන්ඩිචරි වල මොනාද කරේ?

නව කතාවක් ලියනව. - ඒක නෙමෙයි, මම ඔයාගෙ පළවෙනි පොත හොඳට රස වින්ඳා.

අලුත් එක ඉන්දියාවෙද කරන්න යන්නෙ?

නෑ ඇත්තටම පෘතුගාලෙ. ඒත් ඉන්දියාවෙ ඉන්න එක ලාබයි.

මම ආසවෙන් ඉන්නව ඒක කියවන්න.

ඔයාට බෑ, මම ඒක එලියට විසි කරා.

අවුරුදු දෙකක් මම උත්සහ කරා මේ දේවල් ජීවිතේට එකතු කර ගන්න, දවසක්... ඒව පිපිරිලා විනාශ වෙලා ගියා.

මට සමාවෙන්න.

මම පොන්ඩිචරි වල කොෆි හවුස් එකේ ඉද්දි එක හවසක, මගේ ලොක්කට කොඳුර කොඳුර ඉද්දි..

මට එහා පැත්තෙ මේසෙ හිටපු වයසක මනුස්සය එක්ක කතා බහ කරා.

ඔව්, මාමාජී එයා තමයි ඒ.

මගේ අතෑරල දාපු පොත ගැන එයාට කිව්වම, එයා කිව්ව:

ඉතින්, ප්‍රංශ ඉන්දියාවට ආපු කැනේඩියානුවෙක් කතාවක් හොයාගෙන. හොඳයි මගේ යාලුවා.

මම ඉන්දියානුවෙක්ව දන්නව ප්‍රංශ කැනඩාවෙ ඉන්න, විශ්වාස කරන්න බැරි කතාවක් කියන්න බලාගෙන..

දෛවයේ ලියවිලා තියනව නම් ඔයාල දෙන්න මුණ ගැහෙයි.

මම අවුරුදු ගානකින් රිචඩ් පාකර් ගැන කතා කරල නෑ.

ඉතින් මාමාජී ඔයාට මොනාද කිව්වෙ?

එයා කිව්ව ඔයාට දෙවියන් ගැන විශ්වාසය ඇති කරපු කතාවක් තියනව කියල.

එයා මගේ ප්‍රණීත කෑම ගැනත් කියන්න ඇති.

දෙවියන් ගැන කතාව කියන්න විතරයි මට පුලුවන්.

ඔයා තීරණය කරන්න තමන් විශ්වාස කළ යුතු දේ. - සාදාරණයි..

අපි බලමු එහෙනම්. කොහෙන්ද පටන් ගන්නෙ?

පොන්ඩිචරි තමයි ඉන්දියාවේ ප්‍රංශ රාජ්‍ය මණ්ඩලය.

මේ පැත්ත මුහුදට ආසන්නයේ තිබුනෙ. කෙනෙක්ට හිතෙයි තමන් ඉන්නෙ දකුණු දිග ප්‍රංශයේ කියල.

ගොඩබිමෙන් ටිකක් මැද්දට වෙන්න ඇළක් තිබුන. එතනින් එහා තිබුනෙ ඉන්දියන් පොන්ඩිචරි ප්‍රදේශය.

බටහිර පැත්තට වෙන්න මුස්ලිම් අය ජීවත් වුනා.

ප්‍රංශය ආපිට පොන්ඩිචරි අපිට භාර දුන්නම 1954 දි,

නගරය යම් ආකාරයක අණුස්මරණීය දෙයක් බවට පත් වුනා.

මගේ තාත්ත දක්ෂ ව්‍යාපාරිකයෙක්. එයා තනියම නැගිට්ටා.

එයා හෝටලයක් කරගෙන ගියා, ඒ අතරෙ එයාට අදහසක් ආව දේශීය උද්භිත උද්‍යානය වෙනුවට සත්වෝද්‍යානයක් විවෘත කරන්න.

ඒක එහෙම වුනත් මගේ අම්ම තමයි ගෙවත්තේ උද්භිත විද්‍යාඥයා.

එයාල හමුවෙලා විවාහ වුනා, අවුරුද්දකින් මගේ සහොදරය රවී ඉපදුනා.

ඊට අවුරුදු 2කට පස්සෙ මම ආව.

ඒක හරිම අපූරුයි. හැදෙන වැඩෙන එක...

ඒමේන්!

ඔව්, අපි කමු.

මම දැනන් හිටියෙ නෑ හින්දු අය ඒමේන් කියනව කියල. - කතෝලික හින්දු අය කරනව.

කතෝලික හින්දු අය?

එක දෙවියෙක් වෙනුවට දෙවියන් සිය ගණනක් ගැන අපිට සාවද්‍ය හැඟීම් ඇති වෙනව.

ඒත් ඔයා මුලින්ම හින්දු කෙනෙක්.

දෙවියන් අපි කාවවත් අඳුරන්නෑ කවුරු හරි අපිව හඳුන්වල දෙනකන්.

මාව මුලින්ම දෙවියන්ට හඳුන්වා දුන්නෙ හින්දු භක්තිකයෙක් විදියට. හින්දු ආගමේ දෙවියන් කෝටි 33ක් ඉන්නව.

එයාලගෙන් කීපදෙනෙක් වත් මම කොහොමද නොදැනගෙන ඉන්නෙ?

මට මුලින්ම හමු වුනේ ක්‍රිශ්ණාව.

යශෝධාට දවසක් ක්‍රිශ්ණා බබා ජරාව කකා ඉද්දි අහුවුනා..

චී.. චී.. නරක ළමයා.. ඕක කරන්න එපා.

ඒත් එයා එහෙම කරේ නෑනෙ අම්මේ..

එයා එහෙම තමයි කිව්වෙ..

"මම ජරාව කෑවෙ නෑ."

යශෝධා ඇහුවා, "කෑවෙ නැද්ද එහෙනම්?"

"කට අරින්න බලන්න."

ඉතින් ක්‍රිශ්ණ කට ඇරියා.

දන්නවද යශෝධා මොනවද දැක්කෙ කියල?

මොනවද?

එයා දැක්ක ක්‍රිශ්ණගෙ කට ඇතුලෙ මුළු ලෝකෙම තියනව.

දෙවියන් තමයි මගේ සුපිරි වීරයන් වුනේ.

හනුමාන්.. වඳුරු රජා.

පර්වතයක් ඔසවා ගෙන හිටිය තමන්ගෙ යාලුව ලක්ෂ්මන්ව බේරගන්න.

ගනේෂ්.. අලියෙකුගේ හිසක් ඇති.

තමන්ගෙ ජීවිතය අවදාමට ලක් කරා තමන්ගෙ අම්මා පාර්වතීගෙ ගෞරවය බේරගන්න.

විශ්ණු, පරම පිවිතුරු ආත්මය.. සෑම දෙයකම මූලාරම්භය.

විශ්ණු සැතපෙනවා, වෙරලක් නැති විශ්වීය සාගරයේ පාවෙමින්. අපි තමයි ඔහුගේ සිහිනයන් වන්නේ.

හොඳට බලන්න.

ඔය වගේ බොරු වලට ඔයාලව මෝඩය කරන්න ඉඩ තියන්න එපා, කොල්ලනේ.

ආගම තමයි අන්ධකාරය.

මගේ ආදරණීය තාත්තා නවීන පන්නයේ ඉන්දියාව විශ්වාස කරා.

පොඩි කාලෙදි එයාල පෝලියෝ හැදිල තිබුන.

එයා වේදනාවෙන් ඇඳට වෙලා හිටියා, දෙවියන් කොහෙද කිය කිය සොයමින්.

අන්තිමේදි එයාව බේරගත්තෙ දෙවියො නෙමෙයි, බටහිර වෛද්‍ය විද්‍යාව.

මගේ අම්මා පාසැල් ගියා එයාගෙ පවුලත් නවීන ඉන්දියාවේ කොටසක් කියල හිතාගෙන.

ඒත් එයාගෙ දෙමව්පියන් ඒක නැවැත්තුව, කසාදයෙන් එයාව පහතට වැටෙයි කියල එයාල හිතපු නිසා.

අපේ ආගම තමයි එයාගෙ අතීතය ගැන තිබුන එකම සම්බන්ධය.

මට ක්‍රිස්තුස්ව හමුවුනා කඳුකරයෙදි, මට වයස 12දි.

අපි නෑදෑයො බලන්න ගියා, මුන්නාර් වල තේ වැවිලි කරුවන්.

තුන්වෙනි දවසෙ, රවීටයි මටයි හොඳටම එපා වුනා.

අභියොගයක්.. මම ඔයාට රුපියල් 2ක් දෙනව.

අර පල්ලියට දුවල ගිහින් ශුද්ධ වූ ජලය පානය කරන්න ඕනෙ.

ඔයාට තිබහ ඇති.

මෙන්න.

මම මේක ඔයාට ගෙනාවෙ.

ඇයි දෙවියො අරෙහෙම කරන්නෙ?

ඇයි එයා තමන්ගෙම පුතාව සාමාන්‍ය මිනිස්සුන්ගෙ පව් වලට විඳවන්න යැව්වෙ?

මොකද ඔහු අපිට ආදරෙයි.

දෙවියන් තමාව අපට සමීප කරවන්න හදනව, මනුෂ්‍යයන්ට, ඒනිසා අපිට ඔහුව තේරුම්ගත යුතුයි.

අපිට දෙවියන්වත් ඔහුගේ ශ්‍රේෂ්ඨත්වයවත් තේරුම්ගන්න බෑ.

නමුත් අපිට තේරුම්ගන්න පුලුවන් දේව පුත්‍රයාව,

ඒවගේම ඔහුගේ වේදනාව, අපි සැවොම සහොදරයන් වශයෙන්.

ඒකෙ කිසිම තේරුමක් නෑ!

අහිව්සකයන්ව බිලිදෙනව, වරදට සමාව දීමට,

මොනවගේ ආදරයක්ද ඒක?

ඒත් මේ පුතා, මට එයාව මගේ හිතෙන් අයින් කරන්න බැරි වුනා.

දෙවියන් එතරම් ශ්‍රේෂ්ඨ නම්, අපි එහෙම නැත්තම්, ඇයි එයා මේ හැමදේම මැව්වෙ??

ඇයි කොහෙත්ම එයාට අපිව ඕන වුනේ?

ඔයා දැනගන්න ඕනෙ එයා අපිට ආදරෙයි කියන එක.

දෙවියන් ලෝකයට හුඟක් ආදරේ නිසා එයාගෙ එකම පුතාව දුන්න.

මම පියතුමාගෙ කතාවට ඇහුන්කම් දෙනකොට, මාව තවත් දෙවියන්ගේ පුත්‍රයෙක් බවට පත් වුනා.

ස්තූතියි විෂ්ණු මාව ක්‍රිස්තුස්ට හඳුන්වල දුන්නට.

මම හින්දු ආගම විශ්වාස කරන්න ගත්ත, මම ක්‍රිස්තුස් තුලින් දෙවියන්ගේ ආදරය සොයා ගත්තා.

ඒත් දෙවියන් සමඟ මගේ ගනුදෙනුව තාම ඉවර නෑ.

දෙවියන් අභිරහස් අයුරින් ක්‍රියාත්මක වෙනව.

ඒවගේම නැවතත් ඔහු තමාව මට හඳුන්වල දුන්න. මේ වතාවෙ අල්ලාගේ නමින්.

මගේ අරාබි කවදාවත් හොඳ වුනේ නෑ.

ඒත් ඒ ශබ්දය සහ වචන වල හැඟීම මාව දෙවියන් සමීපයට ගෙන ගියා.

දෙවියන් නමස්කාර කරද්දි, මම ස්පර්ෂ කරන භූමිය ශුද්ධ භූමියක් වුනා.

ඒවගේම සන්සුන් බව සහ සහෝදරත්වයේ හැඟීම මම සොයා ගත්තා.

මේ බැටළු මස් පුදුම රසයි. ඒක තමයි මේසෙ තියන හොඳම කෑම.

ඔයාට මුකුත් නැති වෙයි.

ඔයාට ඕනෙ තවත් ආගම් 3කට බැඳෙන්නද පිසින්.

තමන්ගෙ ජීවිතේ විවේක පාඩුවේ ගත කරන්න.

Commenti

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left