The Polar Express

The Polar Express

Sinhala 字幕をダウンロード

リリース情報

The Polar Express DVDRip XviD-DoNE
解説: hasi
Enjoy

タグ

DVD
DVDRip
dvdrip
dvdr
XviD
公開日: 2015-01-04
ダウンロード: 99
聴覚障害者向け: No

Sinhala字幕のプレビュー

最初の200行です。

The Polar Express - (දි පොලර් එක්ස්ප්‍රස්) පොලර් සිඝ්‍රගාමි දුමිරිය

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම චින්තක මානතුංග

අවුරුදු ගානකට ඉස්සර, නත්තල් දවසේ හැන්දෑවේ...

... මම ඇඳේ දිගා වෙලා හිටියා.

පොරවන රෙද්දෙන් වත් සද්දයක් ආවේ නෑ.

මම හිමිහිට සද්දයක් නැති වෙන්න හුස්ම ගත්තා.

මම සද්දයක් ඇහෙනකම් බලන් හිටියේ මට සැක හිතුනා, මට ඇහුනේ නෑ....

නත්තල් සීයාගේ යානයේ සීනු සද්දේ.

හරි. හරි, Sarah...

...මෙන්න ඔයාගේ වතුර එක.

දැන් ඔයා උඩ තට්ටුවට ගිහින් නිදා ගන්න.

එත් ... එත්... මට තියෙනවා නේ...

එයා කිවුවා නත්තල් සීයා අලෝකෙටත් වැඩිය වේගෙන් පියාඹනවා කියලා...

...ඒ හැම ගෙදරකටම යන්න ඕනේ හින්දා හැමෝටම තෑගි දෙන්න ඕනේ හින්දා...

...එයාගේ යානය නැව්ටත් වඩා ලොකු වෙන්න ඕනේ.

අයියා එහෙම කිවුවද ? එයත් පොඩියිනේ තාම. එයා දන්නවා නත්තල් සීය කෙනෙක් ඉන්නවා කියලා.

එයා කිවුවා එයාට විශ්වාස නෑ කියලා, එයා විශ්වාස කරන්නේ නෑලු නත්තල් සීයා ඇත්තමයි කියලා.

ඇත්තටම නත්තල් සීයා ඉන්නවා. නත්තල වගේම එයත් ඇත්තයි.

ඒත් එයා එන්නේ නැති වෙයි...

...ඔයා හොඳට නිදා ගන්නකම්, ගෑණු ලමයෝ.

නත්තල් සීයා මෙහෙට එයි ඔයා ඒක දැනගන්නත් කලින්.

ඒක හින්දා නිදා ගන්න දැන්.

ම්ම්..හ්ම්ම්..

"සම්පූර්ණයෙන්ම, හිස්....

ජීවිතයෙන් තොර"

එයත් දැන් නිදියගන්නයි යන්නේ ....

ඒත් එයා මුලු රෑම ඇහැරිලා ඉන්නවා ....

....නත්තල් සීයා එනකම්.

ඒ දවස් ඉවරයි වගේ.

ඒත් අර කාරණාව ඇත්ත නම් ඒක හරිම දුකයි..

ඔව්.... මැජික් වල අවසාන එක..

සුභ නත්තලක්... පැටියෝ.

බලන්න.... එයා හොඳටම නිදි..

පුදුම කොච්චිය නිසා එයා ඇහැරෙන එකක් නැති වෙයි දැන්.

" අවසාන මැජික් එක..."?

යන අය නගින්න!

යන අය නගින්න!

හොඳයි ...ඔයා එනවද ?

කොහේද ?

ඇයි, ඇත්තටම උතුරු කෙලවරට.

මේක තමයි පුදුම කෝච්චිය..

උතුරු කෙලවරට ?

මට තේරෙනවා.

මේක තියා ගන්න.

ස්තූතියි.

මේ ඔයාද ?

- ඔව්. -හොඳයි, එකේ ලියලා තියෙනවා....

කිසිම සුපර්මාර්කට් එකක නත්තල් සීයාගේ පින්තූර නෑලු.. කිසිම ලියුමක් නෑලු..

ඒත් සහෝදරිය ලවා කිරි, බිස්කට් තිබ්බා.

මට පේන විදියට නම් මේ අවුරුද්ද ඔයාට බොහොම වැදගත්.

මම ඔයා නම් මම මම හිතන්නේ මේකට නගින්න.

ඉක්මනට...ඉක්මනට... මට කාල සටහනක් තියෙනවා වැඩ කරන්න.....ඔහ්

ඒයි. ඒයි. ඔයා. ඔව්. ඔයා තමයි.. ඔයා දන්නවද මේක මොන වර්ගයේ කොච්චියක්ද කියලා ?

- ආහ්..... - කොච්චිය.

ඔයා දන්නවද මේක මොන වර්ගයේ කෝච්චියක්ද කියලා ? හොඳයි, දන්නවද ?

- අහ්.... - ඇත්තටම....

මේක තමයි මැජික් කෝච්චිය.

- අපි උතුරු කෙලවරටයි යන්නේ. - මම දන්නවා මේක මැජික් කෝච්චිය කියලා

ඇත්තටම මේක තමයි Baldwin 2-8-4 S3-class වර්ගයේ වාෂ්ප එන්ජින් එක .....

....1931 දී Baldwin දුම් රිය වැඩපලේ හැදුවේ.. රාත්තල් 456,100 ක් බරයි...

අපි ඇත්තටම යන්නේ උතුරු කෙලවරට ද?

ඒක හරිම අරුම පුදුමයි නේද?

හේයි....ඔක්කොමලා බලන්න... Herpolsheimer's! Herpolsheimer's!

අර තෑගි ගොඩ බලන්න මට ඒවා ඔක්කොම ඕන.

ඒවා හරිම ප්‍රිය ජනකයි..ඒ වගේම ලස්සනයි.

ටිකට්ස්.

ටිකට්ස්, කරුණාකරලා

ටිකට්ස්.

ටිකට්ස්. කරුණාකරලා

ඔයාගේ සාක්කුවේ බලන්න.

ඔයාගේ අනිත් සාක්කුවෙත් බලන්න

ස්තූතියි, මහත්මයා.

හේයි....ඔන්න බලාගෙන.

ස්තූතියි, මහත්මයා.

අහ්, අහ්, අහ්..ඒක පොදු මයික් එක... සෙල්ලම් බඩුවක් නෙවේ.

කොල්ලනේ, අර මිනිහා කැපිලා පේන අයට කැමති වගේ

බලන්න, එයා මොකද්ද කියලා මගෙ ටිකට් එකේ පන්ච් කලේ කියලා...

- "L-E." මොකද්ද ඒ මගුලෙන් කියන්නේ ? - ඊලඟ නැවතුම, 11344, එඩ්බෘක්.

අපි කොච්චි පාරේ අනිත් පැත්තට යනවා.

හොඳයි ...ඔයා එනවද ?

අයියෝ, තවත් එක්කෙනෙක් නග්ග ගන්න විතරයි

ඒක නම් හරිම නරකයි.. මම හිතුවා ඔයා අන්තිම එක්කෙනා කියලා.

ඇයි, ඇත්තටම උතුරු කෙලවරට.

මේක තමයි පුදුම කෝච්චිය..

ඔයාම තීරණය කරන්න.

හේයි.....අර ලමයට කොච්චියට නගින්න ඕන.

ඉස්සරහට එන්න!

ඉක්මන් කරන්න !

අපිට කෝච්චිය නතර කරන්න වෙනවා.

මම දන්නේ නෑ කොහොමද කියලා. - අර දම්වැල අදින්න.

කොයි මෝඩයද දම්වැල ඇද්දේ ?

අන්න අරයා.

ඔයාද ?

ඔයා දන්නේ නැද්ද, ඒ දම්වැල හදිසි අවස්ථා වලටයි තියෙන්නේ කියලා ?

....ඒ වගේම ඔයා දන්නවා නේද අද රෑ නත්තල් රාත්‍රිය කියලා....

ඒ වගේම මම කිවුවා නේද මේ කෝච්චිය වෙලාවටම යන්න ඕන කියලා.....

පොඩි එකෝ, නත්තල සමහර මිනිස්සුන්ට වැදගත් නැති වෙන්න පුලුවන්.....

....ඒත් ඒක අපි වගේ අනිත් අයට හුඟක් වැදගත්.

ඒත්......ඒත්....

එයා කෝච්චිය නතර කරපු නිසා තමයි අර ලමයට නගින්න පුලුවන් වුනේ.

හ්ම්ම්..

මට තේරුනා ලමයෝ, ඒකද සිද්ද වුනේ ?

හොඳයි.....

මම ආයෙත් මතක් කරන්නේ අපිට වැඩිපුර වෙලා නෑ....

...ඒ වගේම මම මීට කලින් කවදාවත් පරක්කු වෙලා නෑ....

...ඒ වගේම මම අදත් පරක්කු වෙලා යන්නේ නෑ.

දැන් හැම කෙනාම කරුණාකරලා වාඩි වෙන්න.

ස්තූතියි.

කරුණාකරලා ඇහුම්කන් දෙන්න.

පුදුම කෝච්චියේ ගමන් කරන අයගෙන් විවේකයක් ඕනේ අය ඉන්නවද ?

මම ! මම ! මම ! - මමත් එහෙම හිතනවා.

ඔයගොල්ලො දන්නවද, මොන්ටසුමා, ඇස්ටෙක් රටේ රජතුමා.....

.... එක දවසකට උණුසුම් චොක්ලට් කොප්ප 50ක් බිව්වලු.

ඒක හොඳටම උකුයි, රතු පාටයි. එයා සීනි වෙනුවට වියලි මිරිස් දැම්මේ.

- තේරුණාද ? උණුසුම් චොකලට්. ඔයා කොහොමද දන්නේ ? ඒක බොරුවක්.

ඔයා ඕක අරගෙන කොහේද යන්නේ ? - මේක අරයට.

අපි සීට් වලින් නැගිටලා යන එක වැරදියි.

ඔව්. ඒක ආරක්ෂක නීති කඩ කිරීමක්.

.... පොඩි ලමයෙක් වෙනුවෙන්, ලොකු වෙච්චි නැති කෙනෙක් කෝච්චි පෙට්ටිවලින් මාරු වෙන එක.

මට ප්‍රශ්ණයක් වෙන එකක් නැති වෙයි.

ඔයාට විශ්වාසද ?

පිටිපස්සට වෙලා ඉන්න කොල්ලට කොහොමද ? එයා සංග්‍රහයට ආවද ?

අහ්..අහ්.

හොඳයි, අපි එහෙනම් එයාට මොනවා හරි ගෙනියමු, හැම තේරුමකින්ම.

පාර බලාගෙන, පාර බලාගෙන.

අහ්....ඔහ්..

එයාට ටිකට් එක අමතක වෙලා

ඒක සිදුරු කරලා නෑ.

ඒයි, ඔයා මොකද්ද කරන්න යන්නේ ? ඔයා අපි ඔක්කොමලා අමාරුවේ දාන්න හදන්නේ.

ගෑණු ලමයෝ, මට සමාවෙන්න.

මම හිතන්නේ මම ඔයාගේ ටිකට් එක සිදුරු කරන එක අමතක වුනා.

මම කරන්නද ?

මම ගියේ මගේ ටිකට් එක සීට් එක උඩ තියලා.

- ඒත් ඒක නැති වෙලා. - ඒ කියන්නේ....

....ඔයා ඔයාගේ ටිකට් එක නැති කර ගෙන.

එයා එයාගේ ටිකට් එක නැති කර ගත්තේ නෑ.

මමයි ඒක කලේ.

මම ඒක ඔයාට ගෙනල්ලා දෙන්නයි හැදුවේ.

ඒත් හුලං පාරට එක මගේ අතින් ගියා.

ඔයා මගේ ටිකට් එක ගන්න.

මේ ටිකට් වෙන කාටවත් දෙන්න බෑ.

ගෑණු ලමයෝ....

....ඔයා එන්න මාත් එක්ක යන්න.

ඔයා දන්නවද මොකද වෙන්නේ කියලා ? එයා අරයව කෝච්චියෙන් බස්සන්න හදන්නේ ?

ඔව්. පේන හැටියට එයාව පිටිපස්සෙන් බස්සන්න හදන්නේ.

සම්මත විදිය. ඒ විදියෙන් එයාව කෝච්චියට යට වෙන එකක් නෑ.

එ ගොල්ලෝ කෝච්චියේ වේගේ අඩු කරයි. ඒත් නතර කරන්නේ නෑ.

නතර කරන්න !

හරියට හරි, මම ආයෙත් කෝච්චිය නතර කරන්න ඕන.

එපා, ආයෙත් ඒක කරන්න එපා.

ඒ ගොල්ලො කොහෙටද ගියේ ?

ඒ ගොල්ලන්ට මොකද වුනේ ?

කරුණාකරලා, ඇය ලොකු ප්‍රශ්ණෙක. ඔයා මට උදවු කරන්න ඕන.

හේයි !

හේයි !

මම ඔයාගේ ටිකට් එක හොයා ගත්තා, නතර වෙන්න.

හේයි !

ඔහොම ඉන්න !

මගේ ලඟ ඔයාගේ ටිකට් එක තියෙනවා.

මට ඔයා වෙනුවෙන් කරන්න පුලුවන් දෙයක් තියෙනවද ?

මම ගෑණු ලමයෙක්ව හොයන්නේ.

ආහ්, ගෑණු .....

අපි ඔක්කොම එහෙම නෙවෙයිද ?

එයාගේ ටිකට් එක මගේ ලඟ.

හොඳයි, හොඳයි. මේ මොකද්ද ?

මේක නිල අවසරය තියෙන, ඇත්ත ටිකට් එකක්.

මේක පරිස්සමින් තියාගන්න පුලුවන් නම් වැඩිය හොඳයි ලමයෝ.

මම නම් ඔයාගේ වයසේදී....

.... මගෙ වටින දේවල් තියාගත්තේ මෙන්න මෙතන.

මෙන්න මෙතන, ඉස්සර සයිස් එක 13 යි.

අත්දැකීමෙන්ම දන්නවා, මෙතන තමයි පරිස්සම්ම තැන.

ඒ විතරක් නෙවෙයි. මම ඒක ඕවා වෙනුවෙන් හුඟක් පාවිච්චි කරලාත් තියෙනවා.

ටිකට් වලට.

මම නොමිලේ යන්නේ.

මමයි මේ කෝච්චියේ අයිතිකාරයා. ඔහ්......ඇත්තටම.

ඒක නිකම් මේ කෝච්චියේ රජ්ජුරුවෝ වගේ. ඔව්. මමයි පුදුම කෝච්චියේ රජ්ජුරුවෝ.

හරියටම කියනවා නම්, මම තමයි උතුරු කෙලවරේ රජ්ජුරුවෝ!

ඔහ්...මගේ වැදගත් කම කොහෙද ? වාඩි වෙන්න, වාඩි වෙන්න.

හිරිහැර වුනාට සමාවෙන්න.

හේයි, ඔයා බීම ටිකක් බොනවද ?

මහන්සිය නැති වෙන්න හොඳයි. ශීත කාලේ රෑට ගොඩක් හොඳයි.

දෙවියන්ගේ පිහිටයි.

එතකොට නත්තල් සීයා ගැන මොකද කියන්නේ ?

- නත්තල් සීයා ? - එයා නෙවේද උතුරු කෙලවරේ රජ්ජුරුවෝ.

ඔයා කිවුවේ මේ මිනිහා ගැනද ? හහ්.

ඔයා මොකද්ද ඒ ලොකු මිනිහා ගැන හිතන්නේ ?

ඔයාව මේකට නග්ග ගත්ත වෙලේ ඉදන්.

හොඳයි, මට....

මට එයාව විශ්වාස කරන්න ඕන.

ඒත්..... - ඒත් ඔයාට බොරුවට රැවටෙන්න ඕනේ නෑ.

දකින දේ විතරයි විශ්වාස කරන්නේ.

මම හරිද ?

එතකොට මේ කෝච්චිය ?

ඒක ගැන මොකද්ද ඉතින් ?

ඇත්තටම අපි ඔක්කොමලා උතුරු කෙලවරට යනවා.....

....එහෙම නෙවේද ?

එහෙම නෙවේද ?

ඔයා කියන්නේ මේ ඔක්කොම හීනයක් විතරයි කියලද ?

ඔයයි කිවුවේ කොල්ලෝ, මම නෙවේ.

ආහ්

コメント

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left