Burning Bright

Burning Bright

Sinhala 자막 다운로드

릴리스 정보

Burning Bright 2010 DVDRip
다음의 해설 sms189
visit www.sinhalasubtitlez.blogspot.com for more sinhala subtitles

태그

DVD
DVDRip
dvdrip
dvdr
게시일: 2012-04-20
다운로드: 51
청각 장애인용: Yes

Sinhala 자막 미리보기

처음 200줄입니다.

නිවර්තන වැසි කුනාටු අණතුරු ඇඟවීම් දැන් නිකුත් කර තිබෙනවා,

සියලුම මුහුදුබඩ ප්‍රදේශ වලට.

3 වන ගනයේ ප්‍රබල කුනාටු පිළිබද අනාවැකි නිකුත්කර ඇති බැවින්, සියලුම ජනෙල් දොරවල් වසාගෙන,

චණ්ඩ කාලගුණයට මුහුණ දීමට සූදානම් වන්න.

හදිසි ආපදා තත්වවලදී රැඳී සිටිය හැකි ආරක්ෂිත ස්ථාන තනා තිබෙනවා, කිංග් ප්‍රාන්තයේ

සහ ස්කෙයාර්බරෝග් ප්‍රාන්තයේ.

හවී!

ජොනී ගැවිනෝ.

බලපත්‍රය ගෙනාවද?

ඔව්, ගෙනාවා.

මේ වැඩේට මගේ එච්චර කැමැත්තක් නෑ.

හරි. වැඩේ කරමු.

ඔව් මම ඉක්මනට යන්නත් ඕනේ.

සුළි කුණාටුවක් එනවා.

මගේ ගෙවල් තියෙන්නේ මුහුදුබඩ. ගිහිල්ලා කුණාටුවට ලෑස්ති වෙන්නත් ඕනේ.

කූඩුව අල්ලන්න හිතන්නවත් එපා.

ඌව පුහුණු කරලද තියෙන්නේ?

මොනවටද? ගිනි වළල්ලක් මැදින් පනින්නද?

ඌට ඒක කරන්න පුලුවන්ද?

බෑ.

ඌ නිකම්ම වාඩිවෙලා බලාගෙන ඉන්නවද?

මම හිතුවේ ඌ සර්කස් එකක හිටපු එකෙක් කියලා.

සර්කස් එකට දැන් මූව ඕනේ නෑ.

මම සත්ව ප්‍රදර්ශනයක් පටන් ගන්නයි යන්නේ.

මූ තමයි මගේ ප්‍රධාන අංගය.

මට ඕනේ, දැක්කම බය හිතෙන විදියේ සතෙක්.

බය හිතෙන විදියේ?

ඔව්. එහෙම උන් බලන්න තමයි මිනිස්සු එන්නේ.

මූගේ නම් එච්චර බය හිතෙන පාටක් නෑ.

කාටවත් බය හිතෙන්නැති විදියේ සතෙක් ගන්න වැඩිය වියදම් කරන්න මම කැමති නෑ.

මූ මොකුත් වැඩ දන්නෙත් නෑනේ.

ගාන ටිකක් අඩු කරොත් නම්,

ඩොලර් 5000ක් විතර...

මිස්ටර් ගැවිනෝ, අපි මේ වැඩේ කරන්න හේතුව

ගිය මාසේ මූ සර්කස් එකේ අශ්වයෙක්ට පහර දීපු එකයි

බලන්න ආපු මිනිස්සු 300ක් විතර

ජීවිත බේරගන්න දුවද්දි.

අශ්වයා පස්සේ පන්නලා ගිහින් අල්ල ගත්තද?

අඩි 16ක් උස කූඩුවක් උඩින් පැනලා,

තව අශ්වයෝ 11ක් පහු කරලා ගිහිල්ලා.

'සිල්වර් ඩොලර්' කියන අශ්වයාව අල්ලගෙන.

ඌගේ කශේරුව කැඩුවා. ඌට දුවාගන්න බැරිවෙන විදිහට,

ඊට පස්සේ පණපිටින්ම අශ්වයාව කාලා දැම්මා.

තමුසේ කවදාහරි අහලා තියෙනවද අශ්වයෙක් කෑගහන සද්දේ මිස්ටර් ගැවිනෝ?

තමුසේ දන්නවද මූ අර අශ්වයාවම අල්ලගත්තේ ඇයි කියලා?

මොකද

ඌ තමයි එතන හිටපු ලස්සනම අශ්වයා.

තමුසේ කිව්වා හරි මිස්ටර් ගැවිනෝ.

මේ ව්‍යාඝ්‍රයා,

බය හිතෙන එකෙක් නෙවෙයි.

මූ යක්ෂයෙක්.

අපරාදේ මගේ පෙට්‍රල් ටිකයි වෙලාවයි .

මම ඌව ගන්නම්!

ඔහේගේ වියදමත් දෙන්නම්.

මූට සතිදෙකකින් කන්න දීලා නෑ.

එහෙමයි මූව පාලනය කරන්නේ.

මූව එලියට ගද්දි කූඩුව එලියට අදින්න පාවිච්චි කරන්නේ මෙන්න මේක.

සත්ව ප්‍රදර්ශනයක්, හහ්?

පරිස්සමට කරගන්නවා.

පරිස්සමට කරගන්නවා.

තමන්ගේ වාසනාව හදාගන්න ඕනේ තමන්මයි!

නැද්ද ලුසිෆර්?

ටොම්, ඔයා කොහෙද?

ටොම්.

ටොම්, පොඩ්ඩක් ඉන්න.

මෙහෙ මාලු ඉන්නවා ගොඩක්. ඔයා ආසයිනේ මාලුන්ට.

මෙහෙ ඉන්නවා.... ඇවිල්ලා බලන්නකෝ. ඇවිල්ලා බලන්නකෝ.

පේනවද? මෙතෙන්ට එන්නකෝ. කහ පාට මාලුත් ඉන්නවා.

නිල් පාට මාලු, දම් පාට මාලු.

ක්ලව්න් මාලුත් ඉන්නවා.

ටොම්, අහන්නකෝ. ඔයාට මෙහෙ සතුටෙන් ඉන්න පුලුවන්.

අම්මා උනත් කැමති වෙන්න තිබුනා මෙතෙනට. හරිද?

මට මෙතන හොයාගන්නත් ගොඩක් කල් ගියා.

මම දන්නවා ඔයා තේරුම් ගනී කියලා.

මේක තමයි දැන් ඔයාගේ ගෙදර. ඔයාට මාත් එක්ක ඉස්කෝලේ යන්න බෑනේ.

හේයි.

මේ වැඩේ අවුල් කරන්න එපා, කරුණාකරලා.

ඔයා ජීවත් වෙන්නේ ඔයාගේ සුළු පියා එක්ක,

ඒත් ඔයා තමයි ටොම්ව බලාගත්තේ,

අම්මා නැති උනායින් පස්සේ.

විද්‍යාපීඨ කාලෙන් පස්සේ,

ඔයා ආයෙත් ටොම්ව බලාගන්නවා?

ඔව්. රතු පාට එපා.

ඒක තීරණය වෙන්නේ,

ඒ කාලේ වෙනකොට ටොම්ට වැදගත් වෙන්නේ මොකක්ද කියන එකෙන්.

මම තමයි එයාගේ භාරකාරයා. ඒක හින්දා මම දිගටම එයා ගැන හොයලා බලනවා.

සමාවෙන්න. එයා රතු පාටට කැමති නෑ.

හරි එහෙනම් අපි වැඩේ පිළිවෙලක් කරගමු.

ටොම් අක්කා යන්න කලින් එයත් එක්ක කතාකරන්න ඕනෙද?

එහෙනම් මම යනවා.

මම සති දෙක තුනකින් ඔයාව බලන්න එන්නම්, හරිද?

එපා! අල්ලන්න එපා! එපා! එපා! එපා!

එපා! මට සමාවෙන්න.

මම...

මම එයා කැමති දේවල් ගෙනාවා. එයා කැමතී මේ...

එයා කැමතී මේකට...

එයා ඇවිදිද්දි එයාට මේක ඕනේ වෙයි.

ටොම්, සන්සුන් වෙන්න.

හොදයි. පොඩ්ඩක් වාඩිවෙන්න පුලුවන්ද?

මං වෙනුවෙන්?

පොඩ්ඩක් වාඩිවෙන්න පුලුවන්ද, කරුණාකරලා?

හොදයි.

ස්තූතියි.

ඔයා දන්නවනේ, ගොඩක් දුරට

ටොම් ජීවිත කාලෙම මේ විදිහට ඉඳී.

සමහර මිනිස්සු තමන්ගේ ජීවිත කාලේම කැප කරනවා

අඩු මානසික තත්ව තියෙන ළමයි බලාගන්න.

ඔයාට ඒක කරන්න බැරිනම්, ඒක ගැන දුක්වෙන්න එපා.

පොඩි ප්‍රශ්නයක් ඇතිවෙලා.

ඔයාගේ චෙක් එක හරවා එවලා සල්ලි නැතුව

නෑ ඒක... ඒක වෙන්න බෑ. ඒ...

ඔයාට සල්ලි ගෙවන්න වෙන ක්‍රමයක් තියෙනවද?

නෑ.

ඔයාගේ සුළු පියාගෙන් ගන්න බැරිද?

නෑ මගේ ගිනුමේ සල්ලි තියෙන්න ඕනේ.

මේ මිස්ටර් ෆෙන්ටන්.

හායි මිස්ටර් ෆෙන්ටන් මම කෙලී ටේලර්.

හායි, කෙලී. කොහොමද ඔයාට?

ඔයාට පුලුවන්ද මගේ ගිනුමේ ශේෂය බලලා කියන්න?

ඔයාගේ සුළු පියා ඒකේ තිබුන සල්ලි ඔක්කොම ගත්තා.

ගිනුම දැන් අත්හිටවලා.

කවදද? ඊයේ.

ඒ කියන්නේ...

එයා කිව්වා එයා ඔයාලගේ ගෙදර

සත්ව ප්‍රදර්ශනයක් පටන්ගන්න යනවා කියලා?

ඔයා ඒක දැනගෙන හිටියේ නැද්ද.

නෑ මට...

මට වැඩක් නෑ එයා මොනවා කරත්. ඒ සල්ලි ටික ඉතුරු කරලා තිබුනේ ටොම් වෙනුවෙන්.

කෙලී, ඔයා මේක ජොනී එක්කම කතාකර ගත්තොත් හොඳයි.

ස්තූතියි.

නවත්තන්න. නවත්තන්න.

හරි!

හරි! ගලවලා ගන්න ඕක!

හේයි, හොම්බ්‍රේස්,

මං හිතන්නේ කුණාටු වල ප්‍රචණ්ඩ බව

දෙගුනෙකින් විතර වැඩි වෙලා පහුගිය අවුරුදු තිහේදි.

ඒක උනේ හරිතාගාර ආචරණය හින්දද කියන එක

මට වැදගත් වෙන්නේ නෑ,

මට වැදගත් වෙන්නේ මෙතන පිළිවෙලට හදාගන්න එකයි. දැන්මම.

හේයි!

මොන මගුලක්ද!

ඉක්මනට රෙදි කෑල්ලක් ගේනවා! මෙන්න, මෙන්න, මෙන්න. දෙවියනේ!

මෙතන හොදට තද කරලා තියාගන්න ඕනේ. හරිද?

මේ වගේ. දැන් අහනවා මං කියන එක.

තමුසේ ලගම තියෙන බෙහෙත් දාන තැනට යන්න ඕනේ.

හරි. හරිද? ඒගොල්ලෝ තුවාලෙට බෙහෙත් දායි.

ඒගොල්ලෝ ඔහේව භාර නොගෙන ඉන්න එකක් නෑ.

දැන් යන්න.

ඉක්මන් කරනවා! නැත්නම් මිනිහගේ ඇඟිල්ල කපන්න වෙයි!

මොන වදයක්ද! මම තමුසෙලාට කිව්වේ කූඩුව ගලවන්න කියලා විතරනේ. අපි මෙහෙ නතර වෙනවා.

මේ වැඩේ ඉවරයක් කරලා දාමු!

ජොනී!

කොහෙද ඔයා?

මේ මොකක්ද?

ජොනී?

කොහෙන්ද මේ ෆ්‍රීසර් (අධි ශීතකරනය ) එක ගෙනාවේ හහ්?

හේයි!

මොනවද ඔයා කරන්නේ? ඒක ඇතුලේ ඉන්නේ මස් කන සතෙක්.

තේරෙනවද?

දැන් යනවා ගේ ඇතුලට. එහෙ ආරක්ෂිතයි.

මෙතන, ආරක්ෂිත නෑ.

ගේ ඇතුලේ, ආරක්ෂිතයි.

දැන් යනවා. දුවනවා.

හේයි! කෝ මගේ සල්ලි?

මොන සල්ලිද?

මගේ බැංකු ගිනුමේ තිබුන ඒවා. තමුසේ ඒ ටික ඇරගෙන.

පොඩ්ඩක් ඉන්න. ඒ ඔයාගේ සල්ලි නෙවෙයි.

නැත්තේ මොකද, මගේ තමයි.

මම බැංකුවට ගිහිල්ලා හොයලා බැලුවම,

ඒක හවුල් ගිනුමක් ඔයාගේ අම්මත් එක්ක,

ඉතිං මං ඒ සල්ලි ටික ගත්තා... නෑ තමුසේ ඒ ටික හොරකම් කරා.

ඔයා මත්ද්‍රව්‍ය ගන්නවද? මොකක්?

මොකද මත්ද්‍රව්‍ය ගත්තම

මොලයට හානි වෙනවා.

ඒක මතකයට බලපානවා.

ඔයාගේ මතකය ටිකක් අවුල් වෙලා තියෙන්නේ.

මම ඔයාට මතක් කරලා දෙන්නම්. ඔයාගේ අම්මා අන්තිම කැමති පත්‍රයක් ලිව්වේ නෑ.

එයා ලිව්වා. හේයි.

එයාට ඕනේ උනා මම ටොම්ව හොදට බලාගන්නවා දකින්න. එහෙමයි එයා කියලා තිබුනේ.

නිකම්ම නිකං කොලේක ලියලා.

ඒක නිකම්ම නිකං කොලයක් නෙවෙයි.

එයා ලියලා තිබුනා එයාගේ බලාපොරොත්තු

ඔයාගෙයි මල්ලිගෙයි අනාගතේ ගැන.

කවුරුවත් සතුටු නෑ ඔයාගේ අම්මා පෙති ටිකක් ගිලලා මැරුනට.

මම මතක් කරන්න ඕනේ,

වලංගු ලිඛිත ලේඛන මොකුත් නැති උනොත්,

ඔක්කොම සල්ලියි ගේයි අයිති වෙන්නේ මට.

එයා ඒකට අකමැතියි කියලා,

තවත් කොල කෑල්ලක ලියලා තියෙනවද දන්නේ නෑ.

ඕක විතරක් කරන්න එපා. අම්මා ගැන කතාකරන්න එපා.

ඔයා සල්ලි වලින් ගත්තේ මොනවා උනත් කමක් නෑ. මට ඉතුරු සල්ලි ටික දෙන්න.

පොඩි ප්‍රශ්නයක් තියෙනවා.

මොකක්ද?

ඒක මං ගාව නෑ.

කොහොමද ඒක ඔයා ගාව නැති වෙන්නේ?

සල්ලි ගත්තේ ඊයෙනේ?

මම කොටියෙක්ව ගත්තා.

තමුසෙට හොදටම පිස්සු.

මිනිස්සු ඌව බලන්න හොදට ගෙවයි.

බෙංගාල ව්‍යාඝ්‍රයෙක් කියන්නේ දුර්ලභ දෙයක්.

댓글

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left