Harry Potter and the Philosopher's Stone

Harry Potter and the Philosopher's Stone

Sinhala 자막 다운로드

릴리스 정보

Harry Potter and The Sorcerers Stone (2001) Sinhalese
다음의 해설 kikywebsite

태그

other
게시일: 2019-06-16
다운로드: 273
청각 장애인용: No

Sinhala 자막 미리보기

처음 200줄입니다.

මම දැනගතයුතුව තිබුනා ඔබ මෙහි ඉන්නබව මහාචාර්ය මැගෝනගල්.

සුභ සන්ධ්‍යාවක්, මහාචාර්ය ඩම්බල්ඩොර්.

මේ කට කථා ඇත්තද, ඇල්බස්? මට ඒ ගැන සැකයි , මහාචාර්යතුමියනි. හොඳ සහ නරක ගැන.

-එතකොට දරුවා? -හැග්‍රිඩ් ඔහුව අරන් එනවා.

හැග්‍රිඩ්ව මේ වගේ වැදගත් දේවල් වලදී විශ්වාස කරන එක සුදුසුයිද?

මහාචාර්යතුමියනි, මම හැග්‍රිඩ්ව විශ්වාස කරනවා මගේ පණ වගේ.

මහාචාර්ය ඩම්බල්ඩෝර්, තුමනි. මහාචාර්ය මැගෝනගල්.

-ප්‍රශ්ණයක් නෑ නේද, හැග්‍රිඩ්? -නෑ සර්.

පොඩි එකා නිදියන්න පටන් ගත්තා අපි බ්‍රිස්ටල් එක උඩින් යද්දී.

ඇහැරවන්නේ නැතිව ගන්න බලන්න.

ඔන්න ඔයා යනවා.

ඔයා ඇත්තටම හිතනවාද ඒක ආරක්ෂිතයි කියලා, එයාව මේ මිනිස්සු ලඟ තියලා යන එකට?

මම අද දවස තිස්සෙම ඔව්න් ගැන බලාගෙන හිටියේ. ඔව්න් ඉතා නරක සාමාන්‍ය මිනිස්සු.

-ඔව්න් ඇත්තටම-- -ඔහුට ඉන්න එකම පව්ල.

ඔහු ප්‍රසිදිධ වෙයි. ලෝකෙ ඉන්න හැම ළමයම ඔහු ගේ නම දැනගනියි.

ඇත්තටම.

ඔහු ලොකු වෙනකම් මේ දේවල් වලින් ඇත් කරලා තියන්න.

ඔහු සූදානම් වෙන තුරු.

ඔය, ඔය, හැග්‍රිඩ්. අපි ඇත්තටම සමුගන්න යනවාම නෙවෙයිනේ.

සුභ ගමන්....

...හැරී පොටර්.

නැගිටිනවා!

දැන්ම!

නැගිටිනවා! අපි සත්තුවත්තට යන්නයි හදන්නේ!

-මෙන්න එයා එනවා, උපන්දින කුමාරයා. -සුභ උපන්දිනයක්, පුතා.

උදේ කෑම හදනවා. මුකුත් පුච්චන්නේ එහෙම නෑ.

-හරි, පෙට්‍යුනියා නැන්දේ. -මට හැම දෙයක්ම හරියට වෙන්න ඕනේ....

...මගේ ඩඩ්ලීගේ විශේෂ දිනය වෙනුවෙන්!

-ඉක්මනට! මගේ කෝපි එක ගේනවා ළමයෝ. -හරි, වර්නන් බාප්පේ.

ඒවා ලස්සනයි නැද්ද, පැටියෝ?

-මෙතන කීයක් තියෙනවාද? -36. මමමයි ගනන් කලේ.

36?! ඒත් ගිය අව්රුද්දේ මට 37ක් ලැබුනා!

-ඒත් සමහර ඒවා ගිය අව්රුද්දේ ඒවට වඩා ලොකුයි. -මට ඒකෙන් වැඩක් නෑ!

මේක අපි යන ගමන් කරමු.

අපි යමු තව තෑගි දෙකක් ගන්න එහෙම හොඳයිද, පැටියෝ?

අද සත්තුවත්තේ නියම දවසක් වෙන්න ඇති. මම ඇත්තටම මේ දවස එනකම් බලන් හිටියා.

මම ඔයා ගැන බලන් ඉන්නවා, ළමයා.

මොකක් හරි නරක වැඩක් කරලා තිබ්බොත්....

...සතියක් කිසිම කෑමක් නෑ.

නගිනවා.

ඌව යවන්න.

යනවා!

-යනවා! -ඌ නිදි!

ඌ කම්මැලි සතෙක්.

එයා ගැන කනගාටුයි.

එයාට තේරෙන්නේ නෑ ඔතන ඉන්න එක මොනවගේද....

...මිනිස්සු උන්ගේ ජරා මූන ඇතුලට දාලා බලනකොට.

ඔබට මාව ඇහෙනවාද?

ඒක නිකම්, මම කවදාවත් නයෙක් එක්ක කතා කරලා නෑ.

ඔයා...?

ඔයා හැමතිස්සෙම මිනිස්සු එක්ක කතා කරනවාද

ඔයා ඉන්නේ බර්මා වල නේද? එහේ හොඳයිද?

ඔයාගේ පව්ලේ අය නැතිව පාළුයිද?

මම දන්නවා. මටත් ඒ වගේමයි. මමත් කවදාවත් මගේ දෙමව්පියන් දැකලා නෑ.

අම්මේ, තාත්තේ, ඇවිත් බලන්න මේ නයා මොනාද කරන්නේ කියලා!

ස්තුතියි.

ඕන වෙලාවක.

නයෙක්!

අම්මේ! අම්මේ! උදව් කරන්න මට!

අනේ මගේ පැටියා! කොහොමද ඔයා ඇතුලට ගියේ?

කව්ද මේක කලේ? කොහොමද ඔයා ඇතුලට ගියේ? මේකේ නයෙක් හිටියා නේද?

ඔක්කොම හරි, පැටියෝ. අපි මේ සීතල ඇඳුම් ගලවමු.

-මොකක්ද උනේ? -මම දිව්රන්නම්, මම දන්නේ නෑ!

එතන තිබුන වීදුරුව එකපාරටම නැති උනා හරියට මැජික් එකක් වගේ.

කොහේවත් මැජික් කියලා දෙයක් නෑ.

මාජි අසනීප වෙලාලු. බෙල්ලෝ වගයක් කාලා.

-තාත්තේ, බලන්න! හැරීටත් ලියුමක් ඇවිල්ලා! -ඒක මගේ!

ඔයාගේ? කව්ද ඔයාට ලියුම් ලියන්නේ

මේ ලියුම් පෙට්ටියට තව දුරටත් ලියුම් එන්නේ නෑ.

සුභ දවසක් ඩාලිං.

Shoo! යනවා.

නියම දවස, ඉරිදා.

මම දකින විදියට, සතියේ හොඳම දවස. ඒ මොකද දන්නවාද ඩඩ්ලී?

-ඉරිදට ලියුම් එන්නේ නැති නිසා? -ඔයා හරි, හැරී!

ඉරිදට ලියුම් එන්නේ නෑ.

මේ ජරා ලියුම් එන්නේ නෑ! නෑ සර්.

එක ජරා ලියුමක්වත් නැතිදවස.

නෑ සර් එක ජරා , කාලකන්නි--

ඒක නවත්තන්න, අනේ!

නවත්තනවා!

අම්මේ, මොකද මේ වෙන්නේ?

දෙනවා මට ඕක! දෙනවා මට එය ලියුම!

එහාට වෙනවා!

ඒ මගේ ලියුම්! මට යන්න දෙනවා!

මේ ඇති! අපි යනවා යන්න!

ගොඩක් දුරට, උන්ට අපිව හොයාගන්න බැරි පැත්තකට!

තාත්තට පිස්සු හැදිලා වගේ, නේද?

ප්‍රාර්තනයක් හිතන්න, හැරී.

කව්ද ඔතන?

සමාවෙන්න ඒකට.

උඹ දැන්ම ගියේ නැත්තම් මම වෙඩි තියනවා. උඹ දොරත් කැඩුවා.

එහාට ගන්නවා, ඩර්ස්ලි, උ‍ඹේ මහ ලොකු බටේ.

ඔයාව චූටිම කාලේ දැක්කට පස්සේ අදයි දැක්කේ, හැරී.

මම හිතුවට වඩා උස ගිහිල්ලා. වැඩියෙන්ම මැදින්.

මම නෙවෙයි හැරී.

මමයි. -හරි, ඇත්තට ඔයා තමයි.

මම ඔයාට දෙයක් ගෙනාවා.

මම වාඩි වෙනකොට පොඩි උනත්, මම හිතන්නේ ඒක නියම රහට ඇති.

හැදුවේ මම අකුරුත් මගේ.

ස්තුතියි.

හැමදාම ඔයාට වයස 11 වෙන්නේ නෑ නේ , නේද?

සමාවෙන්න, ඔයා කව්ද?

රූබියස් හැග්‍රිඩ්, හොග්වෝඩ්ස් වල උද්‍යාන සහ යතුරු භාරකරු.

-ඇත්තටම, හොග්වෝඩ්ස් ගැන ඔයා දන්නවානේ. -නැහැ.

ඔයා කවදාවත් හිතුවේ නැද්ද ඔයාගේ අම්මයි තාත්තයි ඒවා ඉගනගත්තේ කොහෙන්ද කියලා?

මොනා ඉගනගත්තෙද?

ඔයා මායාකාරයෙක්, හැරී.

-මම මොකෙක්? -මායාකාරයෙක්.

හොඳම කෙනෙක්, මම ඔට්ටුවක් අල්ලනවා, ඔයා ටිකක් පුරුදුඋනාම.

නෑ, ඔයාට වැරදිලා. මම කියන්නේ....

... මම මායාකාරයෙක් වෙන්න බෑ.

මම කියන්නේ, මම නිකම්ම හැරී. නිකම් හැරී.

හරි, නිකම් හැරී, ඔයාට කවදාවත් මුකුත් වෙලා නැද්ද?

ඔයාට විස්තර කරන්න බැරි විදියේ ඒවා, ඔයා බයඋනාම හරි කේන්ති ගියාම හරි?

''පොටර් මහතානනි, අපි මහත් සතුටින් දැනුම් දෙනවා....

...ඔබව හොග්වෝඩ්ස් ඉන්ද්‍රජාල සහ මායාකර්ම පාසලට තෝරගෙන ඇති බවට. ''

එයා කෙහෙවත් යන්නේ නෑ! අපි දිව්රලා පොරොන්දු උනා ඔහුට මේ විකාර වලට ඉඩ දෙන්නේ නෑ කියලා.

ඔයාලා දන්නවා? ඔයාලා ඔක්කොම දැනගෙනත් මට කිව්වේ නෑ?

ඇත්තටම අපි දැනන් හිටියා. කොහොමද එහෙම දන්නේ නැති වෙන්නේ?

මගේ නංගි එහෙ කෙනෙක් තමයි.

ඔය ලියුම ආපු දවසේ අපේ අම්මයි තාත්තයි හුඟක් ආඩම්බර උනා.

''අපේ පව්ලෙත් මායාකාරියක් ඉන්නවා ඒක නියමයි නේද?'' කියලා

මම විතරයි දැක්කේ ඇය කරන දේවල් මොන වගේද කියලා.

විකාරයක්!

මුලින්ම එයාට පොටර් කියලා මිනිහෙක් හම්බුනා, ඊට පස්සේ උඹ හම්බුනා....

...මම දැනන් හිටියා උඹත් ඒවගේම ඇති කියලා. ඒ විදියටම අමුත්, ඒ විදියටම අසාමාන්‍ය.

ඊට පස්සේ ඇයව පුපුරවලා දැම්මා, උඹව අපිට කරගහන්න උනා.

පුපුරවලා දැම්මා? ඔයා මට කිව්වේ ඒ අය රිය අනතුරකින් මියගියා කියලා.

රිය අනතුරක්? රිය අනතුරකින් ලිලීවයි ජේම්ස්වයි මරන්න?

-අපිට කියන්න දෙයක් තිබුනේ නෑ. -ඒක අවනම්බුවක්! අපහාසයක්!

එයා කොහෙවත් යන්නේ නෑ.

ඔයා වගේ මහත ගොබ්බයෙක්ට පුළුවන්ද එයා යන එක නවත්තන්න?

ගොබ්බයෙක්?

මැජික් දන්නේනැති අය. මේ ළමයගේ නම ඒකට ඇතුලත්උනේ එයා ඉපදෙනකොටමයි.

එයා යන්නේ තියෙන හොඳම ඉන්ද්‍රජාල සහ මායාකර්ම පාසලට.

ඔහු ඉන්නේ හොග්වෝඩ්ස් වල මෙතෙක් හිටපු හොඳම ප්‍රධානාචාර්යවරයා යටතේ, ඇල්බස් ඩම්බල්ඩෝර්.

මේකට මැජික් උගන්නන්න කොහෙවත් යන පිස්සෙකුට සල්ලිදෙන්න මම ලෑස්ති නෑ.

කවදාවත් අපහාස කරන්න එපා....

ඇල්බස් ඩම්බල්ඩෝර්ට මං ඉස්සරහා.

මම අගය කොට සලකනවා ඔයා මේගැන හොග්වෝඩ්ස් වල ඉන්න කාටවත් කියන්නේ නැත්තම්.

-මට මැජික් කරන්න අවසර නෑ. -හරි.

සැලැස්මට අනුව අපි ටිකක් පරක්කුයි. ගියානම් හොඳයි.

ඹබ මෙතන ඉන්නවානම් හොඳයි, ඇත්තටම.

''හැම සිසුවෙක්ම සූදානම්ව තබාගන්න ඕනේ....

... සම්මත ප්‍රමානය 2 පියුටර් කල්දේරමක්....

...තව, තමන් කැමති, බස්සෙක්. ගෙම්බෙක් හෝ මීයෙක්. ''

අපිට මේ ඔක්කොම ලන්ඩන් වල හොයා ගන්න පුළුවන්ද?

යන්න ඕනේ කොහෙද කියලා දන්නවා නම්.

ආ, හැග්‍රිඩ්! වෙනද විදියටමයි ‍නේද?

නෑ, ස්තුතියි , ටොම්. මම මේ හොග්වෝඩ්ස්වල රාජකාරි ගමනකයි.

තව හැරීට ඉස්කොලෙට ඕනෙ දේවල් ගන්න උදව් කරන්නයි යන්නේ.

මට සමා වෙන්න. මේ හැරී පොටර්!

සාදරයෙන් පිලිගන්නවා මෙහෙට, පොටර් මහත්මයා. සාදරයෙන් පිලිගන්නවා ‍නැවත.

ඩොරිස් ක්‍රොක් ෆෝර්ඩ්. මට හිතාගන්නවත් බෑ අන්තිමේදී මට ඔයාව හම්බුනා.

හැරී පොටර්. මට නියන්න තේරෙන්නේ නෑ ඔබ හමුවීම මට කොතරම් සතුටක්ද කියලා.

ආයුබෝවන්, මහාචාර්යතුමා. මම ඔබව දැක්කේ නෑ.

මහාචාර්ය ක්විරල් ඔයාලට අඳුරු කලාවන්ගෙන් ආරක්ෂාවීම විෂය උගන්වන්නේ.

ඔහ්, හමුවීම සතුටක්.

භයානක සිත් ඇදගන්නා විෂයක්.

ඔයාට ඒවා ඕනේ නෑ , පොටර්?

ඔව්, හරි, අපි යන්නඕනේ දැන්. ගන්න ගොඩක් දේවල් තියෙනවා.

ආයුබෝවන්.

-බලන්න, හැරී? ඔයා ප්‍රසිද්ධයි. -ඒත් ඇයි මම ප්‍රසිද්ධ?

මේ මිනිස්සු, කොහොමද මම කව්ද කියලා දන්නේ?

මට විශ්වාස නෑ මේවා මේ කියන්නේ නිවැරදි මිනිහටද කියලා.

සාදරයෙන් පිලිගන්නවා, හැරී, ඩයගොන් වීදියට.

මෙන්න, ඹයාට පිහාටු පෑන් තීන්ත ගන්න පුළුවන්.

මෙතන, ඔයාට මැජික් කරන්න ඕන ලට පට ගන්න පුලුවන්.

මේක තමයි ලෝක ප්‍රසිද්ධ රේස් කොස්ස.

බලන්න ඒක අළුත්ම නිම්බස් 2000 කොස්ස!

ඒක තමයි දැනට තියෙන වේගවත්ම එක.

ඒත් කොහෙමද මේවට මම ගෙවන්නේ? මට සල්ලි නෑනේ.

අතනයි ඔයාගේ සල්ලි තියෙන්නේ. ග්‍රිංගොට්ස්, මායා බැංකුව.

ආරක්ෂිතම තැන, . හැබැයි හොග්වෝඩ්ස් ඇරුනහම.

හැග්‍රිඩ්, ඇත්තටම මොකුන්ද මෙයාලා?

මේ ගොබ්ලිංස්ලා. උපතින්ම දක්ෂයි, ඒත් කිසිම මිත්‍රශිලීගතියක් නැති සත්තු.

ළඟින් ඉන්නවා නම් හොඳයි.

හැරී පොටර් මහත්තයාට එයාගේ සල්ලි ගන්න ඕනෙලුl.

හැරී පොටර් මහත්මයා ගාව ඔහුගේ යතුර තියෙනවාද?

ටිකක් ඉන්න. මේ කොහේ හරි තියෙනවා.

ආහ්! මේ ඉන්නේ පොඩි යකා.

තව දෙයක් තියෙනවා.

මහාචාර්ය ඩම්බල්ඩෝර් තමයි මේක දුන්නේ.

ඒක ගැන ඔයා දන්නවානේ අර ඔයා දන්න තැන තියෙන්නේ.

බොහොම හොඳයි.

සේප්පු අංක 687.

ලාම්පුව දෙන්න, කරුනාකරලා.

යතුර දෙන්න.

ඔයා හිතුවද ඔයාගේ දෙමව්පියෝ ඔයාට කිසිවක් ඉතිරි නොකර ගියා කියලාද?

-සේප්පු අංක 7 1 3. -මෙතන මොකක්ද තියෙන්නේ, හැග්‍රිඩ්?

ඔයාට කියන්න බෑ. හොග්වෝඩ්ස් රාජකාරියක්. අතිශය රහසිගතයි.

එහාට වෙලා ඉන්න.

මේ ගැන කාටවත් කියන්නේ නැත්තම් හොඳයි.

තව මට ඕනේ යෂ්ටියක්.

ඔයා යන්න ඔලිවොන්ඩර්ස්. ඒ තරම් හොඳ තැනක් නෑ.

ගිහිල්ලා එකක් තෝරගන්න. මට තව එක වැඩකට ගිහින් එන්නම්.

කව්ද ඉන්නේ?

කව්ද ඉන්නේ?

ඔයාව දකින්න ලැබුන නිසා මම පුදුම උනා. පොටර් මහත්මයා.

ඒක අද ඊයේ වගේ....

댓글

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left