Baazigar

Baazigar (बाज़ीगर)

Sinhala 자막 다운로드

릴리스 정보

Baazigar 1993 Hindi 720p DvDRip CharmeLeon SilverRG
다음의 해설 iamABHI

태그

DVD
DVDRip
dvdrip
dvdr
720p
720
게시일: 2014-09-29
다운로드: 106
청각 장애인용: No

Sinhala 자막 미리보기

처음 200줄입니다.

අම්මා, මගේ අම්මට ගොඩක් අමාරුයි දොස්තර මහත්තයෝ.

එයාව මෙහෙට ගේන්න, මම බලන්නම්.

නෑ දොස්තර මහත්තයෝ, එයාට මෙහෙට එන්න බෑ, එයා සිහි නැතුවයි ඉන්නේ.

එයා මුකුත් කතා කරන්නේ නෑ, කරුණාකරලා යමුකෝ දොස්තර මහත්තයෝ.

හරි පුතේ, මම එන්නම්.

දොස්තර මහත්තයෝ, මගේ අම්මට මොකද වෙලා තියෙන්නේ?

මුකුත් වෙලා නෑ පුතේ, කලබල වෙන්න දෙයක් නෑ.

හෙට උදේ ඉස්පිරිතාලෙට ඇවිත්, මගෙන් බෙහෙත් ඉල්ලගන්න.

හා.

දොස්තර මහත්තයෝ, අසරණීට හොඳ වෙයි නේද?

මුකුත් කියන්න විදිහක් නෑ, මොකද එයාට කිසි ලෙඩක් නෑ.

එයාට ලොකු කම්පනයක් වෙලා කරදරයක් නිසා.

ඔව් දොස්තර මහත්තයෝ, මේ වගේ කරදර පිරුණු ජීවිතයක් දෙවියෝ කාටවත් දීලා නැතුව ඇති

තව දෙයක් ගැන හොඳට බලන්න වෙයි, මේ වෙලාවේදී එයා ආහාර ගන්න එක බොහොම වැදගත්.

එයා කෑවේ නැත්තන්, බෙහෙත් වලින් වැඩක් වෙන්නේ නැහැ.

අම්මේ... අම්මේ!

මෙන්න අම්මේ, බෙහෙත් බොන්න.

කන්න, අම්මේ.

මම දන්නවා අම්මේ, හැමදාම මට කවලා තමා ඔයා කන්නේ.

ඒත් මම කාලා ඉන්නේ, සත්තයි අම්මේ..

කන්න....

අඬන්න එපා අම්මේ, ඔයා මොකටද අඬන්නේ?

අඬන්න ඕනේ ඔයා නෙවෙයි.. අපිව අඬවපු කෙනයි.

අම්මේ!

බලන්න අම්මේ මුන්නිට මොකද වුනේ කියලා.!

ඔයා තාම ලෑස්ති වුනේ නැද්ද?

කෝ ඉක්මනට ලෑස්ති වෙන්න, මම උදේ කෑම ගේන්නම්.

මම ඉක්මනට එන්නම් නැන්දේ.

අජේ කොහෙද?

ආ! අද අපේ අම්මා ගොඩක් ලස්සනයි.

කෝ බලන්න.. හරි අපි උදේ කෑම කමු.

බලමු නැන්දා හදලා තියෙන්නේ කියලා... ආ! හල්වා..

කෝ.. කට අරින්න..

හරි දැන්, අම්මාගේ අතින් මට කවන්න..

මුන්නිට කිරි පෙව්වද?

ඔව් අම්මේ, මුන්නිට කිරි පෙව්වා..

ඒ වගේම බෙහෙත් ගෙන්න තාත්තා එලියට ගියා.

තාත්තා බෙහෙත් අරගෙන ආවම.....

අපි මුන්නිට බෙහෙත් දෙමු.

දන්නවද අම්මේ.. මුන්නි හරි නරක් වෙලා.

කවුරුවත් කියන ඒවා අහන්නේ නැහැ.

යමු පුතා.

හරි, මම යන්නම් අම්මේ.

නැහැ අජේ.

හැම අම්මෙක්ටම ආඩම්බර වෙන්න පුළුවන් පුතෙක් ඔයා.

තමන්ගේ අම්මා වෙනුවෙන් ඔයා මොනාද නොකළේ.

ඔයා සතුටු වෙන්න ඕනේ, ඔයාගේ අම්මා කතා කරන්න පටන් ගත්ත එක ගැන.

ඔයාගේ උත්සාහය සාර්ථක වෙලා තියෙන්නේ.

ඔයත් අම්මව හොඳට බලාගත්තනේ.

අසල්වැසියෙක් වෙලා අපිට හුඟක් ඒවා කලානේ.

ඒ වගේ දෙයක් තමන්ගේ කෙනෙක්වත් කරන්නේ නැහැ.

ඇති, ඇති.. ගොඩක් කියවන්න පුරුදුවෙලානේ?

හරි නැන්දේ.. මම යන්නම්.

නවත්තන්න, නවත්තනවකෝ..

- ඒ, උඹ? - ඔව්, කොහෙද යන්නේ?

මම බොම්බයි යන ගමන්, බස් එක මිස් වුනා.

ඇත්තද? මමත් බොම්බයි යන්නේ... වරෙන් වාඩි වෙයන්.

ගොඩක් කාලෙකට පස්සේ හම්බවුනේ. කොහොමද?

හොඳින්. අම්මට කොහොමද?

අම්මා හොඳින්, උඹට මොකෝ වුනේ?

ගොඩක් සැරයක් මම පූනේ ගියා ඒත් උඹව මුණගැහුනේ නැහැ.

දැන් මම ඉන්නේ බොම්බයිවල.

මුම්බායි පුනෙයි අතර එහා මෙහා ගිහින්ම මගේ ජීවිතේ ගෙවුනා.

අම්මගෙයි, තාත්තගෙයි මරණින් පස්සේ..

ව්‍යාපාර කටයුතුවල වගකීම මට පැවරුණා.

අම්මයි, තාත්තයි නැති වුණාද?

අවුරුදු දෙකකට කලින් බංගලාදෙශේ ගුවන් තොටුපලේ වුනු ගුවන් අනතුරින්...

ඒකේ හිටපු අය සේරම මැරුණා. මගේ දෙමව්පියනුත් හිටියේ ඒකේ.

- මට සමාවෙන්න. - ඇයි ඔයා මුම්බායි යන්නේ?

- කෙනෙක්ව හොයන්න. - කාවද?

සාර්ථකත්වය.

හිටපන් බතලයෝ, ෆෝන් එක මමයි උස්සන්නේ.

මේ ගෙදර ප්‍රධාන සේවකයා මමයි. තේරුණාද?

බාබුලාල් මොකටද ෆෝන් එක උස්සන්නේ?

ඔයාට කිසිදෙයක් මතක නැහැ, ඔයාට හිතෙන එව්වා කියවනවා.

එතකොට චොප්රා මහත්තයගෙන් බැනුම් අහන්න වෙන්නේ අපිට.

කට වහගන්නවා, යනවා යන්න මෙතනින්, කුස්සියට ගිහින් වලං හෝදනවා, මේක ගන්නවා.

මට මුකුත් මතක නැහැ?

මම අහ්මදාබද්වලින් බජූඩියා කතා කරන්නේ...

.කෑම පෙට්ටි, වීදුරු, බකට් විකුණන කෙනා. ඔය කවුද කතා කරන්නේ?

මම ගෙදර ප්‍රධාන සේවකයා, බාබුලාල් කතා කරන්නේ.

සේවකයන්ගේත් ප්‍රධානියෙක් ඉන්නවද? මට පුතාගේ කසාදෙ ගැන කතා කරගන්න මුම්බායි එන්න තියෙනවා.

චොප්රා මහත්තයට ෆෝන් එක දෙන්න.

මිනිත්තුවක් ඉන්න. බතලයෝ, චොප්රා කියන්නේ කවුද?

චොප්රා මහත්තයා කියන්නේ අපේ හාම්පුතා.

හෙලෝ, චොප්රා මහත්තයා? විනාඩියක් ඉන්න මම හොයාගෙන එන්නම්.

බාබුලාල්, තාත්තා කෝල් කලොත්, එයාට කියන්න...

මම ඉස්කෝලේ ඉඳන් කෙලින්ම හෙල්ත් ක්ලබ් එකට යනවා කිව්වා කියලා.

- හරිද? - හරි බේබි.

කවුරුවත් අහල පහල නැහැ.. දැක්කද ෆෝන් එක තියලා තියෙන හැටි.

මම එක දවසක් හිටියේ නැත්තම් චොප්රා මහත්තයාගේ ගෙදරට මොනවා වේවිද මන්දා.

- හෙලෝ. - මහත්තයා, ඔයාට කොහොමද? - මම හොඳින්.

කෙල්ලව බලන්න කවදද එන්න ඕනේ කියලා දැනගන්නයි කෝල් කලේ.

ඕනේ වෙලාවක එන්න, ඔයාගේ ගෙදරනේ.

හොඳමයි, හොඳමයි, කොහොමද ව්‍යාපාර කටයුතු?

මොනා කියන්නද..අල, ළූණු හොඳටම ගණන්.

දැන් තක්කාලි බලන්නකෝ, මිරිස්, ඉඟුරු ඒවත් එහෙමනේ.

- ඔය කව්ද කතා කරන්නේ? - මම ප්‍රධාන සේවක බාබුලාල් කතා කරන්නේ.

- කෝ, ඔයාට මොකද වුනේ? - තමුසේ කලින් කියන්න එපැයි.

තමුසේ මගේ වෙලාව නාස්ති කළා.

මට චොප්රා මහත්තයත් එක්ක කතා කරන්න ඕනේ, ෆෝන් එක දෙනවා එයාට.

හෙලෝ චොප්රා මහත්තයා කොලේජ් ගියා.

චොප්රා මහත්තයා තාමත් කොලේජ් එකේ ඉගෙන ගන්නවද?

ආවා, ආවා, මම යනවා.

අනේ හනුමා දෙවියනේ එයා මගේ දිහා ආදරෙන් අද බැලුවොත්...

පොල් බෑයක් ගහනවා ඔබතුමාගේ දේවාලේදී.

එහාට යනවා.

- මගේ ඉතිහාස පොත ගෙනාවද? - ඔව්.

ඒ වගේම ඒකේ ඇතුලේ තිබුනා ඔයාගේ ආදර කතාව.

- ආදර කතාව? - මෙහෙට එන්න.

- මොකක්ද පටලැවිල්ල? - මොන පටලැවිල්ලද? - ඉන්න මම පෙන්නන්න.

සීමා මට මේක නම් තේරුම්ගන්න පුළුවන්, මේ ආදර කතාවේ හදවත නම් ඔයාගේ..

ඒත් මේ ඊතලේ කාගේද ඔයාගේ හදවතට වැදිලා තියෙන?

දැන් නෙවේ, වෙලාව ආවාම කියන්නම්.

හරි.

- දැන් කැන්ටිමට යමු. - සයිකොගේ දේශනේ මඟ හැරෙයි.

අද මම කිසිම පන්තියකට යන්නේ නැහැ. රවී ආවම මම කියනවා මට නෝට් ටික දෙන්න කියල.

දැක්කද? ඔයා එයාව මතක් කළා විතරයි මෙන්න ඇවිල්ලා.

ඒකද? සයිකොගේ නෝට් ඔක්කොම ටික ලියලා ඔයාට දෙන්නම්....

ඔයා කිසිම පන්තියකට යන්න ඕනේ නැහැ.

මම දැනගෙන හිටියා, මුළු කොලේජ් එකෙන්ම ඔයාව තමා විශ්වාස කරන්න පුළුවන් කෙනෙකුට ඉන්නේ කියලා.

කොහෙද ගියේ?

මොන ජාතියේ ආදරවන්තයෙක්ද ඔයා? කොච්චර කාලෙකට පස්සෙද ඔයා ආවේ...

අද ඔයා හරි නම් පෙම්වතිය එනකන් මඟ බලාගෙන ඉන්න ඕනේ.

ඒකට ඔයා, මේ පොත දිහා බලාගෙන ඉන්නවා.

පොත, පෙම්වතියට වඩා හොඳයි. රස්තියාදු කරවන්නේ නැහැ.

- තරහද? - ඔව්, මට ගොඩක් තරහ ගිහින් තියෙන්නේ.

දන්නවද, ඔයා හරියටම මිනිත්තු හයහමාරක් පරක්කු වෙලයි ආවේ.

- මට සමාවෙන්න. - නැහැ! නැහැ සමාව කොහෙත්ම ලැබෙන්නේ නැහැ.

ඇත්තද? එහෙනම් මට දඬුවම් දෙන්න.

කට වහනවා, ඔයාගේ දඬුවම තමයි මම පොත කියවනකම්..

කට වහගෙන වාඩි වෙලා මාව කිස් කරනවා.

මම කිව්වේ.... කට වහගෙන වාඩි වෙලා ඉන්නවා.

- මේ විදිහට හොරෙන් හොරෙන් මුණ ගැහෙන එක මගේ හිතට හරි නැහැ. - මාත් කැමති නැහැ සීමා.

ඒත් මොනා කරන්නද? අපි අසරණයිනේ.

මේ වෙලාවේ කවුරුත් දැනගන්න නරකයි, අපි අතරේ තියෙන සම්බන්දේ මොකක්ද කියලා.

මොකද ඔයාගේ තාත්තට පොඩි හරි සැකයක් ආවොත්..

ඔයා, මම වගේ රස්සාවක් නැති සාමාන්‍ය මනුස්සයෙක්ට ආදරේ කරනවා කියලා.....

එයා කවදාවත් ඔයාට සමාව දෙන එකක් නැහැ, ඒ වගේම මාව පිළිගන්න එකකුත් නැහැ.

දුක් වෙන්න එපා, මම ගැන විශ්වාස කරන්න.

ඔයා සදහටම මගේ වෙන දිනය වැඩි ඈතක නෙවේ..

ඊට පස්සේ...

ඒත් එක දෙයක් තියෙනවා.. ඔයාගේ ඔය පරක්කු වෙලා එන පුරුද්දට මම කැමති නැහැ.

කෝ ඔයාගේ ඔරලෝසුව පෙන්නන්න.

- මම දැන් මේකේ වෙලාව... - දෙවියනේ! අද මගේ නංගි ශිම්ලාවල ඉඳන් එන්න හිටියේ.

මම එයාපෝර්ට් යන්න හිටියේ.

දැන් ගොඩක් පරක්කුයි, මේ වෙනකොට එයා ගෙදරටත් ගිහින් ඇති.

ඔයාට කී දෙනෙක් ඉන්නවද බාබුලාල්?

මම නම් එක මිනිහයි, ගබ්බර්(ඉන්දියානු සිනමාවේ දුෂ්ටයෙක්) සහෝදරිය.

මම ඇහුවේ මේ ගෙදර සේවකයෝ කී දෙනෙක් ඉන්නවද?

ඉන්න මම දැන් කියන්නම්.

- තුන් දෙනයි. - එතකොට තමුසේ?

- මම මනුස්සයෙක්නේ බේබි. - එතකොට තමුසේ සේවකයෙක් නෙවෙයිද?

සර් මට හොඳට සලකන නිසා...

මට අමතක වෙලා ගියා, මම සේවකයෙක් කියලා.

එයාපෝර්ට් එකට කාර් එකක් එවන්නත් අමතක වෙලා ගියාද?

එයාපෝර්ට් එකට කාර් එවන්නේ මොකටද?

එයාපෝර්ට් එකේ තියෙන්නේ ප්ලේන් නේද?

- නිශ්ශබ්ද වෙනවා. - ඇහුණද?

- තාත්තා කොහෙද? - එයා මැරුණා.

මොකක්?

එයා හෙලිකොප්ටර් එකේ යන ගමන් ඉඳිද්දී, සීතල හැදුණා..

ඒ නිසා එයා හෙලිකොප්ටරේ ෆෑන් එක ඕෆ් කළා. එවෙලේම එයා මෙලොවින් සමු ගත්තා...

- තමුන් කවුරු ගැනද කියවන්නේ? - මගේ තාත්තා ගැන.

- කොහොමද ඔයාට? - ඔයාට කොහොමද?

- මම හොඳින්, ඔයාට කොහොමද? - මම හොඳින් ඒත් මම ඔයත් එක්ක තරහයි.

ඔයා මාව එයාපෝර්ට් එකෙන් ගන්න ආවේ නැත්තේ ඇයි?

සමාවෙන්න ප්‍රියා, අද මට අමතර පන්තියක් තිබුණා.

හරි, ඔයාට එන්න බැරි නම්, තාත්තට හරි එන්න තිබුණනේ.

තාත්තා ගැන නම් ඔයා දන්නවනේ.. එයාට තියෙන්නේ ආසාවන් දෙකයිනේ...

එකක් බිස්නස් කරන එක, අනිත් එක වාහන එලවන එක.

ඔය දෙකින් එකක් එක්ක එයා කාර්යබහුල වෙලා ඇති.

මට මුකුත් අහන්න උවමනා නැහැ.

අපේ සමාගමේ නිෂ්පාදන අනිත් නිෂ්පාදනවලට වඩා වැඩි වෙන්න ඕනේ.

හරි, සර්.

- සර් - කියන්න මෙහෙරා. - සේවකයන්, කළමනාකාරීත්වයෙන් ඉල්ලුම් කරලා තියෙනවා...

ඒ ගොල්ලන්ට නවාතැන් පහසුකම් දෙන්න කියලා.

සමාගම එයාලට රස්සාව දීලා තියෙනවා, ඒකට ඒගොල්ලන්ට පඩි දෙනවා.

ඊට අමතරව එයාලට වෙන මොනවත් ලැබෙන්නේ නැහැ, දැන් ඔයාට යන්න පුලුවන්.

ගිරිදාරිලාල්ගේ ෆැක්ටරි එක දැන් අපේ.

ගිහින් ඒක බලන්න.

ඒ වගේම අද ඉඳන් ඒ ෆැක්ටරි එකේ නම සීමා ගාර්මන්ට්ස්.

සීමා නෝනා කිව්වාම මතක් වුණේ, ගෙදරින් කිහිප සැරයක්ම කෝල් ආවා.

ප්‍රියා නෝනා ශිම්ලාවල ඉඳන් ආවා කියලා.

කොහොමද මගේ දුවේ?

- කොහොමද ඔයාට? - මම හොඳින්.

- ඒත්, දුවගේ මූඩ් එක නම් හොඳ නැහැ. - ඇයි ඔයාගේ මූඩ් එක හොඳ නැත්තේ?

- මෙච්චර පරක්කු වුනේ මොකද? - ඔෆිස් එකේ වැදගත් වැඩ වගයක් ආවා.

සීමා වෙනුවෙන් අලුත් ගාර්මන්ට් ෆැක්ටරි එකක් ගත්තා.

දැන් මුළු යුරෝපේම සීමා ගාර්මන්ට් නම ප්‍රසිද්ද වේවි.

ආ.. එතකොට මට?

ඔයාට? ඔයාට මොනවද ඕනේ?

- ස්පෝර්ට්ස් කාර් එකක්. - එච්චරද? ස්පෝර්ට්ස් කාර් එකක්? ලැබේවි.

- බාබුලාල්, මේ මොකක්ද? - සුප් එකක්.

මේ සුප් එකක්ද? මේ අත හෝදන කෝප්පයක්.

මේක තියෙන්නේ කෑවට පස්සේ අත හෝදන්න.

මේ තමුසේ මොකක්ද කලේ?

කෑමට පස්සේ තියන්න ඕනේ එක තමුසේ කෑමට කලින් තිබ්බද?

සර්, සුප් කියලා හිතලා මේක බිව්වනම්.

කට වහනවා! ගිහින් සුප් එක ගේනවා. තමුසෙත් යනවා!

댓글

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left