200 baris pertama.
Neel Kamal (HD) | Rajkumar | Waheeda Rehman | Manoj Kumar | Bollywood Old Classic Movie යනුවෙන් යූ ටියුබ් වෙතින් සර්ච් කරන්න. පැය 02, විනාඩි 51, තත්පර 12 ක වීඩියෝව මෙම උපසිරසියට ගැළපේ.
සිංහල උප සිරැසි සැකසුම :- විතානගේ ප්‍රියන්ත දයාකීර්ති.
"චිත්‍රසෙන්", ඔබේ කලාව තරම් වෙනත් සුන්දරත්වයක් නැහැ.
එය ඉන්ද්‍රජාලයක් වගේ.
ඇය මා දෙස බලා ඉන්නවා වගේ.
ඇය, අපෙන් ඈත් වුණා.
ඇගේ නැටුම් පාද නිශ්චල වුණා.
ඇගේ සිරුර පිළිමයක් මෙන්...
...අමුතුම නිර්මාණයක් වෙලා.
"චිත්‍රසෙන්", ඔබේ දෑතේ කලාත්මක...
...ස්පර්ශයෙන් අසභ්‍ය දේ පවා ශුද්ධ යැයි පෙනෙනවා.
මම හිතුවේ නැහැ.
මේ කලාව එතරම් ශ්‍රේෂ්ඨ විය හැකිය කියලා.
ඇත්තටම, ඔබ මිහිපිටට ස්වර්ගය ගෙනාවා.
ඒ ඔබගේ කරුණාවෙන් මහරාජ්.
කලාකරුවෙක් ගල මූර්තිමත් කරලා පිළිම සාදනවා.
ඔබතුමාට හැකියි, එහි රසය තීරණය කරන්න.
මෙම ප්‍රතිමා හරහා කලාකරුවා ඔහුගේ සිහින දැක ඇති බවද දැක්වෙනවා.
මේවා ගල් පිළිම පමණක්ම නොවෙයි.
සජීවී නර්තන ශිල්පීන්.
තාරුණ්‍යය හා ජවසම්පන්න බව සහිත.
ඒ වෙනුවෙන් මම ඔබට ස්තූතිවන්ත වෙනවා, මහරාජ්.
මමත් ඔබට කෘතඥ විය යුතුයි, චිත්‍රසෙන්.
රාජධානි බිහිවෙනවා, නැතිවෙනවා.
බොහෝ රජවරු බිහිවෙනවා.
එසේම මියයනවා.
නමුත් ඔබේ සිතුවම් හා ප්‍රතිමා අමරණීයයි.
ඔවුන්ගේ නිශ්චල තොල්, අපේ සමෘද්ධිමත් රාජධානියේ ගීතයන් බවට පත්වෙලා...
...සදහටම ගායනාවන් කරාවි.
කලාකරුවෙක් වශයෙන් මට ඔබට තෑග්ගක් දීමට අවශ්‍යයි.
නමුත් ඔබට දිය යුත්තේ කුමක්ද?
මහරාජ්, කලාකරුවාට එහි ගෞරවය ලබා දීම ඔහු ලබන වටිනාම දෙයයි.
නමුත් එයින් පමණක් මට තෘප්තිමත් වෙන්න බැහැ.
මම කොහොමද ඒක කරන්නේ?
චිත්‍රසෙන්, ඔයා මට කියන්න මම මොනවාද කරන්න ඕන කියලා.
මා ඔබට දිය යුත්තේ කුමක්ද?
මහරාජ්ගේ දුෂ්කරම කොටස මෙයයි.
මට නිර්මාණයන්ට ජීවයදීම සඳහා...
...මගේ හදවතට ආභාෂය දුන්නේ...
...වෙනත් කෙනෙක් මහරාජ්.
වෙනත් කෙනෙක්...?
ඔව්, ඇය වෙනුවෙන් ත්‍යාගයක් ලබා දිය හැක්කේ ඔබටම් පමණි.
මම ඉල්ලුවොත් ඔයා ඒක දෙනවද?
මගේ කලාකරුවා කෙනෙක් එක්ක ආදරයෙන් බැඳී සිටිනවා වගෙයි.
මම රජෙක් බව අමතක කරන්න එපා.
රජෙකුට ඔබට අවශ්‍යය ඕනෑම දෙයක් දිය හැකියි.
මට කියන්න ඒ කවුද?
මගේ හදවත, ජීවිතය, ආනුභාවය. ඇය තමා, මහරාජ්.
ඔබ මහරාජ් රජතුමා.
ඔබට ඕනෑම දෙයක් ලබා දිය හැකියි.
කරුණාකර මට මෙම තෑග්ග දෙන්න.
කරුණාකර එය දෙන්න.
මෙම ප්‍රසිද්ධ කලාකරුවා විශේෂ ශාලාව වෙත රැගෙන එන්න.
මහරාජ්, මේ යුක්තියද?
මා මෙහි විලංගු දමා ගෙන ආවේ ඇයි?
මට අවශ්‍ය කුමක්ද කියා ඇසුවේ ඔබයි.
මට අවශ්‍ය වූයේ මේ වගේ විලංගුවක්ද?
මාව සිරකරුවෙකු මෙන් මෙහි ගෙන ඒමද?
මේකද මහරාජ්, මම ඉල්ලුවේ?
ඔබ මරණය ඉල්ලුවා.
නමුත් මට ඔබට ජීවිතය ලබා දීමට අවශ්‍යයි.
ඔබ වැනි කලාකරුවෙකු කිසිම හේතුවක් නැතිව මරන්න මට අවශ්‍ය නැහැ.
චිත්‍රසෙන්, තවමත් කාලය තිබෙනවා...
...මාගේ දියණිය "නීල් කමල්" සමඟ සම්බන්ධතාවය නවතන්න.
මම කොහොමද මහරාජ් කියන්නේ?
මම කොහොමද...?
...සම්බන්ධයක් නැති බව කියන්නේ රාත්‍රී කොවුලා සහ සඳ අතර?
...මම කොහොමද මලක් නොමැති මී පැණි ගැන කියන්නේ?
කොහොමද මං කියන්නේ...?
චිත්‍රසෙන්, ඔබ රාජ්‍යයේ අභිමානයට අගරු කරනවා.
නැහැ මහරාජ්, මම එහෙම දෙයක් කරන්නේ නැහැ.
මේ තමා ඉරණම මහරාජ්. මම කුමරිය දුටුවා, මම ඇයට කැමතියි.
ඇය මගේ සිත ගත්තා.
අද මේ ශාලාවේදී මම පාපොච්චාරණය කරනවා, මම කුමරියට ආදරෙයි.
ඒ වගේම ඇගේ ආදරය හා ආනුභාවය නිසා මම මේ මාලිගාව නිර්මාණය කළා.
නිහඬවෙන්න!
චිත්‍රසෙන්, ඔබට ඔබේ තත්ත්වය අමතක වෙලා.
ඔව් මහරාජ්, මම සරල කලාකරුවෙක්, ඇය කුමරියක්.
නමුත් ප්‍රේමය වෙනුවෙන් තත්වය, කුලය සහ ආගමට කුමක් කළ හැකිද?
රාජකීය අණට හදවත් දෙකක් හමුවීම ගැන දෙයක් කරන්න පුළුවන්ද?
කට වහගන්න. ඔහු කුමරිය අපකීර්තියට පත් කළා.
ඔහුගේ දිව කපා දැමිය යුතුයි.
මේ මොන වගේ යුක්තියක්ද?
මට ඇත්ත කියන්න නොහැකිද?
මට, මගේ ආදරය සමඟ ජීවත් විය නොහැකිද?
ධනවතුන් සෑම විටම ධනයේ පරිමාණයෙන් ආදරය කිරා බලන්නේ.
නමුත් එය කිසි විටෙකත් විකුණන්න බැහැ.
චිත්‍රසෙන්, මම ඔබේ වැරදි සඳහා ඔබට දඬුවම් කරනවා.
අනාගත පරපුර ඔබ ගැන ඇසූ විට වෙව්ලන ආකාරයට.
රාජකීය කඩු සෑම විටම පෙම්වතුන්ගේ ගෙල සිඳ තිබෙනවා.
එහෙත්, ආදරය සෑම විටම ජයගෙන තිබෙනවා.
විශාලතම අධිරාජ්‍යයන්ට සහ රජවරුන්ට, ආදරය විනාශ කිරීමට නොහැකි වුණා.
ඔබටත් ඔබේ රාජ්‍යයටත් බැහැ මගේ ආදරය විනාශ කරන්න.
පව්කාරයා, නිහඬවෙන්න!
ඔහුව රැගෙන ගොස් මරාදමන්න!
ඔහු විසින් නිර්මාණය කරන ලද එහෙත් ඔහුගේ තත්වය අමතක කළ මාළිගාව...
...ඉරු උදාවීමට පෙර ඔහුව එහි පණපිටින් වළලන්න. මෙය මාගේ නියෝගයයි!
කිසිවෙකු කවදාවත් ඔහුගේ නම සඳහන් නොකරන ලෙස.
මේ පව්කාරයාට මොකද වුණේ කියලා නොදන්නා ලෙස.
ඔහුව රැගෙන යන්න.
ඔහුව පණපිටින් වළලන්න.
ඔබට මාව මරලා මගේ ආදරය පැහැර ගන්න බැහැ.
ආදරය අමරණීයයි, මගේ ආදරය මරණයට වඩා ශක්තිමත්.
මෙම ශරීරය අවසන් වනු ඇත, නමුත් මගේ ආත්මය "නීල් කමල්ව" සොයනු ඇත.
මගේ ආදරය විසින් නීල් කමල් මා වෙත ගෙන එනු ඇත.
ඇය පැමිණිය යුතුයි. ඇය එනවා.
සිංහල උප සිරැසි සැකසුම :- විතානගේ ප්‍රියන්ත දයාකීර්ති.
"රාන්ජ් මහල්, මාලිගා නටබුන් ප්‍රදේශය"
ලෝකය සැමවිටම වැළපෙනවා ආදරය කරන අයගේ වියෝවන් පිළිබඳව.
"චිත්‍රසෙන්" මොන තරම් හොඳ පෙම්වතෙක්ද?
ඇත්තටම "නීල් කමල්" සුන්දර කෙනෙක් වෙන්න ඇති.
චිත්‍රසෙන් මෙම මාලිගාව ඉඳි කරලා ඔහුගේ ආදරය අමරණීය කළා.
මම, නීල් කමල් වූවා නම් හොඳයි.
එහෙනම් චිත්‍රසෙන් මාලිගාවක් ගොඩනඟයි.
ඇයි චිත්‍රසෙන්ව? චිත්‍රාසෙඩ්ස්ලා ගොඩක් ඔයා ගැන බලාපොරොත්තුව ඉන්නවා.
ඒ අය විකට සිතුවම් වගේ.
කිකිළියන් වැනි කකුල්, වඳුරන් මෙන් මුහුණු.
ඔවුන් වගේ අයද මාව විවාහ කර ගැනීමට බලාපොරොත්තුව සිටින්නේ?
ඉක්මන් කරන්න, මැඩම් අපට කතා කරනවා.
"සීතා" කොහෙද?
ඇය අප සමඟ සිටියා. ඇය ඇතුළේ ඉන්න ඇති.
නමුත් ඇය තනිවම කරන්නේ කුමක්ද?
නීල් කමල්!
ඔයා ආවේ නැත්තේ ඇයි?
මා හැර වෙන කිසිවෙක් නැහැ. මේ චිත්‍රසෙන්, ඔබේ චිත්‍රසෙන්!
ඔව්, චිත්‍රසෙන්! ඔයා වෙනුවෙන් මේවා නිර්මාණය කළ කෙනා.
ඔව්හු මා පණපිටින් මෙම බිත්ති අතර වළලා දැම්මා.
මොකද මම ඔයාට ආදරේ කළ නිසා. දැන් යුග ගණනාවක් ගෙවී ගිහිල්ලා.
කාලය වෙනස් වෙලා, ඔබත් වෙනස් වෙලා.
නමුත් ඔබේ චිත්‍රසෙන් වෙනස් වෙලා නැහැ. මගේ ආදරය අමරණීයයි.
අන්ධකාර මරණයේ පවා මම ඔබ එනතුරු බලා සිටියා.
ඔබ අනිවාර්යයෙන්ම පැමිණෙනු ඇත යන විශ්වාසයෙන් .
ඔබ ඇවිත්.
දැන් කිසිවෙකුට අපව වෙන් කළ නොහැකියි.
සීතා, ඔයා මොනවද මෙතන කරන්නේ? හැමෝම ඔයාව හොයනවා.
මොකක්ද වුණේ, ඇයි ඔබ කතා නොකරන්නේ?
ඇයි ඔයා කතා කරන්නේ නැත්තේ, සීතා?
ඇය ක්ලාන්ත වුණා.
මට යන්න දෙන්න. - බැහැ.
පාලිකාව අවදිවුණොත් අපට දඩයක් නියම කරාවි.
දුම්රිය ප්‍රමාදයි. අපිට උදේ පහ දක්වා මෙතන හිරවෙලා ඉන්න වෙනවා.
ඇය හොඳටම නිදි වගේ.
කවුද ඒ කතා කරන්නේ?
නීල් කමල්, ඇයි ඔයා මාව දාලා ගියේ?
මගේ බලා සිටීම කවදාවත් අවසන් නොවෙයිද?
මා වෙත එන්න, නීල් කමල්.
කල්පනාව හොඳ නැද්ද, ඔබට මැරෙන්න අවශ්‍යද?
මම...?
මට කිසිවක් මතක නැහැ.
ඔබට මතක නැද්ද?
ඔබ දුම්රියට යට වෙන්න ගියේ, මම ඔයාව බේරුවා.
නමුත් මම ඒ දුම්රියෙන් ගෙදර යන්න ඉන්නේ.
මගේ හිතවතියන් මා එනතුරු බලා සිටිනවා ඇති, දැන් මොකද කරන්නේ?
මම කාර් එකේ ඔයාව එතැනට එක්ක යන්නම්.
ඇය දැන් මෙතැනට එන්න පුළුවන්. - කරුණාකර ඇගේ ටිකට්පත අවලංගු කරන්න.
එහෙම නම් මට සියලුම ටිකට්පත් අවලංගු කරන්න වෙනවා.
මට ඇයව මෙතන දාලා යන්න බැහැ. මම ඇයට වගකිව යුතුයි.
ඇයි, සීතා අතුරුදහන් වුණේ?
ඇයට යමක් සිදුවෙන්න ඇති.
අපට මෙහි ඉන්න වෙයි වගේ.
ඇය ආපසු නාවොත් මොකද කරන්නේ?
හෙට දර්ශනයේ සියලුම ප්‍රවේශ පත්‍ර අලෙවි වෙලා.
ඒ වගේම සීතා තමයි නර්තන අයිතම දෙකේම ප්‍රධාන තැනැත්තිය.
අන්න ප්‍රධාන තැනැත්තිය එනවා.
තවත් කෙනෙක් සමඟ.
සීතා, ඔහුගේ කබාය ආපසු දෙන්න.
ඔහු කවුදැයි ඔබ නොකියන්නේ ඇයි?
මම කවදාවත් ඔයාගෙන් මෙහෙම දේවල් බලාපොරොත්තු වුණේ නැහැ.
ඇයි? - ඔබ ඇය මතට වැටුණා.
මොකද මේ? - මගේ පපුව රිදෙනවා.
ඒ මම වැටුණු නිසා. අලුත් දෙයක් නැහැ.
සීතා, මම කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ මෙවර ඔබට විරුද්ධව.
එය හොඳ තේරීමක්.
ඔබ හොඳින් හිටිය කෙනෙක්.
නමුත් ඔබ එය නැවත වරක් කළොත්, දෙවියන්ගේ පිහිට තමයි.
මෙය සීතා අතුරුදහන් වුණු දෙවන අවස්ථාවයි.
ඇය දුම්රිය ස්ථානයෙන් අතුරුදහන් වූ ආකාරය මම ඔබට කියා තිබෙනවා.
එදා ඇය ආපසු ආවේ තරුණයෙක් සමඟ.
එදා මම ඇයට අනතුරු ඇඟවීමක් කළා. නමුත් ඇය එය නැවත කරලා.
නමුත් ඇය එළියට ගියේ කොහොමද? - මම දන්නේ නැහැ. ගේට්ටුවත් අගුළු දාලා.
මුරකරුත් එහි ඉන්නවා.
රයිචන්ඩ් මහත්මයා, ඔබ ඇගේ පියා ලෙස මේ ගැන සොයා බලන්න.
දුම්රිය නවාතැන් කාමරයේ සිට මේ ළමයා අතුරුදහන් වුණා.
ඇය ඒ තරුණයා සමඟ පැන ගියොත්, ඒ වගකීම අපට ගන්න බැහැ.
මම, මගේ දුව ගැන හොඳින් දන්නවා. ඇය යහපත් ලෙස හැදුනු කෙනෙක්.
ඇයට කවදාවත් වැරදි පියවර ගත්තේ නැහැ.
මට ඇය ගැන සම්පූර්ණ විශ්වාසයක් තිබෙනවා. - සෑම දෙමව්පියෙකුම තම දරුවා විශ්වාස කරනවා.
නමුත් අනතුරු ඇඟවීම් නොතකා ඔබේ දුව සියලු නීති කඩ කරනවා.
ඇය නේවාසිකාගාරයෙන්...
...රාත්‍රීන් දෙකක් පිටව ගියා.
ඔබත් විදුහල්පතිවරයෙක්. ඔබ දන්නවා, පීඨාධිපතිනියක් ලෙස...
...මම මේ ගැහැනු ළමයින්ට වගකිව යුතු බව.
මෙහි කීර්තිය සුරැකීමට නම් මට සීතා මේ විදුහලෙන් ඉවත් කරන්න වෙනවා.
මට මේ ගොඩේ තියාගන්න බැහැ නරක්වූ ඇපල් ගෙඩියක්.
විද්‍යාලය නිවාඩු දුන්නද?
ඔව්, ඇයගේ ගමන් මලු ඇතුළට ගන්න.
තාත්තේ!
ඔබ, ඔබේම දියණිය විශ්වාස කරන්නේ නැද්ද?
තාත්තාට, මගෙන් අහන්න තිබුණා. - අවශ්‍ය නැහැ.
මම හිතන්නේ නැහැ පීඨාධිපතිනිය ඔබේ තරහකාරියක් කියලා.
No comments yet. Be the first to leave one.