200 baris pertama.
You Tube - Video Running Time 02:28:13
You Tube search name - Hum Hindustani 1960 Full Hindi Movie | Sanjeev Kumar, Sunil Dutt, Asha Parekh | Bollywood Movies
"හම් හින්දුස්ථානි"
1960 වර්ෂයේ තිරගත කළ මෙය, ඉන්දියානු සිනමාවේ සහ ශ්‍රී ලංකාවේද ඉතා ජනප්‍රිය වූ හින්දි චිත්‍රපටයකි.
රඟපෑම් :- සුනිල් දත් (සුකින්) ජෝයි මුකර්ජි (සත්‍යන්) ආශා පාරේක් (සුධා)
ගීත ගායනය :- ලතා මංගේෂ්කාර්, මොහොමඩ් රාෆි, ආශා බෝස්ලේ, මුකේෂ්.
සිංහල උප සිරැසි සැකසුම :- විතානගේ ප්‍රියන්ත දයාකීර්ති.
එය කළ නොහැකි දෙයක්.
මට බොරු සම්මුතියකට එන්නට බැහැ.
මීට පෙර නොකළ දේවල් වර්තමානයේ කරන්නට වෙනවා.
මේ නඩුව නිකන් දිගට ඇදෙනවා විතරයි.
මෙතෙක් ලැබුණු ලාභය මොකක්ද?
මිස්ට චවුද්රි එක්ක සමථයකට ආවොත්...
...අදම නඩුව අවසන් කරන්න පුළුවන්.
අමතක කරන්න එපා, මේක...
...රාම් සහ හරිස්චන්ද්‍ර අදහන රටක්.
ඔවුන් සත්‍යයේ මාර්ගය විශ්වාස කළ අය.
එහෙත් අමරනාත් කාලය අනුව බොහෝ දේ වෙනස් වෙනවා.
ඒ බොහෝ දේ වෙනස් වුවත්...
...යුක්තිය වෙනස් වෙන්නේ නැහැ.
මම මෙහි එන්නට පෙරත් සිතුවා ඔබේ තීරණය වෙනස් නොවේවි කියා.
මගේ දියණියගේ ඉල්ලීමටයි මෙහි ආවේ.
ඇය පිටරට සිට ඉන්දියාවට ආ පසුව...
...ඔබගේ පුතා සමඟ විවාහය සිදුකළ යුතුයි.
සුජාතා, මට වතුර ටිකක් දෙන්න.
අම්මේ...
ආපහු පහළට එන්නකෝ...
කෑම දාන භාජනය ගන්න.
ඔහොම තියන්න.
ඔයා මොකද බලා ඉන්නේ?
මුලින්ම එයා කෑම ඉල්ලනවා වගේ.
මම මේ ගෙදර අම්මා, ඉතිං කවුරුත් මා ළඟ ඉන්න ඕනනේ.
මම ඉන්න තුරු මේ ගෙදර අයව බඩගින්නේ තියන්නේ නැහැ.
වැඩේ ඉවරද? - ඔව්.
ගොඩක් හොඳයි.
මම වැඩේ හොඳින් කරන අයට කැමතියි.
සර්...
තාත්තගේ නඩුව ලබන සතියේ නේද?
ඔව්...විසිවෙනිදා.
මොනවා වේවිද?
අපි දිනාවි සර්.
එහෙම කියන්නේ ඇයි?
සර්, සත්‍ය ජයග්‍රහණය කරනවා.
මටත් අවශ්‍යය එයම තමා.
ඔබගේ පියා නඩුව දිනාවි.
සර්, අද මට ටිකක් වේලාසනින් යන්නට පුළුවන්ද?
ගිය සතියෙත් ඔබ නිවාඩු තුනක් ගත්තා.
දරුවා, ඔබේ රාජකාරියට මුල් තැන දෙන්න.
අද පමණයි, සර්. - හොඳයි...
ස්තුතියි, සර්.
හලෝ...ඔව් කවුද? සර්ට, ඇමතුමක්...
හලෝ, ආ... කල්පනා.
ඔබ තවමත් කාර්යාලයේද?
ඔව්, මම වැඩ.
ඔබට වැඩ කිරීම පමණද වැදගත්?
නැහැ...ඇයි ඔබව...
අද දිනේ ගැන මතකද?
ඔව්, අද ඔයාගේ උපන් දිනය... සුබ උපන් දිනයක්, කල්පනා!
අද එයටත් වඩා වැදගත් දිනයක්.
ඔව්, අපි විවාහ ගිවිසගෙන වසරයි.
ඒත් අපිට තවම එක වහලයක් යටට එන්න බැරිවුණා.
ඔබට පුදුම හිතෙන්නේ නැද්ද?
මම, ඔබේ කාලය කා දමන ආදරවන්තිය.
අපි එකට ජීවත්වෙන්න යන්නේ.
ඔබ හිනාවෙනවා පමණයි.
වැඩ ඉවර කරලා ඉක්මනින් එන්න.
අද මේ වැදගත් දිනේ, මම ඉවසීමෙන් බලා ඉන්නවා.
කල්පනා... - ඔව්, තාත්තේ.
අර බලන්න, ඒ සත්‍යන් නේද?
ඔහුට කැබ් එකක එන්න තිබුණානේ.
ඔහුට මේ දිනවල මුදල් හිඟයි.
නඩුවට මුදල් යනවානේ.
ඔහු කොහොම වාහනවල එන්නද?
සත්‍යන්, අපේ කාර් එකේ යමු.
කමක් නැහැ, අපි වෙන වාහනයක යමු.
ඒ ඇයි...මගේ වාහනේ යමු.
මේක බාල වර්ගයේ එකක්නේ. අපි මෙයට වඩා වටිනා වාහනයක යමු.
වටිනා වාහනයක්... ඔබට ලොතරැයියක් ඇදුණාද?
ගිය අවුරුද්දේ එකක් ඇදුණා. ඒ තමා ඔයා...
කොහෙද, ඔබේ වටිනා වාහනය?
අර එන්නේ... එය වැඩිවෙලා බලා ඉන්නේ නැහැ.
බස් එකක්...?
අපේ කාර් එකේ යන්න තිබුණනේ?
මගේ ආදරවන්තියගේ කාර් එකේ යන එක හරි නැහැනේ.
අද මගේ අතේ වැඩිය මුදල් නැහැ.
ඒ ටිකත් ගොඩක් වටිනවා ඇතිනේ, හරි අපි යමු.
සිංහල උප සිරැසි සැකසුම :- විතානගේ ප්‍රියන්ත දයාකීර්ති.
ඔබට කොපමණ කීවත් වැඩක් නැහැ.
ඔබ කොහොම වැඩ කරන්නවද කියලා මට තේරුම් ගන්න බැහැ.
වසර හතක ඉඳලා ඔබ මේ විෂය කරන්නේ.
එහෙත් තවමත් හරියට වැඩේ කරන්නට බැහැ.
සර්, මම හදාගන්න ඕන වැරදි මොනවාද?
මෝඩයෝ...!
මේක නීතිඥ කාර්යාලයක්.
වැඩ සඳහා ඔබේ කිසිම අවධානයක් නැහැ.
මම කියවන දේ ඔබ කිසිම සැලකිල්ලක් නැතිව ලියා ගන්නේ.
කියන දේ නොවෙයි ලියන්නේ.
අද කියපු දේත්...
...අනෙක් පැත්තට කරලා තියෙන්නේ.
ඔබ මේ සූදු ක්‍රීඩාවක් කියලා හිතුවද?
අනේ නැහැ සර්.
සර්. - සර්...?
ඔබේ සීයාට මේ ගැන කියන්නම්...
...ඔබව හදන්න අමාරු කෙනෙක් කියලා.
මේක වැඩක් නැහැ.
අක්ෂර වින්‍යාසය පමණයි, මෙහි වරද.
ශබ්ද කෝෂය බලලා මේක නිවැරදි කරන්නම්.
යන්න මෙතනින්.
මම කවදාවත් සත්‍යය අත හරින්නේ නැහැ.
ඔබ තීරණ වෙනස් කරන්න කැමති නැහැනේ.
ඔබේ පුතාගේ සහ මගේ දුවගේ විවාහය සිදුවන්නේ නැහැ.
මගේ ආර්ථිකය වැටුණු නිසා ඔබ මේ තීරණය ගන්න ඇති.
මේක නින්දාවට කරුණක් වේවි.
ඒත් තාත්තා කෙනෙක් හැටියට මට...
...ඇගේ සතුට සහ අනාගතය ගැන හිතන්නට වෙනවා.
දිවාන්! මේ විවාහය නවතන්නට බැහැ.
නැහැ, මෙය සිදුවෙන්නේ නැහැ. අපේ දුව හෙට රට ඉඳන් එනවා.
ඇය එන්නට පෙර මේ තීරණය ගත යුතුයි.
ඔව්, මේ විවාහය කෙරෙන්නේ නැහැ.
අද ධනය අනුව මිනිසා මනින කාලයක්.
ධනය අපේ ළඟ සැමදා රැඳෙන්නේ නැහැ.
ඔබට කවදා හෝ දිනෙයක කනගාටුවෙන්න සිදුවේවි.
එදිනට මගෙන් ඔබට අනුකම්පාවක් ලැබෙන එකක් නැහැ.
අයියේ...!
ඇය මේ කිසිවක් දන්නේ නැතිව ඇති.
ඒ නිසා ඔබ නිහඬව ඉන්න එපා.
ඔබට මෙය වැටහෙන්නේ නැතිව ඇති.
ඕනෑම තාත්තා කෙනෙක් දුප්පතෙකුට තම දුව දෙන්න කැමති නැහැ.
තාත්තේ, ඔයාගේ හිතවතා අමරනාත් ආවේ නැත්ද?
මම, ඔහු ගැන දැන් සොයන්නේ නැහැ.
ඒ වගේම කිසිම සම්බන්ධයක් ඇත්තෙත් නැහැ.
තමාගේ ධනය රැක ගන්නටවත් නොහැකි පුද්ගලයෙකුට...
..ගෙදරට අලුතින් එන ලේලියට සලකන්නට හැකිවේවිද?
ඒ විවාහය කෙරෙන්නේ නැහැ. ඉතිං, අපි යමු.
මිස්ට දිවාන්, ඔබගේ දියණියගේ නර්තනය හරිම ලස්සනයි.
ස්තුතියි! මේක ගන්න. ඔයාලා කෑම කන්න.
එන්න, සියලුදෙනා.
මගේ සුබපැතුම්! - ස්තුතියි!
නර්තනය හරිම ආකර්ශනීයයි.
විශේෂයෙන්ම, ඔබ ඉතා දක්ෂයි.
ස්තුතියි!
මම ශංකර්.
ශංකර්...අර ප්‍රසිද්ධ කෙනාද?
ඒ ගැන නම් දන්නේ නැහැ.
මගේ නම ශංකර්.
එන්න.
තාත්තේ... ඔබ දන්නවාද ශංකර්?
පුවත්පත් කර්තෘ.
ප්‍රසිද්ධ කාටුන් ශිල්පියා.
දුවේ මේ ඉන්නේ ඔහු නොවෙයි.
ඔහු, මිස්ට වර්මාගේ ඥාති පුත්‍රයෙක්.
ඔහු මෑතක දී එංගලන්තයේ ඩිප්ලෝමාවක් කළා.
ඔහු දැනට මගේ ආයතනයට සම්බන්ධ වෙලා ඉන්නේ.
සර්, ඔබ මිස්ට දිවාන්ට ද ලිපිය ලියන්නේ?
නැහැ, ඔහුගේ දියණියට.
"සුධා" වෙත, පසුගිය කාලයේ අපේ පවුලේ ධනය ක්‍ෂය වී ගිය නිසා...
...ඔබේ පියා අපේ විවාහය සිදු නොකරන්න තීරණය කළා.
සමහරවිට ඔහු නිවැරදි වෙන්නට පුළුවන්...
...එහෙත් අපි විවාහ වූ පසුව අපේ පවුලට මේ තත්වය උදාවූවා නම්...
...ඔබේ තාත්තා මොකද කරන්නේ?
මෙයට- "සුකින්"
මෙයට පිළිතුරක් යවන්නම ඕන.
ඔහු ලිපියෙන් පහර ගහලා.
ඔබ මොනවාද ලියන්නේ?
මොහු කවුද කියා බලන්න ආසයි.
අපි සොයා බලමු.
මම දැන් දුප්පත් කෙනෙක් වගේ නේද?
එහෙමත්ම නැහැ.
ශීලා, ඔබට ඔහුව හඳුනාගන්න පුළුවන් වේවිද?
මම එක් වරක් දැක තිබෙනවා, උත්සාහ කරමු.
මෙතන පොත් ප්‍රදර්ශනයක්.
මෙන්න ඉතිරි මුදල්.
ඔබට මොනවාද අවශ්‍ය?
දෑවැදි ඉල්ලන්නේ නැති තත්වයට සිත වෙනස් කළ හැකි පොතක්.
ඔබට කියවන්නද? නැත්නම්...
නැහැ, මගේ විවාහය නැවැත්වූ කෙනෙකුට තෑගි දෙන්නට.
ඇයි, මුහුණ වහගෙන කතා කරන්නේ?
අපි දෙන්නාටම එකම දෙයක් වෙලා තියෙන්නේ.
ඔබට...?
ඔව්, දැන් අපේ දේපල අහිමි වෙමින් පවතින්නේ.
ඒ හේතුවෙන් විවාහයට ඇයගේ පාර්ශවය අකමැතියි.
එහෙත් ලජ්ජාවෙන් මගේ මුහුණ හංඟන්නේ නැහැ.
ඒ ඔබ පිරිමියෙක් නිසා.
එහෙත් ගැහැනු කෙනෙකුට එය ලැජ්ජාවට කාරණයක්.
නමුත් පසුබාන්න අවශ්‍යතාවයක් නැහැ.
දිනෙයක එය සාර්ථක වේවි.
සාර්ථක වෙන්න ඔහුට මුදල් අවශ්‍යයිනේ. ඔව්, මුදල්...
ඔයාට ගොඩක් මුදල් තියෙනවද? - එත්...?
ධෛර්යය සමඟ අධිෂ්ඨාන කරගන්න.
ඔබ ඉල්ලන පොත නම් නැහැ. ඔබට ගැළපෙන ඒවා නම් තියෙනවා.
ඒක හරියන වැඩක් නොවෙයි. මම දැන් මොකක්ද කරන්න ඕන?
ඔබ කැමති දෙයක් කරන්න පුළුවන්.
අද කාලේ පිරිමින්ට වඩා ගැහැනු කාර්යක්‍ෂමයි.
මේ පොත උත්සාහයෙන් ජයගැනීම පිළිබඳව කාන්තාවන් සඳහාම වූ පොතක්.
මේ පොත ඔබට හරියාවි.
එතැන් සිට පටන් ගන්න.
ඔබේ පෙම්වතා නැවත ඔබව අගය කරාවි.
ඒ ඇයි...? ඔහුට ඕනෑ තරම් තෝරාගන්න ගැහැනු ළමයි ඉන්නවානේ.
ඔබේ අදහස් ඔහුට ලියන්න.
ඔබ පිළිතුරු එවනවාද?
No comments yet. Be the first to leave one.