200 baris pertama.
~~~~~~~~ ~~~~~~~~~~~~~~~~~~ ~~~~~~~~ SUBTITLES BY - DUWINDU THARINDA PERERA ~~~~~~~~ ~~~~~~~~~~~~~~~~~~ ~~~~~~~~
ඉන්දියා...! ඉන්දියා...! ඉන්දියා...! ඉන්දියා...!
දැන් අපි අවසන්වූ ඉනිම් දෙක ගැන ඉක්මනින් විමසා බලමු.
මාලිංගට පෙරාතුව ෂෙවාග් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවනවා.
ඒ වගේම සචින් තෙන්දුල්කාර් තීරණාත්මක මොහොතක පන්දුව රැකගන්නවා...
මුත්තයියා මුරලිදරන්...
මැණික් දූපතේ මායාකරුවා මීළඟ පන්දු ප්‍රහාරයට සූදානමින්!
ගැරී, පොඩ්ඩක් සමවෙන්න. -කියන්න...
දැන් විකට් එකක් හැලුනොත් මං හිතන්නෙ මං යන්න ඕන.
ඒත් යුවී පෑඩ්ස් දාන් ලෑස්තිවෙලානෙ ඉන්නෙ, -නෑ, මුරලියි ඇවිත් ඉන්නෙ. මං හිතන්නෙ මමයි යන්නෝන.
ෂුවර්ද? -ඔව්. එයාට කියන්නකො... මං යන්නම්.
යන්න..යන්න..යන්න..යන්න!!
ඉක්මන් වියයුතුයි, දැවීයාමේ අවදානමක්!
ගම්භීර් නිරුපද්‍රිතයි!
අල්ලපා....න්!
මනරම් රැකගැනීමක්! කෝලිට ඉවත්වන්නට සිදුවනවා. ඉන්දියාව දැන් අන්තරාය අඩවියක...
කමෝන් දෝනී...!
දෝනි! දෝනි! දෝනි! දෝනි!
පාන් සිං දෝනි?
සුබපැතුම්, ඔයාට පුතෙක්!
ඝෝෂ් බාබු...
ඔයාට දුවෙක්, සුබපැතුම්!
බොහොම ස්තුතියි!
දඟයිනේ, ඔන්න ඔයාලට දුවේ..ක්! හෙහ් හෙහ් හෙහ්...
දෙන්නම හොඳින් දෝනි. අම්මයි... දුවයි...
ඒත්, ඩොක්ට සර්, නර්ස් කිව්වෙ පුතෙක්ය කියලා?
ඈ! පුතෙක් ලූ? -හා.
මිනිත්තුවක් දෙන්න.
අපේ මේ, පාන්සිං දෝනිට කවුද? -පුතෙක් ඩොක්ට.
එතකොට මේ ඝෝෂ්? -දුවෙක්.
ආ...
සර් හරි කිව්වා, පුතෙක් තමයි.
මිස්ට ඝෝෂ්, දූ පොඩ්ඩට සුබපැතුම්!
හරිනේ?
පුදුමයි...
මෙහෙම ගියොත් කාගෙ කාගෙ ළමයි මාරුවෙයිද මන්ද!
දෝනි ජී,
එයාලත් එක්ක වාද නොකර ඉන්ටකෝ. -හරි සර්,
එයාල කියන ඕන එහෙකට "ඔව්" ම කියන්න.
රයිට් සර්, -හැබැයි දේවල් මහත්තයා නම් ඒතරම් වරද්දගන්නෑ මේවා. රංජිවලත් සෙල්ලං කලේ,
එයාමනෙ බිහාර් ක්‍රිකට් සංසදේ උප සභාපතිත් උනේ...
තේරුණා නෙ කියාපුවා? -තේරුණා සර්.
ඔතනිං නවත්තන්නකො.
මේ ඒවී සෙට් එක කවුද කමිෂන් කලේ රෝයි? -සර්, සිංහා සර් ගත්තෙ.
එයාට කියන්න දෙයක් තියෙනවා කෝල් කරලා. පස්සෙ මතක් කරන්නකෝ, -හා සර්.
රාකේෂ්, දැන් අපි අනූව දසකෙ නෙ ඉන්නෙ. -ඔව්, සර්.
මේ සිතාර් ගහන පසුබිම් වාදනේ වෙනස් කරන්න.
හා...
ඊගාවට ග්‍රවුන්ඩ් එකේ පුටේජ් එක, මාස 3ක් ඇතුළත අලුතෙන් වීඩියෝ කරන්න.
ඒත් ස'.. පිට්ටනියෙ දර්ශනේ මොකක්ද තිබුණ ගැටලුව?
දැන් මේවටෙයි ඔහෙලා "පිට්ටනි" කියන්නෙ?
මේවයෙද ළමයින්ව ප්‍රාන්ත මට්ටම් තරඟවලට පුරුදු කරවන්න ඉන්නෙ?
තුන් මාසයක් ඇතුළත මේ ග්‍රවුන්ඩ් එක වීඩියෝ කෙරෙන්න ඕන.
අපි අතන විකට් එක තියනවා පිඩලි අල්ලලා.
මේ මුළු ඉස්ටේඩියම් එකම මං අලුතෙන් හදනවා.
සර්, දෙයක් අහන්නද අමනාප නැත්තන්...
අපේ බිහාර්වල ක්‍රීඩකයො ජාතික මට්ටමට නේන්නෙ ඇයි කියලනේ අහන්න යන්නෙ? -හා සර්.
අපි නං ඉතිං ක්‍රිකට්වලට වඩා කැමති දේසපාලනේට. දන්නවනෙ...
හම්බවෙමු එහෙනං. -හා හා...
බුධියා? -එහෙමයි සර්!
ඇයි තාම ග්‍රවුන්ඩෙකට වතුර නොදැම්මෙ?
සර් පොම්පාගාරෙ පාන්සිං දාන්න බැහැයි කියනවා.
බැහැයි කියනව කිව්වෙ? -වතුර නැහැල්ලු සර්.
අරං එංඩ මිනිහව. -එහෙමයි සර්..
මොකක්ද වෙන්නෙ... ආ? -අල්ලල දාංඩ සර්.
පාන්සිං, ඔයාට දේවාල් සර් අඬගැහුවා පිට්ටනියට..
...මක්වෙලාද ඒපාර?
මුන් එක්ක ටිකක් තදින් ඉන්න. -හරි සර්...
පේනවනෙ දැන් මෙතන තත්වෙ?
ආයුබෝවන් සර්! -ආයිබෝං...
වතුර දැම්මෙ නැද්ද තාම?
සර්.. දැන් නම් සප්ලයි දීල තියෙන්නෙ නිල නිවාස පැත්තට. ඉතිරිවුනොත් මං ගහන්නං මෙහෙට...
නිල නිවාස පැත්තට දැම්ම ගහන්න තමුන්ට ඇති හදිස්සිය මොකක්ද?
සර්, නිල නිවාසවලට වතුර මදිවුනොත් මටනෙ උත්තර බඳින්න වෙන්නෙ...
එතකොට පිට්ටනියට මොකද?
පවුල්වලට කන්න බොන්න ඕනනං ළමයින්ටත් සෙල්ලං කරන්න ඕනවෙනව නේ? -ඔව් සර්...
ළමයි මෙතනද සෙල්ලං කරන්න ඕන?
සර්... හරි සර්...
ඉතිං වතුර දානව මෙතෙන්ට.
සර් මම දැන්ම ගැහුවොත් හොඳ නැතිවෙයි සර්. පොඩි යෝජනාවක් කරන්නං.
මං රෑ එකොළහ පහුවෙලා එන්නම් වතුර දාන්න එතකොට ඔක්කොටම හොඳයි නේ.
එතකොට නිදාගන්නෙ කීයටද?
මං උදේ වැඩ මුරෙත් ඉන්න නිසා, රෑ නමයට විතර තමයි සර්.
ඉතිං රෑ 9ටත් නිදාගෙන 11ට එතැහැකියැ? -හා.. සර් වදවෙන්නෙපා. ගිහින් එන්නම්!
සෙල්ලං කරන්නෑ කිව්වෙ? බලන්න මිස් ශුක්ලා. මැච්චෙකට දවස් තුනයි..
ඔයා කියනව එයා එන්නෑ කියල. එයත් නැත්තං කවුද කඩුළු රකින්නෙ?
එයාගෙ තාත්තට යකා නැගලා. ළමයගෙ විභාගත් කට ළඟ.
එයා ක්‍රිකට් ගගහ කාලෙ කනවනං පාඩං කරන්නෙ කවද්ද?
ඒත් දෙයියනේ විභාගෙට තව මාස දෙකක්ම තියෙනවා.
ඒකමයි මං කියන්නෙ. මාස දෙකයි තියෙන්නෙ. ඔය රැකිලි වලින් ඒ ළමය මක් කරන්නද? හා!
ඇබින්දක් හරි ලකුණු එහෙමෙහෙ උනොත් තාත්තා ළමයව හමගහයි.
අහන්න. ඔයාගෙ පුතා ගොඩක් හොඳට සෙල්ලම් කරනවා. ඔයා එයාගෙ ජීවිතේ නාස්ති කරවනවා ලකුණු ටිකකට.
එයාට සෙල්ලම් කරන්න දෙන්න. ලොකු ගමනක් යයි. -කොච්චරක්ද? ඕනමනං රාංචිවලින් ජම්ෂද්පූර්වලට යයි.
බැහැ බැනර්ජි සර්, නිදහස් කරන්න එයයිව.
තාත්තට ඕන එයාව නීතීඥයෙක් කරන්න. කල්කටාවලට යවන්න.
මෙන්න මෙහෙ යං පින්ටු.
අනේ! මිසිස් ශුක්ලා...
මං කියන එක අහන්නකො..!
හාවා හඳ දැක්කා වගෙ ඉස්කෝලෙ එන එකාගෙ අනාගතේ හැඩගස්සන්න එනව මහලොකුවට.
ඒ චිට්ටු, ළඟට එන්න. -ඇයි සර්?
අර කවුද? -ගෝල් කීපර් ද? -හා.
ඒ මහී. මගෙ පංතියේ.
අහන්න, මං කිව්වයි කියන්නෙපා. අහන්න එයා ක්‍රිකට් ගහන්න ආසද කියලා.
මොකද කිව්වෙ?
එයා කියනව; "පිස්සුද? ඔය හිච්චං බෝලවලින් කවුරු සෙල්ලං කරන්නද?' කියල.
එන්න... එන්න...
එන්න... එන්න...
ජයන්තී, මහීට කියන්න හෝම්වර්ක් ටික කරන්න කියලා!
මහී, අර ඔයාගෙ ගෙදරවැඩ ටික කරන්න ගන්න! -ඉන්න, තව විනාඩි පහක්...
කෝ එන්න...
මහී තාත්තා ඇවිල්ලා!
මෙන්න.
මගෙ සයිකලේ දැකල නේ දෙන්නා පාඩමට ඉඳගත්තෙ? -ආයෙත් අහලා.
ඇයි දෙන්නා දෙන්නට කාලසටහනක් හදා නොගන්නෙ?
පාඩමට පැය දෙකයි, තව සෙල්ලමට පැය දෙකයි ගානෙ.
මහී නං දැනටම එකක් හදන් ඉන්නෙ. පැය 2ක් සෙල්ලං, ආයෙ පැය 2ක් සෙල්ලං.
ඔහෙ ගියාවේ, මං එව්වා බලාගන්නං.
අද රෑට යන්න තියෙනව මට.
ඒ මොකෝ, ඕටී ද? -නෑ, මේ පොඩි වැඩක්.
දවස් දෙකක් තිස්සෙම පේනව ඔයාගෙ අසනීප වගෙ ගතියක්.
අදට ඔහොම ඉන්න.
මම එහෙට කියලත් එක්ක ආවේ. මහලොකු වැඩක් නෑ.
අර පිට්ටනිය තදටම වේලිලා.
ඉක්මනට ගිහින් එන්න.
බුධියා, ලයිට් ඔන්කරලා වතුර මෝටරේ අරින්න... -හරේ!
ගුඩ් මෝනිං සර්! -ගුඩ් මෝනිං!
ඉතිහාසෙ හෝම්වර්ක් ටික හරිද?
ඒයි!
සර්, මමද? -ඔව්... එන්න...
මොකක්ද නම?
මහේන්ද්‍ර සිං ධෝනි. -හා.. හා...
පුතා හොඳ ගෝල්කීපර් කෙනෙක්. මං දැක්කා ඊයෙ සෙල්ලං කරනවා. කරන් යන්න!
ස්තුතියි සර්,
තව මොනවගේ ක්‍රීඩාවලටද කැමති?
බැඩ්මින්ටන්. මේස පන්දු...
කැමතිද ක්‍රිකට් ගහන්න? -නෑ සර්.
ක්‍රිකට්වලට කැමැත්තක් නෑ එහෙනං?
ඒ හැටි ම ත් නෑ...
බර බෝල එක්ක සෙල්ලම් කරන්න බය ද? -නෑ සර්.
අද ඉස්කෝලෙන් පස්සෙ විකට් කීපර් කෙනෙක් තෝරනවලු ග්‍රවුන්ඩ් එකේදි, ගිහිල්ල බලන්නකෝ.
හොඳයි සර්.
සමාවෙන්න සර්.
තද බෝල එක්ක සෙල්ලම් කරන්න මම බය නෑ. ස්තූතියි සර්!
අර.. අර ඉතිං, කිව්වම බෝලෙ අල්ලගන්නකෝ!
හා, අල්ලගන්න.. කැච් එක ගන්න.
හා, අල්ලන්න.. අල්ලන්න.. හලාගන්නෙපා.
ඔය..!
ඔයාට නං මොනවත් කරන්න බෑ. ඔයාගෙ ඉගෙනීමටත් බිංදුවයි, ක්‍රීඩාවටත් බිංදුවයි.
හරි, දිගටම බලමු තව අල්ලන්න... යන්න.
මොකක්ද ප්‍රශ්නෙ? ඔයාට බෝලෙ පේන්නැද්ද?
රතු බෝලයක් එන්නෙ රතු බෝලයක්! ඒක පේන්නැද්ද?
අනේ ඔහෙට කිසි දෙයක් හරියට කරගන්න බෑ.. කිසිම දෙයක්!
සුබ සන්ධ්‍යාවක් සර් -හෙප්!.. සන්ධ්‍යාවක්.
ඒ සබීර්, මෙයාට දෙන්න ඔය ග්ලවුස් දෙකක්. යන්න, ග්ලවුස් දාගන්න. ආ, ඔයා මෙහෙ එනව...
හරි, යන්න.. යන්න යන්න අර සලකුණ ගාවට.
ලෑස්තිද? -හා, සර්.
හා, දාන්න...
අපි ක්‍රිකට්වලදි බෝලෙට අතින් ගහන්නෑ. බෝලෙ අල්ලනවා විතරයි, තේරුණාද? -තේරුණා සර්.
හරි, රෙඩි.
හොඳයි, දාන්න. ඊළඟ එක.
ඔයා බෝලයක්ද නැත්තන් මාළුවෙක්ද අල්ලන්නෙ?
අල්ලන්න.. හා, අවුලක් නෑ...
හා.. අවදානෙන්... ආ..න්න!
ඕන්න, දැක්කනේ.. අන්තිම බෝලෙ වෙනකන් දිගටම බලන් ඉන්න ඕන.. ආං එහෙම!
වෙරි ගුඩ්!
ඔය හරි... හරි!
නියමයි.. නියමයි!
වෙරි ගුඩ්!
අන්න හරි! ආන්න හරි!
ඉතාම හොඳයි!
හරි, කෝ එන්නකෝ.
ඒ.. ඇති!
ඉස්කෝලෙ ටීම් එකට කඩුළු රකින්න එනවද?
සර්, ක්‍රිකට්වල නම් මං කැමතිම බැට් කරන්න.
මුලින්ම විකට් කීපින් හදාගමු.
ඒත් ස... -මං කිව්වෙ විකට් කීපින්.
ඔයා ඉස්කෝලෙන් පස්සෙ හැමදාම පැය දෙකක් පුහුණුවෙන්න ඕන. තේරුණාද?
සර්, මට ග්ලවුස් දෙක තියාගත්ත හැකිද? -ආ?
තියාගන්න. සබීර්, මෙයාට ඇතුළට දාගන්න ඒවයිනුත් දෙන්න.
පරිස්සමට තියාගන්න.
හරි සර්. -ඕවා ඉස්කෝලෙ දේපල. ඔයා විසේස කෙනෙක් හැටියට හිතලයි මේ දෙන්නෙ.
අක්කේ!
අක්කේ! -කියන්න.
මේ බලන්න...
මේව මොනවද?
විකට් රකින අත් ආවරණ. මාව ඉස්කෝලෙ ක්‍රිකට් ටීම් එකට තේරුණා.
සෙල්ලම් විතරක් කළොත් ජීවිතේ විනාසයි. පාඩම් විතරක් කළොත් ඔයා ගොඩයයි.
අක්කා, පාඩම් විතරක් කළාම මගෙ ජීවිතේ විනාසයි. සෙල්ලම් ම කළාම තමයි මං ගොඩයන්නේ!
මහී, ඉන්න!
ඒ..හ් මහී!
අම්මා, මහීට මොනවද කියන්න තියෙනවලු.
කියන්න අම්මට.
මොකක්ද මහී?
අම්මෙ, මාව පාසල් ක්‍රිකට් කණ්ඩායමට තේරුණා.
ඉතිං?
ඉතිං මට හැමදාම ඉස්කෝලෙන් පස්සෙ පැය 2ක් පුහුණු වීම් තියෙනවා. -එතකොට පාඩං වැඩ?
ඒව ගෙදර ආවහම කරන්නං, ඇත්තමයි. අම්මා තාත්තටත් කියල බලන්නකො. ප්ලීස්.
එතකොට පාඩං වැඩ? -ගෙදර ආහම කරන්නං කිව්වෙ.
කරන්නං කියන්නෙ? -එයාම බලාගන්නං ලු.
කොල්ලත් එක පයින් වැඩේට.
No comments yet. Be the first to leave one.