200 baris pertama.
යටිමාලය
මේ ඔක්කොම අපේ ඒවා ද?
ඔව්, මේ අපේ බඩු.
දොර ඇරලම තියන්න. තව ගන්න තියෙනවා එළියෙන්.
මේව හැම වෙලේම ඇතොත් හෙමින් යන්නෙ. -හැම වෙලේම...
වාව්... -එච්චරයි? වාව්?
මං කිව්වෙ, මෙහෙට දුර විනාඩි 20ක් විතරයි. -හා අම්මෙ, කාර් එකෙන්.
කොහොමත් අම්මා පිට කෙනෙක් විස්තර කරන විදිහට දෙයක් දිහා බලනවයැ,
හත් වලාමයි!
හා, අමුතුම ලස්සනක් තමයි!
අනේ විකාර! මෙතන වස කැතයි.
මෝඩයා...
අම්මා!
ආයෙත් දූවිල්ල.
මං බලන්නංකො වැකූම් එකක්.
ස්ටීව්, එන්නකො ඔයාගෙ කාමරේ බලන්න.
සෙල්ලම් කාමරයක්, නියමයි! -හ්ම්-හ්ම්...
මගෙ ගේම් සෙට් එකත් හදලා. -ඔයාටමයි තිබ්බෙ.
මං දන්නෑ ඇයි අපි මේ බහුබූත චිත්‍රයි පරණ ලට්ට ලොට්ටයි තියාගන්නෙ කියල. -ඉතිං, ඕවා මෙහෙ ම තිබුණ දේවල්.
බොහෝ විට මේවයෙන් වැඩි හරියක් අයින් වෙයි.
එන්නකො, මෙහෙ හොඳට යයි.
ස්ටීවි, ඔයත් එන්න, -මේ එනවා...
මෙන්න! අපේ දේවල්!
යේ... අපේ දේවල්...
හිතුවෙ ඔයා සතුටුවෙයි කියලා.
අම්මා මං ගැන මොනවද දන්නෙ,
එලී, ඔයා මේ කාමරේට කැමතිවෙයි.
එන්නකො,
එන්න, යං.
දන්නවද, පොඩි කාලෙ මං හරිම ආසාවෙන් හිටියෙ මෙහෙම තැනක ඉන්න.
අතන මොනවද?
ඒ පහළ තට්ටුව.
ඇයි ඉතිං එතනත් බලන්නැත්තෙ?
අප්පිරියාවයි!
මම නං ඕක ගණන් ගන්නෙ මෙතනටම ආවේණික ගතියක් හැටියට. -හා...
මෙතන ඇති දෙයක් නෑ.
මාව එළියට ගන්න!
මේකෙ අගුලට මොකක්හරි වෙලා.
ඉක්මනට, මේක විහිළුවක් නෙමෙයි... -ඔහොම ඉන්න එලී.
තාත්තේ, ඉක්මනට!
අම්මේ? අම්මේ, තාත්තේ, මාව එළියට ගන්න!
හරි, ඉවසන්න. සංසුන් වෙන්න හරිද,
දොර අරින්න!
බ්‍රයන්, අතන යතුරක් තියෙනවා. අර තියෙන්නෙ, අන්න යතුර.
ඉක්මනට!... අම්මා? -අපිට යතුර හම්බවුණා.
විනාඩියක් දෙන්න. -දොර අරින්න!
ඔහොමම ඉන්න. -අයියෝ, ඉක්මනට!
අම්මා!
මාව එළියට ගන්න!
එළියට ගන්න මාව!
මට මේ ඇති. -එලී?
මම තවත් මේ ගෙදර ඉන්නෙ නෑ! -ඒකනං අමුතුයි.
ඔයා හොඳින්ද?
මම එන්නද?
අහන්න, ඔයාගෙන් මට දෙයක් අහගන්න ඕන.
මේක දැක්කම... ඔයාට මොකද හිතෙන්නෙ?
මොකක්වත් නෙමෙයි.
ඒත් මෙයාලා විනෝදවෙනවා වගේ පේනවද?
මට මෙයාලව පේන්නෙ මොළ හෝදපු බැටළුවො වගෙ.
මොනවද අම්මා, අම්මගෙ මේ වැඩවලට නැද්ද අර මොකක්ද "focus group" එකක්? -මට ඕනවුණේ ඔයාගෙ අදහස.
මං ආස නැහැ අම්මගෙ ජොබ් එකට. -හරි.
අහන්න, අද රෑ ඔයා ස්ටීවන්ව බලාගන්න ඕන.
අපිට ඔෆිස් එකට යන්න වෙනවා, ඒත් මං පොරොන්දු වෙනවා පරක්කු වෙන්නෑ කියල.
ඒ කියන්නෙ පළවෙනි රැයින්ම අපිව මෙහෙ දාල යනව?
අනේ එලී. මේක ලොකු වැඩක්...
මේක ගොඩක් වැදගත්, හොඳද?
හරි.
ස්තුතියි...
ඇයි අම්මෙ අපිට මෙහෙටම එන්න වුණේ?
මේක මං ඔයාලාටයි කරන්නෙ දුවේ, ඔයාලට හොඳට ජීවත්වෙන්නයි...
නෑ... එහෙම නෑ! අම්මා ඕව කරගන්නෙ අම්මටමයි.
කෝ ඔයාගෙ අම්මයි තාත්තයි? -වැඩට ගිහිල්ලා.
බොරු කියන්නෙපා, අලුත් ගෙදරට ආපු ගමන්ම?
ඔව්. හෙට හෙන වැදගත් වැඩක්ලු. අපිට යහතින් ඉන්නනං එයාල ඒකට යන්නම ඕනලු.
මට හිතෙනව එයාල කම්මුතු වෙලා අපිට ගෙදර විකුණන්න වෙනවනං කියල.
හිතන්නෙපා එලී, එච්චර බරපතල දෙයක් නැතුව ඇති.
අනේ මන්දා.
මට පාළුයි හැමෝම නැතුව.
ඔයාවත් මතක්වුණා.
ඉතිං ඇයි පොඩ්ඩක් ඇවිදින්න එන්න බැරි?
මට එන්නත් පුළුවන් තමයි.
හා, ඉතිං ඇයි එන්නැත්තෙ? -මට විනාඩියක් දෙන්න.
ඔයා හොඳින්ද? -හා, මුකුත් නෑ.
ප්‍රශ්නයක් නෑ නේ? ...එලී! -තමුසෙව මරනවා!
එලී?
මේ ඉන්නෙ සොෆී.
වයස අවුරුදු 19යි. ව්ලොගර් කෙනෙක්, සමාජ ක්‍රියාකාරිකාවක්.
හරිම... පොහොසත් ජීවිතයක් ගත කරන්නෙ.
ඒත් එහෙම නෑ.
මෙයා නිළියක්, අපි හිතුවෙ මෙයාව ඇත්ත ව්ලොගර් කෙනෙක් හැටියට පෙන්නන්න.
අපේ වීඩියෝ නග්ගල ගන්න අපි සෝෂල් මීඩියාවල දාන මුල් දැන්වීම් ටිකක් තියෙනව මෙන්න මෙහෙම.
ඔයා එයාගෙ බ්‍රේස්ලට් එකේ පාට වෙනස් කළාද?
අහ්.., අපි හිතුවෙ ඒක ටිකක් සැර වැඩි...
ඒක තිබුණු විදිහටම හදන්න.
මම ගන්නද...
මං බලන්නං.
එලී, මොකද වෙන්නෙ?
අම්මෙ, ස්ටීවන් මෙහෙ පිස්සු කෙළිනවා.
එයා ඇඳට යන්නෑ.
එයාට ෆෝන් එක දෙන්න.
හෙලෝ? -ස්ටීවන්, මම කිව්වා නේ, දඟ කරන්න එපා.
නැත්තන් සතියකට ගේමින් තහනම්. -හරි හරි.
ඉතිං අපි ඉලක්ක කරන්නෙ කාවද කියල පැහැදිලියි නේ,
අවුරුදු 16ත් 19ත් අතර පිරිස්. -මට මොනවද මග ඇරුණේ?
මේක කොහෙන්ද ඔයාට?
මේක මට අතනින් හම්බවුණේ.
මේ මොන...?
මේ ගෙදර මට තිත්ත වෙලා තියෙන්නෙ.
මගෙ පංතියෙ මෝගන් කිව්වා මේ ගෙදර, රාක්ෂයෙක් එක්ක ගිවිසුමක් කරපු මායාකාරියකගෙ කියලා.
ඇයි? ඒක ඇත්තක්!
අර මොකක්ද?
ඩෙල්ටා... පිහිටුම් දෛශිකය... ඓක්‍ය...
එප්සිලෝන්...
පළමුවන කොටස සමානයි... එකයි N... dY බෙදීම dX...
1...
2...
3...
4...
5...
6...
ඔය ඇති.
යන්න ඇඳට.
නයෝමි,
නයෝමි...
හෙලෝ?
හෙලෝ...
නයෝමි?
මේ කියන කාණ්ඩය, තරුණ ගැහැනු ළමයි, වඩා හොඳට පිළිතුරු දෙනවා...
සංකල්පමය අලෙවියට සහ තරඟකාරීත්වයට,
ඉතිං අපිට පුළුවන්ද සතිපතා ලැයිස්තුවක් හදලා ව්ලොගර්ලාව වැඩිම ලයික් ගාණකට තරඟ කරවන්න?
කවුද ලස්සනම? කොල්ලා කැමති කාටද?
"Natural Selection" (ස්වභාවිකවරණය) -කැලෑවේ නීතිය...
නෑ, අපි මේ තරඟයට නම තියමු... Natural Selection කියලා.
එළකිරි.
ඕ...හ්... එලී!
අම්මෙ, මෙහෙ ඔක්කොම ලයිට් නිවිල ගියා.
ප්ලග් සොකට්සුත් වැඩ නැද්ද?
ඔව්, මං හිතන්නෙ. -හරි, දැන් අපි බලන්න ඕන අපිට...
කරන්ට් කපලද, නැත්තන් ෆියුස් එකක් ගිහින්ද කියල, ඉතින්...
...ඔයා දැන්ම පහළට ගිහින් බලන්න ඕන අපේ බ්‍රේකරේ, (ශේෂ ධාරා පරිපථ බිඳිනය)
ට්‍රිප් ස්විච් මොනවහරි වැටිලද බලන්න.
ඔය යට තට්ටුවට නං යන්නෑ මං.
විහිළුවක් නෙමෙයි, මං දැන්ම මෙහෙන් යනව.
එලී අහන්න, ස්ටීවන් වෙනුවෙන්වත් මේ පොඩි වැඩේ කරන්න බැරිද, ඒ බැරිනම් මම වෙනුවෙන්?
හදිස්සියෙ හරි එයා කළුවරේ ඇහැරිලා ගෙදර කවුරුවත් නැති වුනොත්?
හරි.
අහන්න, මං ලයින් එකේ ඉන්නවා.
අම්මා...
අම්මා ඉන්නව නේද?
මම ඉන්නවා. ලයින් එකේ...
ඔයා හොඳින් නේද?
මට මොකුත් පේන්නෑ අම්මේ. තේරෙන්නෑ මේක මට පුළුවන්ද කියල,
මම දන්නවා ඔයාට ඕක පුළුවන්.
අනේ අම්මෙ, මට බයයි. සොරි, මට බෑ.
එලී, අහන්න, දන්නවද මම බයවුණාම හිත නිදහස් කරගන්න විදිහ?
මම ගණන් කරනවා. -ඒකනං හරියන්නෑ...
නෑ, අහන්නකො, ඔතන පහළට පඩි දහයක් තියෙනවා.
අම්මා ඒවත් ගැන්නා ද?
ඔයා පොඩ්ඩක්... එක පාරකටවත් මාව විශ්වාස කරනවද?
මං බලන්නං...
හරි... දැන්...
ඔයා පඩියෙන් පඩිය ගණින්න ඕන, ඔයාට පුළුවන්ද?
පුළුවන්. -හරි, හොඳට ඇහුම්කන් දෙන්න, හරි...
වෙන මොකුත් එපා, පඩි ගණින එකට අවධානය දෙන්න.
1...
හොඳයි... ඊළඟ පඩිය?
2...
හරි, ඔහොම යන්න.
3...
ඔය හොඳයි.
හොඳට කළා. හරිද... හතර?
හතර...
4...
හරි හරි... අවුලක් නෑ. හොඳට හුස්ම ගන්න...
අවධානය දෙන්න...
5...
ඔයා බාගයක් දුර ඇවිත්.
6...
තව හතරයි...
හරි.... දැ... දැන් හැරිලා යන්නෙපා එලී... ඔයා ලස්සනට වැඩේ කරනවා...
දිගටම ගණින්න.
7...
8...
නියමයි.
9...
තව එකයි...
10...
හරි, ඔයා පහළ නේ ඉන්නෙ. ඉස්සරහින් කණුවක් පේනවද ඔයාට?
11...
12...
13...
14...
15...
16...
17...
18...
19...
20...
21...
22...
No comments yet. Be the first to leave one.