Maklumat siaran

You Tube - Video Running Time 03 02 28
You Tube search name - Mera Naam Joker 1970 Full Movie In HD | Raj Kapoor, Rishi Kapoor, Manoj Kumar | Mera Naam Joker Flim
Ulasan oleh wntg
You Tube search name - Mera Naam Joker 1970 Full Movie In HD | Raj Kapoor, Rishi Kapoor, Manoj Kumar | Mera Naam Joker Flim

Tag

HD
Diterbitkan pada: 2021-12-05
Muat Turun: 33
Masalah Pendengaran: No

Pratonton sari kata Sinhala

200 baris pertama.

You Tube - Video Running Time 03:02:28

You Tube search name - Mera Naam Joker 1970 Full Movie In HD | Raj Kapoor, Rishi Kapoor, Manoj Kumar | Mera Naam Joker Flim

රඟපෑම් :- රාජ් කපූර් (රාජු) රිෂි කපූර් (රාජුගේ කුඩා අවධිය) රාජේන්ද්‍ර කුමාර් (කුමාර්) සිමී ගරේවාල් (මේරි)

''මහා සිනමාවේදී රාජ් කපූර්ගේ නිර්මාණයකි"

සිංහල උප සිරැසි සැකසුම :- විතානගේ ප්‍රියන්ත දයාකීර්ති.

ඔබට මා අමතක වී තිබෙන්නට පුළුවන. එහෙත් මට ඔබව අමතක නැත.

ලබන සඳුදා මගේ ජීවිතයේ අවසන් සර්කස් සංදර්ශනය පවත්වනවා.

ඩේවිඩ් සමඟ නොවරදවා එන්න.

මම ගොඩක් ආසාවෙන් කරන සංදර්ශනයක් මේක.

මගේ නම ''කවටයා''

ඔයාට කුඩා හින්දුස්තානි මනුෂ්‍යයා මතක ද?

ඔබ, මගේ සංදර්ශන ගැන හොඳින්ම දන්නවා.

මගේ අවසන් සංදර්ශනයත් නරඹමු.

මම, මේ සමඟ ටිකට් එවලා ඇති.

ඔබ කාලයක් මාගේ හොඳම හිතවතිය ද වූවා.

මගේ ජීවිතයේ අවසන් සර්කස් සංදර්ශනයට ඔබට එන්න පුළුවන් ද?

මම, මිස්ට කුමාර්ටත් කිව්වා, ඔයත් එන්න.

සංදර්ශන භූමි ඉතිහාසය තුළ, මෙය අමතක නොවන දර්ශනයක් වේවි.

ඒ මන්ද, වසර ගණනකට පසුව...

...ඔබගේ ප්‍රියතම කවටයා වූ රාජු අද ඔබ හමුවට පැමිණීමයි.

ඔබ මිනිසෙක් ද? නැතිනම් හදවතක් පමණක් ද?

සෑම මිනිසෙකුට හදවතක් තිබෙනවා. සෑම හදවතකම මිනිසෙක් සිටිනවා.

ඔබට ශල්‍යකර්මයකට මුහුණ දෙන්න සිදුවෙනවා.

ඒ ඇයි, ඩොක්ටර්? - ඔයාට දරුණු රෝගී තත්ත්වයක් තියෙනවා.

ඔයාගේ හදවත විශාල වැඩියි.

ඇයි ඉතිං, දුප්පත් මගේ හදවත ඉවත් කරන්න හදන්නේ?

ඔයාගේ තරම් විශාල හදවතක් ලෝකයේ වෙන කාටවත් නැතිව ඇති.

මෙපමණ ලොකු හදවතක්?

මෙපමණ ලොකු හදවතක්?

මෙය තව තවත් විශාල වෙනවනේ.

කවුරු හරි මගේ හදවත දැක්ක ද?

ආ...මෙන්න.

ඩොක්ට සහබ්, මගේ හදවත මෙපමණ ලොකුවීම භයානක ද?

ඔව්, ඇත්තෙන්ම. ඔබට ප්‍රවේසම් වෙන්න වේවි.

එය විශාල වී ලෝකයම ගිල දමාවි.

ඒ කියන්නේ මගේ හදවතින් ලෝකයම වසඟ කළ හැකි වෙන්නත් පුළුවන්.

මිස්ට මහේන්ද්‍ර ඔහුව නවත්වන්න.

ඔහුට ඔරොත්තු නොදෙන සර්කස්වලට යන්න දෙන්න එපා.

එක සංදර්ශනයක් වෙනුවෙන් ඔහුගේ ජීවිතය අවදානමේ දාන්න හොඳ නැහැ.

ශේර් සිං, රාජු සාමන්‍ය කෙනෙක් නොවේ. ඔහු විකට රංගන ශිල්පියෙක්.

ඔහු මෙහිම ජීවිතය ගෙවලා, මෙහෙදීම මැරිලා යන කෙනෙක්.

ඔව්...ඔහු මෙහිම ජීවිතය ගෙවලා, මෙහෙදීම මැරිලා යන කෙනෙක්.

අද අපේ අලුත් ගුරුවරිය එන දවස නේද?

ඒත් වීජ ගණිතය හා ජ්‍යාමිතියට එන කවුරුත් එකයි.

ඒත් ඇගේ පෙනුම කොහොම වේවි ද?

වයසක, ඒත් උඩඟු කෙනෙක් වේවි.

එයා නිතරම කියාවි, ළමයිනේ පාඩමට සවන් දෙන්න කියලා.

"අපේ අලුත් ගුරුවරිය"

ඒ වගේ කෙනෙකුට ද ඔයාල කැමති? - නැහැ, මැඩම්.

හරි, වාඩිවෙන්න.

ඒ මොකද?

එයාගේ හැටි ඔහොම තමා.

ළමයි, අද අපට සතුටු දිනයක් වේවි.

අපි සෑම විටෙකම සතුටින් සිටිය යුතුයි.

එහෙත් තව කෙනෙක්ව විහිළුවට ගන්න හොඳ නැහැ.

ඔබේ හරිදේ ද කරන්නේ කියලත් හිතන්න.

ඇයි රාජු, ව්‍යායාම කරන්නේ නැද් ද?

මැඩම්, ඒක අමාරු ව්‍යායාමයක්.

නැහැ, එය අමාරු දෙයක් නොවෙයි.

ඔන්න බලන්න!

සමාවෙන්න මැඩම්, මගේ කලිසම ඉරුණා.

එන්න මාත් එක්ක.

වාටියේ මැහුම ගැලවිලා.

ඔයාගේ ඇඳුම් මහන්නේ කවු ද?

අම්මා.

ඇයට මැහුම් හොඳට පුළුවන් ද?

අපි දුප්පත්, ඒ නිසා අම්මා මගේ පාසැල් ඇඳුම් පුළුවන් විධියට මහලා දෙනවා.

එහෙම කියන්න එපා.

ඔයා දක්ෂ, හොඳ ගතිගුණ තියෙන දරුවෙක්.

ඒ නිසා ඔබ දුප්පතෙක් කියලා කාටවත් කියන්න බැහැ.

අම්මගේ නම මොකක් ද? - අම්මා...

තාත්තා කොහෙද වැඩ කරන්නේ?

ඔහු මියහිහින්.

ඔහු කොහෙ ද රැකියාව කළේ? - මට මතක නැහැ.

මම අම්ම ගෙන් ඇහුවත් ඇය ඒ ගැන කිව්වෙ නැහැ.

ඇය කිව්වේ නැහැ? - නැහැ.

ඇය, එය කිව්වේ නැත්තේ ඇයි?

මේක ඇඳලා බලන්න.

මම ඔයාට කමිසයක් මැහුවා. - මට එපා.

ඒ ඇයි?

මගේ තාත්තා කරපු රැකියාව මොකක් ද?

පුතා, ඇඟ සෝදාගෙන ඇවිත් කෑම කාල ඉන්නකෝ.

එපා...තාත්තා කරපු රැකියාව මොකක් ද?

ඔබ කියන්නේ තාත්තා මියගිය බව පමණයි.

මට එය දැනගන්න ඕන.

මෙන්න...

එහෙනම් මගේ තාත්තා මිනිසුන් පිනවූ විකට රංගන ශිල්පියෙක්...?

ඔව්, ජනතාවගෙන් ඔහුට ලොකු පිළිගැනීමක් තිබුණා.

ඔහු නිතරම සංදර්ශන පවත්වා මිනිසුන් සතුටු කළා.

ඔහු සර්කස්, විකට රඟපෑම් සහ ගීත ගායනයේ අති දක්ෂයෙක්.

මම කියනදේ ඔහු ඇහුවේ නැහැ.

ඔහුගේ ජීවිතය වුණේ සර්කස් කුඩාරම, එතන දී ම තමයි ඔහු මිය ගියෙත්.

ඔහු සංදර්ශනයක දී වැටී මියයන තෙක්ම...

...තම සේවය හොඳින් ඉටු කළා.

ඔහු අවසන් හුස්ම හෙලුවෙත් ප්‍රේක්ෂකයන් අතර.

අම්මේ...මමත් ජෝකර් කෙනෙක් වෙනවා.

මමත් ජනතාව සතුටු කරන්න කැමතියි.

මොකක් ද ඔබ ඒ කිව්වේ? විකටයෙක් වෙන්න?

ඔබේ තාත්තත් ලෝකයාට සතුට ලබා දුන්නත්, මට උරුම වුණේ දුක පමණයි.

ඔබත් එයම ද මේ කරන්න හදන්නේ?

ඔබව හොඳ පාසැලකට යවා උගන්වන්න මම ගොඩක් දුක් වින්දා.

ඒ ඔබව කවටයෙක් කරන්න නොවෙයි.

මම බලාපොරොත්තුව ඉන්නේ...

...ඉගෙනගෙන ඔබ වැදගත් රැකියාවකට යොමු කරන්න.

ගෞරවනීය චරිතයක් කරන්න.

සුව පහසු ජීවිතයක් ලබා දෙන්න.

ඔබ, මෙහි...?

ඔබේ යාඥාව අවසන් වනතුරු මමත් යාඥා කළා.

ක්‍රිස්තුස් වහන්සේ නිතරම දුකෙන් වගේ පිළිරූවල සිටින්නේ ඇයි?

උන් වහන්සේගේ සිනහවක් මම දැකල ම නැහැ.

හරි, මම කියන්නම්.

උන් වහන්සේ දුකෙන් වගේ සිටින්නේ...

...ලෝකයේ එතුමාගේ දරුවන් බොහොමයක් දුක් විඳින නිසා.

මගේ දුකත් එතුමාට දැනෙනවා ඇති නේද?

ඇත්තෙන්ම... එතුමා අප සැමට ආදරය කරනවා, පිහිට වෙනවා.

ඔව්, එහෙනම් මමත් දුක් නොවී සතුටින් ඉන්නවා.

අපේ නිවාඩු කඳවුරේ දී විනෝද වෙන්න සංගීත භාණ්ඩ අවශ්‍ය වෙනවා.

ඔයාලට වයන්න පුළුවන් සංගීත භාණ්ඩ කියන්න.

ඒ ඔබ ද?

එන්න...

එය නැවත වයන්න. - ඒත්...

එම වාදනයම නැවත කරන්න බලන්න.

සිංහල උප සිරැසි සැකසුම :- විතානගේ ප්‍රියන්ත දයාකීර්ති.

ඔහු බහින්නේ නැති නිසා, වතුරට ඇදල දාමු.

එපා...

ඔහුව වතුරට දාමු.

මට හෙම්බිරිස්සාව හැදිලා ඉන්නේ.

වතුරේ බැස්සොත් නියුමෝනියාව හැදේවි.

එපා...එපා...

මොකද මේ...?

කවුරු හරි දියේ ගිලුන ද?

නැහැ මිස්, මෙයා වතුරට බහින්නේ නැහැ.

අකමැති කෙනෙකුට බල කරන්න එපා.

ඔයාල...

ඔයාලා උගත් අය, ඒ වගේ ම පුංචි ළමයින් නොවෙයි.

දැන් කට්ටියම ගොඩට ඇවිත් ඇඳුම් මාරු කරගන්න.

ඉක්මණින් ඇඳුම් ඇඳගන්න.

මා කළේ පාපයක්.

ඔබ වහන්සේගෙන් එයට සමාව ඇය ද සිටිනවා.

මම දිවුරා කියා සිටිනවා. නැවත එසේ නොකරන බවට.

මට සමාවෙන්න...

ඔබ මෙහි...? ඇයි හොස්ටල් එකට යන්නේ නැද්ද?

මා විසින් කළ පාපයක් දෙවියන් ඉදිරියේ පාපොච්චාරණය කළා.

පාපයක්...? - ඔව්...

ළමයින් පව් කරන්නේ නැහැ.

මම දැන් ළමයෙක් නොවෙයි.

ඔයාලගේ වාර විභාගය අවසන් වුණාම නිවාඩුව පටන් ගන්නවා.

ඔයාලා නිවාඩු කාලය එනතෙක් බලාගෙනනේ ඉන්නේ.

මම දන්නවා, ඔයාලා දින එකින් එක ගණන් කරමින් ඉන්නේ.

නිවාඩු භුක්ති විඳින්න, නමුත් ඔයාලගේ අධ්‍යන කටයුතු අමතක කරන්න එපා.

අවශ්‍ය පොත් අරන් ගිහින් ගෙදර වැඩ නිමකරලා ගේන්න.

ඔබ කොහේවත් ගිහින් නැතිව ඇති නේද?

රාජු, ඔබ නිවසට ගිහින් ආපසු ආවාද?

අපේ මැදිරිය මොකක් ද මැඩම්?

ඔව්, ඔබට කතා කරලා යන්න ආවේ. - ගොඩක් ස්තුතියි, රාජු.

මොකක් ද ඔය හංඟගෙන ඉන්නේ?

මේ මොකක් ද?

මේ කවටයෙක්, ජෝකර් කෙනෙක්. ඒ මම කියලා හිතාගන්න.

එයාව සුරක්ෂිතව තියාගන්න.

ඔහු හරිම ලස්සනයි, හරියට ඔයා වගේ.

ඒක මා වෙනුවෙන් ද? - ඔව්.

නිවාඩු කාලේ කොහොම ද?

ඒක ගොඩක් දීර්ඝයි වගේ මට දැනුනේ.

ගොඩක් දීර්ඝයි...?

අනෙක් අය කිව්වේ නිවාඩු කාලය මදි කියලා.

ඔවුන්ගේ කැමැත්ත නම් මම දන්නේ නැහැ.

ඒ කියන්නේ...?

ඔබ නොමැතිව පාසැලම පාලුවට ගිහිල්ලා.

ඩේවිඩ්, මේ ඉන්නේ රාජු, ඔහු මගේ හොඳම ශිෂ්‍යයෙක්.

රාජු, මේ ඉන්නේ ඩේවිඩ්.

මගේ නම ජෝකර්.

රාජු, ඔබ...?

මේරි, ඔයාගේ ශිෂ්‍යයෙක් ඇවිත්.

මේ මහා වැස්සේ ඔබ ආවේ...?

මැඩම්ට,මේ පොත් ටික දෙන්න ආවේ.

මේ පුස්තකාලයේ ඒවා.

මැඩම්, මම එහෙනම් යන්නම්.

ඔබට සීතල ඇති, ඉන්න මම තේ එකක් ගේන්නම්.

ඕන නැහැ, මැඩම්.

මම ඉක්මණින් යන්න ඕන.

ඔහු හොඳ දරුවෙක්, මහා වැස්සේ ම ආවා.

පංති ඉවර ද? - ඔව්, සර්.

''ආදරණීය මැඩම්''

ඔබ කවුරු හරි එනතුරු ද සිටියේ? - නැහැ.

නැහැ, මොකුත් නැහැ.

ඩේවිඩ්, මම ටිකක් ප්‍රමාදයි නේද?

ඔබ තවම ගියේ නැද්ද රාජු?

හොඳයි, මම යනවා මැඩම්.

අහිංසක රාජු...

එහෙමත් නැහැ, ඔහු හරිම දඟකාරයි.

ඒ ඔහුගේ හැටි.

ඔහු තමා පන්තියේ වගේම...

...පාසැලේ සුරතලා.

ඔයාලා එසේ සිතුවත්...

ඔහු වැඩි සැලකිල්ලක් ඔබට දක්වනවා.

ඔහු, ඔබට ආදරය කරනවා.

ඔහු මගේ ශිෂ්‍යයෙක්.

එය ශිෂ්‍යයෙක්ගේ ගුරු භක්තිය නොවෙයි. යොවුන් ආදරයක්.

යොවුන් ආදරයක්...?

ඔබ එහෙම කියන්නේ කොහොම ද?

My Name Is Joker (Mera Naam Joker) subtitles in other languages

Komen

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left