Maklumat siaran

You Tube search name - Full HD Movie The Great Gambler
Ulasan oleh wntg

Tag

HD
Diterbitkan pada: 2022-03-13
Muat Turun: 34
Masalah Pendengaran: No

Pratonton sari kata Sinhala

200 baris pertama.

You Tube - Video Running Time 02:42:35

You Tube search name - Full HD Movie The Great Gambler

සිංහල උප සිරැසි සැකසුම :- විතානගේ ප්‍රියන්ත දයාකීර්ති.

තාත්තේ, මට ආශීර්වාද කරන්න අදත් සූදුවෙන් දිනන්න ලැබේවා කියලා.

ඔබ නම් හරි අපුරුයි අයියේ. ඔබ තාත්තාගෙන් ආශීර්වාද ලබාගන්නේ...

- ...සූදුවෙන් ජය ලබාගන්නද? - මට බාධා කරන්න එපා, මධු.

මේක මගේ රැකියාව. ඉතින් මම තාත්තාගෙන් ආශිර්වාද ලබාගන්නවා...

...රැකියාවට පිටත් වෙන්න කලින්.

- ඉක්මනින් ගෙදර එන්න. - හරි, මම එන්නම්.

- රුපියල් පහයි. - මම දැම්ම.

- තවත් පහක්. - හරි.

- තවත් පහක්. - හරි.

හරියට තෝරා ගන්න, මමයි දිනන්නේ.

එහෙමද? බලමු කවුද දිනන්නේ කියලා.

මෙන්න තවත් රුපියල් 20 ක්.

- මොකක්ද මේ? - අත ගන්න. නැතිනම්...

ඔබේ තාත්තාව මතක් කර ගන්න ඕනද?

මේකට මගේ තාත්තාව ගාව ගන්න තරම් හයියක් කොහෙන්ද ඔබට?

සියලුදෙනාම අත්අඩංගුවට ගන්න. පැනලා යන්න ඉඩ දෙන්න එපා.

තව කොපමණ දුරක් ඔබ දුවන්නද? එන්න, නඟින්න.

- කවුද ඔබ? - මම ඔබේ මිත්‍රයෙක්. මගේ නම රෆික්.

- මම ජේ! - ඔබ ගොඩක් වාසනාවන්තයි.

ඔබ සෙල්ලම් කළ යුත්තේ දහස් ගණන් වටිනා ඔට්ටු අල්ලන තැන්වල.

මම පොඩි හාල්මැස්සෙක්. ඉතින් මම කොහොමද ඒ මට්ටමට යන්නේ?

මම ආවේ ඔබව එතැනට ගෙන යන්න තමයි. එන්න, නඟින්න.

- බොස්, මම 'ජේ' ව අරන් ආවා. - ඔහුව ඇතුළට ගේන්න.

ආයුබෝවන්, සර්!

- ඔබේ නම නම 'ජේ' කිව්වා නේද? - ඔව්.

වාඩිවෙන්න!

කාඩ්පත් ඔබේ අතට පැමිණි විට, ඒවායේ වර්ණ පවා වෙනස් වන බව මට අහන්න ලැබුණා.

ඒක ඇත්ත. ඒ මගේ වාසනාව. කාඩ්පත් මගේ තාලයට නටනවා.

- අද සිට ඔබ මා වෙනුවෙන් ක්‍රීඩා කළ යුතුයි. - ඒ කියන්නේ?

බොන්න මොනවා හරි ගේන්න.

- ඔබ මොනවද කල්පනා කරන්නේ? - මම කල්පනා කළේ...

...කොහොමද ඔබ මත්පැන් පාවිච්චි නොකර, මත් වෙලා වගේ කතාකරන්නේ?

- මොකක්ද කිව්වේ? - එහෙම නොවෙයි නම්, ඔබ වගේ ධනවත්...

...සල්ලිකාර පුද්ගලයෙක්, මේ මම වගේ පොඩි මිනිහෙක් ගැන උනන්දු වෙයිද?

ඔබට මේ ලෝකයේ සමහර දේවල් තේරෙන්නේ නැහැ.

පුද්ගලයෙක් පොහොසත් වෙන්න වෙන්න, ඔහුට වැඩි වැඩියෙන් ධනය අවශ්‍ය වෙනවා.

ඒකයි මම විශාල සමාජ ශාලාවක් විවෘත කළේ...

...ධනවත් මිනිස්සුන්ට. ඔවුන් විනෝද වෙන්න ඇවිත්...

....මිලියන ගණනක් දිනා ගෙන හෝ අහිමි කරගෙන යනවා.

ඔවුන් විනෝද වෙන්නේ මිලියන ගණනක් පරාජය වීමෙන්ද? හරි පුදුමයි!

ඔබ, සමහර විශේෂ පුද්ගලයින්ව පරාජය කර ඔවුන්ව පුදුමයට පත් කරන්න ඕන.

- මට එයින් ලැබෙන්නේ මොනවද? - දිනකට රුපියල් 100 ක්.

රුපියල් 100 ක්, එපමණද? මම මිලියන ගණනක් වටින ගොදුර අල්ලගන්නේ...

...ඔබට පලතුරු කන්නද? නැහැ, සර්. මේක වෙන්නේ නැහැ.

ඔබ තේරුම් ගත්තේ වැරදියට. ඒ රුපියල් 100 ඔබේ සාක්කුවට පමණයි.

ඔබට එක් දිනුමකදී එයින් කොටසක් හිමි වෙනවා.

- එහෙනම් කමක් නැහැ. - ගණුදෙනුව කරමු එහෙනම්.

- හරි, සර්. එහෙනම් මම යනවා. - අහන්න, තව එක දෙයක්.

ඉහළ සමාජයේ මිනිස්සු මගේ සමාජ ශාලාවට එන්නේ...

...ඒ නිසා ඔබේ භාෂා විලාසය සහ ඇඳුම් විලාසිතාව වෙනස් විය යුතුයි.

ඔබ ජයග්‍රහණය ගැන පමණක් හිතන්න. අනෙක් දේවල් ගැන කරදර වෙන්න එපා.

ඔබ බල කරනවා නම්, මම මගේ භාෂා විලාසය වෙනස් කරනවා, සෙත් රතන්දාස්.

එක, දෙක. තුන, හතර, පහ. රුපියල් 5000 පරාදයි.

- මමත් 5000 ක් පරාදයි. - කුමක්ද ඔබ කරන්නේ, නාත් මහත්මයා?

දැන් ඔබ පිටත්වෙන්න. ඔබ රු: 50 000 ක් පැරදුණා.

සූදුවට පෙළඹීම එතරම් හරි නැහැ.

මට ඔබේ උපදෙස් අවශ්‍ය නැහැ. කරගෙන යන්න.

ඔබ කියනවා නම් මම එහෙම කරන්නම්. මෙන්න 5000 ක්.

- මගෙනුත් මෙන්න තවත් 5000 ක්. - ඔබ මට එන්න කිව්වද නාත් මහත්මයා?

ඔව්, රතන්දාස් මහත්මයා. මට තව රු: 25 000 ක් අවශ්‍යයි.

දැනටමත් ඔබට රු:50000 ක් ලබා දී තිබෙන්නේ සමාජ ශාලා සීමාවන්ට අනුව.

නමුත් මට ඔබට නොදී ඉන්න බැහැ, ඔබ මගේ යාළුවෙක් නිසා.

නාත් මහත්මයාට තවත් රු: 25000 ක තරග කිරීම් අවස්ථා ලබා දෙන්න.

මෙන්න... කරුණාකර රිසිට්පත් පොත අත්සන් කරලා දෙන්න.

ඔබට සුබ පැතුම්!

- ස්තුතියි! - ස්තුතියි!

මෙන්න රු: 5000 ක්!

මමත්!

මෙන්න!

මමත්!

- පෙන්වන්න! - පෙන්වන්නද?

මේකද ඔබේ ලොකුම කාඩ් එක?

ඔබේ කාඩ්පත පෙන්වන්න.

මගේ කාඩ්පත අඩු වෙන්න බැහැ, මීට වඩා.

හේයි! ජැක් ඉහළම අගය වුණා.

- ඔයා ගොඩක් වාසනාවන්තයි. - කෙතරම් පුදුම සහගතද!

මොකද වුණේ, නාත් මහත්මයා?

මම ඉවරයි!

රතන්දාස් සිටින තුරු, එහෙම වෙන්න දෙන්න බැහැ.

මම රු: 75000 ක් ආපසු ලබා දෙන්නේ කොහොමද?

ඒ ගැන අමතක කරන්න. මට ඔබ වෙනුවෙන් ඒ රු: 75000 අත්හරින්න පුළුවන්.

මා සමඟ එන්න.

රතන්දාස් මම ඔබට එතරම් විශාල මුදලක් ආපසු ගෙවන්නේ කොහොමද?

ඇයි කරදර වෙන්නේ?

නාත්, මම ඔබට තවත් 50000 ක් දෙන්නම්, ඔබ මා වෙනුවෙන් යමක් කළොත්.

මොන වගේ වැඩක්ද?

රජයේ කේ. 2 කියලා නව සැලැස්මක් හැදුවානේ. එහෙම නේද?

- මට එහි පිටපතක් අවශ්‍යයි - කේ. 2 සැලැස්මේ පිටපතක්?

ඔයා මොනවද මේ කියන්නේ, රතන්දාස්?

කලබල වෙන්න එපා. කවුරුත් මේක දැනගන්නේ නැහැ.

එය රජයේ ඉහළ රහසක්. රටේ ආරක්ෂාව එය මත රඳා පවතින්නේ.

මට එය අවශ්‍ය වීමට හේතුව එය තමයි. ඔයානේ එම ස්ථානය භාරව සිටින නිලධාරියා.

එය ඔබට එය ඉතා පහසුවෙන් කළ හැකියි. මම ඔබට තවත් රු: 50000 ක් ගෙවන්නම්.

- නැහැ, මට එය කළ නොහැකියි. - නැවතත් සිතා බලන්න.

ඔබට සුදුසු ද ඉදිරියේදී බාර් පිටුපස වැටිලා සිටින්නට?

ඔබේ දරුවන් වීදිවල ඔබ සොයමින් ඇවිදිනවා දකින්නට?

ඔබට එය කළ නොහැකියි. ඔයා මගේ හිතවතා.

මට අවශ්‍යයි, මගේ මිතුරෙකු ලෙස ඔබ ඔබේ යුතුකම් ඉටු කරනවා දකින්නට.

මම මගේ මිතුරාට දුරකථන ඇමතුමක් දෙන්නම් ඔබ එකඟ වූ බව කියලා.

මිස්ට නාත්ට ඔබ රු: 75000 ක ණයක් පටවලා මේ වැඩේට එකඟ කරගැනීම ගැන සතුටුයි.

ඔහුගෙන් ලියවිල්ලකටත් අත්සන් කරන්න ගත්තානේ.

ලිලී, රතන්දාස්ට විස්කි ගේන්න.

නාත් ඉන්නේ අපේ ග්‍රහණයේ. ඔහුට අප කැමති දේ කිරීමට සිදුවෙනවා.

- ඒ කියන්නේ අපි බලකොටුව යටත් කරගත්තාද? - ඔව්, අනිවාර්යයෙන්ම.

දැන් ඉතින් අපිට රහස දැනගන්න පුළුවන්.

රජයේ නවතම විද්‍යාත්මක සොයා ගැනීම ගැන.

මිස්ට නාත් ඔහුගේ මෙහෙයුම කවදා සාර්ථකව සිදු කරාවිද?

ඔහු සුදානමින් ඉන්නේ ඒ දේ සිදු කරන්නට.

මිත්‍රවරුනි, ඔබ දැන ගැනීමට සතුටු වනු ඇති අපේ විද්‍යාඥයින්...

...ඉලෙක්ට්‍රොනික් යන්ත්‍රයක් සැලසුම් කරලා තිබෙනවා.

අපේ රටේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රයෝජනවත් හා වැදගත් වෙන ආකාරයට.

එම යන්ත්‍රයේ කෙටි දළ සටහනක් චිත්‍රපටයක් හරහා මම ඔබට ඉදිරිපත් කරන්නම්.

මිස්ට සිං, ප්‍රොජෙක්ටරය දාන්න.

මේ අපේ රටේ වෙරළ තීරය.

එම යන්ත්‍රය මේ ස්ථානයේ ස්ථාපනය කරලා තිබෙන්නේ.

එහි ප්‍රහාරක පරාසයට, සැතපුම් පනහක් වටා භූමි ප්‍රදේශයක් අයත් වෙනවා.

සතුරු නැව් මෙම පරාසයට ඇතුල් වූ විට.

එහි රූපය රේඩාර් මත දිස්වෙනවා. ඒ සමඟ අපගේ යන්ත්‍රය සක්‍රීය වෙනවා.

කිරණ මඟින් සතුරාගේ නැව විනාශ කරනවා.

ඒ හා සමානව, ඕනෑම සතුරු ගුවන් යානයක් එහි පරාසයට ඇතුල් වෙනවා නම්...

...ඒ හා සමාන ඉරණමක් අත්වෙනවා.

පුදුමයි, නේද?

රතන්දාස් නියම දෙයක් කරලා තිබෙන්නේ.

මාකෝනි වෙත පණිවිඩයක් යවන්න, "නර්තන සංකේත" චිත්‍රපටයක් හරහා.

මෙය විද්‍යාඥයින් විසින් සැලසුම් කරන් ලද නව ස්වයංක්‍රීය උපාංගයක්.

සැතපුම් 50 ක් දුරින් පිහිටි ඕනෑම ලෝහයක් මේ මඟින් විනාශ කළ හැකියි.

අපට එහි සැලැස්ම අලෙවි කරන්න පුළුවන්. එයට ගැනුම්කරුවන් සොයන්න.

- අපි මෙම සැලැස්ම K-2 සැලැස්ම ලෙස හඳුන්වමු. - K-2 සැලැස්ම!

මිල අවම වශයෙන් ඩොලර් මිලියන භාගයක්.

මෙහි නර්තන කේතය...?

ආ...මෙන්න!

- මේ කුමක්ද? - චිත්‍රපටයක්.

ඔව් සර්, පොලිස් පරීක්ෂක විජේ!

ඔව් සර්, මම ඉක්මනින් එන්නම්.

- ඔයාට මොනවද දැනෙන්නේ, විජේ? - මේ නර්තනය සාමාන්‍ය දෙයක්.

සාමාන්‍ය දෙයක් ලෙස පෙනුනත්, එය එසේ නොවේ.

නැත්නම්, මෙම චිත්‍රපටය ජාවාරම් කිරීමට එවැනි අවදානමක් ඔවුන් ගන්නෙ නැහැ.

නිවැරදි පිළිතුරක් දෙන්න පුළුවන් මෙම නර්තන ශිල්පිණියට පමණයි

- බල්බය පත්තුවෙන්නේ නැහැ. - කවුද ඒ?

මම ෆියුස් එක ගැලෙව්වා.

- ඔබ කව්ද? - මම, ඔබේ රසිකයෙක්.

ඔයා මගේ රසිකයෙක් නම් ඇයි ඔබ සැඟවී සිටින්නේ එළියට එන්න.

- පිස්තෝලය අයින් කරන්න, මම එන්නම්. - එළියට එන්න, නැත්නම් මම වෙඩි තියනවා.

ඔබ නිසැකවම බුද්ධිමත්. නමුත් මෙවැනි ආයුධ...

...ඔබේ සියුම් අත්වලට ගැළපෙන්නේ නැහැ.

ඔබ කව්ද, ඔබට ඕන කුමක් ද, ඇයි ඔයා මගේ කාමරයට රහසින් ආවේ.

- ඔයා දැන් පොලිස් අත්අඩංගුවේ ඉන්නේ. - ඒ ඇයි?

මට දැනගන්න ඕන, ඔබ නර්තනයේ යෙදෙන චිත්‍රපට කවුද හදන්නේ කියලා?

- ඒවා යවන්නේ කොහාටද? - නෑ, මම දන්නේ නැහැ.

මම කිසිම චිත්‍රපටයකට පෙනී ඉන්නේ නැහැ.

පිස්තෝලයක් තබා ගන්නා ගැහැණු ළමයෙක්ට පහසුවෙන් විශාල බොරු කියන්න පුළුවන්.

ඔබට සත්‍යය කතා කරන්න. නැත්නම්... මා සමඟ එන්න!

- නැහැ, මම එන්නේ නැහැ. අහකට යන්න. - ඔබ මා සමඟ එන්න ඕන. එන්න!

ඔවුන් කවුද?

- සෙතී...! - සෙතී කවුද මට කියන්න.

මොකක්ද, එම චිත්‍රපට පිටුපස ඇති අභිරහස. ඉක්මනින් කියන්න!

ඔයා හොඳට වැඩේ කළා, සෙතී.

- ඒ පුද්ගලයා ඔයාව දැක්කද? - සමහර විට.

එය අවදානම් දෙයක්.

ඔබ මෙහි රැඳී සිටීම නුවණට හුරු නැහැ.

- රමේෂ්! - ඔව්!

සෙතී රෝමයට යවන්න. ඔහුට එහිදී රැකියාව සමඟ සතුට ද ලැබේවි.

රමේෂ් ඔබේ ටිකට් සහ විදේශ ගමන් බලපත්‍රය ලබා දේවි.

සෙතී එක්ක යන්න.

මම කිව්වේ එහි අනතුරක් තිබෙනවා කියලා.

- එම අන්තරාය ඉවත් කරන්න ඕන. - මට තේරෙනවා.

සෙතිට රෝමයට යාමට ඉඩ දෙන්න. මම මාකෝනිට දුරකථන ඇමතුමක් දෙන්නම්.

තවත් එක් ගැටලුවක්, මොනිකා වෙනුවට තව ගැහැණු ළමයෙක් සොයාගන්න ඕන.

මගේ සිතේ කෙල්ලෙක් ඉන්නවා. සුන්දර, ආකර්ශනීය කැබරේ නර්තන ශිල්පිනියක්.

- ඇයව විශ්වාස කළ හැකිද? - ඊට වඩා ගොඩක්.

- ඇයි ඔබ මෙහි ආවේ. - මම ඔබට හොඳ ආරංචියක් ගෙනාවා.

- ඇත්තටම ඒ මොකක්ද? - මම ඔබට කියන්නම්. අපි දැන් විවේක ගනිමු.

අපි බීම එකක් බොමු, එන්න බබා!

හෙලෝ, චව් මින්! මම මාකෝනි. හමුදා තොරතුරු යවලා තියෙන්නේ.

තොරතුරු දුන්නම ඉතිරිය ගෙවන්න.

තවත් වැදගත් ප්‍රවෘත්තියක් තියෙනවා. රජය පරමාණුක උපකරණයක් හදලා.

සැතපුම් 50 ක පරාසයක් තුළ ඕනෑම දෙයක් පුපුරවා හරින්න පුළුවන් ලෙස.

ගුවන් යානා, නැව් හෝ සබ්මැරීන ආදිය. ඔබේ රජයටත් එය අවශ්‍යද?

එහි මිල ඩොලර් මිලියන භාගයක් වෙනවා.

මුලින්ම සියයට පනහක අත්තිකාරමක් අවශ්‍යයි.

සති තුනක් තුළ එවන්න පුළුවන්. ඔබට එය අවශ්‍ය නම් මට කියන්න.

ඉක්මන් කරන්න. නැතිනම් මම එය වෙනත් රජයකට දෙනවා.

කවුද මේ...?

- ඔහ්... සෙතී.! - ආදරණීය මාකෝනි.

- කොහොමද ඔබට? - ගොඩක් සතුටුයි.

- ඔබ මෙහි ආවේ බොහෝ කාලයකට පසුව. - මම මෙහි දින කිහිපයක් ඉන්න ආවේ.

බොස් මගේ වැඩ ගැන සතුටු වෙලා,

මට කිව්වා දින කිහිපයක නිවාඩුවක් ගත කරන්න යන්න කියලා.

ඔබේ බොස් නම් නියමයි! මම ඔහුගේ පණිවිඩය බලමින් හිටියේ.

බොස්ගේ අළුත් නර්තන ශිල්පිනිය නම් හරිම ලස්සනයි.

- ඇය රමේෂ්ගේ පෙම්වතිය. - ඔහ් එහෙමද? අපි මොනව හරි බොමු.

ඔබ මෙහි ආවේ බොහෝ කාලයකට පසුව නිසා අපි එය සමරමු.

ඔව්, මට චිත්‍රපටය ලැබුණා. මම එය විකේතනය කරලා තියෙන්නේ.

මම චව් මින්ටත් කතා කළා

ඔව්, සෙතී මෙහි ඉන්නවා. ඔබට අවශ්‍යද සෙතීට කතා කරන්න?

මේ දුරකථන සබඳතාවයේ ප්‍රශ්නයක්. මම වෙනත් දුරකථනයකින් කතා කරන්නම්.

සෙතී, මම විනාඩියෙන් එන්නම්.

The Great Gambler subtitles in other languages

Komen

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left