200 baris pertama.
නිලූෂ හේමාල් අලහකෝන් විසින් කරන ලද පළමුවන උපසිරැසි නිර්මාණය
මීට පැය කිහිපයකට පෙර සිදුවූයේ සිතාගත නොහැකි සිදුවීමකි.
පසුගිය දිනවල ලිංගික කටකතා නිසා අගතියට පත් ප්‍රසිද්ධ නිලි ශින් හ්‍යු ජොන්ග්
තමන්ගේ ට්විටර් ගිණුමේ තම මරණය පිළිබද සටහනක් තබා, ජනේලයෙන් පැන සියදිවි නසා ගනී .
අන්තර්ජාල පරිෂීලකයන්ට මෙය අදහාගත නොහැකි ව ඇත.
මේ සියදිවි නසා ගැනීම හා පෙර සිදුවූ ලිංගික කටකතා අතර සම්බන්ධයක් තිබේද?
ලිංගික කටකතා හා සම්බන්ධ වූ නලුනිලියන්ගේ ලැයිස්තුවක් තිබෙන බව ඇත්තද?
අන්තර්ජාල පරිෂිලකයන් ඉල්ලා සිටින්නේ මෙහි සත්‍ය අසත්‍ය ප්‍රකාශයට පත්කරන ලෙසයි.
සිදුවීම දින 10කට පෙර
අංක 2407න් අවසන් වන ජංගම දුරකතනය කාගෙද?
ආහ්.... එපා වෙනවා.... මේ එපා කරපු සයිබර් විමර්ෂණ විශය මෙච්චර හොද දවසක මොකට කරනවාද මන්දා...
මම ඔයාලට කියන්නම් මොකටද මේ එපා කරපු සයිබර් විමර්ෂණ දේශනය අහන්න ඔනේ ඇයි කියලා..
මේ තරම් හොද දවසක.
පළමුවන කොටස
මේ දැන් කවුරුහරි කෙනෙක් ඔයාලා ඔයාගේ යාලුවෙකුට ෆෝන් එකෙන් යවපු විස්තර දැනගත්තානම්...
ඒ තොරතුරු, නීත්‍යානුකූල නොවන ආකාරයට අරගත්, යොදා ගන්න පුලුවන් බරපතල අපරාධයකට.... සමහර විට ඔයා වගේ පෙනීහිටීමකට...
ඒ නිසා තමයි අපිට මේ සයිබර් විමර්ෂණ අවශ්‍ය වන්නේ.
මේ සයිබර් විමර්ෂණ වලට කිසිම සීමාවක් නැහැ
උදාහරණයකට ගමු නීතිවිරෝධී අන්තර්ජාල සූදු පිටුවක්
මේ සූදු පිටුවෙන් ඒ අය මුදල් හොයන්නේ අපේ රටේ තියෙන මුදල්
ඒත් ඒ අයගේ හිස කද බඩ තියෙන්නේ වෙන රටක
ඇත්තටම මේ සූදු වෙබ් පිටුව තියෙන පරිගණකය තියෙන්නේ ජපානයේ වෙන්න පුලුවන්
වෙබ් පිටුව භාවිතා කරන අයට අවශ්‍ය උපදෙස් ලබා දෙන්නේ චීනයේ සිට වෙන්න පුලුවන්
මේ අතරින් වැදගත්ම දේ, ඒ කියන්නේ මුදල් පරිහරනය වන පරිගණකය තියෙන්නේ
හොංකොං වල වෙන්න පුලුවන්
මේ වගේ අයව අත්අඩංගුවට ගන්න පුලුවන් හොදම විදිය තමයි කුඩා කණඩායම් වලට බෙදිලා
එකම දවසේ එකම වෙලාවේ ඔක්කෝම එකට අත්අඩංගුවට ගන්න එක
සයිබර් විමර්ෂණ වල වැදගත්ම මොහොත තියෙන්නේ අත්අඩංගුවට ගැනීමට ඉතා සුලු මොහොතකට පෙර
අපරාධකාරයන් පරිගණක විසන්ධි කලොත්, එහෙමත් නැත්නම් පරිගණක උපාංග වලට හානි කලොත්, ඔක්කෝම සාක්ෂි නැතිවෙලා යනවා....
බොහොම ස්තූති... හෙට ආයෙ හමුවෙමු....
ඒ අය ළගට යන්න ඔනේ නොදැනෙන්න....
පොලිස්!
ඔක්කොම පේනු විසන්ධි කරන්න.!
නවත්තන්න ! නැත්නම් වෙඩි තියෙනවා....
බොස්, ගැටලුවක් තියෙනවා. මේ දත්ත සවයං මැකීමේ යෙදුමකට අහුවෙලා..
මොනවද මේ කියන්නේ, දත්ත ඉබේම මැකෙනවා කියලද කියනනේ,
මට හිතෙන්නේ ස්වයං මැකීමේ යෙදුමක් කියලා..
මේක නවත්තන්න පුලුවන් මොකුත් යෙදුමක් නැද්ද අපි ලග?
මම හැමදේම කරලා බැලුවා, හරි යන්නේ නැහැ...
හතරවන පරිගණකය විනාශවුනා..
දෙවෙනි පරිගණකයත් ඉවරයි..
අනේ නවතින්න...
ඒක ඉවරයි.
ඔකකොම විනාශ වෙලා ඉවරයි...
හදේස්!!! මූ ආයෙත්!!!
මේ සූදු වෙබ් අඩවිය ගැන පරීක්ෂණයේදී, සයිබර් විමර්ෂණ කණ්ඩායම හැම සාක්ෂියක්ම නැතිකර ගත්තේ
වැඩියෙන් පරීක්ෂණ කරපු නිසාද?
මේ සයිබර් විමර්ෂණ කණ්ඩායම හදේස් විසින් මුලාකරනු ලැබූ තුන්වන අවස්ථාව නේද?
මගේ ඇස් ඉස්සරහම, ඔක්කොම මැකීගෙන ගියා, මට කරගන්න දෙයක් නැතිව හිටියේ...
ඇත්තටම හදේස් නම්...
මොනවද ඔයාලා කරන්නේ?
ඔක්කෝම සාක්ෂි ඔයාලගේ ඇස් ඉස්සරහම තිබ්බා... ඒත් ඔයාලා නැතිකරගත්තා... ඔයාලා හදන්නේ හිතාමතාම අපිව ලැජ්ජා කරන්නද?
මේක මේ විමර්ෂණ කාර්යාංශයට විතරක් නෙවෙයි, සම්පූර්ණ අමාත්‍යංශටම කරපු ලැජ්ජාවක්..
අධ්‍යක්ෂකතුමනි, අපි අපේ උපරියම කලා...
සමහර විට ඔයාලා දන්නේ නැතිව ඇති උපරිමය කියන්නේ මොකද්ද කියලා...
උපරිමය කියලා කියන්නේ....
මේක යොදාගෙන, හදේස්, අර තිරයේ ඉන්න පාහරයා...
අල්ලා ගන්න එකයි...
ඔයා මොකද්ද මේ කරන්නේ?
ඔයා කවුරු වුනත්, මේ කාර්යාලයේ තියෙන දේවල් වලට අත තියන්න එපා..
මොකද්ද?
ඔයාට මේක පේන්නේ නැද්ද?
අධ්‍යක්ෂකතුමනි, මේ දැන් ඔයාම ඩිජිටල් සාක්ෂියක් විනාශ කලා නේද..
ඔයා දන්නේ නැද්ද, ඩිජිටල් සාක්ෂි කියන දේවල් එක මවුස් ක්ලික් එකකින් හරි එක එන්ටර් බට්න් එකකින් නැති වෙන්න පුලුවන් කියලා..
විමර්ෂණ කාර්යාංශයේදී කියලා දීලා නැද්ද ඉහල නිලධාරින් ඉස්සරහා හැසිරෙන විදිහ?
මම පොලිස් නිලධාරියෙක් උනේ අපරාධකාරයන් අල්ලන්න... නැතුව ඉහල නිලධාරින්ට ගරු කර කර ඉන්න නෙවෙයි.
කිම් වූ හ්‍යුන්!
මේ තියෙන්නේ බංගලිදේශයේදී හදේස් විසින් භාවිතා කරන ලද පරිගණක වල තොරතුරු
හදේස් අපිට ඔහු අල්ලන්න ඕනේ
ඔහුව ඇල්ලුවාට පස්සේ ඔනම දඩුවමක් දෙන්න ඕනෙ නම් මාව අස් කරන්න
ඔයාව විතරක් නෙවෙයි
මේ මුළු කණ්ඩායමම සයිබර් විමර්ශනයේ වගකීම ගත යුතුය
ඔයා කවුද ඒක තීරණය කරන්න
මම තමයි බොස්.
උපදේශකතුමනි!
එයාලා කියනවා හදේස්ව අල්ලගන්න පුලුවන් කියලා
ඒහෙනම් ඔයාලට පුලුවන් නේද සූදු වෙබ් අඩවියේ සාක්ෂි නැවත ගන්න?
කිම් වූ හ්‍යුන් වැදගත් සාක්ෂි ටිකක් අභ්‍යන්තර මණ්ඩලයක් එක්ක වැඩ කරනකොට නැති කරගෙන.
ඒවගේම එයා කොරියානු පොලිසිය කඩා වට්ටලා..
මම ඔයාගේ උපදේශක..
ඇයි ඔයා ඔයාගේ හැසිරීම උසස් නිලධාරායෙක් ඉස්සරහා පාලනය කරගන්නේ නැත්තේ?
මොකද මේ කරන්නේ?
අපි මේ පරිගණක ගැටලුව තරමක් විසදුවා. දැන් තියෙන්නේ හදේස්ව අල්ලගන්න ඒකයි.
මේ පරිගණක විශ්ලේෂණය ඉවර කරන්න.
මේ IP අංක තමයි හදේස් වැඩිපුරම පාවිච්චි කරන්නේ...
සෝල්, ජොන්ගෝ කූ, හොන්ජේ ඩොන්ග්, සන්හේ රෝහල
ගන්වොන් දෝ, ක්න්ගේයුන්ග් ෂී, යොන්ගිම් වෙලදසැල
සෝල්, කන්ගම් කූ, නොහ්‍යුන් දොන්ග්, කමහෝ ගොඩනැගිල්ල..
ජේජු, ඔඩෙන්ග් දොන්ග් 100.
මේ හැකර්වරු ආයෙත් මේ මාර්ග පාවිච්චි කරන්න බොහෝදුරට ඉඩ තියෙනවා...
දොස්තර....
මේක අපේ කාර්‍යාංශය විසින් නිෂ්පාදනය කරනලද උපකරනයක්...
මේ මොකද්ද! ඇයි මටම මේ වගේ වැඩක් කරන්න දුන්නේ....
හදේස් ආයෙත් හැක් කරනකොට,
එයා මේ එක උපකරණයක් හරහා හරි ගියොත් අපිට පුලුවන් එයා ඉන්න තැන හොයාගන්න.
හදේස්ව අල්ලාගත්තාට පස්සේ, එයාට මොකද කරන්නේ?
මොකද්ද අහන්නේ?
එයාගේ අතීතයට අනුව නම්, එයා නීත්‍යානුකූල නොවන දේවල් ඒකක වැඩිය ඉන්නේ නැති කෙනෙක්නේ...
පොලිසිය තුන් පාරකුයි, ජාතික අංශය පස් සැරයකුයි, නීල මන්දිරය හතර පාරකුයි...
ඒවගේ තිබ්බ තොරතුරු අන්තර්ජාලයට මුදා හැරියා, ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය කියලා...
එයා වැරැද්දක් කරලා තියෙනවානම් දඩුවම් විදින්න ඔනේ.
ඒත් ඇත්ත ලෝකේ,
නැත්නම් මොනිටරයක් ඇතුලේ, මේ ඔක්කෝම එකයි
CK Electronics CEO, නම් සන්ග් වොන් හදිසි අසනීප තත්ත්වයක් නිසා අභාවයට පත්වේ .
මට ලැජ්ජත් හිතෙනවා,
ඒත් මේ මගේ මේක් අප් නැති මූණ.
ශින් හ්‍යු ජොන්ග් එයාගේ මේක් අප් නැති මූණ දාලා!!
පණිවිඩ 10යි!!! ශින් හ්‍යු ජොන්ගේ මේක් අප් නැති මූණ !!
සරාගී නිලිය ශින් හ්‍යු ජොන්ග්
එයා හරිම ලස්සනයි!
එයා සුදු මකර සම්මානය දිනාගෙන
එයා සුදු මකර සම්මානය දිනාගෙන
අලුත් නිලියක්
වාාව්.... ඔයාලා දන්නවාද??? ශින් හ්‍යු ජොන්ග් නිසා අන්තර්ජාලය කැලඹිලා...
2010 දී නැගී එන නිලියගේ නම ශින් හ්‍යු ජොන්ග්...
ශින් හ්‍යු ජොන්ග් පලමු රංගනය ලිංගික ජවනිකා ගැන කටකතා...
මෙන්න ලැයිස්තුවක්
ශින් හ්‍යු ජොන්ග් ලිංගික ජවනිකාවල?
ලිංගික රගපෑම්?
ඔයාලට ඇහුනද ඒක?
මේක බලන්න... මේක දැක්කද???
නියමයි..... ශින් හ්‍යු ජොන්ග්....
ලිංගික ජවනිකා..
ලිංගික අල්ලස් ගැනීමක්...
ලිංගික අල්ලස් දෙන අයත් ඉන්නවාද?
මාව හුලග වගේ බොන්න... මකබෑවියන් ශින් හ්‍යු ජොන්ග්....
අහිංසක මූණ... ඒත් හැසිරෙන විදිය නම්...
අපිට ඇත්තම කියන්න...
අංක 1. ශින් හ්‍යු ජොන්ග්...
ශින් හ්‍යු ජොන්ග්.. ආයේ කවදාවත් ඔයාගේ මූණ රූපවාහිණි වල පෙන්නන්න එපා..
ජරා ශින් හ්‍යු ජොන්ග්
ඒයි, පාහරයා!!! ඇයි මේ වගේ දේවල් කරන්නේ...
පරීක්ෂක, ඔයාත් ශින් හ්‍යු ජොන්ග්ට කැමතිද?
ඇයි? කසාද බැදපු මිනිස්සු මිනිස්සු නෙමෙයිද?
දොසතර කන්ග්, ඔයා ශින් හ්‍යු ජොන්ග්ට කැමතිද?
මමත් මනුස්සයෙක්.
ඒයි මිනිහෝ. මොකද වැඩ කරන්නේ නැත්තේ?
අපි දැන් වැඩ කරන්නම්!
අපි මේ ශින් හ්‍යු ජොන්ග් ගැටලුව ගැන හොයන්නේ.
ඔවු.
අපි එයාව හොයාගත්තා!
මොකක්ද?
හදේස්!
හම්බවුනා.
අපි හොයාගත්තා...
එයාව අල්ලගන්න එක නම් මරු...
210.8.218.42:139
නිලූෂ හේමාල් අලහකෝන් විසින් කරන ලද පලවෙනි උපසිරැසි නිර්මාණය
ඔවු, තේරැණා..
ලිපිනයත් ලැබුනා..
කන්ගම් ගූ, දෙගොක් දොන්ල්, පැලස් ටවර්
ඔවු.
බලන්නකෝ මේ ශින් හ්‍යු ජොන්ගේ ට්විටර් දිහා... මොකද වෙලා තියෙන්නේ?
මේක ඉක්මනට කට්ටියටම යවන්න
මේක නම් නියමයි...
ඔවු. අපි ආවා... මොකද්ද ගෙදර අංකය?
ගොදර අංකය 1101.
පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න
පිටිපස්සට වෙන්න!
එයා පැනලා...
මොකද උනේ?!
ඒ ශින් හ්‍යු ජොන්ග්!
ඇත්තටම? - ඒ ශින් හ්‍යු ජොන්ග්
අංක 1101 ගෙදර අයිතිකාරයා තමයි ශින් හ්‍යු ජොන්ග්
හදේස් පාවිච්චි කරපු IP අංකය 1101 ගෙදරින්. ගෙදර අයිතිකාරයා ශින් හ්‍යු ජොන්ග්
මට මැරෙන්න ඔනේ! මට නිකම්ම මැරෙන්න ඔනේ!
මීට පැය කිහිපයකට පෙර සිදුවූයේ සිතාගත නොහැකි සිදුවීමකි.
පසුගිය දිනවල ලිංගික කටකතා නිසා අගතියට පත් ප්‍රසිද්ධ නිලි ශින් හ්‍යු ජොන්ග්
තමන්ගේ ට්විටර් ගිණුමේ තම මරණය පිළිබද සටහනක් තබා, ජනේලයෙන් පැන සියදිවි නසා ගනී .
අන්තර්ජාල පරිෂීලකයන්ට මෙය අදහාගත නොහැකි ව ඇත.
මේ සියදිවි නසා ගැනීම හා පෙර සිදුවූ ලිංගික කටකතා අතර සම්බන්ධයක් තිබේද?
එයා ලංගිකව සතුටු වෙච්ච අයගේ ලැයිස්තුවක් තියෙනවාද?
ඔයාද මේ පොලිස් ස්ථානයේ ලස්සන කෙල්ල, යූ කන්ග් මී?
කටකතා වගේම ඔයා ඇත්තටමත් ලස්සනයි!
එයාලා කියන්නේ අපරාධකාරයෝ
ඔයාගේ ඉස්සරහදී එයාලම මාංචු දාගන්නවා කියලා...
එහෙම වෙලා නෑ කවදාත්ම
මේ කතාව හැමතැනම තියෙනවා...
ඒත් ඔයා මොනවා වල පින්තූරද ගන්නේ?
ඩිජිටල් සාක්ෂි පොඩි ඇල්ලීමකින් පවා වෙනස් වෙන්න පුලුවන්.
ඒ නිසා අපි ඡායාරූප සාක්ෂිත් එකතු කරගන්නවා
මෙතන අන්තිම වතාවට පාවිච්චි කරපු දේවල්
ඔයා කවුද?
සයිබර් විමර්ෂණ ඒකකයේ විශේෂ නිලධාරියෙක්
පරික්ෂක ලී ටායේ ක්‍යුන්...
පරීක්ෂක?
ඔයා?
ඒත්....
ආහ් ඔවු...
කවුද මේකේ ලොක්කා?
කීයටද එයා එන්නේ?
ලොක්කා තමයි ක්වෝන් හ්‍යුන්ක් ජූ, අපරාධ පරීක්ෂණ අංශය
එයා දැන් එන්න ඔනේ
එයා අර පිස්සු හරකා නෙමෙයි නේද?
කවුද කිව්වේ ඔනකෙනෙකුට මේ අපරාධ ස්ථානයට ඒන්න කියලා?
ක්වොන් ලොක්කා! - හහ්?
ඒත් කවුද බල්ලා, කවුද හරකා?
කවුද කිව්වේ ඔයාට මෙතන තියෙන දේවල් ගන්න පුලුවන් කියලා?
අයියෝ!! මොකටද මේ සයිබර් විමර්ෂකයන් මෙතනට ගෙනාවේ?
මතකද මම කලින් කියපුවා?
No comments yet. Be the first to leave one.