200 baris pertama.
ටෙක්සාස් උතුර ක්‍රිස්තු පූර්ව 35'000
ඒ ස්ටීවි, අවුලක් නෑ නේද?
මට...
ම...මට මේ දූවිල්ලට මුකුත් පේන්නෑ.
නිකං ගුහාවකුත් වගේ පේන්නෙ...
ස්ටීවි, මොකද වෙන්නේ?
මෙන්න හිස්කබලක්.
අනේ එවන්නකො උඩට,
බෑ බෑ අපෝ බෑ. මේක මගේ.
ඕනමනං තව ගොඩක් ඇටකටු තියෙනව මේ හැමතැනම.
මේ මොන...?
ස්ටීවි...
ඒයි ස්ටීවි... -ඔයා හොඳින්ද?
එනපොට හොඳ නෑ...
අපි මාරුවෙමු.
ටෙක්සාස් උතුර, වර්තමානයේ (ක්‍රි.ව.1998)
අඩි දාහතරෙ එක එවන්න ඉක්මනට...
කපිතාන් මයිල්ස් කූලිස් අමතන්නේ, මුදාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මකයි...
අපි ඉන්නෙද, පහළ පාරේ 1.C.
ලණුව වළේ. එහෙනං බහිමු. දෙන්නෙක් පහළට.
කොහොමද තත්වෙ T.C.? අමතන්න...
ළමයව දැක්කද?
අමතන්න T.C., ළමයව බේරගත්තද?
ඩැනී, T.C. ගෙ රේඩියෝව චෙක්කරන්න.
T.C.? ග්ලේන්, සැල්. වළට.
මේ මිනිස්සුන්ව අයින් කරනව! -පස්සට පස්සට...
පස්සට යන්න කට්ටියම...
මං හතරක්ම වළට යැව්ව කොල්ලව ගේන්න.
කට්ටිය කියන්නෙ කොල්ලගෙ ඇස්දෙක කළුපාට උනා කියල.
ඒ මදිවට අපේ රේඩියෝ කනෙක්ෂන් එකත් නැතිවෙලා.
දැන් කෝ මගෙ කට්ටිය...
කොහෙද බොල මගේ උන්!
මොන කෙහෙල් ඇවරියක්ද මේ?
මේ බ්‍රොන්ෂ්වෙයිග්...
සර්,...මේක නං වෙන්නම බැරි දෙයක්... අපි කලින් හිතලවත් නැති...
සැලැස්මක් හැදුවනම් හරි.
ෆෙඩරල් ගොඩනැගිල්ල, ඩලස්, ටෙක්සාස්, සතියකට පසු
අපි බිල්ඩිමම හිස් කළා. හැමෝම වගේ එළියෙ.
පුපුරන ද්‍රව්‍ය සම්බන්ධ කිසිම හෝඩුවාවක් නෑ. -අපේ නිල සුනඛයෝ යෙදෙව්වද?
ඔව් සර්. -එහෙනම් තවපාරක් යවලා බලන්න.
හොඳයි කට්ටිය... ආයෙ වැඩේට බහින්ඩලා.
මෝල්ඩර් මේ මම. -ඔයා කොහෙද ස්කලී?
වහලේ. -මොකුත් හම්බුනාද? -නෑ, මොනවත් නෑ.
මොකක්ද අවුල? -ඉතින්... තට්ටු දොළහක් නැගල හොඳ පණ ගියා,
රස්නෙයි ඉන්න බෑ, දිව ගිලෙන්න තිබහයි...
ඇත්තටම මට තේරෙන්නෑ නෑ මෙච්චර උඩක මං මොන අඩව්වක් අල්ලනවද කියල.
ඔයා බෝම්බයක් හොයන්නෙ. -හරි මං දන්නව.
ඒත් ඕක පටන් ගත්තෙ පාරෙ අනික් පැත්තෙ ෆෙඩරල් බිල්ඩිමෙන් නේ.
මං හිතන්නෙ එතන පරික්ෂා කරල ඉවරයි.
මෝල්ඩර්, ත්‍රස්තවාදී බෝම්බයක් ගැන අනතුරු ඇඟෙව්වාම...
ඒ ගැන නිසි විස්තරයක් දීමේ අරමුණ බෝම්බේ හොයාගන්න පුළුවන් වෙන එක.
ඒත් ත්‍රස්තවාදයේ අරමුණ භීතිය පැතිරවීම.
හැම පුපුරන ද්‍රව්‍ය ඇටවීමකදීම අනුගමනය කරන ආදර්ශ චර්යාත්මක වැඩපිළිවෙලක් තියෙනවා.
අපි ඒ දත්ත නොසලකා ඇරියොත්, ඕක ගනං ගත්තෙ නැත්තන් ඉතින්...
බෝම්බයක් තිබ්බත් අපිට හොයාගන්න බැරිවෙයි.
නිකංම ජීවිත තොගයක් නැතිවෙයි.
මෝල්ඩර්...
මෝල්ඩර්?
බුම්...
අනෙ අම්මප මෝල්ඩර්...
මොකෝ අවුල්ද ස්කලී?
මෙතන පුදුමවෙන්න තියෙන කාරණය තමයි අහඹුතාවය.
අපිට බොහෝදුරට නොතේරෙන මේ විශ්වය ඇතුළේ අපි අහඹු දේවල් බලාපොරොත්තු නොවුණොත්...
අපි නොදැනීම අපේ දෛවය කාටවත් නොතේරෙන දිහාවක කෙළවර වෙලා අපිම අසරණ වෙන්න පුළුවන්.
ඇත්තට ස්කලී අපි මොකද්ද මේ කරන්නෙ? අපායට හපන් නෙ මෙහෙ රස්නෙ.
දන්නව ඔයාට කම්මැළියි කියල හැබැයි සීමාවට එහා හිතන්න ගියොත් ඔයාට අවුලක් වෙයි.
ඇයි එහෙම හිතුවෙ? -ඔයාගෙ ඔය නොදැක්ක දේ ගැන හිතිවිල්ල නවත්තගන්නයි වෙන්නෙ.
ඒගොල්ලො X-Files නැවැත්තුවා. අපිට ඉතිං උන්ගෙ පදේට නටන්න උනා.
අපි බෝම්බ අනතුර හූස්ටන්වලට දාමුද? මට මතක හැටියට අද රෑ ඇස්ට්රොඩෝම් එකේ බීම තියෙන්නෙ නොමිලේ.
දැන් මොකද?
ඒක ලොක් කරලද?
ඔන්න අපි බලාපොරොත්තු නොවිච්ච අහඹු සිද්දියක්...
කොල්ලා අහුවුණා නේ, -නෑ නෑ තාම නෑ.
ආ එහෙමද? මෙච්චර වෙලා හිටියෙ අහුවෙලා.
නෑ මුකූ..ත් නෑ, මං දැක්ක ඔයා අගුල කරකවනව.
මං බලාගෙන ඔයාගෙ මූණ දිහා මෝල්ඩර්. තක්බීර් වෙලා කෑගහන්න වගේ හිටියේ.
අපෝ ඔයා තාම දැක්කෙ නෑ. මං පැනික් වුණාම මගෙ මූණ තියෙන්නෙ මෙහෙම.
ඒක තමයි මාත් දැක්කේ.
වෙන්න බෑ. -නෑ මං දැක්කා.
ඔයා යන්නකො ඔහොම...
මොනාද බොන්නෙ? Coke? Pepsi? Saline IV?
මොකක්හරි පැණිරස එකක්.
ස්කලී...
ස්කලී මං බෝම්බෙ හොයාගත්තා.
විහිළු කරනවද? දැන් කොහෙද ඉන්නෙ?
වෙන්ඩින් රූම් එකේ. (බීම හල)
ඔයාද ඒ දොරකට තඩිබාන්නේ?
ඔව්. ඔයා ටක්ගාල දොර අරින්න කෙනෙක් එක්කන් එන්න.
මරු වැඩේ මෝල්ඩර්, -ඒක තියෙන්නෙ සෝඩා (වෙන්ඩින්) මැෂින් එකේ. බිල්ඩිම බේරගන්න මිනිත්තු 14යි තියෙන්නේ.
අයියෝ ඉක්මනට... -13.56...
13.54...
13.52...
13.50...
මොකක් හරි කරගන්න පුළුවන් වෙයිද ස්කලී?
ඔහොමම ඉන්න මෝල්ඩර්. මං ඔයාව එළියට ගන්නං.
මේ ගොඩනැගිල්ල හිස්කරන්න විනාඩි දහයක් යන්න කලින්...
ගිනි නිවන හමුදාවට කියන්න මෙතන ඉඳන් හැතැප්මක් ඇතුළත කියෙන ඔක්කොම පාරවල් වහන්න කියල...
විනාඩි දහයක්! -කමක් නෑ, ෆෝන් එක ගන්න. කියපුදේ කරන්න!
මේ සිකියුරිටි, හදිසියක්...
මේ විශේෂ නියෝජිත ඩේනා ස්කලී. කතා කරන්න ඕන S.A.C. මීෂෝ ට.
එයාට ගොඩනැගිල්ල වැරදිලා.
කොහෙද ඒක? -වෙන්ඩිං මැෂින් එකේ. අපේ කෙනා ඒ කාමරේ හිරවෙලා.
ස්කලී, මතකද මං ඉස්සෙල්ල පෙන්නපු අර "බය මූණ". ඔන්න දැන් තමයි ඒක හරියටම හරිගියේ.
මෝල්ඩර්, ඔතන දොරෙන් පැනගන්න. අපි විනාඩියෙන් ඔතන.
ක්ලියර්!
මට කියන්න මේව මේ නිකංම නිකං ගෑස් පිරිච්ච සෝඩා බෝතල් නේද කියල?
පෙනුමෙන් නං ඒ වගේමයි. ඒත් ලොකු IED එකක්. IED- abbr. Improvised Explosive Device
ඇස්ට්රොලයිට් ගැලුම් දහයක්.
හරි.
හ්...හැමෝම යන්න එළියට. මෙහෙන් ඉන්නෙපා.
යං එන්ඩ. -උදව්වට කවුරුවත් එපාද?
මේක නියෝගයක්, පණ බේරගන්න ඕනනං යනව එළියට.
තනියම පුළුවන්ද ඕක නවත්තන්න?
ඔව් මට පුළුවන්.
විනාඩි හතරක්වත් නෑ එහෙම පුළුවන්ද බැරිද කියල හොයාගන්න...
මං කියපුදේ ඇහුන්නැද්ද? යනව එළියට.
අපිත් යං මෝල්ඩර්.
FBI All clear! -බිල්ඩිම ක්ලියර්!
මෝල්ඩර් මොනවද කරන්නේ? -මොකක්හරි අවුලක්.
මෝල්ඩර්!
මොකක් හරි වැරැද්දක්. -නගින්න කාරෙකට.
දැන් වෙලාවක් නෑ!
යං එන්න නගින්ඩ...
නගින්න ටක්ගාල.
ඊළඟ පාර ගන්න බීමක් ඔයා අරං එන්න.
ෆෙඩරල් විමර්ශන කාර්යයංශ මූලස්ථානය, වොෂින්ටන් ඩී.සී.
තියෙන තත්වේ සලකා බලනකොට...
වෘත්තීය සමාලෝචන කාර්යයාලය නීතිපති දෙපාර්තමේන්තුවේදී සිද්ධ වෙනවා...
වෘත්තීය සමාලෝචන කාර්යයාලය කල් ඇතුවම ටිකක් බැරෑරුම් වගකීමක් දරන්න...
ත්‍රස්තවාදී ක්‍රියා වලින් පොදු දේපළ විනාශ වීමත් මිනිස් ජීවිත හානි වීමත් සම්බන්ධව.
ගොඩක් තොරතුරු අපැහැදිලියි. ඒත් අපි ලොකු පීඩනයකින් ඉන්නෙ...
වෙච්ච දේ ගැන හරි තොරතුරක් නීතිපතිතුමියට දීගන්න බැරුව...
ඉතින් එතුමිය පොදු නිවේදනයක් දෙන්න පුළුවන්.
අපි දන්නවා පිපිරීමෙන් නැතිවෙච්ච ඒ පස්දෙනා:
විශේෂ...
විශේෂ නියෝජිත ඩැරියස් මීෂෝ, බෝම්බය නිෂ්ක්‍රීය කරන්න උත්සහ කරපු...
ඩලස්වල ගිනි නිවන භටයෝ තුන්දෙනයි පොඩි පිරිමි ළමයෙකුයි.
මම කැමතියි... -පොඩ්ඩක් ඉන්න... සමාවෙන්න. ගිනි නිවන කට්ටියයි පිරිමි ළමයවයි හම්බ වෙලාද?
ඒජන්ට් මෝල්ඩර්, මේ සාකච්ඡාවට පමාවුණු නිසා මං කැමතියි ඔයා පොඩ්ඩක් එළියෙන් ඉන්නවනම්.
මොකද එතකොට අපිට පුළුවනි ස්කලීගෙ ක්‍රමේට පැහැදිලිව විස්තර දැනගන්න.
අපිට කිව්ව මුළු බිල්ඩිමම හිස් කියලා.
ඔයාගේ වාරය හම්බ වේවි. කරුණාකරල එළියට යන්න.
වාඩිවෙලා ඉන්න. එයාල තාම ස්කලී එක්ක කතාකරන ගමන්.
මොකක් ගැනද?
එයාලට දැනගන්න ඕන ස්කලී වැරදි බිල්ඩිමේ හිටියෙ ඇයි කියල.
එයා හිටියෙ මාත් එක්ක.
තේරෙන්නේ නැද්ද මොකක්ද වෙලා තියෙන්නෙ කියල?
මුළු ඩලස් නගරයටම ඩොලර් මිලියන 45ක පාඩුවක්. ජීවිත හානි බොහොමයි. සැකකාරයෝ බින්දුවයි.
ඉතිං දැන් ඒ කතාව හැරීගෙන එනවා.
මේක වළක්වන්න පුළුවන්කම තිබුණු දෙයක් බව කියන තැනට.
එයාල අපිට දොස් කියනවද?
අපි දෙන්නම දන්නව යමක් හොඳ නැත් නම් ඒක FBI එකටම හොඳ නෑ කියල.
ඉතිං දොස් පැවරීම කොහේ හරි ලියවිලා ඇති.
කාටහරි දොස් කියන්න ඕනනම් මටයි ඒ වැරැදි පැටවෙන්නෙ. ස්කලී මේවට මැදිවෙන්න ඕන නෑ.
අරයා එහේ ඉඳන් ඔයා ගැන කියන්නෙත් ඒ ටිකම තමා.
නෑ, මමයි පිළිවෙලට පිටින් ගියේ. මම S.A.C. එක්ක තිබ්බ සම්බන්ධය කැඩුවා.
මං ප්‍රාථමික උපාය පිළිවෙතක් මග ඇරලා එයාව තනිකළා.
ඒජන්ට් ස්කලී කියනවා එයා ඔයාට එළියට යන්න කිව්වා කියලා. ඒත් ඔයාට ඇතුල් වෙන්නයි ඕන උනේ. -නෑ.
අන්න, සර්ට කතාකරනවා.
හරි, ස්තුතියි...
ඔයා මොකක්ද කළේ ස්කලී, ඔයා මාව බේරගන්න ඕන නැහැ.
මං කිව්වෙ ඇත්ත කතාව විතරයි.
එයාල හදන්නේ අපිව වෙන්කරන්න. එහෙම කරන්න දෙන්න බෑ.
එයාල ඒක කරල ඉවරයි.
එයාල අපිව තව තවත් ඈත්කරනවා.
මොකක්? මොනවද මේ කියවන්නේ?
මට O.P.R. එක්ක මීටින් එකක් තියෙනවා. හෙට නෙමෙයි අනිද්දා. මගේ ඉල්ලා අස්වීම ගැන.
ඒත් එයාල අපිව ආපහු එකට තියයි...
මොකද එයාලට මාව ඕනකළා ඔයාගෙ අතිභෞතික ගවේෂණ අවලංගු කරන්න. ඒත්...
මට හිතෙන්නේ මේ පඹගාල තව තවත් පැටලෙනව කියල.
ඔය වැඩේ යන්නෙ ඔයාට නෙමෙයි. එයාල මටයි මෙහෙම කරන්නේ.
එයාල මෙහෙම කරන්නෑ.
මෝල්ඩර් මං වෛද්‍ය වෘත්තිය පවා අතෑරල ආවෙ. මොකද මං හිතුව...
FBI වලදී වෙනසක් දකින්න පුළුවන්වෙයි කියල.
ඒත් ඒක එහෙම උනේ නෑ.
ඉතිං ඒගොල්ලෝ මාව ඔමාහා වලට හරි...
ක්ලේව්ලන්ඩ් වලට හරි, නැත්තන් මොකක්හරි ෆීල්ඩ් ඔෆිස් එකකට හරි යැව්වොත්...
මං ඉතිං ඒ කරන වැඩ කරන්නන් වාලෙ කරයි.
මං මොකවත් කරන්න කලින්.
ඔයා යනවා.
එහෙමත් හිතෙනවා නම් ඔයා ඒක ඔයාගෙන්ම අහලා බැලුවොත් හරි.
ඒජන්ට් මෝල්ඩර්, ඔයාගේ වාරේ.
මට කනගාටුයි.
මෝල්ඩර්,
සුබ පතනවා.
අද ඔයා වෙනදට වඩා ගන්නව වගේ.
හෝව්...
ඔච්චර සැර ජාතියක් පුරුදු නැතුව බොන එක අමාරු වැඩක් නෙමේ, කරන්න බැරි වැඩක්.
අවුල් දවසක් නේ.
ඉතිං... ඔයා මොනවද කරන්නේ.
මමද? -හ්ම්...
මමයි ඔක්කෝටම මුල. මමයි පිටසක්වලයෝ ගැන මරු කියව කියව ආණ්ඩුව එක්ක ඩෙඟා නටන්නේ.
ඒක මුළු ලෝකෙටම කරන හතුරුකමක්. විශේෂයෙන්ම...
මේ ග්‍රහලෝකේ හැම ජීවියෙක්ටම බලපෑම් කරන්න පුළුවන් විදිහේ බලයක් තියෙන පිටසක්වලයින්ට...
ඉතිං කාටවත් මාව විස්වාස නෑ. මම... මගෙ මහලොකු ලොක්කන්ට හිසරදයක්.
යාළුවන්ට විහිළුවක්, උන් මට කියන්නෙ "හොල්මන" කියල.
"හොල්මන් මෝල්ඩර්" ලු "නංගිව පොඩිකාලේ පිටසක්වලින් අරං ගියා නේද?" ලු...
දැන් මෝල්ඩර්කාරයා කොළපාට කුරුමිට්ටෝ එක්ක හටන් කරනවලු...
මොන දෙයියට හරි ඇහෙන්න, අහස කඩං වැටෙනකන් පිස්සෙක් වගේ යාදිනි කියනවලු.
අහස කඩන් වැටුනම ඉතිං දිග...ටම කුණා...ටු තමා...යිලු.
No comments yet. Be the first to leave one.