Tarana

Tarana (तराना)

Muat Turun Sari Kata Sinhala

Maklumat siaran

You Tube - Video Running Time 02 27 20
You Tube search name - Tarana
Ulasan oleh wntg

Tag

other
Diterbitkan pada: 2022-01-16
Muat Turun: 25
Masalah Pendengaran: No

Pratonton sari kata Sinhala

200 baris pertama.

You Tube - Video Running Time 02:27:20

You Tube search name - Tarana

සිංහල උප සිරැසි සැකසුම :- විතානගේ ප්‍රියන්ත දයාකීර්ති.

ඔබට දුකෙන් හා කරදරවලින් පලා යා නොහැකියි.

ඔබ කොහේ ගියත් ඒවා නිතරම ඔබව වට කරගන්නවා.

මගේ කාර් එක පාරේ වේගයෙන් යනවා.

ඒත් ඒකට මාව බේරගන්න බැරි බව මම හොඳටම දැනගෙන හිටියා.

මම මා වෙනුවෙන් ආරාධනා කළ ව්‍යසනයෙන්.

දැන් ඇති. ඔයා මහන්සිවෙනවා වැඩියි, මෝටිලාල්.

ඔයා අද රෑ කසාද බඳිනවා ඒත් ඔයා තවම මෙතන රාජකාරියේ.

මම යන්නම්.

කමක් නැහැ. යන්න, නමුත් මම ඔබට සුබ පතන්න ඕන.

ඩොක්ට මෝටිලාල්, මෙය ඔබගේ මංගල තෑග්ග ලෙස අප සැමගෙන්.

ඔබේ විවාහ ජීවිතය මේ මල් මෙන් වර්ණවත් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා.

මට ඔයාලාගෙ මේ තෑග්ග ඕන නැහැ.

ඇයි ඔයාලා මගේ වෙඩින් එක ගැන ඔච්චර සැලකිලිමත්?

මෙම නගරයේ සෑම දිනකම මංගල උත්සව සිදු වෙනවා. ඒකෙ අලුත් දෙයක් නැහැ.

ඔබේ කාර්යයන් වෙත ආපසු යන්න.

ඔහුට මොකක්ද මේ වෙලා තියෙන්නේ?

- ඔහු අද විවාහ වෙන්නේ නැද්ද? - මෙම විවාහය සිදුවෙයිද?

- අපි අපේ වැඩ සඳහා යමු. - ඉන්න.

මට සමාවෙන්න.

මල්වලට ස්තූතියි.

වෛද්‍යතුමනි, රෝගියා සැත්කමට සූදානම්.

හරි.

මගේ දෑත් වෙව්ලන්නට වුණා, මගේ ඇස් ඉදිරිපිට අන්ධකාරය පැතිර යනවා.

මගේ ඇස් ඉදිරිපිට රෝගියා සිහිසුන් වුණා.

ඔහුගේ ජීවිතය තිබුණේ මගේ අතේ.

නමුත් දියේ ගිලෙන කෙනෙකුට තවත් කෙනෙකුව බේරා ගත හැකිද?

මම මගේ හිත හදාගන්න උත්සාහ කළා.

මම අද හවස බඳිනවා. කවදාවත් ආදරේ කරන්න බැරි කෙල්ලෙක්ව.

මට කවදාවත් ඇයට සතුටක් දෙන්න බැහැ.

එම මොහොතේ මගේ නිවස අමුත්තන්ගෙන් පිරී යාවි.

ඔහුගේ බර සැහැල්ලු වූ බව සිතා මගේ පියා සතුටු වේවි.

ඒත් ටරානාගේ ආත්මය හිනා වෙනවා ඇති.

කොච්චර උත්සහ කළත් මට එයාව අමතක කරන්න බෑ කියලා එයා දන්නවා.

මා ජීවත්ව සිටින තුරු මට ඇයට හැර වෙන කිසිවෙකුට අයිති විය නොහැකි බව ඇය දන්නවා.

මම ගොඩක් වෙහෙසට පත් වෙලා.

මට කිසිම දෙයක් හිතාගන්න බැහැ.

මේ අයගෙන් දුරස් වෙන්න මට ශක්තියක් නැහැ.

ඇය පිස්සු කෙල්ලෙක්.

මට හොඳට මතකයි.

මම වෛද්‍ය උපාධිය අවසන් කර විදේශගතව සිට පැමිණෙමින් සිටියේ.

මම මගේ රට දකින්නේ වසර ගණනාවකට පසුවයි.

පුංචි ගම්මාන දැකලා මගේ හිත සතුටින් පිනා ගියා.

ඝන වනාන්තරවල පැතිරීම තුළ සැඟවේවි.

ඒ වනාන්තර විසින්ම උගුලට හසු කර ගන්නා බව මගේ හදවත දැන සිටියේ නැහැ.

ඒ එක් ගම්මානයක් තුළදී මගේ ජීවිතයම වසඟ වෙනවා.

සයියා.

මට දැන් මහන්සියි. මට හිරිහැර කරන්න එපා.

කරුණාකර එන්න.

ගුවන් යානයක්.

ගුවන් යානයක්.

ඒ ගුවන් යානය කැරකෙන්නේ ඇයි?

නැහැ.

ලාලු, ගුවන් යානයක් කඩා වැටී ඇති බව චෞද්රි මහත්මයාට කියන්න.

- එන්න, අපි ගිහින් බලමු. - එන්න.

එන්න අපි බලමු.

- ටෝටේ. - ඔව්?

- ටෝටේ, ටරානා කොහෙද? - ඒ ඇයි?

ඇයට ගෙදර එන්න කිවුවා.

මම හිතන්නේ නැහැ.

මට නොවේ?

අහස යානයෙන් බේරුණු කෙනා කඩවසම් කෙනෙක්.

කඩවසම් කෙනෙක්...?

ඔහු කව්ද?

අහස යානයෙන් බේරුණු කෙනා.

ටරානාගේ ගෙදරට අමුත්තෙක්.

අහස යානයෙන් බේරුණු කෙනා.

ටරානාගේ ගෙදරට අමුත්තෙක්.

මේ පිටස්තරයා ඇත්තටම කපටියෙක්ද?

ඔබලාගේ වැඩට ආපසු යන්න.

මම ඇයට දන්වන්නම්.

මහීපත් මහත්මයාණෙනි, ඔබගේ දෛවය කීමේ දක්‍ෂතාවය කොහොමද?

මගේ අනාගතයේ මොනවාද වෙන්නේ?

ඔහු තම සිතට එන දෙය දොඩවනවා.

මගේ උපදෙස් පිළිගෙන ඔහුගෙන් ඈත් වන්න.

- ටරානා. - මෙන්න ඔහු එනවා.

ටරානා.

ටරානා පරිස්සමෙන්.

- පරිස්සමෙන්? - කාගෙන්ද?

පිටස්තරයාගෙන්.

- පිටස්තරයෙක්? - ඔහුගෙන් බේරෙන්න ඕන.

ඔහු දෙස බලන්න එපා.

මම මේ මොකුත් දන්නේ නැහැ.

එයා එක්ක වැඩිය කතා කරන්න එපා.

ඔවුන් ප්‍රීතිමත් ජීවිතවලට කරදර වපුරනවා.

කරදර?

මෝඩ කතා කියන එක නවත්තන්න. ඔයාට පිස්සු.

මට පිස්සු හැදිලා නැහැ. නමුත් ඔබේ සිත රවටන්න ඉඩ තියෙනවා.

ඔබ මගේ ආදරය සමඟ පිටස්තරයාගේ හොඳ කිරා මැන බලන්න.

- ඔබේ ආදරය සමඟ ඕන තැනක යන්න. - ආදරය...

මේ අහන්න.

අතහරින්න!

ඔබේ පියා කියලා එවලා. ගුවන් යානයේ සිටි පුද්ගලයෙක්...

...ඔබේ නිවසට පමණ ඇති බව.

- මගේ නිවසට? - ඔව්.

ඔබ වේගයෙන් දිවුවොත් වැටෙයි.

සෙමින් යන්න.

තාත්තේ, අමුත්තෙක් ආවද?

අපි වාසනාවන්තයි, දුව.

නියමයි තාත්තේ! ඔහුත් වාසනාවන්තයෙක්.

ඔහුට මෙහි සුවපහසු නවාතැන් සහ හොඳ ආහාර දෙන්න පුළුවන්.

අල, කඩල, බත්, පරිප්පු කැඳ, පුඩිං සහ පාන්.

ඔහුට අපිව අමතක නොවන ලෙසට.

නිශ්ශබ්ද වෙන්න! ඇයි මෙපමණ සද්දේ?

ඔබ නිශ්ශබ්ද වන්න! මට මෙහෙම කියන්න ඔයා කවුද?

- තාත්තා, ඔහු කවුද? - ඔහු තමයි අපේ අමුත්තා.

- ඔහු නපුරු කෙනෙක් වගේ. - නිහඬවෙන්න, දුව.

- ඇය මොනවද කිව්වේ? - ඇයට සමාව දෙන්න. ඇය මගේ දුව.

මම, ඔබට සලකන්න ඇයට එන්න කිවුවේ.

- ඇයගේ හඬ ඕනෑවට වැඩියි. - ඇය ටිකක් බොළඳයි.

මට ඔබේ අත් පෙන්වන්න.

- මට ඔබේ අත් පෙන්වන්න. - මගේ අත්වල ඇති වැරැද්ද මොකක්ද?

වැඩ කරන්න නම් ඒවා සෝදා පිරිසිදු කරන්න.

මම සේවකයෙක් නොවෙයි.

මම මේ පවුලේ දුව. තේරුම් ගත්තාද?

මට එය තේරුණා.

එයා කොහොමද මට අත සෝදන්න කියන්නේ?

ඒක හරි දෙයක් නෙවෙයි, දුව. ගිහින් සමාව ඉල්ලන්න.

නියමයි තාත්තේ. මම එයාගෙන් සමාව ගන්න ඕනද?

ඔව්.

අමුත්තන්ට රළු ලෙස කතා නොකළ යුතුයි.

ඔහු සමඟ පැමිණි කාන්තාවකට සනීප නැහැ.

ආදරයෙන් හා භක්තියෙන් ඇයට සලකන්න.

- ඔයා එහෙම කියනව නම් මම කරන්නම්. - හොඳයි.

තාත්තා කිවුවා සමාව ඉල්ලන්න කියලා.

- හරි, මම සමාව ඉල්ලනවා. - නැහැ, මමයි සමාව ඉල්ලන්න ආවේ.

මම ඔයාට සමාව දෙනවා.

- මම මගේ අත් සෝදා ගත්තා. - ඒක ඔයාට හොඳයි.

ඔයාලට අවශ්‍ය මොනවද, මිදි කනවද?

- වතුර ටිකක් ගේන්න. - ඒවා ඇත්තටම රසයි.

වතුර ටිකක් ගේන්න.

ඇය, මිදි දෙන්න හදන්නේ.

මම වතුර ගෙනාවා.

වතුර!

නාන්න වතුර ඉල්ලුවේ නැහැ. මට බොන්න වතුර ඕන.

- මෝඩයා. - ඔබේ කතාව ගැන සැලකිලිමත් වන්න. ඔබයි මෝඩයා.

- මොකක්ද? - මට ආයෙත් අමතක වුණා, සමාවෙන්න.

අමුත්තන් සමඟ හොඳින් හැසිරෙන්න කියා මගේ පියා ඉල්ලා තිබෙනවා.

- තාත්තා එහෙම කිව්වා. - මේ අහන්න.

කවුරුහරි වැඩිපුර කතා කළොත් මට පිස්සු හැදෙනවා.

- ඇත්තටම? - ඔව්.

- මම කෝපයෙන් දත්මිටි කනවා. - මම...

මම මිනිසුන්ගේ ගෙල සිරකර මරා දමනවා. දැන් මාව තේරුණාද?

- ඔයා තාම මාව තේරුම් ගත්තේ නැද්ද? - මට ඔයාව තේරුණා.

එහෙනම්, නිහඬව ඔබේ කාර්යය කරන්න.

මම නිහඬව කුමක් කළ යුතුද?

උෂ්ණත්වමානය කටට දමන්න.

මම කිවුවේ ඔයාගේ කටේ නෙවෙයි එයාගේ කටේ තියන්න කියලා.

එය විවෘත කරලා නැහැ.

මම ඇයට එන්නතක් දිය යුතුයි.

එන්නත් කරන්න?

ඇගේ සිරුරට ඉඳිකටුවක්.

- ඉඳිකටුවක්? - ඔව්, ඉඳිකටුවක්.

ගුවන් යානය කඩා වැටෙනවා.

පුතේ, මාව බේරගන්න.

ඇය ඔබේ මවද?

ඇය මගේ අම්මා නොවෙයි. ඇය මා සමඟ ගමන් කරමින් සිටියා.

මට ඇයව මුණගැසුණේ ගුවන් යානයේදී.

ඔබ ඇයට සේවය කරන්නේ ඇය ඔබේ අම්මා ලෙසටද?

සේවය කිරීම මගේ යුතුකමක්. කොහොමටත් මම වෛද්‍යවරයෙක්.

ඩොක්ට මෝටිලාල්. එම් එස්, එම් ඩී, ඩීඕ...

මගේ පුතා අවුරුදු හතකට පස්සේ ආපහු එනවා.

- බුදුර්! - ඔව්, සර්?

ඔබ මගේ පුතා පිළිගැනීමට සියල්ල සූදානම් කළාද?

බෙර, රතිඤ්ඤා, තූර්ය වාදන, මල්වෙඩි.

අද ඔහුගේ අම්මා ජීවතුන් අතර සිටියා නම්.

සර්, මමත් මවක් මෙන් තුෂ්ණිම්භූතව සිටින්නේ.

අද මම එයාගේ අම්මා පිළිගන්නවා වගේ එයාව පිළිගන්නවා.

ඔබ එය කරන්නේ කොහොමද?

මම යාච්ඤා කර ඔහුගේ සියලු කරදර පිළිගන්නවා.

- මම ඔහුව වැළඳ ගන්නවා. - බුදුර්!

මෝඩයා...

මම මෝටිගේ තාත්තා මිස මෝටි නොවෙයි.

ඒ වගේම මම මගේ අනාගත බෑනාට මල්මාලා දාලා ඔහුව සිපගන්න යනවා.

තාකූර් මහත්මයා.

ශීලා, දුව. ඔයාගේ තාත්තා ගොඩක් සතුටෙන් ඉන්නේ.

මම අප්‍රිකාවේ ඉඳන් ආවේ අවුරුදු විස්සකට පස්සේ.

මගේ අනාගත බෑනා පිළිගැනීමට.

ශීලාට අද පළමු වතාවට මෝටි හමුවෙන්නේ.

ඉතින්, දුව, අපට කියන්න, අපි මෝටිව පිළිගන්නේ කොහොමද?

මේ පුවත බොම්බායෙන්.

මෙම වැදගත් පුවත වෙත අවධානය යොමු කරන්න.

ලන්ඩනයේ සිට පැමිණිය යුතු ගුවන් යානයක්...

...අතුරුදහන් වී ඇත.

එය අනතුරකට ලක්ව ඇති බවට සලකනු ලබයි.

දැනට සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.

අනේ දෙවියනේ.

නැහැ.

ඒක ඇත්ත නම් මම ඉඳලා වැඩක් නැහැ.

ඔහු මගේ දෑස වගේ. මට ඇති සියල්ල ඔහුයි.

ඇය දැන් නිදි. මම දැන් යන්නද?

ඔව්?

ඔයා කීවේ මොකක්ද? එය නැවත කියන්න.

නෝනා නිදි. මම දැන් යන්නද?

කරුණාකර ඔබේ අත මගෙන් ඉවත් කරනවද?

මම අත තිබ්බා විතරයි. මම ඔයාට වෙඩි තිබ්බේ නැහැ නේද?

ආගන්තුකයන් සමඟ මිහිරි ලෙස කතා කරන්න කියා ඔබේ පියා ඔබට පවසා තිබෙනවා නේද?

මම යනවා.

Tarana subtitles in other languages

Komen

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left