Pierwsze 200 wierszy.
Torrent search
සිංහල අනුවාදය සහ උපසිරැසි ගැන්වීම: වජිර රත්නායක.
ජායිපූර් බන්ධනාගාරයෙන් හිරකාරියෝ හතරදෙනෙක් මෙහාට එවලා.
තුල්සී බායි, සුබෙයිදා බානු, කල්‍යාණී...
ජමුනාදේවී, සුඛියා...
බංදිනි
කවුද? - මම මහාබල් සිං, හුසූර්!
සලාම්! මොකද? - පොඩි ප්‍රශ්නයක් හුසූර් හිරකාරියන්ගේ වාට්ටුවේ
මම යතුරු අරන් එන්නම්
අපිට මේකේ ඉන්ඩ බෑ. දොර ඇරපල්ලා!
දොර ඇරපල්ලා!
කට වහපල්ලා! ඇයි උඹලට මේකේ ඉන්ඩ බැරි?
අපි ලේ දකින්ඩ බයයි? - කාගේ ලේද?
දොර ඇරපන්.
කට වහපල්ලා! ජේලර් සහබ් එනවා.
සලාම්, හුසූර්!
කවුරුහරි කෙනෙකුට අසනීපයි කියලා ආරංචි වුණා.
ඔව්, රාම්දින් කියන වයසක ගෑනී ලේ වමනේ කරනවා.
අනික් ගෑනු සේරම බයවෙලා. ...දොස්තර මහත්තයා ආවා.
සමාවෙන්ඩ ඕනෑ, ටිකක් පරක්කු වුණා. කාටද අසනීප?
අංක අට හිරකාරී, රාම්දින්. ඈ අද ලේ වමනේ කළා. - ලේ!
අපි ගිහින් බලමු. - ඔයා මොකටද යන්නේ? මම ගිහින් බලන්නම්.
එහෙනං ඉක්මනිං. වැඩිවෙලාවක් මෙතෙන්ට වෙලා හිටියොත්...
...මටත් ඉස්පිරිතාලේ යන්ඩ සිද්ධවෙයි.
සේරම එළියට යං
මම ජීවත් වෙන එකක් නෑ, දොස්තර මහත්තයෝ. - ඒයි කට වහපං
දවස් ගාණක ඉඳලා රෑට උණ තියෙනවද?
ඔව්, මගේ උගුරකට වේලිලා. - වතුර ටිකක් අරන් එන්ඩ.
බය වෙන්ඩ උවමනා නෑ. ඉක්මනට සනීප වෙයි.
මොකද එයාට? - එයාට ක්ෂයරෝගෙ.
ඉක්මනට හොස්පිටල් වෝඩ් එකට යවන්ඩ වෙනවා.
හොඳයි, යවමු. ගෑනු වාට්ටුවේ කවුරුවත් නෑ.
බලාගන්ඩ කවුරුහරි ළඟ ඉන්ඩ වෙනවා.
ලොකු වෝඩ්න්, එයා ගාව නතරවෙන්ඩ කැමති කෙනෙක් ඉන්නවද අහන්ඩ
කවුරුවත් කැමති වෙයිද කියලා මට සැකයි මහත්තයෝ.
උන්දෑ ලේ වමනේ කරනවා දැකලා සේරම බයවෙලා ඉන්නේ. - කතා කරලා බලන්ඩ
උඹලා කවුරුවත් රාම්දින් එක්ක නතරවෙන්ඩ කැමතිද?
උඹලට සර්පයෝ කාලාද? - මම කැමතියි.
මෙයාව නං වයසක මනුස්සයා එක්ක තියන එක එච්චර හොඳ නෑ.
ඇයි? - මේ වයසේ කෙනෙකුට ක්ෂයරෝගේ...
...බෝවෙන්ඩ තියෙන ඉඩකඩ වැඩියි
ඒකට කමක් නෑ, දොස්තර මහත්තයෝ ජේලර් සහබ්, මට අණ කරනවානං...
...මම රාම්දින් හොඳට බලා ගන්නම්.
අමුතු ගෑනු ළමයෙක්. දවස් කීපෙකට කළින් ආවා වුණාට...
...හැමෝටම සලකන්නේ තමන්ගේම උදවියට වාගේ.
මේ මගේ ටිකට් එක. නියෝගෙ ලියලා දෙන්ඩ.
නැත්තං තමුන්නාන්සෙට අමතක වෙයි. - මේක නියෝග දෙන වෙලාවක්ද?
ඩොක්ටර්, මට පෑන දෙනවද?
දෙයියනේ! මොන බය නැති කමක්ද?
හරියට ජේලර් සහබ්ගේ නැන්දම්මා වාගෙනේ කතා කෙරුවේ.
කට වහපං, ආයෙම පටං ගත්තද කචකචේ? හිටපු තැන්වලට පලයල්ලා.
ඇයි ඒ ගෑනු ළමයගෙ කඩදාසි දැකලා කලබල වුණේ?
එයා කරලා තිබුණු අපරාධය දැක්කහම මට පුදුම හිතුණා.
වස දීලා කෙනෙක්ව මරාදාලා!
ඒත්, අද වෙන කෙනෙක්ගේ ජීවිතේ බේරගන්ඩ යනවා.
ශුද්ධ ලියවිලිවල තියෙනවා ගෑනියෙකුගේ චරිතයයි, මිනිහෙකුගේ දෛවයයි තේරුම්...
...ගන්ඩ දෙවියන්ටත් අමාරුයි කියලා. එහෙමනං අපිට කොහොම වෙයිද?
මම දන්නේ නෑ ලියවිලිවල තියෙන දේවල් ගැන නං...
...එකපාරක් වැරැද්දක් කරපු පලියට කෙනෙක් සදාකාලිකවම අපරාධකාරයෙක් වෙන්නේ නෑ.
ඇයි මේ ඇඳ ගෙනාවේ? - දොස්තර මහත්තයා ගේන්ඩ කිවුවා.
අපි මෙතන නැහීගෙන වැඩ කරනවා.
කල්‍යාණී ඉස්පිරිතාලෙට වෙලා විවේක ගන්නවා.
දැං මොකටද ඊරිසියා කරන්නේ? වයසක ගෑනිව බලාගන්ඩ කාටහරි එන්ඩ කියලා...
...ලොකු වෝඩ්න් කියනකොට සේරම සර්පයෝ ගැහුවා වාගේ හිටියේ?
ඇයි දෙයියනේ, උඹට කේන්ති ගියේ මොටද?
උණ බහින්නේ නෑ. හෙට එයාව මහ ඉස්පිරිතාලෙට අරන් යන්ඩ වෙනවා.
පාන්දරම ලෑස්ති වුණොත් හොඳයි.
දොස්තර මහත්තයෝ, එක ඇඳක් ලෙඩාට ඇතිනේ.
තව ඇඳක් ගේන්ඩ කිවුවේ කාටද? - ඒක ඔයාට.
මට ඇඳක් ඕන නෑ. මට බිම නිදාගන්ඩ පුළුවන්.
හිරගෙදර නීතිය මෙහෙට බලපාන්නේ නෑ. මමයි තීරණය කරන්නේ...
...ඕනෑ මොනවද එපා මොනවද කියලා. - මම සාමාන්‍ය හිරකාරියක්.
මගෙ දඬුවම ගෙවලා ඉවර කරන්ඩයි මෙහාට ආවේ.
ඇඳ රෙද්දකුයි බ්ලැන්කට් එකකුයි මට හොඳටම ඇති.
දොස්තර කෙනෙක් විදිහට, මගේ රාජකාරිය මම කරන්ඩ ඕනෑ.
අහන්ඩකෝ! - ඒ පාර මොකද?
මම සී ක්ලාස් හිරකාරියක්.
නෝනලා මහත්තුරු කවුරුවත් මට නම්බු දීලා කතා කරන්නේ නෑ.
තමුන්නාන්සේ ඇයි මෙහෙම කතා කරන්නේ?
මට මේ රස්සාව හම්බවුණා විතරයි.
තවම මෙහෙ නීතිරීති දන්නේ නෑ.
ඒවා දැනගත්තට පස්සේ, මමත් මෙහෙම කතා කරන එකක් නෑ
නොම්මර දොළහ, චුට්ටී බාබු කතා කරනවා. - කොහෙද? - ගහ ගාව
ඇයි තමුන්නාන්සේ ඔහෙ ඉන්නේ? මෙහාට ආවැහැකිනේ!
කොහොමද ලෙඩාට? - ටිකක් උණ වැඩියි.
ඕ අයි සී. ! මම හොයාගත්තා...
... ඔයාගෙ කේස්එක එහෙම පිටින්ම වැරදියි කියලා.
මම නීතිඥයෙක් එක්කත් කතා කළා.
තව විස්තර ටිකක් දැනගත්තට පස්සේ...
බොහොම ස්තූතියි! ඒත් කේස්එක සම්පූර්ණයෙන්ම හරි.
දොස්තර මහත්තයා ඔයාට මේ රාජකාරිය මොකට දුන්නද මන්දා.
ක්ෂය රෝගේ තියෙන ලෙඩෙකුට සාත්තු කරන එක ඔයාට...
...අනතුරුදායක වෙන්ඩ පුළුවන්.
මේක මම කැමැත්තෙන් බාරගත්තු රාජකාරියක්
කල්‍යාණී!
කල්‍යාණී, ඔයාගෙ ටිකට් එක දාලා ගිහිං. පරිස්සම් කරලා තියාගන්ඩ.
ලෙඩාට කොහොමද දැන්? - මම බලන්නම්
පෙනහලු දෙකම ආසාදනය වෙලා. හැබැයි මට විශ්වාසයි ඉක්මනට හොඳ කරන්ඩ පුළුවන්.
හෙට ඉඳලා ප්‍රතිශක්තිකරණ ඉන්ජෙක්ෂන් එකකුත් දෙනවා.
දොස්තර මහත්තයා!
හොඳ ආරංචියක්. රාම්දීන් ඊයෙ රෑ හොඳට නිදාගත්තා.
නැගිටිනකොටත් වෙනදට වඩා සනීපෙන් හිටියා.
තමුන්නාන්සේ එයාව බේරගත්තා. - ඒකෙ ගෞරවය තනිකරම මට...
...අරගන්ඩ බෑ. එයාව ගොඩගන්ඩ ඔයත් රෑ දවල් නැතුව මහන්සි වුණා.
මේවගේ අසනීපෙකට බෙහෙත්වලට වඩා වටින්නේ සාත්තුව.
දැන් හොඳයිද රාම්දීන්? - ඔව්. - ඇඟේ උෂ්ණත්වය බලමු.
දිගටම හාන්සිවෙලාම ඉන්ඩ ඕනැද? - නෑ! උදේ හවස ටිකක් ඇවිද්දට කමක් නෑ.
හැබැයි වැහි හුලංවලින් ප්‍රවේසම් වෙන්ඩ ඕනෑ.
කල්‍යාණී, අහන්ඩ!
ඔයා වැඩකරනකොට බොහොම ලස්සනයි.
තව කොච්චර වෙලා රාම්දීන්ට කට තදකරගෙන ඉන්ඩ වෙයිද?
ඕ සුන්දර කුරුල්ලාණනි! උදේ සවස ඔබ, කියන්න හඬගසන්නේ කාටද?
...කියන්න...
...ඔබ හඬගසන්නේ කාටද?
මමද කුරුල්ලෙක් වෙමි. සිරගත වූ මයිනෙක් වෙමි.
මගේ පියාපත් නිශ්ඵලය.
මහ සයුර මැද සිරගතව සිටිමි.
කෙලෙස එතෙර වී යන්නෙම්ද?
ඕ සුන්දර කුරුල්ලාණනි! උදේ සවස මේලෙස...
...කියන්න ඔබ හඬගසන්නේ කාටද?
කියන්න කාට හඬගසන්නේද?
වසන්ත මාසයේ, උයන් තුළ පුෂ්පයෝ විකසිත වෙති...
...මගේ පෙම්වතා කොහිද?
මම ජනේලය අතරින් නිහඬව බලා හිඳිමි.
වසන්ත ඍතුව පැමිණ ඇත.
ඕ සුන්දර කුරුල්ලාණනි! කියන්න, උදෑසන සහ සැන්දෑ යාමයේ...
...ඔබ හඬගසන්නේ කාටද? කියන්න
ඔබ හඬගසන්නේ කාටද?
මොකද වෙන්නේ? මම කුස්සියට ගිහිං එන්ඩ ගිය ටිකට උඹ සින්දු කියන්ඩ පටංගත්තද?
ලොකු වෝඩ්න් නෝනා, මට සන්තෝසයක් දැනුණා, ඒකයි
හිරගෙදර නීතිරීති දන්නේ නැද්ද? සන්තෝස හරි දුක හරි කට පියාගෙන ඉඳපං.
නැත්තං මම උඹේ දිව එළියට අදිනවා.
දොස්තර මහත්තයා, මේ ළමයටත් බෙහෙත් ටිකක් දෙන්ඩ වෙයි...
...රෑ තිස්සෙ ඇහැරලා, වේදනාවට!
මොකද ඔයාට?
මොකුත් නෑ. නිකං හීතලක් දැනුණා.
මෙච්චර අපරික්ෂාකාරි වෙන්ඩ එපා. ටිකක් නාඩි බලමු.
චිහ්! චී... චී... චී...
මොන ටේස්ට් එකක්ද? හිරකාරියොත් එක්ක මෙහෙමත් නාඩගම් නටනවද?
දොස්තර කෙනෙක්, ලොකු මිනිහෙක්. සල්ලිකාර පරම්පරාවක
ටිකක් ටිකක් හිතන්ඩ එපැයි, අඩු තරමේ තමුංගේ පරම්පරාවේ නම්බුව ගැනවත්!
යාළුවා, ඕකට කියන්නේ ලව්. එහෙමත් නැත්තම් ප්‍රේමය.
ප්‍රේමය කිසිවක් නොදිකියි.
ප්‍රේමය නිසා මිනිසෙක් අන්ධ නොවන්නේ නම්...
...ඒ ප්‍රේමය කුමක් කරන්නද?
හිමීට, හිමීට එයා එනවා.
දැක්කද මූණෙ පෙම්පාට? හරියට මජ්නු වාගේ.
මේක ප්‍රේම කරන තැනක් නෙවෙයි, හිරගෙදරක් මිසක්
ප්‍රේම කරන්ඩ නං වෙන තැනක් හොයාගන්ඩ එපැයි
තමුසෙලා දන්නේ නැද්ද? ඩිපියුටි ජේලර්...
...ජේලර් සහබ්ට පැමිණිලි කරන්ඩ හදන්නේ. එතකං ඉවසලා ඉමු
කල්‍යාණී, මෙහෙ මොකද? දොස්තර මහත්තයා උඹට ස්පෙෂල් කෑම...
...ඉස්පිරිතාලෙට යවලා තියෙන්නේ!
මොනතරම් වාසනාවක්ද කල්‍යාණී!
රොටී කන්ඩ බිත්තරයි බටරුයි!
කොයිතරම් මෝඩයිද මම, බලනකොට! නාකි ගෑනි බලාගන්ඩ කැමති වුණානං...
...මටත් ඔය සේරම හම්බ වෙනවනේ.
ඇයි, තව හොඳ තරුණ මිනිහෙකුත් රවට්ට ගත්තහැකි.
දොස්තර මහත්තයා.
ඇයි මට ස්පෙෂල් කෑම එවුවේ?
අනික් ඉස්පිරිතාලවලත්, ලෙඩ්ඩු බලාගන්න අයට එහෙම දෙනවද?
වෙන ඉස්පිරිතාල ගැන මම දන්නේ නෑ, හැබැයි මෙහෙ නීතියනං එහෙම තමයි.
පෝෂ්‍යදායක කෑම ඕනෑ හන්දද නැත්තං කරුණාව පෙන්නන්ඩද?
නෑ, ඔයාට මෙහෙම කෑම ඕනෑ. මම යමක් අහන්ඩද කල්‍යාණී?
ඇයි ක්ෂයරෝගෙ තියන ලෙඩෙකුට සාත්තු සප්පායම් කරන්ඩ බාර අරගෙන...
...තමුන්ගේ ජීවිතේ අනතුරක දාගත්තේ?
කාරණේ මොකක් වුණත්, මට බෑ ඔයාට මේ ඉස්පිරිතාලෙ ඇතුළෙ සියදිවිනසාගන්ඩ දෙන්ඩ.
මොකටද මම වගේ කෙල්ලක් බේරගෙන?
දන්නවා නේද මම දඬුවම් විඳින්නේ කොහොම අපරාධයකටද කියලා - දන්නවා
එහෙම වෙලත් මාව ආරක්ෂා කරන්ඩ ඕනැද?
ඔව්! පරණ දේවලට පසුතැවිලා ඔයාගෙ අනාගතේ නැති කරගන්ඩ එපා, කල්‍යාණී.
මොකද්ද ඇති ලාබේ?
ලාබය? ලාබ අලාබ ඇර ජීවිතේ ගැන...
...වෙන මොනවත්ම ඔයාට දැනෙන්නේ නැද්ද, කල්‍යාණී?
අනතුරු ඇඟවීමේ සීනුව!
ඇයි, මොකද වෙලා තියෙන්නේ? - නිදහස් සටන්කරුවන්ගේ උද්ඝෝෂණයක්.
ඇයි මේ සීනුව ගහන්නේ, වෝඩන් නෝනා?
මේ නිදහස් සටන්කාරයෝ ආපු දා ඉඳලා, මෙහෙ තිබුණු සාමය නැතිවෙලා ගිහිං.
හැමදාම මොකක්හරි ප්‍රශ්නයක්. අද නිදහස් සටන්කාරයෙක් ඩිපියුටි ජේලර්ට ගහලා
ආරක්ෂාව තියෙන තැන්වලට පලයල්ලා.
සියල්ල නිවැරදියි!
සියල්ල නිවැරදියි!
මොකද කමලා? - මොකුත් නෑ.
මම අඹරන්නම්. දැන් රාම්දින්ට සෑහෙන හොඳයි. මට ඒ හැටි වැඩක් නෑ.
කමලා, දොස්තර මහත්තයා දැනගත්තොත් උඹට මොනවා වෙයිද දන්නේ නෑ.
ඉතින් උඹට මොකද? - උඹ කට පියාගෙන ඉඳපන්. මෝඩ ගෑනී.
එයාද උඹද මෝඩ කතා කියන්නේ? නෑ, හිටපං හොඳ වැඩක් කරන්නම්.
ඇයි උඹ මොනවා කරන්ඩද? - කියපං බලන්ඩ ආපහු පාරක්.
එකපාරක් මොකද?මම සිය පාරක් කියනවා. - කට වහන්ඩ කිවුවා නේද උඹට...
මිනී මරනවෝ!
කවුරුවත් නැද්දෝ?
නතර කරපල්ලා! උඹලා මෙහෙමද හැසිරෙන්නේ මම මෙතන ඉඳිද්දිත්?
මම සේරම ගැන ජේලර් සහබ්ට පැමිණිලි කරනවා.
දොස්තර එන වෙලාවේ කොහෙද යන්නේ? ඊයේ දොස්තර මහත්තයා ඔයාව ඇහුවා.
මම පයිප්පේ ගාවට යන්නේ
ඔයාගෙ නර්ස් කොහෙද අද?
මේ දැන් මෙතන හිටියා. කල්‍යාණී, දුවේ කල්‍යාණී!
ටැප් එක ගාව රෙදි හෝදනවා. මාව එවුවා. කතා කරන්ඩ ඕනැද?
නෑ, කමක් නෑ!
දැං ඔයාට සනීපයි. මම හැමදාම එන්ඩ ඕන නැහැ.
No comments yet. Be the first to leave one.