Informacje o wydaniu

You Tube - Video Running Time 02 37 00
You Tube search name - Brahmachari l Shammi Kapoor, Mumtaz, Rajshree l 1968
Komentarz od wntg
You Tube search name - Brahmachari l Shammi Kapoor, Mumtaz, Rajshree l 1968

Tagi

other
Opublikowano: 2021-12-05
Pobrania: 24
Dla niesłyszących: No

Podgląd napisów Sinhala

Pierwsze 200 wierszy.

You Tube - Video Running Time 02:37:00

You Tube search name - Brahmachari l Shammi Kapoor, Mumtaz, Rajshree l 1968

රඟපෑම් :- ශම්මි කපූර් රාජ්ශ්‍රී

සිංහල උප සිරැසි සැකසුම :- විතානගේ ප්‍රියන්ත දයාකීර්ති.

ආ...ඔබ ආව ද? ආයුබෝවන්!

එන්න ඇතුළට. මම, ඔබ එනතුරු බලාගෙන හිටියේ.

මෙහි ඇතුළට හොඳින් වාතාශ්‍රය එන නිසා වායු සමීකරණයක් අවශ්‍ය නැහැ.

අර නිවසේ කවුද ඉන්නේ? - එහි කවුරුත්ම නැහැ.

ඔබ අත්තිකාරම් මුදලක් ලෙස ඉල්ලන ප්‍රමාණය නම් ගොඩක් වැඩියි.

ඔයාට තැන නිස්කලංක වෙන්නත් ඕන. ගණන අඩුවෙන්නත් ඕන.

කමක් නැහැ. අත්තිකාරම් මුදල රුපියල් විසිපන්දාහක් දෙන්නකෝ.

නැහැ. මේ විසිදාහ අරගන්නකෝ.

මෙතැන අපට ගැළපෙන තැනක් නොවෙයි. මගේ සල්ලි ආපසු දෙන්න.

එන්න අපි යමු.

ආයුබෝවන් සර්! ඔබේ පැමිණීම අපට ආශීර්වාදයක්.

එත් මේ වෙලාවේ? ඔබට යම්කිසි කරදරයක් ද?

කෝ... මේ අය? - ළමයි ගැන ද ඇහුවේ?

මම ඒ අයව රැස් කරවන්නම්. දරුවනේ කට්ටියම මෙතනට එන්න.

මේ මහත්තයා ඔයාලට කතා කරනවා. එතුමා කෑම ගෙනල්ලා.

නරක ළමයෙක්.

මෙයාට ගහන්න ඕන.

මෙපමණ ශබ්ද නඟන නිසා මට මේ අය එක එක්කෙනා බලන්න ඕන.

දඟකාර හාදයෙක්.

මේ අය එක එක්කෙනා බලන්න ඕන.

මට කෙන්ති ගිහිල්ලා තියෙනවා දැකලා නැහැනේ.

බ්‍රහ්මචාරී කොහෙද?

ආයුබෝවන් මහත්තයා.

ළමයි පුටුවක් ගේන්න. එතුමාට බොන්න සරුවත් බීම එකක් දෙන්න.

රැවටීම් එපා. මෙතන මේ ඝෝෂාව මොකක් ද?

මගේ නිවස කුලියට ගන්න පවුලක් ඇවිත් රුපියල් විසිදාහක අත්තිකාරමකුත් දුන්නා.

නමුත් මේ ඝෝෂාව පටන්ගත්තා විතරයි, ඒ අය ඒ මුදලත් අරන් ආපසු ගියා.

ඇයි අපි වගේ අයට මෙහෙම කරදර කරන්නේ? - සන්සුන් වෙන්න.

මම මේ කරනා කාර්යය ගැන ඔබ කවදා හෝ කල්පනා කර තිබේද?

මම ගොඩක් දරුවන්ව පෝෂණය කරමින් අධ්‍යාපනය ලබාදෙනවා.

මම සුළු ආදායමක් උපයන්නේ.

අද දරුවන්ට කෑම අරන් දෙන්න විධියක් නැහැ.

ඔවුන් කෑම ඉල්ලා කරදර නොකළ නිසා මම සින්දු කියන්න ඉඩ දුන්නා.

ඉතිං ඒකට මම වග කියන්න ඕන ද? මම මේ දේවල් කරන්න කියලා නැහැනේ.

ඔවුන් ඔබේම දරුවන් වගේ අය. - ඔබ, මට පාඩු කරන්න ද යන්නේ?

ඔබට මෙහි පාලනය ගෙනයන්න බැරිනම් ඔවුන්ව අනාථ නිවාසයකට යවන්න.

එහෙම කියන්න එපා. අසල්වැසියෙක් නිසා ඔබටත් යමක් කරන්න පුළුවන්.

ක්‍රිස්තුස් වහන්සේත් අසල්වැසියන්ට දුකේ දී උපකාර කරන්න කියලා දේශනා කළා.

මේ දුකට නම් අවශ්‍ය මුදල්.

මට තේරුම් ගන්න පුළුවන්. මගෙන් බලෙන් හෝ මුදල් ගන්න මේ හදන්නේ.

මාව උගුලට අසුකළා. ආ...මෙහි කුලිය රුපියල් දෙසීය.

කුලී නිවෙස් හිමියා පැමිණෙන්නේ කවදා ද... - ඔබ මේ මුදල් ලබා දුන්නානේ...

...දැන් ඉතිං සොහොන් පිටියක ඇති සාමකාමිත්වයක් මෙහි ඇතිවේවි.

එය සෑම විටෙකම පවත්වා ගන්න. - එය සිදුවේවි.

නිශ්ශබ්ද වෙන්න. කමක් නැහැ ඔවුන් ළමයි නිසා.

දරුවනේ අත්පුඩි ගහන්න.

රාජු ඔයාගේ පාසැල් ගාස්තු හෙට ගෙවන්න.

මාමේ, මට චොක්ලට් ඕන. - මට පොත්...

හරි මාත් එක්ක යමු. ඔයාලට අවශ්‍ය දේවල් අරන් දෙන්නම්.

ආයුබෝවන්, මිස්ට රසන්. - ආයුබෝවන්.

මම දරුවන්ගේ ඡායාරූප ටිකක් ගෙනාවා.

මට මුදල් ටිකක් අවශ්‍යයි.

මගේ සඟරාවේ, ඔබේ දරුවන්ගේ ඡායාරූප තවදුරටත් දාන්නේ නැහැ.

මගේ සඟරාව ඔබේ ළමා නිවාසයෙන් පළකරන එකක් කියලා හිතුව ද?

ඔබේ ඡායාරූප එක්ක දැම්මොත් මිනිසුන් සිතාවි මේක ළමා සඟරාවක් කියලා.

ළමයින් කියන්නේ දෙවියන්ගේ ප්‍රති මුර්තියක් වගේ.

නමුත් දෙවියන් මගේ සඟරාව මිලට ගන්නේ නැහැනේ.

කාටද දෙවියන්ගේ අනෙක් ප්‍රතිරූප බලන්නට අවශ්‍ය?

කාන්තාවන්ට ද, පිරිමින්ට ද? - එහෙනම්, ඔබට ගැහැනු ළමයින්ගේ ඡායාරූප අවශ්‍ය ද?

වයස 37, 22... - එවැනි දේවල් ඔබෙන්...

ඔව්, මම ඒක දැක්කා. මුද්‍රණය සඳහා එවන්න.

ඔබ දන්නවා... - මම දන්නවා ඔබට මුදල් අවශ්‍යයි.

ඔබ උතුම් කාර්යයක් කරමින් සිටින බව මම දන්නවා.

නමුත් දිවා රාත්‍රී වැඩ කළත් ප්‍රමාණවත් ආදායමක් ඔබට උපයන්නට බැහැ.

ඒ නිසා ඔබ වෙනත් ක්‍රියාමාර්ගයක් නොගන්නේ ඇයි? - මොනවගේ දෙයක් ද?

මගේ සඟරාවේ දැන්වීමක් දාන්නම්...

...දරුවන් නොමැති ධනවත් පවුල් දැනුවත් කරලා.

එවිට ඔබේ වගකීම් අඩුකරගන්න පුළුවන්. - නමුත් ඔවුන්ව බරක් ලෙස මා සලකන්නේ නැහැ.

මගේ දෑතින්ම මම ඔවුන් රැගෙන ආවේ. මම ඒ අයට ගොඩක් ආදරෙයි.

ඒ අය මගේ හදවතේම කොටසක්. - එහෙම පිස්සු විධියටම හිතන්න එපා.

මම දන්නවා ඔබේ නිවස පවා උකස් තබා ණය අරන් කියලා.

එය පහළොස්දාහක් ද? - දැන් පොලියත් සමඟ විසිදාහක් පමණ වෙනවා.

ආයතන ප්‍රධානියා දන්වා තිබෙනවා වෙලාවට මුදල් ගෙව්වේ නැති නම්...

...මේ නිවස වෙන්දේසි කරනවා කියලා. මම ළමයි එක්ක කොහේ යන්න ද?

මම ඔබට රුපියල් පන්සීයක් දෙන්නම්. ඒත් මේ ඡායාරූප සඳහා නොවෙයි.

යථාර්ථය පෙන්වන ඡායාරූපයක් ගෙන එන්න. - ඒ කියන්නේ?

මීට පෙර පළ නොවූ ආකාරයේ එකක්.

නැත්නම් මිනිසුන් තැතිගැන්වෙන දෙයක්. - ඔව්, මට තේරුණා.

හරි, මම නියම තැතිගැන්වෙන එකක් ගේන්නම්. - ඒ කුමක් ද?

මම පසුව කියන්නම්. ඔබ දුන් රුපියල් පන්සීය වෙනුවෙන්.

ඉන්න. දැන්ම පනින්න එපා.

මට මුහුදට පනින්න අවශ්‍ය නැහැ. මට ඕන මැරෙන්න.

කවුද ඔබව වළක්වන්නේ? ඔබට මැරෙන්න අවශ්‍ය නම් එසේ කරන්න.

අන් අයත් ඔබව ආදර්ශයට ගනීවි...

...අපේ රටේ ජීවන බර අඩු කර ගැනීමට දිවි නසාගන්න.

එවිට ආහාර ගැටළුව විසඳේවි. මට අවශ්‍ය ඡායාරූපයක් ගැනීම පමණයි.

මොකක් ද ඔබ කිව්වේ? - ඡායාරූපයක් ගන්න, මිනිත්තු දෙකක් ඉන්න.

මිනිත්තු දෙකෙන් පසුව දිවි නසා ගතහොත්...

...තවත් අය ඔබේ මළ සිරුරේ ඡායාරූප ගනීවි.

මේ ඡායාරූපයට මට රුපියල් පන්සීයයි.

නමුත් නියම අවස්ථාවේ දී ම එම ඡායාරූපය ගත යුතුයි.

දැන් හරි, ඔබේ හිසකෙස් අවුල් කරගන්න.

සාරිය සුළං රැල්ලට සැලෙන්න ඉඩ හරින්න. ටිකක් සිනාවෙන්න.

ඕ...සමාවෙන්න. මෙය ඛේදනීය, දුක්මුසු අවස්ථාවක්නේ.

වැළපෙන්නයි ඕන.

හරි, දැන් පනින්න. තල්ලුවක් දෙන්නත් මට පුළුවන්.

රුපියල් පන් සීයක්.

ඇයි ඔබ මා පසුපස එන්නේ?

ඔබ දියට පනින්නේ නැද්ද? අපේ රටේ දියුණුවක් නැත්තේ ඔය නිසා තමයි.

ප්‍රතිපත්තියක් නැහැ. ඉතිං රටක් දියුණුවෙන්නේ කොහොම ද?

හිතට දිරියක් ගෙන පනින්න. දෙවියන් ආශීර්වාද කරයි.

මම ඔබේ ආත්මයේ සාමය වෙනුවෙන් යාච්ඤා කරන්නම්. දැන් යන්න.

නැවතත් ඔබ අඬන්න ගත්තා. ඇයි බඩගිනි ද? - ඔව්...

මම කෑම ගෙනත් දෙන්නම්. ඊට පස්සේ පනිනවා කියලා පොරොන්දු වෙන්න.

මම රුපියල් පන්සීයක් උපයන්න ඕන.

නැතිනම් දරුවෝ දොළොස්දෙනා කුසගින්නෙන් මිය යාවි.

කෝ...එන්න.

දරුවනේ, අත්පුඩි ගහන්න.

මාමේ, මීයෙක් ඇවිත් මගේ දතක් හොරකම් කළා.

දුක් වෙන්න එපා. මම මීයන්ට හොඳ වැඩක් කරන්නම්.

කවුරුහරි මගේ කොණ්ඩය කපලා. මම හිතන්නේ මෙයා තමයි ඒක කළේ.

මම, ඔබව කකුල් වලින් එල්ලා තබනවා.

මාමේ... - මට තව පැමිණිලි අහන්න ඕන නෑ.

චෝටි, ඇයට කෑම ගෙන එන්න. දැන් ඇයට සියදිවි නසා ගන්නට තිබෙනවා.

එවිට ඇගේ ඡායාරූපය පත්තරේට දීලා මට රුපියල් පන්සීයක් ගන්න පුළුවන්.

ළමයිනේ, අත්පුඩි ගහන්න.

මාමේ, මට ඉන පටියක් ගෙනාවද?

මගේ සපත්තු? - මගේ බෝනික්කා? - මගේ මෝටර් රථය?

ළමයි නිහඬවෙන්න. - පොඩ්ඩක් එන්න.

ඔබ කැමතිනම් මීයන්ට දෙන වස ඇගේ කෑම එකට දාන්න පුළුවන්.

මම අතරට ඒවා මිශ්‍ර කරන්නම්. - මෝඩයා.

මම, ඇයට උදව්වක් කරන්න හැදුවේ.

එන්න අක්කේ. කෑම ගෙනෙන තුරු වාඩිවෙන්න.

ඔබට මැරෙන්නට අවශ්‍ය ඇයි? - එතකොට විතරයි, මාමට රුපියල් 500 ක් ලැබෙන්නේ.

එවිට මගේ පටිය ලැබෙනවා. - මගෙන් පහර නොකා, කට වහගෙන ඉන්න.

ඇත්තටම හොඳ මිනිස්සු ඉක්මනින් මැරෙන බව මාම කියනවා.

ඔබ හොඳ නිසාද මැරෙන්න හදන්නේ? - ඔබ මැරෙන්න කැමති ඇයි කියලා කියන්න.

ඇය නිවැරදි ප්‍රශ්නයක් ඇසුවා.

ඔබට මැරෙන්නට අවශ්‍ය ඇයි? අපට කියන්න.

ඔබේ එම කථාව සිත්ගන්නා සුළු නම්, එම විස්තරයත් ඡායාරූපය සමඟ දාන්නම්.

සමහර විට මිස්ට රාස්දාන් ඒ සඳහා අමතර මුදලක්ද ගෙවාවි. - මුදල්....

මගේ ජීවිතයට වඩා මුදල් ඔබට වැදගත්ද?

මාමේ, ඇයි ඔයා එයාව අඬවන්නේ?

අඬන්න එපා, නැත්නම් මමත් අඬන්න පටන් ගන්නවා. - අඬන්න එපා.

නිහඬවෙන්න. ඇගේ කතාව අහමු. කියන්න මිස්...

ඔයාගේ නම මොකක්ද? - ශීටාල් චවුද්රි.

මම ඔයාට උදව් කරන්න පොරොන්දු වෙනවා, මිස් චවුද්රි.

ඔබට කළ බරපතල වැරැද්ද කුමක්දැයි කියන්න.

අපේ වැඩිහිටියන්ගේ ආශීර්වාදයෙන් මම බාල වයසේදීම පිරිමි ළමයෙක්...

...එක්ක යාළුවෙලා ආදරය කළා. එයාල සිටියේ අපේ නගරයේමයි.

ඒ කාලයේ දීම මගේ තාත්තා රිය අනතුරකින් මිය ගියා.

ඉන් පසුව මගේ මාමාගේ නිවසේ තමයි අපි ජීවත් වුණේ.

නමුත් මට ඒ පිරිමි ළමයා අමතක කරන්නට නොහැකි වුණා.

ඔහු සමඟ විවාහ වෙන බලාපොරොත්තුව මගේ සිතේ තිබුණා.

ඔබේ විවාහය වළක්වන්න හිටියේ කවුද?

පසුගිය මාසයේදී මගේ මව ඔවුන්ව මුණගැසීමට බොම්බේ වෙත පැමිණියා.

එහෙත් ඔහුගේ මව, දුප්පත් අපිව ප්‍රතික්ෂේප කළා.

ඔවුන් දැන් වඩාත් ධනවත් වෙලා. මගේ මාමාත් මේ සිද්ධිය දැන ගත්තා.

ඔහු, මාව වෙනත් කෙනෙක්ට විවාහ කරදෙන්න සුදානම් කළා.

මංගල උත්සව දින කිට්ටු වෙන විට මම ගෙදරින් පැනලා ආවා.

මම ආදරය කළ කෙනා මුණගැසීමට මට අවශ්‍ය වුණා. - ඉන්පසු මොකද වුණේ?

මම, ඔහුගේ නිවසට ගියා. ඔහු මාව හඳුනන්නේ නැති බව කිව්වා.

ඔබ කවුද? ඇයි ඔයා මෙහාට ආවේ?

ඔබ මාව හඳුනාගන්නේ නැද්ද? මම ශීටාල්. - ශීටාල්, කවුද?

මම දන්නේ නැහැ එහෙම කෙනෙක්. ඒ වගේම විස්තර දැන ගන්න අවශ්‍යත් නැහැ.

ඔබ පවසන්නේ කුමක්ද? මම ඔයාගේ ආදරවන්තිය.

අපි ළමා කාලයේ හඳුනාගත්තේ. ඔබ අපේ විවාහය ප්‍රතික්ෂේප කළේ ඇයි?

ඔබ සමඟ විවාහය? ඔයා සිහින දකිනවාද?

මම, ඔබව විවාහ කරගන්නේ කෙසේ ද?

ඒත් අපේ තාත්තලා දෙන්නා එකඟ වුණා. - දැන් ඔවුන් දෙදෙනාම මියගිහිල්ලා.

එය ඔවුන්ගේ කැමැත්තක් පමණයි.

මෙතනින් යන්න, නැවත එන්න එපා.

කතන්දරවලදී පමණයි ඔබ වගේ කෙනෙක්ව කුමාරයෙක් විවාහ කරගන්නේ.

මම හොඳ භාර්යාවක් වෙන්නම්. - මගේ සේවිකාවන් ඔබට වඩා හොඳයි.

මම ඔවුන්ව විවාහ කර ගත යුතුද? - ඔයාගේ සේවිකාවන්ට මාව සමාන කරනවාද?

ඔබ, ඔවුන්ට සමාන නොවේ. ඒ අය ඔබට වඩා ලස්සනයි.

මේ විදිහට මට සලකන්න එපා.

කාත් කවුරුත් නැති අය දෙවියන් වහන්සේට අයිති බව කියවෙනවා.

එබැවින් දෙවියන් වහන්සේ වෙතට යන්න.

ඔබ වැනි අය සඳහා වැය කරන්න මට කිසිදු කාලයක් නැහැ.

මෙවැනි නින්දාවකින් පසුව ඉන්නවාට වඩා මිය යෑම හොඳයි.

මම දැන් ගෙදර යන්නේ කොහොමද?

මම සියදිවි නසා ගැනීමට තීරණය කළේ ඒ නිසායි.

ඔහු, ඔබව විවාහ කරගත්තේ නැහැ කියලා මැරෙන්න අවශ්‍ය නැහැ.

පිරිමින්ගේ හිඟයක් නැහැ. ඔබට වෙනත් අයෙකු සොයා ගන්න පුළුවන්.

මම වෙන කිසිවෙකු සමඟ විවාහ වෙන්නේ නැහැ.

ඔහු නොමැතිව ජීවත්වෙන්න බැහැ.

අඬන්න එපා. මම ඔහුව එකඟ කර ගන්නම්.

ඔහුගේ නම සහ ලිපිනය දෙන්න.

ඔයා ජීවත් වෙනවද නැත්නම් මැරෙනවාද කියලා ඉදිරියේදී දැනගන්න පුළුවන්.

ඔහු, තමා මගේ එලාම් ඔරලෝසුව. දැන් වැඩට යන වෙලාව හරි. මගේ සපත්තු ගෙන්න.

එන්න. ඔබේ ආහාරය ගන්න, මැඩම්. - එය සූදානම්ද?

අත් සෝදාගෙන ඔබේ ආහාර ගන්න. චෝටි, ඇයව බලාගන්න.

ළමයින්ගෙන් ඇයට කරදරයක් වෙන්න දෙන්න එපා. - හරි, එන්න.

කවුරුහරි ඔබේ සපත්තු ටික එකට තබා ගැට ගහලා.

ඔහු තමා එය කළේ.

ඔබලා සතුටු ඇති මෙය දැනගන්න, මා සෑම වසරකදීම වගේ මේ වගේ උත්සවයක් පවත්වනවා...

...මගේ උපන් දිනය අද්විතීය ආකාරයකින් සමරන්න.

මෙම අයිතමය කාන්තාවන් සඳහා පමණි. මම අංක 1 සිට 13 දක්වා විසි කරන්නවා.

13 වන අංකය ලබාගන්නා කාන්තාව ප්‍රධාන ආරාධිතයා වනු ඇත.

වාසනාවන්ත අංකය 13 කවුද?

මම...ආ මේක බලන්න. - ඔබ කව්ද?

ප්ලාසා අවන්හලේ ප්‍රධාන වේටර්.

ඔබ මෝඩයෙක්ද? මම කිව්වා මේක කාන්තාවන්ට විතරයි.

එය කාන්තාවන් දෙසට විසි කරලා ඔබේ රාජකාරියට යන්න.

මම එය ගන්නද?

Brahmachari subtitles in other languages

Komentarze

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left