Jodha Akbar

Jodha Akbar

Pobierz napisy Sinhala

Informacje o wydaniu

Jodha Akbar 2013 Episode 051-060 Sinhalese
Komentarz od kikywebsite

Tagi

other
Opublikowano: 2019-05-20
Pobrania: 27
Dla niesłyszących: No

Podgląd napisów Sinhala

Pierwsze 200 wierszy.

දෙවි පිහිටයි,රුකයියා දේවිය, ඔයා මට කතා කළාද?

ඔව්, ජෝධා දේවිය.එන්න ඉඳගන්න.

මට ඔයාට කතා කරන්න ඕනේ, වැදගත් දෙයක් ගැන. එන්න.

කියන්න.

ඔයාගෙ හිතේ ජලාල් ගැන, මොනවා හරි හැඟීමක් තියෙනවද?

නෑ.මට ඔයාගේ ප්‍රශ්නෙ තේරෙන්නේ නෑ.

හොඳයි.මම ඔයාගෙන් කෙලින්ම අහන්නම්.

දැන් හැමෝම දන්නවා, ඔයාට ඉපදෙන්න ඉන්නේ, ජලාල්ගේ දරුවෙක් නෙමෙයි කියලා....

...ඔයා දුක් වෙනවද ජලාල්ගේ දරුවෙක්, වදන්න බෙරි උනාට?

මම ජලාල්ගේ ඇස්වල කඳුලු දැක්කා, ඔයාගේ ඇස්වලත් දැක්කා.

ඔයා ජලාල් දිහා බලාගෙන හිටියා.

ඔයාට ජලාල්ගේ වේදනාව දැනුනා.

මෙච්චර දවස් එකට ඉඳලා ඔයා ජලාල්ට ආදරේ කරනවද?

ඔයා ඒ රෑ ගැන පසුතැවිලි වෙනවද?

එදා රෑ ජලාල් ඔයාට අත තියපු නැති එකට?

ඔයාගේ හිතේ එක පාර ගොඩක් ප්‍රශ්න තියෙනවා, රුකයියා දේවිය.

අවංකව කතා කරනවනම්...

...මට ගොඩක් සතුටුයි උතුමාණන්...

...එයාගේ පොරොන්දුව ඉෂට කරලා, මගේ ගෞරවය රැක්කට.

ඔව්.උසාවියේදී එයා ගොඩක් හැඟීම්බර වෙලා, ඉන්නවා දැකලා මටත් ගොඩක් දුක හිතුණා.

මම එයාට දැන් වෛර කරන්නේ නෑ කියන එකත් ඇත්ත.

මොකද එයා එයාගේ රාජකාරිය ඉෂ්ට කළා.

එයා මාව අපකීර්තියට පත්වෙන එකෙන් බේර ගත්තා.

උසාවියේදී මගේ ගෞරවය ආරක්ෂා කළා.

මම ඒකට එයාට කෘතඥ වෙනවා.

ඒත් ඔයා මගේ කෙළෙහිගුණය,ආදරය විදියට සලකලා...

...බරපතල වැරැද්දක් කරන්නේ,රුකයියා දේවිය.

මට සතුටුයි අදටත් එයා මට සමීප නැති එකට.

ඇත්තටම එයා ගොඩක් සමීප ඔයාට.

හොඳයි.මම හිතුවා ඔයා ජලාල්ට ආදරෙයි කියලා.

මට ඕනෙ ගෑනියෙක් ජලාල් එක්ක, ඉන්නවා දරා ගන්න පුළුවන්.

ඒත් මං ඇරුණම වෙන කෙනෙක්ට..

...ජලාල් ආදරේ කරන එක මට දරා ගන්න බෑ.

කෙනෙක්ට ආදරේ කරන එකයි, කෙනෙක්ට සමීප වෙන එකයි...

...එකිනෙකට වෙනස්.

රුකයියා දේවිය, ඔයා මගෙන් ගොඩක් ප්‍රශ්න ඇහුවා.

දැන්,මට ප්‍රශ්නයක් අහන්න ඉඩ දෙන්න.

මට කියන්න,ඔයා ඇත්තටම උතුමාණන්ට ආදරේද?

මොන මෝඩ ප්‍රශ්නයක්ද ඒ?

ප්‍රශ්නයක් කියන්නේ ප්‍රශ්නයක්, මට උත්තර දෙන්න.

මට කියන්න,ඔයා උතුමාණන්ට ආදරේද?

ඒ නියයි මම එයාගේ රැජින වෙන්නේ.

මම හැමදාම එහෙමයි.

ඒක මගේ ප්‍රශ්නෙට උත්තරේ නෙමෙයි.

මට උත්තර දෙන්න,ඔයා ඇත්තටම උතුමාණන්ට ආදරේද?

එයා මගේ පොඩි කාලේ යාළුවා.

නෑ.මම මේ ප්‍රශ්නේ රජතුමාගේ බිරිඳගෙන්වත්...

..උතුමාණන්ගේ පොඩි කාලේ යාළුවාගෙන්වත්, නෙමෙයි අහන්නේ.

මම මේ ප්‍රශ්නේ අහන්නේ ගැහැණියෙක්ගෙන්.

ඔයා ඇත්තටම උතුමාණන්ට ආදරේද?

එයා රජතුමා නොවුණත්?

නැත්නම් ඔයා එයාගේ යාළුවා නොවුණත්?

නැත්නම් ඔයා එයාගේ බිරිඳ නොවුණත්?

ඔයා එතකොටත් එයාට එච්චර ආදරේද?

එයා සතුටින් ඉද්දී ඔයාත් සතුටු වෙනවද?

ඇති!

ඔයා කතා කළා ඇති ජෝධා දේවිය.

දැන් ඇති.

මම ජලාල්ට ආදරේ කරනවද,එයාට කොච්චර, ආදරේ කරනවද,ඇයි එයාට ආදරේ කරන්නේ...

...කවදා ඉඳන්ද ආදරේ කරන්නේ...

...මම ඒක පැහැදිලි කරන්න ඕනේ නෑ.

ඔයාටවත් මටවත්.

ඔයාට දැන් යන්න පුළුවන්.

ඔයයි මට කතා කළේ.දැන් ඔයා මට යන්න කියනවා.

හොඳයි.මම යන්නම්.

ඒත් යන්න කලින්, මම කැමතියි ඔයාට දෙයක් කියන්න.

රුකයියා දේවිය , කෙනෙක්ට ආදරය කරන එකෙයි...

...එයාව ලබගන්න එකෙයි, ලොකු වෙනසක් තියෙනවා.

අනිවාර්යෙන්.

හරියට ජලාලුයි ඔයාගේ බැඳීමයි, අතරේ තියෙන වෙනස වගේ.

මාව අමතක කරන්න, මම මුල ඉඳලම එයාගෙන් ඈත් වෙලා හිටියේ.

ඒත් ඔයා එයාගේ පොඩි කාලේ යාළුවා.

ඒත් ඔයාට තාමත්, මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි වුණා.

ඔයා උතුමාණන්ට ආදරේ කරනවද නැද්ද?

රුකයියා දේවිය,ඔයාට කියන්න බැරි වුණා මට.

ඔයාගෙන්ම අහලා බලන්න.

ඔයා අත්තටම ආදරේ උතුමණන්ටද? නැත්නම්...

...උතුමණන්ගේ බිරිද කියන අදහසටද?

මොකක්ද මේ?ඔයා උදේ ඉ ඳන් මෙතන සෙල්ලම් කරනවා!

මහම් අන්ගා ඇමති ඔයාට වැඩ කරන්න කතා කළේ.

සෙල්ලම් කරන්න නෙමෙයි.

එන්න.

ඒත් අම්මේ.මෙතන හැමෝම ගොඩක් හොඳයි.

කවුරුත් මට බනින්නේ නෑ.

අපි කවුරුහරි ඔයාට බනිනකම් හරි...

.. දඬුවම් කරනකන් හරි බලන් ඉන්න ඕනේද?

එන්න.අපි අපේ වැඩේ කරමු.

එයාව අතඅරින්න.

එයා වැඩ කරන්න ගොඩක් පොඩියි.

එයාගෙ වයසට එයා සෙල්ලම් කරන්න ඕනේ.

එයාට සෙල්ලම් කරන්න දෙන්න.

ඔයා කියන් විදියක් ස්වාමිනී.

ටික වෙලාවකට පස්සේ කුස්සියට එන්න.

ඔයාලා හැමෝමත් ගිහින් වැඩ කරන්න.

මොකක්ද ප්‍රශ්නේ?

ඔයා මාලයක්වත් වළලුවත් දාගෙන නෑ.

ස්වාමිනී.මම වැඩකාරියෙක්, මට ඒ වගේ ආභරණ නෑ.

එක දෙයක් කරන්න, මාත් එක්ක මගේ අන්තප්පුරේට එන්න.

මට වැඩක් කරගන්න තියෙනවා.

ඔයා මොකක් දිහාද බලන්නේ මෝති?

ආදම් ඛාන්ට කිසි ලැජ්ජාවක් නෑ,ජෝධා.

එයා ළමයා දිහාත්, නරක විදියට බලනවා.

ඔයා මොනවද කියන්නේ?, සමහර විට ඒක එහෙම නෙමෙයි වෙන්න ඇති.

නෑ ජෝධා.

මම ආදම්ගේ බැල්මයි මානසිකත්වයයි, අත්දැකලා තියෙනවා.

දරුවෙක් වුණත් ගැහැණු ළමයෙක් වුණත්..

..ඒ එයාට ආශාව ඉෂ්ට කරගන්න, තියෙන දෙයක් විතරයි.

එයා හරිම තුච්ඡ මනුස්සයෙක්.

බලන්න,ළමයා එයාගේ පිටිපස්සෙන් යනවා.

මේ දැන් එයා එයාගේ අම්මාව යැව්වා...

...එයා ළමයෙක්, එයාට සෙල්ලම් කරන්න දෙන්න කියලා.

එහෙනම් ඇයි එයා, එයාව අරන් යන්නේr?

මොකක්ද ප්‍රශ්නේ ඛානේ ඛානා?

ඇයි ඔයා තාම ඔයාගේ සරුංගලේ යැව්වේ නැත්තේ?

උතුමාණෙනි,මම හිතන්නේ නෑ, අද මට මේක යවන්න පුළුවන් වෙයි කියලා.

හුළඟ තියෙන්නේ මගේ වාසියට නෙමෙයි.

සරුංගල් යවන එක විනෝදයක් වෙන්න‍ෙ...

...හුළඟ ඔයාගේ වාසියට නැති වෙලාවටයි, ඛානේ ඛානා.

දැන් මට තේරුණා උතුමාණන් කොහොමද..

..මෙච්චර ලොකු අධිරාජ්‍යයක්, පාලනය කරන්නේ කියලා.

සරුංගලයක් හොඳට හසුරවන්න දන්න කෙනා...

..ඕනෙ දෙයක් හසුරවන්න දන්නවා.

නේද?

ඔන්න රාහීම්.

රාහීම්,පරිස්සමින්. සරුංගලේ වැටෙයි.

මෙතනින් ඉස්සරහට පරිස්සමින්.

නූල සමහර විට ඔයාගේ අතේ තියෙයි.

ඒත් ටිකකට හරි ඔයාගේ අවධානේ අහතට ගියොත්...

...සරුංගලේ කඩන් වැටෙයි..

තේරුණාද?

නියමයි ජෝධා දේවිය.

ඔයාට හුළඟ ගැන හොඳට තේරෙනවා.

මම අහලා තියෙනවා ඔයා, කුරුල්ලන්ට ගොඩක් ආසයි කියලා.

ඒත්, ඇයි ඔයා අහන්නේ?

නිකන්.

මට පුදුමයි කුරුල්ලන්ව අතෑරලා මගේ ගාවට...

...එන එකේ තේරුම මොකක්ද කියලා.

ඔයා එයාලට වඩා මට ආදරේද නැත්නම්...

...ඔයාට මාත් එක්ක මොනවා හරි දෙයක් ගැන, කතා කරන්න ඕනේද.

ඒකයි ඔයාට මං ගාවට එන්න නිදහසට කාරණාවක්, හොයන්න ඕනේ වුණේ.

ඔයා අවස්ථා දෙකේම වැරදී.

අනික මම ඔයාගේ බිරිඳ.

මට ඔයත් එක්ක කතා කරන්න, නිදහසට හේතු හොයන්න ඕනේ නෑ.

කියන්න.ඔයාට මොනවද කියන්න ඕනේ?

මට ඔයාට කියන්න ඕනේ භක්ෂි බානෝ ...

ඇනි ජෝධා දේවිය.

භක්ෂි බානෝ අපි දෙන්නටම වැරදි කළා.

රජ කෙනෙක් විදියට මම ඔයාට අණ කළා, එයාට දඬුවම් කරන්න කියලා.

සහෝදරයෙක් විදියට මම එයාට දඬුවම් කළා.

දැන් ඒ ප්‍රශ්නේ ඉවරයි. ඒකට යුක්තිය ඉටු උනා.

දැන් දෙයියන්ගේ නාමෙන් මගේ තුවාලෙට, ලුණු දාන්නේ නැතුව ඉන්න.

උතුමාණෙනි,මට කියන්න ඕනේ වුණේ..

ජෝධා දේවිය, මම ඔයාට කිව්වා මට මේ ගැන කතා කරන්න ඕනේ නෑ.

ඔයත් භක්ෂි බානෝ ගැන හිතන එක නවත්තන්න.

නැන්දේ,සරුංගලය ආපහු පහළට යනවා.

අනේ දෙයියනේ!ඔයා මාව ගොඩක් ලස්සන කරලා.

මම පළඳන හැම ආභරණයක්ම ලස්සනට පේනවා.

ජවේදා,නවත්තන්න, ඔච්චර ඔයා දිහා බලාගෙන ඉන්න එපා.

ඔයාගෙන් ඔයාටම ඇස්වහා වදීවි!

අනේ දෙයියනේ!

කොහොමද?.

කොහොමද?.

ඔව් කියන්න.ඔයාට මොනවද ඕනේ?

ඔයාගේ සැමියා මට මෙහෙට කතා කළා.

හා.

හරි අහගන්න.මට දෙයක් කියන්න.

මාව කොහොමද පේන්නේ?

ගොඩක් ලස්සනයි.

මම ඒක දන්නවා.

මගේ මහත්තයටත් මට වගේම සුදු හමක් තිබ්බනම්...

..ඒක තවත් හොඳයි.

එයා එයාගේ අම්මා වගේ.

ඉතින් එයත් ටිකක් කළුයි.

ඒත්,මොනවා කරන්නද?, ඒක තමයි ආදරේදී වෙන්නේ.

මම එයාව විවාහ කර ගත්තා.

බලන්න,මගේ මහත්තය ඇවිත්.

මෙන්න ඔයාට.

මට?

ගන්න.ගන්න.

එයා හරි ආදරෙන් දෙන්නේ.

ස්තූාතියි.ඔය දෙන්නම ගොඩක් හොඳයි.

ඔයා කැමති ඕනෙ වෙලාවක, ඔයාට මෙහෙට එන්න පුළුවන්.

ඔයාට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවනම්, මට කියන්න.

දෙවි පිහිටයි.

ඇයි ඔයා මං දිහා මේ විදියට බලන්නේ?

මං ප්‍රාර්ථනා කරනවා ඔයාට කාගේවත්, ඇස්වහක් වදින්න එපා කියලා!

ඔයා හරිම කරුණාවන්ත,හොඳ සැමියෙක්.

ගැහැණු ළමයෙකුට, ඔයාගේ ලොකු අනුකම්පාවක් තියෙනවා.

අපිට වෙලාවට දරුවෙක් හිටියනම්, එයත් මේ වයසේ ඉඳියි.

ඔයා දේවල් එක දෙක කරනවා, ලොකු දරුවෙක් ඉන්න තරම් අපි වයස නෑ.

කොහොම වුණත් මේ වැඩකාරි ටිකක් මෝරලා.

නෑ.එයා දිහා හොඳට බලන්න.එයා තාම පොඩියි.

-ඔයා නවත්තනවද දැන්? -හා.

අපි ඒ ගැන කතා නොකර ඉමු., අපිට ඔයා ගැන කතා කරන්න පුළුවන්ද?

ඔයා හරිම කරුණාවන්තයි.

ඒ නිසයි ඔයා මගේ මාලය වැඩකාරිට දෙනකොට, මම විරුද්ධ වුණේ නැත්තේ.

ඔයාගේ කරුණාවන්තකම මාව හැඟීම්බර කළා.

හැමෝටම ඔයා වගේ සැමියෙක් ලැබේවා!

ඔයා පොඩි ගෑණු ළමයෙක්ට ගොඩක් කරුණාවන්ත වුණා.

මම ඔයාට මතක් කරන්නම්, ජලාල්ගේ උපන් දිනේ එනවා.

More Sinhala subtitles for Jodha Akbar

Komentarze

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left