Raakaasa

Raakaasa (రాకాస)

Pobierz napisy Sinhala

Informacje o wydaniu

Baiscopes lk - Raakaasa 2026 720p WEBRip x264 AAC-[YTS BZ]
Komentarz od Baiscopes.lk

Tagi

webdl
full_subtitles
forced_subtitles
Opublikowano: 2026-05-17
Pobrania: 24
Dla niesłyszących: No

Podgląd napisów Sinhala

Pierwsze 200 wierszy.

කාලෙකට ඉස්සර පටන් ගත්ත කතාවක්.

මේ අඳුරු කතාව කියවෙන්නේ අනතුරු ඇඟවීම් තුනක් හරහා.

මේක තමයි අන්තිම අනතුරු ඇඟවීම.

බිල්ලක් දෙන්නම වෙනවා.

අපායෙන් පණිවිඩයක් ආවම,

ඒ බිල්ල ගමෙන් එහා තියෙන බලකොටුවට යන්න ඕනේ.

අවුරුදු 2,000කට කලින්

මෙතන බිල්ල කියන්නේ මනුස්ස ජීවිතයක්.

ඒ බලකොටුවෙන් එහා තියෙන්නේ මරණය.

අවුරුදු 1,000කට කලින්

අවුරුදු දහස් ගාණකට පස්සේ, ඒ කතාවම ආයෙත් සිද්ද වෙනවා.

මේ සලකුණු පේන හැම වෙලාවකම,

රජතුමයි ගම්මුයි

හැමදාම බිල්ලක් දෙනවා.

අවුරුදු 500කට කලින්

මේ පාර තෝරගත්ත බිල්ල තමයි...

කිරි දරුවෙක්!

හැබැයි ප්‍රතාපරුද්‍ර වර්මා රජතුමා,

මේකට විරුද්ධ වෙන්න හැදුවා.

මේ අසරණකම මගේ අත් දෙකට දාපු විලංගු වගේ දැනෙන්නේ.

මට බයයි ඇමතිතුමනි, මේ අකර්මන්‍යතාවය මගේ මුළු ජීවිත කාලෙම මට වද දෙයි කියලා.

අපි මේක ඉවර කරන්න ඕනේ.

රජතුමනි, මම බලකොටුවට ඇතුළු වෙන්න පුළුවන් දෙවැනි පාරක් හොයාගත්තා.

පහර දෙන්න හොඳම වෙලාව මේකයි.

රජතුමාවයි එයාගේ හමුදාවයි ආයේ කවදාවත් දැක්කේ නැහැ.

මොකද...

ඒ බලකොටුව ඇතුලේ ඉන්න කෙනා,

එයාලා බිලි දීලා සතුටු කරන ඒ කෙනා,

සාමාන්‍ය මනුස්සයෙක් නෙවෙයි.

එයා අඳුරු, නපුරු ආත්මයක්.

ඔයාගේ තාත්තා කරපු වැරැද්ද කවුරුත් ආයෙ කරන්න හොඳ නැහැ.

මේක ගන්න. - මේ චාරිත්‍රය දිගටම වෙන්න ඕනේ.

කාලය විසින් ඊළඟ බිල්ල තෝරගනීවි.

මම මේ. ජනේලයෙන් එළිය බලන එක නවත්තන්න.

පේන විදිහට ඔයා ඒ තැනට මැරෙන්න බයයි වගේ.

එළිය බලන එක නවත්තන්න. එතකොට බය අඩුවෙයි.

මට ඇත්තටම බයයි මහත්තයා.

මම අහලා තියෙන්නේ ඔයාලගේ ගමේ කවුරුත් ඒ පැත්තට යන්නේ නැහැ කියලා.

ඔයාට හැම දෙයක්ම දැනගන්න ඕනෙ නේද?

හැම දේටම හොට දාන එක නවත්තන්න.

ඔයා ගමට අලුත් නේද, මේ උත්සවයට නේද ආවේ?

ආනන්ද? - ඔව්, තාත්තේ.

මෙන්න. - ගන්න.

මම මේ සුරයට මැන්තරම් කරලා තියෙන්නේ. රුපියල් 150 යි.

මේක මැණික් කටුවේ බැඳගන්න. ඔයාට ඕනෙම තැනක යන්න පුළුවන්.

ඒ තැනට ඇරෙන්න. - හරි මහත්තයා.

එයා එතනට ගියොත්?

එතනට ගියොත් එයා ආයෙත් එන්නේ නැහැ.

ඒ ආසනය හිස් වෙයි. ඊළඟ පාර ඔයාට ඒක ගන්න පුළුවන්.

ඕනේ නැහැ. - තාත්තේ.

රුපියල් 150 යි.

චාරි කරන්නේ වංචාවක්, නූල් කෑලි සුර කියලා විකුණනවා.

මටත් හිතෙන්නේ ඒකමයි.

ඒයි, කවුද ඒ?

එයාට ඒක තේරිලා තියෙන්නේ. - කට වහගනින්, ආනන්ද.

ඒයි! අපි රාජකීය පූජකවරුන්ගේ පරම්පරාවෙන් ආපු අය.

අපේ ප්‍රධාන වැඩේ ජෝතිෂ්‍යය. හදි හූනියම් දෙවැනි වැඩේ.

එක සුරයකින් මට පුළුවන් උඹේ බිරිඳගේ මංගල සූත්‍රය කඩන්න.

අම්මගේ මංගල සූත්‍රය කඩලා බොන්න සල්ලි ගත්තා වගේද තාත්තේ?

උඹ වැඩකට නැති එකෙක්. ගිහින් අර නූල්-- ඒ කියන්නේ සුර ටික විකුණපන්.

තාත්තේ, අපි මිනිස්සුන්ව මෙහෙම රවට්ටලා කවදා හරි අහුවෙයි.

මගේ ගමනට හරස් වෙන්නේ කවුද!

ඊරා බාබු යූ.ඇස්.ඒ.

සුකන්‍යා සහ මහේෂ්ගේ විවාහය

මොකද වෙන්නේ මගේ යාලුවනේ?

මගේ ආදරණීය ගම්වැසියනේ. දැක්කෙත් නෑ ගොඩක් කාලෙකින්.

මම ආපහු ආවා.

ඕකට රුපියල් 150 කට වඩා ලැබෙන්නේ නැහැ.

ඒක හොඳ ගනුදෙනුවක්. ගන්න.

මෙහේ මුකුත්ම වෙනස් වෙලා නැහැ. අල්ලගන්න!

අපි යමු. - ඇයි ඔයා තව වැඩියෙන් දුන්නේ නැත්තේ, නාකියෝ?

පී.ටී. සර්?! - හ්ම්?

මචං, මේ පී.ටී. සර්නේ.

සර්, කොහොමද ඉතින්?

සර්, මම මේක කියන්නයි හිටියේ.

සර් අර අපේ ඔලුවලට දාපු අතක දුරින් ඉන්න කියන නීතිය වැඩකටම නැති එකක්.

එක්කෝ ඒක වෙනස් කරන්න නැත්නම් අයින් කරලා දාන්න.

පී.ටී. සර්, තියාගන්න සර්!

අපි යමු. ඒයි, මේ සුබ්බාරාඕනේ. - ඔයාට කියන්න තිබ්බානේ ඔයා ඒයා නෙවෙයි කියලා.

ඌරු කොටුවේ සුබ්බාරාඕ. - ඔව්.

එයා ඌරන් ඇති කිරීම සහ ආරක්ෂා කිරීම ගැන යූටියුබ් චැනල් එකක් පටන් ගත්තා.

එයා එක ඌරෙක්ගෙන් පටන් අරන් තව තිස් දෙනෙක් බෝ කළා.

ඒ කියන්නේ, උන්ව බෝ කළා.

කවුද මේ මනුස්සයා?

එයා හැම දේකටම හොට දානවා.

එයා බෝර්වෙල් මංගම්මාගේ මුණුපුරා.

මම හිතන්නේ එයා ඇමරිකාවේ ඉඳන් දැන්මයි ආවේ. - ඔහ්!

එතකොට එයා ඇමරිකාවේ ඉඳන්ද ආවේ.

වෙන්කටේෂ්වරා රාඕ!

ඒ ඔයාද? එයාට මාව අඳුරගන්නවත් බැහැනේ.

මේ ඊරා බාබු. එයා ඇමරිකාවේ ඉඳන් ඇවිත්.

"ඊරා බාබු" නෙවෙයි. ඒ වීරු.

දැන් විහිළු කළා ඇති. වාඩි වෙන්න.

චාරි අන්කල්!

ඔයා තවමත් ජීවතුන් අතරද?!

පොඩ්ඩක් එහාට වෙන්න පුළුවන්ද?

මට ආරංචි වුණා ඔයා තමයි ගමේ පළවෙනි කොවිඩ් මරණය කියලා?

කවුද ඔයාට ඕක කිව්වේ? හේයි! - නූලෙන් බේරුණේ.

එදා ඉඳන් එයා බස් වල මේ බිස්නස් එක කරගෙන යනවා.

බිස්නස් එක නියමෙට යනවා. - ඔහ්, මරුනේ!

පොඩ්ඩක් ඉඳපන් මෝඩයා.

ඔයා එකපාරටම කොහෙන්ද පාත් වුණේ.

මොකක්ද හේතුව?

ඒක... මම මෙහේ ආවේ...

මම ආදරේ කරනවා... කෙල්ලෙක්ට.

ආදරේ? - ආදරේ?

ඔයා ආදරයක් ගැන කවදාවත් කිව්වේ නැහැනේ!

කවුද ඒ අවාසනාවන්ත කෙල්ල?

ඔයා දන්නවද මගේ හිත ගත්තේ කවුද කියලා?

මගේ හදවත හොරකම් කළේ කවුද කියලා?

ඔයා දන්නවද මේ හදවත ගැහෙන්නේ කා වෙනුවෙන්ද කියලා?

ඔහොම දිගටම කරගෙන ගියොත් අපේ තාත්තගේ බෙල්ල උළුක්කු වෙයි කියලා ඔයා දන්නවද?

ඔහ්, සමාවෙන්න. - දැන් කියන්නකෝ කවුද ඒ කියලා.

ඒකිගේ නම...

කියන්නකෝ ඉතින්.

ඒ කියන්නේ, එයා හොඳ කෙල්ලෙක්. අපේ ගමේම කෙනෙක්.

එයාගේ නම...

සුකන්යා. - ඈ?

අපේ සු-සුක-- - ඔව්!

දෙව්ලොවින් තීන්දු වූ, මෙලොව සිදුවන විවාහය සුකන්යා සමඟ මහේෂ්

හේයි,

ඔයාට තාම තෙළිඟු කියවන්න බැහැනේ, නේද? - නැහැ. ඒක පේනවනේ, මට බැහැ.

"ඔයාට තාම තෙළිඟු කියවන්න බැහැ." ඔයාට ඕකද මෙතනින් ගන්න තියෙන වැදගත්ම දේ?

ඔහොම කෙනෙක් එක්ක කොහොමද ආදරේ කරන්නේ?

ඒ කෙල්ලගේ කසාද-- - කට වහගනින්!

"ඒ කෙල්ල" කියලා ඇයට අගෞරව කරන්න එපා.

මම අදහස් කළේ ඒක නෙවෙයි-- - එයා මගේ අනාගත බිරිඳ.

මම කලින්ම දැනගෙන හිටියා ඔයා ඇයට අකමැතියි කියලා.

හේයි. - ඔයා පන්සලේදී ඇයට කරදර කළා කියලා මට ආරංචි වුණා.

එයා මට කතා කරලා හොඳටම ඇඬුවා.

මම? ඇයට කරදර කළා?

ඔයා දන්නවද අපි මේ කතා කරන්නේ-- - කට වහගනින්!

ඔයා ඇයට පිස්සු කියයි කියලා එයා මට කලින්ම කිව්වා.

ඒකයි කිසිම කෙල්ලෙක් ඔයා දිහා බලන්නේ නැත්තේ. අප්පෝ!

ආයෙත් කවදා හරි මට කතා කරන්න ඕන නම්, මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ.

අප්පෝ... මම?

ඔයාගෙන් සමාව ඉල්ලන්න? ඇය නිසා?

එයා ඔයාව නටවනවා. - ඒක හිතට ගන්න එපා බාලු.

අපි එයාව තේරුම් ගන්න ඕනේ.

ඒක පිස්සු ආදරයක්.

මේ පිස්සු ආදරේ මගේ නෙවෙයි සර්. ඒක සුකන්‍යාගේ.

එයා පිස්සු ගෑනියෙක් සර්.

එයා මට බල කරන්නේ එයාට "බේබි" කියලා කතා කරන්න කියලා.

මට වැරදිලාවත් සුකන්‍යා කියලා කියවුණොත්,

එයා හිතන්නේ මම එයා එක්ක තරහයි කියලා, එයා එසැණින් මට කතා කරනවා, ඊටපස්සේ...

එයා මට දිගට හරහට හාදු දෙනවා.

දිගටම හාදු. - පලයන් යන්න මෙතනින්!

එයා එහෙම කරනවා.

එතකොට ඔයාද ඔය හැම හාදුවක්ම ලබන වාසනාවන්ත පෙම්වතා?

හැමදාමත්.

ඒ විතරක් නෙවෙයි, එයා මගේ නම ටැටූ එකක් විදිහටත් කොටාගෙන.

වීරු. - කොහේද?

මේ මෙතන මචං. හරියටම මෙතන.

අපේ මංගල පෙරහැර මෙතනින් යන්න ඕනේ.

ඔයා ඇයි ඇත්ත කියන්නේ නැත්තේ?

ඔන්න ඔහොමයි යාළුවෝ.

අපි මොනවා හරි කියන්න හැදුවත්, උන් අහන්නේ නැහැ.

එයාට ඇත්ත තේරුණු දවසට, එයා බොන්න අරන් ආයෙත් ඒවි.

මම එතකොට ඒ ගැන කතා කරන්නම්.

හරි, හරි.

මචං, අපි ෆොටෝ ෂූට් එකක් ප්ලෑන් කරමු.

සුකන්‍යායි මායි ටයිටැනික් පෝස් එකට.

පිල්ලී පවුලේ විවාහ මංගල උත්සවය

ඔයාගේ ටයිටැනික් එක ගිලිලා ගොඩක් කල්.

මොකක්ද කිව්වේ? - නෑ නෑ, මොකුත් නෑ.

එයා කියන්නේ ඔයා ඔළුව උස්සලා උඩ බලන්න ඕනේ කියලා.

ඒත් ඇයි?

ඕ, ඒක සයිස් එකටද?

ඒක නියමයි. මගේ හිතේ තිබුණ විදිහටමයි.

ඒක මරු එකක් වෙයි.

මංගම්මා නෝනා, ඔයාගේ මුණුබුරා කවදාද ආපහු ආවේ?

එයා මෙහෙ ඉන්නේ ඇයි? එයා කොහේ හරි ඇමරිකාවේ--

හේයි! - ආච්චි?

මොකක්ද මේ, ඊරා බාබු? එන්න කලින් කෝල් එකක්වත් දුන්නේ නැහැනේ?

බලන්නකෝ ඇඳලා ඉන්න හැඩ! කොහේද මේ යන්නේ?

මම කියන්නම්. පොඩ්ඩක් අර පැත්ත බලන්නකෝ.

ඒත් ඇයි?

පිල්ලී පවුලේ විවාහ මංගල උත්සවය සුකන්‍යා සහ මහේෂ්

බේබි! බේබි! බේබි!

මේ මෝඩයාට එයාව කසාද බඳින්න ඕනෙලු!

බේබ්. මොකක්ද මේ, බේබ්?

බේබ්? මට සුකන්‍යා කියලා කතා කරන්න.

කවුරුහරි අපිව දැක්කොත් වැරදියට හිතයි.

දෙවියනේ!

සුකන්‍යා?

ඔයා මෙහේ මොකද කරන්නේ? - "මොකද" කියන්නේ මොකක්ද?

මම හිතුවේ මේ අපේ වෙඩින් එක කියලා. ඇයි මේ ඔයාගේ විතරක්?

මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ, වීරු.

පොඩ්ඩක් ආච්චි දිහා බලන්නකෝ. - ඕ දෙවියනේ.

එයා ඕනෑම වෙලාවක මැරෙන්න පුළුවන්.

මගේ කසාදය... එයාගේ අන්තිම ආශාව.

එහෙමද?

මම එන්නේ නැහැ, මම එන්නේ නැහැ

මම මුම්බායි වලට එන්නේ නැහැ - මම මුම්බායි වලට එන්නේ නැහැ

මම මුම්බායි වලට එන්නේ නැහැ

හේයි, එයා තරුණ කෙල්ලෙක්ටත් වඩා පණ තියෙනවානේ. එයාද මැරෙන්න යන්නේ?

ඔයත් සින්දුවට සෙට් වෙලා නේද, බේබි?

මේක මගේ දෙමව්පියෝ වෙනුවෙන්, වීරු.

මම මේ කසාදෙට කැමති නැහැ. මට කිසිම උනන්දුවක් නැහැ.

මම කවදාවත් මනමාලයත් එක්ක කතා කරලවත් නැහැ.

Raakaasa subtitles in other languages

Komentarze

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left