The Untamed

The Untamed (陈情令)

د Sinhala ژباړه ډاونلوډ کړئ

Specials

د خپرونې معلومات

The Untamed - Episode 29
د لخوا تبصره sunny_2000
Translated by SunnyTR

تګونه

other
په خپور شو: 2022-01-03
ډاونلوډونه: 39
د اوریدلو معیوبیت: No

د Sinhala سرليکونو مخکتنه

لومړۍ 190 کرښې.

ආ-යුවාන් , ආ-යුවාන් !

- මෙහාට එන්න, මෙහාට එන්න. - බැහැ ! මට අවශ්‍ය නැහැ , මට අවශ්‍ය නැහැ

ආ-යුවාන් , ඔබ ඔහුට කරදර කරනවා.

ගැටලුවක් නැහැ . ඔහුට වාඩි වීමට ඉඩ දෙන්න.

හොඳයි, ආ-යුවාන්.

කිරි ලබාදෙන තැනැත්තා මෑණියන් , එවිට මුදල් ඇති තැනැත්තා පියාණන්

ශියැන් සහෝදරයා

රසවත් . ආ-යුවාන් දැන් මාත් සමඟ බෙදාහදා ගන්න දන්නවා

ආහාර ගන්නා අතරතුර කතාබහ කිරීම අයහපත් පුරුද්දක්

ඒ නිසා ආහාර ගන්නා විට කතා කරන්න එපා

මෙය ඇත්තටම පුදුමයක්

මම එකම දේ කිහිප වරක් පැවසුවොත් විතරයි ඔහු මට ඇහුම්කන් දෙන්නේ . නමුත් ඔබ එක්වරයි පැවසුවේ , ඔහු එසැනින්ම ඇහුම්කන් දුන්නා

මෙය පුදුමයක්

ඔබත් ආහාර ගන්නා විට කතා කරන්න එපා

මෙතරම් කාලයක් ගත වී ඇතත් ඔබ තවමත් වෙනස් වී නැහැ

ඔබ ඊලින්හි කුමක්ද කරන්නේ ? මම මේ ප්‍රදේශය හොඳට දන්නවා. මම ඔබට මේ වටපිටාව පෙන්වන්නද ?

ලන් ජන්,

ඔබ ඇත්තටම මුසා පවසන්න දන්නේ නැහැ.

ඔබ මෙහි පැමිණියේ මා වෙනුවෙන් කියලා නම් කියන්න එපා

ලන් ජන් , මට මුලිදීම ඔබට ආරාධනා කිරීමට අවශ්‍ය වුණා

නමුත් ඔබට ඔබේ සිදරය , භාවනා ක්‍රම සහ එවැනි වෙන ඕනෑම දෙයක් ගැන කතා කිරීමට අවශ්‍ය නම්, එය අමතක කරන්න.

මට මාව පාලනය කරගැනීමට හැකියි . මාව බේරාගැනීමට වෙන කවුරුත් අවශ්‍ය නැහැ

වෙයි යින්

ඒ ඇති, ලන් ජන්

අන්තිමේදී මාව හොඳින් පිලිගත් පැරණි මිතුරෙකුව මට හමුවුණා

පසුගිය මාස කිහිපය තුළ මම කම්මැලිකමෙන් පීඩාවට පත්වෙලයි සිටියේ

පිටත සමාජයේ සිදුවන වැදගත් සිදුවීම් ගැන ඔබට මට පැවසිය හැකියි නේද ?

වැදගත් සිදුවීමක් ලෙස ඔබ සලකන්නේ කුමක්ද ?

අලුත් වංශයක් පිළිබඳව ? නැත්නම් වෙනත් වංශයක ආධිපත්‍යය පැතිරීමක් පිළිබඳව ?

සංධාන ගත වී ඇති වංශ පිළිබඳව ? කෙසේ හෝ , අපි දෙදෙනා පොඩ්ඩක් කතාබහ කරමු . මට පවසන්න

- විවාහයක් - විවාහයක් !

කුමන වංශ අතරද ?

ලන්ලින් ජින් වංශය සහ යුන්මං ජියං වංශය

ඔබ පවසන්නේ මගේ ජ්‍යෙෂ්ඨ...

ජියං මෙනෙවිය සහ ජින් සෂුවැන් ?

මෙය සිදු වූයේ කවදාද ? එවිට විවාහය කවදාද ?

අඩ මසකට පසු

මේ තරම් වැදගත් අවස්ථාවක් . ජියං චං මාව දැනුවත් කලේවත් නැහැ

නමුත් , ඇත්ත වශයෙන්ම,

ඔහු මට පැවසුවත් , මට කුමක්ද කළ හැක්කේ ?

මාව ජියං වංශයෙන් නෙරපූ බව ජියං චං දැනටමත් නිවේදනය කරලායි තිබෙන්නේ

මට තවදුරටත් යුන්මං ජියං වංශය සමඟ කිසිදු සම්බන්ධයක් නැහැ

මට පැවසීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද ?

ජින් සෂුවැන් වඩා හොඳ අවස්ථාවක් ලබාගෙන තිබෙනවා

ලන් ජන් , මේ විවාහය ගැන ඔබ සිතන්නේ කුමක්ද ?

ඇත්ත, ඇයි මම ඔබෙන් විමසන්නේ ?

කෙසේවුවත් , මේ දේවල් පිළිබඳව ඔබ කලබල වෙන්නේ නැහැනේ

මම දන්නවා , මගේ අක්කා ජින් සෂුවැන්ට හොඳ මදි කියලා පිටත ඉන්න බොහෝ දෙනෙක් පවසනවා

ඒත් මට පෙනෙන ආකාරයට නම් ඒ මල් මොණරා තමයි මගේ අක්කාට හොඳ මදි !

ලන් ජන් , ඔබ දන්නවද ?

මගේ සහෝදරියට ගැලපෙන්නේ මේ ලෝකයේ සිටින හොඳම පුද්ගලයාවයි

ජියං චං සහ මම , අපි දෙදෙනාම එකඟවුනා අපේ වැඩිමහල් සහෝදරියගේ විවාහ උත්සවය එක්ව කරමු කියලා

වෙන කාටවත් සමාන කරන්න බැරි , අවුරුදු සියයක් පුරාවට හැමෝම කතාබහ කරන සහ ප්‍රශංසා කරන විවාහ උත්සවයක්...

මට මගේ වැඩිමහල් සහෝදරියගේ විවාහ මංගල්‍යය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට අවශ්‍යයි.

ඔබ එකඟ වෙන්නේ කුමක් සඳහාද ?

කෙසේ හෝ , මට එය නැරඹීමට නොහැකිවේවි

වෙයි යින්

මෙය හොඳ දෙයක් නොවෙයි ! සොහොන් ගොඩැල්ලේ වෙනසක් සිදුවී තිබෙනවා . ලන් ජන් , අපි ඉක්මනින්ම එහි යාමට අවශ්‍යයි

ලන් ජන් , ඇයි ඔබ අප පසුපස එන්නේ ?

ඔබේ කඩුව මත පියාසර නොකරන්නේ ඇයි ?

මට එය රැගෙන ඒමට අමතක වුණා

තරුණ වෙයි මාස්ටර් !

- ආ-යුවාන්! - හතරවෙනි මාමා. කුමක්ද සිදුවුයේ ?

ඒ යක්ෂයින් යටපත් කරන ගුහාව . එහි සිදු වූයේ කුමක්දැයි මම හරියටම දන්නේ නැහැ

මම පිටත් වෙන්න පෙර එහි බාධකයක් නිර්මාණය කළා . එය බිඳ දැමුවේ කවුද ?

කිසිවෙකුත් නැහැ ! ඒ...

ආ-නින් !

ආ-නින් !

වෙන් නින් !

වෙන් නින්ව සුව කිරීම සඳහා මම කාළ ව්‍යාඝ්‍ර මුද්‍රාව භාවිතා කළා , ඔහුට සිහිය ලබා ගැනීමට එය උපකාරී වේවි කියලා මම බලාපොරොත්තු වුණා

එය අවසාන අදියරයේ තිබුණේ , නමුත් මම කිසි විටෙකවත් සිතුවේ නැහැ....

ආ-නින් !

ඔහුගේ ශරීරයේ තිබූ තලිස්මන් අල්ලන්න එපා කියලා මම පැවසුවා නේද ?

කවුරුත් එහි ගියේ නැහැ ! කිසිවෙකුත් රුධිර තටාකයට ඇතුළු වුනේ නැහැ

ඒ ඔහුයි , ඔහුයි තනිවම එලෙස හැසිරුණේ . ඔහු රුධිර තටාකයේ සහ යක්ෂයින් යටපත් කරන ගුහාවේ ඇති සියලුම මුද්‍රාවන් විනාශ කළා

රුධිර තටාකය තුළ ඇති සියලුම අයහපත් ශක්තීන් මුදා හැරුණා

වන් චින් , මුලින්ම ඔවුන්ව මෙතනින් රැගෙන යන්න.

වන් මෙනෙවිය , අපි ඉක්මනට යමු.

මුද්‍රාව විනාශ වෙනවා . දැන් ඔහුව නවත්වන්න කාටවත් බැහැ. ඔහුට කන්දෙන් පිටව යාමට ඉඩදෙන්න එපා .

ආ-නින් !

ආ-නින් !

හංගුවන් ජූන් , කරුණාකර අනුකම්පා කරන්න !

ආ-නින්

- වන් මෙනවිය! - වන් මෙනවිය!

ලන් ජන් ,

තව ටිකක් ඉන්න.

තරුණ...තරුණ මාස්ටර්.

වන් නින්

තරුණ වෙයි මාස්ටර්

ආ-නින් , ආ-නින්

අක්කේ , අක්කේ

- එය සාර්ථක වුණා ! එය සාර්ථක වුණා ! ආ-නින් අවදි වුණා ! - ආ-නින්

යමු , සියලුදෙනාටම පවසමු !

- මම ඔබේ සහෝදරිය. - ආ-නින් අවදියෙන් !

ඔබේ සහෝදරිය

ආ-නින්

දැන් ඔබට දැනෙන්නේ කෙසේද ?

මට ඇත්තටම අඬන්න අවශ්‍යයි

ඒත්...

මට අඬන්න බැහැ

ඔබට බියකරු සිහිනයක් දුටුවා පමණයි

දැන් සියල්ලම හොඳින්

ඔබ සාර්ථකයි

නිසැකවම

අඩුම තරමේ , මම පොරොන්දු වූ දේ කළ යුතුව තිබුණා

ලන් ජන් ,

ඔබ දැනටමත් මෙහි සිටින නිසා , ඇතුළට ගොස් අසුන් ගැනීමට අවශ්‍යද ?

යක්ෂයින් යටපත් කිරීමේ ගුහාව.

නිවැරදියි . මමයි එය නම් කළේ . කෙසේද එය ?

මම දන්නවා , ඔබ බොහෝ විට සිතන්නේ: "එය එතරම් දෙයක් නොවෙයි " කියලයි

ඇත්ත වශයෙන්ම, මම කටකතා කිහිපයක් අසා තිබෙනවා

මම වගේ යක්ෂාවේදය පුහුණු වූ අයෙක්ට ,

මෙය යක්ෂයින් යටපත් කිරීමේ ගුහාව ලෙස නම් කිරීමට අයිතියක් නැහැ කියලා

නමුත් ඒවා සියල්ලම වැරදියි.

මෙම නමට ඇත්තේ ඔවුන් සිතන ආකාරයේ තේරුමක් නෙමෙයි

අනික මගේ අරමුණ ෂුවේ චොංහයි විසින් මෙම ගුහාව නිර්මාණය කරන විට තිබූ අරමුණට වඩා වෙනස්

ඇයි ?

පහසුයි

මොකද මම නිතරම නිදාගන්නේ මෙතන නිසා.

මෙය යක්ෂයෙකු නිදා සිටින ගුහාවක්,

ඉතින් එය යක්ෂයින් යටපත් කරන ගුහාවක් ලෙස නේද හැඳින්විය යුත්තේ ?

එන්න, මම ඔබට අවට පෙන්වන්නම්.

අඳුරු ශක්තියෙන් පිරී තිබෙනවා

නිවැරදියි . එය අඳුරු ශක්තියෙන් පිරී තිබෙනවා , නමුත් ධ්‍යානවේදයට සුදුසුයි

මෙය මට සුවයක් ලබාදෙන භූමියක් , හරියට ඔබේ වංශයේ සීත දිය උල්පත් වගෙයි

වන් නින් මෙහිදී ඔහුගේ තුවාල සුවකර ගත්තා

ඒත්,

කාළ ව්‍යාඝ්‍ර මුද්‍රාව වන් නින්ගෙන් සියලු අයහපත් ශක්තීන් අවශෝෂණය කරගත් පසු,

මෙම තටාකයෙන් එන රුධිර සුවඳ තව තවත් වැඩිවෙන්න පටන් ගත්තා

එනිසා එය රුධිර තටාකය ලෙස හැඳින්වෙනවා

වෙයි යින්

කුමක්ද ?

ඔබට ඇත්තටම එය පාලනය කළ හැකිද ?

කුමක් පාලනය කරන්නද ?

ඔබ පවසන්නේ වන් නින් පිළිබඳවද ?

ඇත්තෙන්ම එය ගැටළුවක් නොවෙයි

බලන්න

ඔහුට සිහිය ලැබුනා නේද ?

ඔහු නැවතත් දරුණු ලෙස හැසිරුනොත් කුමක්ද කරන්නේ ?

ඔහුත් සමඟ කටයුතු කලයුතු ආකාරය පිළිබඳව මට හොඳ පලපුරුද්දක් තිබෙනවා

ඔහු දැන් කාළ ව්‍යාඝ්‍ර මුද්‍රාවේ පාලනය යටතේයි සිටින්නේ

මට තියෙන්නේ කාළ ව්‍යාඝ්‍ර මුද්‍රාව පාලනය කරන්න විතරයි , එවිට ගැටලුවක් ඇතිවෙන්නේ නැහැ

ඔබට හෝ කාළ ව්‍යාඝ්‍ර මුද්‍රාවට යමක් සිදුවුවහොත් කුමක්ද කරන්නේ ?

එසේ වෙන්නේ නැහැ

ඔබට සහතික විය හැක්කේ කෙසේද ?

එය සිදුවෙන්නේ නැහැ , එසේ සිදුවිය නොහැකියි

මෙතැන් සිට, ඔබ ඉදිරියට යාමට තෝරා ගන්නේ මේ මාර්ගයද ?

මෙම මාර්ගය තෝරාගැනීමේ ඇති ගැටලුව කුමක්ද ? මම ඔබට පවසන්නම්, මගේ වාසභූමිය දෙස පහත් කොට බලන්න එපා.

මගේ වාසභූමිය ඔබේ මේඝ අසපුවට වඩා විශාලයි.

අපි ඔබලාට වඩා හොඳින් දිවිගෙවනවා

වෙයි යින් ,

ඔබ දන්නවද මම අදහස් කරන දේ ?

ලන් ජන් , ඔබ...

ඔබ ඇත්තටම මෙය අත්හරින්නේ නැහැ. මම දැනටමත් එම මාතෘකාවෙන් ඉවත්වෙලයි සිටින්නේ , නමුත් ඔබ නැවත එය ගෙන එනවා

ඔබේ තුවාල.

නැහැ . මේ පොඩි තුවාල වෙනුවෙන් ඔබේ අධ්‍යාත්මික ශක්තිය නාස්ති කිරීමට අවශ්‍ය නැහැ .

මට විවේකයක් ලැබුනොත් ඇති , එවිට ඒවා ඉබේම සුවවෙයි

" විවේක ගත්විට ඒවා ඉබේම සුවවෙයි " ?

ඔබ සිතන්නේ මම මියගිහින් කියලද ?

තරුණ වෙයි මාස්ටර්

තරුණ ලන් මාස්ටර්

ඇයි ඔබලා ඇතුලට ආවේ ?

මෙතරම් ඉක්මනින් අඬලා ඉවරද ?

බලන්න මම සුළු වෙලාවක් ඇතුලත ඔබව අඬවන්නේ කොහොමද කියලා

මොන විහිළුවක්ද ? ඔබ කෙසේද මාව අඬවන්නේ ?

ඔබ හරිම කුරිරුයි.

වෙයි යින්

මට මීට වඩා කුරිරු වෙන්න පුලුවන්

ඒවා උත්සාහ කිරීමට අවශ්‍යද ?

නැහැ ! නැහැ ! නැහැ ! මට ඒවා අත්හදා බැලීමට අවශ්‍ය නැහැ

තරුණ වෙයි මාස්ටර් , මට සමාවෙන්න.

එයට කමක් නැහැ . ඔබ ඇත්තටම සිතන්නේ ඔබගේ එක් පහරකින් මට හානි කිරීමට හැකියි කියාද ?

ඉන්න.

මෙතන කුමක්ද සිදුවෙන්නේ ? අපි ඔහුට බීමට ජලය පමණක් ලබාදෙන්නේ කෙසේද ?

තේ කොළ කොහෙද ?

මම මොහොතකට පෙර විමසුවා . තේ කොළ නැහැ .

එය පුදුමයක් වන් නින් . ඊළඟ වතාවේ අපට අමුත්තන් සිටින විට, අපි සූදානම්ව සිටිය යුතුයි....

ඇත්ත. අපව බලන්න සාමාන්‍යයෙන් අමුත්තන් එන්නේ නැහැනේ

අපි යමු. මම ඔබව කන්දෙන් පහළට කැඳවාගෙන යන්නම්

ලන් ජන්,

ඔබ මගෙන් විමසුවා නේද...

මම ඉදිරියට යාමට තෝරා ගන්නේ මේ මාර්ගයද කියලා ?

ඇත්තටම මටත් මෙසේ විමසීමට අවශ්‍යයි

මම මේ මාර්ගය තෝරාගත්තේ නැත්නම් ,

මට වෙන කුමක්ද කල හැක්කේ ?

යක්ෂාවේදය අතහැර දමා කාළ ව්‍යාඝ්‍ර මුද්‍රාව භාර දිය යුතුයිද ?

එවිට මේ කන්දේ සිටින මිනිසුන්ට කුමක්ද සිදුවෙන්නේ ?

මම ඔවුන්ව අත්හැරිය යුතුද ?

මට එසේ කරන්න බැහැ.

ඔබ මගේ ස්ථානයේ සිටියා නම්, ඔබටත් එය කළ නොහැකි බව මම විශ්වාස කරනවා

More Sinhala subtitles for The Untamed

تبصرې

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left