The Untamed

The Untamed (陈情令)

د Sinhala ژباړه ډاونلوډ کړئ

د خپرونې معلومات

The Untamed - Episode 31
د لخوا تبصره sunny_2000
Translated by SunnyTR

تګونه

other
په خپور شو: 2022-01-04
ډاونلوډونه: 46
د اوریدلو معیوبیت: No

د Sinhala سرليکونو مخکتنه

لومړۍ 199 کرښې.

ශියැන් සහෝදරයා මට හිරිහැර කළා !

ආ-යුවාන්.

ආ-යුවාන්, මේ නෙළුම් කන්න බැහැ

නෙළුම් කන්න බැරිද ?

නෙළුම් කන්න බැහැ නෙමෙයි ' මේ ' නෙළුම් කන්න බැහැ

මෙම නෙළුම් වැවුනේ සොහොන් ගොඩැල්ලෙයි

නපුරෙන් මිදීමට ආරක්ෂක බාධක ඇති කිරීම සඳහා මේවා ප්‍රයෝජනවත් වෙනවා

ඉතින්, මට ඔබේ කුඩා අත දෙන්න.

ඔබට එය රැගෙන යා හැකියි , නමුත් ඔබට එය අනුභව කළ නොහැකියි , වැටහුණාද ?

හොඳ ළමයා . මිත්තණිය සමඟ සෙල්ලම් කරන්න යන්න.

ආ-යුවාන්, යන්න සෙල්ලම් කරන්න.

මේ කුමක්ද ?

ජින් වාංශික ගෝලයෙකු විසින් රැගෙන ආ ආරාධනා පත්‍රයක් . මම එය ගැනීමට කන්ද පහළට ගියා

[ වෙයි යින් , ඔබට කෙසේද ? තරුණ ජින් සෂුවැන් මාස්ටර් සහ ජියං ආර්යාව ඔවුන්ගේ පළමු දරුවා ලැබුවා . ඒ වෙනුවෙන් රන්මසු කුළුණේදී භෝජන සංග්‍රහයක් පැවැත්වෙනවා . ඒ සඳහා සියලුම සමීප මිතුරන්ට සහ පවුලේ සාමාජිකයන්ට ආරාධනා කර තිබෙනවා ]

අක්කේ , ඒ කුමක්ද ? නරක දෙයක් සිදුවුනාද ?

වෙයි වූශියැන්

කුමක්ද ?

ඔබට හැකියි ඔබගේ ජ්‍යෙෂ්ඨ සහෝදරියව බලන්න යන්න.

මෑතකදී ජින් වංශයේ බොහෝ ප්‍රීතිමත් සිදුවීම් සිදුවුණා

කුඩා ජින් ලින් මාස්ටර්ට දැන් මාසයක් සම්පූර්ණ වෙනවා . මුළු වංශයම සතුටින් පිරී තිබෙනවා

ඒ වගේම මට ආරංචි වුණා ප්‍රධාන ධ්‍යානවේදීතුමන් සෑම ප්‍රදේශයකම නිරීක්ෂණ කුළුණු පිහිටුවීමට තීරණය කලා කියලා

නිරීක්ෂණ කුළුණු ?

පහුගිය දිනවල මහා වංශ සියල්ලම පාහේ ඒ පිළිබඳව වාද විවාද කළා . ඔවුන් නිගමනයකට පැමිණියාද ?

කුමකටද විවාද කලේ ?

මම හිතන්නේ මේ නිරීක්ෂණ කුළුණේ අදහස හොඳයි කියලයි

එයින් සෑම ප්‍රදේශයකම සිදුවන සිදුවීම් අධීක්ෂණය කිරීමට උදව් වෙනවා

අනික , එයින් නියමිත වේලාවට පණිවිඩ සන්නිවේදනය කළ හැකියි

ඇත්තටම මට තේරෙන්නේ නැහැ සියලුදෙනාම එයට විරුද්ධ වෙන්නේ ඇයි කියලා

මම හිතන්නේ ඒක හොඳ අදහසක් නෙමෙයි කියලයි . වන් වංශයේ අධීක්ෂණ කාර්යාල වගේ වුනොත් ?

ඒ වගේ වෙන්නේ කෙසේද ?

ජින් වංශයට භාරව තිබෙන්නේ නිරීක්ෂණ කුළුණු ඉදිකිරීමේ කටයුත්ත පමණයි

අනෙකුත් වංශ ඒවා කළමනාකරණය කිරීමේ කටයුත්ත භාර ගන්නවා

එසේ තමයි පවසන්නේ . නමුත් හවුලේ කළමනාකාරිත්වය... කෙසේ හෝ අවසානයේදී එය තවමත් කළමනාකරණය කරන්නේ ලන්ලින් ජින් වංශය විසින් නේද ?

එය තරුණ ජින් ගුවංයාඕ මාස්ටර්ගේ අදහසක් බව මට ආරංචි වුණා

චිෆන් ජුන් නිරීක්ෂණ කුළුණු වලට එකඟ නොවුණත් ,

ඔහු තවමත් ජින් සෂුවැන්ගේ පුත්‍රයාගේ පළමු මස සැමරුමට සහභාගි වීමට අවශ්‍යයි

මෙම පළමු මස සැමරුම එතරම්ම දැවැන්ත උත්සවයක්

ඔබට අසන්න ලැබුනද ? මහා වංශ සියල්ලම පාහේ එයට සහභාගි වෙනවලු

මට එය ඇසුනා

මම ඔහුගේ දින හතේ උත්සවයට පවා සහභාගි වුණා.

එදා වර්ණවත් සෙල්ලම් බඩු අතරින් ඔහු කෙළින්ම ස්පර්ශ කලේ ඔහුගේ පියාගේ කඩුවයි

එයින් ඔහුගේ දෙමාපියන් බොහෝ සතුටු වුණා

ඔවුන් සියලු දෙනාම පවසන්නේ මේ දරුවා අනාගතයේදී නිසැකවම විස්මිත ධ්‍යානවේදියෙකු හා දක්ෂ කඩු හරඹකරුවෙකු වේවි කියලයි

ලන්ලිං ජින් වංශය ඇත්තෙන්ම බලවත් ,

ළදරුවෙකුගේ උත්සවයක් පවා සිදු කරන්නේ එවැනි අතිවිශාල ලෙසින්

මේ දරුවාගේ දෙමාපියන් කවුද කියලා ඔබ දන්නේ නැද්ද ? ඔවුන් එවැනි දෙයක් නොසලකා හරීවි කියලා ඔබ සිතනවාද ?

තරුණ ජින් ආර්යාවගේ සැමියා එය නොසලකා හරින්නේ නැහැ

උත්සවය අඩු වියදම්කාරී නම්, ඇගේ නැන්දම්මා සහ ඇගේ බාල සොහොයුරා එය පැවැත්වීමට ඉඩ දෙන්නේ නැහැ

මෙම පළමු මස සැමරුම ඊටත් වඩා අතිශයෝක්තියක් වේවි කියලයි මට නම් සිතෙන්නේ

සත්‍යයක්

තරුණ ජින් ආර්යාවට එතරම්ම හොඳ ජීවිතයක් තිබෙනවා

මේ සියලු වාසනා ගුණයන් උපදවා ගැනීම සඳහා ඇය පෙර ආත්මයේදී දෙව්ලොවට යෑම අත්හරින්න ඇති

කොපමණ හොඳ කෙනෙක් වුණත් එම පුද්ගලයාව හොඳ තැනක ඉපදුන කෙනෙක් සමඟ සමාන කරන්න බැහැ

ඒක තමයි ජීවිතේ ඇත්ත.

ඔබ දන්නවාද ? මෙම පළමු මස සැමරුම සඳහා යම් විශේෂ කෙනෙක්ට ආරාධනා කර ඇති බවට කටකතාවක් තිබෙනවා

- කවුද ? - කවුද ?

වෙයි වූශියැන්

වෙයි වූශියැන් ?

ඔහු ?

වෙයි වූශියැන් !

ලන්ලිං ජින් වංශය කුමක් සිතනවාදැයි මම දන්නේ නැහැ

චිඔංචි මාවතේදී වෙයි වූශියැන් කළ දේ ඔවුන්ට අමතකද ?

මට පවසන්න

ලන්ලිං ජින් වංශය ජින් ලින්ගේ පළමු මස සැමරුම සඳහා ඔහු වැනි කෙනෙකුට ආරාධනා කලේ ඇයි ?

එයට සහභාගී වීමට තරම් එඩිතර වෙන්නේ කවුද ? කෙසේ හෝ , මම නම් එයට සහභාගි වෙන්නේ නැහැ

- මමත් යන්නේ නැහැ. - ඔබට යාමට අවශ්‍ය නම් , ඔබ යන්න.

මහත්මයා , මට මෙය දෙන්න

ඔහු උවදුරක් , ව්‍යසනයක්

නිවැරදියි . තව මොන විපතක් සිදුවෙයිද දන්නේ නැහැ.

ලොක්වත් පලතුරු ! නැවුම් ලොක්වත් පලතුරු !

තරුණ මාස්ටර් , ඔබ අවශ්‍ය දේවල් මිලදී ගත්තද ?

බොහොම ලස්සනයි !

මම ඔබට පවසන්නම් , මේ ලස්සන කුඩා දේවල් මිලෙන් අධිකයි

කෙසේ හෝ , ඔබේ අක්කා මට දුන් මුදල් සියල්ලම මම වියදම් කළා.

ආපසු ගියවිට ඇය නිසැකවම අපට දොස් කියාවි

නැහැ , නැහැ

ජියං මෙනවියගේ දරුවාට තෑග්ගක් මිලදී ගත්තාට සහෝදරිය තරුණ මාස්ටර්ට දොස් කියන්නේ නැහැ

ඔබ එය පැවසුවා

අපි ආපහු ගියවිට ඇය මට බැන්නොත් ඔබ මාව ආරක්ෂා කල යුතුයි

කුඩා ජින් මාස්ටර් අනිවාර්යයෙන්ම මෙම තෑග්ගට කැමති වේවි .

මම ඔබට පවසන්නම් , මෙය නොවෙයි මම ඔහුට දෙන තෑග්ග

මෙය කුඩා ආභරණයක් පමණයි

අනික, ලින් බාඕ වැනි සාප්පුවකින් විකුණන දේවල් වලට තියෙන්නේ බාහිර අලංකාරය පමණයි . ඉතුරු ටික ඇත්තටම වැඩක් නැහැ

එසේනම් තරුණ මාස්ටර් , ඔබ සූදානම් කළේ කුමන තෑග්ගක්ද ?

මෙවැනි ඇදහිය නොහැකි පබළු වැලක්.

තරුණ මාස්ටර් , මේ අඩ මාස තුළ ,

මෙය නිර්මාණය කිරීමට අවශ්‍ය නිසාද ඔබ යක්ෂයින් යටපත් කරන ගුහාවෙන් එළියටවත් නොආවේ ?

නිවැරදියි

මගේ බෑණා මෙය පළදින තාක් කල්,

පහත් මට්ටමේ යක්ෂයින්ට , ප්‍රේතයන්ට සහ භූතයන්ට ඔහු අසලට ළං වීමටවත් නොහැකි වේවි

ඔබත් එය ස්පර්ශ නොකළ යුතුයි . ඔබ එය ස්පර්ශ කලොත් ඔබට එහි ශක්තිය දරාගත නොහැකි වේවි කියලා මට සිතෙනවා .

මට එය දැනෙනවා.

නමුත් තරුණ මාස්ටර් , ඔබ කුඩා ජින් මාස්ටර්ගේ පළමු මස සැමරුමට සහභාගී වීමට යනවා නම් ,

ජියං මෙනවියගේ ස්වාමිපුරුෂයාව දකින විට, ඔබට ඔහුව ඉවසා සිටීමට සිදුවෙනවා

ඔහු සමඟ තර්ක නොකර ඉන්න සිදුවෙනවා

ඔබ කලබල වීමට අවශ්‍ය නැහැ . හැසිරිය යුත්තේ කෙසේදැයි කියලා මම දන්නවා

ඒ මල් මොණරා මට ආරාධනා කරන නිසා අවුරුද්දක් යනතුරු මම ඔහු ගැන නරකක් කියන්නේ නැහැ

කලින් ලන්ලිං ජින් වංශයේ ආරාධනාව දුටුවාම මට සිතුනේ එය උගුලක් වෙන්න ඇති කියලායි

දැන් මට වැටහෙනවා මම එය වැරදියට තේරුම් අරන් කියලා. ඇත්තෙන්ම තරුණ ජින් මාස්ටර් කියන්නෙත් හොඳ පුද්ගලයෙක්

අනික, දෙවන ලන් මාස්ටරුත් එහි සිටිනවානේ

මම කවදාවත් හිතුවේ නැහැ ආපසු මේ තැනට එන්න ලැබේවි කියලා

සත්‍යයක්

අමුතු දෙයක් පිළිබඳව සංඥාවක් දැනෙනවාද ?

නැහැ , බොහොම නිහඬයි.

ඇත්තෙන්ම ටිකක් නිහඬ වැඩියි

අපි යමු.

ඔබ කවුද ?

වෙයි වූශියැන් ,

මම ඔබට අනතුරු අඟවනවා. ඔබ මගේ ශරීරයට කර ඇති නපුරු ශාපය ඉවත් කරන්න.

මට පෙර වැරදි අමතක කර ඔබට සමාව දිය හැකියි

කුමන නපුරු ශාපයක්ද ?

ඔබ තවමත් නොදන්න බවට මවාපානවද ?

හොඳයි. එසේනම් මම ඔබට පෙන්වන්නම් නපුරු ශාපය කුමක්ද කියලා

සිදුරු සියයේ ශාපය ?

නිවැරදියි . එයයි සිදුරු සියයේ ශාපය

ඔබට සිදුරු සියයේ ශාපයක් ලැබී තිබෙනවා නම් මාව සොයා එන්නේ ඇයි ? මෙයට මා සමඟ ඇති සම්බන්ධය කුමක්ද ?

ඔබට හැර වෙන කාටද මෙවැනි අද්භූත ක්‍රියා පිළිබඳව දැනීමක් තිබෙන්නේ ?

ඔබ හැර වෙන කවුද මෙවැනි නපුරු , විෂ සහිත දේවල් මගේ ශරීරයට දමන්නේ ?

මට ඔබ කවුද කියලාවත් මතක නැහැ . ඉතින් ඔබට මේ නපුරු ශාපය කිරීම සඳහා මම කාලය නාස්ති කරයි කියලා ඔබ සිතනවාද ?

අනික මම මෙවැනි නින්දිත දෙයක් කරන්නේ නැහැ.

මට යමෙක්ව ඝාතනය කිරීමට අවශ්‍ය නම් ,

මේ පුද්ගලයා මිය ගියේ මගේ අතින් කියලා මම මුළු ලෝකයටම පවසනවා

ඊට අමතරව, මට ඇත්තටම ඔබව ඝාතනය කිරීමට අවශ්‍ය නම් ,

මම ඔබට දැන් තිබෙනවාට වඩා දස දහස් ගුණයක වේදනාවක් ඇති කරනවා

ඔබ බොහොම අහංකාරයි නේද ?

කුමක්ද ? දැන් ඔබ කරපු දේ පිළිගන්න බයද ?

මම නොවෙයි එය සිදුකලේ . මා එය පිළිගත යුත්තේ ඇයි ?

මම සාමකාමී ප්‍රවේශයක් ගැනීමට උත්සාහ කරනවා

ඔබ පසුතැවිලි නොවන නිසා , මම දරුණු ලෙස ක්‍රියා කලොත් ඒ පිළිබඳව මට දොස් කියන්නත් එපා

ඔබට කුමක් කිරීමටද අවශ්‍ය ?

ඔබ මගේ ශරීරය මත ඇති නපුරු ශාපය ඉවත් කිරීමට අකමැති නිසා ,

මට කල හැකි එකම දේ ඔබව ඝාතනය කිරීම පමණයි

මාව ඝාතනය කරන්න ?

ඔබ විසින්ද ?

නැත්නම් මේ පිරිස විසින්ද ?

ඔබට මිය යාමට ආශාවක් ඇති නිසා ,

කුමක් සිදුවුවත් ඒ සඳහා මට දොස් නගන්න එපා

පහරදෙන්න !

වෙයි වූශියැන් , මෙය ඔබේ අහංකාරකම සඳහා ගෙවිය යුතු වන්දියයි

ඔබේ කඩුව නොමැතිව සටන් කරන්නේ කෙසේදැයි බලමු.

එය මට ආපසු දෙන්න.

ඔබ දරුවාට දීමට කැමති තෑග්ග මෙයද ?

දරුවාගේ පළමු මස උත්සවයට සහභාගි වීමට අවස්ථාවක් ලැබේවි කියලා ඔබ ඇත්තටම හිතුවේ නැහැ නේද ?

දෙදෙනාම නවත්වන්න !

සෂුවැන් , ඇයි ඔබ මෙහි පැමිණියේ ?

ඔබ මගෙන් විමසන්නේ මම මෙහි පැමිණියේ ඇයි කියලද ?

ජින් ගුවංයාඕ කොහෙද ?

ඔහු රන්මසු කුළුණේ

ආ-යාඕ යම්කිසි වැරැද්දක් සිදුවී ඇති බව දැනගෙන මට වාර්තා කලා

ඔබ ඇත්තටම මෙය සෑම කෙනෙකුගෙන්ම සඟවලා නොසැලකිලිමත් ලෙස ක්‍රියා කිරීමටද සැලසුම් කලේ ?

ඔබට සිදුරු සියයේ ශාපයක් ලැබී තිබෙනවා

ඇයි මට පැවසුවේ නැත්තේ ? ඒ වෙනුවට ඔබ තනි කැමැත්තට මේ සෑම දෙයක්ම සිදුකරනවා

සෂුවැන් , එය නෑනාගෙන් රහසක් ලෙස තබා ගැනීමට මට උදව් කරන්න.

මම මෙය සුවකර ගත්තාට පසු ඔබලා දෙදෙනාගෙන්ම සමාව ගන්න එන්නම්.

මේ කාරණය සම්බන්ධයෙන් තවත් දේවල් සොයා බැලීමට අවශ්‍යයි . දෙදෙනාම දැන් නවත්වන්න .

මෙම අවස්ථාවේදී , නිවැරදි කිරීමට ඉතිරිව ඇත්තේ කුමක්ද ?

ඔබ මගේ ශරීරයේ ඇති මේ දේවල් දුටුවේ නැද්ද ?

ආ-යාඕ දැනටමත් මට ඒ පිළිබඳව පවසලායි තිබෙන්නේ

ඔබ එය ඔහුගෙන් අසා දැනගත්තා නම් , මට තවත් බලා සිටිය නොහැකි බව ඔබ දැනගත යුතුයි !

ඒ ඔහු නෑනාගේ බාල සහෝදරයා නිසාද ?

නෑනා වෙනුවෙන් ඔබ ඔබේ සහෝදරයාගේ ජීවිතය නොසලකා හරිනවාද ?

මම එවැනි පුද්ගලයෙක් නෙවෙයි කියලා ඔබ හොඳින් දන්නවා

අනික , ඔබේ සිරුරේ ඇති සිදුරු සියයේ ශාපය ඔහු කල දෙයක් නොවෙන්නට ඇති

ඇයි ඔබ මෙතරම් නොඉවසිලිමත් ?

මගේ දරුවාගේ පළමු මස සැමරුමට සහභාගී වන ලෙසට වෙයි වූශියැන්ට ආරාධනා කළේ මමයි.

ඔබේ මේ ක්‍රියාවන් නිසා ,

මගේ තත්ත්වයට කුමක්ද සිදුවෙන්නේ ? මගේ බිරිඳගේ තත්ත්වයට කුමක්ද සිදුවෙන්නේ ?

ඔහුට සහභාගී වීමට නොහැකි නම් හොඳයි

වෙයි වූශියැන් , ඔබ හිතන්නේ ඔබ කවුරු කියලද ?

අපේ පවුලේ භෝජන සංග්‍රහයකට සහභාගි වීමට ඔහුට තිබෙන සුදුසුකම කුමක්ද ?

ඔහුව ස්පර්ශ කරන ඕනෑම තැනැත්තෙක් අපිරිසිදු වෙනවා

සෂුවැන් , අද ඔහුට ආරාධනා කරනවා විට ,

එයින් ඔබට , නෑනාට සහ දරුවාට අවමානයක් වෙයි කියලා බියක් දැනෙන්නේ නැද්ද ?

ඔබේ ජීවිත කාලය පුරාම ඉවත් කළ නොහැකි පැල්ලමක් ඇතිවේවි

නිහඬ වෙන්න !

වෙයි වූශියැන් , ඇති !

මුලින්ම වන් නින්ව නවත්වන්න. ඔහුගේ පාලනයක් නොමැති හැසිරීම නවත්වන්න.

මේ දේවල් තවත් නරක අතට හැරෙන්න දෙන්න එපා.

ඇයි ඔවුන්ට මුලින්ම නවත්වන්න කියලා අණ නොදෙන්නේ ?

මේ අවස්ථාවේදී ඔබ තවමත් දැඩි ලෙස ක්‍රියා කරන්නේ ඇයි ?

අපි සියලුදෙනාම සන්සුන් වෙමු

මාත් සමඟ රන්මසු කුළුණ වෙතට එන්න , අපි කතා කරමු. අපි ගැටලුව සාකච්ඡා කරමු.

ඔබ කිසිවක් කළේ නැත්නම්, සියල්ල හොඳින් සිදුවේවි

ඔහුව නවත්වන්න ?

මම දැන් වන් නින්ව නැවැත්වූවොත් ,

ඊතල දහස් ගණනක් වහාම මගේ හදවත සිදුරු කරාවි , සම්පූර්ණ ශරීරයක් නොමැතිව මට මියයාමට සිදුවේවි

එසේනම් මම ඔබත් සමඟ සාකච්ඡා කිරීම සඳහා රන්මසු කුළුණ වෙතට යන්නේ කෙසේද ?

නිසැකවම එවැනි දෙයක් වෙන්නේ නැහැ.

නිසැකවම වෙන්නේ නැහැ ?

ඔබට එය සහතික කළ හැක්කේ කෙසේද ?

ජින් සෂුවැන් , මට ගැටලුවක් තිබෙනවා

ඔබ මට ආරාධනා කළ විට,

ඔවුන් මාව ඝාතනය කිරීමට සැලසුම් කරන බව ඔබ ඇත්තටම දැන සිටියේ නැද්ද ?

ඔබ...වෙයි වූශියැන් , ඔබට ඇත්තටම පිස්සු හැදිලද ?

ජින් සෂුවැන් , මාර්ගයෙන් ඉවත් වෙන්න

මම ඔබට හානි කරන්නේ නැහැ, නමුත් මාව කෝපගන්වන්න එපා

ජින් සෂුවැන් ,

මම ඔබට අනතුරු අඟවනවා.

තවත් ළං වෙන්න එපා.

More Sinhala subtitles for The Untamed

تبصرې

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left