لومړۍ 200 کرښې.
මම කරන දේ ගැන ඔයාට අදහසක් තියෙනවද ?
ප්‍රතිවාදියාව බිය ගන්වන්න අනතුරු ඇඟවීමක් කරනවා.
ප්‍රතිවාදියා බය වෙලාද ?
තාම නෑ.
ඇයි එහෙම කියන්නේ ?
මම පාරේ යද්දී කවුරුහරි හදිසියේ මට ගැහුවොත්,
මගේ යටි සිතේ ප්‍රතිචාරය වන්නේ,
"ඔයා කවුද ? ඇයි මට ගැහුවේ ?"
එතකොට මම බලනවා මට එයාව පරද්දන්න පුළුවන්ද බැරිද කියලා.
පරාද කරන්න පුලුවන් නම්, මම එයාත් එක්ක පෙරළා සටන් කරනවා.
බැරි නම්,
එතකොට මට පැනලා යන්න පුලුවන්,
නැත්තම් දණින් වැටිලා අනුකම්පාව ඉල්ලන්න පුලුවන්.
ඔයා හිතන විදිහට එයා පලා යයිද නැත්තම් දණින් වැටිලා අනුකම්පාව ඉල්ලයිද ?
ඒක ප්‍රාග්ධනය මත රඳා පවතිනවා.
අපි ළඟ ප්‍රමාණවත් තරම් ප්‍රාග්ධනයක් නෑ කියලා එයා හිතනවා නම්,
එයා අපිට කරදර කරමින් අවසානය දක්වාම සටන් කරනවා.
ප්‍රාග්ධන ප්‍රමාණය කියලා කියන්නේ එක් සාධකයක් විතරයි.
ඔයා සැලකිල්ලට නොගත් තවත් එක් වැදගත් කාරණයක් තියෙනවා.
ඒ මොකක්ද සර් ?
ඔයා දැන් තීරණය කරලාද තියෙන්නේ ?
මටත් ඉවසීමේ සීමාවක් තියෙනවා.
හීන දැකපන් !
මෙතනින් පලයන් !
පලයන් එළියට !
මිත්‍රයා,
ඇත්තම කිව්වොත්, මම මේ ඔයාට උදව්වක් කරන්නේ.
මම දන්නවා ඔයාට දැන් මාව විශ්වාස නෑ කියලා.
ඒත් උඹට මතකද ඉස්සර උඹලා හැමෝම කොච්චර ලොකු අහංකාරකමකින්ද හිටියේ කියලා.
මුළු රට පුරාම උඹලගේ බලකොටු තිබ්බා.
ඒත් අවුරුදු කිහිපයයි ගතවුනේ,
දැනට උඹලගෙන් කී දෙනෙක් ඉතුරු වෙලා ඉන්නවද ?
ඒක හරියට බෝට්ටුවක් පදිනවා වගේ වැඩක්.
මම වෙරළේ ඉන්න කොට, තමුන් ගිලෙන බෝට්ටුවක් තෝරා ගත්තා. මම උඹව බේරගන්න උත්සාහ කළා.
ඒක ගොඩාක් ලොකු උදව්වක්.
මැරෙන එක ලේසියි.
වේදනාකාරී ජීවිතයක් ගෙවන එක මැරෙනවාට වඩා ගොඩාක් අමාරුයි.
ඔයාගේ බිරිඳ ගැන හිතන්න.
එයාව ගණිකා මඩමකට විකුණයිද ?
එතකොට ඔයාගේ එකම පුතා.
එයාට ජීවත් වෙන්න පුලුවන් වෙයිද ?
ඔයාගේ පරම්පරාව මෙතැනින් අවසන් වෙයිද ? ඔයාගේ පවුලේ තවදුරටත් සුවඳ හඳුන්කූරු දල්වන්න කෙනෙක් නැතිවෙයිද ?
මේ හැමදෙයක්ම රඳා පවතින්නේ ඔයා මතයි.
ලින් චියාඕ සොන්, අවජාතකයා !
පාළු තරුව.
පාළු තරුව.
පාළු තරුව මාව මුණගැහෙන්න එයි.
පේන විදිහට, දැන් තමයි ඔයාට මොළේ පෑදිලා තියෙන්නේ.
ඉන්න.
උත්තර දෙන්න.
ආයුබෝවන් ?
ආයුබෝවන්.
මගේ වාසගම යූ.
ෂෙන් ටුනාන්ට දුරකථනය දෙන්න.
යූ මහත්මයා, මොහොතක් ඉන්න.
යූ මහත්මයා,
මට ඔබතුමා වෙනුවෙන් මොකක්ද කරන්න පුලුවන් ?
උපදේශක ෂෙන්, ඔයා මේ සටනින් විනෝද වුනාද ?
මගේ පොඩි පොඩි උපක්‍රම නිසා මම ඔයා ඉස්සරහා ලැජ්ජාවට පත්වුණා.
ඔයාට මුදල් හිඟ නම්,
මගේ ළඟ යෝජනාවක් තියෙනවා.
ඔයාට මහ බැංකුවේ ගොඩනැගිල්ල උකස් කරන්න පුලුවන්.
මගේ ස්ථානයේ, අපි ඉක්මනින්ම සහ අඩු පොලියට ණය ලබා දෙනවා.
යූ මහත්මයා, ඔයා ඔය කරන්නේ පුරසාරම් දොඩවන එක නම්, ඒකට එච්චර හිනා යන්නේ නෑ.
කොහොමත් ගාඕ ෆෙන් ඉක්මනින්ම පාපොච්චාරණය කරයි.
ඒ වෙලාවට එයා මොනවා කියයිද කියලා මට විශ්වාසයක් නෑ.
නමුත් මම ඔයාට දෙයක් කියන්නම්.
එයාගේ වචනවලින් විශ්වාස කරන්න ඕන මොනවද නැත්තේ මොනවද කියලා මම තීරණය කරන්නම්.
උපදේශක ෂෙන්,
මම ඔයාගේ හමුදාව දැක්කා.
ඊළඟට,
අපි අපේ උපාය කෞශල්‍යය ප්‍රයෝජනයට ගමු.
ඔබතුමා තමයි චීන ඉම්පීරියල් බැංකුවේ දෙවන ප්‍රධාන කොටස්කරුවා.
ඉම්පීරියල් බැංකුව මහ බැංකුව යටතට ගත්තාට පස්සේ,
ඉම්පීරියල් බැංකුව කෙරෙහි ඔබතුමාගේ මේ තියෙන උනන්දුව එලෙසම පවතීවි කියලා මම ඔබතුමාට පොරොන්දු වෙනවා.
අනිත් ප්‍රධාන කොටස් කාරයෝ පස්දෙනාටත් ඔයා මේක කිව්වා නේද ?
ඉතින් මට ඔයාව විශ්වාස කරන්න හේතුවක් තියෙනවද ?
ඔබතුමා මාව විශ්වාස කරන්න ඕන නෑ.
ඔබතුමා නන්ජිංවලට ගිහින් වටේ පිටේ ඉන්න අයගෙන් අහලා බලන්න.
ඔබතුමා ජ්‍යෙෂ්ඨයෙක්, ඒ වගේම ගොඩාක් සම්බන්ධතාත් තියෙනවා.
ඉතින් ගාඕ ෆෙන්ගේ නඩුව යටගහන්න පුලුවන්ද කියලා බලන්න.
උපදේශක ෂෙන්,
මේක කොහොමද ?
ගාඕ ෆෙන් හිතාමතාම මාව වැරැද්දට හසුකළොත්,
එතකොට ඔයාට තත්ත්වය සමනය කරන්න පුලුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.
අනිවාර්යයෙන්ම.
මම අපේ මිත්‍රත්වයට හානියක් කරන්නේ නැහැ, යූ මහත්මයා.
හොඳයි.
ගනුදෙනුව ස්ථිරයි.
ලියු මහත්මයා.
සර්.
සියලුම අරමුදල් ආපසු ගන්න.
යුවාන් 14.7 යටතේ ඉම්පීරියල් බැංකුවේ කොටස් මිලදී ගන්න.
මේ වතාවේ කාටවත් ජන් මින් චුවාන්ව ආරක්ෂා කරන්න බෑ.
හරි.
ඔයා මොකක් ගැනද හිතන්නේ ?
සර්,
මම හදිසියේම මූලධර්මයක් තේරුම් ගත්තා.
කියන්න.
ජයග්‍රහණයන් සහ පරාජයන් තීරණය වන්නේ තිරය පිටුපස සිට ගන්නා තීරණ මඟිනුයි.
යූ මහත්තයා අඩියක් පස්සට ගත්තේ එයාට අවාසියක් තියෙන නිසායි.
අනික එයාට එල්ලවෙන ප්‍රහාරවලින් බේරෙන්න බෑ කියලා දන්න නිසායි.
හමුදා දෙකක් සටන් කරන කොට, එක්කෝ ඔයා ජීවත් වෙනවා නැත්තම් මිය යනවා.
තමන්ට තියෙන සම්පත් වැදගත්,
නමුත් ඊට වඩා සතුරාට ඔයාගේ දුර්වලකම් හොයාගන්න ඉඩ නොදෙන එක වැදගත්.
මට තේරුණා සර්.
එයාලා ඒක අනිවාර්යයෙන්ම දකීවි.
ඇත්තටම කිව්වොත්,
එතනින් යන්න කලින්,
තව දෙන්නෙක්ව මරන්න මට තාමත් අවස්ථාවක් තිබුණා.
ඒක තත්පර කිහිපයක වෙනසක් විතරයි !
ඒක ගොඩාක් භයානකයි.
ලින් චියාඕ සොන්ට ඔයාව හොඳට හුරුපුරුදුයි.
එයාට ඔයාව පිටිපස්සෙන් උනත් අඳුරගන්න පුලුවන්.
ඇයි ඔයා ඔච්චර බරපතල විදිහට හිතන්නේ ?
කලබල වෙන්න එපා.
එයා මාව හඳුනා ගත්තොත්,
මම එක උණ්ඩෙකින් එයාව මරලා දානවා.
අනෙක් සහෝදරවරු අටදෙනා හිර කරලා ඉන්නේ ප්‍රංශ සහන පොලිසියේ.
නියමිත වෙලාවට ඇප නොගෙව්වොත්,
පොලිස් ස්ථානය එයාලව ෂැංහයි නගරාරක්ෂක හමුදාවට මාරු කරනවා.
එහෙම වුනොත්,
කාටවත් බේරෙන්න ලැබෙන්නේ නෑ.
එක් පුද්ගලයෙක්ගේ ඇප මුදල රිදී ඩොලර් 5,000 ක්.
අපේ සහෝදරයෙක් රහස් ප්‍රවාහන මාර්ගය හරහා සල්ලි ටික ෂැංහයිවලට යැව්වා.
එයාගේ කේත නාමය "පාළු තරුව".
ඔයා එයාව සම්බන්ධ කරගන්න ඕන.
පාළු තරුව ?
වැන්ග් ! වැන්ග් !
එයා තාමත් කොටස් මිලදී ගන්නවා.
ඉක්මනින්ම මට ඉම්පීරියල් බැංකුව අහිමි වෙයි.
මටත් ඔයාට උදව් කරන්න ඕන,
නමුත් ඔයා මගේ තත්ත්වය දන්නවා.
මටත් සල්ලි නෑ.
ඔයාට සල්ලි තියෙනවා.
ඔයාට ගොඩක් හොඳ යාළුවෝ ඉන්නවා කියලා මම දන්නවා.
මට උදව් කරන්න කියන්න.
ඔයාට සල්ලි තියෙනවා කියලා මම දන්නවා.
අපි අවුරුදු ගාණක් හොඳ යාළුවෝ වෙලා හිටියා. කරුණාකරලා මට උදව් කරන්න,
හරිද ?
යූ මහත්මයා.
යූ මහත්මයා.
මට කතා කරන්න දෙන්න.
යූ මහත්මයා,
කරුණාකරලා මට උදව් කරන්න.
මම අවුරුදු ගාණක් ඔයාත් එක්ක හිටියා.
මම ඔයාට ගොඩාක් දේවල් කරන්න උදව් කළා, ඔබතුමා කරපු ප්‍රසිද්ධ දේවල් වලට සහ රහසිගත දේවල් වලට පවා මම උදව් කළා.
මේ වෙලාවේ ඔයාට මාව අතාරින්න බෑ.
යූ මහත්මයා.
මින් චුවාන්,
මං කියන දේ අහන්න.
මේ වතාවේ පරාජය පිළිගන්න.
සමහරවිට ඉම්පීරියල් බැංකුව ෂෙන් ටුනාන් අතට පත්වෙනවා කියන්නේ,
ඒක හොඳ තීරණයක් වෙන්න පුලුවන්.
ඒ ගැන සැහැල්ලුවෙන් හිතන්න.
ෂෙන් මහත්මයා.
ෂෙන් මහත්මයා.
මේ වෙනකොට,
කුන්පෙන් සමාගමට සහ සමාගම ආශ්‍රිත ගිණුම්වලට චීන ඉම්පීරියල් බැංකුවේ කොටස් වලින් 51% ක් තියෙනවා.
සටන ඉවරයි.
මම වෙනුවෙන් හැමෝටම ස්තූති කරන්න. ඔයාලා හැමෝම වෙහෙස මහන්සි වෙලා වැඩ කළා.
ස්තුතියි සර්.
රුවෝලයි.
සර්.
අද සටන සමාලෝචනය කරන්න.
හරි.
ඔබතුමාගේ ඉලක්කය වුනේ චීන ඉම්පීරියල් බැංකුව, ඒ කියන්නේ ප්‍රධාන සටන් බිම.
හැමෝම ඒක නරඹමින් සිටින අතරේ,
ඔබතුමා ෂින්ෂියා, ෂින්හ සහ ජින්ලොන් කියන සමාගම්වල කොටස් පෙර දැනුම් දීමකින් තොරව විකුණලා ඒවාට අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල කළා.
මේවා යූ මහතාගේ ප්‍රධාන ව්‍යාපාර.
තමන්ව ආරක්ෂා කරගන්න ඕන නිසා එයා සල්ලි ටික ආපහු තමන්ගේ නමට මාරු කරගත්තා,
එතුමාට ඒ හැර වෙනත් විකල්පයක් තිබුනේ නෑ.
ඊටපස්සේ, එතුමා තවදුරටත් ඉම්පීරියල් බැංකුවට සහාය දෙන්න ඉදිරිපත් වුනේ නෑ.
ඊළඟට ඔබතුමා ඉම්පීරියල් බැංකුවට පහර දෙන්න මහ බැංකුවේ ප්‍රාග්ධනය
ආපහු තමන්ගේ නමට මාරු කරවා ගත්තා.
ඉම්පීරියල් බැංකුවේ පාලනය ලැබෙන තෙක්
ඔබතුමා ඒ බැංකුවේ කොටස් විශාල වශයෙන් මිලදී ගත්තා.
එතන ඔයා හිටියා නම්,
ඔයා මොකක්ද කරන්නේ ?
ඒ මම නම්...
මම සමහරවිට බොරු ආරංචි පතුරුවන්න පත්තරේ පාවිච්චි කරයි.
මොන වගේ බොරු ආරංචිද ?
උදාහරණයක් විදිහට, මැර පසුබිමක් ඇති පුද්ගලික බැංකු කළමනාකරුවෙකු විසින් විශාල මුදලක් වංචා කර ඇති අතර
ඔහු සතු සියලු කොටස් අහිමි වීම හේතුවෙන් බැංකුව බංකොලොත් විය.
ඒ කියන්නේ මහජන මතය භාවිතා කරලා ෂින්ෂියා බැංකුවට අර්බුදයක් නිර්මාණය කරනවා ?
ඔව්.
ඒකට වැඩි කාලයක් ගත වෙන්නේ නෑ.
එයාලා අර්බුදයෙන් බේරිලා යතා තත්ත්වයට පත්වෙන කොට සටන අවසන් වෙලා තියෙයි.
එයාලට කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නෑ,
ඒවාගෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ.
ඔයා සර්ව සාධාරණව සටන් කරන්න ඕන.
සටන ආරම්භයේදීම ඔයා එයාලගේ වැදගත්ම ස්ථානයට පහර දෙන්නේ කොහොමද ?
නමුත් ඔබතුමාත් එහෙම කළා.
මම ?
මම කොයිවෙලේද එහෙම කළේ ?
නියෝජ්‍ය අධ්‍යක්ෂ ගාඕගේ නඩුව.
ඒක වෙනස්.
මම විමර්ශනය කළ හැමදෙයක්ම ඇත්ත තොරතුරු, අපිට ඒවා ප්‍රසිද්ධ කරන්න උනත් පුලුවන්.
ඔයා දිහා බලන්න.
බොරු ආරංචි ?
No comments yet. Be the first to leave one.