لومړۍ 196 کرښې.
මිනිස්සු පවසන්නේ ගූසු ලන් වංශය ආචාරධර්ම බොහොම ඉහළින් අගය කරන බවයි
නමුත් පෙනෙන ආකාරයට , ඒ සියල්ලම කටකතා පමණයි
තවත් වංශ නායකයෙකුගේ කුටියකට කඩා වැදීම . එය කුමන ආකාරයේ ආචාර ධර්මයක්ද ?
සූ ෂ
හන් ගුවං ජූන් .
සූ ෂ
ඔබ ලන් වංශයෙන් ඉවත් වුවත් , තවමත් හන්ගුවං ජූන්ගේ සෑම පියවරක්ම අනුගමනය කරනවා
ඔහු සිදරය භාවිතා කරන නිසා ඔබත් එය භාවිතා කරනවා
ගූසු ලන් වංශයට අපහාස කිරීමට ඔබට අයිතියක් ඇතැයි ඔබ සිතන්නේ ඇයි ?
ඔබ ?
තමුන් කවුද ?
එය අමතක කරදමන්න සූ ෂ නායකතුමනි
මෙහි ඇතුළත ලැජ්ජා වීමට තරම් දෙයක් නැහැ
දෙවන සහෝදරයා පැවසුව නිසා ,
මම එය සියල්ලන්ටම විවෘත කරන්නම්
ජින් ආර්යාව මෙහි සිටින්නේ ඇයි ?
අපි අපේ සියලුම දේවල් බෙදාහදා ගන්නවා
ආ-සු බොහෝ වේලාවට මෙය බැලීමට පැමිණෙනවා
දෙවන සහෝදරයා ,
ඔබ සියලුදෙනාම ,
මෙම ස්ථානය බොහෝ විශාලයි
ඔබලාට දැකීමට අවශ්‍ය ඕනෑම දෙයක් ,
කරුණාකර ඔබලාම ගොස් බලන්න
ජින් ගුවංයාඕ ඇත්තටම ඇයව වෙනත් තැනකට ගෙන ගියේවත් ඇයව මරා දැමුවේවත් නැහැ
චින් සු යමක් කියාවි කියා ඔහු බිය වෙන්නේ නැද්ද ?
ජින් ආර්යාව
ආර්යාවනි
ඉතින් තරුණ මෝ මාස්ටර් අපව රහස් කුටියට ගෙන ආවේ ජින් ආර්යාව දැකබලා ගැනීමටද
ආ-යෝ .
එය කුමක්ද ?
මෙය ?
මෙය බොහෝ දුර්ලභ ආයුධයක් .
මේ කිනිස්සෙන් ගණන් කළ නොහැකි මිනිසුන් ගණනක් ඝාතනය කර තිබෙනවා
එය බොහොම මුවහත්
මේ කිනිස්සේ තලය දෙස බලන්න
ඔබ සමීපව බැලුවහොත් , එහි තිබෙන ප්‍රතිබිම්බය ඔබේ නොවන බව ඔබට පෙනෙනු ඇත
එක් වෙලාවකට එය මිනිසෙක්
ඇතැම් වෙලාවකට එය කාන්තාවක්
අනෙක් වෙලාවට එය මහල්ලෙක්
සෑම ස්වරූපයක්ම මෙම තලය නිසා මියගිය අයගෙන් කෙනෙක්
එහි අයහපත් ශක්තිය ඉතා ප්‍රබලයි
එනිසයි මම එය තිරයකින් සඟවා තැබුවේ
මේ එය විය හැකිද...
ඔබ නිවැරදියි
එය වන් රුවොහන්ට අයත් දෙයක්
පසුව එය වන් චින්ට ලබාදෙනු ලැබුවා
ජින් ආර්යාව !
ආ-සු !
ආ-සු !
ආ-සු !
ආ-සු !
ආ-සු !
ආ-සු !
ආ-සු , අවදි වෙන්න ! ආ-සු .
ආ-සු !
ආ-යෝ,
මගේ කණගාටුව පිළිගන්න
දෙවන සහෝදරයා ,
කුමක්ද මෙහි සිදුවෙන්නේ ?
ඇයි ආ-සු හදිසියේම සියදිවි නසා ගත්තේ ?
ඒ වගේම...
ඔබ සියලු දෙනාම සුගන්ධ මන්දිරය ඉදිරිපිට රැස්වී රහස් කුටිය විවෘත කරන්නැයි කියා මට පැවසුවේ ඇයි ?
මෙහි ඔබලා මට නොකියන දෙයක් තිබෙනවාද ?
කුමක්ද සිදුවුනේ ?
මඳ කලකට පෙර ගූසු ලන් වංශයේ ගෝලයන් කිහිප දෙනෙක් රාත්‍රී දඩයමක යෙදී සිටියා
ඔවුන් මෝ මන්දිරය පසු කරන විට
ඔවුන්ට විනාශකාරී අසිපත් ආත්මයක් හමුවුණා
මෙම අසිපත් ආත්මයේ ඝාතන චේතනාව සහ අයහපත් ශක්තිය බොහොම ප්‍රබලයි
අපේ ශිෂ්‍යයන් මේ පිළිබඳව සැහැල්ලුවෙන් සිතා කටයුතු කිරීමට බියවුණා
ඔවුන් නැවත ගූසු වෙත පැමිණියේ වාර්තා කිරීම සඳහායි .
වංජි මේ සිද්ධිය පිළිබඳව විමර්ශනයක් පවත්වනවා .
යී නගරය නම් ස්ථානයේ තිබී ,
අසිපත් ආත්මයේ ස්වාමියාගේ මළ සිරුර අපට හමු වුණා .
නමුත් ශරීරයේ හිස නැති නිසා අපට එය හඳුනාගත නොහැකියි .
අසිපත් ආත්මය පෙන්නුම් කළා
එහි හැඩය ...
බාෂියා වගේ
බාෂියා !
ඒ ශරීරය ඩගගේ විය හැකිද ?
එය කෙසේද සිදුවන්නේ ?
ඩග අතුරුදහන් වෙලා වසර ගණනක් වෙනවා
කෙසේද එසේ වෙන්නේ ?
ශිචන් සහෝදරයා ,
ඔබ පවසන්නේ මගේ වැඩිමහල් සහෝදරයා පිළිබඳවද ?
ඩග පිළිබඳවද ?
නායකතුමනි ! නායකතුමනි !
වෙදදුරුව කැඳවන්න !
ඔහුව විසිරුවා හැරියාද ?
ඔහුගේ ශරීරය වෙන් වී තිබෙනවාද ?
කවුරුන්ද මෙතරම් නින්දිත දෙයක් කරන්නේ ?
දන්නේ නැහැ .
අපි ඔහුගේ හිස සොයන විට ,
අපි මරණීය අවසානයකට ළඟා වුණා .
මරණීය අවසානයක්
ඉතින්...
ඔබ මගේ කුටියට පැමිණියේ එය සෙවීමටද ?
ඔබට අවශ්‍ය වුනේ මා ලවා රහස් කුටිය විවෘත කිරීමට
ඒ ඩගගේ හිස මා සමඟ තිබෙන බවට ඔබ සැක කල නිසා ?
එයට කමක් නැහැ
ඒ පිළිබඳව සඳහන් කරන්න එපා
නමුත් දෙවන සහෝදරයා සහ හන්ගුවං ජූන්
මගේ කාමරයේ රහසිගත කුටියක් ඇති බව ඔබ දැනගත්තේ කෙසේද ?
ඔබ කෙසේද තීරණය කලේ
ඩගගේ හිස මා ළඟ තිබෙනවා කියා ?
මම කුමක්ද දැන් සිදුකරන්නේ ?
මම නියෙ මිංජුගේ හිස දුටුව බව කෙසේද පවසන්නේ ?
මම රහස් කුටිය තුළට ගිය බව ?
මම කෙසේද ඒ විකාර ලිපිය පිළිබඳව පවසන්නේ ?
ශුවැන් යු ,
ඔබ මෙය දෙවන සහෝදරයාට සහ අනෙක් අයට පැවසුවාද ?
ඇයි ඔබ මෙවැනි තේරුමක් නැති මුසා පවසන්නේ ?
මෝ ශුවැන් යු ,
ඔබ ජින් ආර්යාවට හිරිහැර කළ නිසා ජින් වංශය ඔබව පන්නා දැමුවා
මෑත කාලීන කටකතා වලින් කියවෙන්නේ ඔබ කෙසේ හෝ හන්ගුවං ජූන්ගේ ප්‍රසාදය ලැබූ බවයි
ඔහුගේ සෑම පියවරක්ම අනුගමනය කරමින් ඔබ සෑමවිටම ඔහුගේ පැත්තේ සිටිනවා
සාමාන්‍යයෙන් ප්‍රතිපත්ති ගරුක ලෙස හැසිරෙන හන්ගුවං ජූන් ඇයි
එවැනි සදාචාරාත්මක වශයෙන් පහත් පුද්ගලයෙකුව ඔබේ ළඟින් තබා ගන්නේ ?
මට ඇත්තටම එය තේරුම්ගත නොහැකියි
මම අතීතය පිළිබඳව ආයෙත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ
නමුත් කරුණාකර ඔබම පැහැදිලි කරන්න
ආ-සු හදිසියේම සියදිවි නසාගත්තා
ඔබත් කුමන අයුරකින් හෝ මෙයට සම්බන්ධද ?
නවත්වන්න
නොසැලකිලිමත් ලෙස ක්‍රියා නොකළ යුතු තැනැත්තා ඔබයි හන්ගුවං ජූන්
ලන් ජන් ,
පැත්තකට වෙන්න
ඊලින් කුලදෙටුවා ?
ඔබයි ඊලින් කුලදෙටුවා !
ඔබ ...
ඔබ ඇත්තටම ඔහුද ?
ඊලින් කුලදෙටුවා ආපසු පැමිණ ඇතිබව මම දැනගෙන සිටියේ නැහැ
ඔබව නැවත පිළිගන්නවා
ඔබට ආචාර කිරීමට පිටතට නොයාම ගැන මට සමාවෙන්න
තෙවන සහෝදරයා
ඔබ ඔහුව ඇමතුවේ කුමක් කියාද ?
ඔහු මෝ ශුවැන් යු නොවෙයිද ?
ආ-ලින් , ඉක්මනට මෙහෙට එන්න !
සියලුදෙනාම කරුණාකර ප්‍රවේශම් වෙන්න . ඔහු අසිපත පිටතට ඇදගත්තා .
ඔහු ඊලින් කුලදෙටුවා විය යුතුයි , වෙයි වූශියැන්
මෙම අසිපත පිටතට ඇද දැමිය හැකි පුද්ගලයාද ඊලින් කුලදෙටුවා වෙන්නේ ?
තෙවන සහෝදරයා , හන්ගුවං ජූන් ,
ඔබ දෙදෙනාට යම් ආකාරයක වැරදි වැටහීමක් ඇති වී තිබෙනවාද ?
මෙතන කිසිම වැරදි වැටහීමක් ඇතිවෙලා නැහැ
ඔහුයි නිසැකවම ඊලින් කුලදෙටුවා , වෙයි වූශියැන්
එය ඔප්පු කිරීමට පහසුම ක්‍රමය වන්නේ
ඔහු ලවා ඔහුගේ වෙස්මුහුණ ගලවා ඉවත් කිරීමයි
පොඩි මාමේ , ඉන්න
මාමේ...මාමේ , ඔබ වරක් ඩැෆාන් කන්දේදී සදියැන්ගෙන් ඔහුට පහර දුන්නා නේද ?
නමුත් කිසිවක් සිදුවුණේ නැහැ .
සදියැන්ගෙන් පහර ලැබූ විට ඕනෑම අයෙක් සතුව ඇති මුල් ස්වරූපය හෙළිවෙනවා කියා කතාවක් තිබෙනවා නේද ?
ඉතින්....ඔහු වෙයි වූශියැන්ද නැද්ද යන වග නිශ්චිතවම දන්නේ නැහැ
ඩැෆාන් කන්ද ...
නිවැරදියි . ආ-ලින් ඔබ එය මට මතක් කළා
මට මතකයි එදා ඩැෆාන් කන්දේදී දර්ශනය වූ තවත් දේවල් පිළිබඳව .
අවතාර සෙන්පති වන් නින්ව කැඳවූයේත් ඔහු නේද ?
ඔබ සියලුදෙනාම නොදන්නවා විය හැකියි...
ශුවැන්යු රන්මසු කුළුණේ සිටියදී , වරක් ඔහු මා සතුව තිබූ ඊලිං කුලදෙටුවාගේ අත්පිටපතක් දුටුවා
එම අත්පිටපත පූජා චාරිත්‍ර නම් අයහපත් මායාකර්ම හා ගුරුකම් වලින් සමන්විතව තිබුණා
එය එක් පුද්ගලයෙකුගේ පූර්ණ අධ්‍යාත්මික සවිඥානය ඇපකරුවෙකු ලෙස යොදාගනිමින් තවත් පුද්ගලයෙකුගේ මාරාන්තික තුවාල සුව කරනු ලබනවා
ජියං නායකතුමන් සදියැන්ගෙන් ඔහුට සිය වතාවක් පහර දුන්නත් , මේ ආකාරයේ මායාවක් බිඳී යන්නේ නැහැ
ඊලින් කුලදෙටුවා .
එදින , ඔබ රාත්‍රී විරහිත නගරයේ කඳු මුදුනෙන් පනින විට, ඔබේ අසිපත අපේ ලන්ලින් ජින් වංශය විසින් තබා ගත්තා
නමුත් වැඩි වේලාවක් යන්නට මත්තෙන් එය ඉබේම මුද්‍රා තැබුණා
ඉබේම මුද්‍රා තැබුනු අසිපතක් යනු කුමක්ද ? මම එය පැහැදිලි කිරීමට අවශ්‍ය නැති බව මට විශ්වාසයි
මෙම අසිපතට ආත්මයක් තිබෙනවා
වෙයි වූශියැන්ට හැර වෙනත් කිසිවෙකුට එය භාවිතා කිරීමට ඉඩ නොදී ප්‍රතික්ෂේප කරනවා
ඉතින් එය ඉබේම මුද්‍රා තැබුනා
ඊලින් කුලදෙටුවාට හැර ,
වෙන කිසිවෙකුට එය පිටතට ඇද ගත නොහැකියි
අසිපත මුද්‍රා තැබුනා ?
මෝ ශුවැන් යු ,
ඔබ සියලුදෙනාම ඉදිරියේ ,
වසර 16 ක් පුරා මුද්‍රා තැබී තිබූ මෙම අසිපත පිටතට ඇදීමට සමත් වුණා
ප්‍රධානිතුමනි , ඔවුන් පසුපස හඹා යන්නද ?
ඔව්
ආ-ලින් ,
මම සිතුවේ නැහැ ඔහු ඊලින් කුලදෙටුවා , වෙයි වූශියැන් වේවි කියලා
ඔහු හිතාමතාම අප සෑම කෙනෙක්ම රැවැට්ටුවා
ඔබේ දෙමව්පියන්ගේ ඝාතකයාව මිතුරෙකු ලෙස ඔබ වරදවා වටහා ගැනීම පුදුමයක් නෙවෙයි
ඔබ ඔහුට දිගටම උපකාරත් කළා
ඔවුන්ව ලුහුබඳින්න
- යන්න ! - ලුහුබඳින්න !
ඔවුන්ව ලුහුබඳින්න ! ඉක්මන් කරන්න !
වෙයි යින්ව අල්ලාගන්න !
වෙයි යින්ව අල්ලාගන්න !
ඊලින් කුලදෙටුවාව පණපිටින් අල්ලා ගන්න ! ඔහුව අල්ලාගන්න !
- ඔවුන් අප ඉදිරියේම සිටිනවා . ඔවුන්ට පැන යාමට ඉඩ දෙන්න එපා -ඔවුන් පසුපස යන්න !
ලන් ජන් . පැමිණෙන්න එපා
ඊලින් කුලදෙටුවා .
මෙම අවස්ථාවේදීත් , ඔබ තවමත් ඔබේ වෙස්මුහුණ ඉවත් කරන්නේ නැතිද ?
ඊලින් කුලදෙටුවා ඇත්තෙන්ම බලවත්
වසර 16 කට පසු නැවත පැමිණ , තවමත් අප සියල්ලන්වම රැවටීමට සමත් වුණා
ජින් ලින් පමණක් නොවෙයි
හන්ගුවං ජූන් පවා ඔබේ උගුලට හසුවුණා
- එය නිවැරදියි - එසේ වුනේ නැහැ
ඔහු වෙයි යින් බව මම බොහෝ කලකට පෙර සිටම දැන සිටියා
No comments yet. Be the first to leave one.