The Untamed

The Untamed (陈情令)

د Sinhala ژباړه ډاونلوډ کړئ

د خپرونې معلومات

The Untamed - Episode 12
د لخوا تبصره sunny_2000
Translated by SunnyTR

تګونه

other
په خپور شو: 2021-08-11
ډاونلوډونه: 47
د اوریدلو معیوبیت: No

د Sinhala سرليکونو مخکتنه

لومړۍ 196 کرښې.

ඔබලා දැන් සිටින්නේ චීෂන්වල නිසා , ඔබ අනිවාර්යයෙන්ම චීෂන් නීති අනුගමනය කල යුතුයි .

පළමුවෙන්ම ,

මෙම ඉගැන්වීමේ කාලය තුළ කිසිවෙකුට ඔවුන් සමඟ ආයුධ රැගෙන යාමට අවසර නැහැ .

උතුමාණන්ට බාධාවක් ඇති නොවීමට එසේ කල යුතුයි .

අපි දැන් පටන් ගනිමු .

සියලුදෙනාම ඔබලාගේ කඩු භාරදෙන්න .

ධ්‍යානවේදියෙක්ගේ කඩුව කිසි විටෙකවත් ඔහුව අත්හරින්නේ නැහැ ! අපි එය ඔබට භාර දීමට අවශ්‍ය ඇයි ? මට අවශ්‍ය නැහැ !

දේශන සඳහා අපේ කඩු භාරදිය යුතුයි කියා මා අසා නෑ ! ඇයි වන් වංශය මෙතරම් කපටි ? අපි එය ප්‍රතික්ෂේප කරනවා !

කවුද එසේ පැවසුවේ ? කුමන වංශයද ? ඉදිරියට එන්න .

එය හරියටම ඔබ වැනි නියෝග වලට අවනත නොවන, ආචාර විධි තේරුම් නොගන්නා,

අපගේ ඉගැන්වීම්වල මූලාරම්භය විනාශ කරන, අධිකාරියට ගරු නොකරන පුද්ගලයන් නිසයි .

මේ අනුව, උතුමාණන් ඔබ සැමටම ඉගැන්වීමට තීරණය කළා .

ඔබලා දැන් නොදැනුවත්ව සහ නිර්භීතව සිටිනවා .

සමාජ හැසිරීම පිළිබඳව ඔබලාව දැනුවත් නොකළොත් , අනාගතයේදී ,

අපගේ අධිකාරියට අභියෝග කරන සහ අපට වඩා ඉහළට නැගී සිටින මිනිසුන් සිටීවි !

ඔබලාගේ කඩු භාරදෙන්න !

ඇයි ඔබ මාව අල්ලගන්නේ ?

මට බයයි ඔබ කරදරයක් ඇති කරගනී කියලා .

කරදර වෙන්න එපා . මම වන් චාඕට වෛර කලත් ,

මම අපේ පවුලට කරදරයක් ඇති කරන්නේ නැහැ.

මම එය කරන්නම් .

ලන් ජන් .

මෙන්න . මෙන්න .

ජින් වංශයේ සාමාජිකයන් අපේ කඩු සමඟයි ජීවත් වෙන්නේ .

ඔබට අපගේ කඩු ගැනීමට අවශ්‍ය නම්, ඔබ අප සියල්ලන්වම යටත් කරගත යුතුයි .

උතුමාණන්ගේ අධිකාරියට අභියෝග කිරීමට තරම් ඔබ එඩිතරද ?

තරුණ වන් මාස්ටර් , අපි මෙහි පැමිණියේ ඉගෙන ගැනීමටයි .

අපව ඕනෑවට වඩා පොළඹවන්න එපා .

බලන්න ? මෙය මා කලින් කී දෙයමයි.

වෙනත් බාහිර චේතනා ඇති අය දැනටමත් ඔබ අතර සිටිනවා .

මම නිවැරදි ද ?

දෙවන ලන් මාස්ටර් ?

ඔබ අතර සිටින අය වන් වංශයට එරෙහිව යාමට සැලසුම් කරනවා .

පෙනෙන ආකාරයට එය ගූසු ලන් වංශය පමණක් නොවෙයි , ඔබත් එසේමයි !

සෙබළුනි ! ඔහුව ඉවතට රැගෙන යන්න !

තරුණ මාස්ටර් !

තරුණ වන් මාස්ටර් , කරුණාකර අපට සමාව දෙන්න. ලන්ලින් ජින් වංශයටත් ආවේණික නීති තිබෙනවා .

අපේ මාස්ටර් , තරුණ වන් මාස්ටර්ට අපහාස කිරීමට අදහස් කළේ නැහැ .

තරුණ වන් මාස්ටර් , කරුණාකර එතුමාට සමාව ලබාදෙන්න .

මියැන් මියැන් , ඔහුගෙන් සමාව ඉල්ලන්න එපා.

ජින් වංශයේ සාමාජිකයෝ බියගුල්ලන් නෙවෙයි .

ඔබට තරමක හොඳ පෙනුමක් තිබෙනවා , ඔබේ නම කුමක්ද ?

තරුණ වන් මාස්ටර් , වන් සහ ජින් වාංශිකයන් සෑම විටම හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගෙන යනවා .

අප පිටත්ව යන විට, අපගේ වංශ නායකතුමන් අපට මතක් කර දුන්නේ , අප වන් වංශයට පැමිණි වහාම අපගේ ආචාර විධි අමතක නොකරන ලෙසයි.

හොඳයි .

මම ඔබට යම් සමාවක් ලබා දී ඔබේ තරුණ ස්වාමියාට මේ වතාවේ ඉවත්ව යන්න දෙන්නම් .

සෙබළුනි, කඩුව ගන්න .

තරුණ මාස්ටර් , අප පිටත්ව යාමට පෙර නායකතුමන් පැවසූ දේ ඔබට අමතකද ?

එය මොහොතකට සිදුවූ නින්දාවක් පමණයි . නායකතුමන්ට දේවල් වඩාත් අපහසු කරන්න එපා .

ඔබ එය භාරදෙනවද නැද්ද ?

ජින් වංශයේ නායකයාට ඇති ගෞරවය නිසා මම අද ඔබට යන්න දෙන්නම්.

නමුත් මම ඔබ සැමටම මතක් කරනවා ,

වෙන කිසිවෙක් වන් වංශයට අකීකරු වීමට එඩිතර වුනොත් , අනුකම්පා විරහිත ලෙස කටයුතු කලා කියා මට දොස් කියන්න එපා !

ඔබ සැමට "වන් වංශයේ මහිමය" පිළිබඳ පොතක් ලැබේවි .

වන් වංශයේ මුතුන් මිත්තන් ඉටු කළ හා පසුව ඉටුකළ දේවල් එහි සටහන් කර තිබෙනවා .

ඔබ සැවොම එය කියවා කටපාඩම් කළ යුතුයි .

සෑම උදෑසනකම, දහවලකම සහ සවසකම , යමෙකුට පැමිණ ඔබට එය කියවිය හැකිදැයි පරීක්ෂා කර බලන ලෙස මම නියෝග කරනවා .

කටපාඩමෙන් කිව නොහැකි අයට වංශයේ නීතිරීති වලට අනුව දඬුවම් කරනු ලබනවා .

ඔබ එය කටපාඩම් කිරීමට යනවාද ?

නිසැකවම ! නිසැකවම එසේ කරනවා !

මම ඒ ගැන උනන්දුවෙන් කියවලා...

චීෂන් වන් වංශය කොතරම් පිළිකුල් සහගතදැයි බලනවා .

අක්කේ !

ඔබ නැවත පැමිණියා !

ආ-නින් ,

ඔබ මේ දිනවල හොඳින් සිටියාද ?

මම හොඳින් ඉන්නවා.

මට ටිකක් කම්මැලියි. නමුත් ඔබ නැවත පැමිණීම සතුටක්.

අක්කේ ,

වන් මාමා අපේ දේශනවලට වෙනත් වංශවල ගෝලයන්ටත් ආරාධනා කළ බව මට දැනගන්නට ලැබුණා .

තරුණ වෙයි මාස්ටර් සහ ඔහුගේ මිතුරන් පැමිණෙනු ඇතැයි ඔබ සිතනවාද ?

මේ මගේ අවසාන මතක් කිරීම .

මෙය නැවත සිදුවුවහොත්, මෙහි සිටින පුද්ගලයා වන් නින් වේවි !

ආ-නින්,

අපි වෙයි වූශියැන් සමඟ එකම මාර්ගය අනුගමනය කරන්නේ නැහැ , අපට මිතුරන් විය නොහැකියි. ඒ බව මතක තබා ගන්න.

ඔවුන් චීෂන් වෙත පැමිණියත්, ඔවුන්ව තවදුරටත් ඇසුරු කරන්න එපා .

ඇයි ?

ඔබ දැන ගැනීමට අවශ්‍ය නැහැ . කෙසේ වුවත් වෙයි වූශියැන් සහ අනෙක් අය සමඟ ඇසුරක් පවත්වන්න එපා .

නමුත් අක්කේ , තරුණ වෙයි මාස්ටර් ඉතා හොඳ පුද්ගලයෙක් .

ඔහු මගේ ජීවිතයත් බේරුවා .

ආ-නින් !

අක්කේ .

ඔබ ඔබේ වැඩිමහල් සහෝදරියට ඇහුම්කන් දෙන්නේ නැද්ද ?

වන් වංශයේ මුතුන් මිත්තන් මෙය පැවසූ බව මට විශ්වාස කරන්නත් බැහැ !

ඔවුන් කුමක්ද පැවසුවේ ?

මෙන්න , මම එය ඔබට ඇසෙන්නට කියවන්නම්.

“අන් අයට හිරිහැර කිරීමට හා වැරදි ක්‍රියා කිරීමට වංශයේ බලය පාවිච්චි කරන අයව නෙරපිය යුතුයි.

නෙරපනවා පමණක් නොවෙයි , අන් අයට අනතුරු ඇඟවීමක් ලෙස සියල්ලන්ගේම හිස ගසා දමා නින්දා කල යුතුයි .

එය ඇත්ත වශයෙන්ම එසේ නම්, චීෂන්වල හිස් ගණන ඌරන්ගේ හිස් ගණනට වඩා වැඩි වියයුතුයි නේද ?

පෙනෙන ආකාරයට නිර්ලජ්ජිත වීම තමයි වන් වංශයේ රහස් උපාය .

එය නිවැරදියි වගෙයි පේන්නේ .

ජියන් චං , ඔබ කුමක් පිළිබඳවද කල්පනා කරන්නේ ?

කිසිවක් නැහැ .

පවසන්න...

ඔබ සිතන්නේ වන් චින් කොහේ සිටිනවා ඇති කියලද ?

ඇය බොහෝ විට රාත්‍රී විරහිත නගරයේ සිටිනවා ඇති .

කවුද දන්නේ අපිට ඇයව බලන්න හැකිවේවිද කියලා .

වන් වංශය කුඩා අකටයුත්තක් නිසා එවැනි ලොකු අමනාපකමක් දරනවා .

හොඳ නැහැ !

වන් වංශයට එවැනි අමනාපයක් තිබෙනවා නම්, ඔවුන් දේශනය සඳහා ලන් ජන්ව පමණක් ගෙන්වා ගත්තේ ඇයි ?

කුමක් හෝ වැරැද්දක් සිදුවෙලා.

ඔබ ...

දෙවන මාස්ටර් නියෝග කළේ දේශන අතරතුර කිසිවෙකුටවත් තනි කැමැත්තට පිටවිය නොහැකි බවයි.

මම කෙනෙක්ව සොයනවා.

කතා කිරීමට අවසර නැහැ .

ඔවුන් අපට සලකන්නේ මිනිසුන් ලෙසද නැත්නම් කොටුකරගත් සතුන් ලෙසද ?

පෙනෙන ආකාරයට මට හෙට අවස්ථාවක් සොයාගන්න වෙනවා.

"වන් වංශයේ මහිමය" කටපාඩම් කිරීම කෙසේද ?

ඉදිරියට පැමිණ එය කටපාඩමින් පැවසීමට කැමති කවුරුහරි ?

හොඳයි . කවුරුත්ම ඉදිරියට පැමිණීමට අකමැති නිසා මම එකිනෙකාගේ නම් අඬගහන්නම් .

ලන් වංජි .

වෙයි වූශියැන් .

ජින් සෂුවැන් .

මම දන්නේ නැහැ .

ඔබව හඳුන්වන්නේ...

ලන් වංශයේ සදාචාර සම්පන්න නිවුන්නු කියලා නේද ? ඇයි ඔබට මෙය කියවිය නොහැකි ?

පෙනෙන ආකාරයට ඔබට වන් වංශය පිළිබඳව කිසිදු ගෞරවයක් නැහැ .

හොඳයි

වෙයි වූශියැන් , ජින් සෂුවැන් . ඔබ දෙදෙනා එය කියවන්න .

මමත් දන්නේ නැහැ

මම එය කටපාඩමින් කියන්නම් !

වෙයි වූශියැන් , ඔබ එය නිවැරදිව කියෙව්වොත් හොඳයි .

ඔබ වැරැද්දක් සිදු කලොත් , මම ඔබට දඬුවම් කරනවා .

වෙයි වූශියැන් !

ඔබ එය කියවනවද නැද්ද ?

මම කරන්නම් , මම කරන්නම් !

කරදර වෙන්න එපා ! මම දැන් එය කියවන්නම් . හොඳින් සවන් දෙන්න.

පළමුව, ඝාතනය කිරීම තහනම්. දෙවනුව, අවසරයකින් තොරව සටන් කිරීම තහනම්.

තෙවනුව, අනවසරයෙන් කටයුතු කිරීම තහනම්.

ශබ්දය ඇති කිරීම , රාත්‍රියේ පිටතට යාම, වේගයෙන් ඇවිදීම තහනම්.

දුර්වලයන්ට හිරිහැර නොකරන්න, අන් අයට විහිළු නොකරන්න .

නීතිරීති නොසලකා හරින්න එපා.

- වෙයි සහෝදරයා නම් ඇත්තටම බය නැහැ . - වැඩිහිටියන්ට අගෞරව නොකරන්න.

දේශන මඟ හරින්න එපා. වේලාසනින් පන්තියෙන් ඉවත්ව යන්න එපා .

හේතුවක් නොමැතිව සිනාසෙන්න එපා. නින්දිත ඉරියව්වකින් වාඩිවෙන්න එපා .

නිහඬ වෙනවා !

වෙයි වූශියැන් ! චීෂන් ඇවිත් ලන් වංශයේ නීති රීති කියවීමට තරම් ඔබ නිර්භීත වූයේ කෙසේද ?

ඔබ ජීවත් වීමෙන් වෙහෙසට පත්ව සිටිනවාද ?

මම එසේ කළාද ? ඔහ්, මගේ හිස ! මම වැරදි එක පැවසුවේ. සමාවෙන්න. මට නැවත උත්සාහ කරන්න ඉඩ දෙන්න. හොඳින් සවන් දෙන්න.

නිහඬ වෙනවා !

ඔබට මාත් සමඟ පැටලෙන්න අවශ්‍යයද ?

සෙබළුනි ! මොවුන් තිදෙනාව ගොවිපලට ගෙන යන්න ...

පොහොර ගෙන යාමට !

පො-පොහොර ගෙන යාමට ?

ලන් ජන් .

ඇත්තටම ? එය හොඳ ක්‍රමයක් නේද ?

ලන් ජන්, මම ඔබ වෙනුවෙන් එය කරන්නද ?

ලන් වංශයට නිහඬ කිරීමේ වශියක් තිබෙන නිසා ,

ඇයි ඔබලා සතුව ගඳ සුවඳ අක්‍රීය කිරීමේ මායාවක් නැත්තේ ?

මම ඉස්සෙල්ලාම යනවා .

ලන් ජන්, වන් ෂු විසින් මේඝ අසපුව වෙතට මිනිසුන් ගෙන ගිය බව මට අසන්නට ලැබුණා .

ඔවුන් විශ්වාස කරන්නේ ෂුවේ යන්ගේ යින් යකඩය අප සතුව ඇති බවයි.

ඔවුන් එය සොයාගත්තේ නැත්නම්, ඔවුන් නිසා ඔබට දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්න සිදුවුණාද ?

කුමක් හෝ වැරැද්දක් සිදුවුනා , නේද ?

ලන් ජන් ! කුමක් හෝ පවසන්න , ලන් ජන් .

මම දැනගෙන සිටියා ඔබ කඩිසරව වැඩ කරන්නේ නැහැ කියා .

ඔබලා කතාබහ කල දේ පිළිබඳව මට පවසන්නේ නැත්තේ ?

හොඳයි . මම ලන් ජන්ට පැවසුවේ ඔබේ ගොවිපලෙන් එන සුවඳ හුරුපුරුදු කියායි .

මම කලින් මේ සුවඳ දැනුනේ කොහේදිදැයි කියා සිහිපත් කිරීමට උත්සාහ කළා . එවිටම ඔබ පැමිණි නිසා මට මතක්වුනා .

කුමක්ද ඔබ අදහස් කරන්නේ ?

එය ඔබෙන් එන සුවඳ නොවේද ?

අඥානයා !

තරුණ වන් මාස්ටර් , මාත් සමඟ පැටලෙන්න එපා .

වන් චාඕ , මමයි ඔබට අපහාස කලේ . ඔබ එඩිතරයි නම් මා සමඟ සටන් කරන්න !

ඔබ සිතන්නේ එය ඔබේ වාරය නෙවෙයි කියාද ?

වන් චාඕ , මේ දේවල් ඕනෑවට වඩා දුරදිග ගෙනියන්න එපා .

මට බොහොම බයයි .

ඔහුව පහළට ගන්න .

වෙයි වූශියැන් ,

කතා කරමු .

ඔබට අවශ්‍ය වූයේ යින් යකඩය පිළිබඳව ලන් වංජිගෙන් විමසීමට නේද ?

ඔහු මෙහි සිටින්නේ රාත්‍රී විරහිත නගරයේයි , ඔබට වෙනත් ප්‍රශ්න තිබිය නොහැකියි , නේද ?

ඔබ නිවැරදියි ,

වන් වංශය සතුව යින් යකඩ කැබලි තුනක් තිබෙනවා .

ඒ සියල්ලම ඔබ අසල සිටින දෙවන ලන් මාස්ටර්ට ස්තූති වෙන්නයි .

අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නේ බුද්ධිමත් මිනිස්සු . යින් යකඩයේ එක් කොටසක් තවමත් පිටත තිබෙනවා .

ඒ අවජාතකයා ෂුවේ යන් එය රැගෙන නොගියා නම් ,

එවිට ඔබ එය කොහේ හෝ සඟවා තිබිය යුතුයි .

වෙයි වූශියැන් , ලන් වංජි එය සඟවා තිබෙන ස්ථානය පිළිබඳව දන්නේ නැහැ .

නමුත් සමහරවිට ඔබ දන්නවා ඇති .

වන් චාඕ , විකාර කතා පැවසීම නවත්වන්න.

චීෂන් වන් වංශය , කිසිම විටෙක කිසිවෙකුටවත් වැරදි ලෙස චෝදනා කරන්නේ නැහැ .

ඔබ සතුව යින් යකඩ කැබැල්ලක් තිබේද කියලා සොයා බලන්න අපට බොහෝ කාලයක් තිබෙනවා .

සෙබළුනි

ඔහුව සිරකුටියට අරන් යන්න .

කුමක්ද ? දෙවන ලන් මාස්ටර්ටත් ඔහු සමඟ යාමට අවශ්‍යද ?

අපේ සිරගෙය බොහෝ විශාලයි .

තරුණ වන් මාස්ටර් , භූගත සිරකුටිය ශීත සෘතුවේ දී උණුසුම් , ඒ වගේම ගිම්හානයේදී සිසිල් . මම යන්න කැමතියි .

ඔබේ එඩිතරකම කොපමණ වේලාවක් පවතීවිදැයි කියා බැලීමට මට අවශ්‍යයි .

ඔහුව ඉවතට ගෙන යන්න .

ආ-නින් !

අක්කේ .

ඔබ මෙහි කුමක්ද කරන්නේ ?

මම...මම...

තමන්ට අයිති නැති කටයුතු වලට මැදිහත් වෙන්න එපා කියලා මම ඔබට පැවසුවා නේද ?

යමු .

More Sinhala subtitles for The Untamed

تبصرې

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left